Sunday 26 June 2022

කොටියා සහ බූරුවා


"අපූරු හරිත වර්ණ තණකොළ" උදෑසන තණ බිමක ඇවිදින කොටියෙක් හඬ නගා කිව්වා .

"නැහැ තණකොළ නීල වර්ණයි" අසල සිටි බූරුවෙක් කෑගැසුවා. 

කොටියා තරහින් වැරැද්ද හදන්න හැදුවත් බූරුවා මහා හඬින් තර්ක කළා. 

අන්තිමේදී දෙන්නා තීරණය කළා මෙය සිංහයාට නඩුවක් ලෙස ඉදිරිපත්කරන්න. 

"ස්වාමිනි මේ කොටියා කියනවා තණකොළ හරිත වර්ණයිලු. එය නිල්පාට නොවේද? මේ වැරදි පතුරනවාට කොටියාට සුදුසු දඬුවමක් දෙන්න" බූරුවා කියා සිටියා. 

"ඔව්, තණකොළ නීල වර්ණයි. වැරදි මත පතුරනවාට මම කොටියාට හෙට සිට වසර පහක් කතා කිරීම තහනම් කරනවා" සිංහයා නඩු නොඅසාම තීන්දුව දුන්නා 

බූරුවා ඉතා සතුටින් තණකොළ නීල වර්ණයි කියා කෑගසමින් උඩ පැන පැන යන්න ගියා. 

කොටියා නිවුණු හඬින් සිංහයා ඇමතුවා "ඔබතුමා හොඳටම දන්නවා තණකොළ හරිත වර්ණයි කියා. ඇයි ඉතින් මාව වැරදිකාරය කරලා මෙහෙම දඬුවමකුත් දුන්නේ" 

"උඹ වගේ වැදගත් සතෙක් වැදගැම්මකට නැති දේකට බූරුවෙක් එක්ක වාද කරලා මගේ වෙලාවත් කෑවට උඹට වෙන මොනවද මම කරන්න ඕනේ කියාපන්?" 


17 comments:

  1. ගෝමස්,

    බුරුවා වැදගැම්මට නැති සතෙක් වන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. Kindly check the response to the Anonymous who starts his comment with
      චන්දිම,

      ඔබගේ කතාව කියවා බැලීමේදී මටත් ගැටලු සහගත බවක් ඇති වුණා.

      Delete
  2. Dr.Gomes ge widiyata tharkaya nowa pudgalaya wedagath wena bawayi

    ReplyDelete
    Replies
    1. Kindly check the response to the Anonymous who starts his comment with
      චන්දිම,

      ඔබගේ කතාව කියවා බැලීමේදී මටත් ගැටලු සහගත බවක් ඇති වුණා.....

      Delete
  3. තර්ක කරන ඇත්තන්ගේ කැපාසිටී
    සමඟ මුඛරිකම සටනට ඇවිත් සිටී-
    විටදි දුවනවා සත්‍යය කැලෑ වැදී
    තර්කය බූරුවෙකි ගොඩක්ම තැන්වලදී

    ReplyDelete
    Replies
    1. මතලන්ගේ බ්ලොග් එකේ දාන පන්නයේ කවියක් දාමුත මෙතනත්.

      Delete
    2. මාතලන් අඩවියට මගේ නමින් අසැබි කවි comments කිහිපයක් එවා තිබිණි. ඒවා මගේ නොවන බව දුටු විට එයින් දෙකකට ඒ බව කියා පිළිතුරුත් ලිව්වෙමි. ඔබෙ පිළිතුරෙන් පෙනෙන්නේ ඔබතුමා ඒවා දැක නැති බවයි.

      අනෙක් කරුණ මා කිසි විටෙකත් නොනමින් comment නොකරන බවයි. ස්තුතියි.

