Wednesday 8 February 2023

13A



මම 13 වන සංශෝධනයට එකඟද විරුද්ධද යයි අසමින් පණිවිඩ ගණනාවක් අද මගේ inbox එකට ඇවිත් ඇත. ඔවුන් ප්‍රශ්ණය අසා ඇති අයුරින්ම මට හැඟෙන්නේ ඔවුන් මේ කුමක්ද කියාවත් නොදන්නා බවය. 13 පිළිබඳව විද්වත් සංවාදයක් ඇතිවිය යුතුය. එය මහ පාරේ විසඳා ගත හැකි ගැටළුවක් නොවේ. එසේම බදු හෝ දේශපාලකයාගේ දුෂණය මෙන් එය පොදු ජනතාවට අරගල කර විසඳාගත හැකි ගැටලුවක්ද නොවේ.  

මා දකින ආකාරයට ලංකාවේ ෆෙඩරල් ක්‍රමයට ආසන්න පාලන තන්ත්‍රයක් ඇතිවීම ඉන්දීය මධ්‍යම රජයේ හෝ ලංකාවේ කොළඹ දේශපාලනයේ හෝ දෙමළ සුළුතරය ඇතුළු සමස්ත ලාංකික ජනතාවගේ අභිලාශය නොවේ. එය උතුරු - නැගෙනහිර ද්‍රවිඩ දේශපාලකයාගේ සහ තමිනාඩු දේශපාලනයේ අවශ්‍යතාවයයි. නමුත් දෙමළ ජනතාවට ලබා දිය යුතු බොහෝ දේ ඇත. ඒ ෆෙඩරල් ක්‍රමයක් නොව සැනසිල්ලේ අභිමානවත් මිනිසුන් ලෙස ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් ටිකයි. දෙමළ දේශපාලකයා කවදාවත් දෙමළ ජනතාවට මේ දේ දිනා දීමට උත්සහ කලේ නැත. ඔවුන්ට අවශ්‍ය වුණේ දෙමළ සමාජයේ ඇති කුල ක්‍රමය දඩමීමා කරගෙන යහතින් වැජබෙන්නය. ඔවුන් සිංහල දේශපලුවාගෙන් වෙනස් නැත. 

සුද්දා දකුණු ඉන්දියාවෙන් වතු කම්කරු වැඩ සඳහා ලංකාවේ මධ්‍යම කඳුකරයට මිනිසුන් ගෙන ආ කාලයේම ඒ මානව සම්පත් ප්‍රභවයෙන්ම දකුණු අප්‍රිකාවටද කම්කරුවන් රැගෙන ආවේය. ඔවුන් බොහෝ දෙනෙක් නැවට නගින තෙක් තමාව රැගෙන යන්නේ කොතැනටදැයි දැන සිටියේ නැත. ලංකාවට යන නැවට ගොඩවූ අවාසනාවන්තයන් අදටත් වතු කම්කරුවන් ලෙස දුක්ඛිත ජීවිත ගත කරති. ඔවුන්ගේ ඉතා සුළුතරයක් දේශපාලකයන් වී සියළු යස ඉසුරු ලබති. දකුණු අප්‍රිකාවට ගිය නැවට ගොඩ වුවන්ගේ හතරවෙනි හෝ පස්වෙනි පරම්පරාව මේ වන විට මෙරට ධනවත්ම වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් බවට පත්ව ඇත. 

මම හෝ වෙනත් කිසිවකු හෝ 13A ට පක්ෂද විරුද්ධද ආදී ප්‍රශ්න ඇසීමෙන් කිසිවෙකුටත් පලක් නැත. ඒවා අරුත් සුන් ප්‍රශ්නය. මුලින්ම 13A හොඳින් කියවන්න (පහත ඒ සඳහා link එක ඇත). ඉන් පසු අවශ්‍ය නම් එහි එක් එක් වගන්තිය පිළිබඳව ඔබේ අදහස් දක්වා ඉන්පසු මගේ අදහස අසන්න.


https://www.lawnet.gov.lk/thirteenth-amendment-to-the-constitution-2/

3 comments:

  1. චන්දිම ඔබ දමිළ දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකත්වය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලනඥයන් ගැන පවසන කතාව ගැන සම්පූර්ණයෙන්ම එකඟයි. මම හිතන්නේ උතුරේ දේශපාලනඥයන් දකුණේ අයටත් වඩා එම ක්ෂේත්‍රයේ ඉතාමත් දූෂිත අවස්ථාවාදී කපටි දේශපාලනයක් සිදු කළ බවයි.

