සංජය, දසුන් සහ මා අමිල සමග පැවති podcast එකෙන් පසු මම කුරුඳු තලන යාන්ත්‍රණය පිළිබඳව යම් අධ්‍යයනයක් කලෙමි. මට හිතෙන විදියට නම් කිතුල් tapping වලට මෙන්ම කුරුඳු තැලීම සහ සැකසීම පිළිබඳවද අප self-barrier එකක් යොදාගෙන ඇත. එනම් සාම්ප්‍රදායික ක්‍රමයෙන් අප ලබා ගන්නා නිෂ්පාදන යාන්ත්‍රිකව කල නොහැකි බවයි.
මම mechanical engineer කෙනෙක් නොවුනත් මගේ අනුමානයේ හැටියට අවශ්‍ය හොඳ mechanizing & automation expert ටීම් එකක් පමණි. සම්ප්‍රදායික ක්‍රමයෙන් ලබා ගන්නා කුරුඳු වලට සමාන හෝ ඊට වඩා හොඳ quality එකේ කුරුඳු ඉතා කඩිනමින් සැකසීමට හැකි යාන්ත්‍රික ක්‍රමයක් ගොඩනැගීමට මෙබඳු team එකකට මාස හයකට වඩා ගතවන්නේ නැත. තියුණු අභියෝග සහ ගැටළු මතුවිය හැක. R&D කියා දෙයක් ඇත්තේ ඒ සඳහාය.
අප සාම්ප්‍රදායික ක්‍රමවේදයන් රැක ගත යුතුය. නමුත් නව ලෝකයට සරිලන ලෙස අපේ තාක්ෂණය update කරගත යුතුය. නැත්නම් මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් අප පසු කරගෙන යනු ඇත.

No comments:
Post a Comment