Wednesday, 17 January 2024

නපුරුය වියපත් විය


රිදුම් දෙන අත පය මුමුණන දුක් ගීතය 

මතකයට නංවයි වියැකුණු තුරුණු විය 

සිහිනයකි බොඳ වුන ඒ සොඳුරු යාමය 

මෙපමණ කලින් ආවෙ ඇයි ඔබ

නපුරු වියපත් විය 


තොල් පෙති තෙත් කල පිනිබිඳු වියලී 

නළ මත විසිරී ඈතට පාවී 

කොහේ ගියාදැයි තවමත් සොයමී 

අතීතයේ දුටු දයාව මිහිරී 

කුමක්ද වුයේ සොඳුරිය 


වියපත් ලය මත මුහුණ හොවන්නට 

ඔබටත් දැන් නොසිතෙන බව දනිමි 

මළහිරු බසිනා සැන්දෑ යාමේ 

පෙම්සුව අකැපද අබලන් හදකට 

තවමත් පිළිතුරු සොයමි 


තුරුණු වියේ බැඳි තිමිර පට ඉරී 

මැවෙනා දෙහදක සැබෑම සිතුවම 

පවසන කථාව සවනට සුව නැත

ඉකිබිඳිනා හදවත මම සනසමි 

භවයක හැඩරුව කියා දිදී  


බැසයන හිරු නවතා ගන්නට ඔබ 

වෙර දරන්නේ අදුරට බය හින්දද?

අගයක් නැති වූ දා දිවි අරණට 

ලබැඳි සබඳ කම් වියැකී යන බව දනිමී 

පහන් සිතින් එය විඳිමී 



1 comment: