Monday 8 May 2023

ලෝකයේ විශාලතම restaurant ජාලයේ හිමිකරුවා වීමට


ඔබ ලෝකයේ විශාලතම restaurant ජාලයේ හිමිකරුවා වීමට කැමතිද?

කිසිඳු කෑමක් පිසින්නේ නැතිව ඔබට ලංකාවේ පමණක් නොව ලෝකයේ විශාලතම අවන්හල් ජාලයේ හිමිකරුවා විය හැක.

ඔබට දැකුම්කළු පරිසරයක ඇති ඉඩමක් ඇත්නම්, අවශ්‍යවන්නේ පුටු මේස ටිකක් සහ ඉටිපන්දම් පහන් කිහිපයක් පමණි.

ඔබගේ restaurant එකට ලස්සන නමක් දාගන්න. උදා. හරිත දෙව්විමන (Haritha Paradise). එයට ටෙලිෆෝන් app එකක් සාදාගන්න. ඕනෑම කෙනෙකුට App එක මගින් ඔබේ restaurant එකේ මේසයක් වෙන්කරගෙන අවශ්‍ය ඕනෑම හෝටලයකින් හෝ food supplier කෙනෙකුගෙන් අවශ්‍ය ඕනෑම ආහාර වේලක් ඇනවුම් කර (ආහාර ගමනාන්තය සඳහා Haritha Paradise ලබා දෙන්න) අවශ්‍ය වෙලාවට තමන්ගේ book කල මේසයට කැඳවිය හැක.

ඔබ ගැනුම්කරුවාට අවශ්‍ය family gettogether එකක්ද, candlelight dinner එකක්ද, romantic meal එකක්ද, business lunch එකක්ද ආදී අවශ්‍යතා මත මේසය සහ location එක පිළියෙළ කරන්න.

මගේ academic career එක නිසා මට මේ සඳහා යෙදවීමට කාලයක් නැත. එහෙත් ඔබගේ success එක මගේ සතුටයි. 


9 comments:

  1. හොඳ සංකල්පයක් චන්දිම, නමුත් ලංකාවේ පවතින ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති නිකුත් කරන ආකාරය අනුව ඉතාමත් වෙහෙස මහන්සි වී වැඩ කරලා ජනප්‍රිය කරගන්නා ව්‍යාපාර එක නීව්ස් එකකින් විනාශ කරන්න බැරි නෑ, උදාහරණයක් විදියට බලන්න පහත සඳහන් ප්‍රවෘත්ති ලංකාවේ මාධ්‍ය වල?


    ///කළුතර පාසල් සිසුවියගේ මරණයට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට..

    29 හැවිරිදි මෙම පුද්ගලයා විවාහ දෙකක් කරගෙන සිටින ව්‍යාපාරිකයෙකි.

    ගෝල්ෆේස් අරගලයට සක්‍රීය දායක වී සිටි ඔහු, මැයි 9 කලුතර සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා ගණනකට සම්බන්ධ පුද්ගලයෙක් බව හෙළිව තිබේ.

    මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නිවෙස් ගිනි තැබීම් වල ප්‍රධාන සැකකරු වන මොහු, කලුතර වාමාංශික පක්ෂයක කොට්ඨාස ක්‍රියාකාරිකයෙක්ද වේ///

    ReplyDelete
    Replies
    1. ඔබට වැළඳී ඇත්තේ Extreme Aragalaphobic Syndrome නැමති මානසික ආබාධිත තත්වයයි. වෛද්‍ය එස් පී කඳපොල ආරච්චිගේ සර් කන්සල්ට් කර හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාගන්න. ඔබ මේ ආකාරයට තව බ්ලොග් කීයකට පදරංග ජාතක ලියමින් කාලය කා දමනවා ඇත්ද? අරගලය ගැන කෙසේ වෙතත් ඔබව ලෝකයට පෙනෙන්නේ කොමඩිකාරයෙකු ලෙසයි. නමුත් ඇත්තම තත්වය ඔබ මානසික රෝගියෙකු බවයි.

