Wednesday, 23 December 2020

විඥානය


පෙරදිග බොහෝ ආගමික සහ ශාස්ත්‍රීය දර්ශන ගොඩනැගෙන්නේ "මම" නමින් භුතාර්ථයක් පැවතීම (හෝ නොපැවතීම) මුල් කරගෙන බව පසුගිය මාස කිහිපයේදී ඇසුරු කරන ලද පොතපත සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් මට තේරුම් ගියේය (තවමත් අවබෝධයක් නැත). මේ "මම" නම් භුතාර්ථයේ පැවැත්ම පිළිබඳව අපට ඇතිවන සංවේදනය නාමකරණය කිරීමේදී ඉංග්‍රීසි බසින් "Consciousness" යන වදන යොදාගන්නා බව පෙනේ. බටහිර දාර්ශනිකයන් බොහෝ දෙනෙක් අතර මෙම Consciousness වදන අර්ථ දැක්වීමේදී සහ යොදා ගැනීමේදී යම් සමානතාවයක් ඇත. 

නමුත් ඉංග්‍රීසි බසින් පෙරදිග දර්ශන පිළිබඳව හැදෑරීමේදී මෙම Consciousness යන වදන විස්තර කරන ආකාරයේ විශාල පරාසයක් දැකිය හැකිය.  එය ආගමික දර්ශනය මත මෙන්ම එකම ආගමේ නිකාය අනුවද, පුද්ගලයා අනුවද වෙනස්වේ. 

සිංහල අකුරුවලින් මෙම වදන ලිවිමේදී පවා ප්‍රබේද කිහිපයකි; විඤඤානය, විඥ්ඥානය, විඥානය. පහසුව තකා අපි මේ වදන විඥානය ලෙස භාවිත කරමු.

ඔබ "විඥානය" යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අර්ථ දැක්වීමකට වඩා මට අවශ්‍යවන්නේ එය ඔබ අවබෝධකරගෙන ඇති ආකාරය පිළිබඳව තේරුම් ගැනීමටයි. මෙය මා ලියමින් පවතින පොතකට ඇතුලත් කිරීම සඳහාය. මෙහිදී මම ඔබගේ අදහස් ඔබගේ නමින්ම එම පොතේ පළ කරමි. 


                    


Sunday, 13 December 2020

වෙදකමට පෙම් බැඳී අය වෙනුවෙන්

 


මගේ සීයා (මවගේ පියා) පොලිසියේ සාමාන්‍ය නිලධාරියෙක් ලෙස වසර 35 කට වඩා සේවය කර විශ්‍රාම ගියේය. නමුත් දෙහිවල සහ පිළියන්දල යන ඔහු ජිවිතයේ සැන්දෑ සමය ගතකල ප්‍රදේශවල බොහෝ දෙනෙක් ඔහු හඳුනාගෙන සිටියේ පියසිංහ වෙද මහතා ලෙසයි. ඒ ඔහු වැඩිහිටි ජීවිතය පුරාවටම තම පරම්පරාවෙන් රැගෙන ආ එමෙන්ම ඔහු විසින් නොයෙකුත් පොත්පත් කියවා සොයාගත් වෙදකම් ප්‍රදේශයේ අවශ්‍ය ඕනෑම අයෙකුට නොමිලේ ලබා දීම නිසාය. මගේ ජිවිතයේ කුඩා කල බොහෝ සති අන්ත ගෙවුනේ ඔහුගේ කටයුතු වලට බෙහෙත් සෙවීම, බෙහෙත් කෙටිම ආදිය වෙනුවෙනි. 

සීයාගේ බෙහෙත් කිසිම බටහිර විද්‍යාත්මක ක්‍රමයකට තහවුරු කර නැති බව නම් මම දනිමි. එහෙත් ඔහුව සොයාගෙන පැමිණි රෝගීන් ඔහුගේ වෙදකම පිළිබඳව දැඩි විශ්වාසයකින් යුක්ත විය. ඊට හේතුව කුමක්ද? 

පියසිංහ වෙද මහතා (සමහරු ඔහුව හැඳින්වුයේ පියසිංහ රාළහාමි කියාය) උපදින්නේ කඩිගමුව ප්‍රදේශයේය. ඒ 1898 දීය. නමුත් ඔහු තම ගම ලෙස සැලකුවේ රඹුක්කන ප්‍රදේශයයි. තවමත් එහි අපගේ නෑදෑයෝ සිටිති. ඔහු පොලිසියට බැඳුනු පසු ලංකාවේ ප්‍රදේශ ගණනාවක සේවය කර ඇත. ඒ සෑම ප්‍රදේශයකදීම ඔහු තමන් දන්නා පාරම්පාරිකව ලබාගත් සහ පසුව ඊට එකතු කරගත් දැනුම ආශ්‍රයෙන් ප්‍රදේශයේ ජනතාවට සේවය සලසා ඇත. මේ නිසා පියසිංහ රාළහාමි මීගහතැන්න පොලිසියෙන් පිළියන්දල පොලිසියට මාරු වූ විට (උදාහරණයක් ලෙස) මීගහතැන්නේ මිනිසුන් ඔහුව සොයාගෙන පිළියන්දලට පැමිණි බව මගේ මව පවසයි. මේ ආකාරයට පිළියන්දල ජනතාවද ඔහුව වෙදෙක් ලෙස හඳුනාගෙන ඇත. 

මේ කතාව මා කියන්න සිතුවේ මේ වන විට ලංකාවේ ඇතිවෙමින් පවතින ඉතා භයානක මනෝ භාවයක් සහ ඊට අනුපාන සපයන මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ මා කවදත් ප්‍රශ්ණ කරන දැක්මක්  හේතුවෙනි.

