Wednesday, 20 July 2022

ඔබට සුබ අනාගතයක් - Adiós


මේ ලිපිය මා ලියන්නේ දෛවෝපගත දිනකය. පාර්ලිමේන්තුවේ එකඳු ආසනයක්වත් දිනාගත නොහැකි වූ පක්ෂයක පුද්ගලයෙක් රටේ විධායක ජනාධිපති ලෙස දිව්රුම් දෙන දිනයකය. සමහර විට දිගු කලකට මා ලංකාවේ දේශපාලනය පිළිබඳව ලියන අවසන් ලිපිය මෙය විය හැක. 

මා දන්නා බොහෝ දේ ලිවිය නොහැක. එයට හේතු ඇත. නමුත් ජනතා මෙහෙවරක් ලෙස මම සෑම විටම ඔබට යම් ඉඟියක් දීමට උත්සහ කලෙමි. එය කියවා ගැනීමට සමහර සහෘදයන් සමත් විය. 

රනිල්; ඔහු යන්නේ රාජපක්ෂලා සිතන ගමනවත් අරගලකරුවන් සිතන ගමනවත් නොවේ. රනිල්ට ස්වාමියෙක් ඇත. ඔහුගේ ගමන එම ස්වාමියා විසින් pre-program කරන ලද්දකි. ඒ සඳහා ඔහුට ජනතා ප්‍රසාදයක් හෝ පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නැත. මන්ද ඔහු පත්වන්නේ මේ කිසිවක් නොමැතිවය. මේ නිසා ඔහු ජනතාවටවත් පාර්ලිමේන්තුවටවත් වග කිව යුතු නැත. එය රනිල්ගේ ගමනටම ඉඳිකළ ස්වර්ණමය මාර්ගයකි. 

මේ ගමනට මම පෞද්ගලිකව දැඩි ලෙස බිය වීමි. මේ නිසාම එයට එරෙහිව මට හැකි අයුරින් හඬ නැගුවෙමි. එම හඬ අද මම නිහඬ කරමි. අද ඇති දේශපාලන ගතිකය තුල රනිල්ගේ ගමනට බාධා කිරීම ලාංකිකයාට අතිශයින්ම භයංකාරය. මේ බව අරගලය තේරුම් නොගන්නා බව මට සහතිකය. එය ඔවුන් අනාගතයේදී දුෂ්කර මාර්ගයෙන් තේරුම් ගනු ඇත. යථාර්තය තේරුම් ගැනීමට තරුණ ජවය මැලිය. එය දැඩි අවාසනාවන්ත තත්වයකි. 

ඔබ වියට්නාමය සහ පිලිපීනය ගැන අධ්‍යනය කරන්න. මේ රටවල් දෙකේම නායකයන් ඇමරිකන් ගැති විය. වියට්නාම් ජාතිකයන් ඉතා ඉක්මනින් ඇමරිකන් ගැතිබාවය වැළඳ ගත් අතර පිලිපීන වැසියන් කොටසක් එයට දැඩි ලෙස විරුද්ධ විය. අද වියට්නාම් වැසියන් බොහොමයක් සතුටින් ජිවත් වෙයි. ඔවුන් තම සංස්කෘතිය සහ සාම්ප්‍රදායික ආගම (බුදු දහම) ඇමරිකන් ගැති බාවය වෙනුවෙන් අත හැරියේය. ඒ වෙනුවට ඔවුන්ට හොඳ ගෙවීමක් ලැබුණි. අද වියට්නාමය වේගයෙන් දියුණු වෙයි. ඔවුන්ට ඇමරිකන් විසා ලබාගැනීම පවා  ඉතා පහසුය. පිලිපීනයේ තත්වය තරමක් වෙනස්ය. 

ඔබ 2500 මෙව්වා එක ගැන ආඩම්බර වුනා පමණකි. එයින් කිසිවක් උකහා ගැනීමට හෝ එම එඩියෙන් ඉදිරියට යාමට උත්සහ කලේ නැත. අද ඔබ පමා වැඩිය. කාලකන්ණි නායකයන් රොත්තක් මත බලාපොරොත්තු තබා ඔබ හිඟන්නන්ගේ තත්වයට පත්ව ඇත. තව දුරටත් ඔබට bargaining powers නැත. මේ බව අවබෝධ කරගන්න. රනිල් පසුපස යන්න. ඔබගේ 2500 ක ආඩම්බරය සහ සංස්කෘතිය අකුළා ඉන්දියන් සාගරයට දමන්න. ජීවත්වීමට මුල් තැන දෙන්න. සමහර විට ඔබගේ මී මුණුපුරන් නැවතත් ඔය අතීත ශ්‍රී විභූතිය ගැන සිතනු ඇත. ඔවුන් වෙනුවෙන් යමක් ලියා තබන්න. 

මෙතෙක් මා ලංකාවේ දේශපාලනය ගැන පැවසූ දේ කියවූ ඔබට බොහොම ස්තුතියි. 





Saturday, 16 July 2022

වසර 2500 ක මෙව්වා එක


ලාංකිකයා ඒකාධිපති ලක්ෂණ සහිත රජෙකු යටතේ සිටි වසර 2500 පමණ කාලය හා සසඳන විට මහජන නියෝජිත ක්‍රමය යටතේ සිට ඇත්තේ වසර 75 ට අඩු කාලයකි. ජන සමුහ විඥානය පිළිබඳව හැදැරීමේදී අපට වැටහෙන කරුණ නම්  ඔවුන්ගේ මානසික විභවය වෙනස් කිරීමට මේ සුළු කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. යුරෝපයේ රටවල් බොහොමයක මේ කාලය වසර 1000-1500 ක් පමණ වන අතර ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රටවල රජ ආණ්ඩු පැවතුනෙම නැත. යුරෝපයේ රාජාණ්ඩු පෙරලුණේ බොහෝ විට මිනිසුන් එයට එරෙහිව නැගී සිටි බැවිනි. නොඑසේ නම් පළවන සහ දෙවන ලෝක යුධවල කුරිරු අත්දැකීම් එයට බලපෑවේය. චීනයේ සහ රුසියාවේ රාජාණ්ඩු පිළිබඳව ජන විඥානය වෙනස් කෙරුණේ අතිශයින් දරුණු මර්දනයක් තුලිනි.

එහෙත් ලාංකිකයා කිසි දිනෙක රජෙකු එපා කිව්වේ නැත. ඔවුහු රජුන් යටතේ යම් පමණක වහල් - සුරක්ෂිතභාවයක් ඇතුව දිවි ගෙවීමට පුරුදුව සිටියහ. ඇමරිකාවේ වහලුන් පිළිබඳවද අප්‍රිකාවේ නොයෙකුත් ගෝත්‍ර පිළිබඳවද කල අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් ඒකාධිපති ස්වරුපයේ පුද්ගලභාවයකට නතුවී සිටි ජන සමුහයක් එම ඒකාධිපති ක්‍රමයේ වද වින්දන වලට හුරුවෙමින් එයද සැපතක් බව විඥානගත කරගන්නා බවයි. ලංකාවේ උගත්-නූගත් වෙනසකින් තොරව මේ මනෝභාවය ජනගත වී ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කල හැක. 

ඇමරිකාවේ වහළුන් නිදහස් කරගැනීම සඳහා සටන් කල සමහර නායකයන්ට වහලුන් අතින්ම මිය යාමට සිදු වුනේ මේ නිසාය. මහාචාර්ය නලීන් ද සිල්වා, විමල් වීරවංශ වැනි අය ආමන්ත්‍රණය කලේ ලාංකිකයාගේ මේ සැඟවුණු මනෝභාවයටයි. ලංකාවට අත පොවන විදේශ බලවතුන් පවා මේ වන විට මේ ලාංකික සමුහ මානසිකත්වය හොඳින් හදාරා ඇති බව මම පෞද්ගලිකවම දනිමි. ඔවුන් තමන්ට වාසියක් ඇත්නම් නිරතුරුවම ඔබටත් නොදැනී මේ නිලය විටින් විට අල්ලනු ඇත.

ලංකාවේ මේ රාජාණ්ඩු ක්‍රමය වෙනස් කලේ සුද්දාගේ උවමනාවටය. එබැවින් තවමත් ලාංකිකයාගේ පෞද්ගලික විඥානය මෙන්ම සාමුහික ජන විඥානය තුලද රජෙක් නොමැතිවීමේ සාංකාව හොල්මන් කරයි. මේ නිසා ඔවුන් නැවතත් රාජපක්ෂ පන්නයේ පාලකයෙකු සෙවීම අතහරී යයි මම සිතන්නේ නැත. මෙය වැලක්වීමට නම් අති විශාල ප්‍රයත්නයක් දැරිය යුතුය. 

එහෙත් එය වැළක්විය යුතුද? මේ පැනයට ඔබම පිළිතුරු සොයා ගන්න. 


