Sunday 26 February 2023

අරගලයක වෙනස

ගෝඨාභයට ගෙදර යාමට සිදු වුයේ මහජනතාව දරිද්‍රතාවයට එරෙහිව වීථියට බට නිසාය. එයට නායකත්වයක්, අරමුණක්, ඉලක්කයන් තිබිය යුතු බව මම නැවත නැවතත් ලිව්වෙමි. එම අරගලය ඇරඹුණේ හරි තැනිනි. එහෙත් එයට ඒ ආකාරයටම යම් කාල ලක්ෂයකින් ඔබ්බට යා නොහැකි බව එහි නියමුවෝ අවබෝධ කර නොගත්හ. අද අරගලයේ පෙරමුණ ගත් සමහරෙක් ඉන්න තැන් දුටු විට මට පෙනී යන්නේ මහින්ද+ජොන්ස්ටන් ඔලමොට්ටල කෙලිය නොවන්නට එම නැගිටීම තව සති කිහිපයකින් වියැකෙන්නට තිබූ බවයි. 

අද වීථි බැස ඇත්තේ යම් පාක්ෂිකයන් පිරිසකි. එය ඉතා විශාල විය හැක. නමුත් එය ජන නැගිටීමක් නොවෙයි. එසේම මේ නැගිටීම පාලකයා විසින් පාගා දමන මැතිවරණ අයිතියට එරෙහිවය. එය ඉතා සාධාරණය. එහෙත් එය සමස්ථ ජනතාවට දැනෙන අර්බුදයක් නොවෙයි. මේ නිසා එදා ජනතාව අතර තිබුණ එකමුතුකම අද නැත. 

රාජපක්ෂලාට තිබුණේ මැරකම සහ උද්දච්චකම සංකලනය වූ ක්‍රමවේදයකි. ඔවුන්ට සැබෑ මහජන නැගිටීමකට මුහුණ දීමට තරම් ප්‍රඥාවක් නොවීය. වත්මන් පාලකයා තක්කඩිකම සහ උගුල් ඇටවීම පිළිබඳව පරිණත දේශපාලකයෙකි. එසේම ඔහු දැනීම් හැඟීම් නැති පුද්ගලයෙකි. 

අවසාන වශයෙන් මම දකින්නේ ජවිපෙ අද විශාල වරදක් කරගත් බවයි. වත්මන් පාලකයා එරෙහිව යම් කිසි මට්ටමකින් හෝ වීථියේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි එකම ආකාරය නොනවතින ජන රැල්ලක් ඇති කිරීමය. එනම් පසුගිය අරගලය පන්නයේ ජන රැල්ලක් සමග කොළඹට විත් කඳවුරු බැඳගැනීමයි. පාක්ෂිකයාට වුවත් නැවත නැවත රැළිවලට පැමිණීම වදයක් වෙයි. දිනක් ජීවිතය ගැටගසා ගැනීමත් අභියෝගයක් වූ මේ කාලයේදී එය විශේෂයෙන්ම බලපායි. ඊළඟ විරෝධතාවය දියාරු සටනක් වීමට බොහෝ විට ඉඩ ඇත.

මේ පාලකයා දණ ගැස්වීමට දැනට ඇති අතිශයින් සාමකාමී වූ හොඳම ක්‍රමවේදය ලෙස මා දකින්නේ ජනතාවගේ දරිද්‍රතාවයම ඒ විරෝධය සඳහා උපයෝගී කරගැනීමයි. ඒ ගැන මම පෝස්ට් එකක් පලකලෙමි. එම සටන් කලාවේදී වීරයන් බිහි නොවීම යම් යම් පක්ෂවලට අවාසියක් විය හැක. 



5 comments:

  1. විදෙස් රටවල සිට රටේ මිනිසුන්ට උපදෙස් දෙන්නේ නැතිව ගෝමස් ලංකාවට ඇවිත් කුඩාරමක් ගහගෙන ඉන්නකෝ කොටුවේ

    ReplyDelete
    Replies
    1. කාටද ආයුබොවන්ඩ කියන්නේ? කටින බතල උන්නැහේලා

      Delete
    2. ඔයාගේ ගෑනි ගෝමස්ට පිස්සු වැටිලා හිටපු නිසාද ඔයා මේ ගෝමස් එක්ක මෙච්චර වලි?

      Delete
    3. උපේ අපිට එන වීකෙන්ඩ් එකේ උබේ ගෑනිව සෙට් වෙනවා. පණිවිඩයක් එහෙම තියෙනවද කියන්න. කොන්ඩේ ටිකක් ඉදුනට මාර ලඩිය බං. උම්මා

      Delete
  2. โปร สล็อต pg slot จากเว็บสล็อตออนไลน์ PG-SLOT.GAME ที่ยกเกมสล็อตออนไลน์จากค่ายดังมาอย่างหลากหลายค่ายเกม เช่น pg slot jili joker และอื่นๆอีกมากมายในเว็บเดียว มาแรง 2022

    ReplyDelete