Wednesday 22 March 2023

සද්ධාසීල business approach

 


වෙනදා කතා නොකළ මාතෘකාවක් කතා කිරීමට සිත්විය. ඒ "sexuality & Society" නම් වැඩසටහනකට සහභාගිවීමට මට ආරාධනා ලැබුණු නිසාය. වැඩසටහනෙන් පසු උණුසුම් කෝපි කෝප්පයක් සමග ඇති වූ කතා බහක් සැතපුම් දහස් ගණනක් ඈතින් වූ ලංකාව කරා මා රැගෙන ගියේය.

"අඹු සැමියන් තම තමන්ගේ ඇඟ දකින්නේ නැතිව තමයි ළමයි හදන්න ඕනේ"

"ලිංගිකව හැසිරිය යුත්තේ ළමයි හදන්න පමණයි"

මේ ලංකාවේ පරසිඳු හාමුදුරු නමක් මෑතකදී කල ප්‍රකාශයන්ය. එය සමාජ මාධ්‍ය පුරා හාස්‍ය උත්පාදක ජවනිකාවක ලෙස viral වුවත් එය serious ගත් දහස් ගණනක් සිටින බවත් රහසක් නොවේ. මේ පිළිබඳව මම ශාස්ත්‍රීය ගවේෂණයක් කලෙමි.

පසුගිය සමයේදී බෞද්ධ භික්ෂුන් මෙන්ම ක්‍රිස්තියානි පාෂ්ටර්වරුන් කිහිපදෙනෙක්ද සාර්ථක ව්‍යවසායකයන් ලෙස ඉදිරියට පැමිණියේය. ඔවුන් ජන මාධ්‍ය තුල පවසන විලම්භීත කතා සමහරෙකුට ශ්‍රේෂ්ඨ මග පෙන්වීම් ලෙසද සමහරුන්ට "ගොන් ජෝක්ස්" ලෙසද පෙනෙන්නට ඇත. එහෙත් ඔවුන් ඉතා සුක්ෂමව සහ සාර්ථකව ආමන්ත්‍රණය කරන්නේ තමන්ගේ poetntial clientele එකට බව ඔබ කී දෙනෙක්ට වැටහුනේද? අපි ඉහත උදාහරණය පමණක් සලකා බලමු.

බොහෝ දුප්පත් රටවල, විශේෂයෙන්ම දකුණු ආසියාවේ, බහුතරයක් කාන්තාවන් විවාහ දිවියේදී ලිංගික තෘප්තියක් නොලබන බව බොහෝ සමාජ විද්‍යා පර්යේෂණ තුලින් හෙළිවී තිබේ. මීට සාමාජිය, ආර්ථික සහ පාරිසරික හේතුන් බලපායි. 

ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වෙහෙසවී වැඩකරන කෙනෙක් (නිවසේ හෝ රැකියා ස්ථානයක) සවස්යාමය වන විට දහඩිය දූවිලි වැකුණු වෙහෙසකර සිරුරකට හිමිකම් කියයි. බොහෝ විට කාන්තා පාර්ශවය රාත්‍රී ඇඟ දෝවනය කර පිරිසිඳුව සයනයට නොපැමිණේ නම් ඔවුන්ගේ පරම අභිප්‍රාය වන්නේ ඇඳට වැටුණු සැනින් නින්දට යාමයි (පසුදා උදසනින් අවදිවී දවසේ කාර්යයන් සිදුකල යුතු වීමද ඔවුන්ගේ මනසේ හොල්මන් කරයි). නමුත් බොහෝ විට ශරීරයේ ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා පුරුෂයාගේ තත්වය වෙනස්ය. ඔවුන් බොහෝ දෙනෙකුට ඇඟ පතේ වෙහෙස නිවා ගැනීමට ලිංගික කෘත්‍ය අත්‍යවශ්‍යය. මෙය බොහෝ කාන්තාවන්ට හිරිහැරයක් මිස අවශ්‍යතාවයක් නොවේ. ඔවුන් මෙය හැකි ඉක්මනින් නිම කල යුතු තවත් යුතුකමක් ලෙස  සේ සලකන අතර තමන් නොදැනීම "ලිංගික අතෘප්තිය" නැමැති මානසික පීඩන තත්ත්වයටද පත්වෙයි. මැදිවියට පා තබන මෙවන් කාන්තාවන් හැකිතාක් ලිංගික කටයුතුවලින් ඈත්වීමට උත්සහ කරයි. ඔවුන් තමන්ගේ ලිංගික අතෘප්තිය වෙනත් විදි රාශියකින් සමනය කරගැනීමට තමන්ටත් නොදැනිම යත්ත දරයි. තම නෑ හිතවතුන් සමග අඩදඹර කරගැනීම, රැකියා ස්ථානයේදී නොයෙකුත් ගැටළු ඇති කරගැනීම මේ ක්‍රියා අතර වෙයි.

