Wednesday, 17 August 2022

නුහුරු බවයක හුරු සුවඳ දැනුනා





4 comments:

  1. @ Chandima Gomes

    ලංකාවේ මෑත කාලීන ආර්ථික දේශපාලනික සංදර්භය තුළ 1977න් පසු විවෘත වෙළඳපොළ ආර්ථිකයක් දෙසට ශ්‍රී ලංකාව යොමුවූ මුත්, එහිදී වචනාර්ථයට පරිපූර්ණව ගැලපෙන විවෘත ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනුණේ නෑ මොකද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1978දී රටේ නම ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස ව්‍යවස්ථාගත කළ විට එහි තිබූ ‘සමාජවාදී’ නාමය බොහෝ දෙනෙකුගේ විවේචනයට, විහිළුවට ලක් වුණා.

    කෙසේ වෙතත් මේ ගැන මනා විවරණයක් දෙමින් 1979 මාර්තු 23දා හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨය විවෘත කිරීමේ උත්සවයේදී ජේ.ආර්. මෙම කාරණය පැහැදිලි කළේ;

    “දැන් හුඟදෙනෙක් අහනවා තමුන්නාන්සේලා ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස සමාජවාදය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක් ද කියලා. ඔව්, අපි සමාජවාදී පක්ෂයක්. මා දැන් තෝරා දෙන්න යන වචනය සමාජවාදයයි. මේ රටේ සීයට හැටක් බඩු නිපදවන මාර්ග, බඩු බෙදන මාර්ග, මුදල් හුවමාරු කරන ක්‍රම රජයට හෝ මහජනයාට අයිතියි. සමාජවාදය කියන්නේ ඒකයි. ඩී.ඇස්. සේනානායක මහත්මයාගෙ කාලෙ තමයි (රජයේ) ඉඩම් පුද්ගලයන්ට, ධනපතීන්ට විකිණීම තහනම් කෙරුවෙ. ඒ නිසා ඒ සමාජවාදී ක්‍රමය අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වගේ ම. නමුත් අඩුපාඩු රාශියක් තියෙනවා.

    “එහෙත් රජය මේවා හොඳට පාලනය කරන්නෙ නැහැ. ඇතැම් ආයතන හොඳට පාලනය කරන්නෙ නැහැ. දූෂණ වැඩ කෙරෙනවා. රජයට ගත්තු වතුවල අඩුපාඩු තියෙනවා. හොරකම් කෙරෙනවා. පුද්ගලයන් අත තිබුණ කාලෙ වගේ මනා පාලනයක් නැහැ. නියම විදියට පාලනයක් නැත්නම් සමාජවාදය ඉතාමත් ම භයානක වාදයක් වෙනවා. භයානක ක්‍රමයක් වෙනවා.”

    “බහුතර ජනතාවට අපි කෝකත් කරන්නෙ තමුන්නාන්සේලාගේ ප්‍රයෝජනයට. තමුන්නාන්සේලා ධනපතියන් වෙනවා නම් සන්තෝෂ වෙනවා. ධනපති ක්‍රමයට අපි විරුද්ධයි. නමුත් ධනපතීන්ට විරුද්ධ නැහැ. ධනපති ක්‍රමය කියන්නේ සටනකින්, ලේ වැගිරීමකින්, එක් එක්කෙනා පාගලා සූරා කාලා, කඩා වඩාගෙන තමන්ගෙ දියුණු වීම පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තමන්ගෙ කර්මාන්තශාලාව ගැන පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තම තමන් පෞද්ගලිකව දියුණු වීම ගැන පමණක් තණ්හාධික ලෙස ක්‍රියා කිරීම. ඒ ක්‍රමයට (අපි) අකැමැතියි. ඊට ඉඩ දෙන්නෙ නැහැ. නීති මාර්ගයෙන් සේවකයන්ගෙ ජීවිත ආරක්ෂා කිරීමට, පඩිය ආරක්ෂා කිරීමට, රැකියා ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ දුප්පතුන් ධනපතීන් වීමේ වැරැද්දක් නැහැ. සමාජවාදී ආණ්ඩුක්‍රමයක් යටතෙ ධනපතීන් නැහැ…..”

