Monday 10 April 2023

ආදරයට ඉබ්බො දාන මැලේසියානු business මොඩලය


මැලේසියාවේ ලංකාවී දුපතේ ඇති entertaintment park එකක මීටර් 100 ක් පමණ දුරකට වූ ඝණකම ඇති කම්බි පොටවල් කිහිපයක් වේ. ඒ අසල ඇති අලෙවි සැලක රෝස පාටින් (වෙනත් පාට කිහිපයක්ද ඇත) වූ ඉතා බාල වර්ගයේ ඉබ්බන් (padlocks) විකුණයි. මෙම ඉබ්බෙක් රිංගිට් 35ක් පමණ වේ (මා අවසන් වරට ගිය අවස්ථාවේ). එහි මුළු නිෂ්පාදන වියදම රිංගිට් 5 ක් වත් නොවනු ඇත. ඔබ එය මිලදී ගත් විට ඔවුන් ඉතා කෙටි කාලයකදී (විනාඩියකින් පමණ) එහි ඔබගේ සහ ඔබගේ පෙම්වතාගේ/පෙම්වතියගේ නම් මුද්‍රණය කර දෙයි. 

එහි දැන්වීම් පුවරුවක කියා ඇති ආකාරයට පෙම්වතුන් දේපල එකතුව ඉබ්බා කම්බියකට දමා අගුළු දැමීමෙන් ඔවුන්ගේ ආදරය ස්ථිර වෙයි. තමා කිසිදා වෙන් නොවන බව හැඟේ නම් ඉබ්බාගේ යතුර එම ස්ථානයට ඔබ්බෙන් ඇති ආගාධයට විසිකර දැමිය හැක. නැති නම් එය දෙදෙනාගෙන් කෙනෙකු ළඟ තබාගෙන පෙම් දම අවසන් වූ දින පැමිණ ඉබ්බා කම්බියෙන් ගලවා ඉවත්කළ හැක. මා දුටු ආකාරයට යතුර විසි නොකරන පෙම්වතුන් දේපලක් සොයාගත නොහැක. 

මා අවසන් වරට යන විට කම්බි පොටවල් දෙකක්ම පිරි ඉතිරෙන්න ඉබ්බන් සිටිනු දකිනු හැකි විය. ඔවුන් මේ නිසා තවත් කම්බි පොටවල් රාශියක් එවන විට සවි කරමින් පැවතුනි. 

මේ අති සාර්ථක business මොඩලය ලංකාවේ වෙනත් කිහිප ආකාරයකින්ම (මීට වඩා සාර්ථක ආකාරයෙන්) කල නොහැකිද? මා එය දැනටමත් රටවල් කිහිපයක සංචාරක ව්‍යපෘති තුලට ඇතුලත් කර ඇත්තෙමි. උනන්දුව මෙන්ම ව්‍යාපාරික/ආයෝජන හැකියාව ඇති අයෙක් සිටින්නේ නම් මම වෙනත් රටවල්වලට උපදේශකයෙකු ලෙස මුදල් අය කර ලබා දුන් සංකල්ප ලාංකිකයාට නොමිළේ දීමට නොපැකිළෙමි.



9 comments:

  1. ජැක්සන් කියන්නෙ කතෝලික යෙක් මම කියන්නේ අවසාන වශයෙන් try කරල බලන්න . රෙපරමාදු පල්ලිය කට ගිහින්.
    ඔය ජැක්සන්ට මරණය ප්‍රාර්ථනා කරන සිංහල ජාතිකයින් තරම් කූහකයන් තවත් නැහැ. මගෙ තාත්තාට එන්ජියොග්‍රැම් එකක් කරන්න ගිහින් stroke එකක් හැදිල icu දාලා හිටිය general hospital එකෙ. මාස තුනක් එක දිගට mechines වලින් පන තියා ගෙන හිටිය. මමයි මල්ලියි දෙන්න උදේ හවස තාත්තව බලන්න යනව. ඒත් කිසිම progress එකක් තිබුනේ නැහැ

    දවසක් දවල් මම ගියාම , ඩොක්ටර් මට අඩගහල කිව්ව හෙට උදේට mechines ගලවනව. ගෙදර අයට ඇවිත් අවසාන පාරට බලන්න කියන්න කියල මොලය මැරැන කෙනෙක්ව මාස තුනක් තිස්සේ මෙශින්ස් වලින් තියාගෙන ඉන්න බැහැ කියල වැඩක් වෙන් නැහැ කිව්ව .

