Thursday 4 August 2022

සෝමාලි pirate buisiness මොඩලය


සෝමාලි මුහුදු මකොල්ලකරුවෝ ඉන්දියන් සයුරේ යාත්‍රා කරන නැව් කිහිපයක් අත්පත් කරගෙන විශාල මුදලක් කප්පම් ලෙස ලබා ගත්තෝය. නැව් රක්‍ෂණ සමාගම් අධික ලෙස රක්ෂණ වාරික වැඩි කලහ. ඒ සමගම පකිස්ථානය, ඉන්දියාව, ලංකාව සහ දකුණු අප්‍රිකාව යන රටවල පෞද්ගලික ආරක්ෂක සමාගම් බිහිවිය. රක්‍ෂණ සමාගම් තමා වැඩිපුර අයකරන මුදලෙන් සෑහෙන කොටසක් මේ ආරක්ෂක සමාගම්වලට දී ඔවුන්ගෙන් ship-escort සේවය ලබා ගනිති. නැව් සමාගම් තමා වැඩිපුර ගෙවන රක්ෂණ මුදල ආනයන/අපනයන කරුවන්ගෙන් අය කරගනිති. ආනයන/අපනයන කරුවෝ මේ වැඩිපුර ගෙවන නැව් ගාස්තුව පාරිභෝගිකයාගෙන් අයකර ගනිති. මේ අතර සෝමාලි මුහුදු කොල්ලකරුවන්ට උන්ඩියල් ක්‍රමයට මාස් පතා හොඳ මුදලක් ලැබේ. 

දැන් සෝමාලි මුහුදු මංකොල්ලකාරයන් ගැන වැඩිය අසන්න නැත. එහෙත් මේ අපූරු ව්‍යාපාරය ඉතා සරුවට සිදුවේ. 

මුහුදු මංකොල්ලකාරයන්ට සතුටුය, නිකන් තුවක්කුවක් එල්ලගෙන ඉදහිට බෝට්ටුවක ගොස් මාසේ අන්තිමට යහමින් මුදලක් අතට ලැබේ. 

නැව් සමාගම්වලටත් සතුටුය, ඔවුන්ට සෑහෙන විශාල  ප්‍රවාහන ගාස්තුවක් ලැබේ.

රක්ෂණ සමාගම්වලටත් සතුටුය, ඔවුන් අධික රක්ෂණ මුදලක් ලබාගනී. 

ආරක්ෂක සමාගම්වලටත් සතුටුය, ඔවුන් ආයුධ සමග බෝට්ටු කිහිපයක් escort එකට ලබා දී හොඳ මුදලක් ලබා ගනී. 

උන්ඩියල්කාරයන්ටත් සතුටුය, ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාරය සරුවට කරගෙන යයි. 

මේක නියම සතුටු සාදයක්. 


--------------------------------------------------

සෝමාලියාව ලෝකයේ ඇති දුප්පත්ම රටකි. දරිද්‍රතාවය දරාගත නොහැකි තැන සෝමාලි තරුණයෝ අවි අයුධ ගෙන රජයට එරෙහිව කැරළි ගැසීය. සිවිල් යුද්ධය නිසා සෝමාලි රජය සහ එහි නාවික හමුදාව අකර්මන්‍ය විය. එම අවස්ථාවෙන් ප්‍රයෝජනගත් අවට රටවල්වල ධීවරයෝ සෝමාලි මුහුදේ මත්ස්‍ය සම්පත නෙලාගන්න විය. ඉමහත් පීඩාවකට පත් ධීවරයෝ කැරළිකරුවන්ගේ පිහිට පැතීය. කුඩා පෞද්ගලික හමුදා ලෙස සංවිධානය වූ කැරළිකරුවෝ විදේශික ධීවර බෝට්ටුවලට පහර දුන්හ. මේ වෙනුවෙන් ඔවුන් ධීවරයන්ගෙන් ගාස්තුවක් අය කළේය. මෙය හොඳ ආදායම් මාර්ගයක් බවට අවබෝධකරගත් රැකියා විරහිත තරුණයෝ වැඩි වැඩියෙන් මේ රැකියාවට අවතීර්ණ විය. නමුත් මේ ව්‍යාපාරය තිරසාර නොවීය. විදේශ ධීවර බෝට්ටු පැමිණීම නැවතීමත් සමගම මේ ආරක්ෂක සේවයේ අවශ්‍යතාවය නිම විය. 

මේ අවස්ථාවේ මේ සෝමාලි ජාතිකයන් අවට මුහුදේ සංචාරය කරන අරාබි ධනවතුන්ගේ සුඛෝපභෝගී බෝට්ටු කිහිප වරක් තම අත්අඩංගුවට ගෙන කප්පම් ලබා ගත්හ. මෙය ධීවරයන්ගෙන් ලැබෙන ගාස්තුවට වඩා අධික විය. නමුත් මෙයද තිරසාර නොවීය. ධනවත් බෝට්ටු හිමියන් මේ ප්‍රදේශයට පැමිණීම සීමා කළහ.

මේ අතර මෙම සෝමාලි කොල්ලකරුවන්ට මොගඩිෂු නුවර සිට උණ්ඩියල් (හවාලා) ක්‍රමයට විදේශ රටකින් එවන ලද මුදල්, බර අවි, සහ අධිවේගී බෝට්ටු කිහිපයක් ලැබුණි. ඒ සමගම ඔවුන් මුහුදු මංකොල්ලකරුවන් බවට පත්විය. එතැන් සිට ඉහල ඇති කතාව ඇරඹෙයි.


 

1 comment:

  1. ශ්‍රී ලංකාවේ අපේ හමුදාවේ කොල්ලෝ යැව්වා නං සෝමාලියාවේ මුහුදු මංකොල්ලකාරයන්ට දෙයි ලංකට් පැලෙන්ඩ.

    ReplyDelete