Tuesday 12 July 2022

මට පෙනෙන අනාගතය


සියල්ල එලෙසින්ම සිදුවෙමින් පවතී. කලක් මහා බලවතුන් ලෙස ජනතාව පෙළු අමනයෝ දැන් ජනතාවට බියේ තැනින් තැනට දිව යති. ඔවුන් කල වරදට ලොව කොතැනක සිටියත් දඬුවම් විඳිය යුතුය. ඒ ඔවුන් හා ඇති වෛරයක් නිසා නොව අනාගතයේ බිහිවන පාලකයන්ට ආදර්ශයක් ලෙසටයි.

මේ දිනවල ඇමරිකා-ඉන්දියා තානාපතිවරුන්ට උදාවී ඇත්තේ කාර්ය අධික සමයකි. ලොවට රහසක් වුවාට, යම් දේශපාලන නායකත්ව විභවයක් ඇති සෑම දෙනෙකුටම මේ වන විට ජූලි පෞද්ගලිකව කතා කර ඇතැයි ආරංචි වෙයි. දැන් සියලු දෙනාම ජූලි විසින් දැනුවත් කර ඇති පරිදි තම තමන්ගේ කාර්ය භාරය කුමක්දැයි වටහාගෙන ඇතැයි සිතමි. මේ වන විට නායකයාව තෝරාගෙන ඇති බව සැලයි. එසේම රාජපක්ෂලාට විය යුත්තේ කුමක්ද යන්නත් ජූලි විසින්ම තීරණය කරනු ඇත.

ඇමරිකාව අපට දීමට යන සමාජ-ආර්ථික-දේශපාලන මොඩලය කුමක්දැයි මට තවම නොවැටහේ. නමුත් එය රටේ ජනතාවට සෙමෙන් සෙමෙන් යහපත් තත්වයක් උදා කරනු ඇත. ඒ සඳහා අප ගෙවිය යුතු ගාස්තුව පිළිබඳවද අනාගතයේදී සෙමෙන් සෙමෙන් වැටහෙනු ඇත. ඒ කෙසේ නමුත් මා කලින් කීවා සේ ඔබගේ අර "උතුම්ම - නිර්මලම- පාරිශුද්ධම" අරවද මේවද ටික නම් අකුළා ඉන්දියන් සාගරයට වීසි කිරීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇත. 

   

5 comments:

  1. දැන් ඇමරිකාවෙත් බලය බිදීගෙන නෙමේ ද යන්නෙ🤔

    ReplyDelete
  2. අනුගාමිකයින්ගෙන් වෙඩි කන්න බය නැතිව බාර ගනීද

    ReplyDelete
  3. ගෝඨාභය රාජපක්ෂ සමඟ දින 969 ක්

    ගෝඨාභය රාජපක්ෂ දින 969 ක් ජනාධිපතිවරයා විය. අද අළුයම, රාජ්‍ය නායකයෙකුට තබා, සතා සිව්පාවෙකුටවත් හිමි නොවිය යුතු අවමන් විද රටින් පැනගත්තේය.

    රටම සාගතයකට දමා, පුරවැසියන් පෝලිම්වල මැරී වැටෙන රටක් බිහිකර, රාජ්‍ය යාන්ත්‍රණයට මිනිසුන්ගේ තිබූ ගෞරවය, පිළිගැනීම පමණක් නොව ගොඩනැගිලි, බඩු භාණ්ඩ පවා විනාශවන තැනට රට ඇඳ දමා ඔහු යන්නට ගියේය.

    තමන්ට දේශපාලනික, පරිපාලන, සතුටු සමාගමේ ද, උදව් උපකාර කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 77 ක් ඇතුළු බොහෝ දෙනාට තමන් හරි හම්බකරගෙන ජීවත් වූ ගේ දොර, යාන වාහන පවා අහිමි කරමින් ඔහු පැන ගියේය.

    රාජ්‍ය පරිපාලනයට විශ්‍රාමික හමුදා නායකයින් රිංගවා සෞඛ්‍ය, විදේශ සම්බන්ධතා, කෘෂිකර්මය, අධ්‍යාපනය, ප්‍රවාහන ඇතුළු සෑම කේෂ්ත්‍රයක්ම විනාශ කර යන්නට ගියේය.
    තම හිතවතුන්ට බදු, ව්‍යාපාරික සහන දෙමින් රටම ගජමිතුරු ජාවාරමක් කර, අශුචි නැවෙන් පවා වංචාකර ඔහු පැන ගියේය.

    රටේ නමක් දිනූ ව්‍යාපාරියකයින්, වෘත්තිකයින් ගේ ගෞරවය, ආත්ම විශ්වාසය, අභිමානය විශකර කර ඔහු සැඟව ගියේය.
    දේශීය වෙදකම, සංස්කෘතිය, ආගමික නායකයින්ට, සිද්ධස්ථානයන්ට තිබූ බැඳීම, ගෞරවය විනාශ කර ඔහු වාෂ්ප වූවේය.