                 

Tuesday, 12 July 2022

මට පෙනෙන අනාගතය


සියල්ල එලෙසින්ම සිදුවෙමින් පවතී. කලක් මහා බලවතුන් ලෙස ජනතාව පෙළු අමනයෝ දැන් ජනතාවට බියේ තැනින් තැනට දිව යති. ඔවුන් කල වරදට ලොව කොතැනක සිටියත් දඬුවම් විඳිය යුතුය. ඒ ඔවුන් හා ඇති වෛරයක් නිසා නොව අනාගතයේ බිහිවන පාලකයන්ට ආදර්ශයක් ලෙසටයි.

මේ දිනවල ඇමරිකා-ඉන්දියා තානාපතිවරුන්ට උදාවී ඇත්තේ කාර්ය අධික සමයකි. ලොවට රහසක් වුවාට, යම් දේශපාලන නායකත්ව විභවයක් ඇති සෑම දෙනෙකුටම මේ වන විට ජූලි පෞද්ගලිකව කතා කර ඇතැයි ආරංචි වෙයි. දැන් සියලු දෙනාම ජූලි විසින් දැනුවත් කර ඇති පරිදි තම තමන්ගේ කාර්ය භාරය කුමක්දැයි වටහාගෙන ඇතැයි සිතමි. මේ වන විට නායකයාව තෝරාගෙන ඇති බව සැලයි. එසේම රාජපක්ෂලාට විය යුත්තේ කුමක්ද යන්නත් ජූලි විසින්ම තීරණය කරනු ඇත.

ඇමරිකාව අපට දීමට යන සමාජ-ආර්ථික-දේශපාලන මොඩලය කුමක්දැයි මට තවම නොවැටහේ. නමුත් එය රටේ ජනතාවට සෙමෙන් සෙමෙන් යහපත් තත්වයක් උදා කරනු ඇත. ඒ සඳහා අප ගෙවිය යුතු ගාස්තුව පිළිබඳවද අනාගතයේදී සෙමෙන් සෙමෙන් වැටහෙනු ඇත. ඒ කෙසේ නමුත් මා කලින් කීවා සේ ඔබගේ අර "උතුම්ම - නිර්මලම- පාරිශුද්ධම" අරවද මේවද ටික නම් අකුළා ඉන්දියන් සාගරයට වීසි කිරීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇත. 

   

Monday, 4 July 2022

ඌරු මීයන්


අසූචි නැවකට අසුචිද නොගෙන ඩොලර් මිලියන හතක් ගෙවන විට වචනයක් පැවසීමට කොන්දක් නොතිබූ මිනිසුන් 

බිලියන ගණනින් මහජන සම්පත් කොල්ල කා ඇති බව පෙනෙන විට වරදකරු තම වහල් හිමියා නම් ඇස් පියාගෙන සිටි මිනිසුන් 

කොවිඩ් උවදුරෙන් පවා මුදල් ගසා කෑ නොමිනිසුන් වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් 

විදේශයක රළු කර්කශ පොළවේ තමන්ගේ දාඩිය මහන්සියෙන් ලාංකිකයා උපයාගත් ඩොලර් ලංකාවට එවන්නේ නැතැයි කියා පස් පඩංගුවේ බනින විට .....

කුමකටද මොවුන්ගේ බුද්ධිය සහ උගත්කම?  

ඌරු මීයන් ගහන වත්තක ඔවුන් වඳ නොකර බතල හිටවා කෙතරම් පොහොර දැම්මත් ඵලක් නොවන බව නොතේරෙයි නම් ......



Sunday, 26 June 2022

කොටියා සහ බූරුවා


"අපූරු හරිත වර්ණ තණකොළ" උදෑසන තණ බිමක ඇවිදින කොටියෙක් හඬ නගා කිව්වා .

"නැහැ තණකොළ නීල වර්ණයි" අසල සිටි බූරුවෙක් කෑගැසුවා. 

කොටියා තරහින් වැරැද්ද හදන්න හැදුවත් බූරුවා මහා හඬින් තර්ක කළා. 

අන්තිමේදී දෙන්නා තීරණය කළා මෙය සිංහයාට නඩුවක් ලෙස ඉදිරිපත්කරන්න. 

"ස්වාමිනි මේ කොටියා කියනවා තණකොළ හරිත වර්ණයිලු. එය නිල්පාට නොවේද? මේ වැරදි පතුරනවාට කොටියාට සුදුසු දඬුවමක් දෙන්න" බූරුවා කියා සිටියා. 