      Delete
    3. නිමල් අංකල් ජවිපෙ ජාතික ජන බලවේගයට ඔබලා එල්ල කරන පීඩනය වැඩි බව තේරුම් ගන්න මුලින්ම ඒ වගේම තමයි ඇත්තටම ඒ කාලේ 1971 සහ 89 මෝඩ , අදුරදර්ශී විජේවීර මෙහෙයවූ ජවිපෙ නෙමෙයි දැන් තියෙන්නෙ. විජේවීර හිටියනම් මේ වෙලාවෙ අනිවාර්යයෙන් ගිලෙන නැව බාර අරන් නා ගන්නව. විශ්වකර්මයා ආවත් මේ අර්බුදය මේ මොහොතෙ දැන් නවත්තන්න බැහැ. ජවිපෙ ජාතික බලවේගයේ කට්ටියට මේ මොහොතේ තබා ඉතාමත්ම හොඳ ආර්ථිකයක් තියෙන වෙලාවක් වුණත් ලංකාවේ ආර්ථිකය කළමනාකරණය සඳහා අවශ්‍ය පුහුණුව, දැනුම, පිරිස් බලය නෑ ඒ නිසා ජවිපෙ ජාතික ජන බලවේගය විසින් ලංකාවේ කළ යුතු තමන්ට හැකි දේ වන දූෂණ විරෝධී හඬ නඟා ජනයා අතර එය ප්‍රබල ලෙස විවේචනය කරමින් විපක්ෂයේ කාර්යභාරය කිරීම මිස රට බාර ගන්න ගිහින් වරිගේ නසාගැනීම ගන්න එක නෙවෙයි අනුර කුමාර සහෝදරයා ඇතුළු ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය මෙය ඉතාමත් මැනවින් සහ තදින් අවබෝධ කරගෙන කටයුතු කළත් සමහරක් මීහරක් ජවිපෙට අවලාද නගා සුපර් මෑන් වගේ මැජික් ඉදිරිපත් කරන්න කියලා ජවිපෙ විවේචනය කරමින් බයිල ගහනවා ඒ රට මීහරක් හැත්තට කියන්නේ මෙච්චරයි

      බුද්ධිය අඩු මිනිසුන් දැනටත් බලන් ඉන්නෙ තෙල් , ගෑස් එනකන්. ඒව freely available නොකලොත් gohomeJVP වශයෙන් රැල්ල වෙනස් වෙනව ඉක්මනටම. මේ අති අවිනිශ්චිත මොහොතේ ඔවුන් සෝමවංශගෙන් පසු බුද්ධිමත්ව මහනිසියෙන් ගොඩනගාගත් , (එහෙත් මෝඩ මිනිසුන්ට නොතේරුන) දේශපාලන ව්‍යාපාරය ක්ෂනිකව බිදවට්ට ගැනීම සිදු නොකරනු ඇත. කිසිදා බලයට නාවත් මේ මොහෙතෙ බලය ගත්තොත් ටික දවසකින් මිනිස්සු කියනව “ රාජපක්ෂල ඉන්න කාලෙ මීට වඩා හොදට හිටියනෙ කියල, “ ඒ නිසා කිසිම දවසක බලයට එන්න බැරි වුණත් කමක් නෑ මේ අවස්ථාවේ බුද්ධිමත් ලෙස කටයුතු කරමින් අපේ කුඩා පක්ෂය සහ එහි සියලුම සාමාජිකයන් හිතවාදීන් ඇතුළු විශාල පිරිසක් ආරක්ෂා කිරීම අපේ වගකීම බව තේරුම් ගන්න කියලා බුද්ධිමත් ජවිපෙ ජාතික ජන බලවේගයේ හිතවාදීන් ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා බොහෝම ස්තූතියි.

      Delete
    4. මා ජවිපෙ - ජාතික ජන බලවේගය වෙත පීඩනයක් එල්ල කරන්නට හැකි තරමේ අයෙක් බව ඇහුවේ දැනුයි. මා ඔවුන් වෙත පීඩනයක් කරතැයි යන වැටහීමක් ඇති වෙන පරිදි මගේ ලිපි ලියවී තිබෙනවා නම් ඒ ගැන කනගාටු වෙමි.

