Saturday 29 April 2023

කුණාටු මුහුදේ විලාපය

ඉතා කෙටි කාලයක් තුල බොහෝ දෙනෙකුට අරගලය ඇති වුණේ මක් නිසාද යන්න අමතක වී ඇත. සමහර අදහස් කියවන්නෙකුට ඇතිවන්නේ රට සුඛිත මුදිතව තිබූ අවදියක මිනිසුන් අරගල කර රට විනාශ කළා වැනි හැඟීමකි. 

කිහිප දෙනෙක් පවසා ඇති සේ පත් කරගත් පාලකයන් රට විනාශ කරනවා දැක දැක ඔවුන්ට ප්‍රශස්ති ගී ගායනා කල පිරිස මේ විනාශයට ඍජුවම වගකිව යුතුය. අරගලයට සහභාගී වූ බොහෝ දෙනෙක් තමන් යන්නේ කොහේදැයි දැන නොසිටිය බව මම සිතමි. නමුත් රටේ සිදුවන තක්කඩි අමන පාලනයට එරෙහිව තමන් යමක් කල යුතු බව ඔවුන්ට දැනෙන්නට ඇත. එසේම අරගලය අපට පෙන්නුවේ ලංකාවේ පාලකයා කුමක් කලත් එයට හිස නමාගෙන සිටින දීන නිවට බහුතරයට අමතරව තවමත් කශේරුකාව සවිමත් සුළුතරයක් හෝ රටේ සිටින බවයි. නමුත් එය එතැනින් ඉදිරියට ගෙන ගොස් ආර්ථික-සාමාජීය-දේශපාලනික නිවහල් නිදහස් ජාතියක් කරා ගෙනයාමට සමත් නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක් සහ මාර්ග සිතියමක් අපට තිබුණේ නැත. 

රටේ කුමන තත්වය ඇති වුනද එයින් වාසි ලබා ගන්නා පාර්ශව ගණනාවක් ඇත. ඔවුන්ට අරගලය තවත් කෙලි බිමක් විය. එය අරගලයේ වරදද නැත්නම් අරගලය ඇතිවීමට පාර කැපූ හොර තක්කඩියන්ගේ වරදද යන්න සිතාගැනීමට සමත් සුළුතරයක් තවමත් සිටින බව මම උපකල්පනය කරමි.

මා දකිනා ආකාරයට නම් ලාංකිකයා නැවතත් පරණ පුරුදු විෂම චක්‍රයටම වැටි ඇත. දීන වහල් බහුතරයක් ඇති රටක මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. ඔවුන් අද ණයට කමින් පාටි දමයි. පාලකයාගේ ලොකුම ජයග්‍රහණය අදට වඩා දෙගුණයක් විශාල ණයක් හෙට ලබා ගැනීමයි. තව වසර දෙකකින් අපට ඉතිරිවන සුවිසල් ණය කන්ද මුළු රටේම සම්පත් විකුණුවත් පියවා ගත නොහැක. එදාට ඉන්දු-ඇමරිකන් මුහුණ මීට වඩා බොහෝ සෙයින් වෙනස්වනු ඇත. 

ඊළඟ වර තෙල් ගෑස් හාල් පාන් පෝලිම් වලට එරෙහිව ජනතාව පාරට බහින්නේ නැත. මන්ද ඔවුන්ට ඒවා එක් වරක් දැන් හුරුවී ඇති බැවිනි. ඔවුන් මගට බසින්නේ තත්වය ඊට වඩා බෙහෙවින් නරක අතට හැරුණු විටය. සමහර විට එතනට යාමට පෙර ලාංකිකයා තමා සිටිය යුතු ආකාරය අවබෝධ කරගෙන නිවෙනු ඇත. 

බහුජාතික සමාගම් කිහිපයක් විසින් නිල වශයෙන් පාලනය නතුකරගන්නා ප්‍රථම රාජ්‍ය ලංකාව වෙනු ඇතැයි මට සිතෙයි. මම එහි හොඳ-නරක විග්‍රහ කිරීමට උත්සහ නොගනිමි. සමහර විට අවුරුදු 2500 ක මෙව්වා එක රෝල් කර ඉන්දියන් සාගරයට දැමීම ඔබට ඉමහත් සැහැල්ලුවක් වනු ඇත. නැත්නම් ඔය මෙව්වා එක ඔබට ණය කන්දටත් වඩා බර මහමෙරුවක් වනු ඇත. 

28 comments:

  1. ඔච්චර නෙගටිව් විදියට හිතන්න එපා ගෝමස්.

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana29 April 2023 at 07:13

      කතෝලික නමක්නේ තියෙන්නේ. ඒකයි ඔය

      Delete
    2. @ Ano 2.03

      මම චන්දිම ගෝමස් මහතා සමග යම්තාක් දුරකට එකඟයි නමුත් නෙගටිව් නෙමෙයි මෙය ඔහුගේ දැඩි අපේක්ෂා භංගත්වය නිරූපණය කරන බවයි පේන්නේ.

      මෙය මීට පෙර ගෝඨාභය නන්ද සේන වෙනුවෙන්ම කඩේ ගිය හිංගල බහුද්ද තනි සිංහල බලවත් ආණ්ඩු පිස්සන්ට මුලින්ම අත්විඳීමට සිදුවූ අතර දැන් එය ලංකාවේ ආණ්ඩුව වෙනස් කර තමන්ගේ හෙංචයි රනිල් ඇතුලු පිරිස පත් කර ගැනීමට එක්සත් ජනපදය ඉන්දීය සහ යුරෝපීය රටවල පාදඩ දේශපාලන ඇජෙන්ඩා එකකට හසූවී නිකරුණේ කඩේ ගිය බහුතරයක් තමන් වෙන උන්ගේ වාසි වෙනුවෙන් බූරුවන්සේ කඩේ යැවූ ආකාරය තේරුම්ගෙන ඇති බවයි මෙමගින් වැටහෙන්නේ

      @ ජගත්

      ලෝකයේ වගේම ලංකාවේත් නූතනත්වය තුල ආගම් කියලා කියන්නේ ලාභ ලබන ව්‍යාපාර කටයුතුවල යෙදෙන ව්‍යාපාරිකයන් විසින්ම මෙහෙයවන බිස්නස් මොඩල් එකක්, ඒ නිසාම බෞද්ධ ආගමික ව්‍යාපාර මෙන්ම ජනප්‍රිය කතෝලික පල්ලිය කියලා කියන්නේ බිස්නස් කාරයෝ ටිකක් විසින්ම මෙහෙයවන තවත් ව්‍යාපාරයක් බව තේරුම්ගත යුතුය

      පහුගිය කාලේ අරගලය හරහා මෙන්ම පාස්කු ප්‍රහාරය වගේ දේවල් පවා වාණිජමය කරණය කරමින් පූජ්‍ය පක්ෂය කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හම්බ කරගත් අතර අරගලයට රිංගා එතුල කුරුස නාඩගම් නාට්‍ය පෙන්වමින් එයින්ද මුදල් හම්බ කරගත් ව්‍යාපාරිකයන් විශාල පිරිසක්ද දැක ගැනීමට හැකිවිය. මෙය කතෝලික අය පමණක්ම නොව ඇතැම් භික්ෂූන් සහ මෞලවීතුමන්ද සිදුකරන ලදී.

      Delete
    3. Jagath Pathirana30 April 2023 at 00:58

      ඇන්න පොනෝ, ඔයාගෙන් වෛද්‍ය උපදේශයක් අවශ්‍යයි.
      වන්නකු මෙත‘ඩ් එක සමස්තයක් විදියට හරිද වැරදිද?

      Delete
    4. @ Jagath Pathirana

      ඔබ නොදන්නා කරුණු කීපයක් තියෙනවා මුලින්ම කියන්න මිනිස්සුන්ට ඔරල් ටැබ්/ සොලූෂන් (රසායනික නිපදවූ පෙති සහ දියර, එතකොට අයිවී නැත්නම් එන්නත්) ආදී බෙහෙත් වර්ග දෙන්නෙ නැතිව මිනිසුන්ට ගැළපෙන විදියේ ප්‍රතිකාර ක්‍රමයක් කරන්න life style management කියලා වෙනම ක්‍රමයක් තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාවේ.

      ලංකාවේ ඔය බෙහෙත් නැතුව කෑම බීම සහ චර්යා රටාවන් ඇසුරින් සෞඛ්‍ය ආරක්ෂා කිරීම කරන විදිහ වැඩිය කවරුත් පාවිච්චි කරන්නෙ නැහැ. ලංකාවේ ඩොකාලා බහුතරයක් බෙහෙත් කම්පැනි වලින් ලැබෙන ගතමන්ට් එක පොරින් ටුවර් සහ නොයෙක් බෙනෙෆිට්ස් නිසා ඔහේ එකසිය ගානට බෙහෙත් පෙති කරල් නියම කරනවා අඩුම තරමින් අතුරු ආබාධ ගැනවත් මොනවත් කියන්නේ නැහැ 95% කට වඩා ලංකාවේ ඩොකාලා ඕනනැති බෙහෙත් පවා නියම කරනවා සාමාන්‍යයෙන් ඇලෝපති වෙදකමේ කිසිම බෙහෙත් අංඇති වෛරස් රෝග වලට කොච්චර නම් පෙති කරල් දෙනවාද බොන්න?

      ඒ නිසා ඒ ඇසුරින් වෙනම බ්‍රැන්ඩ් එකක් හදාගත්ත සාමාන්‍ය MBBS ඩෝකෙක් වුණ ජානක වන්නකු එම මග යමින් ලංකාවේත් එක එක මිනිසුන්ට ගැළපෙන විදියට ප්‍රතිකාර කරන්නයි කටයුතු කළේ. ඒක තමයි ජානක වන්නකු trademark එක.දැනට පොර මම දන්න තරමින් නම් කාටවත් බෙහෙත් පෙති prescribe කරන්නෙම නැහැ මිනිහා prescribe කරන්නෙ lifestyle modification වලින්,ඒ කියන්නෙ එදිනෙදා කන බොන දේවල් නිදාගන්න විදිය ඒවයින් කොහොමද අපි නිරෝගි වෙන්නෙ කියන එක තමයි වන්නකු කරන්නෙ ඒකයි මම හිතන්නේ කෙටියෙන් කියනවනම්

      Delete
  2. @jagath pathirana manda manasika gon p*nnay* agama gahaganin p*ke

    ReplyDelete
  3. අයිසේ ජගත් මොනාද බං ඔය අලගලේ කරල උඹලට ලැබුනේ? ඇයි ලංකාවේ ජීවන වියදම අඩු උනාද? අඩුම තරමින් ඒ මට්ටමේ නැවතුනා ද? රට පුරා රැකියා අහිමි වූ මිලියන එකක්පමණ පිරිසට ආපහු රැකියා වැඩි උනා ද? රනිලා ආවට පස්සේ මිලියන එක මිලියන තුන දක්වා ඉහළ ගිහින් තියෙනවා රැකියා වියුක්තිය? ඉතින්? අරගලයේ අග්‍ර ඵලය වුණේ බොලාගේ රනිල් හාමුව ජනාධිපති කරන එක නේ, ඒකෙන් හොරකම, දූෂණය නැති උනා ද? රටේ ඒක පුද්ගල ආදායම වැඩි උනාද? සිස්ටම් චේන්ජ් උනාද ? කාලකන්නි කපුටා මයිනා ඇතුලු රාජපක්ෂ හොරහැතිකරය හොරාකපු කෝටි ප්‍රකෝටි ගණනින් වූ මහජන මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් ද?

