Tuesday 12 May 2020

නොපෙනෙන ගිනි පෙනෙන කල


එය 2009 වසරේ මැයි මස අවසන් සතියයි. ලංකාවේ යුද්ධය නිම වුනත් එහි අවසන් ගිනි පුපුරු තැනින් තැන විහිදෙමින් තිබුණි. මා එවන විට සිටියේ ස්වීඩනයේය. ලංකාවේ එවකට පැවති ප්‍රධාන පුවත්පතක සේවය කල මාව නමින් හඳුනන මහතෙක් ඊමේලයක් මගින් ඉල්ලීමක් කළේය. එනම් ජනතාවට දැනෙන, යුද්ධ ජයග්‍රහණයෙන් ඔබ්බට වූ යමක් පිළිබඳව මට ලිපියක් ලියා දිය හැකිද යන්නය. මා ඔහුගේ අපේක්‍ෂාව වරදවා තේරුම් ගත්තා යැයි අද මට සිතේ. 

මට තවමත් එම ලිපියේ ශිර්ෂ පාඨය මතකය. 

කොටි සංවිධානය කල යුතුව තිබුණ දේ!

මම සතියක් පමණ කාලයක් ඉතා වෙහෙසවී කරුණු රැස් කර LTTE සංවිධානය යුද්ධය සඳහා වැය කල මුළු මුදල සහ සම්පත් පිළිබඳව ඇස්තමේන්තුවක් සකස් කලෙමි. ඉන් පසු ලංකාවේ ව්‍යාපාර හා ඉඩකඩම්වල වත්කම් පිළිබඳව තක්සේරුවක් කරමින් මා පෙන්වා දුන්නේ කොටි සංවිධානය සතුව තිබූ සහ දැනටත් තිබෙන වත්කම් වලින් 90% පමණ වැය කළා නම් ලංකාවේ තිබෙන ව්‍යාපාර සහ අධි වටිනාකමකින් යුත් ඉඩකඩම් වලින් වැඩි ප්‍රමාණයක් නිත්‍යානුකූලව ඔවුන් සතු කරගත හැකිව තිබූ බවයි. මෙහිදී ප්‍රධාන වශයෙන් මාධ්‍ය ආයතන, සුපිරි වෙළඳ සැල්, වෙළඳ ප්‍රචාරණ සමාගම්, මුල්‍ය ගනුදෙනු හා සම්බන්ධ ආයතන, ප්‍රවාහන සේවය සහ නිවාස සංකීර්ණ වල අයිතිය පවරා ගැනීමේ වැදගත්කම පිළිබඳව මම පෙන්වා  දුනිමි.

ලිපියට අගය එකතු කිරීමක් ලෙස මම සංක්‍රමණික ඉන්දියානුවන් කෙන්යාව, ටැන්සානියාව, දකුණු අප්‍රිකාව ආදී රටවල මෙන්ම කැනඩාව, සහ යුරෝපය ආදී බටහිර ලෝකයේද සුදු මිනිසුන්ගේ ව්‍යාපාර සුක්‍ෂමව අත්පත් කරගැනීම සඳහා යෙදු ක්‍රමෝපායන් පිළිබඳවද විග්‍රහයක් කලෙමි. අවසානයේ මගේ නිගමනය වුයේ LTTE සංවිධානය 1990 දී මේ ව්‍යාපෘතිය ඇරඹුවා නම් 2010 වන විට ඔවුන්ට ලේ සෙලවීමකින් තොරවම ඊළම නොව මුළු ලංකාවම අත්පත් කරගත හැකිව තිබූ බවයි. එසේ නම් ජාත්‍යන්තරයද ඔවුනට දිනාගත හැකිව තිබුණේය.

එම ලිපිය කිසිදාක පල නොවීය. මගෙන් ඉල්ලීම කල මහතාගෙන්ද කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණි. එය හොඳකට වුවා යයි අද මට සිතේ. මම පසුගිය දින කිහිපයේ ගලවා පසෙක දමා තිබූ පරණ පරිඝනක වල hard disc පීරමින් මෙම ලිපිය සෙව්වත් එය හමුවුණේ නැත. 