    මම අසරණ උනා. ගෙදර අයට කිව්වේ නැහැ. මම යන පල්ලියට ගියා. Pastor ට කිව්ව ඒ අය හවස එන්නම් කිව්වා .(මගෙ පරම්පරාවම බෞද්ධ. මම විතරයි කිතුනු එතකම් මම lord Jesus පිලි අරන් තිබුනට බෞද්ධ කිතූනූවෙක්

    හවස ගිහිං අපි ඔක්කොම තාත්තගෙ ඇද ලග ඉදන් pray කරා.
    ඉළග දවසේ උදේ මම ගියේ නැහැ. Mechines ගලවන්න මගෙ අත්සන උදෙට ගන්නවා කියපු නිසා.

    දවල්ට ගියා. මම යන කොට තාත්ත icu එකේ ඇද උඩ වාඩි වෙලා හිටිය.

    මගෙන් ඇහුවා "ඇයි පුතා පරක්කු උනේ .මම හිටියේ දෙහිවල cemetery එකේ ගීතිකා කියනව ඇහිලා මම මෙතනට ආවා කිව්ව ". ඉට පස්සෙ අවූරැදූ පහක් විතර ජිවත් උනා

    අපි ජිවත් වෙන්නෙ මනසේ මවපූ ලෝකයක. මොලය මැරැනත් , vibration කරල විඤානය ගන්න පුළුවන්. ඒ කෙනාට අහන්න පුළුවන්. ඇහෙනව. එයාට (gut එකට) අවශ්‍ය external support එකක් විතරයි විසිරුනු විඤාන තුනම එකතූ කර ගන්න

    දිව්‍ය විඤානය හදවත මවනව. බ්‍රහ්ම විඤානය මොලය මවනව මාර විඤානය මනසේ සම්පුර්ණ රැපයම මවල gut එක තුල වැඩ සිටිනවා .

    මොලය හදවත මැරැනත් gut එකෙ ඉන්න මාර තමන්ගෙ ශරිරය පවත්ව ගෙන යන්න ලොකු උත්සාහයක් දෙනව. මොලය තුල කර්මය ගබඩා වෙලා තියනව. කර්ම ශක්තිය ඉවර නම් බ්‍රහ්ම විඤානය , දිව්‍ය විඤානය කියන දෙකම විසිරෙනව .කෙනෙක් මැරැනම බ්‍රහ්ම විඤානය අහස තුල තියනව. අහස කියල දකින්නෙ තමන්ගේම බ්‍රහ්ම විඤානය. Vibration එකකින් මාර විඤානයට පූළුවන් බ්‍රහ්ම විඤානයට fix වෙන්න. බ්‍රහ්ම විඤානයට පුලුවන් දිව්‍ය විඤානය (universe කියල අපි දකින්නේ මනස තුලම තියන දිව්‍ය විඤානය.) Vibrate කරල හදවත පන ගස්සනව

    මාර ලොකු සටනක් දෙනව තමන්ගෙ ශරිරය පවත්ව ගෙන යන්න. ඒක කරන්නේ gut එකෙ ඉදන් මාර විඤානය තමයි පොලොව කියල අපි දකින්නේ. මේ තුනම තියෙන්නෙ මනසෙ
    තනි කරන්න එපා ආදරණීය යන්. මොහොතකටවත්.

    ReplyDelete
  2. චන්දිම ඔබ කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරපු නිසා අල්තයීර් නමින් බ්ලොග ලියපු බුද්ධි සහ කෘතිම බුද්ධි ගැන යමක් කියන්න පුළුවන් නේද?

