නලීන් සර් සම්බන්ධයෙන් ඇති කල කුණාටුව මගේ පසින් ඉවර කල යුතුය. බලාපොරොත්තු වූ අරමුණු වලට ඉක්මනින් ලඟා වූ ව්‍යාපෘතියක් ලෙස එය අති සාර්ථකය.
මා සිතුවා සේම මගේ ලිපියට බොහෝ දෙනෙකු ප්‍රතිචාර දැක්වූයේ ඉතා පහල ග්‍රාම්‍ය මට්ටමෙනි. ඔවුන් කිසිවෙකුටත් නලීන් සර්ගේ නිබන්ධනයේ අඩංගු විද්‍යාත්මක කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට අවශ්‍ය නොවීය. ඒ පිලිබඳ දැනුමක්ද නොවීය. ඔවුන්ට අවශ්‍යවූයේ ඔවුන් විසින් මෙතෙක් හුළං ගැසූ බැලුම පිපිරෙන්න නොදී රඳවා ගැනීමයි.
සමහරුන් මගෙන් නොයෙකුත් ප්‍රශ්න අසමින් පොලවේ හැපෙන්න විය. මම ඔවුන්ට රිසි සේ දැඟලීමට කාලය ලබා දුනිමි. මා සම්බන්ධ වෙබ් පිටුවල visitor count එක ඉතා වේගයෙන් ඉහල යන්න විය. ඔවුන් නොදැනම මට කර තිබුණේ විශාල සේවයකි. මෙතෙක් මා ගැන නොදැන සිටි බොහෝ දෙනෙක් මා පිළිබඳව තතු විචාර දැනගන්න විය.
ඔවුන් කෙතරම් ග්‍රාම්‍ය මට්ටමකින් අවලාද නැගුවත් මගේ වෙබ් පිටුවේ ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන් මිඩංගු කල කාලය පිළිබඳව මම ඔවුන්ට කෘතඥ වෙමි. ඒ නිසාම ඔවුන්ට විශාල ගැටළු බවට පත් වූ බොහෝ issues වලට පිළිතුරු දීමට මම මගේ කාලය මෙලෙස මිඩංගු කරමි.
මියගිය පසු විවේචනය
බොහෝ දෙනෙකු මා සමග වෛර බැඳගෙන තිබුනේ නලීන් සර් මැරුණු පසු මා මේ ලිපිය ලිවිම සම්බන්ධවයි. මේ අදෝනාවට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ කෙනෙකු මළ පසු ඔහුගේ නුගුණ වැයීම නුසුදුසු බවට ලාංකිකයා අතර පවතින මතයයි. මෙහි සංස්කෘතික අගය පිළිබඳව මම තර්ක නොකරමි. එහෙත් මේ ගෝලබාලයන් පටලා ගන්නේ විද්‍යාත්මක කරුණු හා පුද්ගල චරිත අතර පවතින විශාල පරතරයයි. දිනපතා ලෝකයේ විද්‍යාඥයන් සැහෙන පිරිසක් මිය යයි. ඔවුන් මළ පසු ඔවුන්ගේ විද්‍යාත්මක සොයාගැනීම් විග්‍රහ කල නොහැකි යයි නීතියක් පැනවුවහොත් විද්‍යාව මිය යන්නේ එදාටය. මෙය හාස්‍යජනක මතයකි. සියවසකට පසු අදටත් අයිස්ටයින්ලගේ, නීල්ස් බෝර්ලාගේ සොයා ගැනීම් ඕනෑ තරම් විවේචනයට සහ තක්සේරුවට භාජනය වේ.