දේශීය වෙදකම ලංකාවට පමණක් නොව ලොව සෑම රටකටම පාහේ ආවේණික වූ කලාවකි. එය චීනය, ඉන්දියාව, මැදපෙරදිග ආදී ප්‍රදේශවල වසර 5000 කටත් එහා ගිය අදටත් ප්‍රයෝගිකව භාවිතා වන වෛද්‍ය විද්‍යාවකි. ඒ පිළබඳව මම පසුගිය ලිපියේ කරුණු ගෙනහැර දැක්වුයෙමි. මේ සෑම වෙදකමක්, ඖෂධයක්ම සියවස් හෝ සමහර විට සහශ්‍ර ගණනාවක් ජනතා පරීක්ෂණයට ලක්ව ප්‍රත්‍යක්ෂ වූ කාරණාය. අද අප දන්නා මෙම දේශීය ඖෂධ මෙන්ම ජනතා පර්යේෂණයේදී අසමත්ව භාවිතයෙන් ඉවත් වූ වෙදකම් සහ ඖෂධද ගණනාවක් පවතින්නට ඇත. 

අපේ සීයාගේ වෙදකම මුලින්ම පටන්ගනිද්දී සේවාලාභීන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා අනිවාර්යයෙන්ම පාරම්පාරිකව එම වෙදකම ලබා තිබූ  ප්‍රත්‍යක්ෂ වීම උපයෝගී කරගන්නට ඇත (ඔහු නොදැනීම). ඉන්පසු දශක ගණනාවක් ඔහුගේ වෙදකම් ජනතාව විසින් ප්‍රත්‍යක්ෂ කරගැනීම නිසා ඔහු ජනතා පරීක්ෂණයෙන් සමත්වන්න ඇත. ජිවිතයේ අවසන් කාලයේ ඔහු වෙතට විශාල පිරිසක් වේදකම් කරගැනීම සඳහා පැමිණීමට මෙය හේතු වන්න ඇත. 

මා කලින් ලිපියේ සඳහන් කල පරිදි මේ දේශීය හෝ ආයුර්වේද වෙදකම් සහ ඖෂධ වැඩි දියුණු වන්නේ ඉතා දීර්ඝ කාලයක් තුළදීය. එය ජනතා පරීක්ෂණය සඳහා භාජනයවී සමත් වීමටද ඒ සා විශාල කාල පරාසයක් අවශ්‍ය වේ. මානව ඉතිහාසය පුරාවටම පවතින විද්‍යාත්මක ක්‍රමවේදය මෙයයි. අවශ්‍ය නම් ඔබට එය දේශීය විද්‍යාත්මක ක්‍රමය ලෙස අර්ථ දක්වා ගත හැකිය.

මේ සහශ්‍ර-සියවස් කාල පරාස තුල විකාශනය වූ විද්‍යාව දශක-වසර වලට පරිවර්ථනය වන්නේ නවීන විද්‍යාව තුලයි.  එය මීට සියවස් දෙක තුනකට පෙර සිදුවිය. අදටත් එම ක්‍රමවේදය තුල වුවද පර්යේෂණය, නිගමනය සහ ප්‍රත්‍යක්ෂය වසරකට වඩා අඩුකරගැනීම ඉතා අසීරු ඉලක්කයක් වී ඇත. මේ වන විට ලෝකයේ සොයාගෙන ඇති කෝවිඩ් එන්නත් සඳහා මෙම ක්‍රියාවලියට දැනටමත් වසරකට ආසන්න කාලයක් ගතවී ඇත. මෙහිදීද ගෝලීය ව්‍යසන තත්වය සලකා එම එන්නත ජනතාවට ලබා දීමට තීරණය කර ඇත්තේ නොමේරූ (premature) ක්‍රමවේදයක් තුල බව බොහෝ වෛද්‍යවරුන් පිළිගනී. හරිනම් එය තවත් වසරක්වත් සායනික පර්යේෂණ සඳහා භාජනය කලයුතු බව බොහෝ විද්‍යාර්ථයන්ගේ අදහසයි. 

අපේ රටේ දැන් මතයක් ගොඩනැගෙමින් පවතින්නේ නවතම රෝගයක් ලෙස වසරකට පමණ පෙර මතුවූ කොවිඩ් රෝගයට ක්ෂණිකව පහළවන ඖෂධ ක්ෂණිකවම ලබා දියයුතු බවයි. මේ සඳහා නවීන විද්‍යාත්මක ක්‍රමවේදය අනුව පරීක්ෂණ පැවැත්වීමද, පෞරාණික විද්‍යාත්මක ක්‍රමවේදය වූ දීර්ඝ කාලයක් (සියවස් ගණනාවක්) ජනතා පරීක්ෂණයට ලක් කිරීමද ඔවුන් ප්‍රතික්ෂේප කරයි.  මෙම ඖෂධයට මේ ක්‍රමවේද කිසිවක් අදාළ නොවන බව ඔවුන්ගේ අදහසයි. 

මේ අනුව කිසිවෙකු උදෑසන නැගිට පෙරදා රාත්‍රියේ තමා අහවල් දෙවියාගෙන් අහවල් බෙහෙත අසාගත්තා යයි කී විට අප පිළිගත යුතුය. ධම්මික මහතා කාලි මෑණියන්ගෙන් ලබා ගත්තාය කියන බෙහෙත අපි පිලිගන්නවා නම් දැන් තවත් මහතෙක් රාවණාගේ පුස්කොල පොතකින් ලබා ගත්තාය කියන බෙහෙත්ද පිළිගත යුතුය. නුදුරේදී නොයෙකුත් දෙවිවරුන්, දෙවඟනන්,  භූතයන්. ප්‍රේතයන්, ලබා දුන් බව හෝ තම අධ්‍යාත්මික බලයෙන් ලබා ගත් බව පවසමින් දිනපතා බෙහෙත් එලි දකිනු ඇත. ධම්මික මහතාගේ පැණිය ඔබ පිළිගන්නේ නම් ඒ කියන අනෙක් බෙහෙත් ඔබ නොපිලිගැනිමට හේතුවක් ඇත්දැයි මම විමසා සිටිමි.