    දැනට ලංකාවේ පවතින තත්ත්වය තුළ උතුරේ සහ දකුණු පැත්තේ ලාංකීය පුරවැසියන් අතර ඇති එදිරිවාදිකම් බොහෝ දුරට සමනය වී ඇති බවත් දේශපාලකයන් සහ උන්ගේ ගෝලයන් හැර බහුතර ජනතාව අතර එබඳු දමිළ සිංහල ජාතිවාදී ගැටළුවක් නොමැති බව පේනවා නේද?

    කෙසේ වෙතත් මීට වසර පණහකටත් පෙර ඉතිහාසය ගත් විට ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගය නමින් දැනට එන නාමික පක්ෂයේ සැබෑ පක්ෂයත් 1971දී සමගි පෙරමුණු රජයට විරුද්ධව කැරලි ගහලා ඒ ආණ්ඩුව දුර්වල කරලා 1977 මහමැතිවරණයෙන් 5/6 ක බලයක් ලබාගන්නට JRට පාර කපා දී ජවිපෙ ජේආර් ට රතු පලසක් වූවා. එම දකුණේ කැරැල්ල දැකපු උතුරේ ඇතැම් උන්නතිකාමී තරුණ තරුණියන් උතුරේත් ආණ්ඩුවට එරෙහිව වඩාත් සංවිධානාත්මක ලෙස කැරැල්ලක් ඇති කිරීම සඳහා පෙළඹවූ අතර තමිල්නාඩු දේසපාලුවන්ගේ සහ ඉන්දීය මධ්‍යම රජයේ විශාල අනුග්‍රහය තුලින් යුධ පුහුණුව සහ නවීන අවි ආයුධ වලින් සන්නද්ධ වීමට ඔවුන්ට හැකි වුණේ ජේ ආර් ජයවර්ධනගේ අබ්බ ගොබ්බ ඉන්දීය විරෝධී විලම්බීත විදේශ ප්‍රතිපත්තිය නිසාත් බටහිර රටවල් ඒ මොහොතේ ඉන්දියාව තරහ කරගෙන ලංකාවට සහයෝගය දීමට කිසිම විදිහකින් කැමති නොවීමත් නිසයි.

    එජාපය දැඩි ලෙස පිරීහී ගිය ලංකාවේ ඉන්පසු 1989 මැතිවරණයේදී ප්‍රේමදාස යනඑන මං නැතිව ඉන්නැද්දී ඡන්දය දැමීම මරණ තර්ජන වලින් වලකා හොර ඡන්ද දාගන්න ප්‍රේමදාසට පිහිට වී ජවිපෙ ප්‍රේමදාසට රතු පලසක් වූවා. ඉන්පසු චන්ද්‍රිකා සහ මහින්දට මුක්කු ගසා ජවිපෙ නැවතත් හොරගොල්ල චෝර රැජිණට සහ නීල කාස කම්බා හොරු වූ මැදමුලනට රතු ප්ලස් වූවා. අද.. ගිය වසර මුලදී 2022 පෙබරවාරි වන විට ගෝටා විරෝධයේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරනු යන්නයි. රනිල් ජනාධිපති වූ වහාම ජවිපෙ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු යන සටන් පාඨය අකුලා සඟවා ගත්තා පමණක් නොව මාලිමාව විසින් අනුර කුමාර ඊලඟ සර්වබලධාරී විධායක ජනාධිපති බව ප්‍රචාරය කරමින් සිටී. තවද මහමැතිවරණයක් වෙනුවට පලාත් පාලන මැතිවරණයක් එලියට ඇද උලුප්පා ප්‍රචාරයක් දී සැබෑවටම ආණ්ඩුව වෙනස් කළ හැකි ආකාරයක මහමැතිවරණයකින්ද රනිල්ව රැකගෙන ඇත. ඒ අනුව අද ජවිපෙ රනිල්ටද රතු පලසක් වී තම ඓතිහාසික සම්ප්‍රදාය ඉටු කරමින් සිටී.