      Delete
    2. මේ අරගල මල්ලි නේද? මම කිව්වනේ බං මූ පිස්සා කියල. ඔළුව බිත්තියේ හැප්පුන බයියෙක්. ඕකා තව ටිකකින් උඹට බනී සමලිංගිකය කියල. ඕකගේ පිස්සුව ඔහොම තියෙද්දෙන් බං ඉදල හිටලා හරි අපිට ආතල් එකක් ගන්න

      Delete
    3. අඩෝ පිස්සා. මචං ලියපන්කො රචනයක් මැක්කා ගැන. තහනම් වචනය අරගලය.... Hahahahahahaha

      Delete
  2. අවන්හල් ව්‍යාපාරය හොඳ අදහසක් තමයි චන්දිම නමුත් ඒක සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආහාර පාන ගැන ඉතාම හොඳ දැනුමක් රසය, පෙනුම සහ presentation එක ගැන විශේෂ අවධානය සහ දක්ෂතාවයක්, දක්ෂ කුක්ලා චෙෆ්ලා සහ මාකටින් ටීම් එකක්, දක්ෂ වේටර්වරු සහ කළමනාකරුවෙක් වගේම ආහාර ද්‍රව්‍ය ගබඩාකරණය වටිනා කිචන් උපකරණ සහ utensils & plates, interior decorations වගේ ගොඩක් දේවල් පිළිබඳව විශේෂ ප්‍රාගුණයයක් අවශ්‍යයි නැත්නම් සම්පූර්ණයෙන්ම කළමණාකරණය restaurant operation team එකකට පවරන්න වෙනවා

    කිසිම ව්‍යාපාරයක් ලේසියෙන්ම කරන්න අමාරුයි නමුත් මම හිතන්නේ ඡායාරූපකරණය වගේ දෙයක් තනිව ආරම්භ කරලා සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට පුළුවන්කම තිබෙන බව මොකද Photographer package එක හරියට කොස්ට් කරන්න පඩි නඩි කැමරා බඩු වලට ගමන් මහන්සිය එඩිට් කරන්න ,ප්‍රමෝශන්වලට සියල්ල අයින් කරල තමන්ගෙ වටිනාකම 100,000 කරගන්න උත්සාහ ගන්න ඕන හැබැයි එතකොට Package eka 300,000/= විතර යයි.

    මගෙන් ටිප්ස් ටිකක්

    ඒක තමන්ගෙ විදිහ Quality ඇල්බම් එකක් දෙන්න Quality photo frame දෙන්න . Photo 5000ක් විතර ගහගෙන දහගලන්න ඕන නෑ. වෙඩින් එකට කලින් දවසෙ මුදල් ඔක්කොම මැනේජ් කර ගන්න . 6 ට පටන් ගන්නවනම් 5.30 වත් යන්න ලොකේශන් එකට . ෆ්‍රී වෙන හැම වෙලාවෙම ෆොටෝ බලන්න . පිටරට උන්දහලැගෙ ගොඩක්ම . ඒව කොපි කරන්න , පස්සෙ ඒ කොපිය වෙනස් කරල කරන්න . කපල් එක එක්ක හිනා වෙලා ඉන්න . පරක්කූ උනා හරියට ඉන්නෙ නෑ කියල බනින්න යන්න එපා යාලුවො වගේ ගරුසරු ඇතිව කතා කරන්න . කපල් එක සතුටු කරන්න ෆොටො ගන්න ටිකේ. පරක්කු උනොත් ගන්න ෆටෝටික ටයිම් එක මැනේජ් කරන එක ෆොටෝගැපර් ගෙ දක්ශ තාවය. දක්ශයෙක් වෙන්න . ඉක්මන් හරි තීරන ගන්න. ෆොටෝ ගන්න කලින් ඒ ෆොටෝ එක ඇල්බම් එකේ කොතනටද එක්කෙ කියන තැන මනසින් දකින්න පුලුවන් තරමට පරිනත වෙන්න . ඕනම ලයිට් , වෙදර් , ලොකේශන් එකක , සෙනග ගොඩක උනත් පින්තූරෙ නිර්මානය කරන්න ඉගෙන ගන්න . හැම වෙලේම අන් අයට බාදා නොවන අයුරින් . දැං තේරෙනවනේ ජොබ් එකේ බරපතල කම . මේ පොඩ්ඩයි.