මේ ඔබ සියළු දෙනා දායක වන්නේ දේශීය වෙදකම ගොඩගැනීමට නොව නොයෙකුත් වංචනික තෙල් බෙහෙත් වෙළෙන්දන්ට, හොර මගඩිකාර තක්කඩින්ට අනුග්‍රහය දැක්වීමටයි. මෙය බොහෝ කලක පටන් ලංකාවේ යම් ප්‍රමාණයකට සිදුවුවත් අද තරම් රාජ්‍ය සහ වියත් අනුග්‍රහය සහිතව එය කිසිදාක ඔලුව ඉස්සුවේ නැත. මෙය ඔබ සිතනවාට වඩා බරපතල තත්වයකි. මෙයින් සිදුවන්නේ දේශීය වෙදකම වලපල්ලට යාම අධි වේගී කිරීමයි.

මේ අප හසුවන්නේ දේශපාලන උගුලකට බව බොහෝ දෙනෙකුට නොතේරීම ජාතියේම අවාසනාවකි. 



Friday, 11 December 2020

රජය සාර්ථකය


මා සංචාරය කර ඇති සියළු දේශයන්හිදී වටහා ගත් කාරණයක් නම් ඒ සෑම රටකටම ආවේනික වූ ඖෂධ වර්ග රාශියක් ඇති බවයි. එය ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනගරයේ ජිවත්වන මහල් නිවැසියෙකුගේ සිට නැමීබියාවේ සිටින නොදියුණුම සමාජයක් ලෙස බටහිර ලෝකය ලේබල් කරන හිම්බා ගෝත්‍රිකයෙක් දක්වා අදාළ වේ. මේ අනුව දේශීය වෙදකම යනු ලංකාවට පමණක් ආවේනිකවූ විෂයයක් නොවේ. නවීන විද්‍යාව යම් යම් විසඳුම් ලබා දෙන තෙක් මේ සමාජ පද්ධති දීර්ඝ කාලයක් පවතින්නේ මේ දේශීය වෙදකමට පිංසිදු වෙන්නය. අදටත් හිම්බා වැනි ගෝත්‍ර නිරෝගී ජීවිත ගතකරන්නේ 100%ම දේශීය ඖෂධයන්ගේ පිහිටෙනි. ඔවුන් බටහිර වෙදකම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. 

ආයුර්වේදයේ ඇතුළු ලොව පුරා පවතින මේ දේශීය වෙදකම ගොඩනැගී ඇත්තේ තැත්-වරද (trial & error) ක්‍රමවේදය සහ සතුන්ගේ හැසිරීම අධ්‍යනය කිරීමෙන් බව පෙනෙයි. මෙය සහශ්‍ර ගණනාවක සිට සියවස් ගණනාවක් දක්වා වූ කාල පරාසයක වර්ධනය වී ඇත. ලෙඩ රෝග සඳහා පරිසරයෙන් විසඳුම් සොයා ගැනීමට මිනිසාට වඩා ඉතා ඉහල හැකියාවක් බොහෝ සත්වයන්ට ඇත. මෙය ඔවුන්ගේ ජානගත හැකියාවකි. මේ සියල්ල ප්‍රත්‍යක්‍ෂ වූ විද්‍යාත්මක දැනුමයි. එහි කිසිඳු අද්භූත ස්වරුපයක් නැත. 

ඉතිහාසයේ වරින් වර බිහි වූ බුද්ධිමත් පුද්ගලයන් මේ සහශ්‍ර ගණනක් තුල එකතු වූ දැනුම ග්‍රන්ථාරූඩ කර ඇත. මේ දැනුම සාර්ථකව ජනගත කිරීම සඳහා  ඔවුන් සමහර විට දේව සංකල්ප යොදා ගන්නට ඇතැයි නිගමනය කල හැක. මෙම විද්‍යාර්තිකයන්ගේ සේවය උදෙසා පසු කලෙක ඔවුන්ව දේවත්වයෙන් ඔසවා තැබීමටද සමහර ජන කොටස් උත්සහ ගෙන ඇති බව පෙනෙයි. 

මා කලින් කිහිප වතාවක් විස්තර කල පරිදි නවීන විද්‍යාව මේ වසර ලක්ෂ ගණනක විද්‍යාවෙන් වෙනස් වන්නේ මීට සියවස් කිහිපයකට පෙර ගොඩනැගුණු පිළිගත් පර්යේෂණ ක්‍රමවේදය නිසාය. මේ නිසා වසර දහස් ගණනක අත්දැකීම් අවශ්‍ය වූ නව නිපයුමක්  (භාණ්ඩයක්, සේවයක් හෝ දැනුමක්) වසර හෝ දශක කිහිපයකදී සාක්ෂාත් කරගත හැකි විය. අනාදිමත් කාලයක සිට පැවතෙන විද්‍යාව (මානවයා ඇතුළු මුළු සත්ව ලෝකයටම පොදු වූ) නවීන විද්‍යාවෙන් වෙනස් වන්නේ මේ මූලික සාධකයෙනි. 