යම් වැදගත් විද්‍යාත්මක ඵලයක් ලොවට දායාද කල විද්‍යාඥයෙක් වටා ඔහුගේ පර්යේෂණ ප්‍රතිදාන අගයන, ඒවා තව දුරටත් ඉදිරියට ගෙනියන පිරිසක් බිහිවේ. ඔහු ජීවත්ව සිටියදී පවා ඔහුගේ ප්‍රවාද වලට එදිරිව එන විවාදයකදී ඒවා defend කරන්නේ අර අගයන්නන් පිරිසයි. අදාළ විද්‍යාඥයා එම විවාද වලට අවතීර්ණ වන්නේ කලාතුරකිනි. මෙහි වැදගත්කම නම් අදාළ පුද්ගලයා මිය ගියත් ඔහුගේ පර්යේෂණ ඵල අභාවයට නොයාමයි. විද්‍යාව පුද්ගලාර්ථයෙන් ස්වාධීන බව පවසන්නේ මේ නිසාය. අවාසනාවකට නලීන් සර් බිහිකර ඇත්තේ ඔහුගේ පර්යේෂණ ප්‍රතිදාන ගැන මෙලෝ හසරක් නොදන්නා දුනු ඊතල කෙටේරි රැගත් පිරිසකි.
මේ බව වටහා ගැනීමට තරම් බුද්ධියක් හෝ දැනුමක් බොහෝ ලාංකිකයන්ට නැති බව ඔබ විසින්ම පෙන්වා දෙන ලදී. එය ඔබට ඔබ පිළිබඳවම අගනා තක්සේරුවකි.
මගේ පීඑච්ඩී එක
මෙය මේ එපියේ ඉතාමත්ම රසවත් කොටසකි. මා දකුණු අප්‍රිකාවේ සිට ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් දිවා රෑ නොමැතිව වෙහෙසෙන අතර ලංකාවේ සෑහෙන පිරිසක් මගේ PhD තීසිස් එක වෙනුවෙන් දින ගණනක් විශාල කාලයක් හා පරිශ්‍රමයක් දරා කේන්තියෙන් වෙව්ල වෙව්ලා කමෙන්ට්ස් කොටනු දුටුවෙමි. ඒ නිසාම මෙය ලිවීමට සිත්විය.
මා 1995-1999 තුල වසර 5ට ආසන්න කාලයක් PhD එක සඳහා පර්යේෂණ කලේ ස්වීඩනයේ උප්සලා සරසවියේය (මාස තුනක කාල සීමා දෙකක් හැර). ඒ උප්සලා සරසවියට සම්බන්ධ International Science Programs (ISP) ආයතනයේ පුර්ණ අනුග්‍රහයෙනි. ඔවුන් මට පමණක් නොව මගේ පවුලේ සාමාජිකයන්ටද දීමනා ගෙවීය. අපගේ නිවස, වෛද්‍ය සහ රෝහල් පහසුකම් පමණක් නොව ටෙලිෆෝන් බිල පවා ගෙව්වේ ISP ආයතනයයි. ඔවුන් එකල පැවසුවේ ඔවුන් කරන මේ ආධාර වල අරමුණ කොළඹ සරසවියේ පර්යේෂණ ධාරිතාවය නැංවීම බවයි. මේ අනුව ඔවුන් අප සමග ගිවිසුම් ගත වුයේ කොළඹ සරසවියට ජවයක් දීම සඳහා අප අවසානයේ උපාධිය ගත යුත්තේ එයින් බවයි. මා බොහෝ කැමැත්තෙන් මේ ගිවිසුමට එකඟ වුනෙමි. මට පෙර මේ පරිත්‍යාගය සිදුකලේ මහාචාර්ය චන්දන ජයරත්නයන්ය. මට පසුත් තව කීප දෙනෙක්ම මේ මග ගියහ. මගේ thesis opponenet වුයේ ජර්මනියේ මියුනික් සරසවියේ සේවය කරන මේ ක්ෂේත්‍රයේ ඉතා ජේෂ්ඨ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය Fridolin Heidler ය. මගේ මුළු PhD එකම Uppsala සරසවියේ කල බවට ඔවුන් ලිපියක් සහ සහතිකයක්ද ලබා දෙන ලදී. මේ අනුව මා මගේ පීඑච්ඩී උපාධිය Uppsala සරසවියේ කල බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එම සරසවියෙන්ද කිසිම විරෝධයක් නැත. ISP ආයතනය ඔවුන්ගේ program එක හරහා බිහිවූ හොඳම ඵලයක් ලෙස මා නම් කර ඇත (https://www.uu.se/en/centre/international-science-programme-isp/isp-core-programme/meet-isps-partners/alumni-chandima-gomes).
