Saturday 18 June 2022

සිම්බාබ්වේ වැසියන්ට වුණේ කුමක්ද?


මාර්ගයේ විදුලි සංඥා පුවරුවේ රතු එලිය දැල්වුණු හෙයින් මම රිය නැවතුවෙමි. ජොහැන්නස්බර්ග් නගරයේ සෑම මංසන්ධියකම දක්නට ලැබෙන සුලබ දර්ශනයක් වන විථි සිඟන්නන් කිහිප දෙනෙක් අපගේ රිය දෙසට පැමිණෙන්න විය. මොවුන් අති බහුතරයක් වෙනත් අප්‍රිකානු රටවලින් සංක්‍රමණය වූ  විදේශිකයන්ය. අනෙක් පස අසුනේ සිටි මගේ මිතුරු සිම්බාබ්වේ ජාතික මහාචාර්ය කත්බර්ට් හඬ අවදි කළේය.

"චන්දිම, ඔය රතු සාටකයක් පෙරවා ගත් පිටුපසින් පැමිණෙන සිඟන්නා නිරීක්ෂණය කරන්න". මේ වන විට පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවට ආසන්නව පැවති බැවින් සිඟන්නන් කාගෙන් හෝ ලැබුණු විශාලා ඇඳ ඇතිරිලි පෙරවාගෙන සිටිනු දැකිය හැක. 

"ඔහුගේ පියා අපේ නගරයේ (හරාරේ නුවර ආසන්නයේ පිහිටි උප නගරයක්) සිටි ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු ජිවත් වුණේ විශාල මන්දිරයක. ආර්ථික අවපාතයත් සමගම ඔහුගේ ව්‍යාපාර කඩා වැටුණා. ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය වුණේ සකස් කල ආහාර නිර්යාත කිරීමයි. මේ සඳහා අවශ්‍ය ආහාර සිම්බාබ්වේ තුලින්ම ලබා ගත්තත් සැකසුම් ද්‍රව්‍ය ගෙන්වුයේ වෙනත් රටවලින්. මෙම ආනයන සඳහා රටේ මුදල් නැතිව ගියා. එසේම නඩත්තු කිරීමේ අපහසුතා නිසා ඔහුගේ කම්හල් තුල වූ යන්ත්‍ර සූත්‍ර එකින් එක නතර වුනා. ඒවා අලුත්වැඩියාවට අවශ්‍ය අංගෝපාංග කිසිවක් ගෙන්වා ගැනීමට ඔහුට නොහැකි වූ බව, ඔහුගේ ව්‍යාපාර සඳහා ඉංජිනේරු උපදේශකයෙක් ලෙස කටයුතු කල මගේ පියා පැවසුවා".

කත්බට්ගේ පියා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහුව දකුණු අප්‍රිකාවට එවා ඇත්තේ මේ වකවානුවේදීය. 

"කම්හල් වැසීයාම නිසා ඔහු බැංකුවට විශාල ණයකාරයෙක් වුණා. මේ අවධියේ රට පුරාම දේපල මිළදී ගැනීමේ කටයුතුවල යෙදෙන රොබට් මුගාබේගේ සහචරයන් කණ්ඩායමක් බිහිවුණා. මිනිස්සු ඔවුන්ව හැඳින්වුයේ කුසගින්නෙන් පෙලෙන හයිනාවන් (hungry hynas) හෝ HH ලෙසයි. HHලා කරන්නේ ව්‍යාපාර බිඳ වැටී බැංකු ණයකාරයන් බවට පත්වන පුද්ගලයන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ දේපල අඩු මුදලකට ලබා ගැනීමයි"

"2008 වසරේ දින කිහිපයක් තුල HH මිළදී ගැනීම් රැල්ලක් ඇතිවුණා. ණය බරින් මිරිකී සිටි අර ව්‍යාපාරිකයාත් මේ රැල්ලට අසුවුණා. ඔහුගේ අරමුණ වුයේ සිය සියළුම දේපළ විකුණා ණය බරින් නිදහස් වී ඉතිරි මුදලත් සමග දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වී සුළු ව්‍යාපාරයක් ඇරඹීමයි".

