Friday, 7 April 2023

මැලේසියාව නුඹ

 


මැලේසියාව මම නුඹට ආදරය කරමි

කියා දුන් නිසා නුඹ
ඉහලට මෙන්ම පහලටද ගරු කරන අයුරු
දුර්වලයා අත් නොහැර සමුහය සමග ඇදගෙන යන අයුරු
සියල්ලන්ට සමව සලකන අයුරු
සහෘදයන්ගේ දුර්වලතාවයන් ඉවසන අයුරු
තමන්ගේ එකෙක් විපතට පත්වන විට පිහිට වන අයුරු
සැමගේ ශක්තිය මතින් සැම ඉහලට යන අයුරු
වෙනස් මිනිසකු විය ඔබ නිසා මම
සහෝදරත්වය අගයමි සැමට ඉහලින්
ඔබ නිසා මම
ආදරය කරමි ඔබට ජිවිතයේ යථාර්තය පහදා දුන් නිසා ඔබ
ආදරෙයි මැලේසියාව ඔබට සදා මම

5 comments:

  1. වැඩියෙන් වරප්‍රසාද කියෙන්නේ මැලේ දෙමළාටද? ලංකා දෙමළාටද?

    ReplyDelete
    Replies
    1. @ Anonymous 1.03

      Theoretically ලංකාවේ දෙමළ ජනතාව විශේෂයෙන් උතුරේ දමිළ ජනයාට සුවිශේෂී වරප්‍රසාද භුක්ති විදින්නට පුළුවන් ලංකාවේ නීතිය අනුව, කොටින්ම කියනවා නම් තේසවලමෛ නීතිය අනුව එම ජනයාගේ ඉඩම් පවා වෙනත් ජනවර්ග වල අයට මිලදී ගැනීමට නොහැකියි අනිත් එක උතුරු නැගෙනහිර පළාත් වල අධිකරණ භාෂාව දමිළ පමණයි ඉංග්‍රීසි පවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් අවශ්‍ය නම්, මේ ගැන ජාතිවාදී සිංහල අන්තවාදීන් නොවන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු වැනි නීතිඥ වරු බොහෝ දෙනෙක් පෙන්වා දී තිබෙනවා, මේ වගේ නීතිමය වශයෙන් ඉතාමත් අසාධාරණ ලෙස එම ජනතාව සඳහා ආවරණයක් තියෙනවා නමුත් ප්‍රායෝගිකව ලංකාවේ උතුරේ වරප්‍රසාද ලත් ප්‍රභූන් මේවායින් උපරිම වශයෙන් ප්‍රයෝජන ලබා ගත්තත් සාමාන්‍ය දමිළ ජනයා පරම්පරාගත පීඩනයෙන් පෙළෙන බව ඉතාමත් පැහැදිලියි මේ පොඩි වීඩියෝ ක්ලිප් එක බලන්න නාගානන්ද කෙටියෙන් තේසවලාමේ සහ දමිළ ජනයා පරම්පරාගත ලෙස විඳින පීඩා ගැන ඉතා කෙටි පැහැදිලි කිරීමක් කරනවා


      https://www.facebook.com/vinividafoundation/videos/946842803164949/?app=fbl


      නමුත් මැලේසියාවේ දමිළ ජනයා ලංකාවේ අයට සාපේක්ෂව ආර්ථික දේශපාලනික වශයෙන් වැඩි අවස්ථාවන් හිමිකර ගෙන තියෙනවා ඒ ලංකාවේ වගේ වෙනම ප්‍රාදේශීය ගෝත්‍රික පක්ෂ හදා නොගෙන ප්‍රධාන ධාරාවේ දේශපාලනික සහ ආර්ථික ප්‍රවාහයට එක්වීම නිසා, ලංකාවේදී ඊපීඩීපී වගේ පක්ෂයක් මේ හා සමාන දේශපාලනික වරප්‍රසාද භුක්ති විදින බව පේනවා ඒ වගේම ලංකාවේ කොළඹ ආශ්‍රිත දමිළ ව්‍යාපාර ද ආර්ථික වරප්‍රසාද වෙනත් ජනවර්ග හා සමානව හෝ වඩාත් වැඩියෙන් දකුණු ඉන්දියානු සබඳතා නිසා සැලකියයුතු තරමක වැඩි ලාභයක් ද සහිතව ආනයන ආශ්‍රිත ව්‍යාපාර කරගෙන යන බව පේනවා

      Delete
  2. Anwar Manathunga8 April 2023 at 03:03

    තමුන්ගේ මව්රට වන මැලේසියාවට ආදරේ කරන ඩොක්ටර් ගෝමස්ට ප්‍රණාමය. ඉස්ලාම් දහමත් වැළඳ ගමු.

    ReplyDelete
  3. වන් මැලේසියා සංකල්පය නිසා ද, මේ සංකල්පීය පොහොසත්බව?