    කට්ටිය කියන විදිහට ලංකාවේ හොඳ ඇහැක් තිබුණු ඡායාරූප ශිල්පියෙක් කියන ලංකාවේ බුද්ධි ජීවිතය අවසන් කරද්දී ලෝකෙ ප්‍රමුඛතම ඡායාරූප තරඟයක් වන Sony 2023 තරගයේ පළමු තැනට තේරුණ ඡායාරූපයක අයිතිකාරයා ඒ තෑග්ග ප්‍රතික්ෂේප කරනව එම ඡායාරූපය කෘතිම බුද්ධිය, AI භාවිතයෙන් නිර්මාණය කළ බව පවසමින්.

    ඡායාරූප විතරක් නෙමේ ගීත, ලේඛන කලාව, රියදුරන් නැති කාර්, කෘතිම therapist ල වගේම ඖෂධ නිෂ්පාදනය දක්වාම පසුගිය මාස කීපයේ දී තදින් භාවිත වුණා. මේක ඊලග තලයට ගෙනියමින් මිනිස් මොළේට computer සමග සංනිවේදනය කරන්න හදනවා neuralink.

    මිනිසුන්ට වඩා හැම දෙයක්ම කෘතිම බුද්ධිය හොඳට කරනව. ලංකාවට නිවාඩුවට ගෙදර පැමිණ ලංකාවෙ පාරක Level 2 autonomy තියන කාරෙකක් පදිද්දි වුණත් ඒක හොඳට තේරෙනවා කොච්චර හොඳට අපිව ලේන් එකේ තියාගන්නවද, හදිසියකදී බේරගන්න වද යන්න. නින්ද යෑම පවා එයා තේරුම් ගන්නවා.

    ලෝකෙ වෙනස්වෙනව හිතාගන්න බැරි වේගෙන්. ඒ වෙනසට හැඩගැහෙන්න බැරිවෙන රටවලට යන එන මං නැති වෙනවා. බුද්ධි හිටියේ ඒ වගේ වැරදි රටක, ඔහු බලාපොරොත්තු වුණ වෙනස නොවෙන බව දැනගත්තාම එයා ජීවිතය වෙන තැනකට ගෙනියනවා.

    ඒත්බුද්ධි ගෙ ක්ෂේත්‍රය අසහනකාරී frustrating දේශපාලනය හෝ ඉලක්කය #systemchange නොවුනානම් බුද්ධි ත් කෘතිම බුද්ධිය මෙන් වඩා තර්කානුකූල සහ නිවැරදි විය හැකිව තිබුණා!
    සුභ ගමන් Buddhi Prabodha Karunaratne කියලා පවසමින් ලංකාවේ 2022 රාජපක්ෂ විරෝධී අරගලයට රැල්ලට සම්බන්ධ වූ ගොඩක් තරුණ තරුණියන්, ඇතැම් රනිල් වික්‍රමසිංහයන් ගේ හිතවාදී සුළු පිරිසක් හැරෙන්නට බහුතරයක් දැඩිව අපේක්ෂා භංගත්වයට පත් වී frustration නිසා රට හැර යාමේ සිට ජීවිතය හැර යන එක දකින්න වීම ඉතාමත් කණගාටුදායක තත්වයක් නේද? මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තරුණ තරුණියන් දේශපාලන ව්‍යාපෘති සඳහා බළල් අත් ලෙස යොදාගන්න ඔවුන්ට අනවශ්‍ය සිහින සිත්තම් මනෝරාජික සිහින දේශයන් මවපූ හැම කෙනෙක්ම මේ මරණවල සහ ජීවිත විනාශයන් වල වගකීම බාර ගන්න අනිවාර්යයෙන් සූදානම් විය යුතුයි. ඔවුන්ට ස්වභාව ධර්මය විසින්ම නිසි දඬුවම් ඉතාමත් ඉක්මනින් ලබා දෙනු ඇති බව මට නම් 100% නොඅනුමානයි. කෙසේ වෙතත් මේ ගැන පෝස්ට් එකක් දාලා සාකච්ඡා කිරීම හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. අරගලයේ ඉදිරියෙන්ම සිටි කෙනෙක් වගේම ඉතා මෑතකදී උපාධිය සම්පුර්ණ කල මනෝ වෛද්‍යවරයෙක් විදියට මම මේක දකින්නේ මෙහෙමයි. ලාකිකයා තුල දැනට තිබෙන ආන්තිකම සමුහ මනෝ විකෘතිභාවය (community mental disorder) ඇත්තේ කලින් උග්‍ර රාජපක්ෂවාදීන්ව සිටි පිරිසටයි. ඔවුන් මේ රට කාබාසිනියා කර බංකොලොත් කර වලපල්ලට ඇද දැමූ රාජපක්ෂ හැතිකරය තරුණ පරම්පරාවට කල හදිය වසා ගන්නට ඒ හොර තක්කඩියන්ට එරෙහිව නැගී සිටි පිරිසට වරද පටවන්න උත්සහ කරනවා. මෙය හිට්ලර්ට, පොල්පෝට්ට දේවත්වයෙන් සැලකු මෝඩ මිනිසුන් තුලින්ද දුටු බව අප ඉගෙනගෙන තිබෙනවා. මෙය සිදුවන්නේ තමාගේ ස්වයං-වරදකාරී බව (a combination of deontological and altruistic guilt) තමාගේ විඥානයට වද දෙන නිසයි. සමහර විට නිසි ප්‍රතිකාර නොදුන හොත් මේ මිනිසුන් අනාගතයේදී සමාජයට ලොකු කරදරයක් වෙන්න පුළුවන්.

