Saturday 16 October 2021

ලාංකීය දේශපාලනයේ නාගානන්ද සලකුණ


මා පළමු සහ අවසන් වරට ලංකාවේ දේශපාලකයෙකු වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල කතා කලේ නාගානන්ද මහතා වෙනුවෙනි. ඒ සංජය ඇල්විටිගල සහෝදරයාගේ ඇරයුමක් පරිදිය. එතෙක් මෙතක් මා නාගනන්ද මහතා සමග කතා කර ඇත්තේ එකම එක වතාවකි. එයද විනාඩි කිහිපයක දුරකථන ඇමතුමකට සීමා විය. මේ අනුව මම ඔහුට සහයෝගය දීමට තීරණය කලේ තනිකරම ඔහු ඉදිරිපත්කල අදහස් හැදෑරීමෙන් පමණි. මම අදටත් ඒ පිළිබඳව සතුටු වෙමි. 

නාගානන්ද මහතාට සහයෝගය පළකරමින් මා එළිදැක්වූ පළමු වීඩියෝවෙන් පසු බොහෝ දෙනෙකු මට දිගට හරහට අපහාස උපහාස කරන්න විය. තම ජිවිත කාලය පුරාම දේශපාලකයා නමින් සුදු රෙදි පොරවා ගත් සොරුන්, මංකොල්ලකාරයන්, වංචනිකයන් සහ තක්කඩින්ට රැවටුණු, අදටත් රැවටෙන පිරිස්, මා හොරෙකුට හසුවී ඇති බව පැවසීය. ඔවුන් බොහෝ දෙනෙක් නාගානන්ද මහතා ගැන අසා තිබුණේද ඊට දින කිහිපයකට පෙරයි. දහනව වන ශතවර්ෂයේදී වහල් බවින් මිදීමට ඇමරිකාවේ වහලුන් තුල වූ දැඩි අකමැත්ත පිළිබඳව මා බොහෝ දේ කියවා තිබුණි. එහෙත් ඒවායේ නිරවද්‍යතාවය පිළිබඳව මට පැහැදිලි සහතිකයක් ලැබුණේ මේ කාලයේදීය. 

නාගානන්ද මහතාගේ දේශපාලන සංක්‍රාන්තිය සහ ඉන් පසු සිදු වූ සියළුම දේ මා දකින්නේ බෙහෙවින් ධනාත්මකවය. ඔහුට මැතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වීම සහ ගෝඨාභය රාජපක්ෂ අභියෝගයකින් තොරව ජය ගැනීමද දිගු කාලීනව ජනතාව ලැබූ ජයග්‍රහණයන්ය. නොඑසේ නම් ගෝඨාභය අදටත් වීරයෙකි. වෙන කවුරු බලයට පත් වුනත් ගෝඨාභයව බලයට ගෙන ඒමේ සිහිනය ජනතාව අතහරින්නේ නැත. මේ අනුව ඔවුන්ට සත්‍යාවබෝධය තව දශකයකින් පමණ පිටුපසට යාමට ඉඩ තිබුණි. 

නාගනන්ද මහතා විසින් සිදුකල සමාජ පරිවර්තනය තවමත් බොහෝ දෙනෙකුට නොපෙනේ. මා දන්නා ඉතිහාසයේ පුද්ගලයෙකු හෝ පක්ෂයක් වෙනුවට වැඩ පිළිවෙලක් කරලියට නැංවුයේ ඔහුය. 

ඔහු නීතිවේදියකු බැවින් ඔහුගේ දැනුම සහ අවධානය, "නීතිය" යන සංකල්පයෙන් ඔබ්බට නොයන බවට ඔහු වටා රොක් වුනු පිරිස් අතරින්ද සංවාදයක් මතුවිය. මේ පිළිබඳව මටද ගැටළු තිබුණි.

පසු කලෙක මම මේ පිළිබඳව ස්වයං-විග්‍රහයක නිරත වුනෙමි. 

