Wednesday 2 November 2022

කල යුත්තේ කුමක්ද? මට හිතෙන හැටි



දිගු ලිපියක් ලිවීමට කල් ගතවන බැවින් කෙටියෙන් කියමි.

ඔබට වසන්ත ඇතුළු වද බන්ධනයට ලක්වන පිරිස මුදා ගැනීමේ අවංක චේතනාවක් ඇත්නම් ජූලි චංග්, IMF/WB නියෝජිතයන් සහ බටහිර, ජපානය, ඉන්දියාව ඇතුළු  හැකි සෑම රටකම තානාපතිවරුන් හමු වී සාකච්චා කරන්න. ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කරන්න. හැකි සෑම අවස්ථාවකම ලැබෙන තීන්දු පිළිබඳව නොසිතා නීතිය හමුවට ඔබේ දුක් ගැනවිලි ගෙන යන්න. ඒ ගැන අන්තර්ජාතික මාධ්‍ය අමතන්න.

ඔබට රටේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නම් අඩුම තරමින් සිතන්න හැකි බුද්ධියක් හා යම් තර්ක ඥානයක් තිබෙන පිරිස්වත් හැකිතාක් එකතුවන්න. ඔබේ මතවාදීමය හෝ න්‍යායාත්මක වෙනස්කම් ටික කලකට ලාච්චුවට දමා වසන්න. චන්දයක් පැමිණෙන තෙක් හැකි සෑම අයුරකින්ම සිදුවූ සහ සිදුවන දුෂණය, භිෂණය, වංචාව, තක්කඩිකම් ගැන ජනතාව දැනුවත් කරන්න. මේ සඳහා සමාජ මාධ්‍ය, කුඩා රැස්වීම්, සමූහ සාද, මාධ්‍ය සාකච්චා, කලා වේදිකාව ආදිය පමණක් නොව කඩමණ්ඩිය, කන්තෝරුවේ කෑම පැය, පොදු ප්‍රවාහන භාවිත කරන අවස්ථාව, මංගල-අවමංගල උත්සව, බණ ගෙදර, දානේ ගෙදර ආදී සමාජය හමුවන සෑම අවස්ථාවක්ම යොදාගන්න.  

රටේ උන්නතිය සඳහා අවධානය යොමු කල යුතු වැදගත්ම අංග 12 ක් හෝ 15 ක් අර්ථ දක්වා ගන්න (අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, සන්නිවේදන ක්‍රමවේද, පර්යේෂණ සහ නව නිපැයුම්, කෘෂිකර්මය සහ වාරි කර්මය, පරසර සංරක්ෂණය ආදී). ඉන් පසු එම අංශ දියුණු කිරීමේ මාර්ග පිළිබඳව සංවාදයක් ගොඩනගන්න. රටේ මේ වන විට ඉතා දරුණු තත්වයකට පත්ව ඇති ඍණාත්මක මනෝභාවයන් වෙනස් කිරීමට මෙය බෙහෙවින් ඉවහල් වනු ඇත.

මම නැවතත් කියමි. සාම්ප්‍රදායික උද්ඝෝෂණ නැවත නැවතත් කිරීම තුලින් අරගලය දිනා දුන් බොහෝ දේ ඔබට නැවතත් අහිමි වනු ඇත. මිනිසුන් වේගයෙන් අරගල බිමින් ඈත්වෙමින් පවතී. ඒ බව ඔබට සමාජ වටපිටාව තුලින් නිරීක්ෂණය කල හැකිය. එදා ගෝල්ෆේස් එකට පැමිණ ඔබ වෙනුවෙන් මැරයන්ට පහර දුන් ජනතාවම ඊළඟ උද්ඝෝෂණයේදී ඔබට පහරදීමට හැක. 

රනිල් ලාංකීය ජන මනස හැසිරෙන ආකාරය කියවා ඇත. නමුත් සමාජයේ බොහෝ  දෙනෙක් රනිල්ව කියවා නැත. 

18 comments:


  1. තැනට අනුව ඇණ ගසනා හැටි දන්න
    නායකයන් හිඟයි ඔවුනට තේරෙන්න
    මැනවින් ලියා ඇත ඔබෙ අදහස් ගොන්න
    තව තව ලියමු, දැනුවත් බව වැඩි වෙන්න!