    ReplyDelete
  4. ඇත්තටම චන්දිම දැනට ලෝකයේ බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට වැඩිම බලපෑමක් එල්ල කරන තැනැත්තා කියා කීවොත් මං හිතනව උසින් අඩි 5, 6ක් පමණ වන කෙසඟ සිරුරක් හිමි ඔහු නමින් ජේ. ගාර්ෆීල්ඩ් (Jay L. Garfield) බව. මම හිතන විදියට බෞද්ධ අධ්‍යනය ක්ෂේත්‍රය කියන්නේ ඉතා විශාල පරාසයක විහිදුණු එකක්. එය philosophy, philology, religion studies, cultural studies, psychological studies වැනි ක්ෂේත්‍ර ගණනාවක් වටා විහිදෙයි. ඒත් මේ සියලු ක්ෂේත්‍ර හමුවේ, බෞද්ධ උගතුන්ට තිබුණු ලොකුම ගැටලුව නම් ප්‍රධාන ප්‍රවාහයේ ඇති බටහිර විෂයයන් සමග බෞද්ධ අධ්‍යයනය එකතු කරන්නේ කෙසේද යන්න. ගාර්ෆීල් ඒ ගැටලුවට උත්තර දීපු අය අතුරින් සාර්ථක පුද්ගලයා ලෙස හඳුන්වන්න පුළුවන්.

    ගාර්ෆීල්ඩ් මුලින් බටහිර දර්ශනය උගෙන පසුව ටිබෙට්, සංස්කෘත ආදී භාෂා ඉගෙන ගෙන බෞද්ධ අධ්‍යයනයට ප්‍රවිෂ්ට වුණු කෙනෙක්. ඔහු ලියූ Engaging Buddhism මා අර මුලින් සඳහන් කළ කාරණයට තුඩු දුන් විශිෂ්ටම කෘතිය. මේ වන විට සිය කර්තෘත්වයෙන් හෝ සංස්කාරකත්වයෙන් පොත් 30කට ආසන්න ප්‍රමාණයකට සම්මාදම් වී ඇති ගාර්ෆීල්ඩ් ලෝකයේ ඕනෑම රටක ඕනෑම විශ්වවිද්‍යාලයක බෞද්ධ අධ්‍යයන තුළ දන්නා හඳුනන කෙනෙක්.

    ගාර්ෆීල්ඩ් Engaging Buddhism හරහා කළේ, බටහිර දාර්ශනිකයන්ට ආරාධනාවක්. එන්න ඇවිත් බුදුදහම දෙස වඩා විවෘතව බලන්න කියා. ඒක අතිශයින් සාර්ථක වුණා. ලෝකයේ නන් දෙසින් ඒ ගැන විවිධ සංවාද ඇති වුණා. විචාර ලියැවුණා. ඒ විතරකුත් නෙවේ, බුදුදහම තියෙන්නේ නිවන් දකින්න විතරයි කියා හිතා සිටින බෞද්ධ අබෞද්ධ කාටත් ගාර්ෆීල්ඩ් පෙන්වල දුන්නා බුදුදහම කියන්නේ ජීවමාන දර්ශනයක්, ඒක අපේ ජීවිතයේ සෑම දේකටම සම්බන්ධ කර ගන්න පුළුවන් කියා.

    ඒ,වගේම cross-cultural philosophy කියන්නේ ගාර්ෆීල්ඩ් ලෝකයට දායාද කළ තවත් වටිනා අදහසක්. එහිදී ගාර්ෆීල්ඩ් කියා සිටියේ, බටහිර, භාරතී්‍ය ආදී ලෙස සීමාමායිම් ඇඳ ගන්නේ නැතිව, දර්ශනය හැදෑරීමේදී සමස්ත මිනිස් චින්තනය එකට ගෙන එය හදාරන්න යන යෝජනාව.

    ගාර්ෆීල්ඩ්ගේ අලුත්ම විග්‍රහය වුණේ බෞද්ධ සදාචාරය. බුදුදහමේ ඉගැන්වෙන සදාචාරය පිළිබඳ බුද්ධඝෝස හිමියන්ගේ විසුද්ධිමග්ගයේ සිට ශාන්තිදේව හිමියන්ගේ බෝධිචර්යාවතාරය දක්වා විවිධ මූලාශ්‍රය ඔස්සේ හඹා යන ඔහු පෙන්වා දෙන්නේ බුදුදහම moral phenomenology තත්වයක් ගැන කතා කරන බවයි. එය මෙතෙක් ඒ විෂය ගැන ඉදිරිපත් වී තිබුණු සියලු අදහස්වලට වඩා වෙනස්. බෞද්ධ සදාචාරය a version of naturalism ලෙස හැදෑරිය හැකි බව ඔහුගේ තවත් අදහසක්.

    බෞද්ධ අනාත්ම දර්ශනය විශේෂයෙන් අගයන ඔහු, බටහිර දර්ශනය බිහි කිරීමේදී metaphysics සඳහා foundationalism බද්ධ කරගැනීම බොහෝ බටහිර උගතුන් අතින් සිදු වූ වරදක් ලෙස දැඩි විවේචනයෙන් දකින කෙනෙක්.

    ඔහු පසුගිය දිනෙක අපේ සරසවියට ආවා. ඒ බුදුදහම සහ අහිංසාව ගැන කතා කරන්න. එදා අපට දවසම ඔහු සමග කාලය ගත කරමින් දර්ශනය ගැන විවිධ මාතෘකා කතා කරන්න අවස්ථාව ලැබුණා.

    ලෝකයක් වසඟ කළ දැවැන්ත උගතෙකු වුණත්, ඔහු අදහා ගත නොහැකි සරල ජීවිතයක් ගත කළ නිහතමානී මිනිසෙකු බව අප තේරුම් ගත්තා. සරලව කීවෝත් ගාර්ෆීල්ඩ්ට බුදුදහම කියන්නේ තවත් එක විෂයක් නෙවේ. ඔහු සිය ජීවිතය තුළම බුදුදහම වැළඳ ගත් ඒ අනුව ජීවත් වන සත්පුරුෂ මහාප්‍රාඥයෙක්.

    ReplyDelete