කෙසේ නමුත් මට සිතුණු දේ පසු කාලයකදී වත් කොටි සංවිධානයේ නෂ්ඨාවශේෂ වලට නොසිතුණා යයි මම කිසිසේත් නොසිතමි. යුකැලිප්ටස් කැලයක බිම වැටුණු කොළ රොඩු තට්ටුවට යටින් දිවෙන ලැව් ගින්නක් සේ මේ තත්වය ලංකාවේ ප්‍රධාන නගර පුරා මේ වන විට දිවයන බවට මට ඉවක් දැනේ. 



12 comments:

  1. රටට ආදරේ වියතුන්,උගතුන්,බුද්දිමතුන් එක්වියයුතු කාලයයි මේ.ඔබ වැනි,

    ReplyDelete
    Replies
    1. රටට ආදරේ අය අර එකතු වෙලා ඉන්නේ මොකද්ද මගක් එක්ක. මේ මහත්තයා ට ඔය ඉන්න තැන ඉන්න දෙමු. එතකොට අඩුමගානේ කවුරුහරි එයාගෙ දැනුමෙන් වැඩක් ගනී.

      Delete
    2. ශ්‍රී ලංකාව තුල පවතින දේශපාලන රාමු සියල්ලටම පිටින් සිට බලන විට මට අවබෝධ වන එක කරුණක් ඇත. එනම් ලංකාව සැබෑ සංවර්ධනයක් අත් කරගැනීමට (එසේ කරගන්නවා නම්) තව බොහෝ කලක් ගතවන බවයි. මීට හේතුව දේශපාලකයා වෙනස් කිරීමට ඇති අසීරුතාවය නොව, ජනතාව වෙනස් වීමට දරණ අකමැත්තයි. වෙනස් වීමට අකමැති ජන විඥානයක් වෙනස් කිරීම ඉතා පැහැදිලි සැලැස්මක් අනුව දීර්ඝ කාලයක් තුල සිදුකල යුතුය. මෙය මා දකින ආකාරයට අපගේ ජීවිත කාලය තුල සිදුවේ යයි සිතීම අසීරුය. මේ කාරණය අවබෝධ කරගත් පසු මම ලංකාව සංවර්ධනය කිරීමට සක්‍රිය දායකත්වයක් ලබා දීම පිළිබඳව අදහස බැහැර කරගත්තෙමි. හැකි හැම උදව්වක්ම ඈතින් සිට ලබා දෙමි.

      Delete
    3. ඔබ හිතන හැටි හරියටම හරි. වෙනස් වෙන්න ඕන ජනතාව හිතන හැටි. දැන්ම සැලසුම් කිරීම කලොත් තව පරම්පරා හතරක් අටකට විතර පස්සෙ ප්‍රථිපල ලබා ගන්නට හැකි වේවි.

      Delete
  2. ඒ ලිපිය ආයෙත් ලියන්න පුලුවන්නම් ඒක කියවන්න බලාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඒ සඳහා දත්ත එක් රැස් කිරීම දැන් ඉතා අපහසුය.

      Delete
  3. ඒ ඔබට සිතුන දෙය, කොටි සන්විධානය කෙසේ වෙතත්, වෙනත් ජන කොටසක් මීට බොහෝ කලකට පෙර තේරුම් අරගෙන ඇති බව නේද ඔබ පවසන්නේ?
    එය කකුල ඇතුලින් කුනුවීමට පටන් ගෙන අවසානයේදී මතුපිටට පැමිනෙන තුවාලයක් වැන්න. කකුල කැපීම හෝ, එමගින්ම මරනයට පත්වීම හැර වෙන අන් විසදුමක් ඔබට පෙනේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔබ දකින්නේ නිවැරදිම චිත්‍රය නොවේ. ඔබ සඳහන් කරන ජන කොටසේ ඉතාම ධනවත් ඇවරිය පිළිබඳව මම පෞද්ගලිකව දනිමි. ඔවුන් තුල ඇත්තේ තනිකරම ධනය ඉපයීමේ පරමාර්ථයයි. එසේම ඇතුලතින් ඔවුන් හෝ ඔවුන්ගේ තුන්වැනි පරම්පරාව තුල ආගමික භක්තියක් ඇත්තෙම නැති තරම්ය. ඔවුන් බොහෝ දෙනෙක් බටහිර රටවල විනෝදකාමී ජිවිත ගත කල පිරිසකි. එබැවින් සංවිධානාත්මක ව්‍යාප්තිය සඳහා උනන්දු වන්නේ පහල මධ්‍යම සහ දුප්පත් පන්තියයි (මේ ජන කොටස අධික ලොව බොහෝ රටවල මම මේ තත්වය දැක ඇත). ඔවුන් ඒ සඳහා කරන්නේ දාරක ව්‍යාප්තිය හා සුළු ආර්ථික අධිපතිත්‍යයක් අත් පත් කරගැනීමයි. කෙසේ නමුත් ඔවුන්ගේ දේශපාලන නායකත්වය අන්තරාකාරී සහ ව්‍යසනකාරී ගමනක් යන බව නම් කිව මනාය. ඒ ඔවුන්ගේ පැවැත්ම සඳහා මිස ආගම රැකගැනීමට නොවේ.

