එකමත් එක රටක, තරමක වත් පොහොසත් කමක් තිබුණු ගොවියෙක් හිටිය මණ්ඩුක කියල. මණ්ඩුකට හිතේ ලොකු බයක් තිබුන තමන්ගේ ගේ කොයි වෙලාවක හරි හොර හතුරෝ බිඳී කියල.
මිනිහගේ වත්ත මායිමේ රූස්ස නුග ගහක් තිබුනා. මේකට අධිපති රුක් දෙවි කෙනෙක් ඇතියි කියල හිතුව මණ්ඩුක, හැමදාම උදේ හවස නුගේ ළඟ පහනක් තියල රුක් දෙවියන්ට පිං දීල එහෙම ඉල්ලා හිටිය එයාව හොර හතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න කියලා.
ඇත්තටම මේ නුගේට අධිපති රුක්ෂ දේවතාවෙක් හිටිය. මේ දෙයියා මණ්ඩුක ගැන බොහොම පැහැදිලා දවසක් මිනිහා ඉදිරියේ පෙනී හිටියා. බය බිරාන්ත වෙලා බලාගෙන ඉන්න මණ්ඩුකව අමතලා රුක් දෙවියෝ මෙහෙම කිව්වා.
"එම්බා නරය. මම තා පිළිබඳව බොහෝ සේ පැහැදී සිටිමි. සොර සතුරන්ගෙන් ආරක්ෂාවීම සඳහා මම නුඹට බලගතු රන් කඩුවක් දෙමි. සොර සතුරන් පැමිණියහොත් මෙයින් පහර දෙනු. එම කඩු පහරවල් වදින ඔවුන්ගේ හිස් සත් කඩකට පැලී යනු ඇත".
මෙහෙම කියල දෙවියෝ අපූරුවට දිලිසෙන රත්‍රන් කඩුවක් මණ්ඩුකට දීල නොපෙනී ගියා.
එදා ඉඳන් මණ්ඩුකට තිබුන ලොකුම හිසරදය තමයි මේ රත්තරන් කඩුව පරිස්සං කරන එක. මිනිහා ඒක පෙට්ටගමේ යටම හංගලා. ඊට උඩින් වී දාල. ඊටත් උඩින් පරණ ලී කෑලි අතුරලා පෙට්ටගම වහල ලොකු ඉබ්බෙක් දැම්ම. ඊට පස්සේ පෙට්ටගම උඩ පැදුරක් එලාගෙන එකේ තමයි රෑට මිනිහා නිදා ගන්නේ. තමන්ගේ අඹු දරුවෝ ගැනවත් විස්වාසයක් නැති නිසා දවස තිස්සෙම පෙට්ටගම වටේට කැරකි කැරකි ඉන්නවා.
දැන් රුක් දෙවියාට පහන් තියන්න යන්න වෙලාවකුත් නැහැ. වගා කටයුතු බලා කියාගන්න විදියකුත් නැහැ. ඉතින් ඔහොම අවුරුදු ගානක් ඉඳල රත්තරන් කඩුවක හිමිකාර දුප්පත් ගොවියෙක් විදියට මණ්ඩුක මිය පරලොව ගියා.
- මේ විසි එක් වෙනි සියවසේ සිටින මණ්ඩුකලාටයි.
දෙවියෝ උනත් දැනගන්න ඕනි නොගැලපෙන දේවල් නොදී ඉන්න.. සමහරු කඩුවෙන් කපා ගන්නවා.. සමහරු කඩුව ආරක්ෂා කරන්න ගිහින් තමන් විනාශ වෙනවා.. 2/3 ගැන එහෙම නොවෙයි මේ කියන්නේ. :)))
ReplyDeleteමෙවර රජය ලද ජනවරම මේ රන්කඩුව වගේ . පාවිච්චි කරයිද කියන එක තමයි ප්‍රශ්නේ . හරි ප්‍රතිපත්ති සම්පාදනය කරලා ක්‍රියාත්මක කලොත් අනාගතය හොද වේවි .
ReplyDeleteමට හිතෙන විදියට මේ කතාව සරල දේශපාලනයට වඩා ගොඩක් ගැඹුරුයි. තවම ගලපගන්න බැරි වුනා.
ReplyDeleteපොජාචන්ච්‍රවාදෙ ගැනනේ මේ ලියා තීන්නෙ.
ReplyDelete