මේ ලිපි පෙළ මතු උපයෝගීතාවයටයි.
ලංකාවට සංචාරකයන් පැමිණෙයි. ඒ හැරෙන්නට ලංකාවේ සංචාරක කර්මාන්තයක් (tourism industry) ඇත්ද යන්න සැක සහිතය. සංචාරක කර්මාන්තයකදී සිදුවන්නේ රටකට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා තරඟකාරී ආකෘති නිපදවා ඒවා මනා කළමණාකාරිත්වයකින් යුතුව ක්‍රියාත්මක කිරීමයි. ලංකාවේ මෙතෙක් මෙලෙස කර්මාන්තයක් තිබුණා නම් ඒ ඉතා සීමිත ප්‍රමාණයකි. "ලංකාව ඉතා සුන්දර, උතුම්, අලංකාර තැනක් නිසා සංචාරකයන් එහි පැමිණිය යුතුය" වැනි ආකල්පයක් බොහෝ ලාංකිකයන් තුල දැකිය හැක. එය යතාර්ථයක් නොවේ.
අප්‍රිකානු රටවල් කිහිපයකම සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මා යම් තරමකට දායක වී ඇත. එබැවින් සංචාරක ව්‍යාපාරය පිළිබඳව හසල දැනුමක් නොතිබුණත් යම් පමණකට ඒ හා සම්බන්ධ ක්‍රියාන්විතයන් පිළිබඳව මට වැටහීමක් ඇත.
රටක, නගරයක, ගමක පමණක් නොව සංචාරක නිකේතනයක පවා සාර්ථක ව්‍යාපාරයක් ලෙස සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් අප පටන් ගත යුත්තේ ස්වයං-ප්‍රශ්ණයකිනි.
"අපේ තැනට සංචාරකයන් පැමිණිය යුත්තේ ඇයි"
ලංකාවේ මුහුදු වෙරළට බැක් පැකර්ස්ලා පැමිණෙද්දී මාල දිවයිනට ධනවත් පිරිස් ඇදෙන්නේ ඇයි දැයි අපි අපෙන් අසා ඇද්ද?
වසර 2019 දී ලංකාවට සංචාරකයන් මිලියන 1.9 පැමිණෙද්දී ලංකාවෙන් 200 න් පංගුවකටත් වඩා කුඩා මාල දිවයිනට සංචාරකයන් මිලියන 2 ක් පැමිණියේය.
විශේෂයෙන් කීමට තරම් ස්වභාවික සෞන්දර්යයක් නැති මැලේසියාව සංචාරක චුම්බකයක් (Tourism magnet) බවට පත් වුයේ කෙසේද?
වියට්නාමය අද සංචාරක ගමනාන්තයක් ලෙස වේගයෙන් ජනප්‍රිය වන්නට හේතු මොනවාද?
ඉතා සුවිශේෂී භූ පිහිටීමක් සහ පාරිසරික සුන්දරත්වයක් ඇති නේපාලයට සංචාරක කර්මාන්තයෙන් ගොඩ යා ගත නොහැකි වුයේ ඇයි?
සංචාරක කර්මාන්තයේ හැඩතල පසුගිය දශක දෙකේදී බෙහෙවින් වෙනස් විය. පසු-කොවිඩ් වකවානුව තව බොහෝ වෙනස්කම් සිදු කරනු ඇත.
ලංකාව යනු සංචාරක චුම්බකයක් වීමට හැම අතින්ම සුදුසුකම් සහිත දේශයකි. නමුත් මේ සඳහා ලංකාවේ මෙන්ම විදේශ ගතවද සිටින විෂය පිලිබඳ දැනුම සහ පළපුරුද්ද ඇති සියලු දෙනාගේ සහය අවැසිය.
මේ සඳහා ගත යුතු පියවර එකින් එක අපි ඉදිරි ලිපි පෙලේදී සලකා බලමු.
හැමදාමත් වගේ ඔබේ ලිපිය ආසාවෙන් කියෙව්වා. ඔබ වැනි අයගේ සේවය හා උපදෙස් මත අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු රටවල් දියුණු වෙද්දී ලංකාව දවසින් දවස පස්සට යන එක ගැන දුකයි. ලංකාව වසර දහස් ගණනක ඉතිහාසය ගැන පාරම් බබා ඉන්නවා විනා හරි ක්‍රමවේදයක් යටතේ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නේ නැහැ.ලංකාවට වඩා බොහෝ අඩු සම්පත් ඇති ලෝකයේ බොහෝ රටවල් ඒ සුළු සම්පත් නිසි ලෙස අලෙවි කරමින් කදිමට සංචාරක සේවා ක්‍රියාත්මක කරන හැටි රටවල් රැසකදී දැක තිබෙනවා.මෙතැනදී රජය වගේම ත්‍රී රෝද රථ රියැදුරන්, සිහිවටන විකුණන අලෙවිකරුවන් වැනි අයගේත් ක්‍රියා කලාප හා ආකල්ප, ප්‍රාදේශීය පරිපාලන ආයතන වල මුදල් ලබාගැනීම විනා ගුණාත්මක සේවයක් ලබා නොදීම, අපිරිසිදු බව සහ නිසි යටිතල පහසුකම් වගේ අවධානයට යොමු විය යුතු අංශ රැසක් තියෙනවා. හරිහැටි කලොත් ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි දෙයක්. ව්‍යාජ පරිසරවේදීන් යැයි කියා ගන්නා අය සහ දේශපාලනය ඉවත් කලොත් කරන්න පුළුවන් වේවි.
ReplyDeleteකාලින මාතෘකාවක්.
ReplyDeleteලෝන්ලි ප්ලැනට් එකෙන් ලංකාව හොඳම ඩෙස්ටිනේෂන් එක ලෙස නම් කළාට පස්සේ පුදුම සහගත විදියට ප්‍රයිවේට් ඔපරේටර්ස්ලා ඕස්ට්‍රේලියාවේ මාකටින් කළා. මට හමුවුණා එහෙම ගිය කීප දෙනෙක්.
ReplyDeleteනමුත් මුලින් අප්‍රියෙල් බෝම්බ සහ ඉන් පසු කෝවිඩ් නිසා ඒ මකට එක වැටුණා නේ.