    ලංකාවේ මෑත කාලීන 1977න් පසු 2005 පමණ වනතෙක් පැවති සමාජ ආර්ථික ක්‍රමය තේරුම්ගැනීම සඳහා එම කතාව අතිශය වැදගත් වේ. ජේ.ආර්. විදේශ ආයෝජනවලට ලංකාව නැවත විවෘත කළ අතර කලින් පැවති ආණ්ඩු විසින් වන්දි ගෙවා රජයට පවරාගෙන තිබුණු වතු සමාගම් වැනි ඇතැම් ව්‍යවසාය නැවත පෞද්ගලික බදුදීමට කටයුතු කළා.

    ReplyDelete
    Replies
    1. Cooperatives (සමුපකාර) are businesses owned by “member-owners”. Co-ops are democratically controlled by their member-owners, and unlike a traditional business each member gets a voice in how the business is run. Services or goods provided by the co-op benefit and serve the member owners.

      ලංකාවේත් ලෝකයේ බොහෝ සමාජවාදී යයි කියන රටවල වුණා සේම සමුපකාර රජය විසින් ම අල්ලාගෙන තවත් එක් රාජ්‍ය ව්‍යවසායක් බවට පත් කර තිබිණි. ඒවා සමුපකාර වූයේ නමට විතරය. සමගි පෙරමුණු සමාජවාදී රජය සමුපකාර සංකල්පය ම කාබාසිනියා කර දැමූ අතර ඉන් පසු පැමිණි ජේ.ආර්.ගේ ආණ්ඩුව ද එය ඒ අන්දමින්ම පවත්වාගෙන ගියේය. මෙම විවිධ සේවා සමුපකාර සමිති දැන් මරණ මංචකයේ සිටියත්, තවමත් ඒවා නිදහස් වෙළඳපොළ තරගකාරීත්වයට බාධාකාරී වන, මහජන මුදලින් අයුතු වරප්‍රසාද ලබන ඵලදායී නොවන රාජ්‍ය ව්‍යවසාය වේ.

      ලංකාවේ ආර්ථිකය 1956ට කලින් පැවති මේ රටේම ආර්ථිකයට සාපේක්ෂව තවමත් එතරම් විවෘත නැත. පෞද්ගලික දේපල රජයට පවරා ගනිමින් හා අලුතින් පිහිටුවන ලද සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදිය වෙළඳපොළ ප්‍ර‍මුඛත්වය ලබාදීමට අමතරව ඇතැම් ඒවා ඒ ක්ෂේත්‍ර‍වල ඒකාධිකාරයන් බවට ද පත්කරන ලදී. මෙම තත්වය තවමත් අඩු වැඩි වශයෙන් පවතී.

      ලංකාවේ රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකය විවෘත කිරීමේ සංකේතාත්මක අවුරුද්ද ලෙස සමගි පෙරමුණු රජය පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි 1977 අවුරුද්ද සැලකිය හැකි වුව ද, එම විවෘත කිරීම පවා ඉතා සාපේක්ෂ එකකි. තවමත් රාජ්‍ය අංශය ඉතා ශක්තිමත් වන අතර රාජ්‍ය ව්‍යවසාය සිල්ලර වෙළඳාම දක්වා බොහෝ ව්‍යාපාරයන්හි යෙදී සිටියි.

      බලශක්ති, ජල සම්පාදනය වැනි අංශයන්හි රාජ්‍ය ඒකාධිකාරයන් තවමත් පවත්වාගෙන යන අතර රාජ්‍ය මුල්‍ය ප්‍ර‍තිපත්ති සම්පාදනයේදී රාජ්‍ය බැංකු වැනි ව්‍යවසායන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවධානය යොමුකරනු ලැබේ.

