Sunday, 6 April 2025

JVP බොරුව සහ අපි


පක්ෂයක් ලෙස NPPය ඉතා කෙටි කාලයකදී අධි ත්‍වරණයකින් ඉදිරියට පැමිණ මැතිවරණය තුලින් විශාල ජයග්‍රහණයක් ලැබීය. දශක ගණනාවක් JVP නමින් චන්දය ඉල්ලු පක්ෂයට මා සිතනා අයුරින් 3%-5%ට වඩා කවදාවත්ම චන්ද ගත නොහැකිවිය. අදටත් එසේමය. මේ ලියන මා එදා සිට අදවන තෙක් ජවිපෙ ක්‍රියාමාර්ග මෙන්ම ප්‍රතිපත්ති වලටද දැඩි අකමැත්තක්, විරෝධයක් දක්වන්නෙකි. එහෙත් මම පසුගිය මැතිවරණ දෙකේ දීම NPPයට මට හැකි අයුරින් සහයෝගය දුන්නෙමි. අදටත් මම NPP ප්‍රමුඛ රජයට මගේ දර්ශනය අනුව ධනාත්මක ගමනක් යාමට අවශ්‍ය උපරිම සහයෝගය දෙමි. 

මා සිතනා ආකාරයට NPPයට සහයෝගය දුන් 90% සිටින්නේ මා සිටින තැනය. ඔවුන් කොමියුනිස්ට්-සමාජවාදී පාලන ක්‍රමයක් කෙරේ විශ්වාසය හෝ කැමැත්ත ඇති පිරිසක් නොවේ. ඔවුන් සිටි තැනින් ඉවත්ව NPPය වටා රොක් වීමට ප්‍රධාන වූ කාරණය අසූචි කන්දක් සේ අහස උසට නැගුනු දුෂණය, භිෂණය, වංචාව, නාස්තිය වැනි රට බංකොලොත්බාවයට ඇදගෙන ගිය අවාසනාවන්ත පරාමිතීන්ය. මෙතෙක් සිටි පාලකයන් කතා කල විවෘත ආර්ථික ප්‍රතිපත්ති, නව ලිබරල් ක්‍රමවේදය, වඩා නම්‍යශීලි විදේශ ප්‍රතිපත්ති ආදියට මේ බොහෝ දෙනෙකුගේ අකමැත්තක් ඇතැයි මම නොසිතමි. නමුත් එදා පාලකයා මේ බොහෝ කැරට් අල ජනතාවට පෙන්නුවත්, ඔවුන් ගමන් කලේ ඊට වෙනස් කැලෑ පාරවල්වලය. ඔබට COPE කමිටුවේ episode කිහිපයක් නැරඹීමෙන් හෝ පසුගිය මාස දෙක තුනේදී දෙනු ලැබූ සමහර නඩු තීන්දුවල සමාලෝචන කියවීමෙන් මේ ගැන හොඳ චිත්‍රයක් මවා ගත හැක. 

NPPයට සහයෝගය දීමේදී අප බොහෝ දෙනෙකුට විශාල කුකුසක් නොතිබුණා නොවේ. ඒ ජයග්‍රහණයෙන් පසු NPPයේ නිදහස් මතධාරීන් යටපත් කරගෙන ජවිපෙ දැඩි මතධාරීන් ඉදිරියට එයිද යන සැකයයි. අපි මෙහිදී ඉහල risk එකක් ගත්තෙමු. ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර ලියනු ලැබූ ලිපියක, සමහර විට ඉදිරියේදී අපට අනුරට එරෙහිව හරිනි වෙනුවෙන් සටන් කිරීමට සිදුවනු ඇතැයි මා ලිව්වේ මේ නිසාය. 

දැන් විපක්ෂය මරළතෝනි දෙන්නේ, අදෝනා කියමින් වැලපෙන්නේ ජවිපෙ කලින් කී දේට වඩා වෙනස් දේවල් කරන බව කියමිනි. නමුත් ඔවුන්ට නොතේරෙන්නේ NPPයට චන්දය දුන් 90% ගේ අවශ්‍යද එයම බවයි. මෝඩිගේ ලංකා ගමනාගමනය, ඇමරිකාව සමග මෙන්ම චීනය සමගද ඇතිකරගන්නා නම්‍යශීලී ආර්ථික හා දේශපාලනික සම්මුති, දැඩි ලෙස පාඩු ලබන රජයේ ආයතන විනිවිදපෙනෙන ආකාරයෙන් පෞද්ගලිකරණය කිරීම, අනවශ්‍ය ආකාරයෙන් රජයේ සේවයට පිරිස් බඳවා නොගැනීම, ආදී කරුණුවලදී මේ NPPයට සහයෝගය දුන් බහුතරයට අවශ්‍ය වන්නේ JVPය කලින් කී දේ කිරීම නොව ඊට ප්‍රතිවිරුද්ධ දෙසට රජයක් ලෙස ගමන් කිරීමයි. 

විපක්ෂය දැන් කියන JVP බොරුව ගැන කම්පා වන්නේ කොටස් දෙකකි. ඒ හැමදාම JVPයට චන්දය දුන් hardcore 3% සහ කරකියා ගත හැකි දෙයක් නොමැතිව ඉබාගාතේ යන 30%ක් පමණ වන hardcore විපක්ෂයයි. මෙයින් JVP 3% කෙසේවත් මේ තිබෙන විපක්ෂය හා එක්වන්නේ නැත. කොටස් 30ට පමණ කැඩුණු විපක්ෂයේ 30% තව කාලයක් එලෙසම සිටිනු ඇත. කවදත් වාසි පැත්තට හැරෙන 10% පමණ වූ ජනවාර්ගික පදනම මත ගොඩනැගුණු සුළු පක්ෂ ගන්නා තීරණය මට සිතා ගත නොහැක. 



4 comments:

  1. ගෝමස් උපතින් ලැබුණු පුරවැසි බව වෙනුවට තවත් රටක පුරවැසි බවක් ලබා ඇත්ද?

    ශ්‍රී ලංකාවේ මැතිවරණ වලදී අවසන් වරට චන්දය ප්‍රකාශ කරේ කවදාද?

    ඔබ ශ්‍රී ලංකාවේ වාසය කරන්නෙක්ද?
    විදෙස් රටක සිටිනවා නං ඔබගේ දරුවන් ගේ පුරවැසි බාවය කුමක්ද?

    ReplyDelete
  2. JVP එකෙයි NPP එකෙයි වැඩිපුර ඇති P අකුරට වඩා තියෙන අනිත් වෙනස්කම් 5ක් කියන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. 1) NPP eke "N" akurak atha.
      2) JVP eke "N" akurak natha.
      3) JVP eke "J" akurak atha.
      4) NPP eke "J" akurak natha.
      5) JVP eke "V" akurak atha.
      P.S.
      6) NPP eke "V" akurak natha.

      Delete