මා ඉතා ධනවත් රටවල සිට ඉතාම දුගී රටවල් දක්වා සංචාරය කර ඇති බැවින් මට රටක ඇති පහසුකම් සහ යටිතල ව්‍යහය පිළිබඳව හොඳ අවබෝධයක් ඇත. මා දකින ආකාරයට වැඩි දියුණු කිරීමට බොහෝ කාරණා තිබුනත් ලංකාවේ යහපත් පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන පද්ධතියක්, රෝහල් පද්ධතියක්, මහා මාර්ග පද්ධතියක්, සිවිල් සේවා යටිතල පහසුකම් පද්ධතියක් මෙන්ම අද වන විට වැදගත්වන අන්තර් ජාල සහ සංනිවේදන පද්ධතියක්ද ඇත. 

එසේ නම් ලංකාවේ ඇත්තටම ඇති ගැටළු මොනවාද? මට පෙනෙන්නේ කාරණා දෙකකි. 

අධ්‍යාපන ක්‍රමවේදය ඉහල සිට පහලටම ගැටළු සහගතය 

මුළු රටම වෙලාගත් දුෂණය, භිෂණය සහ වංචාව සමාජයේ ගැඹුරටම ඔඩු දුවා ඇත 

පාසැල් සහ සරසවි යනු අධ්‍යාපනය නොවේ. ඒවා අධ්‍යාපනයට අවශ්‍ය යටිතල පහසුකම්ය. අධ්‍යාපනය යනු පුරවැසියෙකුගේ දැනුම, විශ්ලේෂණ හැකියාව, දක්ෂතා සහ යහපත් පැවැත්ම වැඩි දියුණු කිරීමෙහිලා පහසුකම් සැපයීමයි. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය ලොවට වැඩදායක පුරවැසියෙකු බිහි කිරීමයි. අපේ රටේ ඇති "තොරතුරු රැස් කිරීම සහ වමාර දැමීම" මත පදනම් වූ ක්‍රමවේදය අධ්‍යාපනය ලෙස හැඳින්වීමට හැකි දැයි ප්‍රශ්න කිරීමට කාලය උදාවී ඇත.  

රටේ පවතින ගැටළු රට තුල විසඳා ගැනීමට තරම් හැකියාවක් ඇති පුරවැසියන් බිහි නොවීම, යහපත් තීරණ ගැනීමට නොහැකි අසතුටින් අසහනයෙන් පෙලෙන මානසික රෝගීන් බිහිවීම, සහ මේ අවැඩදායක ඵල ඊළඟ පරම්පරාවලට සම්ප්‍රේෂණය වීම අධ්‍යාපනය අයහපත්වීමේ ප්‍රතිඵලය. 

ඊළඟ කාරණයට මූලිකම හේතුව රටේ නීතිය වල් වැදීමයි. නීතිය යනු උසාවියේදී අප දකින ක්‍රියාන්විතය පමණක් නොවේ. නීති සහ ප්‍රතිපත්ති බිහිකිරීමේ යාන්ත්‍රණය,  පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, යුක්තිය පසිදලීමේ ක්‍රමවේදය, මෙන්ම සමාජය තුල පුරවැසියාගේ යහපත් හැසිරීමද නීතිය යන විෂයයට අදාළ වෙයි. 

රටක නීතිය බිඳ වැටෙන විට මුළු සමාජයම බිඳ වැටෙයි. සොරකම, භීෂණය සහ වංචාව සමාජයේ සෑම අහු මුල්ලකටම පැතිරෙයි. මෙහි ප්‍රතිඵලය සමස්ත සමාජ සංස්ථාවම කඩා වැටීමයි. එය අධ්‍යාපනයටද බලපායි. 