    ReplyDelete
  2. රටේ ප්‍රශ්න තැන් තැන් වල කියවලා රටට ලජ්ජා කරන්නේ? මොන මිනිස්සුද මන්දා මුන්. කොහොමත් ක්‍රිස්තියානිකාරයෝන්ගේ හටෝ ඔහොම තමයි. රටට ද්‍රෝහී කාලකන්නි.

    ReplyDelete
    Replies
    1. ඕයි බූරුවො. බංකොළොත් රටකට තවත් ලැජ්ජා වෙන්න දෙයක් තියෙනවද? එතනත් ආගම ඇදගෙන. තොපි වගේ පොල් බූරුවො ඉන්න කම් ලංකාව වල පල්ලට තමයි.😀😀

      Delete
    2. ඈ බං ඇමෝ, උඹ අද උදේට කෑවෙත් කොහෙන් හරි රටකින් නයට හිඟා කාල ගත්ත එව්වා. උඹේ ගෑනි දරුවෝ කන්නේ බොන්නේ අඳින්නේ ඔක්කොම කරන්නේ මේ කාලකන්ණි බඩගාලා ලෙවකාල නයට හොයාගෙන එන කියකින් හරි. ලාංකිකයෙක් විදියට උඹට ලැජ්ජාවක් කියල එකක් තියෙනවද බං. උඹල වගේ හාල් පාරු කාලකන්ණි ඉන්න රටකට මේ ගානට හෙන වැදිලා නැවතුනොත් ඇති. මන්ද බුද්ධික ගොබ්බ සේනලා. එකම එකා එකම ආටිකල් එකට comment තුන හතර කොටනවා. මානසික අසහනකරයෙක්

      Delete
  3. මේ දවස්වල මීට වඩා වැදගත් දේවල් තියෙනවා හොයන්න. තිලිනි ට සල්ලි දුන්නේ කවුද? අර නිළියන්ගේ කැඩිච්ච ඒවා රෙපෙයාර් කලේ කවුද, කොහොමද? ඒවා හොයා ගත්තට පස්සේ වෙලාව තිබුනොත් බලමු.

    ReplyDelete
  4. කතෝලික ගෝමස් රටට ද්‍රෝහී ඇයි?

    ReplyDelete
  5. අරගල කාරයෝ පූල් එකේ සබන් ගාල නානවා ඔයා ඉන්න රටේ tv එකේ පෙන්නුවේ නැද්ද? මේ ඔයාගේ රටේ මිනිස්සු නේද කියලා ඇහුවේ නැද්ද? ලංකාවේ මිනිහෙක් නිසා ලැජ්ජා හිතුනේ නැද්ද? ඔය වදුරන්ට සපෝර්ට් කරන්න ලැජ්ජා නැද්ද? Phd එක ගත්තේ අපේ රටේ සල්ලි වලින් නේද?

    ReplyDelete
  6. I think the approach proposed by you is much more practical and reasonable than protesting. I have the same idea, previously the whole country supported the revolution because people were desperate, but now people have the basic needs so I don't think the revolution will get the support they received. In addition to that, a much more diplomatic approach would increase the credibility of the country in this critical times in the eyes of the foreign nations.

    Additionally, what fascinates me is the comments made by some of your haters. They are funny to be honest. I hope they are just joking, if they represent the country's mindset we are doomed.

    ReplyDelete
  7. ප්‍රොෆ්, මම පුද්ගලිකව සිතනව ඔබතුමා මානසික අසහනකාරයන්ට ඔබට අපහාස කරමින් comments දාන්න ඉඩ දිය යුතු නැහැ කියලා. Just delete the comments and block the person. My personal view.