      එහෙත් ඔබ අද වැල්ලවත්තේ බම්බලපිටියේ, කොටහේනේ පමණක් නොව දැන් වත්තල, දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශයේද අතුරු පාරවල්වල යන විට දකින සුවිසල් සුඛෝපභෝගී තට්ටු නිවාස වල අයිතිය සොයා බලන්න. ලංකාවේ කොටස් වෙළඳපොල පිළිබඳව සොයා බලන්න. පිට කොටුවේ තොග වෙළඳ අධිකාරියේ නව නායකත්වය (සාම්ප්‍රදායික මුදලාලිලාගේ තුන්වෙනි පරම්පරාව) දෙස බලන්න. මාධ්‍ය සහ අලෙවි ප්‍රවර්ධන ව්‍යාපාරය ගැන සොයා බලන්න. ලංකාවේ සිටින අර්ධ සිංහල දේශපාලන අතු කිහිපයක අස් කොන් පිළිබඳව විපරම් කරන්න (ඔවුන්ගේ කාලීන දේශපාලනය මෙහිදී වැදගත් නොවේ. මන්ද ඔවුන්ගේ දේශපාලන හැසිරීම ඉතාමත්ම ගතික ස්වභාවයක් ගන්නා බැවිනි). තව කීමට බොහෝ දේ ඇත. එහෙත් මේ සෑම වචනයක් පාසාම අනතුරක සේයාවක් ඇත. කෙටියෙන් කියතොත් අද ලංකාවේ අද ලංකාවේ කොටස් වෙළඳපොලේ හැසිරීම තීරණ කරන්නේ ලංඩනයේ හෝ පැරීසියේ ස්ථාන කිහිපයක්දිය. තව ටික දිනෙකින් දැන් පතුලටම කඩා වැටී ඇති කොටස් වෙළඳපොල එකවරම වේගයෙන් ඉහල යනු ඇත. මෙහිදී නව ව්‍යාපාරික කොටස් හිමියන් දෙස හොඳින් බලා විශ්ලේෂණය කරන්න. බැලූ බැල්මට ඔවුන් සිංහල නම් දරන්නන් විය හැක.

      Delete
  4. ඔයා කියනදේටත් සිංහලයෝ හැටියට අපි මුහුණදෙමු.
    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබනවිට අධ්‍යාපන මට්ටමෙන් ඉහල තැන හිටියේ දෙමෙල්ලු. ඒකාලේ මතයක් තිබුනා සිංහලයෝ මෝඩයි. යාපනේ දෙමෙල්ලු මාර බුද්ධිමත් කියලා. දැන් වෙනකොට ඒ මතය බොරුවෙලා ඉවරයි.
    තව කාලෙක කිව්වා ගරිල්ලා යුද්ධයක් දිනන්න බෑ කියලා. ඒකත් බොරුවුනා
    මේකත් කරලා බලමු.

    මෙතනදී දෙමළ ජාතිවාදීන්ගේ සැකකටයුතු ආර්ථික ක්‍රියාකාරකම් ගැන සිංහලයන් දැනුවත් කිරීම සෑම සිංහලයෙක්ගේම වගකීමක්.

    මෙතනදී රාජ්‍ය වශයෙන් කලහැකි කටයුතු 2ක් තියෙනවා.
    1 ද්විත්ව රටවැසිකම අහෝසි කිරීම.
    2 චීනය සමඟ සම්බන්ධකම් වැඩිකර ගැනීම
    ලන්දේසි, ඉංග්‍රීසි අධිරාජ්‍ය නිසා දෙමෙල්ලුන්ට වාසි වුනා වගේ චීන අධිරාජ්‍යවාදයෙන් සිංහලයන්ට වාසි ගන්න බලමු.