    ඒ මොනවත් නෑනේ...

    උනේ කාරණා 3යි.

    01. තමන්ගේ ආසනේවත් බේරා ගන්න බැරිව අනාථ වෙලා හිටි රනිල් වික්‍රමසිංහ කියන පිංගොනාව ඇමරිකන් එක්සත් ජනපදයේ ඉන්දීය සහයෝගය සමගින් මෝඩ කොල්ලෝ කෙල්ලෝ රෙදිනැතුව කඩේ යනවා ගුටිකාලා රටපුරා රිලානැටුම් නටනවා ඒක පිටදාලා ලේසියෙන්ම රටේ ජනාධිපති උනා,

    02. අරගලය මුවාවෙන් සමහර විශාල පිරිසක්, ඒ වගේම ආගම් විකුණගෙන කන කාලකණ්ණි පාදිලි උන්නාන්සේලා කියන කම්බි හොරු, හොර ගණගෙඩියෝ සහ මෞලවීලා, බෝනගේන් සක්කිලි හැත්ත, නිදි ගණිකාවන් සහ නළු හාල්කෑලි කුඩ්ඩෝ, තවත් එක එක අපත හාල්පාරුවෝ සෑහෙන පිරිසක් NGO සල්ලිවලින් ඉතා ලේසියෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හම්බකරගන ගොඩ ගියා..

    03. අපි වගේ සැබැවින්ම රටේ පරිපුර්ණ වූ වෙනස්කම් ඇති කිරීම වෙනුවෙන් දිවි පිදීමට වුවත් සූදානම් ව සිටි සැබෑ නිර්පාක්ෂික අරගලයක් සම්බන්ධයෙන් මිනිස්සුන්ගෙ තිබ්බ කැක්කුම, ආදරය වතුරෙ ගියා....

    එච්චර තමයි... දැන් ඕව ගැන කතා කරලාත් වැඩක් නෑ මට නම් අප්පිරියයි ඔය වචනෙත්... නොදකින්

    ReplyDelete
  4. ගෝමස් මල්ලී එක්ක සමලිංගික සේවනයේ නිරත වෙන්න ආසා අයියා කෙනෙක් මමත්

    ReplyDelete
  5. චන්දිම අරගලය සමග රට ගැන ඇතිවු පිළිකුල් සහගත අදහස් නිසාම ලාංකික තරුණ පරපුර මෙන්ම බහුතරයක් ශ්‍රම බලකායට ලංකාව එපාවී විදේශ ගත වීමට පොරකෑවා ඔබට මතක ඇති, ඒ අනුව මා පුද්ගලිකව දුටුවේ මහා බ්‍රිතාන්‍යය/ එක්සත් රාජධාණියට උසස් අධ්‍යාපනය සඳහා පැමිණි සිසුන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉන්නේ සෑහෙන ඉහළින් බව. තවදුර සොයා බලද්දී පසුගිය 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ UK වලට මූලික උපාධිය සඳහා ඉන්ටනැෂනල් ස්ටුඩන්ට්ස්ලා 593,000 ක් ඇවිත් තිබෙනවා.

    මෙහිදී නයිජීරියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය තමයි ඉහළින්ම ඉන්නේ. ඒ රටවල ජනගහණයට සාපේක්ෂව ඒක සාමාන්‍යයක්.

    නමුත් Uksisa blog අඩවියට අනුව එකී කාලපරිච්ඡේදය තුළ පමණක් ලංකාවෙන් 8,900 ක් පමණ ඇවිත් තිබෙනවා. එය ලංකාවේ ජනගහණයට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රමාණයක්. එතෙක් මෙතෙක් යූකේ වලට ලංකාවෙන් ආපු ඉහළම ගණනයි මේ වාර්තාගත ලෙස වැඩි වූ පිරිස...

    මීට අමතරව ඒ වගේම සැලකිය යුතු විශාල පිරිසක්ද වසරක හෝ දෙකක පශ්චාත් උපාධියක් හැදැරීමට මෙලෙස පැමිණි අය සිටින අතර ඒ අය අතරින් වැඩිම ඩිපෙන්ඩස්ලා (උපාධි අපේක්ෂකයා සමග එන්නන්) ප්‍රමාණයක් UK වෙත රැගෙනවිත් ඇති රටවල් පහ අතරට ශ්‍රී ලංකාව අයත්. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව නයිජීරියාව, ඉදියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් එහි සිටිනවා.

    පේන විදියට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සුදුසුකමක් සපුරා ගැනීමේ එකම අරමුණෙන් මේ අවස්ථාවේ විදෙස් රටකට යනවා යැයි හිතන්න අමාරුයි. රටේ පවතින අර්බුදයෙන් බේරී සිටීමට හෝ ඉන් ගොඩ ඒමට ඇති ඕනකම එහි ඇති බව තේරුම් ගන්න පුළුවන් දෙයක්. අවස්ථානුකූලව Survive වෙන්න කරන දෙයක්. (The continuation of life or existence) ඒ නිසයි ටිකක් වැඩි වයසට පත්ව සිටියත් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට දරු පවුල සමගම රටකට යන්නේ. මෙතෙක් කල් උපයා ගත් දේ වගේම, දෙමාපියන් සතු දේත් කැපකරමින් මේ ගමන එනවා.

    මමත් පුද්ගලිකවම දන්නා පරිදි ලංකාවේ පෞද්ගලික බැංකු ඇතුළු ඇතැම් පුද්ගලික ආයතන පවා සිය මාණ්ඩලික නිලධාරීන් විශාල ප්‍රමාණයකට විදෙස් රටකට ගොස් ඉගෙන එන්න අවස්ථාව ලබා දුන්නා. ඒ පවතින ආර්ථික අර්බුදයෙන් තම ආයතනවල නඩත්තු වියදම් අඩුකර අර්බුදයෙන් ගැළවීමේ උපක්‍රමයක් හැටියටයි.

    මෙහිදී සිදුවන්නේ brain drain බුද්ධි ගලනයක්ද කියලා හරියටම කියන්නත් බැහැ. පෞද්ගලිකව තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදුවන දෙයක්. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් බිස්නස් මැනේජ්මන්ට්, ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ පශ්චාත් උපාධියක් හදාරන්න එන්නේ. මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධි ගත් අයත් නීතිය වැනි මූලික උපාධිය ඇති අයත් එවැනි පාඨමාලා හැදෑරීමට ඒමෙන් මේක තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් උපාධිය සම්පූර්ණ කරගත්තත් එකී ක්ෂේත්‍රයෙන් UK වැනි රටක රැකියාවක් ලබා ගැනීමත් පහසු නැහැ. ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල පිරිස්වලට හිමිවන සුවිශේෂී අවස්ථා යූකේවලදී ඒවාට හිමිවන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ නිසා Under Skill යටතට වැටෙන සුළු සුළු රැකියාවල නිරත වීමට බොහෝ දෙනෙකුට සිදුවනවා.

    Cont'd

    ReplyDelete
  6. චන්දිම අරගලය සමග රට ගැන ඇතිවු පිළිකුල් සහගත අදහස් නිසාම ලාංකික තරුණ පරපුර මෙන්ම බහුතරයක් ශ්‍රම බලකායට ලංකාව එපාවී විදේශ ගත වීමට පොරකෑවා ඔබට මතක ඇති, ඒ අනුව මා පුද්ගලිකව දුටුවේ මහා බ්‍රිතාන්‍යය/ එක්සත් රාජධාණියට උසස් අධ්‍යාපනය සඳහා පැමිණි සිසුන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉන්නේ සෑහෙන ඉහළින් බව. තවදුර සොයා බලද්දී පසුගිය 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ UK වලට මූලික උපාධිය සඳහා ඉන්ටනැෂනල් ස්ටුඩන්ට්ස්ලා 593,000 ක් ඇවිත් තිබෙනවා.

    මෙහිදී නයිජීරියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය තමයි ඉහළින්ම ඉන්නේ. ඒ රටවල ජනගහණයට සාපේක්ෂව ඒක සාමාන්‍යයක්.

    නමුත් Uksisa blog අඩවියට අනුව එකී කාලපරිච්ඡේදය තුළ පමණක් ලංකාවෙන් 8,900 ක් පමණ ඇවිත් තිබෙනවා. එය ලංකාවේ ජනගහණයට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රමාණයක්. එතෙක් මෙතෙක් යූකේ වලට ලංකාවෙන් ආපු ඉහළම ගණනයි මේ වාර්තාගත ලෙස වැඩි වූ පිරිස...

    මීට අමතරව ඒ වගේම සැලකිය යුතු විශාල පිරිසක්ද වසරක හෝ දෙකක පශ්චාත් උපාධියක් හැදැරීමට මෙලෙස පැමිණි අය සිටින අතර ඒ අය අතරින් වැඩිම ඩිපෙන්ඩස්ලා (උපාධි අපේක්ෂකයා සමග එන්නන්) ප්‍රමාණයක් UK වෙත රැගෙනවිත් ඇති රටවල් පහ අතරට ශ්‍රී ලංකාව අයත්. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව නයිජීරියාව, ඉදියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් එහි සිටිනවා.

    පේන විදියට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සුදුසුකමක් සපුරා ගැනීමේ එකම අරමුණෙන් මේ අවස්ථාවේ විදෙස් රටකට යනවා යැයි හිතන්න අමාරුයි. රටේ පවතින අර්බුදයෙන් බේරී සිටීමට හෝ ඉන් ගොඩ ඒමට ඇති ඕනකම එහි ඇති බව තේරුම් ගන්න පුළුවන් දෙයක්. අවස්ථානුකූලව Survive වෙන්න කරන දෙයක්. (The continuation of life or existence) ඒ නිසයි ටිකක් වැඩි වයසට පත්ව සිටියත් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට දරු පවුල සමගම රටකට යන්නේ. මෙතෙක් කල් උපයා ගත් දේ වගේම, දෙමාපියන් සතු දේත් කැපකරමින් මේ ගමන එනවා.

    මමත් පුද්ගලිකවම දන්නා පරිදි ලංකාවේ පෞද්ගලික බැංකු ඇතුළු ඇතැම් පුද්ගලික ආයතන පවා සිය මාණ්ඩලික නිලධාරීන් විශාල ප්‍රමාණයකට විදෙස් රටකට ගොස් ඉගෙන එන්න අවස්ථාව ලබා දුන්නා. ඒ පවතින ආර්ථික අර්බුදයෙන් තම ආයතනවල නඩත්තු වියදම් අඩුකර අර්බුදයෙන් ගැළවීමේ උපක්‍රමයක් හැටියටයි.

    මෙහිදී සිදුවන්නේ brain drain බුද්ධි ගලනයක්ද කියලා හරියටම කියන්නත් බැහැ. පෞද්ගලිකව තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදුවන දෙයක්. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් බිස්නස් මැනේජ්මන්ට්, ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ පශ්චාත් උපාධියක් හදාරන්න එන්නේ. මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධි ගත් අයත් නීතිය වැනි මූලික උපාධිය ඇති අයත් එවැනි පාඨමාලා හැදෑරීමට ඒමෙන් මේක තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් උපාධිය සම්පූර්ණ කරගත්තත් එකී ක්ෂේත්‍රයෙන් UK වැනි රටක රැකියාවක් ලබා ගැනීමත් පහසු නැහැ. ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල පිරිස්වලට හිමිවන සුවිශේෂී අවස්ථා යූකේවලදී ඒවාට හිමිවන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ නිසා Under Skill යටතට වැටෙන සුළු සුළු රැකියාවල නිරත වීමට බොහෝ දෙනෙකුට සිදුවනවා.