ලංකාවද ඇතුළු බොහෝ රටවල වරින් වර පැමිණි වසංගත තත්ත්ව නිසා මිනිසුන් දහස් ගණනක් කෙටි කලකදී මිය ගොස් ඇත. ලංකාවේ ආසන්නතම සිද්ධිය 1930 ගණන් වලදී මතු වූ මැලේරියාවයි. මෙලෙස අළුතින් පැමිණෙන රෝගයකට මේ කිසිඳු දේශීය වෙදකමක විසඳුම් නොතිබූ බව ඉතිහාසය පෙන්නුම් කරයි. මේ නිසා දශක ගණනාවක් පුරා මිනිසුන් සහ සතුන් ලක්ෂ ගණනක් බිලිගනිමින් පැවතුන වසංගත ස්වභාවධර්මයා විසින්ම තුරන් කරන තුරු මිනිසාට කළහැකි දෙයක් නොතිබුණි. නමුත් සියවස් ගණනාවකට හෝ සහශ්‍ර කිහිපයකට පසු නැවතත් එම රෝගය හිස ඔසවන විට ඊට පිළියම් සමාජය විසින් උත්පාදනය කරගෙන තිබුණි. චීන, ඉන්දීය, මිසර, පර්සියානු, ග්‍රීක සහ රෝම ඉතිහාසය හදාරන අයෙකුට මෙම කාරණා අපූරුවට පැහැදිලි වෙයි. 

කෝවිඩ් සඳහා දේශීය විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබූ ඖෂධය මම මැජික් පැණියක් ලෙස හැඳින්වුයෙමි. ඊට හේතුව එහි මූලය අභිරහසක් වූ බැවිනි. ඔබ දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් යම් ඖෂධයක් පිළිබඳව විමසු විට ඔහු එහි මූලය (අඩංගු ද්‍රව්‍ය, ඒ ද්‍රව්‍යයන් යොදා ගැනීමට හේතුව, ඒවා සැකසීමේ ක්‍රමවේදයේදී සිදුවන වෙනස් කම් ආදී) පිළිබඳව ඉතා පැහැදිලි විවරණයක් කරනු ඇත. එහෙත් යන්ත්‍ර මන්ත්‍ර, දේව බලයෙන් ලැබෙන උපදෙස් ආදිය සඳහා මෙවැනි මූලයක් නැත. එය අද්භූත හෝ මැජික් (එදිනෙදා වදනින් ) ලෙසින් හඳුන්වා දිය හැක්කේ මේ නිසාය.

ලංකාවේ ආණ්ඩුව කෝවිඩ් මර්දනය සඳහා එහි ප්‍රාථමික අවධියේදී ඉතා සාධනීය පියවර රාශියක් ගනු ලැබිය. වෙනත් බොහෝ රටවලට වඩා කෝවිඩ් මර්දනය අතින් ලංකාව ඉදිරියෙන් සිටියේ මේ නිසාය. එහෙත් පසුව මේ තත්වය වෙනස් විය. මැතිවරණය මෙන්ම වෙනත් දේශපාලන වාසි තකා පසු කලකදී නායකාදීන් වගකීම් විරහිතව හැසිරීමට හා තීරණ ගැනීමට පෙළඹුණු බව සමාජය පැහැදිලිවම දුටුවේය (බහුතරයක් නොදැක්කා සේ සිටියේය). මෙහි ප්‍රතිඵලය වුයේ ඉතා වේගයෙන් කෝවිඩ් රෝගීන් ගණන වැඩිවීමයි. මෙම තත්වය රජයේ පාලනය වෙතින් ගිලිහී යන බව දැන් අපි නිරීක්ෂණය කරමු. දැන් සෑම දිනකම රෝගීන් 500-1000 ත් අතර ප්‍රමාණයක් හඳුනා ගනියි. ඒ සීමිත රෝගී පරීක්ෂාවක් මගිනි. සැබෑ සංඛ්‍යා මීට වඩා අතිශයින් විශාල විය හැක.

මා දකින්නේ, මේ තත්වය තුල රජයට මහජන අප්‍රසාදය වෙනතකට යොමු කිරීම සඳහා කඩිනම් පියවරක් ගැනීමට අවශ්‍ය වූ බවයි.  මේ රජය තරම් සාර්ථකව ලංකාවේ ජන විඥානය තේරුම් ගත් පිරිසක් ලංකාවේ සිටියාදැයි මම නොදනිමි. මහන්සිවී හෝ නුවණ මෙහෙයවා වැඩ කිරීමට වඩා ලංකාවේ බහුතරයක් ජනතාව දියසේන කුමරු ඉපිද, රාවණා නැගිට, නාථ පහළවී තම ගැටළු විසඳා දෙන තෙක් ගල් කණු අතර බුලත් විට හප කරමින් කයිවාරු ගැසීමට උපන් ජාතියක් බව මේ දේශපාලුවා මැනවින් අවබෝධ කරගෙන ඇත. මේ අනුව ඔවුන් සුදර්ශනී පානය, මුට්ටි ගඟේ දැමීම, මැජික් පැණිය ආදී අද්භූත බලවේග එකිනෙක ගෙන එමින් පවතී. මේ ක්‍රමය තව මාස තුනක් ඇදගෙන ගියහොත් තමන් ගොඩ බව ඔවුන් වටහා ගෙන ඇත. මන්ද, එවන විට වෙනත් රටවල පර්යේෂකයන් ඉමහත් වෙහෙසකින් වැඩි දියුණු කල විසඳුම් ලංකාවටද ගොඩ බසින නිසාය.

මේ අතින් මා දකින්නේ රජය අතිශයින්ම සාර්ථක වූ බවයි. දැන් මිනිසුන්ට සුදර්ශනී පානය හෝ මුට්ටි දැමීම මතක නැත. ඔවුහු පසුගිය සතියක දෙකක පටන් මැජික් පැණියේ එල්ලී සිටිති. දැන් ක්‍රමයෙන් ඒ පිළිබඳව මතකය හීන වෙමින් පවතී. තව ටික දවසකින් තවත් විප්‍රකාරයක් මතුවනු ඇත. උගත් නුගත් සියළු දෙනා ඒ පසුපස හඹා යනු ඇත.