පාසල් සහ සරසවි පද්ධතියක් තිබුණාට අධ්‍යාපනය බිඳ වැටෙයි. මහාමාර්ග පද්ධතියක් තිබුනාට ප්‍රවාහනය බිඳ වැටෙයි,  රෝහල් පද්ධතියක් තිබුණාට සෞඛ්‍ය සේවය කඩා වැටෙයි. සිවිල් සේවා යටිතල පහසුකම් පද්ධතියක් තිබුනාට සිවිල් සේවය කඩා වැටෙයි, අන්තර්ජාල සහ සංනිවේදන පද්ධතියක් තිබුනාට එහි සේවය සාමාන්‍ය ජනතාවට ලබාගත නොහැකි තත්වයක් උදා වෙයි. අද ලංකාව පත්ව ඇත්තේ එතැනටයි. 

මේ අනුව නගානන්ද මහතාගේ අවධානයෙහි වරදක් නොමැති බව මට පෙනෙයි. නීතිය යලි ස්ථාපිත කිරීම තුලින් රටේ බොහෝ අංශ පුනරුත්තාපනය වෙයි. එය සමාජය ගොඩනැගීමේ අඩිතාලමයි. ඊට අමතරව අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීමද වැදගත් කාර්යභාරයකි. එතුමා ඒ පිළිබඳවද කතා කල බව මගේ මතකයි.

මෙතැන් සිට කොයි බටද?

මේ වන විට රට තුල විශාල කඩා වැටීමක් ඇත. බොහෝ දෙනෙකු මෙහිදී දකින්නේ ආර්ථික කඩා වැටීමයි. නමුත් ඊට වඩා බොහෝ සෙයින් දරුණු අවපාත කිහිපයක් ඇත. සිවිල් පරිපාලනය දුර්වල වීම, නීතියේ ආධිපත්‍ය පිරිහීම සහ සමාජයේ තීරණ ගැනීමේ යාන්ත්‍රණය ආගම් නායකයන් අතට පත්වීම මා දකින ආකාරයට වඩාත් අහිතකර තත්වයන්ය. තවමත් මේ ආයතන කඩා වැටි නැත (එසේ වූ විට රටම අසමත්වෙයි), එහෙත් එසේ වීමේ දැඩි අවදානමක් ඇත. 

නාගනන්ද මහතා දුර දක්නා නුවණින් යුතු තම වෘත්තියේ හසල අත්දැකීම් ඇති පුද්ගලයෙකි. එහෙත් රාජ්‍ය පාලනය සඳහා මීට වඩා අති පුළුල් පරාසයක වූ යාන්ත්‍රණයක් සහ දේශපාලන ව්‍යක්තභාවයක් අවශ්‍යවේ. එය ඇති තැන්වල වෙනත් බොහෝ දුර්වලතා පවතී. එහෙත් අප අකමැති පුද්ගලයන් සහ පක්ෂ සමග පවා යම් මැදහත් ස්ථාවරයකට පැමිණීම දේශපාලනයේදී නොකරම බැරි දෙයකි. නමුත් එහි ඇති වැදගත්ම කරුණ අපගේ මුඛ්‍ය පරමාර්ථය ගනුදෙනුවේ අංගයක් නොකරගනිමයි. මේ අනුව එකතුවන සියලුම දෙනා නීතියේ ආධිපත්‍ය ස්ථාවර කල යුතු බව අනිවාර්යයෙන් පිළිගත යුතුය. මේ සඳහා මේ එකතුවන සියුලු දෙනාගේ මෑත ඉතිහාසයේ ක්‍රියාකාරකම් සැලකිල්ලට ගත යුතුව ඇත.  




 



14 comments:

  1. I like Nagananda as well. I sincerely hope good people come forward and UNITE such as Naga, Pathum Kerner etc. They should firmly reject old fashioned failed 3rd party politics such as JVP, Peratugami, extremist Buddhist/other religion based politics, Nationalists etc.