      "ස්වභාව ධර්මය මගින් දඬුවම් දීම" යන විශ්වාසය තවත් මානසික ව්‍යාධියක්. මිනිස් සමාජයට මහා විනාශයක් කල පොල්පොට් මැරුණේ වයස 72 දී නින්දේදී ඇති වූ හෘදයාබාදයකින් නිවසේ සුවපහසු ඇඳක් උඩ, ඉඩි අමීන් මැරුණේ වයස 78දී සෞදි අරාබියේ සුපිරි මන්දිරයක, රොබර්ට් මුගාබේ මැරුණේ වයස 95 දී සිංගප්පුරුවේ ඇති ලෝකයෙන්ම සුපිරි රෝහලක.

      මේ නිසා තමයි මිනිස්සු ඊළඟට හිතන්නේ ආ එයා එහෙම මැරුණට දැන් නරකාදියේ ඇති කියල. තමන් නොදන්නා දෙයකින් සිත සනසා ගන්න මේ උපක්‍රමය ඇත්තෙන්ම ස්වයං මානසික වෙදකමක්.

      Delete
    2. @ ඇනෝ 21.25


      සිය දිවි නසාගන්නේ බියගුල්ලන්ය
      සිය දිවි නසාගන්තවුන්ව උත්කර්ෂයට නොනගන්න
      හිත් පිඩාවෙන් සිටින තවත් ජීවිතයක් බේරාගන්න සවියක් වෙන්න

      සිය දිවි නසාගත් බුද්ධි හා සිය දිවි නසාගන්නට උත්සාහ කොට යන්තම් දිවි බේරාගත් චමීර ජීවන්ත දෙද්දුවගේ මට හමුවෙන්නේ එකම දිනයක දීය. එවක ඔවුහු හිරිමල් යෞවනයෝ වූහ. දෙදෙනාම අපුරුම ලේඛකයෝ වූහ. අපට වඩා පුළුල් දැනුමකින් ලෝකය දෙස බලන්නෝ වූහ.
      එහෙත් ඔවුහු තම හැකියාවන් සුන්දරත්වය, රසාස්වාදය පැත්තට නොව ආවේගශීලි අන්තයකට මෙහෙයවන්නෝ වූහ. වචනාර්තයෙන්ම අන් අය අතර රැඩිකල් පොරවල් වීමේ පිපාසාවෙන් පෙළෙන්නෝ වූහ. කෑපි පෙනිම වෙනුවෙන් හරි දේ මෙන්ම වැරදි දේ තෝරාගත්තෝ වූහ.