    පරිසරය, ගහ කොළ, සතා සිව්පාවට පවා වින කරමින් රටම වැලි - පස් ජාවාරකම් කර, ලංකා ඉතිහාසයේ දැවැන්තම වන සංහාරයකට පාර කපා වැලි පවුරක් වු මාලදිවයිනට පැන ගියේය.

    යන්නට පෙර ‘ද ටර්මිනල්‘ චිත්‍රපටයේ ගුවන් මගියා, එක් ගොඩනැගිල්ලකින් අනෙක් ගොඩනැගිල්ලට යන සේ, ගුවත් තොටුපලෙන් තොටුපලට යමින් සියළු අපහාස අවමානයන් වින්දේය.

    කරේ තබාගෙන සිටි ඇමරිකාවට තබා ඉන්දියාවටවත් වීසා ලබාගත නොහැකිව අසරණ වූවේය.

    තමන් බලයට ගෙන ආ විමල්, ගම්මන්පිල, ඩලස්, පමණක් නොව දිලිත් ජයවීර වැන්වුන්ගේ ද කෝපය ඔහු දැවී ගියේය.
    ගෝඨාභය රාජපක්ෂ යනු සකලවිධ ව්‍යාජයන් එකට අඹරා තැනූ පල්ප් පිළිමයක් නැත්තම් පඹයෙකි. ඔහු ගල් පිළිමයක් වූ මහින්ද රාජපක්ෂට රටේ තිබූ ගෞරවය පමණක් නොව, අවමඟුලට එන මිනිසුන් ටිකත් නැති කළේය.

    දැන්, රට බංකොලොත්ය. දරුවන්ට අධ්‍යාපනයක්, රෝගීන්ට බෙහෙත්, වාහනයට ඉන්ධන, උයන්නට ගෑස් ටිකක්වත් නැත.
    ඇට දෙකක් විසි කළ විට පැලවී ගෙඩි හැදෙන රටක්, මිනිස්සුන්ට තබා සතා සිව්පාවාටවත් කන්නට නැති රටක් බවට පත් කිරීම ලේසි පහසු නැත.

    මේ සියළු ව්‍යසනයන් සිදු කිරීමට ගෝඨාභය රාජපක්ෂ ට ඒ සඳහා අවශ්‍ය වූවේ දින 969 කි.

    ඊලඟ පාලකයාට සතියකට හෝ රට බාරදීමට පෙර සිය වරක් සිතිය යුතු වන්නේ ද ඒ නිසාමය.

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete
  4. හොඳින් හෝ නරකින් ස්ථාවරභාවය ඇතිකරන්නට, ආර්ථිකය ට්‍රැක් එකට දාන්නට සහ දේශපාලනය කරන්නට රටක් ඉතිරි කරන්නට හැක්කේ වෙන්ඩ ජනාධිපතිලා අතරින් රනිල්ට පමණි.

    රනිල් හොඳ නැති බව නොදන්නා කිසිවෙකු නැත. එසේම රනිල් විශ්මකර්මයකු ද නොවේ. ආර්ථිකය ගොඩදාන්නට රනිල්ට බැරිය. පුළුවන් ගොඩයන මාර්ගයට දාගන්නට පමණි. ජාත්‍යන්තර හා ජාතික බල දේශපාලන සූදු මැද මියෙම්වා, රැක්ම්වා පන්නයේ ගේමක් ගහන්නට ඉන්න වෙන්ඩ ජනාධිපති රනිල්ය. අනෙක් එවුන්ට පවුල් පන්සල්ය. අහස උසට හීනය. මහජනයාට ගූ බයය. රනිල්ට ඒවා නැත. දැන් නම් ඉන්න ගෙයකුත් නැත.

    මේ වෙලාවේ පාලනය සඳහා පතෝලයන්ගෙන්, බල පෙරේතයන්ගෙන්, ෆැන්ටසිකාරයන්ගෙන් හෝ ආධුනිකයන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ නොම්මර එකේ කැරියෙකි. රනිල් අවශ්‍ය යයි අප කියන්නේ ඒ නිසාය.

    ReplyDelete
  5. වර්තමාන විරාමය නිහඬ නැත. තිරයට පිටුපසින් මර්ධනය සමගම අපට හොරෙන් බොහෝ වෙනස්කම් සිදුවෙමින් තිබේ. අරගලය මොහොතකට නිහඬවුවත් නැවතී නැත. රනිල්ටත් (රාජපක්ශටහ් හොරෙන්)සිය සැබෑ ස්වාමියා වෙනුවෙන් කළ යුතුව ඇති වැඩ ලැයිස්තුවක් ඇති. මේ දෙදෙනාටම රට ගැන හැඟීමක් නැත. රටට හොරෙන් කරන දේවල් රාජපක්ෂගේත් රනිල්ගේත් ලැයිස්තු වල ඇතත්, බලය ආපසු ලැබීම ගැන රාජපක්ෂ ලාගේ හිතේ විචිකිච්චාවක් ඇති.

    ReplyDelete