    ReplyDelete
    Replies
    1. ඩේව්, කැනඩාවේ ඉන්න ඔයාටවත් දකුණු අප්‍රිකාවේ ඉන්න මටවත් ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මානසිකත්වය හරියටම තේරුම් ගන්න අමාරුයි. සමහරුන්ට රැකියා අහිමි වෙලා, සමහරුන්ට ළමයින්ගේ ප්‍රශ්ණ, තවත් සමහරුන්ගේ බිරින්දෑවරු වෙන මිනිස්සුත් එක්ක ගිහිල්ල දරිද්‍රතාවය නිසාම, තවත් සමහරුන්ට රැකියාව කරන තැන ගැටළු. මේ අය මානසික අසහනකාරයෝ කියල හඳුන්වන එක වැරදියි. ඔවුන් යම් මානසික පීඩනයකින් (සමහර විට විශාදියෙන්) දුක් විඳින පිරිසක්. ඒ නිසා ඔවුන්ට මේ විදියට comment එකක් දැමීමෙන් වත් තමන්ගේ පීඩනය පිට කරගැනීමට ඉඩ සැලසීමේ වරදක් නැහැ. භාෂාව හැසිරවීම යම් කඩ ඉමකට පැමිණෙන තෙක් ඔවුන්ට අපහාස උපහාස කිරීමට මගේ බ්ලොගය විවෘතයි.
      Anyway thanks for your concern and following my blog may be for the last decade.

      Delete
    2. I understand what you say. But isn't it an unnecessary psychological impact to read such nasty comments?

      Delete
    3. Dave, I am a person out of the box. I am not moved by what others say or write. Nothing can move me emotionally.

      Delete
  8. අනාගතයේ මරණය

    නෙට්ෆ්ලික්ස්වල තියෙනවා ෆියුචර් ඔෆ් කියලා සීරීස් එකක්. මේ ගැන මට මුලින්ම කිව්වෙ හසා. මේ සීරීස් එකේ එක එපිසෝඩ් එකක කතා කරනවා අනාගතයේ අපේ මරණින් මතු ජීවිතය ගැන. අනාගතයේදී අපේ මරණයෙන් පස්සෙ භෞතික ශරීරයක් විතරක් නෙමෙයි ඩිජිටල් ශරීරයකුත් ඉතිරි වෙනවා. භෞතික ශරීරය දිරා ගියත් අපේ ඩිජිටල් ශරීරය සදාකාලිකව පවතිනවා.

    මේ සිතාබැලීමෙන් පස්සෙ විද්‍යාඥයො උත්සාහ කරනවා අපේ ඩිජිටල් ශරීරය දිගටම පවත්වාගෙන යන්න. අපි විසින් ඉතිරි කළ සියලු දත්ත අනුව අපි වගේ සිතන ප්‍රතික්‍රියා දක්වන ඩිජිටල් පුනරුත්පත්තියක් අපිට දෙන්න. ඩිජිටල් කේත ඩීඑන්‍ඒ බවට පරිවර්තනය කරලා අපිව අපි කැමති ගහක් ලෙස අපේ දේහය දිරාගිය කොම්පෝස් මත පැළ කරලා ඒ ගහ ළගට ඇවිත් අපිත් එක්ක සංවාද කරන්න පවා හැකි වර්චුවල් තත්වයක් නිර්මාණය කරන්න ඒ අය උත්සාහ කරනවා.

    මේ විද්‍යාත්මක දේවල් ගැන පර්යේෂණ කොහොම වුනත් මේ සංකල්පමය සිතා බැලීම අතිශය අනාගතවාදීයි. ඉදිරියට ජීවත්වන පිරිසට වඩා විශාල ප්‍රමාණයක ඩිජිටල් මළවුන් ඉතිරි වෙනු ඇති. කොන්ක්‍රීට් සොහොන් කණු වෙනුවට ගස් වැවූ උද්‍යාන වැනි සුසාන භූමි ඉදිකිරීම කො‍හොමත් චමත්කාරයි. මියගිය සීයා ආච්චි එක්ක මුණුපුරන්ට ඒ අයගෙ මතක ඩීඑන්ඒ තුල රඳවාගත් ගහක් යට ඉඳන් කතාබහ කරන්න පුළුවන් වීම ආශ්චර්යයි.

    මේ ගැන හිතද්දි මට හිතුනෙ අපි ඇත්තටම පවතින්නෙ අනෙකා සමග ප්‍රතික්‍රියා කරන මොහොතේදී විතරයි කියල. අනෙකා නොමැති මොහොතකදි අපි ඇත්තටම පවතින්නෙ නෑ. නැත්නම් පවතිනවද කියල දැනගන්න අපිට පුළුවන්කමක් නෑ. ක්වොන්ටොම් විද්‍යාවෙ කතා කරනවා නිරීක්ෂකයාගේ නිරීක්ෂණය මත ඉලෙක්ට්‍රෝනවල චර්යාව වෙනස්වෙන හැටි ගැන. ඒ අනුව පූර්ණ වශයෙන් වාස්තවික තත්වයක් අපිට කතා කරන්න බැරි හැටි ගැන. ඒ වගේම අනෙකා නොමැති අවස්තාවක පැවැත්මක් ගැනත් අපිට කතා කරන්න බැරි වෙනවා.