      ලංකාවේ ගෝටාගෝගම ජනතාවාදී නිර්පාක්ෂික අරගලය ආරම්භ කල මුලදී අප සමගත් ඔවුන් සමගත් සිටි සංවේදි සැබෑ ජනතාවාදී මිනිසුන් ක්‍රමයෙන් ඔවුන්ගෙන් ඈත් වූ අතර ඒ වෙනුවට ඔවුන් වටා රොද බැඳගත්තේ කොණ්ඩ රැවුල් වවාගත් සමාජයේ හොඳ කිසිවිට නොදකින තක්කඩි මැරවරයන් පිරිසකි. කිසිම ආකාරයක සමාජ සංවේදි බවක් නොමැති පිරිසකි. කිසිම තේරුමක් නැතිව අපරාධකරුවන් මෙන් සමාජ සම්මතය බිඳ දැමීම විරත්වයක් සේ සැලකූ පිරිසකි.

      මා මුලින් කී සංවේදි පිරිසෙන් එකෙකු හෝ ඔහුගේ අවසන් ලියැවිල්ල දකින්නට හිටියානම් බුද්ධි අදත් ජිවතුන් අතර යැයි මට හැඟේ.

      මෙවන් හැසිරිම් රටාවන් පෙන්නුම් කරන තවත් කීප දෙනකුම අප මිතුරු ලයිස්තුවල දකින්නට ලැබේ. රටේ වෙන සිද්ධියක් එහෙමත් නැතිනම් කුමක් හෝ දෙයකට තවකකු දරන අදහසක් දැමූ සැණින් එයිට හාත්පසින්ම පරිබාහිර යමක් ලියමින් මුල් ලියැවිල්ල ලියු එකා පතුරු ගසා මං පොර විමේ මානසිකත්වයක් පමණයි මං උන් තුළින් දකින්නේ.

      ඔවුන් තුළ ඇත්තේ සමාජ වෛරයකි. එය රටට ආදරයක් නොවේ. බද්ධ වු සමාජ වෛරයකි ඇත්තේ. එවන් අය අතර මිතුරු ලයිස්තුවේ මිතුරියන් දෙතුන් දෙනකුද සිටිති.
      සිය දිවි නසාගත් බුද්ධි හා මනෝ උපදේශිකාවක් වූ බුද්ධිකා එරන්දි ජයසිංහ මගේ එකල හොද මිතුරු මිතුරියන් සේ සිටි අය වූහ. එහෙත් දිවිනසාගත් බුද්ධිලාට බුද්ධිකා එරන්දිලා මතකයක වුයේ නැත. යම් හෙයකින් බුද්ධි ලියු අවසන් සටහන බුද්ධිකා එරන්දි දුටුවානම් අද අපට මේ සටහන ලියන්නට අවස්ථාවක් නොලැබෙන එක මට ස්ථිරය.

      මෙය ස්ක්‍රීන් ගසා තියාගන්න. තවත් කීප දෙනකුම මේ දිවි නසාගන්නා ගොඩේ සිටින වග පැහැදිලිව පෙනෙන්නට තිබේ. බද්ධ සමාජ වෛරයකින් තමන් විරයන් සේ මං පොර වෙන අමනයන් රැළක් දායක සභා කරගත් මේ අයගේ ඉරණමද බුද්ධිගේ ඉරණමට දෙවැනි නොවන වග කියා සිටිමි. තමන්ගේ සැබෑ ජීවිතයේ තියන දාහක් අඩුපාඩුකම් වසාගන්නට මං පොර දිවියක් ලොවට පෙන්නන අය ඔබේත් මිතුරන් නම් දැන්ම ඔවුන් ගේ ඇතුළාන්තයට මදක් හෝ සමීපව ඔවුනට අස්වැසිල්ලක් වෙන්න.

      මේ දිවි නසාගන්නා ක්‍රියාවන් කිසිම විටක උක්කර්ශයට ලක් නොකරන්න. එය වීරයන්ගේ වැඩක් නොව බියගුල්ලන්ගේ වැඩක් බව ලොවට කියන්න. එය සමාජ මෙහෙවරකි.

      මා කියනා දෙය තුළ ඇත්තක් වෙතැයි ඔබට දැනෙන්නේ නම් මේක ෂෙයා කරන්න නැතිනම් කොපි කර ඔබේ නමකින් වුව දමන්න. එය සේවාවකි.