      උදාහරණ ලෙස ලංකාවේ පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේ ප්‍රබල බාධකයක් ලෙස සැලකෙන්නේ ඒකාබද්ධ කාලසටහන් සම්බන්ධයෙන් ලංගම දක්වන විරෝධයයි. එමගින් ලංගම බිඳවැටී එහි සේවය කරන විශාල පිරිසකට රැකියා අහිමි වේය යන පදනමින් රජය එම ක්ෂේත්‍රයට තීරණාත්මක මැදිහත් වීමක් කරන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු ප්‍රවාහනයේ දැඩි අවිධිමත් බවක්, අනවශ්‍ය තරගකාරීත්වයක්, දැඩි සම්පත් නාස්තියක් හා අකාර්යක්ෂමතාවක් නිර්මාණය වී තිබේ.

      වර්තමාන අර්බුදය වෙත අප ආපසු යොමු වුවහොත්, ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් හෙවත් ක්‍රම වෙනස තිබෙන්නේ කොතැනදැයි අවබෝධ කරගත හැකි, ලංකාවේ අර්බුදයේ කොටස් දෙකකි.

      01. අපනයන ඇතුළු ආදායමට වඩා ආනයන වියදම වැඩිවීමයි.

      02. රාජ්‍ය ආදායම මෙන් දෙගුණයකටත් වඩා රජය වියදම් කිරීමයි. එම වියදම පියවාගැනීම සඳහා මාස් පතා ණයගැනීමෙන් දේශීය හා විදේශීය වශයෙන් රටම ණයවී අන්තිමට ණය ගෙවාගැනීමට ද බැරි විය.

      බදු ආදායම සහ රජයේ වියදම අතර තිබිය යුත්තේ අතිරික්තයකි. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 01 ක් වත් විය යුතුය. රජයේ ආදායම වියදමට වඩා වැඩි විය යුතුය. එහෙත් දැන් තිබෙන්නේ හිඟයකි.

      A. දැන් රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5කි. (1,500 billion LKR)

      B. රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.5කි. (3,500 billion LKR)

      රජයේ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙයි. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙයි.

      රාජ්‍ය වියදම් අවම කිරීමේදී පාඩුු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කළ යුත්තේ කුමන දෙයක් ද යන්න වැදගත්ය. මේ සම්බන්ධයෙන් වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ උපදේශක සභාපති හා අධ්‍යක්ෂ රවී අබේසූරිය, ලංකාදීප පුවත්පතේ ලිපියක මෙසේ පවසයි:

      “නිල දත්ත පෙන්නුම් කරන්නේ රාජ්‍ය ආයතන අතරින් (SOEs) ආයතන පහක් 2022 මුල් මාස 4 තුළ රුපියල් බිලියන 931ක්, පාඩු ලබා ඇති බවය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නිසා ජනතාව මත පැටවී ඇති බර ඉවත් කළ යුතුය. එක් විකල්පයක් වනුයේ වඩා හොඳ පාලනයක් සහ රාජ්‍ය ව්‍යවසායවල වගවීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ සියලුම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ලැයිස්තුගත කිරීමයි. අනෙක් විකල්පය වන්නේ සිංගප්පූරුවේ Temasek පදනම හෝ මැලේසියාවේ Khazanah Nasional Berhadවැනි සමූහ ව්‍යාපාර ආයතනයක් පිහිටුවීමයි. අමාත්‍යංශ ප්‍රතිපත්ති සහ නිසි නියාමනය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.”

      ලංකාවේත් සිස්ටම් චේන්ජ් පටන්ගන්නට සිදු වන්නේ මෙතැනිනි. තව බොහෝ දේ කළ යුතුය. ඒ ගැනත් පස්සේ කාලය අමාරුවෙන් හොයාගෙන සාකච්ඡා කරමු.