      Delete
  4. ඔබගේ comments කුමන මට්ටමක තිබුණත් මම ඒවා කියවීමෙන් උපරිම විනෝදයක් ලබමි. නමුත් මෙම බ්ලොග් පිටුවේ "වැදගත්කම" රැකගැනීම සඳහා සමහර comments කණගාටුවෙන් වුවත් ඉවත් කිරීමට සිදුවෙයි. මෙය මගේ බ්ලොග් අඩවිය නිසා ඔබ අමාරුවෙන් කොටනා කමෙන්ටුවක් ඉවත්කිරීමට මට ගතවෙන්නේ තත්පර 5 ක පමණ කාලයකි. මේ නිසා ඊළඟට කොමෙන්ටුවක් කෙටිමේදී ඔබගේ භාෂා විලාශය ගැන සැලකිලිමත්වන්න.

    කෙසේ නමුත් ඔබ සැමටම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ගෝමස්ට අවශ්‍ය ආකාරයට මාගේ අදහස් පල කිරීමට මගේ කැමැත්තක් නැත. ඔබගේ වාරණ වලට කැමති යටත් වැසි පිරිසක් සමග ඔබගේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටින අතර මින් පසු මෙහි අදහස් පල කිරීමට හෝ මෙහි පැමිණිමට නොයෙමි.

      උපහාසයක් තේරුම් ගැනීමට නොහැකි ගෝමස් වැනි පුද්ගලයන් සමග අදහස් හුවමාරුවට ගත කරන කාලය පවා අපරාදේය.

      කොමෙන්ට් නිසා බ්ලොග් අඩවිය කියවීමට පැමිණෙන පිරිස ඉහල යන බව හෝ මොහු නොදනී. එසේ නොමැති නම් තප්පර පහකට වත් ඔබගේ බ්ලොග් අඩවියට කෙනෙක් පැමිණුනේ කලාතුරකින් බව මෙහි පැරණි ලිපි සහ ඒවාට කිසිම කොමෙන්ට් එකක් නැති ආකාරයෙන් පෙනේ.

      හෙට සිට ඔබගේ බ්ලොග් අඩවිය කොමෙන්ට්, හිට්ස් නැතුව වේලෙන විට ඔබ‍ට තප්පර පහෙන් ඩිලීට් කිරීමට කිසිවක් ඉතිරි වන්නේ නැත.

      Delete
    2. ඔබට බොහොම ස්තුතියි. මම බ්ලොග් ලිපි ලියන්නේ අධික වැඩ කටයුතු වලින් ඔලුව වෙහෙස වන විට ඉන් මිදී විවේකයක් ගැනීමටයි. ඒවා කී දෙනෙක් බලනවාද, comments දානවාද ආදී කරුණු මට එතරම් අදාළ නොවේ. කිසිම කෙනෙක් මගේ ලිපි නොකියෙව්වත් මම දිගටම ලියමි. මට තව දුරටත් ජිවිතයේ සපුරා ගන්න ඉලක්ක නැත.

      Delete
  5. මෙය මගේ නිර්මාණයක් නොවේ. ඇමරිකන් පුවත්පතක 1970 ගණන් වල පලවූ කතාවකි. එය සමාජ පර්යේෂණයක් සඳහා පළවූවකි.
    පුවත්පත පාඨක අදහස්වලට ඉඩකඩ විවර කර තිබූ අතර අදහස් දක්වා ලිපි ගණනක් ලැබී තිබුණි.
    බොහෝ දෙනෙකුට ඇතිවී තිබූ ගැටළු නම්

    - සතුන් කතා කලේ මොන භාෂාවෙන්ද?
    - කොටියා බූරුවාව මරන් කැවේ නැත්තේ ඇයි?
    - සිංහයාට විනිශ්චයකාරයෙක් වෙන්න තිබුණු සුදුසුකම් මොනවාද?
    - බූරුවා වැදගතෙකු නොවී කොටියා වැදගතෙකු වුණේ කොහොමද?

    මේ අතර සුළු පිරිසක් මෙය උපමා කතාවක් බව වටහාගෙන ඉන් දෙන පණිවිඩය අවබෝධ කරගෙන තිබුණි.