PhD එකෙන් පසු මා ලෝකය පුරා සරසවි ගණනාවක ස්ථිර මහාචාර්යවරයෙකු හෝ ආගන්තුක මහාචාර්යවරයෙකු (visiting professor) ලෙස සේවය කර ඇත. මේ කිසිවකදී මගේ කොළඹ සරසවියේ උපාධිය බාධාවක් වී නැත. ඒ ඔවුන් මගේ උප්සලා සරසවියේ පශ්චාත් උපාධි සමය ගැන මනාව දන්නා බැවිනි.
පීඑච්ඩී එකේ වැදගම්ම
එක පුද්ගලයෙක් මගේ PhD එකේ අඩංගු කරුණුවල ඇති වැදගම්ම පිළිබඳව ඉතා මහන්සි වී ඇති බව පෙනුනි. ඔහු වෙනුවෙන් මා මේ සටහන තියමි. මගේ නිබන්ධනයේ අඩංගු කරුණුවලින් පමණක් මම හොඳ IFs ඇති WoS journal papers 12ක්, local journal papers 2ක්, international conference papers 17ක් සහ local conference papers 7ක් publish කලෙමි. සමහර විද්‍යාඥයන් තම ජිවිත කාලයටම මෙම පත්‍රිකා ප්‍රමාණයෙන් බාගයක්වත් පළකරන්නේ නැත.
මෙම පත්‍රිකා සඳහා පමණක් මේ වනවිට citation දහසකට වඩා ලැබී ඇත. මම මීට වඩා යමක් ඒ ගැන නොකියමි.
මම වැඩකළ රටවල්
යම් පුද්ගලයෙක් කියා තිබුණේ ඔහුට උගන්ඩාවේ යම් ආයතනයක පුද්ගලයෙක් මම ඔවුන්ට නොදන්වා ඔවුන්ගේ දත්ත පාවිච්චි කර ඇතැයි ඔහු සමග කියූ බවයි. මේ පුද්ගලයාම කියන පරිදි ඔහු මා සමග කිහිප විටක් දුරස්ථ සන්නිවේදන හරහා කතා කර ඇත. පණිවිඩද හුවමාරු කරගෙන ඇත. ඒ එක අවස්ථාවකවත් ඔහු මෙබඳු කාරණයක් මා සමග පවසා නැත. මම උගන්ඩාවේ වික්ටෝරියා විල ආශ්‍රිත වායුගෝලීය විචලනය සහ සමාජ-ආර්ථික හැසිරීම් සම්බන්ධයෙන් පත්‍රිකා දෙකක් පළ කර ඇත. අවශ්‍ය නම් එහි DOI දිය හැක. ඕනෑම කෙනෙකුට මෙහි ඇත්ත නැත්ත පරික්ෂාකර වරදක් ඇත්නම් අදාළ සඟරාවලට පැමිණිලි කල හැක.
මෙම පුද්ගලයා පසු කලෙක මගේ වෙබ් පිටුවල ඉතා විකාරරූපී අදහස් පළ කරන්න වූ බැවින් ඔහුව මට හඳුන්වා දුන් කෙනාගෙන් එම පුද්ගලයා පිළිබඳව විමසුවෙමි. එහිදී දැනගන්න ලැබුණේ මෙම පුද්ගලයා යම් මානසික ආබාධයකින් පෙලෙන බවයි. ඒ නිසා මම ඔහුව මගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කලෙමි. ඔහු සමහර විට මේ නිසා මා සමග උරණ වී ඇතැයි සිතමි.
එය කිය වූ තවත් පුද්ගලයෙක් මා උගන්ඩාවේද කට්ට කා පැමිණි අයෙකැයි අපහාස කරන්න විය. මා මේ වන විට ලෝකයේ රටවල් 55කට පා තබා ඇත. රටවල් 37ක පර්යේෂණ කණ්ඩායම් සමග වැඩ කර පත්‍රිකා පළකර ඇත. උගන්ඩාව ඉන් එකක් පමණි. ඒ අනුව මා මේ පුද්ගලයා කියනවාට වඩා බරපතල කට්ටක් අත්ත පිටින් ගිල දමා ඇති බව ඔබට වැටහෙනු ඇත.