    Cont'd

    ReplyDelete
    Replies
    1. මෙලෙස ලංකාවේ සිදුවන විදෙස්ගතවීම්වලින් බුද්ධි ගලනයක් කෙසේවෙතත් අතිවිශාල ලෙස විදෙස් විනිමය ගලනයක් නම් සිදුවෙනවා. පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසය වන විට 8,900 ක් ඇවිත් තිබුණත් 2023 ජනවාරි සහ පෙබරවාරි Intake එක සමග ශ්‍රී ලාංකිකයන් තවත් අති විශාල පිරිසක් UK වෙත පැමිණ ඇති බව අනුමාන කරන්න පුළුවන්.

      සරල උදාහරණයකට IMF එකෙන් ලංකාවට හිමිවෙන්න යන ණය මුදල ඩොලර් බිලියන 2.9 ක්. ඩොලරය රුපියල් 300 ක් ලෙස සෑකුවොත් එය රුපියල් කෝටි 8,700 ක්. පෙරකී පරිදි ලංකාවෙන් සිසුන් 8,900 ක් සිය දරු පවුල් සමග UK වෙත පැමිණ තිබේ නම් එක් අයෙකු අඩුම රුපියල් කෝටියක වියදමක් දරා ඇත්නම් එහි වටිනාකම රුපියල් කෝටි 8,900 ක්.!!!!

      ඊට අමතරව මේ කාලය තුළ කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆින්ලන්තය සහ වෙනත් යුරෝපීය රටවලටත් ශ්‍රී ලාංකික සිසුන් අතිවිශාල පිරිසක් ගොස් සිටිනවා.

      මෙතරම් ආර්ථික අර්බුදයක් පවතිද්දී මේ අන්දමින් රටට අහිමිව ඇත්තේ විශාල ධනස්කන්ධයක්. මෙලෙස එන අය පසුව හම්බු කරන එකත් රටට එවීමට වඩා වැය කරන්නේ මේ රටවල දිවි ගැටගහ ගැනීමටයි. ගෙවල් වල අයගෙන් තවත් මුදල් ඉල්ලා සිටින බව ද පේනවා.

      නමුදු ලංකාවේ සිදුවිය යුතුව තිබුණේ මෙය නොවේ. වැඩ ලෝකයට අවශ්‍ය ගුණාත්මක උපාධි පාඨමාලා සඳහා අවස්ථා වැඩිකර දී ඉන් බිහිකරන්නන් ස්කිල් වීසා යටතේ රටවලට පිටත් කර හැරීමයි. විදෙස් රටවලට ඇදී යන මේ මුදල්වලින්ම මේ සඳහා විශ්ව විද්‍යාල ඇරඹීමේ හැකියාවක් තිබෙනවා. එය රාජ්‍යයද පෞද්ගලිකද යන්න වෙනම විසඳාගත යුත්තක්.

      බොහො සංවර්ධිත රටවල හෙද, මිඩ් වයිෆ්, ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සූපවේදය වැනි ක්ෂේත්‍රවලත් ඕනෑතරම් රැකියා අවස්ථා තිබෙනවා. වෛද්‍ය ඉංජිනේරු වැනි පාඨමාලා වෙනුවෙන් වැය වන මුදලට වඩා අඩුවෙන් එවැනි උපාධි ලබා දීමේ හැකියාවක්ද ලංකාවේ තිබෙනවා.

      ප්‍රශ්නය නම් මේ අර්බුදකාරී අවස්ථාවේ පවා ලංකාවේ සියලුම දේශපාලන පක්‍ෂ වල දේශපාලකයන් මේ ප්‍රශ්න කිසිසේත්ම නොතේරුම් ගැනීමයි. ජවිපෙ, පෙරටුගාමී වැනි පක්ෂ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම වැනි කරුණු සම්බන්ධයෙන් දැඩ් පිළිවෙතක සිටියද රටෙන් පිටවෙමින් තිබෙන විශාල විදෙස් විනිමය ගැන මේ වෙලාවේ ඇසුවාම උත්තර නැතුව නොඇසූ කන්ව ගොළු පිළිවෙත් අනුගමනය කරනබව පෙනෙනවා.

      විදෙස් රටවල් තමන්ට අවශ්‍ය ශ්‍රම බලකාය වෙනුවෙන් ස්වදේශිකයන්ට ඉගැන්වූවද විදෙස් සිසුන්ට ඉගැන්වීම යනු ඔවුන්ට බිස්නස් එකක් පමණයි. රට වැටෙන විට විදෙස් සිසුන් ගෙන්වා ගෙන එකී රටවල් ගොඩයද්දි අපේ රටේ අපි වැටිලා ඉද්දි තියෙන විදෙස් විනිමය ටිකත් පිටට දීමක් මේ කරන්නේ.

      අපේ රටේ ඉතා අඩු වියදමකින් ලෝකෙටම වටින උගතුන් බිහිකර විදෙස්ගත කළ හැකිව තිබියදී මේ සිදුවන දෙය අඛණ්ඩව සිදුවන්නේ නම් අනාගතය තවත් අර්බුදකාරීවීම නොඅනුමානයි.

      Delete
  7. මමත් අරගලයට සම්බන්ධ වෙලා ඇණ ගත්ත පොරක් අන්තිමට මට කෙළවුණාම කවුරුවත්ම නෑ, අන්ත අසරණ තත්ත්වයට පත්,වුණා ඒ ගැන විස්තර අමතක කරලා කතාවක් කියන්න පුළුවන්, ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල එතරම්ම ජනප්‍රිය නොවන ප්‍රස්ථා පිරුළක් තියෙනවා "මුව හාමිගේ ලෙඩ බලන්න ආපු යාලුවෝ වගෙයි" කියලා. මේ පිරුළ ආදිකාලයටත් වඩා වර්තමානයටයි බොහොමත්ම ගැලපෙන්නේ. විශේෂයෙන්ම අරගලයට සම්බන්ධ වෙලා ඇණගත්ත සාමාන්‍ය ජනතාව වන අපි හැමෝටම මේක අදාළයි කියලයි මට හිතෙන්නේ

    කතාවේ හැටියට ආදි කාලේ එක කැලෑවක අලුත අං ආපු මුව නාම්බෙක් හිටියා. ඒ මුව නාම්බා උගේ අං තට්ටුව නිසා හරියට ආඩම්බර උනා. දැන් මට කරන්න බැරි දෙයක් නෑ කියලා හැමවෙලේම පාරම් බෑවා. තම මතයට පටහැනි අදහස් දරන ඕනෑම අයකු දැක්කහම හයියෙන් පිඹලා අං තට්ටුව වනලා පෙන්නලා තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්වන්න යනවා. ගමනක් බිමනක් යනකොටත් හෙමින් ගමනක් නෑ. එක පිම්මේ දුවගෙන යනවා.

    මෙයා හරි වීරයෙක් කියලා හිතපු ඒ කැලේම හිටපු මුව නාම්බෝ, නෑම්බියො කීප දෙනෙකුයි, වස්සෝ වැස්සියෝ ටිකකුයිත් එයාගේ පස්සෙන්ම වැටිලා හිටියා. තමන්ගේ පස්සෙන් හිටපු කාණ්ඩය හින්දා මුව නාම්බා තව තවත් ආඩම්බර වුණා. ක්‍රියාවේදී කෙසේ වෙතත් කතාවේදි තමන් නිර්ලෝභී පුද්ගලයෙක් බවට අනිත් අයට ඇඟවෙන පරිදි කතා කරා.

    දවසක් දා මේ මුවා ට හිතුනා අලුත් ව්‍යායාම ටිකක් කරලා තමන්ගේ ශරීර ශක්තිය තව තවත් වැඩි කරගන්න. ඒ හන්ද මේ මුවා කැලෑවේ ඒ මේ අතට බොහොම වේගයෙන් දිව්වා. උඩ පැන්නා. කැලේ තියෙන ගස් පෙරලා ගන්න පුළුවන්ද කියලා ඒවා වලට අං වලින් ඇන්නා.

    ඔය කැලෑවේ මැද්දේ උස ගල් පර්වතයක් තිබුණා. පියාඹන කුරුල්ලෙකුට ඇරෙන්න ඒ ගල් පර්වතය උඩට වෙනත් කිසිම සතෙකුට නගින්න බැහැ. ඒ වුනාට තමන් ගැන අධි තක්සේරුවෙන් හිතාගෙන හිටපු මේ මුවා කල්පනා කරා මේ පර්වතය මුදුනට එක පිම්මකින් නගින්නත්, ආපහු බිමට පනින්නත් තරම් මට ශක්තිය තියෙනවා කියලා. මේ පර්වතයේ මුදුනට වෙන කාටවත් ලේසියෙන් නගින්නවත් බැහැ. ඒ හන්දා මේ පර්වතය මුදුනට නැගලා කාටත් පේන්න මගේ බලය පෙන්නත් එක්ක ආපහු බිමට පනින්න ඕනෑ කියලා කල්පනා කරපු මේ මුවා පුළුවන් තරම් වීරිය අරගෙන පහල ඉඳන් ඉහලට පිම්මක් පැන්නා.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට පර්වතයේ මුදුනට තියා අඩි පහක්වත් ඉහලට පනින්න බැරි වෙච්ච මුවා ව ගල් පර්වතය මැද්දෙ හැප්පිලා පර්වතය පාමුලටම ඇද වැටුණා. බිම වැටුණ පාරට කකුල් දෙකක් ම බිඳිලත් ගියා. කොහොමටවත් එහා මෙහා වෙන්නවත් බැරි වෙච්ච මුවා අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි වේදනාවෙන් කෙඳිරි ගාමින් එතැනම වැතිරිලා හිටියා.

      යාබද ගමක හිටපු එක කරුණාවන්ත මනුස්සයෙක් මෙතනින් යනකොට අසරණව වැටිලා උන්න මුව නාම්බව දැක්කා. මුව නාම්බා හිටපු තත්වය ගැන තේරුම් ගත්ත ඒ කරුණාවන්ත මනුස්සයා මේ මුවාට ඇවිදින්නත් බැරි නිසා කන්න නැතුවම මැරේවි කියලා හිතුවා. එහෙම හිතලා හොඳ අළුත් තණ කොළ ටිකක් තියෙන තැනක් හොයාගෙන ඒවායින් මිටි කීපයක් කපාගෙන ඇවිත් මුවාගෙ හිස ලඟින්ම තිබ්බා. ඒ ගෙනාව තණකොළ මිටි ටික ඌට සෑහෙන දවසකට කන්න ප්‍රමාණවත්ව තිබුණා.

      මුව නාම්බාගෙ කකුල් කැඩිලා පර්වතය පාමුල වැතිරිලා සිටින විත්තිය මුවාගෙ අනුගාමිකයන් පිරිසට ආරංචි වුණා. එයාලා වරකට එක්කෙනා දෙන්නා බැගින් ලෙඩා බලන්න ආවා. ඒ ආපු හැම කෙනෙක්ම මුලින්ම කිව්වේ "අනේ අපේ මුව හාමිව අසනීප වෙච්ච බව ආරංචි වෙච්ච ගමන්මයි අපි මේ ආවේ. සුදුසු ආහාර මොනවද කියලා දන්නෙත් නැති නිසා මොකවත් ගේන්නත් බැරි වුණා. කොහොමද දැන් වේදනාව එහෙම අඩු ද? කොහොමද මෙතැනින් වැටුණේ ?" යනාදී වශයෙන් ප්‍රශ්න ගොඩක් විමසුවා මිසක් ලෙඩාට උවමනා මොකවත් ගෙනාවෙ නෑ. අඩුම තරමින් මුවාට හෙවණක් හදලා දෙන්න ඒ කිසිම මිතුරෙක් විමසුමේවත් නෑ. කොහොම වුණත් යාළුවො නෑදෑයො කිය කියා හැමෝම වගේ ලෙඩා බලන්න නම් ආවා. තමන්ව බලන්න ආපු අයට හැකි පමණින් සංග්‍රහ නොකළොත් එයාලා තරහ වෙයි කියල හිතපු මෝඩ මුවා තමන්ගේ කෑමට අර කරුණවන්ත මනුස්සයා ගෙනල්ලා දුන්නු තණකොළ මිටි වලින් ටිකක් හරි කන්න කියලා ආව හැමෝටම කිව්වා.