    ReplyDelete
  2. //...වහල් බවින් මිදීමට ඇමරිකාවේ වහලුන් තුල වූ දැඩි අකමැත්ත..//

    නියම විච්චේදනයක්, සුපුරුදු ලෙසටම. ස්තූතියි.🙏🤔😊

    ReplyDelete
  3. hi Chandima
    My name is Sudharshana udayaratna from Melbourne. I am a retried CEO and now a academia teaching in various institution in Melbourne. IS it possible for me to speak to you on xoom or phone please. I am thinking as a person who got all benefits of free education from sri lanka and then succeed in life , how to give some thing back to SL. My number is +61437366789.

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana17 October 2021 at 01:59

      සිංහල ටයිප් කරන්නත් ඉගෙන ගන්න.

      Delete
  4. Jagath Pathirana17 October 2021 at 02:08

    මට රටෙන් වැඩක් නෑ රට කියන්නේ පස් ගල් වැලි මැටි වලට.
    නමුත් මට සිංහල ජාතිය වැදගත්. සිංහලයන්ගේ ලොකුම වැරැද්ද උන්තුල ලිබටේරියානු හැදියාවක් නැතිකම.
    ලිබටේරියන් වෙන්න නම් කාරණා දෙකක් සම්පූර්ණ විය යුතුයි. එනම්,
    අනිකාගේ නිදහසට ගරු කරන්න ඕනේ.
    ඒ සමගම තමන්ගේ වාසියට වැඩ කරන්න ඕනේ.

    සිංහලයන් තුල අනිකාගේ නිදහසට ගරු කිරීමේ පුරුද්ද තියෙනවා නැත්නම් පහසුවෙන් ඇති කරන්න පුළුවන්.
    දෙවෙනි කාරනාවෙදි සිංහලයෝ දුර්වලයි. සිංහලයෝ පුරුදුවෙලා තියෙන්නේ මම ඌට පුක දුන්නොත් ඌත් මට පුකදෙයි කියලා. සිංහලයෝ ඒ වැරැද්ද හදාගත යුතුයි.

    ReplyDelete
  5. අවංකවම කියනවා නම් නාගානන්ද යනු කයිවාරුකාරයෙකු සහ වංචනිකයෙකු ලෙසයි මට නම් මුළ සිටම පෙනුණේ.

    ReplyDelete
    Replies
    1. අවංකවම කියනවා නම් මට ඔයාව පේන්නෙත් එහමමයි

      Delete
    2. රසික ගැන වන්චාකාරයෙක් කෙසේ වෙතත් කයිවාරු පප්පෙක්, පම්පෝරි කාරයෙක් කියන හැඟීම නම් මට ඔහුගේ පරණ බ්ලොග් එක කියවන කාලෙ ඉඳලාම තියෙනවා. -මීට ගලහිටියා වැසියෙක්

