Tuesday 6 June 2023

ආගම දහම කා වෙනුවෙන්ද?


යම් ආගමක්, දහමක්, දර්ශනයක් ඔබ  ප්‍රයෝගිකව පරිහරණය කරනවාද? එයින් ඔබට සතුටක්, සැහැල්ලුවක්, තෘප්තියක්, ඇතිවුණා යයි සිතෙනවාද?

එසේ නම් එම දහම අන්‍යන්ට ඉදිරිපත් කරන්න හෝ මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන්න මැලි නොවන්න. ඒ සඳහා ඔබට අයිතියක් ඇත. 

මෙය කරන්නේ කෙසේද?

දහම හා ඒ ආශ්‍රිත කරුණු ග්‍රන්ථාරූඩ කරන්න. ඔබ දකින දහම් පණිවිඩය අනෙකාට ලබා දීමට ලිපි, කවි, ගී ලිවීම ඇතුළු සාහිත්‍ය කටයුතුවල යෙදෙන්න. දහම් සාකච්චා පවත්වන්න. අන්‍යයන්ට දහම හා සම්බන්ධවීමට පහසුකම් සලස්වන්න, ඒ හැම දේටම ඉහලින් ඔබ දහමෙහි හැසිරෙන්න. 

ඔබත් භාවිතා නොකර, පෙට්ටගමක තැම්පත් කර අගුළු දමා, ලෝකයටම බැන වදිමින්, ආඩපාලි කියමින්, කඩුවක් වනමින් පෙට්ටගම වටේ කැරකුනා කියා ආගමක් රැකගත හැකිදැයි ඔබම සිතා බලන්න. විශේෂයෙන්ම බුදු දහම එසේ රැකගත හැකිද? 

මදක් නැවතී සංසුන්ව සිහි බුද්ධිය අවදිකරගෙන සිතන්න. 

ඔබ ආගම දහම තුල එම ඉගැන්වීම් වලට අනුකූලව හැසිරෙනවාද?

ඔබට ආගම දහම තුලින් ලැබුණු යහපත් දේ මොනවාද?

ඔබට අවශ්‍ය ඒ යහපත් දේ ලොව ලබනවා දකින්නද?

ඔබ වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන්ද? 

එසේ නොමැති නම් ඔබට අවශ්‍ය ආගමික ලේබලයේ නාමයෙන් සමාජ රැකවරණයද?

ඒ රැකවරණය වෙනුවෙන් ඔබ ඔබගේ මනසේ ශාන්තිය, සතුට, සැනසුම, සැහැල්ලුව කැපකරන්න සුදානම්ද?

එලෙස කිරීමෙන් ඔබට හෝ ලෝකයට පලක් ඇත්ද?

ඔබවත් භාවිතා නොකරන ආගමක් දහමක් රැකගන්න හැදීමේ අර්ථය කුමක්ද? 

අවසානයේදී ඔබ ආගම රැකගන්න කියා කරන්නේ ඔබේ හිත ක්‍රෝධයෙන් වෛරයෙන් පුරවා ඔබව හිඟා නොකා හිඟා කන තත්වයට පත්කළ දේශපාලක තක්කඩියන් රොත්තක් වෙනුවෙන් ඔබේ සැපත නැවත නැවතත් දන් දීම නොවේද?

ඔබ ඔබගෙන්ම ප්‍රශ්න කරන්න.

5 comments:

  1. ලංකාවේ බුද්දාගම තියෙන්නේ පලිහක් වගේ ආවරණය වෙන්න. දේශපාලුවන්ට හා ඔවුන්ගේ බත් බලයන්ට..

    ReplyDelete
  2. චන්දිම

    මේ ඔක්කොම නාට්‍යවල අධ්‍යක්ෂණය හා මෙහෙයවීම එකම තැනකින්💯. නළු නිළියො විතරක් වෙනස් ✅.

    අරගලයේ ඉහළ පෙළ ක්‍රියාකාරීන්💰
    ජනතා විමුක්ති පෙරමුණේ ඉහළම නායකයින් කිහිපදෙනා💰
    බ්‍රදර් චාල්ස්💰
    Prophet ජෙරම්💰
    උපුල් ශාන්ත සන්නස්ගල💰
    මංජු නිශ්ශංක💰
    හසලක තුෂාර💰
    සේපාල අමරසිංහ💰
    සුදත්ත💰
    කාබනික පොහොර වලට විරුද්ධව සමාජ මාධ්‍ය වල ලියන අය💰
    ඖෂධ මාෆියාවට තිත තැබීමට විරුද්ධ අය💰

    මේ ඔක්කොම නළු නිලියෝ විතරයි. මේ සියලු දෙනාගෙම මහා පොදු ලක්ෂණය රැකියාවක් නොකළද ඉතා හොඳ ජීවන තත්වයක් ඇතිව ජීවත්වීම💰💰💰 හා විවිධ event සංවිධානය කරමින් හාම්පුතාට අවශ්‍ය දේ ජනගත කරමින් නොමේරූ ජන සමාජය නොමග යැවීම😡.

