මීට වසර කිහිපයකට පෙර ජපානයේ පැවති ආරාධිත වටමේස සම්මන්ත්‍රණයකදී මට dinner talk එකක් සඳහා ඇරයුම් ලැබුණි. එවන විට මා මැලේසියාව නියෝජනය කලත්, ලද අවස්ථාවෙන් ලංකාවට යම් ප්‍රවර්ධනයක් ලබාදීමට සිතුන නිසා මාතෘකාව ලෙස "ලංකාවේ අසිරිය" (The Glamour of Sri Lanka) තෝරා ගතිමි.
කතාවෙන් අනතුරුව Q&A session එකක් තිබුණි. ලංකාවට කිහිප වරක්ම සංචාරය කර, මටත් වඩා ලංකාවේ බොහෝ ස්ථාන දැක බලාගෙන තිබූ අයිරිෂ් ජාතිකයෙක් සභාවේ සිටියේය. හොඳ කථිකයෙකු වූ ඔහු මටත් පෙර, සහභාගිවූවන් මගෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න විය.
මේ නුවර පෙරහැර පිළිබඳව ඔහුගේ අදහසයි.
"ඒක හරිම අපූරු අත්දැකීමක්. ඉතා වර්ණවත් රෙදිපිළි අන්දවා ආලෝකමත්කල අලි ඇතුන් සිය ගණනක් ඉතා සන්සුන්ව පේලියට ඇවිදගෙන යනවා. ඔවුන් අසලින් අලින්ට අන්දා ඇති ආකාරයේම ඇඳුම් ඇන්දවූ කවටයන් (clowns) අලින් පා තබන විදිය අනුකරණය කරමින් ඇවිදින්නට උත්සහ කරනවා. එය හරිම විනෝදජනකයි".
- ඔබ කිසිවිටෙක නොසිතන ආකාරයකින් රටේ අභිවෘද්ධියට ඔබේ සහයෝගය දෙන අවස්ථා තිබිය හැක.
මචං ගූමස් , අයිරිෂ් ජාතිකයා මෙසේ පවසන්නට ඇත්තේ ඇයි ? නිලමේ ඇදුම කවට ඇදුමකට කිසිසේත්ම සමාන නෑ නේද ? අනෙක ඔවුන් කවරදාකවත් විකට රංගනයක් ඉදිරිපත් කරලාත් නෑ . හරි පුදුමයි. ඔබට ඇසුන ආකාරයේ දෝෂයක් වියහැකි නෙවේද? in some Irish accents—especially certain regional ones—the word "crown" can sound quite close to "clown", and vice versa, which could definitely lead to confusion in speech.
ReplyDeleteගෝමස් කියන්නේ ලංකාවේ නමක්ද? මෙයා ලංකාවේ සනස්කුර්තියට අපහාස කරන්න හරි දක්ෂයි
Deleteප්රෝෆ්, ලංකාවේ ගොඩක් දේවල් තියෙනවා ටාගට් මාකට් කරන්න පුළුවන්. කවුරු හරි කියල කැනඩාවේ ඉන්න මෙක්සිකන් කැතලික් අය අතර ලොකු ආසාවක් තියෙනවා සිරිපාදේ යන්න. ආදම්ගේ පාද සටහන තියෙනවා කියල. අවුරුද්දකට 20ක් 30 ක් දැනටත් යනවා. මම ගිහින් නැති නිසා දන්නේ නැහැ, ඒත් ගිය මෙක්සිකන් කෙනෙක් කියනවා ආදම්ගේ පාද සටහන ඉතා විශාලයි ඒ නිසා ඇඩම් සහ ඊවා විශාල සිරුරු ඇතිව මවා ඇති බව. මේක අපිට ගොඩක් රටවල මාකට් කරන්න පුළුවන්. ප්රෝෆ්ගේ ටුවරිසම් මාර්කටින් ප්ලෑන් එක හදන කොට මේ ගැනත් හිතන්න.
ReplyDeleteසාමාන්‍ය මිනිස්සුන්ව තලා පෙලාගෙන සියවස් ගණනක් රජ සැප වින්ද රදළ කුහකයන්, බහුබූත විගඩන් කාරයන් විදියටවත් රටට සේවයක් කරනවා නම් හොදයි පරම්පරාවේ පව් හේදිලා යන්න.
ReplyDelete