    අපි යනුවෙන් යමක් පවතින්නෙ අප හා අනෙකා අතර. ඒ සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඒ මොහොතේ අපි වෙන්නෙ. මේ හින්දා ෆේස්බුක්වල එහෙම නිතර අපි දකින, ‘උඹ ඔහොම වෙයි කියල හිතුවෙ නෑ’ වගේ කතන්දර සරලව කියන්න පුළුවන් වුනත් ඊට වඩා සංකීරණයි. ඒ කියන්නෙ යමෙක් යම් කෙනෙක් හැටියට පවතින්නෙ අපි ඒ කෙනා සමග කරන ක්‍රියාව මතයි. යම් විදිහකින් අපි යමෙකුගේ ප්‍රතික්‍රියාවට අකමැති නම් එහි වගකීමෙන් හරි අඩක් අපේ ක්‍රියාවට පැවරෙනවා. කිසිම කෙනෙක් අපි එක්ක දක්වන ප්‍රතික්‍රියාව තවත් කෙනෙක් එක්ක දක්වන්නෙ නෑ. ඒ හින්ද අපි විවේචනය කරන කිසි කෙනෙක් අපෙන් ස්වායත්ත නෑ.

    තවත් සරලව කිව්වොත් අපිට miniමරුවෙක් වෙන කෙනෙක් තවත් කෙනෙකුට ආදරණීයයෙක් වෙනවා. miniමරුවා මුනගැහෙන්නෙ අපිට විතරයි. අපි නැතුව miniමරුවා පවතින්නෙ නෑ. ඒ මිනීමරුවාම වෙනත් කෙනෙකුගේ ක්‍රියාවට ප්‍රේමනීය ප්‍රතිචාර දැක්වීමක් කරනවා. මේ විදිහට දක්වන ප්‍රතිචාර සමස්තයක් අනුවයි අපිට පුද්ගලයා කියන පැවැත්ම කියවන්න සිද්ද වෙන්නෙ. එතනදි පුද්ගලයා නිර්මාණය වෙන්නෙ ඔහුට හෝ ඇයට මුණගැහෙන අනෙකුන්ගේ ස්වභාවය මතයි.

    අපිට කිසිම වෙලාවක එකම පුද්ගලයෙක් දෙවරක් මුණගැහෙන්නෙ නෑ. අපේ අනෙකා වෙනස් වෙනවා වගේම අපිත් වෙනස් වෙනවා. අපි වෙනත් ප්‍රතික්‍රියාවක් හරහා වෙනත් පුද්ගලයෙක් නිර්මාණය කරනවා.

    ඉතිං මට හිතුනෙ මේ ඝනීභූත වූ ඩිජිටල් පැවැත්මෙන් අපි කියන පුද්ගලයා නැවත නිර්මාණය කරන්න පුළුවන්ද කියන එකයි. මොකද වෙනස් වීම නතර වෙලා තියෙන හින්ද. අපි සමග අනෙකා ඇති කරගන්නා ක්‍රියාව සැලසුම් කරන ලද එකක් වෙන හින්ද. ඒක සජීවී අහම්බයක් නොවෙන හින්ද. එතනදි අපි නිර්මාණය කරන්නෙ මළ කෙනෙක්මයි. ඒක සජීවී සම්බන්ධයක් නෙමෙයි.