    මෙයාලගේ Employer නැත්නම් ක්ලයන්ට් කවුද?

    කොටින්ම කිව්වොත් usaid ඇතුළු විවිධ Ngo payrall වල ඉන්න අය✅.

    පහුගිය 2022 ඇමරිකානු ආරක්ෂක බජට් එක විතරක් ඩොලර් බිලියන 715 ක්💰💰💰. ඉතින් හිතලා බලන්න කොච්චර විශාල මුදලක්ද කියලා.

    මේකෙන් බුද්ධි අංශවල කටයුතු වලට බිලියන සීයක් විතර වියදම් කරන බව පැවසෙනවා, එයින් සෑහෙන කොටසක් ලෝක දේශපාලනය වෙනුවෙන් වැයවන නිසාම සැලකියයුතු කොටසක් හැම රටකම ඉන්න ඒජන්තවරුන්ට යනවා 💰💰💯. ආරක්ෂක බජට් එකේ සමහර වියදම් විගනණය අනවශ්‍යයි❌.

    ලංකාවේ 75 වසරක ශාපය කිය කිය කෑගහන ජවිpay තමයි ලංකාවේ විනාශය (වැඩ වර්ජන කැරලි, අරගල, රසායනික පොහොර ප්‍රවර්ධනය etc..) පිටුපස ඉන්න ප්‍රධාන ඉත්තා. ඇමරිකා එක්සත් ජනපදය තම ගෝලීය දේශපාලනික අවශ්‍යාත්‍රාව මත එක එක කලාප වලට විශේෂ නියෝජිතයන්ට පත් කර තිබෙන අතර එම නියෝජිතයන් එක්සත් ජනපදයේ න්‍යාය පත්‍රයට අනුව රටක් අස්ථාවර කිරීමට/කොල්ලකෑමට/ විනාශකිරීමට යොදාගන්නේ එරටෙහි ප්‍රධානතම සමාජවාදී පක්ෂය😡🔥 හෝ අන්තවාදීම ආගමික (බොහෝ දුරට ඉස්ලා මිය ආගමික සංවිධාන කණ්ඩායමයි👽💣. ලංකාවෙත් 2019 පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට එබඳුම ආගමික අන්තවාදය යොදාගෙන තිබෙන බව දකින්නට ලැබෙන අතර මෙය තේරුම් ගත් දාට ලංකාව පමණක් නොව බොහෝ සංවර්ධනය වෙමින් පවතින සෝ කෝල්ඩ් තුන්වැනි ලෝකයේ රටවල් ද දුප්පත්කමින් මිදෙනු ඇත 💰💰💰💰✅💯.

    මේකට සම්බන්ධ සියලු කාරණා සියලු සාධක සහිතව හිටපු ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික චාමර පෙරේරා සහෝදරයා විසින්ම විස්තරාත්මක ලෙස හෙළිදරව් කර තිබෙනවා.

    පොදුවේ මේ අය මැදමුලන විරෝධී දේශපාලනයක නිරත වුවත් ඇතැම්විට සුවිශේෂ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ අයම ලංකාවේ එක්සත් ජනපද නේටෝ හවුලේ නිත්‍ය නිල නියෝජිත ජනාධිපති රනිල් වික්‍රජසිංහයන්ගේද අනුදැනුම හා අවශ්‍යතාව මත මැදමුලන රාජපක්ෂ පවූලේ අවශ්‍ය පරිදි යොදා ගැනීම දකින්නට පුලුවන්.

    මීට අමතරව ලංකාවේ චීන රුසියානු හවුලේ නිල නියෝජිත රාජපක්ෂ පවුල් ගසත්, ඩලස් අලහප්පෙරුම පාර්ශ්වය සහ වීරවංශ ගම්මන්පිල වාසූ ආදී කණ්ඩායම චීන රුසියානු දේශපාලනික බල කඳවුරේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන බවද දැකගන්නට පුළුවන් ලංකාවේ දේශපාලනය දෙස බලද්දී ලෙහෙසියෙන්ම මේ පාර්ශ්ව වල ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව පෙනෙන්නට ඇත.