මේ සියළු නර නාටක අවසන් වී ජනතාව සිහිබුද්ධියෙන් සිතන දවසක් එළඹුනොත් අපි දේශීය වෙදකම දියුණු කල හැකි ක්‍රමවේද පිළිබඳව කතා කරමු. 


                



Sunday, 6 December 2020

ගිනි කඳු සෙවනේ තැනු මාළිගා


"චන්දිම, ඔබ සිතන විදියට ප්‍රභාකරන්ට වැරදුණේ කොතනද?" 

අප මැලේසියාවේ ගත කල කාලයේදී අපගේ හිතවතියකගේ නිවසේදී ඇතිවූ කොටි සටන පිළිබඳව සංවාදයක් මගේ මතකයට නැගේ. කලින් යුධ හමුදාවේ උසස් නිලයක් හෙබවූ, මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහලම තලයේ නිලධාරියෙක් (දැන් අප අතර නැති) එදා මගෙන් ඒ පැනය ඇසීය. 

"මම ප්‍රභාකරන් වුනා නම් වසර 2000 වන විට මම යුද්ධයට කරන වියදම හැකිතාක් අඩුකර ඒ සියලුම මුදල් ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට යොදවනවා" මම ඔහුට පැවසුවෙමි.

90 දශකයේ අග භාගය වනවිට LTTE සංවිධානයට ලොව පුරා විසිරුණු ඉතා ප්‍රභල සාමාජික ජාලයක් සහ මුදල් උපදවන යාන්ත්‍රණයක් පැවතුනි. ඔවුන්ට ජාත්‍යන්තරවද යම් පිළිගැනීමක් විය. එසේම ඔවුන් ලංකාවේ සැහෙන ප්‍රදේශයක් තම අණසකට නතු කරගෙන තිබුණි. මෙතැන් සිට ඔහු කල යුතුව තිබුණේ තම දේශීය සහ ද්විත්ව පුරවැසිභාවය හිමි දමිළ ප්‍රජාව ඔස්සේ ලංකාවේ ඉඩම් මිලයට ගැනීමයි. LTTE සංවිධානයට එවකට තිබූ වත්කම් අනුව ටික කලකින් ලංකාවේ මර්මස්ථාන රාශියක් නිත්‍යානුකුලව අත්පත් කරගැනීමට හැකියාව තිබුණි. මේ අනුව 2009 වන විට ශ්‍රී ලංකා රජය තම අණසකට යට කරගැනීමට පවා ඔවුනට අවස්ථාවක් උදාකර ගත හැකිව තිබූ බව මට සිතෙයි. 

නමුත් ඔවුන්ගේ අවාසනාවට ප්‍රභාකරන්ගේ යුදගාය මීට එරෙහි විය. ඔහුට බලපෑමක් කල හැකි එවකට සිටි එකම පුද්ගලයා වන ඇන්ටන් බාලසිංහම් මේ පිළිබඳව වටහා ගන්නට ඇතැයි මට සිතේ. සමහර විට ඔහුගේ බලපෑම අනුව 2000 මුල් දශකයේ මුල් භාගයේදී කොටහේන, වැල්ලවත්ත ආදී කවදත් ද්‍රවිඩ ජනතාව වැඩි වශයෙන් සිටි ප්‍රදේශවල ඉඩම් විදේශ ගත වූ ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාව විසින් කඩිනමින් මිලදී ගන්න විය. ඉන් පසු කෙටි කලකදී එහි අර්ධ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ වේගයෙන් ගොඩනැගෙන්න විය. එහෙත් එල්ටීටීයේ අවාසනාවකට මෙන් ටික කලකින් අධික ලෙස රෝගාතුර වූ ඇන්ටන් බාලසිංහම්ගේ ග්‍රහණයෙන් ප්‍රභාකරන් ගිලිහී ගියේය. මේ නිසා නැවතත් ඔහුගේ යුදවාදී ක්‍රියාන්විතය ඉස්මතු විය. එහි ප්‍රතිඵලය අද අපි මැනවින් දනිමු. 

මට මේ පරණ කතාව මතකයට ආවේ ඊයේ දුරස්ථ සන්නිවේදන ක්‍රමවේදය මගින් මා හා කතාවට වැටුණු එවකට ගුවන් හමුදාවේ සේවය කල හිතවතකුගේ පැනයක් හේතුවෙනි.

"චන්දිම නැවතත් ත්‍රස්තවාදය හිස එසවුවහොත් එහි ස්වභාවය කුමක් වේද?"

විද්‍යුත් චුම්භක ත්‍රස්තවාදය පිළිබඳව මා මේ දිනවල ලියන පර්යේෂණ පත්‍රිකාවක් වෙනුවෙන් මම මෙම පැනයට පිළිතුරු විය හැකි බොහෝ කාරණා පිළිබඳව පසුගිය කාලයේ  අධ්‍යනය කෙරුවෙමි. 

"LTTE සංවිධානය හෝ ඔවුන්ගේ අරමුණම ඇති වෙන යම් ත්‍රස්තවාදී සංවිධානයක් නැවතත් ලංකාවට බලපෑමක් කරයි නම් ඔවුන්ගේ ක්‍රමෝපායයන් මීට වසර එකොළහකට පෙර තිබුනාට වඩා බොහෝ සෙයින් වෙනස් වනු ඇත." මම පිළිතුර ඇරඹුවෙමි.