    ReplyDelete
    Replies
    1. චන්දිම,

      ඔබගේ කතාව කියවා බැලීමේදී මටත් ගැටලු සහගත බවක් ඇති වුණා.

      ඒ වගේම මම හිතන්නේ ඔය ප්‍රශ්න අහපු අය විචාරශීලී කුහුල ඇති සහ දෙයක් වෙනස් විදියට දකින්න පුළුවන් බුද්ධිමත් නිර්මාණශීලී අය බවත් කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකි වූ අය පණිවිඩයක් තේරුම් ගත්තා කියලා හිතාගෙන ඉන්න අවිචාරවත් ගතානුගතිකත්වය සහිත පිරිසක් බවයි.

      මට තේරෙන්නේ මෙම කතාවෙන් කියන්න හදන්නේ යම් කිසි පිරිසක් මෝඩයන් අඥානයන් බූරුවන් ලෙස හංවඩු ගසා ඔවුන් සම්පූර්ණයෙන්ම පිළිකුල් සහගත ලෙස ප්‍රකාශයට පත්කර ප්‍රතික්ෂේප කර යුතු බවත් එසේ හංවඩු ගසා ඇති කෙනෙක් යම් වෙනස් අදහසක් පළ කළ පසු එය ගැන කතා නොකර නිහඬව මග හැර යන එක බවත්. මට නම් මේ කියන පණිවිඩය මිනිසුන් ලෙස බිහි වූ කිසිම කෙනෙක්ට තේරුමක් නැති ප්‍රයෝජනයක් නැති හතරබීරි කතාවක් ලෙසයි වැටහෙන්නේ මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියමින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

      විශේෂයෙන් මේ කාරණා වලට මම එකඟයි

      //සිංහයාට විනිශ්චයකාරයෙක් වෙන්න තිබුණු සුදුසුකම් මොනවාද?//

      ඉතාමත් හොඳ ප්‍රශ්නයක් කතාවේ හැටියට මේ කියන සිංහයා ලෝකයේ පුරාණ රෝමයේ ග්‍රිසියේ භාරතයේ චීනයේ ඇතුළු නීති ක්‍රම වල පටන් ප්‍රංසයේ කෝඩ් නැපෝලියන් සිට නූතන නීති පද්ධති දක්වා පැමිණි මූලිකතම මූලධර්ම වන ස්වභාවික යුක්තිය පිළිබඳ මූලධර්ම වත් නොදන්නා අඥාන පුද්ගලයෙක් විය යුතු යි.

      මූලික වශයෙන් ලතින් බසින් රෝම ලන්දේසි නීතිය අනුව Audi Alteram Partem මූලධර්මය අනුව ඔහු විනිසුරු ලෙස පාර්ශව දෙකටම ඇහුම්කන් දී අධිකරණය තුල ඔප්පු වන සාක්ෂි සබ සාධක මත තීන්දු තීරණ ගැනීම කළ යුතුයි. වෙනත් පෞද්ගලික පූර්ව නිගමන කිසිම දෙයක් අදාළ නොවන අතරම විනිශ්චය කරුවන් පෞද්ගලිකවම අදාළ විෂය වස්තු සිද්ධිය පිළිබඳව ඉතාමත් හොඳින් දැන සිටියත් ඒ කිසිවක් අදාළ නොවන අතර අධිකරණ විනිශ්චය ක්‍රියාවලියේ දී ඔප්පු වන දේ මත පමණක් පදනම් වී තීන්දු දිය යුතුය.

      ඒ අනුව සිංහයා අධිකරණ විනිසුරු ධූරයට නුසුදුසු බව ඉතාමත් පැහැදිලියි මට නම්.