      Delete

  6. පළමු කොටස -
    ජනාධිපතිවරණයකදී ජය ලබන තැනැත්තාගේ ඡන්ද ප්‍රතිඵලය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීම සඳහා ලැබුණු ජනතා අනුමැතියක් ලෙසින් ආදේශ කළ හැකිද?
    2019 පූර්ව ජනාධිපතිවරණ සමයේ මෙරට පුරවැසි අපට අසන්නට ලැබුණු තවත් එක් ජනාධිපතිවරණ පොරොන්දුවක් වූයේ ස්වයංජාත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. යම් තැනැත්තෙකු ජනාධිපතිවරණකදී ලබන ජයග්‍රහනය එම තැනැත්තා විසින් යෝජනා කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා ලැබුණු වරමක් ලෙසින් සැලකීම නීත්‍යානුකූල දැයි සොයා බැලීම මෙම කෙටි සටහනේ අරමුණ වේ.
    ස්වයංජාත හෝ ජන සම්මතවාදී හෝ කුමන නමකින් හැඳින්වූවත් අලුතින් හඳුන්වා දෙනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රාජ්‍යයෙහි, රාජ්‍යය පවත්වා ගෙන යාමේ මූලික නීතිය බවට පත් වේ. එසේම, එම මූලික නීතිය ජනතාවගේ ජීවිතයෙහි පැවැත්ම, නිදහස, භුක්ති විඳින්නේ මොනවාද සහ විධිමත් පරිපාලනය යන සියලු කරුණු එම මූලික නීතිය මත පදනම් වේ.
    රාජ්‍යයේ මූලික නීතිය හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන් පාලනය වන්නා වූ සම්මත නීතිය බවට ශ්‍රේෂ්ඨාධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකයත්, ජනතාවත් එකසේ පිළිගත යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිනොගන්නා අවස්ථාවක රාජ්‍ය පාලනය අරාජිකත්වයට පත් වේ.
    1978 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට අවස්ථා 20කදී සංශෝධනය වී තිබේ. අවසන් වරට කළ සංශෝධනය පාර්ලිමේන්තුවේදී ජනතා නියෝජිතයින් විසින් 2/3ක අනුමැතියෙන් අනුමත කළ අතර එම සංශෝධනවලට අකමැති වුවත් රාජ්‍ය පාලනය කරනු ලබන මූලික නීතිය එය යැයි පක්ෂ විපක්ෂ සියළු දෙනා පිළිගනිති.
    රාජ්‍යය අරාජිකත්වයට පත්වීම ඇතුළු බොහෝ බරපතළ හේතු තිබෙන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හිතුමතේ වෙනස් කිරීම වැළැක්වීමේ ක්‍රම අන්තර්ගත කර තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද එම ආරක්ෂිත ක්‍රමයන් ඇතුලත් කර තිබේ.
    වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරිමේ කොන්දේසි අන්තර් ගත වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XII වන පරිච්ඡේදයේ ය.
    එම පරිච්ඡේදයේ 82 (6) අනු ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ.
    “යම් කිසි නීතියක යම්කිසි විධිවිධානයක්, මේ ව්‍යවස්ථාවේ ඉහතින් වූ නියමයන්ට අනුකූලව පනවනු ලැබුවහොත් මිස එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය නොවන්නේය; පරිච්ඡින්න නොවන්නේ ය; ප්‍රතියෝජනය නොවන්නේ ය. තව ද, එසේ සංශෝධනය වන්නාක් සේ හෝ නොසැලකිය යුත්තේ ය. තවද, එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේ ය; තේරුම් නොගත යුත්තේ ය.”
    මෙහි සරළ සිංහල අදහස මෙසේ සඳහන් කළ හැකිය.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති මගින් පනවා තිබෙන යම් නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අනුපිළිවෙලට සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම කළ හැකිය. එම පිළිවෙල අනුගමනය කර නැත්නම් එය, පවතින නීතිය වෙනස් කිරීමක් හෝ ඉවත් කිරීමක් නොවේ.