      "අනේ සංග්‍රහ නම් මොකටද... අපි දැන් කෑම කෑව ගමන්මයි ආවේ"
      කියලා එයාලා හැමෝම කිව්වා. හැබැයි එයාලා එහෙම කිව්වේ බොරුවට. මුවාත් හිතුවා මම එහෙම කිව්වට මෙයාල නම් ඇත්තටම කන එකක් නැහැ කියලා. එහෙම හිතලා " කමක් නෑ... චුට්ටක් වෙන්න කන්න... තව කටක් දෙකක් හරි කන්න" කියලා බොරුවට පෙරැත්ත කෙරුවා.

      " නොකා හිටියොත් ඔබතුමා තරහ වෙයි.. ඒ හන්දා ඔන්න මම ඩිංගක් කනවා" යි කියමින් හැම යාලුවෙක්ටම මුවාගේ ලඟ තිබුන තණකොළ ගොඩෙන් තම තමන්ගේ බඩ පිරෙනකම් ම කාලා යන්න ගියා.

      ඒ ආපු එකෙක්වත් දෙවන වරට මුවා බලන්නට ආවේ නෑ. ලෙඩා බලන්න කියලා ආව හැම කෙනෙක්ම අර කරුණාවන්ත මනුස්සයා ගෙනත් දාලා තිබුණු තණකොළ ටික ඉවර වෙනකල්ම කාල ගියා විතරයි. සංග්‍රහ කරලා අවසානයේ දී මුවාට කන්න කිසිම දෙයක් තිබුනේ නැහැ. ආහාර නැති කමෙන්ම දින කිහිපයකට පස්සේ මුවා එතැනම මියගියා.

      හිතවත්කම පෙන්නාගෙන එන අය කිසිම උදව් උපකාරයක් නොකොට පාඩුවක් ම සිද්ධ කරලා යන අවස්ථාවක් දුටු විට "ලෙඩ මුවා බලන්න ආ යාළුවන් වගෙයි" කියලා කියන පිරුල භාවිතා කරනවා. ඕක තමයි මගේ පෞද්ගලික අත්දැකීම.

      Delete
  8. අරගල ව්‍යාපාරය ආරම්භ කිරීමට සම්බන්ධ වුණේ සරසවි සිසුන් සහ ඒ හා සමාන සිසු සටන් පාඨ කියපු අය, මම හිතන්නේ චන්දිම ලංකාවට නිදහස් අධ්‍යාපනය සහ රජයේ පාසැල් කියන්නේ සෙලවෙන මනස ඒවයින් නිසි ලෙස ප්‍රතිලාභ ලැබෙන්න නෑ, කොටින්ම රජය අධ්‍යාපනයට සම්බන්ධ නොවී ටියුෂන් හා පුද්ගලික අංශය වෙත පාසල් අධ්‍යාපනය ලබා දී A/L දක්වා අධ්‍යාපනයට වෙන්කරන ජනතා මුදල් ටියුෂන් ම ගන්න අඩු ආදායම් ළමයිට දුන්නනං වඩා සාර්ථකයි! එහෙම නේද?

    ReplyDelete
  9. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එදා සිට අද දක්වා මහ මගට බැස දිනා ගත් සිසු අයිතීන් බොහෝ ය. අමන තක්කඩි පල් හොර මිනීමරු පාලක පන්තියෙන් නිර්ධය ලෙස බැට කෑ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය සැමදා තම වටිනා අධ්‍යාපන අයිතිය පාලකයන්ගේ අත්තනෝමතික තීරණවලට එරෙහිව වටිනා සිසු දිවි ගණනාවක් පුදා තහවුරු කර ගත්තේ දේශන ශාලාවෙන් පිටතට පැමිණ වැඩි කාලයක් මහ මගට බැස ජීවිත පරිත්‍යාගයෙන් සටන් කිරීමෙන්ම පමණකි.

    අන්තරයත්, මහ මගත්, නිදහස් අධ්‍යාපනයත් අතර එදා සිටම පැවතියේ නොබැඳි සබඳතාවයකි. අප සිසු විරුවන් මහ මගට එළඹ තමන්ගේත්, සුවහසක් අනාගත පරපුරෙත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරද්දී, තම මග තොට ප්‍රමාදය පිලිබඳ කිසිදු තැකීමක් නොකළ දසදහස් ගණන් මව්පිය සහෝදර සහෝදරියන් විසින් ලබා දුන් සහයෝගය, අපට හුදෙක් කැටයකට දැමූ කාසියකට පමණක් සීමා වූයේ නැත.

    නමුත් අද සිදුව ඇත්තේ කුමක් ද? කලකට පෙර මෙරට පාලක පන්තියව සිට බලයෙන් පහ වූ දැන් විපක්ෂය කියා ගන්නා පිරිසක් විසින් අපට හිමි මහ මග අවුරා, මහ මගට බැස අහිංසක අධ්‍යාපන අයිතිය දිනාගත් අපගේ වේදිකාව තූ තූ කොට කෙලෙසා ඇත. සුරා සොඩුන් බමන මතින් කැරකෙමින් බල කාමයෙන් ඔද්දල්වී ගොස් අහිමි වී ගිය බලය නැවත සොයා ගැනුමට මෙලෙස මහ මගට බැස ඇත්තේ 'පාද යාත්‍රා' යන නමින් ය. මහ ජනයා මහ මග තණකොළ මිටි එල්ලමින්, යුක්තිය සාධාරණත්වය ඉල්ලූ වරදට වෙඩි කෑ නිර්ධන පන්තියේ අසරණ ජනයා හූහඬින් සංග්‍රහ කරමින් එකී පාදඩයන්ගේ යාත්‍රාවට නිසි පිළිතුරු ලබා දී ඇත.

    නමුත් අවසාන වශයෙන් සිදුව ඇත්තේ, තම අධ්‍යාපන අයිතිය තහවුරු කරගැනීමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට තෝතැන්නක් වූ මහ මග නම් වේදිකාව මේ අමනයන් විසින් කෙලෙසා තිබීමය.

    අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ, කලින් කලට පුටු මාරු කරගත් පාලක පන්තියේ පාදඩයන් අපගේ වේදිකාව කෙලෙසුවාට සමාවන්න. ඔබේත් අපේත් ඔබේ අනාගත දරුවාගේත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අප නැවත මහ මගට බසින මීළඟ දිනයේදීත් ඔබගේ ගමනට සිදු වන සුළු ප්‍රමාදය නොසලකා ඔබගේ සහයෝගය අපට අනිවාර්යයෙන්ම ලබා දෙන්න. එය අප වෙනුවෙන් නොව ඔබ හා ඔබේ සහෘද පිරිස සහ අනාගත පරපුර වෙනුවෙන් අද කරන්නාවූ මහත් වූ මෙහෙවරක් බව තේරුම් ගන්න. අපගේ මූලිකත්වයෙන් බිහිවුණු ගෝල්පේස් ගෝටාගෝ අරගලය කළ කාලේ වගේ අපට ලබාදුන් අතිවිශිෂ්ට වූ සහාය නැවතත් සුපුරුදු පරිදි අත්‍යවශ්‍ය වී ඇති බව ඔබට මතක්කරදෙන්නට ඕන බවත් අවධාරණය කර සිටිමු.

    - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

    ReplyDelete
  10. @ Chandima Gomez,

    අරගලය අසාර්ථක විය, මේ පළමු වතාව නොවීය මීට පෙර යුද්ධය ජයග්‍රහණය කිරීමට පසු 2010 මහින්ද චින්තන ඉදිරි දැක්ම ඉතාමත්ම කෙටි කලකින්ම ජනතාවට එපා වුණාම 2015 ජනවාරි අට රටකට ඕනෑ අපමණ අගයක් දෙන හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක ආරම්භය සඳහා අපද සක්‍රීය ලෙස දායකත්වය ලබා දෙමින් කටයුතු, කළ නමුත් ඉතාමත්ම ඉක්මනට මාස හයකට පමණ පසුව මෛත්‍රීපාල ජෝකර් කෙනෙක් ලෙස සමාජය තුල දැඩි ගර්හාවට සහ උග්‍ර ලෙස පිළිකුලට ලක් වී ඡන්දය දුන් කෙනෙකු සොයා ගැනීමට නොහැකි විය

    නැවත 2019 උරුලෑවෝ ගිය පාරක් සුද්ද කරන්න වැඩ කරන විරුවෙක් ගෙන ඒමට තවත් පිරිසක්ද කැප වූ අතර උන්ද වසර එකහමාරකට පමණ පසුව උන්ම ගෙනාව එකාව එලවන්න පාරට බහින්න සිදුවිය

    එහෙම ඌව එලවන්න හදපු අරගලයත් ඉතාමත්ම කෙටිම කලක් තුල ජෝක් එකක්ම විය මන්දීර අත්පත්කර ගෙන පූල් වල පැන ගොන්පාට් දැමූ දෙකයි පණහේ මීහරක් නිසා අරගලයට නායකත්වය දුන් බුද්ධිමය සංවාදයකට මැදිහත්ව සිටි තරුණ තරුණියන් සමාජ ජාල වල පෝස්ටු මකා දමා අරගලයෙන් ඈත් වූ අතර අන්තරය සහ තවත් එබඳු මීගවයන් පිරිසක් අරගලය අල කරමින් එහි නායකත්වය පැහැර ගත් අතර ඊට පසුව රනිල් වික්‍රමසිංහ අගමැති වීමෙන්ම පසු අරගලය නැත්තටම නැති විය. 1994, 2001, 2004/05, 2010,2015,2019 සහ අවසන 2022 ජනතා බලාපොරොත්තු නැවත නැවතත් බිඳ වැටීම සමග අපේක්ෂා භංගත්වය පමණක්ම බහුතර ජනතාවට උරුම විය.

    නමුත් අප එතැනින්ම නතර විය යුතුද?

    කිසිසේත්ම නැත චන්දිම රටපුරාම විවිධාකාර ලෙස සැලකිය යුතු ලෙස අසාධාරණයට ලක්වන මිනිස්සු වෙනුවෙන් අපි සාමූහිකව නැගී සිටිමු. ඔබත් නොවරදවා ම එකතු වෙන්න

    ලංකාවේ මිනිස්සුන්ට සාධාරණය ඉටු වෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ විතරක් නෙවෙයි තමන්ට අසාධාරණයක් වුණත් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග නොදන්නා නිසා එහෙමත් නැත්නම් ඇත්තටම හයියක් නැති නිසා තමන් තවදුරටත් අසරණ වේවි කියන බය නිසා නිහඬවෙනවා.