ඉහත කී ජනප්‍රිය පුජ්‍ය/පූජකයන් ආමන්ත්‍රණය කරන්නේ මේ mindset එකටයි. ඔවුන් මෙම කාන්තාවන්ට තමන් ලිංගික අතෘප්තියට ලක්වීම පිළිබඳව අවබෝධය වෙනුවට තම අවුල් වූ මනස  සාධාරණීකරණය කරගැනීම සඳහා ධෛර්ය ලබා දෙයි. එසේම මැදිවියේදී ලිංගික කාර්යයෙන් ඈත්වී සිටීමට මෙම කාන්තාවන්ට සාධාරණ හේතු ලබා දෙයි. මේ නිසා එම කාන්තාවන් මේ හාමුදුරුවරුන් කෙරේ ලොබ බඳින්නා පමණක් නොව තම ස්වාමි පුරුෂයන්ද හැකිතාක් ඒ කෙරේ යොමු කිරීමට උත්සහ කරයි. 

හාමුදුරුවන්ගේ ව්‍යවසායකත්ව සාර්ථකත්වය එතනයි. 

රටේ දියුණුව සඳහා කල යුතුව ඇත්තේ වැඩිහිටි ජනතාවට ලිංගික අධ්‍යාපනය පිළිබඳව මනා දැනුමක් ලබා දී ඔවුන් සතුටින් සැහැල්ලුවෙන් සිටින තෘප්තිමත් ජනතාවක් බවට පත් කිරීමයි. නමුත් සිදුවන්නේ හාමුදුරුවන්ගේ business එක වැඩි දියුණු වීමයි. 

4 comments:

  1. බූමස් පෝල්22 March 2023 at 19:45

    වැලිමඩ සද්දාසීල පිස්සා අංගොඩ යවන්න ඕනි. කිරිබත්ගොඩ පාදිලි අසපුවේ පිල්ලියක් ඔය ගෝමස්

    ReplyDelete
  2. මිනිස්සු (ලංකාවෙ අය ලඟදි ඉඳල මේ තත්වය වැඩියි ) තමන් හිතල බැලීම ඉතාම සීමාකරල වෙනත් කෙනෙක් ( විශේෂයෙන් ආගමික පූජකයෙක් ) කියන දේ අසා ගෙන විස්වාස කරගෙන ඉන්න තරම දැක්කාම පුදුම හිතෙනව

    ReplyDelete
    Replies
    1. එය සාමාන්‍යයෙන් ආර්ථික-සමාජීය බංකොලොත්බාවයට පත්වන ඕනෑම රටක ජනතාව අතර දැකිය හැකියි. ඔවුන් තමන්ට නැති දේ නොපෙනෙන බලවේග වලින් ලැබේ යයි සිතනවා. පුජ්‍ය/පූජකයන් මේ බලවේගයන්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් තමාට වාසි සහගත ප්‍රකාශ නිකුත් කරනවා. සමාජයේ අති බහුතරයක් මානසික බෙලහීන තත්වයකට පත් වූ විට ඔවුන් රැවටීම ලෙහෙසියි.

      Delete
  3. මේ වගේ සමාජ ස්තරයක් හිටියට මම මේ ලගකදී (පහුගිය අවුරුදු හතර පහේ වගේ) ඉඳල ලංකාවේ ඇතුලත මීට වඩා වෙනස් ලිංගික සමාජයක් දකිනවා. සාපේක්ෂව ඉතා කුඩා ප්‍රතිශතයක් මම හිතන්නේ, නමුත් වැඩි වෙන විදියට තමයි වෙන්නේ.

    ලිංගිකත්වය ගැන නිදහස් අයුරෙන් හිතන ප්‍රමාණය ටිකක් දැන් වැඩි. අර ඉස්සර වගේ පළවෙනියට යාලු වෙන කෙනා එක්කම හොද නරක මොකක් උනත් එකට ඉන්නවා කියන ඒවා, කන්‍යාභාවය (ඒ වචනෙට මම කැමති නැහැ, නමුත් පාවිච්චි කරන්න වෙන වචනයක් හිතාගන්න බැහැ), වගේ දේවල් වලින් ටිකක් සමාජයේ කොටසක් එලියට ගිහිල්ල ඉන්නවා. ඊට අමතරව විවාහය ඇතුලෙම කන්සේන්ට් එක සමග multiple partners වගේ දේවල් එහෙමත් නැත්තේම නැහැ. ඒ සමග, මේ ඔක්කොටම අමතරව LGBTQ වගේ දේවල් එහෙමත් එලියට ඇවිල්ල තියනවා.

    නමුත් ඒ ඔක්කොම ඉතා කුඩා ප්‍රතිශතයක්. ඔබ කිව දේ ඇත්ත.

    ReplyDelete