      Delete
  3. විශේෂඥ මනෝවෛද්‍ය පි.කේ. කඳපොලආරච්චි විසින් රචිත ලිපියකි.

    “අරගලයේ තරුණයින් අතර මානසික ව්‍යාකුලතා ඉතා ඉහලයි.
    හීනමානය නිසා යතාර්ථය වැසි ගිහින්.
    ඔවුන් පුනුරුථාපනය කල යුතුයි
    ➖➖➖➖➖➖➖➖➖➖🔴➖

    🔴 විශේෂඥ මනෝවෛද්‍ය පි.කේ. කඳපොලආරච්චි විසින් රචිත ලිපියකි. එදා අරගල බිම සේම අද බුකියද මීට උදාහරණ සපයයි.

    මාස හතරකට වැඩි කාලයක් තිස්සේ අරගල බිමේ ඉන්න තරුණ තරුණියන් බහුතරයකට අවිවේකි බව, මත්ද්‍රව්‍ය භාවිතාව ඉතා ඉහල විම, ස්ථිර වාසස්ථාන නොමැතිව අව්වෙන් වැස්සෙන් පීඩා විඳීම, පෝෂණ ආහාර නොමැතිකම, නින්ද නොලැබීම, සනීපාරක්ෂාව නොමැතිකම, ලිංගික කටයුතු සිදු නොවීම, අභ්‍යන්තර කාන්ඩායම් අතර ගැටුම්, අපේක්ෂා බංගත්වය ආදී මානසික ආතතිය වැඩි කරන විෂාදය සඳහා වන සියලු නරක සාධක සියල්ල එකවිට දැන් අරගල බිමේම තියෙනවා. ඒ තත්වය ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ විචාර බුද්ධිය නැතිකොට මනස විකෘති කරන තැනකට ගෙනත් ඉවරයි.

    අරගලේ ඉන්න ගොඩක් තරුණයෝ කොන්ඩේ රැවුල් වවාගෙන අමුතු ඇඳුම් පැළඳුම් ඇඳගෙන හිටියේ ඔවුන්ගේ තියෙන යම් යම් මානසික ව්‍යාධි නිසයි. බොහෝ තරුණයින් දුෂ්කර දුප්පත් ගම් වලින් පැමිණෙන අය නිසාත් හීනමානය නිසාත් ඒ බය ඔවුන්ට ඇතිවෙන්නේ. ගෝට ගෝ ගම කියන නම ඇතුලේම ඒ පසුගාමී සිතුවිලි තියනෙවා. අද ඒ පරිසරය ගමකට වඩා මුඩුක්කු පේලියක් තරමට ම වැටිලා තියෙන්නේ ඔවුන්ගේ ඉහත කී සිතිවිලි වල පිළිබිඹුවක් ලෙසයි.
    ජාන විද්‍යාවත්, පවතින වටාපිටාවත්, මානසික සහ සමාජයීය ක්‍රියාවලිත් මෙයට බලපාන්නා වූ සැලකිය යුතු සාධක. විනෝදය සඳහා භාවිතා කරනු ලබන සමහර මත්ද්‍රව්‍ය මෙම අබාධ ඇති කිරීමටත් එහි රෝග ලක්ෂණ තව දුරටත් වැඩි කිරීමටත් හේතු කාරක වෙනවා. මෙම අබාධ විවිධ ලක්ෂණ සංකලනයන් පවතින බැවින් මෙහි රෝග විනිශ්චය ලෙස තනි අබාධයක් පෙන්නුම් කරන්නේද නැතහොත් වෙන් වෙන් වශයෙන් විවිධ සහලක්ෂණයන් කිහිපයක් පෙන්නුම් කරන්නේදැයි නිශ්චිතව කියන්න අමාරුයි. භාෂාවෙන් skhizein ("විභේදනය කිරීමට") සහ phrēn ("මනස") යන මූල පද වලින් Schizophrenia ("හින්නෝන්මාදය") වචනයේ නිදානය ගොඩ නැගී ඇත්තේ.