"ඔව්, තණකොළ නීල වර්ණයි. වැරදි මත පතුරනවාට මම කොටියාට හෙට සිට වසර පහක් කතා කිරීම තහනම් කරනවා" සිංහයා නඩු නොඅසාම තීන්දුව දුන්නා 

බූරුවා ඉතා සතුටින් තණකොළ නීල වර්ණයි කියා කෑගසමින් උඩ පැන පැන යන්න ගියා. 

කොටියා නිවුණු හඬින් සිංහයා ඇමතුවා "ඔබතුමා හොඳටම දන්නවා තණකොළ හරිත වර්ණයි කියා. ඇයි ඉතින් මාව වැරදිකාරය කරලා මෙහෙම දඬුවමකුත් දුන්නේ" 

"උඹ වගේ වැදගත් සතෙක් වැදගැම්මකට නැති දේකට බූරුවෙක් එක්ක වාද කරලා මගේ වෙලාවත් කෑවට උඹට වෙන මොනවද මම කරන්න ඕනේ කියාපන්?" 


Saturday, 18 June 2022

සිම්බාබ්වේ වැසියන්ට වුණේ කුමක්ද?


මාර්ගයේ විදුලි සංඥා පුවරුවේ රතු එලිය දැල්වුණු හෙයින් මම රිය නැවතුවෙමි. ජොහැන්නස්බර්ග් නගරයේ සෑම මංසන්ධියකම දක්නට ලැබෙන සුලබ දර්ශනයක් වන විථි සිඟන්නන් කිහිප දෙනෙක් අපගේ රිය දෙසට පැමිණෙන්න විය. මොවුන් අති බහුතරයක් වෙනත් අප්‍රිකානු රටවලින් සංක්‍රමණය වූ  විදේශිකයන්ය. අනෙක් පස අසුනේ සිටි මගේ මිතුරු සිම්බාබ්වේ ජාතික මහාචාර්ය කත්බර්ට් හඬ අවදි කළේය.

"චන්දිම, ඔය රතු සාටකයක් පෙරවා ගත් පිටුපසින් පැමිණෙන සිඟන්නා නිරීක්ෂණය කරන්න". මේ වන විට පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවට ආසන්නව පැවති බැවින් සිඟන්නන් කාගෙන් හෝ ලැබුණු විශාලා ඇඳ ඇතිරිලි පෙරවාගෙන සිටිනු දැකිය හැක. 

"ඔහුගේ පියා අපේ නගරයේ (හරාරේ නුවර ආසන්නයේ පිහිටි උප නගරයක්) සිටි ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු ජිවත් වුණේ විශාල මන්දිරයක. ආර්ථික අවපාතයත් සමගම ඔහුගේ ව්‍යාපාර කඩා වැටුණා. ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය වුණේ සකස් කල ආහාර නිර්යාත කිරීමයි. මේ සඳහා අවශ්‍ය ආහාර සිම්බාබ්වේ තුලින්ම ලබා ගත්තත් සැකසුම් ද්‍රව්‍ය ගෙන්වුයේ වෙනත් රටවලින්. මෙම ආනයන සඳහා රටේ මුදල් නැතිව ගියා. එසේම නඩත්තු කිරීමේ අපහසුතා නිසා ඔහුගේ කම්හල් තුල වූ යන්ත්‍ර සූත්‍ර එකින් එක නතර වුනා. ඒවා අලුත්වැඩියාවට අවශ්‍ය අංගෝපාංග කිසිවක් ගෙන්වා ගැනීමට ඔහුට නොහැකි වූ බව, ඔහුගේ ව්‍යාපාර සඳහා ඉංජිනේරු උපදේශකයෙක් ලෙස කටයුතු කල මගේ පියා පැවසුවා".

කත්බට්ගේ පියා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහුව දකුණු අප්‍රිකාවට එවා ඇත්තේ මේ වකවානුවේදීය. 

"කම්හල් වැසීයාම නිසා ඔහු බැංකුවට විශාල ණයකාරයෙක් වුණා. මේ අවධියේ රට පුරාම දේපල මිළදී ගැනීමේ කටයුතුවල යෙදෙන රොබට් මුගාබේගේ සහචරයන් කණ්ඩායමක් බිහිවුණා. මිනිස්සු ඔවුන්ව හැඳින්වුයේ කුසගින්නෙන් පෙලෙන හයිනාවන් (hungry hynas) හෝ HH ලෙසයි. HHලා කරන්නේ ව්‍යාපාර බිඳ වැටී බැංකු ණයකාරයන් බවට පත්වන පුද්ගලයන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ දේපල අඩු මුදලකට ලබා ගැනීමයි"

"2008 වසරේ දින කිහිපයක් තුල HH මිළදී ගැනීම් රැල්ලක් ඇතිවුණා. ණය බරින් මිරිකී සිටි අර ව්‍යාපාරිකයාත් මේ රැල්ලට අසුවුණා. ඔහුගේ අරමුණ වුයේ සිය සියළුම දේපළ විකුණා ණය බරින් නිදහස් වී ඉතිරි මුදලත් සමග දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වී සුළු ව්‍යාපාරයක් ඇරඹීමයි".