පසුගිය දශකය තුල ලෝකයේ හැඩතල විශාල වෙනසකට බඳුන්විය. එය තාක්‍ෂණය, ක්‍රමෝපායයන් මෙන්ම දේශපාලන කරලියේද සිදුවිය. මේ නිසා වසර එකොළහකට පෙර ලැබූ ජයග්‍රහණයක් පිළිබඳව නැවතත් සිහින දැකීම අතිශයින් භයංකාර සිතුවිල්ලකි.

එදා ලොව කොතැනක සිට හෝ යුද්ධයට කැපවුණු දමිළ තරුණයාට සාපේක්ෂව අද එම ප්‍රජාවේ අධ්‍යාපන පසුබිම, සමාජීය සහ ආර්ථික මට්ටම, වෘතිය නිපුණතාවය සහ දේශපාලන හැකියාව  ඉතා ඉහල මට්ටමක ඇත. මෙය සමාජ මාධ්‍යවල විප්‍රකාර දසුන් මවන ලංකාවේ බොහොමයක් සිංහලයන්ට සිතා ගැනීමටවත් නොහැක.

බොහෝ විට ලංකාවට ඇති කරන බලපෑම සඳහා ඔවුන් වසර 5 ක පමණ කාලයක සිටවත් සුදානම් වනු ඇත. මෙහිදී ඉඩම් හා ව්‍යාපාර මිලදී ගැනීම මොවුන්ගේ එක් උපාය මාර්ගයක් පමණක් වනු ඇත.  

ඔවුන් ඉතා සුක්‍ෂම ලෙස සමාජයේ මර්මස්ථාන වන බැංකු, විදුලි බලය, සන්නිවේදන ආයතන, ආර්ථික වශයෙන් ඉහල වැදගත්කමක් ඇති ව්‍යාපාර ආදියෙහි ඔවුන්ගේ සාමාජිකයන් ස්ථාන ගත කරනු ඇත. ජන මාධ්‍ය ආයතන ක්‍රමයෙන් තමන් නතු කරගැනීමද ඉතාමත්ම වැදගත් කාර්යයකි. ඔවුන්ගේ අරමුණට ලැදි පුද්ගලයන් මෙන්ම මුදලට විකිනෙන සියලුම ජාතීන්ට අයත් පුද්ගලයන්ද ඔවුන්ගේ අභිප්‍රායන් සාර්ථක කරගැනීම සඳහා යොදාගත හැක. 

තවත් වැදගත් ක්‍රමවේදයක් විය හැක්කේ පවතින පහසුකම් අනුව ඔවුන් හැකිතාක් තම සඟයන් පාලන තන්ත්‍රයට ඇතුළු කිරීමයි. මෙය පළාත් සභාවල සිට පාර්ලිමේන්තුව දක්වා සියළුම ආයතන නියෝජනය වන පරිදි සිදුකල හැක. මෙහිදීද ද්‍රවිඩ බහුතරයක් ඇති ප්‍රදේශවල මෙන්ම ද්‍රවිඩ ඝනත්වය වැඩි ප්‍රදේශ ඇති කොළඹ දිස්ත්‍රික්කයේද ඔවුන් සාර්ථක වනු ඇත. මුදල් මත දිවෙන ලංකාවේ මැතිවරණ ක්‍රමය යටතේ ඔවුනට සිංහල චන්ද පවා බා ගැනීම අපහසු නොවනු ඇත. විදේශයන්හි පවා ඉහල දේශපාලන තලයක සිටින ඔවුන්ගේ පිරිසට මේ ලාංකීය දේශපාලනයේ නියෝජිතයන් එක් වූ විට ඔවුන්ගේ හඬ ඉතා ප්‍රභල වනු ඇත.

ඔවුන්ගේ තුන්වන ක්‍රමවේදය විය හැක්කේ ඉතා බරපතල (critical) අවස්ථාවල රට අකර්මන්‍ය කිරීමයි. මේ සඳහා ඔවුනට සම්ප්‍රදායික අවි ආයුධ තවදුරටත් අවශ්‍ය නොවේ. බැංකු ඇතුළු වැදගත් ආයතනවල පරිඝනක පද්ධති අක්‍රිය කිරීම, විදුලි සහ සන්නිවේදන ජාලය අවුල් කිරීම, රටේ ආරක්‍ෂණ පද්ධති බිඳ දැමීම මින් කිහිපයකි. මේ සඳහා ඇතුලතින් පැල කල සේවකයන්ගේ මෙන්ම පිටත සිට ක්‍රියාත්මක වන විද්‍යුත් චුම්භක ප්‍රහරකයන්ගේ සහයද ඔවුනට ලබාගත හැක. 

මේ අනුව බහුතරයක් සිංහලයන් ජිවත්වන අධි-මානි සිහින ලෝකය පුපුරා යාමට ගතවන්නේ ඉතා කෙටි කාලයක් බව සිතට ගන්න.  මා දකින ආකාරයට මේ එළඹෙන තත්වයට මුහුණ දීමට අප රට කිසිසේත් සුදානම් නැත. මගේ මතය නම් මෙවැනි තත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහා කල හැකි එකම කාර්යය දෙමල ජනතාව තුල තව දුරටත් ක්‍රෝධය වෛරය මතුවීමට ඉඩ නොදී ඔවුන්වද අපගේ කරගැනීමයි.

මළවුන් සැමරීමත් අපරාධයක් කර ඇති යුගයක එබඳු සහජීවනයක් අපිට බලාපොරොත්තු විය හැකිදැයි යන්න ප්‍රශ්නාර්ථයකි ?




Friday, 13 November 2020

RELIGION

 


In a previous post when I referred both science and religions as models, many colleagues rushed to comment that all religions may be models except their own. This response clearly indicated that in their perceptions a model is a “bad” thing as far as the religion is concerned. What they say maybe 100% correct in their frames of reference. What I present below is what I see in my frame of reference.