      ඒ වගේම තමයි//

      //- බූරුවා වැදගතෙකු නොවී කොටියා වැදගතෙකු වුණේ කොහොමද?//

      මේකත් ඉතාමත් හොඳ ප්‍රශ්නයක්, පූර්ව නිගමනය සහ හංවඩු ගැසීම මේක සාමාන්‍යයෙන්ලංකාවේ පාසල් ගුරුවරු ගුරුවරියන් නිතර කලංසූරිය දෙයක් හොඳ ළමයි සහ නරක ළමයි කියල වර්ග ලංවා නමුත් අර ඒ කාලේ පොඩි පන්ති වලදී නරක ඇට්ටර කියලා වර්ග කරල කපලා දාල හිටපු සමහරු උසස් පෙළ ඉහළ ප්‍රතිඵල ලබා කැම්පස් යනවා තවත් සමහරු අති දක්ෂ ව්‍යවසායයන් දෙස විවිධ ව්‍යාපාර ආරම්භ කරපු එක තව සමහරු දක්ෂ හමුදා නිලධාරීන් කලාකරුවන් නළුවන් ගායකයන් විදියට හොඳින් ඉන්නවා සමහරු විදේශ රටවල ගිහින් සෑහෙන්න දුරට සාර්ථක ජීවිත ගත කරන අතරේ අර කියපු කීකරු "හොඳ" ළමයි රජයේ සේවය සහ සාමාන්‍ය විදියට වැඩ ටික කරගෙන යන අය වැඩියි මගේ වසර තිහක් වන සමස්ත ජීවිතේ අත්දැකීම් අනුව නම්.

      //මේ අතර සුළු පිරිසක් මෙය උපමා කතාවක් බව වටහාගෙන ඉන් දෙන පණිවිඩය අවබෝධ කරගෙන තිබුණි.//

      සුළු පිරිසක් නම් හොඳයි ඒත් ඉතින් ලංකාවේ නම් බහුතරයක් ඔහොම තමයි ඉතින්

      බඩ තඩි පොල් රැවුලෙක් ඇවිත් රට බේර ගත්ත නායකයා ජන මූල නායකයා අපි කන්න නැතත් ඉන්න රටක් හදනවා සිංහල බෞද්ධ ජාතික ආණ්ඩුවක් හදනවා කියපු දේවල් වලට රැවටිලා තමුන්ම කපාගෙන මහලා ඇඳගෙන දැන් විඳවන්නේ ඒකනේ?

      ඔය වගේ තමයි අනිත් උනුත් පයිල් පෙන්න පෙන්න මාධ්‍ය ඉස්සරහට ඇවිත් පොර ටෝක්ස් ටිකක් දීලා හොරු අල්ලන්න අපට බලේ දෙන්න කියලාරඟපෑවා ආයේ ඔහොම රැවටුණොත් ආයෙත් අබ සරණයි මේකේ අනිත් පැත්ත

      ඒ නිසා එන හැමෝම ප්‍රශ්න කරන්න ඕන රට බේරා ගත්ත නායකයා විදුලි පුටුවට ගෙය යනවෝ කියලා විලාප දෙනකොට ගාල කඩා ගත්ත හරක් වගේ දුවල ගිහින් කතිරයක් ගසා එන එක වෙනුවට කොහොම ද එහෙම කියන්නේ? එහෙමත් පුළුවන් ද? මොකක්ද ඒකට පදනම ජිනීවා සම්මුතිය ගැන සහ ඒ හැම දෙයක්ම ගැන මිනිස්සු හොයලා බලලා ප්‍රශ්න කරනවා නම් ඔය කියන හාදයින් එකෙකට වත් ලේසි වෙන එකක් නෑ

      නමුත් එහෙම නොවන එකයි අවුල තියෙන්නෙ ඒ නිසා මේ වෙලාවේ වත් මිනිස්සු පොදුවේ එකතු වෙලා බහුතර ජනතාව අතර එකඟ විය හැකි දේවල් ටිකක් වත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි නැතුව මේ වගේ එහෙයියන් බෝ කරලා වැඩක් නැහැ නේද?

      Delete
    2. මම මේ කතාවේ උත්පත්තිය ගැන කියන්නම්.