"නමුත් ඔහු දේපල විකුණා දිනකින් හෝ දෙකකින් සිම්බාබ්වේ ඩොලරය ඉතා විශාල වශයෙන් කඩාගෙන වැටුණා. මිනිසුන්ට HH මිළදී ගැනීම් රැල්ල ඇතිවීමට හේතු වුණේ ඇයිදැයි තේරෙන විට ඔවුන් බොහෝ දෙනෙක් අන්ත දුප්පතුන් බවට පත්වී තිබුණා".

"අසරණ වූ බොහෝ ව්‍යාපාරිකයන් දිවි ගැටගහගන්න දකුණු අප්‍රිකාවට පැමිණියා. නමුත් ඔවුන් බොහෝ දෙනෙක් නතර වුණේ ජොහැන්නස්බර්ග් නුවර වීදියක."

කලකට පෙර අප්‍රිකාවේ ආහාර බඳුන ලෙස හැඳින්වූ ඉතා සාරවත් පසක් සහිත, රන්, රිදී, දියමන්ති ආකාරවලින් අනුන සිම්බාබ්වේහි වැසියන්ගේ කතාව මෙයයි. 


Tuesday, 14 June 2022

The Danger of Truth



Thanks, everyone for responding to the question “What do you think will happen to "you" after you die?”. 

This is not the first time I posted this question. However, the responses were quite comprehensive this time. 

Have you noticed that this question is meaningless without the definition of “you”, or “I am”. 

In responding to the post, most of you have adopted what you have understood by “I am” as per your belief system. Basically, there are two models of “I am” among the people. 

One is that it is a single package (body and mind) that disintegrates into elements and unrecoverable energy at the end. This is quite compatible with our day-to-day observations of matter and energy. 

The second model is the assumption of having an entity that can survive after the physical body disintegrates. This entity is referred to by various terms such as soul, ãtman, mind-body etc. As I made a rough estimation, about 90% of the world population that believes in a religion or philosophy adopts this model. 

-----------------------------------------------------------------------

Now before stepping into the next phase of the discussion, let me look at the origin of religions, philosophies and spiritual concepts (henceforth all these are referred to as religion). As I conducted a rigorous survey in this regard, I found that almost every religion has emerged to counter social issues of the time frame. There are many thousands of religions that have emerged on earth but only a few have survived in the long run. 

What is the secret behind these few religions that are surviving for a long period? 

Religions that helped rulers and clergy for governing the society, with modifications with time, could last long. For societal control, after-life became a key factor from the beginning of civilization. People tolerated even social injustice & inequality hoping to have a better life after death. Similarly, they were scared to violate the religious rules and regulations for fear of afterlife punishment. 

In a society where people are not psychologically developed to realize the way of life and control the emotions that will help the well-being of the society, essentially need directives of living, to stabilize the civilization. The existence of the entity “I am” after death, is essential to keep the civilization stable in such a human collection. 

My estimation is that the human race needs at least 3000 more years to attain the spiritual status where they can realize how to live a good life (for the stability of the civilization) without believing the concept of crime & punishment decided by an unknown power.

--------------------------------------------------------------------

In the above backdrop, in simple terms, “Human beings need a religion until they realize that a religion is not needed for a livable world”. 

One can easily understand now that the first model of “I am” is extremely dangerous unless the human race is well-developed in their intellectual capacity that they realize the right & wrong for the safe existence of the civilization at a given time frame. 

Interestingly, out of the existing main religions at present, only Buddhism states the nonexistence of “I am” after death. I read/listened to many sources on Patichcha Samuppada, the essence of Buddhism, and found no place where it is mentioned about life after death. It is all about the suffering of a lifetime. 

However, maybe at a later stage, perhaps during the time of King Ashoka, the wise people have understood the danger of this reality and introduced the “mind” or “thoughts” as the trans-migratory entity that continues from birth to birth, thus, the danger of the truth was evaded.