    නිහඬව අසාධාරණය විඳ දරා ගන්නවා. මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මට දවසකට කිහිපයක් ලැබෙනවා. ඔවුන් සමඟ සාකච්ඡා කරන්න, ඒවා විසඳන්න උපදෙස් දීම, අවශ්‍ය පුද්ගලයන් සම්බන්ධ කර දීම වගේම ඇතැම් අවස්ථාවල දී ක්‍රියාකාරීව මැදිහත් වීම අපගේ දින චර්යාවේ කොටසක් වෙලා.

    අපේ රටේ මිනිස්සු ගොඩක්ම අසාධාරණයට පත්වෙන්නේ දේශපාලකයන්ගේ අදූරදර්ශී වැඩ නිසා. ඊට පස්සේ රාජ්‍ය අයතනවල අකටයුතු කම් නිසා. විශේෂයෙන් ම යුක්තිය සාධාරණය වෙනුවෙන් බිහිකරපු පොලිසිය ගැන ජනතාවගේ තියෙන්නේ දැඩි අප්‍රසාදයක්. ග්‍රාම නිලධාරීවරයාගේ ඉදලා රටේ ඉහළම පරිපාලන නිලධාරියා දක්වාම ඔවුන් කරන්නේ රාජකාරියක් නෙවෙයි. තමන්ගේ වැඩක් කරගැනීම, තමන් විසින් ගොඩනගාගත්තු ප්‍රතිරූප, කුඩුම්බි ආරක්ෂා කරන එක.
    මම මාධ්‍යවේදියෙක් විදියට දැන් වසර 25කට වැඩි කාලයක් ලබාගත්තු අත්දැකීම් අතර පේන්න තියෙන දෙයක් තමයි අපි අපිම මේ රට වෙනස් නොකළොත්, දේශපාලකයන්වත්, රාජ්‍ය නිලධාරීන්වත් මේ ර‍ට හදන්නේ නෑ. වැඩි දෙනෙකුට තියෙන්නේ බඩගොස්තරවාදය විතරයි.

    ඒ නිසා අපි මේ සමාජ ජාලා සමූහය ශ්‍රී ලංකා ජන සමාජය වෙත තිළිණ කරනවා, ඒ People for People (අසාධාරණයට ලක් වූ මිනිසුන් වෙනුවෙන්) යන මේ සමූහයට ඔබත් එකතු වෙන්න.

    ඇත්තටම මේකට වස්තුබීජය වුණේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ඇති වූ සිද්ධියක්. ඒ සිද්ධිය මම ලියුවා. ඒකට ලැබී ඇති ප්‍රතිචාරවලින් පෙනී යන්නේ අසාධාරණයට ලක්වුණු අපේම සහෝදර සහෝදරියන් ඊට එරෙහිව නැගී නොසිටීම.
    මම මාධ්‍යවේදියෙක්. ඒ නිසාම වෘත්තීය අවශ්‍යතා හේතුවෙනුත්, අධ්‍යයනයේ ආශාව නිසාත් විෂය ක්ෂේත්‍ර ගණනාවක් අධ්‍යයනය කරල තියෙනවා. හැම දේකම මම ප්‍රවීණයෙක් නෙවෙයි. නමුත් යම් අදහසක් ගන්න, ඒ වගේම මාධ්‍යයෙන් ඔබට ශක්තියක් වෙන්න මට හැකියාව තිබෙනවා.

    ඒ විතරක් නෙවෙයි. අපි “මිනිස්සු වෙනුවෙන් මිනිස්සු” එකතු වෙමු. ඔබට ඔබේ සමීපතමයකුට, දන්නා හඳුනන වෙනත් අයකුට, නොදන්නාම අයකුට මේ ජන සමාජය තුළ රටේ පාලකයන්ගෙන්, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලින්, වෙනත් ආයතනයකින් අසාධාරණයක් වුණොත් ඒ ගැන මේ සමූහයට ලියන්න.

    අපි එකමුතුව නැගී සිටිමු.

    අපි හැමෝම අසාධාරණයට ලක්වන මිනිස්සු වෙනුවෙන් නැගී සිටින මිනිස්සු වෙමු.

    අපිට විවිධ මත තියෙන්න පුළුවන්, විවිධ අභිලාෂයන් තියෙන්න පුළුවන්, අපි විවිධ ප්‍රදේශවල විවිධ රටවල ජීවත් වෙනවා වෙන්න පුළුවන්

    ඒත් අපිට පුළුවන් සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත සමූහයක් හැටියට නැගී හිටින්න.

    එන්න මේ සමූශයට එකතු වෙන්න.

    මේක දේශපාලන හෝ ආගමික හෝ සංස්කෘතික හෝ අරමුණක් වෙනුවෙන් පිහිටුවන්නක් නොව මිනිස්සු වෙනුවෙන් මිනිස්සු විසින්ම පවත්වාගෙන යන්නක්.

    ඒ නිසා මනුෂ්‍යත්වය වෙනුවෙන්, උසස් මානුෂීය ගුණාංග වෙනුවෙන් අපි නැගී සිටිමු.

    එක්ව නැගී සිටිමු

    කිසිදු බේදයක් නැතිව එකම පවුලක් විදියට අපි නැගී සිටිමු. එක ම අරමුණ අසාධාරණයට එරෙහිවීමයි.

    https://www.facebook.com/groups/1015787758971628

    ReplyDelete
  11. එකම පිස්සා එක එක විදියට දාන comments ටික compile කළා නම් තව ආර්ටිකල් එකක් ලියන්න තිබුන "ඔලුව බිත්තියේ වැදුන බයියාගේ විලාපය" කියල

    ReplyDelete
  12. ප්රෝෆ්. පොඩි ටිප් එකක් දෙන්නම්. බ්ලොග් ආර්ටිකල් එකකට එකම device එකෙන් එක එක නම් වලින් comments දැම්මට ප්රෝෆ්ට email notifications එන්නේ ඒ ටික ඔක්කොම එකම email එකේ stack වෙලා.

    ReplyDelete
  13. චන්දිම මම හිතන විදිහට මිනිසුන්ව අනුන්ගේ ගේම් අවශ්‍යතාවයන් වෙනුවෙන්ම ලාභ විදියට නොමිලේම හෝ ඉතාමත්ම සුළු මුදලකින් කඩේ යවාගෙන බළළුන් ලවා කොස් ඇට බාගන්න විදියට වැඩ කරන එක හරිම කැතයි නේද?

    ලංකාවෙදී ගිය අවුරුද්දේම පැවති රෙජීමය එලවලා අලුතෙන් නව රෙජීමයක් ලෙස රනිල්ව බලයට ගෙන ඒමට පැවැත්වූ අරගලය කාලේ වගේම ගොඩක්ම වෙලාවට අනුන්ට පාවිච්චි වෙන ජීවිත ගැන වෙනමම කතා කරන්න ඕන කියල මම විශ්වාස කරනව

    මොකද මම දකින විදියට මිනිස්සු අතරේ මිනිස්සු කොටසක් ඉන්නවා. මේ මිනිස්සු කෙළවරක් නැතුව අනුන්ට පාවිච්චි වෙනවා. ආදර සම්බන්ධතා ඇතුලේ, විවාහ ඇතුලේ , යාළුවො අතර , ඥාතීන් අතර , සහෝදරයෝ අතර ...මේ මිනිස්සු හැම විටම පාවිච්චි වෙනවා.

    දැන් එතකොට එහෙම කෙනෙක් හඳුනා ගන්නේ කොහොමද ?

    බලන්න කාටහරි කරදරයක් වෙද්දී විතරක් මතක් වෙන කෙනා කවුද? ඔයාද? අනුන්ගේ හැම දේටම දුවල පැනල කැප වෙන කෙනා ඔයාද? ඔයාද අර තරුණ සිරුරක් ඇතුලේ ඉන්න Kind, caring , mature මනුස්සයා ? ඔයාද අනික් යට සතුටු වෙන්න ඉඩ දීල, සල්ලි දීල ඔයා තනියම කාමරයට වෙලා ඉන්නේ? ඔයාද අනුන්ට උපන් දින සංවිධානය කරලා ඔයාගේ උපන් දිනේට කිරි බතක් වත් හදන්න කාටවත් අමතක වෙන කෙනා?

    ඇත්තටම ඔයාද හැමෝගෙම දුකට මතක් වුනාට සතුටට මතක් නොවෙන කෙනා ?"

    " ඒ වගේම අනුන්ට කොච්චර කරත් ඔයා වෙනුවෙන් අඩුම ගානේ බෙහෙතට මුත්‍රා කරන්න වත් කෙනෙක් නැති කෙනා ?"

    " එක හුදෙකලා රාත්‍රියක දුක දරාගන්නම බැරි මොහොතක ජීවිතේ සොයුරියක් වත් නොකරන තරමට උපකාර කරපු යෙහෙළියට තමන්ට වෙහෙසයි කියන්න කතා කරහම ඔයාගේ ගැටලුව අහන්න ශිෂ්ට කමක් නැතුව " හෙට කෝල් කරන්නම් . දැන් හබී එක්ක ඉන්නේ " කියල පිළිතුරු ලබන කෙනා ඔයාද ?"

    ඔවුන් විශ්වාස කරන්නේ ඔයාට හැගීම් දැනීම් නැහැ කියල. ඔවුන් විශ්වාස කරන්නේ ඔයා සදා කාලයටම අනුන් වෙනුවෙන් නැගී සිටින රුක්ෂ ගසක් කියල. ඔවුන් මොහොතකට වත් සැක කරන්නේ නැහැ ඔබ ඔවුන්ට කරන ආදරේ, කැපවීම් ඔබටත් පෙරලා ලැබිය යුතු බව.

    මේ අවබෝධය කොතරම් කටුක වුනත් ඔබට බර වැඩි වුනත් ඔබ හිතන්නේ ..මම හැර ඔවුන්ට පිහිට මොකද්ද? ඔවුන්ට උපකාර කිරීම, ඔවුන් බලා ගැනීම මාව ශ්‍රේෂ්ට කෙනෙක්, අයිති වාසිකම පිලිබඳ හැගීමක් දෙනවා කියලයි.

    නමුත් සත්‍යය එය නොවෙයි.

    ඒ කතාව හරිම වෙනස්. එය පටන් ගන්නේ ඔබේ ළමා කාලයෙන්. ළමා කාලයේ දෙමාපියන් ආදරය, රැකවරණය , සලකීම දීල හදන දරුවෝ කොටසක් ඉන්නවා. ඒ දරුවෝ සාමාන්‍ය මිනිස්සු ලෙස හැදී වැඩෙනවා.

    නමුත් තව දෙමාපියන් කොටසක් ඉන්නවා ඔවුන් හිතන්නේ සහ දරුවන්ට ඒත්තු ගන්වන්නේ ඔවුන්ගේ ලිංගික ආශාවට හදපු දරුවා ඔවුන්ට මහා නය කාරයෙක් කියලයි. වැදීම , කිරි දීම වගේ Basic parental duties ඔවුන් හුවා දක්වන්නේ දරුවා වෙනුවෙන් කල මහා කැප කිරේම් කියලයි.

    ඒ නිසා ඔලුව යන්තම් කෙලින් කරගත් දවසේ ඉඳල මේ දෙමාපියන් දරුවාගෙන් අපේක්ෂා කරන්නේ ඔවුන්ව රක බාලා ගැනීම. මේ වගේ දරුවෝ කුඩා කාලෙම තමන්ට ඔරොත්තු නොදෙන තරම් වගකීම් දරනවා. කුඩා සහෝදරයෝ රක බලා ගන්නවා. මහා ගෑනු/ මිනිස්සු වගේ ගෙවල් වල උයන පිහන බර කුඩු මහත් වගකිඉම් ගන්නවා.