    අරගලයේ විවිධ කණ්ඩායම් සහ පුද්ගලයෝ ඉන්න නිසා ඔවුන්ට සිදුවෙනවා තමන් අනෙක් අයට වෙනස් කියල පෙන්වන්න. බාහිරව ඇඳුමෙන් පෙන්වන අතර අභ්‍යන්තරයෙන් මත්ද්‍රව්‍ය අරගෙන මානසික බිය තාවකාලිකව නැති කරගන්න උත්සාහ දරනවා. අන්තිමට තමන්ගේ අනන්‍යතාවය නැතිවෙලා අස්ථානයකට වැටෙනවා. අපට අනාගතය කෙසේ වෙයිද? සාර්ථක විය හැකි ද? රැකියාවක් ලබාගත හැකිද? යනාදීන් හීනමානය නිසා තමන් ගේ යහපත පිණිස කළ යුතු සියල්ල ම අත්හැර හැකිළී සිට කුඩා එසමාන සිතුවිලි ඇති කල්ට් එකකට සම්බන්ධ වෙනවා.

    සමාජය වෙනුවෙන් සටන් කරනවා කියල කිව්වට ඇත්තටම අරගලය තියන්නේ පුද්ගලික මට්ටමෙන් ඔවුන්ගේ පටු රාමුගත මනස් තුල. අවාසනාවකට මේ තරුණ තරුණියන්ට තේරෙන්නේ නැහැ ඔවුන් පෞද්ගලික මට්ටමෙන් සාර්ථක උනොත් තමයි පවුලක්, සමාජයක්, රටක් සාර්ථක වෙන්නේ කියලා. ව්‍යාපාරික අරමුණු ඇතුව සම්බන්ධ පිරිස් හැර මගේ මනෝ විශ්ලේෂණය නම් මේ අරගල බිමේ ඉන්න බහුතරයක් තරුණ තරුණියෝ පුද්ගලික මට්ටමෙන් අන්තිම අසාර්ථක අය. තමන්ගේ ජීවිත වල වගකීමක් ගන්න බැරි ඒ අය කොහොමද රටේ ජනතාවට වගකියන වඩා හොඳ පාලනයක් ගේන්නේ කියන ප්‍රශ්නය අහන්න වෙනවා. මම අරගලයට සම්බන්ධව කටයුතු කල කෙනෙක් නිසා ඒ ගැන මට අවබෝධයක් තියෙනව.

    මේ අයට අරගලයට මිනිස්සු එන්නේ නැතිවෙනකොට තමන්ට තිබෙන පිලිගැනීම නැතිවෙයි කියන බයට තවත් තත්වය උග්‍ර වෙලා විෂාදයට පවා පත්වෙන්න පුළුවන්. ඒ තත්වයේදී ආර්ථික දේශපාලන හෝ ව්‍යුහාත්මක වෙනස් කම් කිරීමට හැකි නිරවුල් මනසක් අරගල බිමේ තරුණ තරුණියන්ට කොහෙත්ම නැහැ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පී කේ කඳපොල ආරච්චි කියා මනෝ විද්‍යාඥයෙක් නැත. ආසන්න නමකට ඇත්තේ වෛද්‍ය එස් පී කඳපොල ආරච්චිගේ සර්ය. එතුමා අපේ ගුරුතුමාය.මේ නිසාම මම ඔහුගෙන් මෙවන් ලිපියක් ලියුවාදැයි ඇසුවෙමි. ඔහු මහා හඬින් සිනාසී මම ඔච්චර මෝඩයෙක් කියලද පුතා හිතාගෙන ඉන්නේ කියා ඇසීය.

      අරගලයේ පැත්ත පළාතකට නොගිය, ඉන්ටර්නෙට් එකෙන් සොයාගත් වචන ටිකක් පටලවා මනෝ විද්‍යාවේ මූලික සිද්ධාන්තවත් නොදන්නා ගොබ්බයෙක් අරගලය පිළිබඳව තම වෛරය, ක්‍රෝධය, ලොවට පෙන්වන ආකාරයට මෙය කදිම නිදසුනකි.