"නමුත් ඔහු දේපල විකුණා දිනකින් හෝ දෙකකින් සිම්බාබ්වේ ඩොලරය ඉතා විශාල වශයෙන් කඩාගෙන වැටුණා. මිනිසුන්ට HH මිළදී ගැනීම් රැල්ල ඇතිවීමට හේතු වුණේ ඇයිදැයි තේරෙන විට ඔවුන් බොහෝ දෙනෙක් අන්ත දුප්පතුන් බවට පත්වී තිබුණා".

"අසරණ වූ බොහෝ ව්‍යාපාරිකයන් දිවි ගැටගහගන්න දකුණු අප්‍රිකාවට පැමිණියා. නමුත් ඔවුන් බොහෝ දෙනෙක් නතර වුණේ ජොහැන්නස්බර්ග් නුවර වීදියක."

කලකට පෙර අප්‍රිකාවේ ආහාර බඳුන ලෙස හැඳින්වූ ඉතා සාරවත් පසක් සහිත, රන්, රිදී, දියමන්ති ආකාරවලින් අනුන සිම්බාබ්වේහි වැසියන්ගේ කතාව මෙයයි. 


6 comments:

  1. නින්දෙන් කොස් ඇට බානකොට
    බළලගේ අත පිච්චුණාට පස්සෙ
    ඌ ආයෙ ලිප ගාව නිදා ගන්නෙ නෑ.

    ReplyDelete
  2. 2005ට කලින් ආතල් එකේ හිටපු ලංකාවෙ මිනිස්සුන්ට සංස්කෘතික කරෙක්ෂන් එකක් නිසා වෙච්චි දෙයක්!

    මට වඩා වයසින් බාල නංගිලා මල්ලිලාට ලියන වග නම්... (වැඩිහිටියන් මටත් වඩා අගේට මේ අත්දැකීම් විඳ ඇති බැවින්)

    2007 උසස් පෙළ කරපු මට හොඳටම මතක තියෙන දෙයක් තමයි ඒ දවස්වල හවසට රොටරියේ ක්ලාස් ඉවරවුනහම නුගේගොඩ හන්දියේ තිබුණු පැලස් හෝටලයට එකතුවෙන පාසල් යුනිෆෝම් ඇඳපු සිගරට් බලකාය.

    ක්ලාස් ඉවරවෙලා පාසල් යුනිෆෝම් එක පිටින්ම හෝටලේට ගිහින් මේසයක් වටේ ඉඳගෙන,

    "ගෝල්ඩ් ලීෆ් පහයි ප්ලේන්ටී පහයි" කියලා වේටර් මහත්තයට කිව්වහම එසැණින් සිගරට් පහයි ප්ලේන්ටී පහයි මේසෙට එන කාලයක්.

    එහෙව් කාලයක් 2008/09න් පස්සෙ ලංකාවේ තිබුනෙ නෑ. පාසල් යුනිෆෝම් ඇඳපු කොල්ලෙකුට කඩේ ඇතුළෙම ප්ලේන්ටී එකයි සිගරට් එකයි බීලා ගෙදර යන්න පුළුවන් කාලයක් ඊට කලින් තිබුනා.

    2007/08න් පස්සෙ මොකද වුනේ? හිංගලකමට ගරු කරන වෙස්මූණු රජාණන් කෙනෙක්ව බලයට ගෙනාවහම උන්නැහේ ඒක සිරා අරන් රජාට ඇන්දා. 21ට අඩු අයට දුම්පානය තහනම් කරලා සහ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කරලා ගෙනාපු නීති රීති මාරයි කියලා ඒ දවස්වල වැඩිහිටියන්ටත් හිතෙන්න ඇති.

    "Edit : කමෙන්ට් කියවලා ලියන කෑල්ලක්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කළ එක හොඳයි. බස් වලත් ඉස්සර මිනිස්සු බොනවා, මළ කරදරේ. ගැබිණි මව්වරුන්ට එහෙම ඉතා අහිතකරයි. සිගරට් එක මෙතෙන්ට ගත්තෙ රජය විසින් විකුණන්න ඉඩ දීලා තියෙද්දි මිනිස්සු මිනිස්සු කාකොටාගන්න ප්‍රධාන භාණ්ඩයක් නිසා. ලිබරල් ආර්ථිකයේ මරු පිළිබිඹුවක් තමයි සිගරට් එක. ළමයි, සිගරට් බොන්න එපා. ඒක ඇඟට හොඳ නෑ. බොන අයට වද දෙන්නත් එපා ඉතින්. විකුණන්න තියෙනවා, වැඩිම බදු ආදායම දෙනවා. ඒවායින් අපිට නිදහස් අධ්‍යාපන දෙනවා, බෙහෙත් දෙනවා. (දෙනව නෙමෙයි "දුන්නා") හරි එඩිට් එක ඉවරයි."

