Wednesday 15 February 2023

පහර දීමේ කලාව


විල්බර් ස්මිත්ගේ නවකතා පොතක මවක් තම පුතාට දෙන අපූරු අවවාදයක් මට කිසි කලෙකත් අමතක වන්නේ නැත. දකුණු අප්‍රිකාවේ 19 වන ශත වර්ෂය යනු ඉතා අසීරු කටුක යුගයකි. සිය පැවැත්ම සඳහා විවිධ පුද්ගලයන් සමග නිතර ආරවුල් වලට පැටලෙන තම පුතුට ඇය මෙසේ කියයි 

"සටනකට කෙනෙකු කැඳවන විට ඉවසන්න. තමන්ගේ භූමියේ තමන්ගේ නීතිරීති වලට අනුව සටන කල හැකි අවස්ථාවට පැමිණෙන තෙක් පහර නොදෙන්න.". 

තවත් තැනක ඇය මෙසේ කියයි "ජයග්‍රහණය කල නොහැකි යුද්ධයක් කිසි විටෙක අරඹන්න එපා". 

යුද්ධය ඇරඹීමට පෙර ජයග්‍රහණය කල හැකි නොහැකි බව දැනගන්නේ කෙසේදැයි කෙනෙකුට ඇසිය හැක. සාමාන්‍ය මිනිසෙකුගේ සහ ජයග්‍රාහී රණශුරයකු අතර ඇති වෙනස මෙයයි.

පහර දීම කලාවකි. මානව ඉතිහාසයේ ඇරඹුමේ සිට සිදු වූ කඩු, කිනිසි, දුනු ඊතල, අතින් පයින් කල පහර දීම් අදටත් පවතී. එහෙත් බොහෝ තැන්වල සටන් මාධ්‍ය වෙනස් වී ඇත. එදා තිබූ සාම්ප්‍රදායික  අවි වෙනුවට අද ඊමේල, සමාජ මාධ්‍ය, බ්ලොග් සටහන්, විද්‍යුත් මාධ්‍ය ආදී ක්‍රමවේද රාශියක් බිහිවී ඇත. මීට අමතරව වාග් ප්‍රහාරය එදා සිට අද දක්වා තියුණු සටන් ක්‍රමවේදයක් ලෙස පවතී. 

--------------------------------------------

පහරදීමේ කලාව පරතෙරටම හදාරා තිබූ ජන සමුහයක් වුයේ ජපානයේ සිටි සමුරායිවරුන්ය. පහත විස්තර මට කිව්වේ සමුරයිවරුන්ගෙන් පැවත එන පරපුරකට අයත් මහාචාර්යවරයෙකි.

සමුරායිවරුන් අතර පහරදීමේදී අනුගමනය කරන දැඩි රීති සම්ප්‍රදායක් තිබුණි. ඔවුන් පහර නොදිය යුතු අවස්ථා හතරක් අර්ථ දක්වා තිබුණි.

පහර නොදීමෙන් ඇතිවන අවාසියට වඩා එයින් ඇතිවන වාසිය වැඩි විට පහර දීමෙන් වලකින්න 

පහරදීමෙන් ඇතිවන වාසියට වඩා එයින් සිදුවන අවාසිය වැඩි විට පහර දීමෙන් වලකින්න 

කිසිම වාසියක් හෝ අවාසියක් නොමැතිව විනෝදයට පහර දීමෙන් වලකින්න 

ඊර්ෂ්යාව සහ ක්‍රෝධය සමහන් කරගැනීමට පහර දීමෙන් වලකින්න 

ඔවුන් ආත්ම අභිමානය උදෙසා පහර දීම උත්තරීතර කර සැලකීය එහිදී ඔවුන් වාසි අවාසි පිළිබඳව තැකීමක් කරන්නේ නැත. 

ඉහත කරුණු අදටත් පහර දීමේ කලාව ප්‍රගුණ කරන අයට ඉතා වැදගත් වේ. 

--------------------------------------------

පහර දීමේ කලාව ගැන සම්පුර්ණ අධ්‍යයනයක් කල හොත් ඒ ගැන පිටු හත් අටසීයක් පොතක් ලිවිය හැක. මේ නිසා මම සමාජ මාධ්‍ය හරහා පහර දීම පිළිබඳව පමණක් කෙටි සටහනක් තබමි. 