      1976 වසරේදී ජිමී කාටර් ඇමරිකාවේ ජනධිපති ධුරයට තරඟ කළා ඩිමොක්‍රටික් පක්ෂයෙන්. එම පක්ෂයේ ලාංචනය බූරුවා. මේ වන විට එවකට බලයේ සිටි රිපබ්ලිකන් පක්ෂය, 1974 දී ඉල්ලා අස්වූ ජනාධිපති රිචර්ඩ් නික්සන් හා සම්බන්ධ වූ වෝටර් ගේට් සිද්ධිය නිසා අපකීර්තියට පත්ව සිටියා. රිචර්ඩ් නික්සන් ඉල්ලා අස්වූ පසු එම තනතුරට පත් වුණේ ඔහුගේ උප ජනාධිපති වූ ජෙරල්ඩ් ෆෝර්ඩ්. ඔහු තමයි 1976 මැතිවරණයේදී කාටර් සමග තරඟ කලේ. ජිමී කාටර් තම රිපබ්ලිකන් ප්‍රතිවාදියාවූ ජෙරල්ඩ් ෆෝර්ඩ් සමග පවත්වන සියළුම සාකච්චා වලදී මුලින්ම කලේ වෝටර් ගේට් සිද්ධිය සම්බන්ධයෙන් යම්කිසි අභූත චෝදනාවක් කිරීමයි. ඉන් පසුව එතරම් දක්ෂ කතිකයෙක් නොවූ එසේම ඉතා ඉක්මනින් කේන්ති යන ජෙරල්ඩ් ෆෝර්ඩ් අර චෝදනාවලට උත්තර දෙන්න ගොස් අනාගත්තා. ඇත්තටම ජෙරල්ඩ් ෆෝර්ඩ්ට වෝටර් ගේට් සිද්ධිය හා සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහුට බොහොම ලේසියෙන් පිළිතුරු නොදී ලිස්සා යන්න තිබුණා. නමුත් ඔහු මේවාට උත්තර දෙමින් තර්ක කරන්න යාමෙන් බොහෝ සාකච්චා විකාරයක් බවට පත් වුණා. මෙසේ අගනා මාධ්‍ය කාලය නිකරුණේ නාස්ති වීම මාධ්‍යවේදීන්ටත් මාධ්‍ය ආයතනවලටත් හිසරදයක් වුණා.

      මේ කතාව පුවත්පතක පළවන්නේ මේ අවදියේ. එය යේල් සරසවියේ සමාජ විද්‍යා පර්යේෂක කණ්ඩායමක් පලකළ බව පසුව හෙළිදරව් කෙරුණා. ඔවුන්ගේ අභිලාශය වුයේ ඇමරිකානු ජනතාව කුමන ආකාරයකින් මෙය තේරුම් ගනීවිද කියන එකයි. එහි ප්‍රතිඵලවල සාරාංශයක් තමයි මම ඉහත පළකලේ. මෙහිදී එක එක්කෙනා පළකළ අදහස් අනුව ඔවුන්ගේ බුද්ධිය විවේචනය කිරීම නෙවෙයි සමීක්ෂණයේ අදහස වුණේ. යම් සමාජ කථිකයෙක් ඉදිරිපත්කරන අදහසක් ජනතාව වටහාගන්නා ආකාරය පිළිබඳව ප්‍රාමාණික තක්සේරුවක් කිරීමයි. පසු කාලයක මෙම පර්යේෂණ ප්‍රතිඵල බොහෝ දේශපාලකයන් තම සාර්ථකත්වය සඳහා යොදාගත් බව කියවෙනවා.

      මම මේ කතාව මේ බ්ලොග් අඩවියේ මෙන්ම මගේ සමාජ ජාලා පිටුවලද පළකලේ ලාංකිකයාගේ මේ පිළිබඳව ප්‍රතිචාරය කුමක්දැයි බලා ගැනීමට. මේ නිසා මම කතාවේ කිසිඳු වෙනසක් නොකර ඍජු පරිවර්තනයක් පළකලා. සිතන පතන ආකාරයෙන් ලාංකිකයා 70 දශකයේ ඇමරිකානුවන්ට සෑහෙන සමාන බව මගේ හැඟීමයි.

      Delete