    අනිත් පැත්තෙන් රටේ නිල විපක්ෂ නායක වන සජිත් ප්‍රේමදාස තම පියාගේ වර්ණනාව කරමින් ජනතාවට ජෝක් සපයමින් මොකක්දෝ අපට නොතේරෙන මගුලක් කරමින් සිටින නමුත් ඔහුට ලංකාවේ සැබෑ ප්‍රශ්න කිසිම දෙයක් තේරුම් ගෙන ඇති බව නොපෙනේ. ඔහුගේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක ප්‍රචාරක කටයුතු කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නිසාත් සජිත්ට මෙදාපාර අන්ත පරාජයක් ලැබෙනවා නියතයි. කුප්‍රකට බැක් සයිඩ් කතා කරලා විතරක් කොහොමද ජනතාවට සේවය කරන්නේ? කිසිදු උගත් කමක් හෝ දක්ෂ කමක් නොමැති එබඳු වල්බූරු අම්මන්ඩි ටයිප් එකේ චරිතයක් වශයෙන් එතුමිය මොනවාද පාර්ලිමේන්තු ඇවිත් කරන්නේ? කුනුහරුප කියන්නට ඇති දක්ෂ කම විතරයි. රන්ජන් රාමනායක හිරේ හිටියේ නමට විතරයි. ගජමිතුරු හිතමිතුරන් වූ රාජපක්ෂ සොරමුල ඌට සියලුම සැප සම්පත් ඇතිව ශරීර උත්තේජක ඇතුලු බටහිර කෑම ලබාදී පුස්බට්ටා වගේ මහතට හිටියේ. දුමින්ද සිල්වා නමැති වසලයා හිරේ ඉන්න විදිය රඟපාමින් විවේචනය කරාට හිරුණිකා පවා රාජපක්ෂ පුත්තුන්ගේ සම්පූර්ණ සහාය ලැබූ රන්ජන් හිරේදී උපරිම සැප අරගත්ත හැටි කියන්නේ නැහැ. ඉතින් මෙබඳු ගර්හිත දේසපාලුවන්ගෙන් කුමක්ද ඔබට හෝ අප සැමට පොදුවේ බලාපොරොත්තු විය හැක්කේ ?

    ReplyDelete
  2. රනිල් ගැන ගොඩක් අය‍ අදහන බොරු අතරෙ මං විශ්වාස කරන බොරුවකුත් තියෙනවා. මං හිතන්නෙ නෑ රනිල් ගැන ඇත්ත අපි කිසි කෙනෙක් දන්නවා කියල. එහෙම කවුරුවත් ගැන දැනගන්න තරම් දේශපාලනයේදී සාවධාන වීමක් සිද්ද වෙන්නෙ නෑ කොයි පැත්තකින් වුනත්. ඒත් මෙහෙම දෙයක් තියෙනවා. හැමවෙලාවකම බහුතරය ඉන්න පැත්ත කියන්නෙ අනිවාර්ය ලෙසම වැරදි පැත්ත. අසංවේදී පැත්ත. වඩා අන්ධ වූ ඇදහිලිවන්ත පැත්ත.

    රනිල් ගැන මගේ බොරුව මෙහෙමයි. රනිල් කියන්නෙ තමන්ගෙ දේශපාලන ඉතිහාසය ඇතුලෙ කිසිම දවසක ජාතිවාදය, වර්ගවාදය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. දේශපාලන බලය වෙනුවෙන් මේ තුරුම්පුව ලංකාවෙ අනිත් හැම කෙනෙක්ම පාවිච්චි කරලා තියෙනවා. ජවිපෙ මේක උඩින්ම පාවිච්චි කරපු පක්ෂයක්. අදත් ජවිපෙට මේ අන්තය අතාරින්න අමාරුයි. සජිත් ඕන වෙලාවක මෙතන හිටගන්නවා. ඒක තමයි ලංකාවෙ බලය දිනන ලේසිම ක්‍රමය.
    අනික ලංකාවෙ බහුතරයට රනිල් එක්ක තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. උන් රනිල්ට කැමති නෑ. රනිල් විසින් උන්ව ඉන්ටිමේඩේට් කරනවා. අපහසුතාවයට පත්කරනවා. හීනමානයක් ඇති කරනවා. මං කැමතියි එහෙම පෞර්ෂයන්ට. අපිව පර්සනලි අවුල් කරන මිනිස්සුන්ට. ආදරෙන් බදා වැළඳගෙන පපුවෙන් කතා කරන හැගුම්බර මිනිස්සුන්ට වඩා අපිව එකසිස්ටන්ෂල් ක්‍රයිසිස් එකකට දාන මිනිස්සු අසිරිමත්.

