Saturday 18 November 2023

බුදුදහම පාවිච්චි කරමු


මැලේසියාවේ වාසය කරන සමයේ එහි ථේරවාද මැලේසියා සංසදයේ සාමාජිකයන් සමග සුහඳ සාකච්චා කිහිපයකටම සහභාගී වීමේ අවස්ථාවන් මට උදාවිය. මේවාට ගිහි - පැවිදි දෙපක්ෂයම සම්බන්ධ වෙයි. මේ සාකච්චාවන්ට බොහෝ විට පාදක වන්නේ බුදුදහම ප්‍රයෝජනයට ගන්නා ආකාරයන් පිළිබඳවයි. මෙහිදී බොහෝ දෙනෙක් පොතපතෙන් ලබාගත් දැනුමට වඩා ප්‍රයෝගිකව තමා ලද අත්දැකීම් සහ තමා යොදාගත් ක්‍රමවේදයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරති. 

උදාහරණයක් ලෙස එක් අවස්ථාවක සංවාදය පැවතුනේ තමා රැකියාව කරන ස්ථානයේ සඟයෙක් ගෙන් තමාට එල්ල වන මානසික පීඩනයෙන් මිදීමට බුදුදහමින් ගත හැකි ක්‍රමවේදයන් මොනවාද යන්නයි. මෙය ඇත්තටම එහි සිටි කාන්තාවකට ඇතිවී තිබූ ගැටළුවකි. 

මෙහිදී බොහෝ දෙනෙක් සමාන අවස්ථාවල තමන් අනුගමනය කල ක්‍රමවේද පිළිබඳව කතා කළහ. බුදු දහමින් පමණක් නොව නූතන මනෝ විද්‍යාවෙන්, හිප්නොටිසම් තුලින්, හින්දු ආගමික සංකල්ප වලින් පවා අදට ගැලපෙන රාමුවක් තුල මෙම ගැටළුවට සාර්ථක විසඳුම් සෙවිය හැකිදැයි සාකච්චා විය. ඒවායේ සාර්ථක-අසාර්ථක බාවය මෙන්ම sustainability එක ගැනද සංවාද ඇතිවිය. කිසිවෙකුත් තමාගේ මතය පමණක් නිවැරදි යන මතයේ හෝ බුදුදහම තමයි ශ්‍රේෂ්ඨම දහම සහ කෝකටත් තෛලය වැනි මතවල එල්ලී සිටියේ නැත. කතා බහ අවසන් වන විට අපේ දැනුම් සම්භාරයන් පුළුල් වී තිබුණි. එකම ගැටළුවට විසඳුම් කිහිපයක් සහ සාර්ථක ක්‍රමවේද දෙක තුනක් තිබිය හැකි බව අපට අවබෝධ විය. බුදුදහම පිළිබඳවද මම සෑහෙන යමක් අළුතින් ඉගෙන ගතිමි. පසු කලෙක මම මේ ඉගෙනගත් ක්‍රමවේදයක් මගේ ගැටළුවලදී සාර්ථකව යොදාගතිමි.

මේ ලිපියට ප්‍රවිෂ්ඨයක් ලෙස මා බුදුදහම පාවිච්චි කිරීම ගැන දැමූ පෝස්ට් එකට පළවුණු සමහර අදහස්වලින් සිංහල බෞද්ධයා පිළිබඳව යම් සිතුවමක් රූපගත විය. කෙනෙකු පණිවිඩයක් කියවා ගන්නේ තමන්ගේ බුද්ධි මට්ටමට අනුවය. මේ නිසා මට කෙනෙකු මා කියන දෙයක් අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳව විනිශ්චයක් දිය නොහැක. කෙසේ නමුත් සමහර අයගේ අදහස් දුටු විට මට හැඟී ගියේ ඔවුන් මා කියන දෙය ප්‍රයෝගිකවම සනාථ කරන බවයි. ඔවුන් බුදු දහම භාවිතා කිරීම පසෙකලා බුද්ධාගම රැකගැනීමටත් එය defend කිරීමටත් සටනට පිවිස සිටියහ. එය බොහෝ කාලයක් ලාංකික දේශපාලනය ඔවුන්ගේ මනෝභාවය සකස් කල ආකාරය විය හැක. ඒ අතරම පණිවිඩය අවබෝධ කරගැනීමට නොහැකි වූ සමහර දෙනා මතු කරන "යන්නේ කොහේද මල්ලේ පොල්" වැනි කතා විනෝද ජනකය.  


7 comments:

  1. බුදු දහමේ සාරය ගත්තොත් ඒක ලඝු කරන්න පුලුවන් ‘අතහැරීම‘ කියන දේටනේ. සමහර දේවල් සම්බන්ධයෙන් සමහරුන්ට ඕක කර ගන්න පුලුවන් උනත් හැමදේටම ඔය දේ කරගන්න අමාරුයි. අල්ල ගත්ත තරමට බැදීම වැඩි වන තරමට ඒවා නැති වෙන කොට ඇතිවෙන හිතේ අමාරුවත් වැඩියි.

    මම බුද්ධාගම කෝකටත් තෛලයක් ද කියලා මමත් ලිපියක් ලියලා තියෙනවා. ඒක නම් ලීවේ පරිසර ප්‍රශ්ණය සම්බන්ධයෙන් බුද්ධාගමේ හරය බාවිතා කරන හැටි සාකච්චා කරන්න. ඇත්තටම මේ ලිපිය ලියැවුනේ එවක නිරාගමික බ්ලොග් එකක් ඇති වුන සාකච්චාවක් සම්බන්ධයෙන්.. එම සංවාදය ඉතාම රසවත් එකක්..
    මේ ලිපියත් බලන්න කියලා ආරාධනා කරනවා. - Mayya - https://maiyyagelokaya.blogspot.com/2013/07/blog-post.html

    ReplyDelete
  2. Tapovanaye Sutadhara18 November 2023 at 07:55

    පාවිච්චි නොකරන දේවල තියෙන්නේ කෞතුක වටිනාකමක් විතරයි නෙ

    ReplyDelete
  3. Tapovanaye Sutadhara18 November 2023 at 07:55

    පාවිච්චි නොකරන දේවල තියෙන්නේ කෞතුක වටිනාකමක් විතරයි නෙ

    ReplyDelete
  4. පාවිච්චි නොකරන දේවල තියෙන්නේ කෞතුක වටිනාකමක් විතරයි නෙ

    ReplyDelete
  5. බුදු දහමේ ප්‍රායෝගික භාවිතය ගැන මාත් මීට කාලෙකට කලින් යමක් ලියන්න පටන් ගත්තා, උදාහරණයක් මේ...

    https://drackey.blogspot.com/2013/05/blog-post_13.html

    https://drackey.blogspot.com/2013/05/2.html

    ReplyDelete
  6. සම්පූර්ණ අදහස සමග එකඟයි. මං කිව්වෙ මගෙ අදහසත් මෙයමයි. ප්‍රායෝගිකව යම් විසඳුම් මාර්ගයකට කුමක් හො ලබා ගන්න උදව් වෙනවනම්... අපි එය ලබා නොගෙන මොකට වාදවිවාද කරකර ඉන්නවද මන්ද

    ReplyDelete
  7. I don't even know how I finished up right here, but I thought this post used
    to be good. I do not understand who you might be
    however definitely you are going to a well-known blogger for those who are
    not already. Cheers!

    ReplyDelete