    ලිබරල් ජාතිවාදයකට යාමේදී දෙමලාට අවාසිවෙන කාරණා කීපයක් මතක්කරන්න කැමතියි.

    කොටි සංවිධානයට එකතුවුනු මුදල් ප්‍රමාණය ලිබරල් ජාතිවාදයක් වෙනුවෙන් එකතුකරගන්න ලැබෙන එකක් නෑ. අනිත්එක ඒගොල්ලෝ යුද්ධකලේ තනිකරම ඩයස්පෝරා සල්ලි වලින්ම නෙමෙයි. වෙනත් ආධාරත් ලැබුනා

    දෙමළ ජාතිවාදය කේන්ද්‍රවුනේ දෙමළ උගත් මධ්යම පන්තිය මත. (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යනිසා වැඩියෙන්ම වාසි ලැබුවේ ඔවුන් එම පන්තියට උදාහරණයක් හැටියට රතන්ජීවන් හූල් දක්වන්න පුළුවන්) දෙමළ ධනපතියන්තුල ජාතිවාදය අඩුයි.

    ලිබරල් ජාතිවාදයකදී වැඩිය සාර්ථක වන්නේ මුස්ලිම්, යුදෙව්, ශීක් වගේ ගෝත්‍රවාදී ආගම් අදහන අයට. දෙමෙල්ලුන්ගෙන් බහුතරය හින්දු වීම දෙමෙල්ලුන්ට බරවා කකුලක් වෙන්න පුළුවන්. මේ වැඩේදී දෙමෙල්ලු අතර හින්දු ක්‍රිස්තියානි බෙදීම වැඩි වෙන්නත් පුළුවන්. (ඇත්තටම දෙමෙල්ලු බහුතරය ක්‍රිස්තියානි උනානම් මේ වෙනකොට නැගෙනහිර ටිමෝරය වගේ දෙමළ රටක් හදා ගන්නත් තිබුනා)

    කොටි සංවිධානය නිසා දෙමළ දෙමළ බයියන්ට තැනක් ලැබුනා. ලිබරල් ජාති වාදයකදී මේ බයියන්ව විසිකරලා, ටෙයියෝ සෙට් එකක් එකතුකරගන්න වෙනවා. එතකොට දෙමළ බයියන් කලකිරෙනවා.

    ReplyDelete
  5. තව දෙයක් මතක්කල යුතුයි.
    ආර්ථික යුද්ධයකට වඩා ත්‍රස්තවාදී යුද්ධයක් ආර්ථික වශයෙන් කාර්යක්ෂමයි.
    ත්‍රස්තවාදියෙක්ට ලක්ෂයක් වියදම්කරලා සතුරාට කෝටි ගානක පාඩුවක් කරන්න පුළුවන්.
    නමුත් ආර්ථික යුද්ධෙකදි සතුරාට කෝටියක පාඩුවක් කරන්න තමන්ට කෝටියකට වඩා වියදම් වෙනවා.

    මම මේවා දැම්මේ සතුරාව අවතක්සේරු කරන්න නෙමෙයි. සතුරා අවතක්සේරු කිරීමේ මෝඩකම දෙමළ ජාතිවාදින්ම පෙන්වලා තියෙනවා. දෙමෙල්ලු ඉංග්‍රීසි ආන්ඩුවෙන් වෙනම රටක් ඉල්ලුවා නම් ගන්න තිබුනා. ඒත් උන් ඒ කාලේ කොච්චර ආඩම්බරද කියනවා නම් ඉල්ලුවේ 50ට50 නම් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පාලනය වැනි පාලනයක්. දෙමලාගේ අහංකාරකම සිංහලයාට වාසියක් වුනා.

    මම මේවා කිව්වේ සතුරාගේ දුර්වලතැන් පෙන්වන්න. ඒ තැන්වලට ඇනලා සතුරා මරන්න.

    සතුරාට වෛර කිරීමයි හරි ක්‍රමය, සතුරාට ප්‍රේමකරන්නේ අවජාතකයෝ. විශ්වාස නැතිනම් බයිබලය බලන්න.

    ReplyDelete
  6. එතකොට දෙමළ බයියන් කලකිරෙනවා. คาสิโนออนไลน์

    ReplyDelete