    බැලු බැල්මට ඒවා පට්ට නීති. ඒත් ලිබරල් ආර්ථිකයක් තියෙන රටක එවැනි අවශ්‍යතා වලට වුවමනා රිප්ලේස් වෙන බව මේ රටේ පාලකයො දැනගෙන හිටියෙ නෑ. අනික තමයි ඇඩ්වර්ටයිසිං වල බලය. "21ට අඩු අයට" කියලා ලොකුවට දාපු ගමන් ඉස්කෝලෙ ළමයින්ට හිතෙන්නෙම ඒක කරලා බලන්න. මොකද උන් ආස නෑ තමන්ව පොඩියට පේනවට.

    ඒ නිසා මේ වෙනකොට ලංකාවෙ පාසල් දරුවො නැවතිලා තියෙන්නේ අයිස්, කුඩු, මාවා, ස්ටෑම්ප්, පිල්ස් ආදී මෙකී නොකී මත්ද්‍රව්‍ය ලෝකයක් මැද. ඒව පාවිච්චි කරන්නෙත් හොරට තැන් තැන්වල සෙට් වෙලා ඉතාම නරක විදිහට.

    නමුත් ඊට කලින් මිනිස්සු මානසිකව හරි ලිබරල්. එහා මේසෙ සර්ලා සිගරට් බොනකොට මෙහා මේසෙ ශිෂ්‍යයො සිගරට් බිව්වා. කවුරුත් උපදෙස් දෙන්න ගියේ නෑ. උපදෙස් දුන්නෙ ඉස්කෝලෙ ඇතුළෙදි විතරයි.

    ඔය රෝයල්, තර්ස්ටන්, මහානාම එකට ගියපු මගෙ පරපුරේ එවුන්ට මතක ඇති ඒ කාලෙ ඉස්කෝලෙ වෙලාවෙදි පවා රහීමා හෝටලේ තිබුණු දුම් ජාලාව. කවුරුත් හොර වැඩ කරන්න කියලා වෙනම කලර්ඩ් ඇඳුමක් අරගෙන ආවෙ නෑ. ඔක්කොම කරේ යුනිෆෝම් එකෙන්. පාසල් කාලෙ කියන්නෙ කුතුහලය තියෙන කාලයක්. එතකොට හැමදේම ට්‍රයි කරලා බලන්න ආසයි. හොඳ ද නරකද කියලා වැඩක් නෑ. පාසල් ළමයි එහෙම තමයි.

    සිගරට් නීතිය නිසා පාසල් දරුවන් දුම්වැටි වලින් ඈත් වුනා කියලද ඔබ හිතන්නේ? එහෙනම් දැන් දුම්වැටි වලින් රජයට පාඩු වෙලා තියෙන්න එපැයි.

    ඉතින් රටේ ජනතාව දුම්වැටි වලට ඇබ්බැහි නොවුනොත් ඉන් ලැබෙන බදු ආදායම රජයට ලැබෙනවද? ඒ නිසා අර වගේ නීති ගෙනාවට කවුරු කවුරුත් හැංගිලා බලාගෙන හිටියෙ පාසල් දරුවො ඒවට ඇබ්බැහි වෙනකම් තමයි. නැත්නම් ඕක එක සැරේ තහනම් කරලම දාන්න බැරියැ? මිනිස්සු හැමෝටම අහිතකරයි නෙ සිගරට්. මිනිස්සු හැමෝවම ඒක සැරේ බේරගන්න තිබුනනෙ.

    අපි බලමු ෆේස්බුක් එක දිහා...

    යොවුන් සහ තරුණ පරපුර හිතන්නෙ ලංකාවේ සංස්කෘතිය කියන්නෙ මහ හිරගෙයක් කියලා. ඒ නිසාම සංස්කෘතිය කියන නම ගෑවුණු ඕනෑම තැනකට පහරදෙන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි. වටිනා දහමක් වෙච්ච බුදු දහමටත් ගැරහුම් එන්නෙ ඒ නිසා.