    නමුත් අනාගත සුසානයකදි ඒ මළවුන් සමග හෝ ඒ තරම් ඓන්ද්‍රිය සම්බන්ධයක් පවත්වන්න පුළුවන් වෙන එක කොහෙත්ම සුළුකොට තැකිය හැකි අරුමයක් නෙමෙයි. දැනට එක් එක් අය විසින් තමන්ගේ විකෘති මතක අනුව මළගිය කෙනෙක් ගැන කියන කතා වෙනුවට අපිට ඇතිරුණු පැතිරුණු ඒ අයගේම ඩිජිටල් ජීවිතය ඇතුලෙ සක්මන් කරන්න පුළුවන්. මෙච්චර කාලයක් පොතක ලියූ හෝ ෆොටෝ එකකට හසුවූ ඉතා සුළු කොටස් පමණක් ඉතිරි වූ ජීවිත වෙනුවට කරන හැම විහිළුවක්ම, බලන හැම වීඩියෝවක්ම, කරන හැම චැට් එකක්ම සුරක්ෂිත සුවිසල් ඩිජිටල් ඉතිරියක් අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ ඕනෑම කෙනෙකු පිළිබඳ දැනුමට වඩා වර්තමානයේ ඕනෑම කෙනෙකු ගැන අනාගතයේ ඕනෑම කෙනෙක් දැනගන්නා ප්‍රමාණය සුවිසල්.

    ඒත් අපිට ඒ පුද්ගලයා සමග ජීවමාන ඇසුරක් ලබන්න පුළුවන්ද? මං හිතන්නෙ බෑ කියල. මොකද ඒ පුද්ගලයා සහ අපි අතර ක්‍රියාව ප්‍රතික්‍රියාව ඝනීභවනය වුණු එකක්.

    ReplyDelete
    Replies
    1. ඉතා අගනා අදහසක්. කාලය ලැබුණු විට අපි වැඩිදුර සාකච්චා කරමු.

      Delete
  9. චන්දිම ගෝමස් මහතා මොකක් ද හිතන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මෑතකදී මුහුණ දුන් අතවර චෝදනාව ගැන? ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු සංචාරයෙදී මේක වුණ නිසා ඔස්ට්රේලියානු නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඔහුට වසර දාහතරක් පමණ හිර දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ඒත් මේ එල්ල වෙලා තියෙන ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදහස් වූවත් නැතත්, ධනුෂ්ක ගුණතිලක කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තියා අඩු තරමේ ඔළිඳ කෙළිය සඳහාවත් රටක් නියෝජනය කරන්න සුදුසු පුද්ගලයෙකු නෙවෙයි ලෝකයේ වගේම ලංකාවේ වුණත් පැවති පැරණි සදාචාරය සහ ශිෂ්ටාචාරය අනුව මූලික ආචාර ධර්ම විනය පිළිබඳව කල්පනා කරනවා නම්.

    ඔබත් දන්නවා ඇති කලින් කිහිප වතාවක් ඔහු විනය කඩකිරීමට වරදකරු වුණා. නයිට් ක්ලබ්වල පහරදීම්වලට මැදි වුණා. කාන්තාවන්ට හිරිහැර කළ බවට චෝදනා එල්ල වුණා. එංගලන්තයේ දී ජෛව බුබුළ කැඩීමට වරදකරු වුණා. 2017 වසරේ සිට බැලුවොත් හැම වසරක ම ඔහු එක වරක් හෝ මෙවැනි චෝදනාවකට මුහුණ දීලා තියෙනවා.

    ඒත් චන්දිම ගෝමස් පිළිගනීවි සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ නීතියක්, විනයක් හෝ සිස්ටම් එකක් නැති රටක් හින්දා මේ හැම ප්‍රශ්නයක්ම ඔහු ගොඩින් බේරගෙන තියෙන බව. දඬුවම් ලැබුණු අවස්ථාවල දී පවා ඔහු දඬුවම් ලිහිල් කරගෙන තියෙනවා.

    ඒ වගේම මෙතන තියෙන බරපතලම කාරණාව උනේ එහෙම කරගන්න පුළුවන් බව දන්න නිසා ඔහු එකම වැරදි නැවත නැවත කරනවා. ක්‍රිකට් පරිපාලකයන් හැමදාම ඔහු ආරක්ෂා කරනවා. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පවා කමක් නැහැ ඉතින් මුන් කවදහරි හැදෙයි කියලා බලන් ඉන්නවා.

    මේ ගැන පොදුවේ කියන්න පුළුවන් ධනුෂ්ක ගුණතිලකට ලැජ්ජාවකුත් නැහැ. ක්‍රිකට් පරිපාලනයට ලැජ්ජාවකුත් නැහැ. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලැජ්ජාවකුත් නැහැ. පොදුවේ ලංකාවේ බහුතරයක් දෙනාට මේකේ තියන බරපතල කම ගැන කිසිම අවුලක් නැහැ.