      Delete
  2. චන්දිම,

    ලංකාවේ සමාජ ජාල වල මේ දවස්වල විශාල වශයෙන් කතා වෙන කාරණයක් තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් ලංකාවට ආපසු පැමිනෙද්දී ඔහු පිළිගැනීමේ අවස්ථාවක් සූදානම් කරමින් සිටින එක මේකට හිතුවාට වඩා අති විශාල පිරිසක් සහභාගි වන බවත් පේන්න තියෙන්නෙ මොකද බොහෝ දෙනෙක් පවසන්නේ ඔහුව ඉවත් කිරීම ඇමරිකානු විදේශ සැලසුම් සහගතව කළ බලහත්කාරයෙන් රෙජීම චේන්ජ් එකක් බව අනෙක් පැත්තෙන් චීන සහ පකිස්ථානු රුසියානු බල කඳවුරේ බලපෑම් මත ලංකාවේ විකල්ප දේශපාලනික බල කඳවුරක් ඉතා සක්‍රීය වශයෙන් ගොඩනැගීම මේ දිනවලදී භූමි මට්ටමේ දකින්න පුළුවන්

    ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය සහ පෙරටුගාමී ඇතුළු විශාල පිරිසක් මේ වන විට නැවත පසුබැස යන්නට ගිහින්

    දැනට සමාජ ජාල වල කට්ටිය කියලා තියෙන විස්තර වලින් කියවෙන්නේ ලබන 24 වන දා හිටපු ජනාධිපති නන්දසේන කටුනායක ගුවන් තොටුපල හරහා ලංකාවට පැමිණෙන විට විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට යාමට සැලසුම් කර ඇතිබව මේක පරාජය කිරීමට අවශ්‍ය කටයුතු කවුරුත් සූදානම් කරලා නෑනේ තාමත්?

    සමාජ ජාල ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ දූෂිත කල්ලියට හිතවාදී පිරිසක් විසින් මෙම කටයුත්ත ප්‍රවර්ධනය කරමින් සිටී. නමුත් මීට එරෙහිව සටන් කිරීමට කවුරුත් ඉදිරිපත් නොවුනොත් බොහෝ විට මේක සාර්ථකව නැවතත් රාජපක්ෂ කල්ලියේ පවුල් පාලනය ආරම්භ වීමටත් 2024 දී ඔවුන් නැවතත් රනිල් සමග ඩීල් එකක් දාගෙන බලයට පත් වීමටත් බොහෝ දුරට ඉඩ තියෙනවා මේක වලක්වා ගැනීම සදහා අප අනුගමනය කළ යුතු මොනවගේ උපක්‍රමයක් ද?

    ලංකාවේ පහුගිය කාලේ පැවති ජන අරගලය අවසානයේදී ඇතිවූ ක්‍රියාවන් නිසා ඒ ගැන ජනතාව විශාල වශයෙන් කලකිරීමට පත් වූ බැවින් එයට මහජන සහය නැවත ලැබෙන එකක් නෑ තව බොහෝ කාලයක් යනතුරු, ඒ නිසා නැවත අලුත් මුහුණුවරක් යටතේ ආරම්භ කළ යුතු ජනතා ක්‍රියාකාරීත්වයේ ස්වභාවය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට?

    ReplyDelete
  3. බෝබැක් කන්ද මුදුනේ හිම වැටෙන මිටියාවතේ ඇමරිකන් සමලිංගික ගොපලු තරුණයන් දෙදෙනාගේ සමරිසි ආදර අන්දරය බෝබැක් මවුන්ටන්. අදම කියවන්න. වැඩිහියන්ට පමණයි.

    -රසික සූරියආරච්චි,
    සංස්කාරක, ගිනිසිසිල වැඩිහිටි සඟරාව
    සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය
    නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව

    ReplyDelete