    ReplyDelete
  7. දෙවන කොටස -
    එම වගන්තිය ස්වයංජාත ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා යෝජිත සංකල්පය ප්‍රායෝගික එකක් දැයි තේරුම් ගැනීම සඳහා ඉතාම වැදගත් වේ.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ පරිච්ඡින්න කිරීමට අදහස් කරන්නේ නම් එම යෝජිත සංශෝධනය හෝ පරිච්ඡින්න කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතුය. යෝජිත සංශෝධනයේ වගන්ති සසඳා බැලෙන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කර ගනිමිනි. එම විමර්ශනයේදී යෝජිත සංශෝධනය (හෝ ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීම) පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති සමඟ ගැලපීම් සලකා බලන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම යෝජිත සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ කොන්දේසි නිගමන ලෙසින් ඉදිරිපත් කරනු ලබයි. එම නිගමනවලට අනුව යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේදී 2/3ක කැමැත්ත සහ ජනමතවිචාරණයකින් සම්මත වීම යන අවශ්‍යතා දෙකම හෝ එයින් එකක් අවශ්‍ය විය හැකිය. එයින් පැහැදිලි වන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අනුපිළිවෙල ක්‍රමවත්ව පෙන්වා දී ඇති බවත් ඉහතින් උපුටා පළ කළ වගන්තියට අනුව එසේ සම්මත නොකළ යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත් නොවන බවයි.
    ස්වයංජාත ව්‍යවස්ථාවක යෝජනාව සමාජ ගත කළ පාර්ශවය (නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු) විසින් ප්‍රකාශ කරනු ලැබුවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා ජනතාවගෙන් ලැබුණු අනුමැතියක් ලෙසින් සලකා බැලිය හැකි බවයි. බලපැවැත්වෙන බවයි.
    වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 94(2) අනු ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ
    “දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබූ අපේක්ෂකයෙකු වෙතොත් ඒ අපේක්ෂකයා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගන්නා ලදැයි ප්‍රකාශ කළ යුත්තේ ය.”
    එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු තැනක ජනාධිපතිවරණ ප්‍රතිඵලය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා වලංගුවන්නේ යැයි හෝ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න වන්නේ යැයි සඳහන්ව නැත. එසේම තෝරා පන් කර ගන්නා ජනාධිපතිවරයා ඔහු තෝරා පත්කර ගැනීම සදහා පදනම වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින්නේ යැයි ප්‍රතිඥාවක් ලබාදිය යුතුය. එසේ දිවුරුම් ලබා දෙන තුරු ඔහු නීතිය ඉදිරියේ ජනාධිපතිවරයා නොවේ.
    යමෙකු ජනාධිපතිවරණයකදී ජනාධිපති ධුරයට තෝරා පත් කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුකූලව, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සුරකින්නේ යැයි දිවුරුම් දෙනතුරු ඒ තැනැත්තා සාමාන්‍ය පුරවැසියෙකු පමණි.
    පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නේ කෙසේ දැයි සඳහන්ව තිබෙන නිසාත්, එම නීතිමය ප්‍රතිපාදන නොසලකා වෙනස් ක්‍රමවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමට නොහැකි යැයි සඳහන් කර තිබෙන නිසාත් සහ ජනාධිපතිවරණය යනු ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ජනතා මතය විමසා බලන්නක් නිසාත් ස්වයංජාත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙසින් අර්ථ දැක්වීමේ හැකියාවක් කිසිදු අවස්ථාවක නොලැබේ.

