Thursday 15 December 2022

බලා පාරුවේ හැඩ ගිලී මියෙන දන



ඉවුරු කඩාගෙන දෙගොඩ තලා ගිය 

ගංගාවක් මැද දියෙන් වැසී යන 

කුඩා දුපතක අතරමංව ඔබ 

මරණය ඈතින් පිහිනා එන කල 


සැඩ ජල කඳ තරණය කරගන්නට 

කැඩී බිඳී සුන්බුන් වූ අතුරිති 

පමණක් දකිනා මාරක මොහොතක 

පහුරක් පාවී අසලට ආකල 


"පහුරේ හැඩයට මා කැමතිම නැත"

"එය බැඳ ඇත්තේ පන් පට වලින්ය" 

"ලී වල වර්ණය ඇසට සොඳුරු නැත"

"සැදූ කෙනාගේ වතගොත කුමක්ද?"


මේ ලෙස සිතමින් දියේ ගිලෙනවද?

දිරච්ච අත්තක එල්ලී යනවද?

සිහි නුවණින් තීරණය ගන්නවද?

පාරුව කුමක්ද වටහා ගත්තද?


6 comments:

  1. පාරුවේ පුවක්
    ඒ හැර කිවහැකිද
    යමක්.

    ReplyDelete
  2. රසික සූරියාරච්චි15 December 2022 at 18:41

    කාදිනල් මැල්කම් රංජිත් පරංගින් ගැන කරපු ප්‍රකාශය ගැන ඔබගේ අදහස මොකක්ද චන්දිම?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔහුට හොඳටම ටැපලිලා. ඔහුට තමන්ගේ ආගම මෙරටට ආනයනය කල ප්‍රභවය පවා අමතක වෙලා. වයසත් සමග බොහෝ දෙනෙකුට ඇතිවන තර්ක ඥානයේ පිරිහීම දේශපාලකයාට මෙන්ම එතුමාටද සාධාරණව ක්‍රියාත්මකවෙමින් ඇත.

      Delete
  3. අදාළ නැත මට දිරච්ච වේළුණ
    සියල්ල දත් මම පඬියෙකි ලණු ගැන
    මා පසුපස විය යුතුවේ සැම දන
    දිරච්ච ලණු කැඩි වැටී මැරෙති දන

    ReplyDelete
  4. เปิดร้านส้มตำ สร้างยอดขาย ด้วยเทคนิค pg slot game อยากเปิด ร้านส้มตำเล็กๆ สร้างยอดขายหลักแสน หลักล้าน ไม่ยากอย่าง ที่คิด วันนี้ pg slot game สร้างอาชีพ จะมาเผยสเต็ปเคล็ดไม่ลับ

    ReplyDelete
  5. สล็อต pg ทดลองเล่น เกมสล็อตทั้งปวงไว้ให้ผู้เล่นทุกคนได้ ทดสอบเล่น pgslot ฟรี เพื่อผู้เล่นได้ทราบจะตัวเกมเกมที่จะลงทุนเงินจริงกับพวกเรา รวมทั้งได้ทราบแบบอย่างฟีพบร์ของเกม

    ReplyDelete