    අවුරුදු 2 ක් යයි උපරිම උත්සාහ ගන්න . මාසෙට වෙඩින් 10- 15 ක් ශුවර් . අඩුයි තමයි හැබැයි ඔයාට එන කස්ටමර් බේස් එක 👌👌👌👌👌 ..වෙන කාටවත් නෑ . මාසෙට දවස් 10ක් වැඩ කරල ලක්ශ 10 ක් මදිද ? දවස් 15ක් වැඩ කරල ලක්ශ 15 ක් මදිද ?

    හරියට මේ ෆීල්ඩ් එක හරියට කලොත් හම්බකරන්න පුලුවං ගාන හිතා ගන්න පුලුවං නේද ? එහෙම කරන අය ඉන්නව බහුතරය නෙමෙයි. රැල්ලට ඇවිල්ල මගදි යන අය වැඩී. වැරැද්දක් කිවුව නෙමෙයි 😊😊😊 ඇත්ත කුනුහර්පෙ ඕක .

    ඡායාරූප ක්ෂේත්‍රය තුල වුණත් ගොඩක්ම සාර්ථක හොඳටම හම්බකරන මිනිස්සු නිහඩයි එයාල වැඩේ කරගෙන යනව එයාලගෙ කස්ටමර් බේස් එක හදාගෙන . මොකද එයාල try කලේ wedding එකක් කරල 20000ක් ගන්න නෙමෙයි quality කස්ටමර් බේස් එකක් හදා ගන්න . 🙏🙏🙏🙏🙏🙏

    තේරුම් ගන්න ඇති කියල හිතනව හැබැයි කමෙන්ට්ස් එක චුට්ටක්දිග වැඩි උනා ටිප්ස් ටිකකුත් දීපු නිසා 😊

    ReplyDelete
  3. අවන්හල් ව්‍යාපාරය හොඳ අදහසක් තමයි චන්දිම නමුත් ඒක සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආහාර පාන ගැන ඉතාම හොඳ දැනුමක් රසය, පෙනුම සහ presentation එක ගැන විශේෂ අවධානය සහ දක්ෂතාවයක්, දක්ෂ කුක්ලා චෙෆ්ලා සහ මාකටින් ටීම් එකක්, දක්ෂ වේටර්වරු සහ කළමනාකරුවෙක් වගේම ආහාර ද්‍රව්‍ය ගබඩාකරණය වටිනා කිචන් උපකරණ සහ utensils & plates, interior decorations වගේ ගොඩක් දේවල් පිළිබඳව විශේෂ ප්‍රාගුණයයක් අවශ්‍යයි නැත්නම් සම්පූර්ණයෙන්ම කළමණාකරණය restaurant operation team එකකට පවරන්න වෙනවා

    කිසිම ව්‍යාපාරයක් ලේසියෙන්ම කරන්න අමාරුයි නමුත් මම හිතන්නේ ඡායාරූපකරණය වගේ දෙයක් තනිව ආරම්භ කරලා සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට පුළුවන්කම තිබෙන බව මොකද Photographer package එක හරියට කොස්ට් කරන්න පඩි නඩි කැමරා බඩු වලට ගමන් මහන්සිය එඩිට් කරන්න ,ප්‍රමෝශන්වලට සියල්ල අයින් කරල තමන්ගෙ වටිනාකම 100,000 කරගන්න උත්සාහ ගන්න ඕන හැබැයි එතකොට Package eka 300,000/= විතර යයි.