    ReplyDelete
  8. තුන්වන කොටස -
    මෙහි අනෙක් පැත්තත් සලකා බැලිය යුතුය.
    නාගහනන්ද කොඩිතුවක්කු නීතිඥවරයා ප්‍රකාශ කරන පරිදි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමේ නීතිමය ඉඩක් පවතින්නේ නම් ජයග්‍රහනය ලබන ඕනෑම අපේක්ෂකයෙකු හට තමන් කැමති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙසින් නම් කරනු ලබන ඕනෑම ලියවිල්ලක් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව, රාජ්‍යයේ අලුත් මූලික නීතිය වන්නේ එය යැයි ප්‍රකාශ කළ හැකිය.
    එසේම, ජනාධිපතිවරණයේ ජයග්‍රහනය ලබන පුද්ගලයා හට තමන් කැමති කාලයක් ජනාධිපති ධුරයේ කටයුතු කළ හැකි යැයි වගන්තියක් ද එකතු කර ගත හැකිය. එසේම තමාගේ අභාවයෙන් පසුව රාජ්‍යයේ ජනාධිපති ධුරයට පත්වන්නේ තමන්ගේ දරුවෙකු යැයි දේපලක ඔප්පුවකින් භුක්තිය පවරන්නා සේ පැවරීමේ වගන්තියක් ද ඇතුලත් කළ හැකිය.
    ජනාධිපතිවරණයකින් ජය ලබන පුද්ගලයාගේ කැමැත්ත හෝ අකමැත්ත මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ජනමත විචාරණයකින් මිස වෙනස් කළ නොහැකි ඒකීය බව, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ඡන්ද බලය වැනි සියලු වගන්ති වෙනුවට ඒ තැනැත්තා කැමති වගන්ති එකතු කළ හැකිය. එමගින් අලුතින් හඳුන්වා දෙනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවන පරිදි ඒකාධිපති පාලනයක් නිර්මාණය කර ගත හැකිය.
    එසේ නොවන්නේ යැයි නාගහනන්ද කොඩිතුවක්කු නීතිඥවරයා විසින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් හට ලබා දෙන සහතිකය කුමක්ද?
    නාගහනන්ද කොඩිතුවක්කු නීතිඥවරයා පවසන පරිදි එලෙස ප්‍රායෝගිකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රායෝගිකව මාරු කළ හැකි නම්, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවේ සඳහන් නීති ප්‍රතිපාදන යටතේ සම්මත කළේ ඇයි ?
    ඔබ ජනතාවට පවසන ආකාරයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට තමන් කැමති ලියවිල්ලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි පැවසීමේ අමුතු බලයක් ලැබෙන්නේ නාගහනන්ද කොඩිතුවක්කු නීතිඥවරයා ජනාධිපතිවරණයකින් ජය ලැබුවොත් විතරක්ද?
    “ජන සම්මත” හෝ “සවයංජාත” නමින් හඳුන්වන කෙටි ක්‍රමවලින් සම්මත කර ගන්නේ යැයි පවසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ ප්‍රචාරය කරමින් සමාජයට අසත්‍ය තොරතුරු දෙමින් සමාජය මුලා කරනු ලබන “උගතුන්ගෙන්” අප අසා සිටින්නේ එයයි.
    ඔවුන් මෙය වහා ජනතාවට පැහැදිලි කළ යුතුය.
    ජනතාවගේ අදහස් නොසලකා, එමෙන් ම ජනතාව කියවා තේරුම් නොගත් ලියවිල්ලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට පත් කරන්නේ යැයි පැවසීම ම වර්තමාන මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කළ නොහැක්කකි. එසේම, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත වන්නේ මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බැවින් ජනතාවට විවෘත නොවුණු සහ කියවා තේරුම් නොගත් යම් ලියවිල්ලක් එය සම්මත කිරීමේ ක්‍රමයට පරිබාහිරව සම්මත කර ගැනීමේ ක්‍රමයක් තිබේ යැයි පවසන සංකල්පය ද භයානක එකකි. එමගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් හකුලා දැමිය හැකි බැවිනි.
    නාගහනන්ද කොඩිතුවක්කු නීතිඥවරයා ජනාධිපතිවරණයකින් ජය ලබා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා ඔහුගේ ලියවිල්ලක් රාජ්‍යයේ මූලික නීතිය ලෙසින් ප්‍රකාශයට පත් කළේ යැයි සිතමු.
    1. ඒ ආකාරයට ඔහු විසින් හඳුන්වා දෙනු ලබන ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගන්නේ නැත. මක්නිසාද යත්, එය ලියවිල්ල පවතින ව්‍යවස්ථාවේ ක්‍රමවේදය අනුව සම්මත කර ගත් එකක් නොවන නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (6) වගන්තිය අනුව ව්‍යස්ථාවේ සඳහන් නිශ්චිත ක්‍රමවේදයට පිටින් ගෙන එන්නා වූ ලියවිල්ලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙසින් අර්ථ දැක්වීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැත.
    2. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙසින් පිළිනොගන්නා බැවින් ව්‍යවස්ථාදායකයත් ත්‍රිවිධ හමුදා ඇතුළු රාජ්‍ය සේවයත් එම ලියවිල්ල රාජ්‍යය පාලනය කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙසින් පිළිගන්නේ නැත.
    3. පවතින වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව වෙනත් ලියවිල්ලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙසින් හඳුන්වා දීමෙන් අභිනව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය උල්ලංඝනය කිරීමේ වරද කරනු ලබයි. එය එම තැනැත්තා ජනාධිපති ධුරයෙන් ඉවත් කර දැමීමේ ප්‍රජාතන්තාවාදී කටයුත්ත සඳහා මාර්ගය විවෘතවීමකි.
    4. තමා ජනාධිපති ධුරයට පත් කිරීමෙන් ජනතාවට ලැබෙන පළමු ප්‍රතිලාභය ලෙසින් පෙන්වා දෙනු ලබන ඊනියා ස්වයංජාත ව්‍යවස්ථාවම බරපතල වූ රැවටිල්ලක් බව ඉතාම පැහැදිලිය.
    5. ජනාධිපතිවරණයකින් ජයග්‍රහනය ලබා ගැනීම සඳහා ජනතාව හමුවේ තැබූ පළමු පොරොන්දුවම රැවටිල්ලක් නම් ඒ තැනැත්තා විසින් පවසන සෙසු දේවල් පිළිබඳව ජනතාව විසින් තැබිය යුත්තේ කෙබඳු තක්සේරුවක්ද?