I define a model as a concept (or hypothesis) that we accept to be correct and applicable in solving our problems. Here, by the term “we” I refer to human intelligence, however, there are instances that many other living beings adopt models to solve their issues.

In the above context, science runs almost 2 million years back in the timeline, compared with religions (refer the article “Science”). Thus, religion is a newborn baby compared with science.

The difference between religious models and scientific models is very clear. As I described in “Science”, scientific models are provisionally accepted to be correct and at any instant, the scientist is willing to modify it to suit the “new knowledge” or “new needs”. A religious model is fixed (or frozen) at a certain point of time. It may undergo slow changes over millennia due to the mode of transferring information, earthly needs of the clergy and rulers and for the adaptation to new geographical environments. Thus, one may refer to religious models as quasi-static and scientific models as dynamic.

Why religion is a model?

It is very evident that primitive religions have been originated, perhaps about 60,000 years back, to find ways of avoiding natural calamities such as floods, droughts, landslides, lightning, bush fires, volcanic eruptions, plagues, insect swarms etc. The primeval communities may have expected that the divine models developed and the consequent rituals done to appease these divine powers could save them from nature's catastrophes.

In the last few millennia, while still paying the attention to getting protection from natural disasters, many civilizations have changed their primary focus of religion to another dimension. That is to get a better position in the “beyond-earthly-life (BEL)” phase.

Primitive religious models may not have been survived for long as they were frequently tested against physical phenomena. When a model failed several times in a raw, the communities may have understood that they need to change the model and seek another divine power.

As the civilization and “intelligence” developed, people, especially clergy, may have seen this distinct disadvantage of the primitive models (drawback for them rather than for people). In this backdrop, BEL may have been an excellent concept to make their religious models to last long as the models can never be tested against the hypothetical concept.

An analysis of BEL concept reveals that it has introduced a few hypotheses that human intelligence has not captured for almost two million years.

- There is a non-physical superpower/s (God) or absolute law (Karmic) which determines the BEL.

- There is an ultimatum in BEL for a human being; a place together with the superpower (Abrahamic religions, Sikhism and a fraction of Hinduism), integration with the superpower (a fraction of Hinduism), or attaining a certain state, which is not well-defined (Buddhism, Jainism, a fraction of Hinduism).

Combined with the above new hypotheses, many religions introduced another concept borrowed from primitive religious models. i.e. one can reach ultimatum of BEL by appeasing the hypothetical superpower/s or following practices (guided by the religion) that is aligned with good karmic flows. The ways of appeasing the superpower and practices of aligning with good karmic flows vary from religion to religion.   

None of the above hypotheses could be tested by an external party (one can only self-conduct that either by going through death or having super-human senses). Thus, they are well secured.

The above description clearly shows that all religions are models that have been developed to address the question of what could be the best to happen after death.

The same models, untested against the basic hypotheses, have then been applied to many other purposes in the physical world, similar to those in the primitive era; getting rid of natural calamities, gaining social and economic benefits, gaining beyond-normal psychological powers, the survival of clergy, survival and/or enhancement of the power of the ruling party etc.

The pattern of spreading of the religions and their dominance during the last 1-2 millennia reveals that the last two points above are the main determinants of the success of religions in existing among the human masses. A religion that provides the best assistance to the well-being of clergy and the ruling party have the best chance of expansion.

 

Saturday, 24 October 2020

SCIENCE

 


Homo erectus, which originated somewhere in Asia or Africa about two million years ago, travelled to many corners of the world within the following million years. It is clear that this was not just for the search for suitable habitat. Otherwise, all human settlements would have been confined to the river valleys, which were very suitable for habitation. But this ancient man had walked across fertile land and some of them have settled even in steep terrains and barren lands with very harsh climates. I see the only possible reason for this is the intrinsic curiosity of those human beings.

 

Ancient human beings, who, for several hundred thousand years slaughtered animals and ate raw meat, may have experienced a softer, more palatable taste when they ate the flesh of an accidentally burnt animal. So when they saw a natural fire, the dead animal would have been thrown into the fire and eaten the roasted soft flesh.

 

A forest fire does not occur where and when it is needed for human beings. Thus, the mind of the primitive man may have worked in finding a way of creating fire whenever it is required. This idea, matured over nearly a couple of million years, led the man to develop the technology of making fire.

 …………………………………………..

 

What you read above is the birth of science and technology. Science was born and advanced because of the human psychological quality of curiosity (inquisitive mind). The unquenchable desire to meet one's own needs (inventive mind) is the mental quality that drives the technology to move forward. These psychic properties perform interdependent (i.e. interconnected) functions for science and technology to be advanced.

…………………………………………..

 

Two million years later, these ancient human qualities are still written in every cell of the human body. Thus, science and technology is not something new that emerged just four or five hundred years ago.

 

It took mankind at least a million years to understand fire and another similar period to come up with the technology to make it artificially. It took tens of thousands of years to understand the motion and produce the wheel. It took thousands of years to understand the human body and develop Ayurvedic medical technology.

 

However, it takes human beings less than only a century to understand the virus and develop vaccines for many diseases. The story of computer technology is counted in decades, and the drone, a new science a few years ago, is now a common technology that even comes close to everyday life. Today, some people are blaming science for not being able to find a vaccine for Covid-19 within a few months.

…………………………………………..

 

Science and technology, which have been around for more than a million years, have reached a critical juncture a few centuries ago. Until that turning point, the science developed by experience and experimentation (most often by trial & error). Then, people discovered a fundamental way of approach, which is called Scientific Methodology. This new approach converted millions, millennia, and centuries of scientific and technological advancements into decades, years, and months.