    දෙමාපියන්ගේ පරාජයන් වල බර, ඔවුන්ගේ ආවේග වල පීඩන දරනවා. ඔවුන්ට ගැහුවත් එය දරා ගන්නවා. බැන්නත් ඉවසනවා. ඒ සේරම දරාගෙන පහර කන ගොන්නු වගේ දිගටම බර ඇදගෙන දෙමාපියන් සහ අවට හැමෝම රක බලා ගන්නවා.

    මෙවැනි දෙමාපියන්ගෙන් බොහෝ විට මොනවා කරත් ස්තුතියක්, අවධානයක් , හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ. එකම දේ අඩුවක් පාඩුවක් පමණයි දරුවට ඇහෙන්නේ. විවේචනයක් තමා ස්තුතිය වෙනුවට පෙරලා ලැබෙන්නේ. නැත්නම් වරද කාරී බවක් තමා පුංචි හිතේ ඇති කරන්නේ.

    මෙන්න මේ දරුවෝ ලොකු වෙලා අර පුංචි සිරුරේ ඉන්න පරිනත කෙනා වෙනවා. තමන්ට නොලැබුණු ආදරේ වේදනාව ඔවුන් මුදා හරින්න පෞර්ෂය ගොඩ නැගෙන්නේ අනුන්ට උපකාර කරන කෙනා, හොඳම කෙනා ලෙස reward ලැබීමෙන්. ඔවුන් කෙළවරක් නැතුව පාවිච්චි වෙනවා.

    මොවුන් මේ පාවිච්චිය සහ ප්‍රතික්ෂේපය ගැන ඉන්නේ කනගාටුවෙන්. නමුත් යමක් වැරදි බව වටහුනාට මොකද්ද කොතනද වැරදි කියල වැටහෙන්නේ නැහැ. ඔවුන් බොහෝ විට මේ දෙමාපියන් අතින් විවේචනයට අධිකව ලක් වුනු නිසා අඩු ආත්ම විශ්වාසය ඇති අය.

    ඒ නිසා දරුවෝ ඉන්න දෙමාපියන්ට කියන්න තියෙන්නේ...අනාගතේ පාවිච්චි වෙන , පීඩනයෙන් ඉන්න මනුස්සයෙක් නොහදා ඉන්න නම්...දරුවාට ළමා කාලයේ ලැබිය යුතු ආදරේ දෙන්න. සැලකිල්ල දෙන්න. දරුවෝ ඔබ පාරේ යද්දී ඇඟේ එල්ලෙන්නේ නැහැ. ඔබේ කාමාශාව නිසා ඔබ ලිංගිකව හැසිරිලා වදන දරුවන්ට ආදරය දීම , සැලකීම ඔබේ යුතුකමක් නෙවේ වගකීමක්. මම ආයේ කියනවා " වගකීමක්".

    ReplyDelete
  14. ගෝමස් මහත්මයා මොකද හිතන්නේ ලංකාවේ දරුවන් දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති කාරණය සහ රජයේ පාසල් වල දරුවන් මැයි පහ අද දින ගෝල්පේස් එකේ වෙසක් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් කරන්න යොදා ගැනීම පිළිබඳව? මෙය රාජ්‍ය බලහත්කාරකමක් නොවේද?

    ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය අංගයක් බවට පත් කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ උපදෙස් මත පදනම්ව නව සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මාධ්‍ය වලට පවසා ඇති අතර ලංකාවේ 2023 වෙසක් මහෝත්සවයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට මෙම පියවර ගත් බවත් මෙම වැඩ පිළිවෙළ අනුව දහම් පාසැල් නොයන දරුවන් හඳුනා ගෙන ඔවුන් දහම් පාසල් වෙත යොමු කිරීමට ද අවධානය යොමුව ඇති බවත් රජයේ අදහසයි

    මීට කදිම සහායක් ලබා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළ යුතු වැදගත් කරුණක් වන්නේ අද වන විට රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමටත් වඩා මහජනතාවගේ අධ්‍යාත්මික ආගමික ජීවිතය දැඩි ලෙස කඩා වැටී ඇති බවත්, එමෙන්ම සර්ව ආගමික මධ්‍යස්ථානවල අභිවෘර්ධියටද කටයුතු සිදු නොවන වාතාවරණයක් ගොඩනැගී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය හරහා පවසයි.

    මෙවන් තත්ත්වයක් තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මෙහෙයවන “සසුනට අරුණ” අති පූජනීය අති දැවැන්ත ආගමික පුනර්ජීවන වැඩසටහන තුළින් ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් වල පවා ඇති බෞද්ධාගමික සිද්ධස්ථාන අලුත්වැඩියා කිරීමත්, කතෝලික සභාවේ කිතුණු මඟට සවියක්, මස්ජිදක පුදුකුලිව්, ධර්මතින් ඔලි වැනි වැඩසටහන් තුළින් අනෙකුත් ආගමික සිද්ධස්ථාන සුරක්ෂා කිරිමට විපක්ෂයක් ලෙස දැවැන්තම මෙහෙයුමක් දියත් කර කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා මාධ්‍ය මගින් මේක ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
  15. ආචාර්ය චන්දිම කොරෝනා නැත්නං Covid-19 ‍වෛරස පැතිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබූ ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වය අද නිල වශයෙන් අවලංගු කර තිබෙනවා. ඒ අනුව නිල වශයෙන් Covid-19 තවදුරටත් ලෝක වසංගත තත්ත්වයක නැහැ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි හදිසි කමිටුව අද එහි Covid-19 පිළිබඳ 15 වන රැස්වීමේදී වසංගතය පිළිබඳව සාකච්ඡා කළ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus ජාත්‍යන්තරව පිළිගත් මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වය අවසන් කළ යුතු බවට එකඟ වුණා.

    වසරකට වැඩි කාලයක් තිස්සේ වසංගතය පහත වැටීමේ ප්‍රවණතාවක පවතින බව ටෙඩ්‍රොස් අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.

    2021 ජනවාරි වන විට වෛරසයේ මරණ අනුපාතය සතියකට පුද්ගලයින් 100,000 කට වඩා වැඩි වුණා. නමුත් 2023 අප්‍රේල් 24 වන දින එහි මරණ ප්‍රමාණය 3,500 කට වඩා අඩු වී ඇති බව බලධාරීන් ප්‍රකාශ කළා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ අවම වශයෙන් මිලියන හතක ජනතාවක් වසංගතයෙන් මිය ගිය බවයි. මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මොකද ලංකාව තුල තවමත් විවිධාකාර වෛරස් උණ රෝග රාශියක්ම පවතිනවා සමහර ඒවා ඉතාමත්ම කරදරකාරී ඒවායි ඒ නිසාම මේ ගැන ඔබ කියන කතාව අහන්න කැමතියි, ඒ වගේම වැක්සීන නිසා බොහෝ දෙනෙකුට විවිධාකාර අතුරු ආබාධ සහ නැති ලෙඩ රෝග ඇතිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව දැනගන්න ඕන විශේෂයෙන්ම ඇමෙරිකානු ෆයිෂර් වැක්සීන ඉතාමත්ම භයානක හානිදායක එකක්ම බව බොහොම දෙනෙකුගේ අත්දැකීම විය. එය යම්කිසි ආකාරයක උගුලක් ද දන්නේ නැත.

    ReplyDelete
  16. Chandima Gomes දන්නවද මෙල්බන් සිට කටුනායක ආ ශ්‍රීලංකන් ගුවන්යානය අයහපත් කාලගුණය පිට දමා මත්තලට යවයි! මගීන් අශෝක් ලේලන්ඩ් බස්වලින් කොළඹට ගෙනත්? මේකට විරෝධතාව සංවිධානය කර දූෂිත රනිල් රාජපක්ෂ පාලනය එලවා දැමීමට පියවර ගත යුතුයි.

    ReplyDelete
  17. @ Chandima

    ඔබ මෙහි ලංකාවේ පැවති අරගලය ගැන කතා කරන නිසා අරගලයේ තිබූ අනන්‍යතා අර්බුදය ගැන ඉතා මැනවින් හදාරා ඇති විපුල කරුණාරත්න සහ සමබිම පක්‍ෂයේ දීප්ති කුමාර ගුණරත්න ඉතා වැදගත් කෙටි සාකච්ඡාවක් කරනවා මේක බලන්න පොඩ්ඩක්

    https://m.youtube.com/watch?embeds_euri=https%3A%2F%2Fkolambagamaya.blogspot.com%2F&source_ve_path=MTY0OTksMjg2NjQsMTY0NTA2&feature=emb_share&v=MUkYjw9qSV4

    ඒ වගේම ඔබ රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීම ගැන මොකෝ කියන්නේ? ගෝටා පමණක්ම ගෙදර යැවූවත් ඔහූට වඩා නරක අනිත් රාජපක්ෂ කල්ලියේ අපතයන් ගෝටා යටතේ තිබුණාටත් වඩා වත්මන් රජය තුල බලවත්ව ඇති අතර සරල කරුණ නම් තවම රාජපක්ෂ ලානේ බලයේ ඉන්නේ වක්‍රව, මේකේ කියන කතාවත් ඇත්ත

    https://m.youtube.com/watch?v=Hde4Q45xZ2Y

    ඔබ අපට වඩා වයසින් ඉහල වැඩිහිටියෙක් නිසා දන්නවා ඇති මේකම 1971 ත් වුන 1987-89 ත් වුන බව, අපිත් තේරුම් අරගෙන තියෙනව ඒක. ඒ තරුණ පරම්පරාවත් ඔහොම තමයි හිතාගෙන ඉඳල තියෙන්නේ පස්සේ ඒඅයටත් යථාර්ථය අවබෝධවී තිබෙනබව හිතන්න පුලුවන. ඒ ගොල්ලොත් දැන් නාකි වෙලා. සමහර අය වෙනතකට යොමු වෙලා ඉන්න බව පේනවා.

    මේ පෝස්ටුව තුල ඉතාමත් විවාදාත්මක දේවලුත් තියෙන බව ඇත්ත විශේෂයෙන්ම දේශපාලුවන්ගේ හැටි මුන් ඔක්කොම දන්නවා. ඒත් චන්දෙ දෙනවා. දන්නවද චන්දිම මමත් මුල් කාලයේ අරගලයේ හිටි බව. මමත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අය සමග මුලින් ගියා. පසුව ජවිපෙ සහ සජබ , යූඇන්පී අය සමගත් එකතු වුනා. හුඟක් පොහොට්ටු අයත් ආව. මම ගියේ මම නිර්ධන පන්තියේ හින්ද නෙමේනේ. අනිත් අය විඳින දුක දැකල , පෙට්රෝල් නැතිව, කෑම එක පාරටම ගණන් ගිහින්, මමත් මධ්‍යම පන්තියේ. මධ්‍යම පන්තියේ ඔයත් අරගලයට ගියේ ඒ නිසා නෙමේද? ඒකෙ නෙමේනේ වැරැද්ද තියෙන්නේ. අරගලයට නායකත්වය දුන්අයගේ නේ. මම ගිය දෙවෙනි දවසේ යුඇන්පී /සජබේ සෙට් එකක් සමග හිටි වෙලේ තේරුණා එතැන හිටි බොහෝ දෙනෙකුට ඇති පෞද්ගලික ආශා . අර වගේම අහවල් සංස්ථාව, අහවල් අරක, අහවල් මේක සජිත් හරහා ගන්න හැටි, සජිත්ව කොපමන අඳුනනවද , අහවල් කෙනාව කොපමණ අඳුනනවද වගේ දේ. මම හෙමින්ම මාරු වුනා. ඉන්න සෙට් එක වගේම තව සෙට් එකකට දෙන්න දායක වෙන්න මට කොහොමත් ඕනේ නැති නිසා. අන්තිමට දන්නවද සජිත් අගමැති පදවිය ගත්තේ නැති එකට ඒ සමහර අය කොපමණ විස්සෝප වුනාද කියල?