    මෙතනදී ධනුෂ්ක ගුණතිලක කියන්නේ හුදෙකලා මිනිහෙක් ම නෙවෙයි - ලංකාවේ 1980 ගණන් වල වගේ ඉඳල ගොඩනැගී තියෙන ලුම්පන් සංස්කෘතිය ක්‍රීඩාව තුළ එළියට ප්‍රකාශ වෙන එක මුහුණුවරක්. ධනුෂ්කලා විතරක් නෙවෙයි යාල වනෝද්‍යානයේ රේස් පදින ඇමති පුත්තු, වොයිස්කට් දෙන චණ්ඩි සාදුලා, කාදිනල් සහ පාදිලිවරු, මහමදික ආගමික අන්තවාදීන්, පාර්ලිමේන්තුවේ ඉන්න චොකා මල්ලිලා, දුමින්ද සිල්වලා, රංජන්ලා, හිරුණිකාලා, බීල එලවලා හප්පලා ෂේප් වෙච්චි විජිත හේරත්ලා, ලාල් කාන්තලා, අලුත්ගමගේ ඥාතීන්, දේශපාලකයන්ට ළංවෙලා සල්ලි හොයන කොන්ත්‍රාත්කාරයෝ, බාර් පර්මිට් වැලි, පස් පර්මිට් සහ වෙනත් ජාවාරම් කරුවන් වගේ හුඟක් අය මේ ලුම්පන් සංස්කෘතියේ ඉස්සරහින් ම ඉන්නවා. සරලව කිව්වොත් දේශපාලනයේ සනත් නිශාන්තයි, ජොන්ස්ටන් ප්‍රනාන්දු අලුත්ගමගේ රෝහිත (මාල හොරා), නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල, වීරවංශ රංජන් රාමනායක හිරුණිකා විජිත හේරත් කිරිඇල්ල රාජිත සේනාරත්න වගේම ක්‍රීඩාවේ ධනුෂ්ක ගුණතිලකයි නිරෝෂන් දික්වැල්ල කුසල් මෙන්ඩිස් අතර ලොකු පරතරයක් මට පෙනෙන්නෙ නැහැ. දෙගොල්ලොම එක හා සමානව සේරම ඉන්නෙ එක ම සංස්කෘතියක් ඇතුළේ. දෙගොල්ලොටම පොදු 'වටිනාකම්' හුඟක් තියෙනවා.

    සනත් නිශාන්තලා රංජන්ලා හිරුණිකාලා විජිත හේරත් විජේමුණි සොයිසලා රාජිත සේනාරත්නලා දිගට ම දේශපාලනය කරයි. ධනුෂ්ක ගුණතිලකලා දික්වැල්ල ලා මෙන්ඩිස් ලා දිගට ම ක්‍රිකට් ගහයි. ඇමති පුත්තු දිගට ම නොසණ්ඩාල වැඩ කරයි. මිනිස්සු "කවදහරි මුන් හැදෙයි" කියලා දිගටම බලා ඉඳියි. අතරින් පතර එයාලා කරන 'හොඳ වැඩත්' celebrate කරයි.

    ඒ නිසා ධනුෂ්ක ගුණතිලක ගැන විතරක් විශේෂයෙන් ම කේන්ති ගන්න හේතුවක් ලංකාවේ ජනතාවට නැහැ. ධනුෂ්ක කියන්නේ ලංකාවේ සේරම එකතු වෙලා නිර්මාණය කරගෙන තියෙන සුවිශේෂී ලංකාවේ සිස්ටම් එකේ තවත් එක් සුජාත දරුවෙක්. හිරෙන් නිදහස් වෙලා ලංකාවට එනකොට එයාපෝට් එකේදී මල්මාල දාලා පිළිගන්න වටින සැබෑ ම භූමිපුත්‍රයෙක්. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. SLC මගින් ධනුෂ්කව කිහිප වරක්ම මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කළා. ඔහු පෙන්වන්නේ ලාංකික මනෝවෛද්‍ය වරුන්ගේ අසමත් කමයි

      Delete