Monday 27 February 2023

මට පෙනෙන - කලයුතු දේ


අප බොහෝ දෙනෙකුට අමතක වන කාරණයක් නම් අප මේ ගෙවන්නේ ඉතා සාර්ථක අරගලයකින් මාස කිහිපයකට  පසු සමය බවය. එම අරගලය ඇරඹුණේ "Go Home Gota" තේමාව යටතේය. අරගලකරුවා එම ඉලක්කය කරා මාස කිහිපයකින් ළඟාවිය. අරගල ප්‍රස්තුතය ගෙදර නොව රටෙන්ද පලා ගියේය. එම අරගලය අති සාර්ථක වන්නේ මේ නිසාය. මෙවැනි අරගල මෑත ඉතිහාසයේ තිබී ඇත්තේ අතේ ඇඟිලි ගානටය. අරගලයෙන් පසු සිදුවූ විකාරයට වගකිව යුත්තේ දේශපාළුවාය. අරගලකරුවා ඉටු කල කාර්ය භාරය ඉදිරියට ගෙනයාමට තරම් හයියක් හෝ ප්‍රඥාවක් දේශපාලකයා සතු නොවීය. එය අරගලකරුවාගේ දෝෂයක් නොවේ.

නමුත් මේ අරගලය ලාංකීය ජනතාවගේ මනෝබාවය විශාල වශයෙන් වෙනස් කල බව ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි. ඉන් එක කාරණයක් දේශපාලන විරෝධතාවයන්ට ඍජුවම බලපායි. එනම් "කොළඹ වටලන විරෝධතාවයක්" කී පමණින් දැන් ජනතාව එය සංසන්දනය කරන්නේ අරගලයේ ප්‍රතිපල සමගය. මේ නිසා එදා දහස් ගණනක් කොළඹට පැමිණ ගාලුමුවදොර පිටිය පුරවා ගෙදර යාම දේශපාලන පක්ෂයකට විශාල ජයක් වුවත් අද එය එතරම් ගණන් ගත නොහැකි සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. ඇඟට දැනෙන ප්‍රතිඵලයක් නොමැති විරෝධතාවයක් අද ජනතාවගේ ඇසින් නිෂ්ඵල ක්‍රියාවකි. මා කියන දෙය ඔබට වැටහෙන්නේ ඔබ ඊළඟ විරෝධතාවයට ජනතාව කැඳවන විටදීය.

වේගයෙන් ඉදිරියට පැමිණෙන රැඩිකල් පක්ෂ පැහැදිලි අරමුණක් හෝ ප්‍රතිදානයක් නැති විරෝධතාවලින් දියවී යනු මා මැලේසියාවේදී, තායිලන්තයේදී, සැම්බියාවේදී, පකිස්ථානයේදී, සහ දකුණු අප්‍රිකාවේදී first hand experience තුලින් නිරීක්ෂණය කර ඇත. මීට අමතරව තවත් රටවල් කිහිපයක සිදුවනු අසා ඇත.  

රටක් ආගාධයට වැටුණු මොහොතක පක්ෂයක් වටා බොහෝ විට එක්වන්නේ තරුණ සහ මුල්-මැදිවියේ පිරිසයි. මේ බොහෝ දෙනෙක් තුල උගත්-නූගත් බේදයකින් තොරව යම් අඩුපාඩුවක් ඇත. එනම් ලෝකය පිළිබඳව ඇති අනවබෝධය සහ අවස්ථාව ගැඹුරට විශ්ලේෂණය කිරීමට ඇති නොහැකියාවයි. ඔවුන්ගේ කෝප වූ මනස නිරවුල් චින්තනයට වැට කඩුළු බඳී. රාජපක්ෂලා මෙතෙක් සිදුකළේද, රනිල්, සජිත් ඇතුළු හරිත පක්ෂ සහ වාමවාදී පක්ෂ සිදුකළේද මේ නොමේරු - වියවුල් මනස තම දේශපාලන උන්නතියට යොදා ගැනීමයි. 

මා කුමක් පැවසුවත් NPP වැනි පක්ෂයකට ඉහත පිරිසෙන් ස්වායත්ත විය නොහැක. එම නායකයන්ටද මෙම වියවුල් මනස සන්තර්පණය කිරීමට සිදුවේ. මා සිතන ආකාරයට මේ විරෝධතාවල අරමුණ එයයි. එහෙත් ඉන් සිදුවිය හැකි හානිය බොහෝ විශාලය.

අද ජනතාව බලාපොරොත්තුවන්නේ පවතී අරගලය පන්නයේ ගාමක බලවේගයකින් තම දරිද්‍රතාවයට ආමන්ත්‍රණය කරන operation එකකි. එනම් යම් ඉලක්කයක් අර්ථ දක්වා නොනවතින රැල්ලකින් එය සාක්ෂාත් කරගැනීමයි. මෙම operations කිහිපයක් තිබිය හැක. මට පෙනෙන pathways දෙකක් ඇත. මීට වඩා හොඳ මාර්ග පිළිබඳව ඔබ සිතන්න.

- මුළු රටේම ජනතාව (අඩුම ගණනේ බහුතරයක්) සංවිධානාත්මකව සේවා බිල් නොගෙවා සිටීම (බැංකු ණය වාරික නොගෙවීමට මම යෝජනා කලත් එයට එරෙහිවන ඉහල මධ්‍යම පාන්තිකයන් බොහෝ ඇති බව පෙනෙයි).

- දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් කැඳවීම.


3 comments:

  1. 'අප බොහෝ දෙනෙකුට අමතක වන කාරණයක් නම් අප මේ ගෙවන්නේ ඉතා සාර්ථක අරගලයකින් මාස කිහිපයකට පසු සමය බවය.'

    අරගලය නිසා උනේ රනිල් හාමු ජනාධිපති උන එක නේද ගෝමස්.

    ReplyDelete
  2. මට තේරෙන විදියට නම් ජචිපේ යම් තරමකට පැටලිලා ඉන්නේ තම කාඩරය බූස්ට් කිරීම සහ ආණ්ඩුවට එරෙහිව ගත යුතු නියම ක්‍රියාමාර්ග අතර. මේ ගැන ගැඹුරින් සංවාදයක් කිරීමට සමත් අය මේ ප්ලැට්ෆෝම් එකේ හුඟක් අඩුයි. කලින් ආර්ටිකල්වල බැලුවත් තියෙන්නේ පෞද්ගලික ආරවුල් ගැන විතරයි. ආර්ටිකල් එකට අදාලව දැම්මත් දාන්නේ මන්දබුද්ධික කමෙන්ට්ස්. චන්දිම කැමති නම් අපේ වෙබ් ෆෝරම් එකක් තියෙනවා අපි එතන කතා කරමු. මේකේ වගේ ඇනොනිමස් පිස්සෝ නැහැ එතන. මම ෆේස්බූක් එකේ පණිවිඩයක් එවන්නම්.
    -උපනන්ද (අන්වර්ථ නාමයක්)

    ReplyDelete
  3. เกม สล็อต ฟรี วันนี้ก็ขอเสนอแนะเกมทดสอบเล่นฟรี! พีจี แจกเครดิตฟรี pg slot ในตัวเกมทดสอบ ไว้ให้ผู้เล่นได้ทดสอบเข้าไปสัมผัสเปิดประสบการณ์ใหม่ๆแล้วเกมที่มีชื่อเสียงเยอะที่สุดวันนี้ๆ

    ReplyDelete