    මගෙන් ටිප්ස් ටිකක්

    ඒක තමන්ගෙ විදිහ Quality ඇල්බම් එකක් දෙන්න Quality photo frame දෙන්න . Photo 5000ක් විතර ගහගෙන දහගලන්න ඕන නෑ. වෙඩින් එකට කලින් දවසෙ මුදල් ඔක්කොම මැනේජ් කර ගන්න . 6 ට පටන් ගන්නවනම් 5.30 වත් යන්න ලොකේශන් එකට . ෆ්‍රී වෙන හැම වෙලාවෙම ෆොටෝ බලන්න . පිටරට උන්දහලැගෙ ගොඩක්ම . ඒව කොපි කරන්න , පස්සෙ ඒ කොපිය වෙනස් කරල කරන්න . කපල් එක එක්ක හිනා වෙලා ඉන්න . පරක්කූ උනා හරියට ඉන්නෙ නෑ කියල බනින්න යන්න එපා යාලුවො වගේ ගරුසරු ඇතිව කතා කරන්න . කපල් එක සතුටු කරන්න ෆොටො ගන්න ටිකේ. පරක්කු උනොත් ගන්න ෆටෝටික ටයිම් එක මැනේජ් කරන එක ෆොටෝගැපර් ගෙ දක්ශ තාවය. දක්ශයෙක් වෙන්න . ඉක්මන් හරි තීරන ගන්න. ෆොටෝ ගන්න කලින් ඒ ෆොටෝ එක ඇල්බම් එකේ කොතනටද එක්කෙ කියන තැන මනසින් දකින්න පුලුවන් තරමට පරිනත වෙන්න . ඕනම ලයිට් , වෙදර් , ලොකේශන් එකක , සෙනග ගොඩක උනත් පින්තූරෙ නිර්මානය කරන්න ඉගෙන ගන්න . හැම වෙලේම අන් අයට බාදා නොවන අයුරින් . දැං තේරෙනවනේ ජොබ් එකේ බරපතල කම . මේ පොඩ්ඩයි.

    අවුරුදු 2 ක් යයි උපරිම උත්සාහ ගන්න . මාසෙට වෙඩින් 10- 15 ක් ශුවර් . අඩුයි තමයි හැබැයි ඔයාට එන කස්ටමර් බේස් එක 👌👌👌👌👌 ..වෙන කාටවත් නෑ . මාසෙට දවස් 10ක් වැඩ කරල ලක්ශ 10 ක් මදිද ? දවස් 15ක් වැඩ කරල ලක්ශ 15 ක් මදිද ?

    හරියට මේ ෆීල්ඩ් එක හරියට කලොත් හම්බකරන්න පුලුවං ගාන හිතා ගන්න පුලුවං නේද ? එහෙම කරන අය ඉන්නව බහුතරය නෙමෙයි. රැල්ලට ඇවිල්ල මගදි යන අය වැඩී. වැරැද්දක් කිවුව නෙමෙයි 😊😊😊 ඇත්ත කුනුහර්පෙ ඕක .

    ඡායාරූප ක්ෂේත්‍රය තුල වුණත් ගොඩක්ම සාර්ථක හොඳටම හම්බකරන මිනිස්සු නිහඩයි එයාල වැඩේ කරගෙන යනව එයාලගෙ කස්ටමර් බේස් එක හදාගෙන . මොකද එයාල try කලේ wedding එකක් කරල 20000ක් ගන්න නෙමෙයි quality කස්ටමර් බේස් එකක් හදා ගන්න . 🙏🙏🙏🙏🙏🙏

    තේරුම් ගන්න ඇති කියල හිතනව හැබැයි කමෙන්ට්ස් එක චුට්ටක්දිග වැඩි උනා ටිප්ස් ටිකකුත් දීපු නිසා 😊

    ReplyDelete
  4. මම දැක්ක ඔය වගේ experiment එකක් ලන්ඩන් ද කොහෙද කරනවා. ගෙදරක පිටිපස්සේ හොද රෙස්ටුරන්ට් එකක් වගේ එකක් තියනවා කියල ඇප්ස් වලින්, රිවිව් සයිට් වලින් මාර්කට් කරලා බුකින් එකක් ගන්න ගොඩක් අමාරු කරනවා. අන්තිමේදී එක දවසක කට්ටියකට චාන්ස් එක දීල එන්න, ගෙදර ඔය රාමෙන් වගේ දේවල් හදල දෙනවා. පොඩි ෆන් වැඩක් හැබැයි.