 

Modern science, as we call it today, is the science that works according to this methodology that is accepted by everyone irrespective of his/her space and time. Other than that, in all aspects, there is not much difference between the science of ancient man and the science of modern man.

…………………………………………..

 

“Have you seen the electrons? "

 

"If haven't, how do you believe that they exist?"

 

"Similarly, how can you say that there are no gods or no reincarnation, or no athma just because you have not seen them?"

 

I have met many people in the past who ask such questions. They are mostly trying to prove a particular religious’ opinion. I almost always remain silent without answering these questions. But I don’t think that it is a good response. This article is written especially for those who really want to have an answer for that.

…………………………………………..


From the beginning, science has been based on curiosity, not belief. Belief is the coffin of science. The journey of science stops on the day that the belief is established.

 

By science, we mean building a model based on the information that we have gathered over a period of time, and also on our analytical power. That model is valid only for that time frame. Once a scientific model is built up, we try to explain the observations in nature and construct the technology to meet our needs, based on the scientific model that is developed. Every scientific model works up to some extent and then problems arise.

 

Then we change the model we have built according to the accepted norms of scientific methodology. Then we step into another domain in another time frame. The accepted truth in that frame of reference is the modified model. In this line, Science changes at each moment passes by. It quenches our curiosity and arouses new curiosity. Our needs are also renewed. Accordingly, the technology that meets the requirements also changes. This is a never-ending journey. The best example of this is the story of the atom.

…………………………………………..

 

Man has been curious about the building block of the universe for a long time. The first concept of the building block of the universe is mentioned in Vedic texts about 4000 years ago. It was called “Brahman” (not the Brahma, the Creator of the Universe as indicated in the later Hindu scripts). We will discuss that in another article.

 

The earliest mention of this in Europe was by the philosopher Democritus, a contemporary of Aristotle, who lived some 2,400 years ago. He said that as the matter continues to separate, it ends up with a very small particle.

 

However, Aristotle held the opposite view. Aristotle was a very popular man at the time, thus, Democritus' opinion was suppressed. Whatever the building block of matter, it may not have aroused the interest of the society at that time. And, then for the next two millennia, science was overshadowed by the belief system that dominated the rationalism of the human mind.

 

The idea of ​​Democritus resurfaced about 2200 years later. John Dalton called the smallest building block of matter “the atom”. He also modelled them as small spherical solid objects. This allowed him to describe the behaviour of the gases to some extent.

 

But over time, studies of charges have shown that there are other smaller parts of the atom that are considered to be even smaller spheres; protons and electrons. J. J. Thompson gave the atom a new model, where the atom was represented as a tiny sphere of electrons immersed in a positively charged uniform medium.  

 

Soon, however, Lord Rutherford’s experiments pointed out that most of the atom is empty and the tiny electrons move around the positively charged protons in the centre. This model helped to clarify many more observations and thereby develop technological tools.

 

Over time, some observations could not be explained by the above model so that newer concepts emerged. This winds of change blow continuously to this day. It will go on for many more millennia.

 

Despite the model of the atom changed over time, each model paved the way to the discovery of electricity and electromagnetic waves, which in turn produced a number of new inventions that turned the lifestyles of the entire human race upside down.

…………………………………………..

 

Thus, nothing in science is based on eternal truth or a belief. Scientists try to define the world by creating models as per the knowledge base and analytical skills available at a given time. When that is not possible, they change the model. In addition, they develop technology to meet human needs through the existing model at a given time.

 

Have I seen the electron?


Do I believe that there is such a thing as electrons?

 

This type of questions is meaningless. Whether or not there is really a thing as an electron exists, it does not have an impact on scientist's intentions. He builds a model of whatever it is and tries to understand the world and meet the needs of man. He changes the model when his desires are not met.

 

It is because of this journey of science and technology, that you have a more comfortable life today than that of a person in the fifteenth century. We do not know whether it is a lie, an illusion, or a fact, but we can see that it has many benefits.

 

In the two million years of human history, the number of untimely deaths from viral diseases alone may exceed several billion. No divine power or supernatural force could stop it. But thanks to this science, which some people call as a "blatant lie", millions of lives that would have died so tragically in the last two centuries, have been saved.



Sunday, 4 October 2020

Moving the Rock


When you say that “I have understood”, what does that really mean?

It means that you have come to the conclusion that you have visualized the reality of something, with reference to the frame of reference of your mind.

Thus, understanding does not mean that you see the absolute reality. Even the word “Absolute reality” is a relative term as the absolute reality of one person may differ from that of the others.

Understanding depends on two capacities of mind; the knowledge base and the analytical skills. These are interdependent dynamic entities. The two entities change interdependently with every second pass by. At a given time finding two people with identical knowledge basses and analytical skills is as difficult as finding two people having the same thumbprints.

Therefore, it will be almost impossible to expect others to understand exactly the same way that you understand something.  

What is realization?

Realization can be defined as the acceptance by yourself of what your mind has understood (anyway one's self is a debatable term). People take actions based on what they realize but not on what they understand. There is a barrier between the understanding and the realization; called mental inertia (MI).

Inertia, in general, is the reluctance of an entity to change from its current state. In the physical world, it is explained by Newton’s first laws of motion.

Similarly, MI is the reluctance of a mind to change its present state by accepting what is understood. The level of MI of people also varies in a wide spectrum, from very low to ultra-high.

MI is a complex psychological phenomenon of which the dependence should be studied in detail. Basically, one's ego, and the faith and belief systems uplift MI. The exposure to inner and outer space may reduce it. 

MI is one of the prime causes of unhappiness in the human mind. It leads to all sorts of negative emotions such as anger, stress, frustration, sorrow etc. MI has lead people to commit extremely inhuman and diabolical acts over the millennia of human history. 

Getting rid of MI is a complex psychological process that should be discussed separately.