    රනිල් ඉන්නෙ තනියම. රනිල් කියන්නෙ පක්ෂයක් නෙමෙයි. හැමෝටම තමන්ගේ පිරිස වැඩි කරගන්න කියන්න වෙන බොරු, ඇති කරගන්න වෙන එකගතාවලට වඩා තනියම තමන් පිළිගන්න ස්ථාවරයක පෙනී ඉන්න මිනිස්සුන්ට මං කැමතියි. මිනිස්සු තමන් ඉන්න පැත්තට ආවොත් මිස තමන් මිනිස්සු ඉන්න පැත්තට නොයන එළඹුමට මං ගරු කරනවා. ජවිපෙ මෙතනදි ඉතාම දුර්වලයි. ඊයෙ විවේචනය කරපු දේ වෙනුවෙන් අද පෙනී ඉන්න තරම් පෞර්ෂයෙන් දුර්වලයි. උදා විදිහට මෑතක වෙනකල්ම ජවිපෙ විශ්වාස කලේ සමලිංගිකත්වය රෝගයක් කියල. කාන්තාවන් මත්පැන් පානය කිරීම වැලැක්විය යුතුයි කියල. ආගම අබිං කියල. අයිඑම්එෆ් යන්නෙ නෑ කියල. රජයේ රස්සා වැඩි කරන්න ඕන කියල. තව බොහෝ දේවල්. අඩුම තරමෙ ඒ පෙනී හිටපු අතීත තැන ගැන විවේචනයක් හෝ නැතිව ජවිපෙ ආස්ථාන මාරු කරනවා. ඒක මානසික රෝගී තත්වයක්.
    මං කැමතියි හුදකලා වෙන මිනිස්සුන්ට. රංචුව විසින් ඔසවා ගන්න මිනිස්සුන්ට වඩා. ගෝටාබය වුනත් ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා හුදකලා වුනු තැන පටන් මං මනුස්සයෙක් විදිහට ගෝටාට ආදරය කරනවා. ඒ වේදනාව හෝ හුදකලාව බෙදාගන්න පුළුවන් නම් ඒක කරනවා. හුදකලාව විසින් මිනිස් පැවැත්මේ ඉතා ගැඹුරු තලයන් ස්පර්ශ කරනවා.

    රනිල් කියන්නෙ හුදකලා මිනිහෙක්. ලිංගික අනන්‍යතාවයක් විදිහට මහා සමාජය විසින් හුදකලා කළ මිනිහෙක්. පොදු සංස්කෘතියට පිටස්තර සංස්කෘතියක් දැරීම නිසා හුදකලා කරන මිනිහෙක්. පොදු විශ්වාසයන් සමග අනන්‍ය නොවන නිසා හුදකලා කරන මිනිහෙක්. එතනදි රනිල්ව මට දැනෙන ප්‍රමාණය පොදු එක සමග අනන්‍ය මිනිහෙක් දැනෙන ප්‍රමාණයට වඩා වැඩියි.
    අනික මේ වෙලාවෙ රනිල් පිහිටන තැන. ඒක ඓතිහාසිකයි. ජනවරමකින් නැතිව ව්‍යවස්ථා වරමකින් ලැබුණු ධුරයක්. බංකොලොත් රටක්. පිස්සු කෙළින ජනතාවක්. තමන්ගෙ එකම හයියට ඉන්නෙ ඉතිහාසයක් පුරා තමන්ගෙ ප්‍රතිවාදියාම වුනු තැනක්. අවසාන අවස්ථාවක්.
    ඒක තනි මිනිහෙකුට සෙල්ලම් කරන්න ලේසි ගේම් එකක් නෙමෙයි. අනුර වගේ කෙනෙක් නම් කලිසමේ මුත්‍රා පහවෙන තරමෙ එකක්. ඒත් රනිල් තෝරගන්නවා උත්සාහ කරමින් මියැදීම යහපත් කියල. ඒක මිනිහෙක් විදිහට ජීවිතේ ගහන අවසාන කැරැල්ලක්. ඒ ගැන මට තියෙනවා ගෞරවයක්.

    ඉතිං ඔය විදිහට රනිල් ගැන මගේ බොරුව තව දුර යනවා.

    ReplyDelete
  3. Pg slot แตกง่าย เกมแจ็คพอต PG SLOT เป็นอีกหนึ่งต้นแบบเกมทำเงินยอดนิยมเยอะที่สุดในปี 2021 นี้ มีเรื่องราวชักชวนติดตาม และก็มีภาพกราฟิกที่ชัดเจนงดงามสูงที่สุดอีกด้วยเล่นเลย

    ReplyDelete