      අවාසනාවකට මේ අප දකින්නේද අරගලයේ අතුරු ඵලයකි. රාජපක්ෂමේනියාව මානසික ව්‍යාධියක් දක්වා ඔඩුදුවන තත්වයකට රටේ සමහර මිනිසුන්ව අරගලය විදින් පත්කරන බව අපට වැටහීමක් තිබුනේ නැත. දැනට මේ රාජපක්ෂමේනියා කාරයෝ මෙවන් විහිළු සහගත විගඩන් කරමින් සිටියත් අනාගතයේ තම මානසික විකෘතිය උත්සන්න වී සැහැසි ක්‍රියාවලට පෙළඹීමට ඉඩ ඇත. අපට ඇති බිය මෙයයි. රජයේ වියදමින් හෝ රටේ සමුහ මනෝචිකිත්සක සායන ඇති කිරීමට කාලයයි.

      Delete
    2. අරගල මල්ලී ඔයා ඔය එල්ලිලා ඉන්නේ පිස්සා එක්ක. ඔය X, Y, Z විදියට එක එක කමෙන්ට්ස් දාන්නේ එකම මන්ද මානසිකයා. ඔයා කිව්වා හරි, මිනිහා රාජපක්ෂෝන්දමායෙන් පෙලෙන්නෙක්. මේ බ්ලොග් එක කරන ප්රෝෆ් චන්දිමවත් මිනිහගේ කොමෙන්ට් සත පහකට ගණන් ගන්නේ නැහැ. ලෙල්ල පැන්න ගමන් කමෙන්ට් එක ඩිලීට් කරනවා. මිනිහගේ ඊළඟ මාගල් කොමෙන්ට් එක ආපුවහම මල්ලිට තේරෙයි මිනිහගේ මන්ද මානසිකත්වයේ දිග පළල.

      අරගල මල්ලී ඔයා ඔය එල්ලිලා ඉන්නේ පිස්සා එක්ක. ඔය X, Y, Z විදියට එක එක කමෙන්ට්ස් දාන්නේ එකම මන්ද මානසිකයා. ඔයා කිව්වා හරි, මිනිහා රාජපක්ෂෝන්දමායෙන් පෙලෙන්නෙක්. මේ බ්ලොග් එක කරන ප්රෝෆ් චන්දිමවත් මිනිහගේ කොමෙන්ට් සත පහකට ගණන් ගන්නේ නැහැ. ලෙල්ල පැන්න ගමන් කමෙන්ට් එක ඩිලීට් කරනවා. මිනිහගේ ඊළඟ මාගල් කොමෙන්ට් එක ආපුවහම මල්ලිට තේරෙයි මිනිහගේ මන්ද මානසිකත්වයේ දිග පළල

      බයවෙන්න එපා මූ වයලන්ට් වෙන්නේ නම් නැහැ. එච්චර පෞරුෂයක් නැහැ මේ මන්දයට. ඔය හැංගිලා නිර්නාමික කමෙන්ට් එකක් දානවා ඇරෙන්න.

      Delete
  4. Mr Ajith Dharmakeerthi,

    I've some potential questions about your actions and beliefs could be:

    1) What led Ajith to steal Soviet nuclear technology and sell it to Western countries?

    2) How did you manage to evade detection and prosecution for such a significant crime?

    3) What is the nature of Ajith Dharmakeerthi's current work with Sri Lankan President Ranil Wickramasinha?

    4) How do you support for Russia during the conflict with Ukraine align with your previous actions and allegiances?

    5) What are the potential consequences for Ajith if your actions were to be exposed or proven to be true?

    ReplyDelete
  5. I'm expecting different opinions on a different perspective from you all to be honest, what I'm asking is what is the end result of the so called Anti Rajapakse "aragalaya" …….. in 2022?

    To be honest emphasising my own views, RW and his henchmen retained the power with the full support of western powers and their ally India. Still, Rajapakse rascals are governing the country under the strict guidance of RW and his masters, the allies.

    I've been closely involved with the Aragalaya in the beginning and I personally know that there were so many deal people in the aragalaya and they diverted the hopes of the ordinary folks to achieve their agendas. Please do not label all as anti "aragala" people, who are criticising the unsuccess story of the aragalaya as UNP or Rajapaksha bayyos… As educated people of the community, we must understand the reality.

    ReplyDelete