    පෙරටුගාමින් අරගලය පටන් ගත්තේ ඔතන නෙමේනේ? ඔයිට කලින් ඉඳන්. අන්තරේ අරගල වල හිටිය ඔයිට කලින් ඉඳන්නේ., උන් පාරවල් වහන කොට කෑ ගහපු එවුන් එක පාරට අන්තරේ බදා වැළද ගත්ත. දන්නවද දැන් සමහරු ආයි උන්ට බනිනවා? ඇයි ඒ ? දැන් අහනවා රනිල්ගේ ප්‍රයෝගික වැඩ පිළිවෙල ගැන? අරගලේ හිටිය පක්ෂ වල - ජවිපෙ/පෙසපේ/සජබේ ප්‍රයෝගික වැඩ පිළිවෙල කියල මොකද්ද තිබ්බේ? මට තේරිච්ච විධිහට පොල්පොට් වාදයක් නම් තිබ්බ දෙතුන් දෙනෙක් ළඟ - ඒක තමයි ඔය කියන අර්බුදයට හරිහමන් උත්තරයක් තිබුණේ නෑ කාටවත්

    ඕක නං හරියන්නෙ නෑ, ඔන්න ආයෙ යනවා නාන්න" කියල දොස්තර හොඳහිත එකේ "චව් චව්" වගේ. අඩුම ගානෙ මුදලාලි ලමයගෙ කස්ටිය( යටි අරමුණු තියෙන්නෙ ඇති) අරගලයේ හිටිය. අන්‍රයියා පස්සෙ ගැන්සිය බස්සල පස්සෙ ලිස්සල ගියේ කොහොමද, මුදලාලි ලමයව විතරක් කූඩු කලේ ඇයි වගේ ප්‍රශ්ණ

    දැන් අරගලයේ හිටපු අය අටවන ජනපති රනිල් එක්ක එකතු වීම ගැන මොකද කියන්නේ?

    මට නම්කියන්න තියෙන්නෙ, අල්තයීර් අන්තිම ලිපියෙ ලියපු දේ තමා:
    https://www.economyhub.info/2023/04/19/a-founding-member-of-the-gallumudoora-struggle/

    හැබැයි හැමෝමදන්න විදියට ගෝඨාභය යන විට ඔහු ඕනෑම පුළුවන් කෙනෙක්ට රට බාරගන්න කිව්වම අන්‍රයියයි, පුටානොයි ලිස්සුව වෙලාවේ ඇපෙත් නැතුව, වැලේ වැල් නැතුව රනිල් ඉදිරිපත් වුනා. මම රනිල්ට අකමැති වුනත්, මේකත් කියන්න ඕනෙ. රනිල් බාර ගත්තෙ "දේශපාලන සියදිවි නසාගැනීමක්". රනිල්ගෙ පැවැත්මට, පරන හොරුන්ගෙ උදව් ඕනෙ. ඒ නිසා "මොකක්ද ඇති වැඩේ, පරන හොරු ටිකනෙ ආයෙ ආවෙ" වගේ කතා, ඊළඟ මැතිවරණය තෙක් වැඩක් වෙන්නෙ නෑ. ප්‍රජතන්ත්‍රවාදී රාමුවෙන් පිට "ජනතා රජයක්" වගේ එව්වා, ලස්සන වචන වුනාට ප්‍රායෝගික නෑ. රනිල් උනත් පිටින්ම ලැබෙන උපදෙස්වලට අනුව වැල යන අතට මැස්ස ගහනව හැර පොරට කිසි පැහැදිලි ආර්ථික වැඩ පිලිවෙලක් නැති බව ඇත්ත.

    මෙතනින් මේක ඉදිරියට ගෙන යා හැකිද? එසේනම් ඒ කුමන අයුරකින් ද?

    ReplyDelete
  18. ආචාර්ය ගෝමස් මහත්මයා ලංකාවේ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක මහාචාර්ය සුනන්ද පවසන මෙම අදහස් පිළිබඳව ඔබ හිතන්නේ කුමක්ද? ඔබ මේ කතාවට එකඟයි ද?

    උපුටා ගැනීම

    //හිටපු අමාත්‍ය විමල් වීරවංශයන් විසින් රචිත ලංකාවේ පැවති ගෝල්ෆෙස් අරගලය පිළිබඳව ග්‍රන්ථයක් නොබෝදා ප්‍රකාශයට පත්කරනු ලැබීය. තවත් කිහිප දෙනකු අරගලය නමින් ක්‍රියාත්මක වූ බව කියන සැබෑ සිදුවීම් පිළිබඳ කෘති ගණනාවක්ම රචනා කර ඇති බව කියවෙන නමුදු තවමත් ඒවා ප්‍රකාශයට පත් වී නැත. ඉදිරියේදී එම කෘති නිකුතුව සමග මේ ගැන වඩාත් පුළුල් සමාජ දේශපාලන කතිකාවතක් ඇරඹෙනු ඇත.

    වීරවංශයන්ගේ කෘතිය ප්‍රකාශයට පත් වී දින කිහිපයකට පසු ඒ පිළිබඳව විවිධාකාරයේ ප්‍රතිචාර ඉදිරිපත් වූ අතර, ඒ තුළින් පැහැදිලි වන්නේ මේ වන විටත් මෙම කෘතිය ලංකාවේ සමාජයේ බොහෝ දෙනකුගේ දැඩි අවාධානයට ලක් වී ඇති බවයි.

    මුලින්ම මෙම පොත සඳහා ප්‍රතිචාර ලැබුණේ රජයේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි. ජුලි 9වැනි දින අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුල්වන අවස්ථාවේ එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඉන්දියාවට ගොස් සිටීම සැක සහිත යැයි වීරවංශයන් කර ඇති ප්‍රකාශය වැරදි බවත් ඔහු ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ සම්මන්ත්‍රණයකට සහභාගී වූ බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිචාරය විය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙය තහවුරු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.

    මේ අතරම මෙයට එරෙහිව කතා කළ ශ්‍රී ලංකාවේ අමෙරිකා තනාපති ජුලි චන්ග් මහත්මිය තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වීරවංශගේ කෘතිය ප්‍රබන්ධයක් බව සඳහන් කර ඇත. සරත් ‍ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් ‘අපේ සපත්තු ලෙව කෑ කැහැටුවංශ හමුදාපතිවරුන්ට මෙම පොත මගින් මඩ ගසන බව‘ ප්‍රකාශ කළේය.

    තවත් බටහිර හිතවාදී ස්ථාවරයක සිටින ලාකික සති අන්ත පුවත්පතක් සඳහන් කර තිබු‍ණේ ‘චීනය ඉදිරියේ තබා ගෙන අමෙරිකාවට බනින වීරවංශගෙන් තවත් පච පොතක්’ වශයෙනි. එම ප්‍රතිචාර දැක්වූ පුද්ගලයන් සහ ඔවුන් දරන තනතුරු මෙන්ම ප්‍රතිචාර පළ වූ පුවත්පත් දෙස ද බලන විට පැහැදිලි වන්නේ පොත පිළිබඳව දැනටමත් ඔවුන්ට මහත් හිසරදයක් ඇති කරමින් ලාංකික සමාජයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බවය.

    මෙම කෘතියේ අඩංගු වන කරුණුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව මම කිසිවක් ප්‍රකාශ නොකරමි. ඊට හේතුව ඒවා කොතෙක් දුරට ඔප්පු කර හැකි සාක්ෂි මත ගොඩ නැගී තිබේ ද යන්න මා නොදන්නා බැවිනි.

    එසේ වුවද රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසකට නායකත්වය ලබා දෙන පක්ෂයක නායකයා වශයෙන් ද රටේ ඇමති ධුර ඇතුළු විවිධ තනතුරු හොබවා ඇති අත්දැකීම් සහිත නායකයකු ද වන වීරවංශයන් හෙළි කර ඇති තොරතුරුවලින් එම තීරණාත්මක මොහොතේ දී අද ජනාධිපති ධුරය දරන රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව හඳුනා ගැනීමට ලැබෙන බැවින් ඒ සඳහා වීරවංශයන් විසින් ආධාර කර ගෙන ඇති තොරතුරු පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයකට යාමට ඇති හැකියාව පිළිබඳව මම උනන්දු වූයෙමි. මේ හුදෙක් මෙම කෘතියේ පළ කර ඇති සිදුවීම්, අදහස් හා මතවාද පිළිබඳව විමසුමක් පමණි.

    වීරවංශයන් අරගලයේ විකාශය පිළිබඳව කර ඇති විස්තරය මේ ආකාරයට ලු‍හු කර දැක්විය හැකිය.//

    Cont'd

    ReplyDelete
    Replies
    1. "අරගලය යනු බටහිර රටවල විශේෂයෙන්ම අමෙරිකාවේ වුවමනාව මත ක්‍රියාත්මක වූවකි. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් එහිදී විශේෂ භූමිකාවක් ඉටු කළාය.

      ගෝඨාභය මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමට සුදානම් වන විට ඉන්දියාව අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් පහ කරන ලෙස ද ඉල්ලීමක් කළ නමුදු ගෝඨාභය එය නොපිළිගත් නිසා ඔහු සමග අමනාප විය. මුලින් ගෝඨාභයට රටින් පිට වීමට ගුවන් යානයක් ලබා දෙන බවට ඉන්දියාව පොරොන්දු වූ නමුදු එම සිදු වීමෙන් පසු ගුවන්යානයක් ලබා නොදුන්නේය. ගෝඨාභය රාජපක්ෂයන්ට ජනාධිපති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය සමග රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ද අත්සන් තබන ලෙස බලපෑම් එල්ල වූ නමුත් ගෝඨාභය මහතා ඊට එකඟ වූයේ නැත.

      ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා අස්වීමේ ලිපිය සහ අගමැති පහ කිරීමේ ලිපියත් ගෝඨාභයට යැවුව ද අත්සන් කරන ලද්දේ අස්වීමේ ලිපිය පමණි. ගෝඨාභය අස්වීමෙන් පසු රාජ්‍ය නායකත්වයේ වගකීම භාර ගන්නා ලෙස ජුලි වන්ග් ඉන්පසු කථානායකවරයාගෙන් ඉල්ලා සිටි නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ සඳහා කිසිදු ඉඩක් නොමැති බව කථානායකවරයා ජුලි චන්ග්ට දන්වා ඇත.

      අනපේක්ෂිතව තම නිල නිවසට පැමිණි ජුලි චන්ග් පිටව යාමෙන් පසු නිල නිවසේ රැඳී සිටීම අනතුරු දායක බව අවබෝධ කර ගත් කථානායකවරයා රනිල් වික්‍රමසිංහට කතා කර එම තත්ත්වය දැනුම් දීමෙන් පසු අගමැතිවරයා සිටි හමුදා කඳවුරට පැමිණෙන ලෙස දන්වා ඇත. ඔහු එහි යන විට අගමැතිවරයා විඩියෝ දර්ශන මගින් තමන්ගේ නිවස ගිනි ගන්නා අයුරු බලා සිටියේය.