    මේකේ,තියෙනව නිල වශයෙන්ම පිළිගත්ත රෙජීම මාරු කීපයක් ගැන කෙටි විස්තර;

    https://www.history.com/news/us-overthrow-foreign-governments

    මේව කියනකොට මේ රාජ්‍ය නොවන සංවිධාන වල වැඩ කරන උන් රෙදි කරේතියාගෙන එන්නේ උන්ගේ බඩරස්සාවට අනතුරක් කියලා බයවෙලා නමුත් එහෙම බය වෙන්න දෙයක් නෑ මේවා එහෙම එළිවෙන ගමන්ම ලේසියෙන් ඉවර වෙන දේවල් නෙමෙයිනේ, කරන වැඩපිළිවෙළ වඩා රහසිගතව ක්‍රියාත්මක කරන්න වෙනවා එච්චරයි.

    ReplyDelete
  3. @ Chandima Gomez

    ඔබත් විදේශ ගත ලාංකිකයෙකු ලෙස පිටරට ගිය ලංකාවේ තරුණ පරපුරට යම් උපදෙසක් ලබාදීම සුදුසුයි, විශේෂයෙන්ම ලංකාවෙ යමක් කමක් තියෙනව නම් වෙන රටකට යද්දි දෙපාරක් හිතන්න ඕන, මොකද ලංකාවේ සුපිරි ජොබ් කරපු අය රටවල්වල පිඟන් හෝදන ජොබ් කරනවා කියලා මේ දවස්වල සමාජ ජාල වල සමහරක් ළංමැඩියෝ හිනා වෙන නිසා, ඔය වගේ කතා නිතර ඔබටත් ඇස ගැටෙනවා ඇතිනෙ.

    අවාසනාවකට සමහරු මේව දැකල බය වෙනවා. සමහරු ධෛර්යය ගන්නවා. සමහරු බනිනවා. සමහර අය කතා කරල අහනවා රටකට එන්න හදාගන්න ඕන දේවල් මොනවද කියල. ඔබටත් මේ ගැටලුව ඇති. සල්ලි ද? සහතික ද? එක්ස්පීරියන්ස් ද?

    මගේ නම් අදහස ඒ ඔක්කොටම කලින් වෙන දෙයක් හදාගන්නම වෙනවා. ඒ තමයි මයින්ඩ් සෙටප් එක. ඒ කියන්නෙ ඔලුව.

    සල්ලියි, සහතිකයි, එක්ස්පීරියන්ස් ඔක්කොටම වඩා වටින්නේ මේක.

    ලංකාවේ ඉද්දි අපි බහුතරයක් පදින වාහනයෙන්, අඳින ඇඳුමෙන්, කරන රස්සාවෙන් මිනිස්සුන්ව මනිනවා. අයිතිවාසිකම්, ආචාරශීලීබව, සමානාත්මතාව, ඉවසීම වගේ දේවල්වලට සමාජීය වටිනාකම් නැති තරම්. අන්න ඒක හලාගෙන ගුවන් ගත වෙන්න.

    ඇත්තටම ලංකාවේදී අහිමි වුණු උසස්ම ජීවන විලාසිතා (Advance Life style එක) ලබාගන්න හිතාගෙන එනවා නම්, ඇවිත් කරන රස්සාව ගැන දුක් වෙන්න වෙන්නෙ නෑ.

    විශේෂයෙන්ම ඔබ එන්නේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්ත, ඇමරිකාව, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඉතාලිය වගේ රටකට නම් ඔබට අලුත් ජීවන විලාසිතාවක් ලැබෙනවාමයි.

