Sunday, 18 December 2022

සාගතයට සැම්බියාව මුහුණ දෙන හැටි

 


ආහාර හිගයකට සැම්බියාව ටැන්සානියාව ආදී රටවල් මුහුණ දෙන ආකාරය පිළිබඳව මම පළමු සාගතය පැමිණීමට පෙර ලිව්වෙමි. ලබන වසරේ මාර්තු වන විට නැවතත් නොනිමෙන සාගතයක් කරා ලංකාව ඇදී යාමට නියමිතය. ඒ නිසා මම නැවතත් ඒ ගැන ලියමි.

සැම්බියාවේ නාගරික ප්‍රජාව විසින් ක්‍රියාවට නගන ක්‍රමවේදය මෙයයි. එක් වීථිය (එය එසේම විය යුතු නැත) පවුල් 10-15 එකතුවී සාමුහික අවබෝධයකින් ගෙවතු වගාව කරයි. එක් නිවසක වම්බටු සහ බණ්ඩක්කා, තවත් නිවසක තක්කාලි සහ මිරිස්, තවෙකෙක බෝංචි සහ මෑ කරල්, දිය සීරාව අධික වත්තක කොහිල සහ කංකුන් ආදී වශයෙන්ද, කිසිවක් වැවිය නොහැකි ගෙවතු කිහිපයක කිකිළියන් 10-15ද, විශාල ගෙවත්තක් සහිත නිවසක එළදෙනුන් කිහිපදෙනෙක්ද ආදී වශයෙන් ඔවුහු වගාව බෙදාගනිති. ගෙවත්තක් ඇත්තෙම නැති නිවාස දෙක තුනක එක් කාමරයක් වෙන්වන්නේ හාල්, පිටි, සීනි, පරිප්පු ආදී වියලි ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමටයි. මේ සඳහා කණ්ඩායම මුදල් එකතු කර අර නිවෙස හිමියාට ලබා දේ. (මෙහි සඳහන් කල ආහාර ද්‍රව්‍ය ලංකාවට අදාලව සඳහන් කලෙමි. එරට අයගේ කෑම බීම රටාව මීට වෙනස්ය).

පලදාව ලැබෙන විට ඔවුන් ඒවා හුවමාරු කරගනිති. මෙහිදී මුදල් වෙනුවට ඔවුන් credit score එකක් භාවිත කරයි (එනම් එක එක නිවසින් මිලට ගත් හා මිලට දුන් අයගේ පොතක් යම් ලකුණු ක්‍රමයක් අනුව නඩත්තු කරයි). මාස 6 ට පමණ වරක් මේ පොත බැලන්ස් කරයි (ගනුදෙනු පියවා අවසන් කරයි).

අප්‍රිකානුවන් මේ ක්‍රමවේදය ඉතා අපූරුවට සාමකාමිව වසර ගණනක් තිස්සේ කරගෙන යයි. ලාංකික ඔබටත් එය කල හැකිද? 



9 comments:

  1. මම සම්බියාවේ අවුරුදු 20 ක් විතර ජිවත් වෙනවා. මෙහෙ මේ ක්‍රමය සාර්ථකව කෙරුණත් ලංකාවේ එය අසාර්ථක විය හැකි හේතු කිහිපයක් තිබෙනවා. ඒ තමයි මිනිස්සු අතර ඇති අසමගිය, ඉරිසියාව, කුහකකම වගේ දේවල්. ලංකාවේ මිනිස්සු කී දෙනෙක් අසල්වැසියා සමග සමගියෙන් ඉන්නවාද? ඇත්තෙන්ම ගෝත්‍රික ගතිගුණ තියෙන්නේ අප්‍රිකාවේ නෙවෙයි දකුණු ආසියාවේ.

    ReplyDelete
    Replies
    1. මම මැලේ සම්භවයක් තියෙන මුස්ලිම් ලාංකිකයෙක්. චන්දිමගේ ඉස්කෝලෙම ඊට වඩා වසර 5 ක් විතර පල්ලෙහා පන්තියක ඉගෙනගත්තේ. මට චන්දිමව යන්තමින් මතකයි සිංහල සාහිත්‍ය සංගමේ ඉන්නවා. අපි කිව්වේ ගෝමස් අයියා කියල. හොඳ ඩිබෙටර් කෙනෙක්.

      මම ආගම්වල හරි වැරදි ගැන කතා කරනවා නෙවෙයි. ඔබ කියපු කතාවට හේතුවක් කියන්න හිතුන. අපේ මුස්ලිම් කමියුනිටි එක ගත්තොත් ඔයාලට දකින්න පුලුවන්වෙයි එතන මොන තරම් බෙදා හදා ගැනීමක් තියෙනවද කියල. අපේ මුස්ලිම් පල්ලි වලින් කෙරෙන්නේත් ගොඩක් වෙලාවට හැමදෙයක්ම කමියුනිටි එකේ කට්ටියට බෙදා දීම. මේ නිසා අපිට පොඩිකාලේ ඉඳලම බෙදාගැනීම හුරුයි. ඒත් බෞද්ධ සමාජේ එහෙම නැහැ නේද? පන්සලක වුනත් හැමතිස්සෙම කරන්නේ එකතුකරන එක නේද? ලඟදි පොස්ට් එකක් ෂෙයාර් වුනා ලංකාවේ හදල ඉවරකරපු පන්සලක් හොයාගන්න ලේසි නැහැ කියල.

      තරහ නොගෙන මේ ගැන හිතන්න.

      Delete
    2. Yes. Chandima, What a sharp memory you have! It may be 40 years since.

      Delete
    3. You were the only Muslim student in the Sinhala Lit Soc. and also in the junior debating team. We were really impressed by your excellent Sinhala oratory skills. That's what made me remember you.

      Delete
  2. මේ මුස්ලිම් මහත්මය කියපු කතාව ඇත්ත. මුලින් අපේ අයගේ ඔලු හෝදන්න ඕනේ. පන්සල් වලින් කරන්න ඕනේ කාර්යභාරය මිට වඩා වෙනස් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. Thanks, if all communities develop it is good for all and the country.

      Delete
  3. දැනටත් පරක්කු වැඩියි මම හිතන්නේ

    ReplyDelete
  4. Prof. you don't believe it. The same practice could be found even in Canda in several regions, especially in the Cherokee community.

    ReplyDelete