    ReplyDelete
  5. මගේ අම්මා මව්වරුන්ගේ දිනයක් ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම සැමරුමක් කිසි දවසක අපි කරලත් නෑ. කොටින්ම අම්මාගෙ උපන්දිනේට තෑග්ගක් දුන්නෙ පවා මාත් සෑහෙන වයසකට පත්වුනාට පස්සෙ. එයාට දින සැමරුම් නුහුරු කාරණයක්.

    ඒත් මව්වරුන්ගේ දිනය ගැන දකින නොයෙක් පෝස්ට් මාව අම්මා ගැන පුංචි සටහනක් ලියන්න උනන්දු කළා.

    මං හැදුන විදිහ අම්මා කෙනෙකුට දරන්න පුළුවන් විදිහක් නෙමෙයි. කීකරු වීම නින්දාවක් විදිහට සළකපු, අකීකරුකම ආභරණයක් විදිහට පළදපු මං අපවාද, අපහාස මිස අම්මා කෙනෙක් දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන ආඩම්බරය එලියෙන් අරගෙන ආවෙම නෑ.

    ‘මං මැරුන දවසක උඹට තේරෙයි’ අම්මා කියද්දි,

    ‘මැරුනම මොකක හරි ඔතලා වළ දානවා මිසක් මං නං අඩ අඩ ඉන්නෙ නෑ’ කියල මං කියනවා.

    අම්මා හිනාවෙනවා.

    මගේ නරුමකමත් එක්ක බැඳුන ආදරය තේරුම් ගන්න එයාට පුළුවන් වුනා. මං හිතන්නෙ ඒකයි අම්මාකම.

    හැමෝම ප්‍රශංසා කරන, සමාජයේ පිලිවෙලට හැදෙන දරුවෙක් ගැන අම්මා කෙනෙක් ආඩම්බර‍ වෙන එක සරල, සාමාන්‍ය දෙයක්. ඒත් හැමදෙයක්ම කණපිට කරන, සමාජ අපවාදයට ලක්වෙන දරුවෙකුට අම්මා කෙනෙක් පණ දෙවැනි කොට ආදරේ වෙන එක පරිණතබව, ගැඹුර සම්බන්ද කාරණයක්. අම්මාගේ ආදරේ නොතිබුනොත් මං කිසිම ආදරයක් අහිමි දරුවෙක් වෙනවා කියල එයා දැනගෙන හිටියා.

    අම්මාගෙයි මගෙයි අතර කිසිම රහසක් තිබුනෙ නෑ. මං කරන හැම අපචාරයක්ම මං අම්මා එක්ක කිව්වා. මුලින්ම ඉස්කෝලෙන් කට්ටි පැනලා ෆිල්ම් බලන්න ගිය එකත්, මරදානෙ bලූ ෆිල්ම් බලන්න යන එකත්, සිගරට් බීමත්, කංසා බීමත් ආදී සියලු අත්දැකීම් මං බෙදාගත්තෙ යාලුවො එක්ක නෙමෙයි, අම්මා එක්ක. එයා අමුතුම ලෝකයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඒ කතා අහගෙන හිටියා. සාම්ප්‍රදායික වටිනාකම්, ඇගයුම් වලට මුවා නොවී තමන්ගේ දරුවා දිහා බලන්න, ඒ නොමනාකම්වල අර්ථයන්, කුතුහලයන් තේරුම් ගන්න අම්මාට පුළුවන්කම තිබුන.

    මං අම්මට ආදරේ එයා හොඳ දරුවෙක් හදන්න උනන්දු වුන හින්ද නෙමෙයි. සමාජයක්ම එදිරිව එද්දී පවා, නරක යැයි සම්මත දරුවෙක් අත්නොහැර ඒ දරුවා පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ උන් හින්ද.