ඔබ කෙනෙකුගේ සමාජ මාධ්‍ය අඩවියකට ගොස් ඔහුට පහර දීමේදී ඉහත මව විසින් කියා දුන් පාඩම හොඳින් මතක තබා ගන්න. කෙනෙකුගේ සමාජ මාධ්‍ය අඩවියේ පරිපාලනය එම පුද්ගලයා සතුය. එම අඩවියේ පලවිය යුත්තේ හෝ නැත්තේ කුමක්ද යන්න තීරණය කිරීම ඔහු හෝ ඇය සතුය. මේ නිසා ඔබ කෙනෙකුගේ අඩවියක අදහස් පලකිරීමට යාමේදී ඉතා සැලකිලිමත් වන්න. නැත්නම් ඔබට එය පාරාවළල්ලක් විය හැක. 

සමහරුන් සමාජ මාධ්‍ය තුල fake account හෝ anonymous ලේබලයේ සැඟවී පහර දීමට උත්සුක වෙයි. මෙයද ඉතා භයානක සෙල්ලමකි. නුතන ලෝකයේ AI algorithm වැනි තාක්‍ෂණික මෙවලම් හරහා කෙනෙකුට fake profile එකේ සැඟවී සිටින ඔබව සොයාගත හැක. විශේෂයෙන්ම ඔබ සමාජ මාධ්‍ය තුල නොයෙකුත් නම් වලින් මෙන්ම ඔබගේ නියම ස්වරුපයෙන්ද සැරිසරයි නම් ඔබගේ භාෂා හැසිරීම සහ යෙදුම් ආශ්‍රයෙන් ඔබව track කිරීම පහසුය. මෙහිදී ඔබව නිරාවරණය කරගත් පුද්ගලයාට ඔබට එදිරිව දැවැත්ත ප්‍රහාරයක් එල්ල කල හැක. ඒ ඔබ කව්දැයි ලොවට කීමෙන් නොවේ. ලෝකයටම ඔබ කවුදැයි ව්‍යංගයෙන් හැඟවෙන පරිදි ඉතා දරුණු ආකාරයෙන් ඔබගේ චරිතය ඝාතනය කිරීමෙනි. මෙහිදී බොහෝ විට පහර දෙන්නාද නිර්නාමිකව පැමිණිය හැකි බැවින් ඔබට කිසිවක් කරකියාගත නොහැකි වනු ඇත.  

5 comments:

  1. https://www.wilbursmithbooks.com/courtney-family-tree/centaine-de-thiry

    ReplyDelete
  2. ප්රෝෆ්, මම ඊයේ දැක්ක පිස්සාගේ comment එකයි එකට ආපු counter comments ටිකයි. අද උදේ මම comment එකක් දාන්න හිටියේ නමුත් මම හිතන්නේ ප්රෝෆ් වෙන්න ඇති comments මකල. මේකා ලෝකේ ගැන මෙලෝ හසරක් දන්නේ නැති අමු මන්ද ඩයල් එකක්නේ. ඒ මදිවට අන්තිම බොළඳ ගොබ්බයෙක්. ප්රෝෆ්ව බය කරන්න හදන විදිය දැක්කම හිනාව නවත්තගන්න බැරි වුණා. දෙකේ පන්තියේ ටීක් ගහන කොල්ලෝ වගේ. සේපාල්ගේ සීන් එකේදිත් ඔය වගේ මන්ද ටෝක් එකක් දීල තිබුණ. ප්රෝෆ් එක එක්කෙනා කිව්වට පිස්සාගේ comments මකන්න එපා. මිනිහගේ මන්ද comments වලටත් වඩා නැගල යන්නේ අනෙක් අය දාන replies. මම හිතන්නේ දැන් ඒවා කියවන්නම fan base එකක් සෙට් වෙලා ඉන්නවා.

    ReplyDelete
  3. โปร สล็อต pg slot จากเว็บสล็อตออนไลน์ PG-SLOT.GAME ที่ยกเกมสล็อตออนไลน์จากค่ายดังมาอย่างหลากหลายค่ายเกม เช่น pg slot jili joker และอื่นๆอีกมากมายในเว็บเดียว มาแรง 2022

    ReplyDelete
  4. "รีวิวเว็บที่เล่นจริง ทำเงินได้ไว magame88 เล่นได้เพียงไม่กี่นาที ก็สามารถทำเงินได้แล้ว สล็อตเว็บใหม่ รวมเกมมากมาย ทำเงินได้สูงสุดหลักแสนบาท เล่นเวลาไหนก็สามารถทำเงินได้ เว็บทำเงินโบนัสแตกง่าย ถอนไวมาก
    "

    ReplyDelete