    මේ රටවල පොලිටිකලි කරෙක්ට් සමාජය තුල බුද්ධාගම බෞද්ධ සංස්කෘතිය වගේම සාම්ප්‍රදායික කතොලික ආගම් සංස්කෘතික අංග වගේ විගඩම් විවේචනය කරන්න අවශ්‍ය වන උපරිම නිදහස, පහළ මට්ටමක කම්කරු සහ සාමාන්‍ය රැකියා සඳහා වූ සමානාත්මතාවය, (ඇතැම්විට ඉහළ තනතුරුවලට පවා පත්වීමට ඉඩ විවර විය හැකියි කාලයක් යනකොට මේ රටේ ජනතාව අතර ජනප්‍රිය වී බලවත් පුද්ගලයන් සමග හොඳම සබඳතා වර්ධනය කර ගැනීමට පුළුවන් වුණොත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව), තව ලංකාව වගේ පල්ලි මංගල්‍ය, දාන මලගෙවල් මගුල් වගේ විගඩම් සහ අවුරුද්දට නෑගම් වගේ අනවශ්‍ය වැඩ නැති නිසා ඇතිවන ඇතිතරම් වූ විවේකය, පාක් වලට යන්න සංගීතය රසවිඳින්න මත්පැන් වගේ හැමදෙයක්ම සමග විනෝදය, නිතරම නයිට් ක්ලබ් යාමෙන් ලැබෙන සතුට, ලංකාවට ආවම බටහිර රටක සිට එන කෙනෙකුට ලැබෙන ගෞරවය, මිල ඉතාම අධික වුවත් ඒ රටවල ඇති භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය ආදී හැමදේම අඩු වැඩි විදියට ලැබෙනවා.

    ඉතිං ලංකාවේ ධනවත් යමක් කමක් තිබුණත් ලබන්න බැරි ඒ අගයන් ඔබට ලැබෙනවා නම්, පාරම්පරික ඉඩම් ගෙවල් දොරවල් යාන වාහන සහ සියලුම දේපල අඩුමිලකට විකුණල දාල හරි දරු මල්ලොත් අරගෙන මේ වගේ හොඳ සංස්කෘතියක් ඇති බටහිර දියුණු සංවර්ධිත රටකට සංක්‍රමණය වෙන්න කියලා මම බය නැතුව කියන්න කැමතියි. මේ රටවල් වේටර් වගේ ලංකවේ වැඩි තැනක් නැති රැකියාවක් වුණත් බෝහෝම ගෞරවනීය එකක්, මේ සංස්කෘතිය තුල ලංකාවේ හෝටල් හිමිකරුවෙක් වඩා ඒක ශ්‍රේෂ්ඨ තනතුරක්...

    හැබැයි ඔයාට තියෙන්නේ සල්ලි ටිකක් හොයාගෙන නැවත ලංකාවට යන්න වගේ පටු ඉලක්කයක් නම්, ඔයාගේ තීරණය වැරදියි, එහෙම වුණාම ඔයාට ගැළපෙන වෙන රටක් හොයාගන්නම වෙනවා. සල්ලි හොයන එකම ඔලුවෙ තියාගෙන වැරදි රටක් තෝරගත්තොත් දුක් අඳෝනා දිදී පසුතැවී ඉන්න වෙනවා.

    ඔය දකුණු කොරියාව, මැලේසියාව, ඩුබායි, සෞදි අරාබිය සහ ජපානය වගේ රටවල් හොඳයි කියලයි සමහරක් හිතාගෙන ඉන්නේ, එහෙම රටක හම්බ කරලා ලංකාවට ගිහිල්ල පස්සේ සැපට ඉන්න ඕන කියලා. ඒ රටවලත් අර කියපු අගයන් යන්තමට ලංකාව වගේ ෆේල් රටකට වඩා සෑහෙන්න දුරට තියෙනවා. හැබැයි තනියම ඇවිත් සල්ලි ටිකක් හොයාගෙන නැවත ලංකාවට යන්න තියෙන රටවල් මිසක දිගටම ඉන්න නම් කිසිසේත්ම හොඳ ඔප්ෂන් එකක් නෙවෙයි.

    ඒ වගේ අදහස් තියෙන අය දියුණුම සංවර්ධිත බටහිර රටකට ආවාම "අයියෝ එපා වෙනවා. ලංකාවේ වගේ සැප නෑ. පිටරට ජීවිතේ හොඳයි හිතුවට එපා වෙනවා" වගේ පටු සිතුවිලි හිතෙන අය ජීවන විලාසිතාවක් ඕන නිසා විදේශයකට ආපු අය නෙමෙයි. ලංකාව අවුල් වෙද්දි කොහේ හරි පැනගන්න ඕන කියල හිතපු අය. ඉතිං එහෙම අයට මෙහේ හෙන ප්‍රශ්නලු. සමාජ ජාල වල දාගෙන මේ දවස්වල අඬනවා ඩොලරය ඉහල කාලේ කෝටි ගණනක මුදලක් දීලා ඩොලර් පවුම් අරගෙන දියුණු බටහිර රටකට ආවට දැන් ඒකෙන් තිබුණාටත් වඩා කබලෙන් ලිපට වැටිලා කියලා මැරෙන්න හදනවා ගොඩක්ම තරුණ තරුණියන්, හරියට ජීවිතේ ගැන නිවැරදිව අත්දැකීම් නැති නිසා කියන කතා ගොඩයි...