    ReplyDelete
  9. නාගානන්ද කියන්න හොඳ නීතිවේදියෙක්, වෘත්තිකයෙක්, අවංක මනුස්සයෙක් ඒත් දේශපාලන දැනුම අඩුයි. මේ නිසාම තමයි ජනාධිපතිවරණය වෙලාවෙ ඔක්කොම රජවරු පක්ෂෙ ගැන විශ්වාසය තියන්න ගිහින් ඇන ගත්තෙ. මේක පිටිපස්සෙ හිටියෙ ජවිපෙ බව ඔහු කිව්වා, මාත් හිතන්නෙ ජවිපෙන් තමයි ඔහුට වැඩේ දුන්නෙ. ලාංකීය දේශපාලනය කියන්නෙම, අම්මා තාත්ත්වත් විශ්වාස කරන්න පුළුවන් තැනක් නෙවෙයි, ඒකෙ තියෙන්නෙම පාවාදීම්, බෙල්ල කැපීම්, දිය යටින් ගින්දර ගෙනයාම් වගේ මෙකී නොකී ගේම්කාරයන්ගෙ වැඩ කිඩ තමයි. හැම ප්‍රශ්නෙකින්ම බලන්නෙ දේශපාලන වාසි ලබා ගන්න, තමන්ව මරන්න එන සතුරා වුණත් දේශපාලන වාසියක් ලැබෙනවා නම්, තමන්ගෙ පැත්තට ගන්නවා. ඉතින් මේ වගේ ගේම්කාරයො එක්ක හැප්පෙන්න ඒ වගේ තෙම්පරාදු වෙච්ච චරිතයක් වෙන්න ඕනෙ. කොච්චර අවංක වුණත්, ප්‍රතිපත්ති තිබ්බත්, මේ ගේම් එක ඇතුලෙ ප්ලේ කරොත් විතරයි බලය ගන්න පුළුවන් වෙන්නෙ. ඉතින් එහෙම ගේම් ගහල බලය ගන්න ප්‍රධාන පක්ෂ දෙක කවදාවත් රට හදන්නෙ නෑනෙ. ඒත් තුන්වෙනි පාර්ශවයකට එන්න හැකියාවත් අඩුයි, ජවිපෙ ගේමක් ගහල බලය ගත්තොත් ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. ජේ වී පී එක නිසා කිසිම තුන් වන බලවේගයකට ඉස්සරහට එන්න බෑ. ජේ වී පී එක ට ඕන සදාකල් තුන් වන බලවේගය ලෙස වැජඹෙන්නට. ජේ වී පී එකේ ඉන්නෙත් බහුතරය ප්‍රතිපත්තියක් නැති සල්ලි හම්බවෙනකොට වෙනස් වෙන බොරැ කාරයො. ජේ වී පී එක නිසා අගතියට පත් වෙච්ච කිසිම පවුලක් පරම්පරා හතකටවත් ජේ වී පී එක හතරමායිමට වැද්ද ගන්නෙ නෑ.

      Delete