    බුදු දහමෙ නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ "ඊනියා සංස්කෘතිය" තුළයි. හොර දේශපාලුවො, හොර හාමුදුරුවරු, ඇබිත්තයො, බොරු උත්සව ගැන තියෙන පිළිකුලයි මේ එළියට එන්නෙ.

    නූතන ඊනියා සංස්කෘතික විප්ලවය ලංකාවට එන්නෙ 2005න් පස්සෙ. ඒ නිශ්චිත මොහොතේ බලය අල්ලන්න ගේම් ගහපු වාමාංශික පක්ෂ පවා ඒ ඊනියා සංස්කෘතිය නිර්මාණය කිරීම පිළිබඳ වගකීම ගන්න ඕන. (දැන් දන්නෑ වගේ හිටියට)

    ඒ වෙලාවේ බලය අල්ලන්න තිබුණු ලේසිම ක්‍රමය තමයි ටයිකෝට් ඇඳපු ලංකාවේ ලිබරල් පක්ෂයේ ජනපති අපේක්ෂකයාට එරෙහිව සරම බැනියම අඳින, පෝයට බණ අහන දේශීය පින් ගොනෙක් බලයට ගේන එක. මැද මාවතේ සහ වාමාංශික හැමෝම එකතුවෙලා ඒක කරා ඉතින්. (වාමාංශිකයන්ට දැන් සැපද?)

    ඒකට මුල පිරෙන්නෙත් පියාණන් කෙනෙකුගෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. '77න් පස්සෙ ලිබරල් ආර්ථිකයක් එක්කම "ධර්මිෂ්ඨ සමාජයක්" ලබාගන්න ගිහින් ලංකාවෙ මිනිස්සු අනාථ වුණු අනාථවීම ජාත්‍යන්තර අනාථවීමක්. ලිබරල් ආර්ථිකයක් ඇතුළේ කොහෙද තියෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක්?

      ලිබරල් ආර්ථිකයකදී ලාබ මතනෙ ඔක්කොම පදනම් වෙන්නෙ. ඒ නිසයි සුබසාධන ව්‍යාපාර ටික රජය විසින් පවත්වාගෙන යා යුත්තෙ. මුන් ඒක කළේ අනිත් පැත්තට. සුබසාධන ව්‍යාපාර ඔක්කොගෙන්ම කොමිස් ගහන දුර්දාන්ත පාලනයක් ඇතිවුනා පුතාණෝගෙ පියාණන්ගෙ පාලනයෙන් පස්සේ.

      ඒ පියාණන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න කරපු සංස්කෘතික බොරු නිසා ලංකාවෙම මිනිස්සු අනාථවුනා. 2005 මහ රජාණන්ගෙ ආණ්ඩුව කියන්නෙ පියාණෝගෙ ආණ්ඩුවෙම දිගුවක්. නරක දිගුවක්. ස්පීඩ් එක ඩබල්.

      '88/'89 කාලෙ කැලැන්ඩර් එහෙම තියෙනවනම් වැඩිහිටියන්ගෙන් ඉල්ලගෙන බලන්න. කාමුක ගෑණු ළමයි ඉන්න ලස්සන කැලැන්ඩර් ගෙවල් වල මහ සාලෙ මැදත් එල්ලලා තිබුනා. කවුරුත් ගෙහිමියාට උපදෙස් දෙන්න ගියෙ නෑ. ෆිල්ම් හැදුනා. වල් පත්තර තිබුනා... ලිබරල්.

      කැබරේ තිබුනා, ක්ලබ් තිබුනා, බොන්න තිබුනා. කවුරුත් උද්ඝෝෂණ එල්ලගෙන ආවෙ නෑ. ලිබරල් ඉකොනොමි කියන්නෙ එහෙම තමයි. එහෙම වුනහම තමයි රටේ සල්ලි සංසරණය වෙන්නේ. 2005න් පස්සෙ ඉතින් සංස්කෘතිකව මාරයි, ඒත් කන්නත් නෑ. සැපද? නැත්නම් ලැජ්ජ නැද්ද?