    ඔය කරුණ නිසාම පිටරට එන්න කලින් කෙනෙකුට තමුන්ගෙන්ම ප්‍රශ්න දෙකක් අහන්න කියලා මම යෝජනා කරනවා. එක මං යන්නේ උසස්ම ජීවන විලාසිතාවක් ( Advanced Life Style) වෙනුවෙන්ද? නැත්නම් සල්ලි හොයාගෙන ආයෙ එන්නද? ඔබේ හදවත කියන දේ අනුව නොව මොළයෙන් තීරණය ගන්න. ඔය දෙක පටලගත්ත අයගෙන් උපදෙස් ගන්නම එපා. තමතමන්ගෙ ජීවිතය තමාම තීරණය කරන්න කියලා ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඔයකොයි අතින් බැලුවත් ලංකාවේ හැම පවුලකින් ම එක් අයෙක්වත් විදේශගත වෙන්න ඕන කියන මතයේ මම දැඩිව ඉන්නවා.

      ඒ ආර්ථික අතිනුත් දේශපාලන අතිනුත් ඒක ලංකාවට වාසි නිසයි. ඔය යන හැමෝම ලංකාවෙන් ඩොලර්, පවුම්, යෙන් මෙහෙට ගේනවා. ඒක මේ රටවලට හොඳයි, ඒ වගේම ලංකාවේ තියන පෞද්ගලික ණය ටික ගෙවන්න වගේ දේවලට ඩොලර් ටිකක් මෙහෙනුත් යවන්න වෙනවා. ඉතිං විදේශ විනිමය ලැබෙන එක ලංකාවේ ආර්ථිකයටත් කොහොමත් හොඳයි.

      අනිත් පැත්තට දේශපාලන වාසියකුත් තියෙනවා. රටින් එලියට එන මිනිස්සු මේ වගේ දියුණු සංවර්ධිත රටවල සිස්ටම් දකිනවා. අත්විඳිනවා. සහ යමක් ඉගෙන ගන්නවා. ඉතිං ඒ දැනුම පවුල සමඟ බෙදාගන්නවා. ලංකාවේ හැම පවුලකින්ම කෙනෙක් විදේශයක හිටියොත් දේශපාලන සවිඥානිකත්වය ඉබේම වර්ධනය වෙනවා. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලට විරුද්ධව මතයක් ගොඩ නැගීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව මගේ අදහසයි.

      මම යෝජනා කරන්නේ රටින් එලියට යන්න. ලෝකෙට විවෘත වෙන්න. ඉගෙන ගන්න. අද්දැකීම් ලබන්න. උපන් රටේම මැරෙන එක දේශහිතෛශීභාවය යැයි සිතන මුළාවෙන් මිදෙන්න. හැමෝම තම යහපත වෙනුවෙන් විදේශයකට යන්න. විශේෂයෙන්ම සංවර්ධිත බටහිර රටකට ගිහින් පවුලත් සමග සෙට්ල් වෙලා ඊළඟ පරපුර ඒ රටේ සංස්කෘතිය අනුව හැඩගැස්වීම අත්‍යවශ්‍ය බව අවබෝධ කරගෙන වැඩ කරන්න, එසේ කරන ඔබ සැමටම ජයම වේවා.! ඒක කරන්න හදන හැමෝගෙම උත්ත්සාහය සාර්ථක වේවා!

      Delete
  4. ගෝමස් මොකද හිතන්නේ දීප්ත කුමාර ලංකාවේ ආගම සහ දේශපාලනය ගැන කරන මේ කෙටි වීඩියෝ එකේ කියන දේ ගැන?

    https://www.facebook.com/100064040615418/posts/pfbid02zJ6rwM85sS3f7czSZWpKKCMS3gY8y549LB6H9G2wsMWGXAbeQjfRXFqJvDrqXh13l/?app=fbl

    මම හිතන්නේ හොඳ විවරණයක් කෙටියෙන් විස්තර කර තිබෙනවා. අභිෂේකා ප්‍රනාන්දු නමැති යුවතිය ගැන ඔහුගේ විවරණය හොඳයි නේද?

    ReplyDelete