මගේ ෆේක්
පුද්ගලයන් කිහිප දෙනෙකුම මා ෆේක් ගිණුම් හරහා කමෙන්ට් දානවා කියමින් විලාප දෙන්න විය. මෙය මට මහත් විනෝදයක් විය. මට චන්දිම ගෝමස් නමින් FB පිටු තුනක් ඇත. ඒ එකිනෙකට වෙනස් (overlaps ඇත) audience තුනකට අදහස් දැක්වීමටයි. මේ තුනම 5000 cap එකට ළඟාවී ඇත. ඊට අමතරව මම බ්ලොග් පිටුවක් නඩත්තු කරමි. ඊට අමතරව මට LinkedIn පිටුවක්ද ResearchGate පිටුවක්ද ඇත. මම සමාජ මාධ්‍යට පිවිසෙන්නේ අතිශයින් වැඩ අධික ජීවිතයෙන් හෙම්බත් වූ විට ඉන් මිදී යම් මානසික සහනයක් ලබා ගන්නය. ඉහත ජාලයන්ට අමතරව ෆේක් ගිණුම්ද නඩත්තු කරන්න නම් මා විෂ්මකර්මයා ගේ ලඟම ඥාතියෙක් විය යුතුය.
මේසේ යම් යම් පුද්ගලයන් ෆේක් ගිණුම් යැයි මොරදුන් සියළු දෙනාම පාහේ මට පෞද්ගලිකව පණිවිඩ එවා තිබුණි. ඉන් එක් කෙනෙකු හැර අනෙක් අය තමන්ගේ සැබෑ නමින් හෝ කෙටි නමක් සමග සැබෑ විස්තරවලින් FB පිටු පවත්වාගෙන යන්නන්ය. එක් අයෙකු පමණක් ෆේක් එකකි. ඔහු මගේ පරණ ගෝලයෙකි. ඔහු මේ ගිණුම අරඹා ඇත්තේ කුමටදැයි මා දන්නේ නැත.
ෆේක් වේවා රියල් වේවා මේ අවස්ථාවේදී මගේ සහයට පෙනී සිටි ඔබ සියලු දෙනාවම මට හොඳින් මතකය. එය මට මෙන්ම ඔබටත් අනාගතයේදී ප්‍රයෝජනවත් වනු ඇත.
-----------------------------------------------------------
අවසානයේ කිව හැක්කේ නලීන්ගේ ගෝලබාලයන් විසින් ඉතා පැහැදිලිව තම මානසික ව්‍යාකූලත්වය ප්‍රදර්ශනය කරන ලද බව පමණි. හෙළ දැනුම් පද්ධතිය, දේශීය උරුමය, ජාතික අභිමානය ගැන පම්පෝරි ගසමින් සිටි පිරිසට එකවරම මහා බ්‍රිතාන්‍ය, එහි සරසවි, සුදු හම ඇති විද්‍යාඥයන් මෙන්ම බටහිර දැනුමද කප්පරකට ලොකු විය. සමහරුන්ට එය හිස්මොල්ලේ යන ගානට උගුරේ හිරවිය. ඒ අතරම ලංකාවේ සහ දුප්පත් රටවල අධ්‍යාපනය සත පහට වැටුණි.
මේ නලීන්ගේ ඇත්තම දර්ශනයයි. නලීන් ද සිල්වා තම සසෙක්ස් පීඑච්ඩී ගැන උදම් විය. ඔහුගේ supervisor ඔහුට කිව්වා කියන කතා තම ගෝලබාලයන්ට කිව්වේද ඔහුමය. ඔහු ඇමරිකාවේ අවසන් ගමන් යන්නේ මේ දැක්ම අනුවයි.
නලින් වටා ගොණු වුනේ කවුද කියා අමුතුවෙන් නිර්වචනය කරන්න ඕනෑ නෑනේ. දැන් ඉතිං ඔවුන් වෙන ගොපල්ලෙකු සොයා ගනීවි
ReplyDeleteනලින් ද සිලුවා(*) ගැන මගේ ලිපිය
ReplyDeletehttps://rasikalogy.blogspot.com/2024/05/wasted-life.html
* සිලුවා යනු සිල්වා යන්නේ සිංහල දේශීයකරණයයි