      '90 දශකයේ මැදදි පවා ලංකාවේ මිනිස්සු ලිබරල් මානසිකත්වයක හිටියා. වැව් වල, ගංගා වල නාන්න යන තරුණයො කලිසම ගලවලා යට ඇඳුම පිටින් නෑවා. බොක්සරුත් නෙමෙයි, ත්‍රිකෝණ හැඩැති නියම යට ඇඳුම් පිටින්. බොන එවුන් බීලා සින්දුත් කිව්වා.

      ඒත් ගමේ සෙට් එක එකතුවෙලා "අන්න පිටගමකින් ඇවිත් අපේ ගමේ අසැබි ලෙස හැසිරෙනවා යකෝ!" කියාගෙන උන්ට ගහන්න ආවෙ නෑ. එහෙම ආගන්තුකයින් සහ ගම අතර බෙදීම් ඇතිවුනෙත් රජාණන්ගෙ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා. ගමයි නගරෙයි මුන් බෙදුවා.

      ඉස්සර තාත්තලා ගෙවල් වල පාටි දානකොට "අමො අමො පොඩි ළමයින්ට එල්ල දෙල්ල එපා" ගාගෙන සංස්කෘතික රංගන දැක්වුවෙ නෑ. පොඩි එවුන් ළඟට ආවහම ඌටත් මූඩියට ටිකක් වක්කරලා දුන්නා. බඩේ අමාරු වලට හොඳයි කියලා. ඉතින් කොච්චර ලිබරල් ද? එහෙම වෙන්න එපැයි. ලොකු වුනහම පොඩි එකාට හොඳ නරක දෙකෙන් කැමති එකක් තෝරගන්න ඉඩදෙනවා මිස ඌට බැරියර් දැම්මෙ නෑ.

      ඔය ඔක්කොම අස්සෙ අපේ ඇඟට නොදැනී මරු වැඩ ටිකක් වුනා. ලංකාවෙ තරුණයො පැද පැද හිටපු ජපන් බයික්, ජපන් වාහන ටිකෙන් ටික වාෂ්ප වෙලා ඉන්දියන් බයික්, ඉන්දියන් වාහන, ඉන්දියන් නාට්‍ය, ඉන්දියන් සින්දු, ඉන්දියන් ෆැෂන්, ඉන්දියන් ඉන්දියන් ඉන්දියන් වෙලා ඔක්කොම ඉන්දියන්ම වුනා.

      අර "ඔයා ඉල්ලෙ ලෙතු කැල් පියල්" කියලා ගායකයන් දෙමලානුකරණය එන්නෙත් ඒවායේ දිගු හැටියට තමයි. ඒව දිග කතා.

      කොහොම හරි ලියන්න කම්මැලි වේගන එන හින්දා,

      '70, '80 දශකවල කොට ගවුම් ඇඳගෙන, මඟින් හම්බවෙන රත්නෙ අයියගෙ බයිසිකලේ මැදපොල්ලට බරවෙලා රවුම් ගහපු, ඒත් තමන්ගෙ සීමා දැනගෙන ආදරේ කරපු, පවුල් හැදුවට පස්සෙ අම්මලාගේ රාජකාරිය අකුරටම ඉටු කරපු ලංකාවෙ කාන්තාවන්ට සිදුවුනෙත්,

      මේ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා අනාථ වෙන්නම තමයි.

      නැවැත්තුවා. ලියන්න කම්මැලියි. ලිව්වා කියලා ඉතින් මේක ආයෙ හැදෙයි කියලය!

      කට උල් කරලා,

      "මුනුවද අප්ප මේ? හ: රටවල්ද? ඒ...ව්!"

      Delete
  3. අතිගරු ජනාධිපතිතුමන්ට සහය දක්වමින් කඩවත පුද්ගලයෙක් රට වටා සයිකලයෙන් යයි
    (කැලණිය සමුහ)


    අතිගරු ජනාධිපතිතුමන්ට සහය දක්වමින් කඩවත පුද්ගලයෙක් රට වටා සයිකලයෙන් යයි

    ReplyDelete
  4. https://naveensandeepakumara.blogspot.com/2022/06/galleface.html?m=1

    මෙහෙටත් ඇවිත් යන්න එන්න කැමති අය🤗

    ReplyDelete