      එය නවත්වන ලෙස ඊට පෙර හමුදා නිලධාරීන්ට දුන් නියෝග නොපිළිගෙන ඇති බව දැනගෙන අගමැතිවරයා එම ස්ථානයෙන් පිට වී ගියේය. කථානායකවරයාට තවත් හමුදා කඳවුරක නවාතැන් ලැබුණු අතර, එහිදී හමුදාපතිවරයා රනිල් වික්‍රමසිංහට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දෙන මෙන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. කථානායක එය ප්‍රතික්ෂේප කළේය.

      රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව වැටලීමට ජනතා විමුක්ති පෙරමුණ සහ සමහර අරගලකරුවන් උත්සාහ කළ ද රනිල් එය මර්දනය කළේය. ඉන්පසු ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ද මුදා ගනු ලැබීය. ජුලි චන්ග් මේ සෑම අවස්ථාවක දීම ඒවාට එරෙහි විය. ප්‍රකාශ නිකුත් කළේය. එහෙත් රනිල් අගමැති ධුරයෙන් පහ කිරීමට හෝ ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීමට ඇයට නොහැකි විය.

      ඒ තුළින් Plan A අසාර්ථක වූ අතර ශ්‍රී ලංකාව අන්ත අසරණ සහ අස්ථාවර රටක් බවට පත් කිරීමේ බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ විසින් අක්‍රීය කරනු ලැබීය. ඉන්පසු IMF ආධාර ලබා දීමේ පොරොන්දුව මත රනිල් ඇමෙරිකානු ග්‍රහණයට නතු කර ගෙන විවිධ පොරොන්දු ඔහු ලවා ලබා ගනිමින් රට තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටි.

      ලිබියාව සහ ඉරාකය මෙන් හෝ මයිදාන් මෙහෙයුම ඔස්සේ යුක්‍රේනයේ ඇති කළ ආකාරයට අරගලය ඔස්සේ ශ්‍රී ලංකාව විනාශ කිරීමට නොහැකි වූයේ පුද්ගලයන් තිදෙනකුගේ ක්‍රියාකලාපය හේතුවෙනි. ගෝඨාභය, රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කිසිසේත්ම එකඟ වුයේ නැත. මහින්ද යාපා ක්‍රමන්ත්‍රණකරුවන් විසින් බිහි කිරීමට බලාපොරොත්තු වූ රජයක ප්‍රධානියා වීම ප්‍රතික්ෂේප කළේය.

      රනිල් අරගලකරුවන්ගේ සහ ජුලි චන්ග්ගේ විරෝධතා නොතකා වැඩබලන ජනාධිපති ධුරයත්, ජනාධිපති ධුරයත් භාර ගත්තේය. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට ඉඩ නොදී ඒ වන විට අල්ලා ගෙන සිටි ස්ථානවලින් අරගලකරුවන් ඉවත් කළේය. එසේ නොවන්නට අද ශ්‍රී ලංකාව ලෙබනනය හෝ යුක්‍රේනය මෙන් විනාශයට පත් වනු ඇත."

      වීරවංශයන් විසින් තම කෘතිය තුළින් හෙළි කර ඇති තොරතුරුවල සාරාංශය එය වේ.

      Delete
    2. කෙසේ වුවද වීරවංශ සමහර දේවල් තම කෘතියට ඇතුළත් කර නැත. ඇමෙරිකන් තානාපතිනිය දිගින් දිගටම අරගලයට පක්ෂපාති වන අයුරින් සහ එය මර්දනය කිරීමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරද්දී රනිල් වික්‍රමසිංහ ඉතා තද ප්‍රකාශයක් නිකුත් කළ බව ඉන් එකකි. ඔහු තනාපතිවරුන් ද සිටින රැස්වීමක දී ප්‍රකාශ කළේ ඇමෙරිකානු රජයේ කැපිටල් ගොඩනැගිල්ල විරෝධතාකරුවන් විසින් අල්ලා ගෙන සිටිය දී ඔවුන් බැහැර කිරීමට ඇමෙරිකන් රජය කටයුතු කළ ආකාරයෙන්ම තමන් ද රජයේ ගොඩනැගිලි වලින් අරගලකරුවන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

      සාහසිකයන් විසින් තමන්ගේ නිවස ගිනි තබද්දී ඒ පිළිබඳ නිවේදන කිසිවක් නිකුත් නොකළ ඇමෙරිකන් තානාපතිවරිය අරගලකරුවන්ට එරෙහිව කුඩා පියවරක් ගැනීමේ දී පවා නිවේදන නිකුත් කිරීම පිළිබඳ ඔහු විමතිය ප්‍රකාශ කළේය. ඉතිහාසය පරීක්ෂා කරන විට රනිල්ගේ එම තද ප්‍රකාශයෙන් පසු ජුලි චන්ග් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළැකී සිටි ආකාරය පැහැදිලි වනු ඇත.

      ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස්කරුවා ඇමෙරිකාව බව සැබෑවකි. එහෙත් එහි දෙවැනි සහ තුන්වැනි ප්‍රධාන කොටස්කරුවන් වන්නේ ජපානය සහ චීනයයි. සාමාජික රටවල් සෑම එකකටම IMF කොටස් හිමිකම ලැබී තිබේ. එබැවින් ඇමෙරිකාවට අවශ්‍ය ආකාරයට එය දේශපාලනය සඳහා භාවිත කළ නොහැකිය.

      2010 යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ රජය IMF ණය ඉල්ලා සිටි විට ඇමෙරිකාව එය වැළැක්වීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. ශ්‍රී ලංකාව මීට පෙර 16 වතාවක් IMF වලින් ණය ලබාගෙන ඇත. ඒ එකදු අවස්ථාවකවත් ඇමෙරිකාවට යටත්කර ගැනීමට හැකි වූයේ නැත.

      IMF ණය ගිවිසුමේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධ කිසිදු කොන්දේසියක් නැත. මැතිවරණ පැවැත්වීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුද අපරාධ පරීක්ෂා කිරීම ආදිය සම්බන්ධ කොන්දේසි ඇතුළත් කිරීමක් සිදුව නැත. ඇමෙරිකාව IMF හරහා ශ්‍රී ලංකාව තමන්ට ඕනෑ කරන ආකාරයට පාලනය කිරීමට කටයුතු කළේ නම් එවැනි කොන්දේසි බොහොමයක් ඊට ඇතුළත් කරනු ඇත.

      වීරවංශ තම කෘතියෙන් ඉදිරිපත් කර ඇති කරුණු තහවුරු කිරීමට තවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදු වනු ඇත. හමුදාපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හිටපු ආරක්ෂක ප්‍රධානියකු කටයුතු කළ ආකාරය පරීක්ෂා කිරීමට බලතල ඇති කොමිසමක් පත් කරන ලෙස ඔහු එම කෘතියේ ඉල්ලා ඇත.

      එසේම කථානායකවරයා පිළිබඳව ඔහු සඳහන් කර ඇති කරුණු එසේ නොවන බවට කථානායකවරයාගෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව ද වීරවංශයන් සඳහන් කර ඇතත් මේ වන තුරු කථානායකවරයාගෙන් එවැනි නිවේදනයක් නිකුත් වී නැත. එවැනි තත්ත්වයක් තුළ පැහැදිලි වන්නේ වීරවංශ විසින් ප්‍රකාශ කර ඇති අරගලය පිළිබඳ විකාශය සහ එහි අවසානය වීරවංශ විසින් පවසා ඇති ආකාරයටම සිදු නොවුණ ද ඒ අනුසාරයෙන් සිදු වන්නට ඇතැයි යන්නයි.

      මෙම කෘතිය විමර්ශනාත්මකව කියවන කෙනකුට පැහැදිලි වන්නේ ගෝඨාභය නික්ම යෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ අනුගමනය කළ පිළිවෙත නොවන්නට ශ්‍රී ලංකාව ද ඉරාකය, ලිබියාව වැනි අරාබි වසන්තයට අසු වූ රටක් බවට පත් වීමට ඉඩ තිබුණු බවය. විමල් සමහර තොරතුරු ඇතුළත් නොකිරීමෙන් ද සමහර ක්‍රියාකාරකම් හෙළි නොකිරීමෙන්ද රනිල්ගේ එම භූමිකාව අඩු තක්සේරුවකට ලක් කිරීමට උත්සාහ කර ඇතත් ඔහුගේ කෘතිය තුළින් ඔහුටත් නොදැනීම එය ඉහළින්ම ඇගයීමට ලත් වී ඇතැයි සිතමි.

      මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
      – Lankadeepa

      Delete
  19. ගෝමස් ගියේ නැද්ද අපගේ තුන්වන චාල්ස් මහරජතුමා බැහැදකින්න?

    ReplyDelete
  20. හිතවත් චන්දිම,ටිකක් වෙනස් කාරණයක් තියෙනවා ඔබෙන් විමසීමට, ඇත්තටම මම මෙච්චර කල් ශාප වගේ සංකල්ප කිසිසේත්ම විශ්වාස කළේ නැහැ.

    හැබැයි අරගලයේ සක්‍රීය චරිත අවුරුද්දක් ඇතුලත මුහුන දීපු ඉරණම බැලුවම මොනවා හරි ශාපයක් නැහැයි කියන්නත් බැහැ. ඔබ එහෙම දෙයක් දකිනවාද? සමහරු කියන විදිහට නන්දසේන ගොයියා රුවන්වැලිසෑය වඳින්නට ගිහින් ඌ අවංකවම වැඩ කරපු බවත් තමන්ට විරුද්ධව වුණේ කුමන්ත්‍රණයක් බවත් කියලා තමන්ට විරුද්ධව කටයුතු කල අයට නිසි දඬුවම් ලැබේවා කියල සත්යක්රියාවක්ද මොකක්දෝ අමුතු මගුලක් කරලා තියෙනවා කියලා කටකතාවක් ලංකාවේ ඉන්න යාලුවෙක් එක්ක වට්ස්ඇප් කෝල් එකක් ගනිද්දී මට කියුවේ මීට මාස එක හමාරකට විතර කලින්, එතකොට මට හිනා ගියා මම හිතුවේ කාලකන්නි මෝඩ බයියන් කියන ගොන් හැත්ත හිතන් ඉන්නේ එහෙම ඒ නිසාම " බයියන් ගේ සිත නිවන කතා තෝත් විස්වාස කරනවා ද කියලා" මගේ යාලුවාටත් මම බැනලා නෝන්ඩි කරා, හැබැයි දැන් බලාගෙන යනකොට මොකක් හරි එහෙම සීන් එකක් නැත්තේම නෑ වගේ කියලත් හිතෙනවා වෙලාවකට

    අනිත් අතට, මේ දේවල් අරගලය ගැන තව වැදගත් දෙයක් කියනවා. බලාගෙන යනකොට අරගලයේ ඉස්සරහම ඉදලා තියෙන ඇතැම් කැපී පෙනෙන්නට වැඩ කරපු චරිත සාමාන්‍ය, නිරෝගි මිනිස්සුම නෙවෙයි, යම් යම් මානසික අසහනකාරී හෝ අසංකීර්ණතා වලින් පීඩා විඳිමින් සිටි කට්ටිය කියලා හිතෙනවා වෙලාවකට, උදාහරණයක් විදියට මෙන්න මේක බලන්න......

    https://www.facebook.com/100044399865102/posts/pfbid0G8m21pKwZJfcJuBW61XWD2hpDBbdXQffNcHKRi8wfih6rrT6mayLuTJP2BQVxht3l/?app=fbl

    ඔබට මේ ගැන විශ්ලේෂණයක් ඉදිරිපත් කළ හැකි නම් ගොඩක් හොඳයි.

    ReplyDelete