    මං පොත් කියෙව්වෙ අම්මා හින්ද. අකුරු කියවපු කාලෙ ඉඳන් එයා වැඩ කරපු රජයේ කාර්යාලවලින් පොත් පත්තර මිටි පිටින් මට ගෙනත් දුන්නා. ඒ කතා කියවලා මං ඒවා ආපහු අම්මට කිව්වා. අම්මා වැඩ ඇරිලා එන්නෙ මගේ කතා අහන්න.

    ලෝකෙ ශ්‍රේෂ්ට මිනිස්සුන්ගෙ ජීවිත කතා අම්මා මට ගෙනත් දුන්නා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙදර තිබුනු එකම ලාම්පුව තමන්ගෙ පාඩම් වැඩ පිනිස අරගෙන පවුලෙ අනිත් අයව කරුවලේ තියද්දි අම්මා කිව්වෙ,

    ‘එහෙම තමයි, හැමෝම ගැන කල්පනා කරන කෙනෙකුට ජීවිතේ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. සිද්ධාර්ථ වුනත් බුදු වෙන්නෙ පවුලට අකීකරු වෙලා කැලේට ගිය හින්ද’

    අපේ අම්මා කියන්නෙ අයියලා අක්කලා නංගිලා ගණනාවක් හිටපු මහා පවුලක ඒ පවුලේ උවමනාවන් වෙනුවෙන් හැමදෙයක්ම කරන්න සිද්ද වුන කෙනෙක්. පවුලේ ගෞරවය වෙනුවෙන් එයාට පවුලෙ අය කැමති කසාදයක් කරගන්න වෙලා තිබුන. වැඩිය ඉගෙන ගත්තොත් මිනිහෙක් ගන්න බැරි වෙන හින්ද උපාධිය පවා හංගන්න වෙලා තිබුන. එයා ඇතුලතින් ආසා කළ අසම්ප්‍රදායික ජීවිතය සම්පූර්ණයෙන් කැප කරන්න වෙලා තිබුන. අම්මා මගේ ඇතුලෙන් දැක්කෙ ඒ සම්ප්‍රදායික පිලිගැනීම්වලට එරෙහිව ගහන කැරැල්ලක්. ඒක එයාට ආස්වාදයක් වුනා.

    කවදා හරි දවසක අම්මා මැරුනම ඒත් එක්කම මැරෙන එක මගේ ප්‍රාර්ථනාව වුනා. මගේ ජීවිතය තිබුනෙ එයා ළග ඉද්දි බව මං දැනගෙන හිටියා. ඒත් අම්මා මැරුනා. මං ඉතුරු වුනා.

    හැබැයි මං ඒකට ජීවත් වුනා කියල කියන්නෙ නෑ.

    අම්මා නැති වුනාම මං ඇත්තටම මැරුනා..

    ReplyDelete
  6. @ චන්දිම මොකද හිතන්නේ ලංකාවේ රුපියල ශක්තිමත්වීම පිළිබඳව? විදේශගත අපට මේ වසර සහ ලබන වසර යන දෙකම එක වගේ පාඩුවෙන බව පේනවා නමුත් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්ව ඉදිරියට යාමට හේතු ගණනාවක්ම තියෙනව නේද? ඩොලරයේ බලය අවසන් වීමත් සමගම මනූෂ්‍යයන්ව වහල් භාවයට පත්කරගෙන සිටි බ්‍රිතාන්‍ය ඇමෙරිකන් සෝ කෝල්ඩ් අධිරාජ්‍යවාදීන්ගේ බලයද මිනිසුන්ව රවටමින් අධ්‍යත්මික වහලුන් බවට පත්කරගෙන සිටි පල්ලි පන්සල් සහ කෝවිල් වල බලයද ජනතාව දේශපාලනිකව ශක්තියෙන් බෙලහීන කරනු වස් එක එක පක්‍ෂ වලට බෙදා තැබීමට අටවා තිබූ ලංකාවේ සියලුම පක්‍ෂ වල බලයද අවසන් වනු නිසැක බව මගේ අවංක අදහස. මේ ගැන පැහැදිලි කිරිමක් කල හැකිද?

    ReplyDelete