Saturday 16 July 2022

වසර 2500 ක මෙව්වා එක


ලාංකිකයා ඒකාධිපති ලක්ෂණ සහිත රජෙකු යටතේ සිටි වසර 2500 පමණ කාලය හා සසඳන විට මහජන නියෝජිත ක්‍රමය යටතේ සිට ඇත්තේ වසර 75 ට අඩු කාලයකි. ජන සමුහ විඥානය පිළිබඳව හැදැරීමේදී අපට වැටහෙන කරුණ නම්  ඔවුන්ගේ මානසික විභවය වෙනස් කිරීමට මේ සුළු කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. යුරෝපයේ රටවල් බොහොමයක මේ කාලය වසර 1000-1500 ක් පමණ වන අතර ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රටවල රජ ආණ්ඩු පැවතුනෙම නැත. යුරෝපයේ රාජාණ්ඩු පෙරලුණේ බොහෝ විට මිනිසුන් එයට එරෙහිව නැගී සිටි බැවිනි. නොඑසේ නම් පළවන සහ දෙවන ලෝක යුධවල කුරිරු අත්දැකීම් එයට බලපෑවේය. චීනයේ සහ රුසියාවේ රාජාණ්ඩු පිළිබඳව ජන විඥානය වෙනස් කෙරුණේ අතිශයින් දරුණු මර්දනයක් තුලිනි.

එහෙත් ලාංකිකයා කිසි දිනෙක රජෙකු එපා කිව්වේ නැත. ඔවුහු රජුන් යටතේ යම් පමණක වහල් - සුරක්ෂිතභාවයක් ඇතුව දිවි ගෙවීමට පුරුදුව සිටියහ. ඇමරිකාවේ වහලුන් පිළිබඳවද අප්‍රිකාවේ නොයෙකුත් ගෝත්‍ර පිළිබඳවද කල අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් ඒකාධිපති ස්වරුපයේ පුද්ගලභාවයකට නතුවී සිටි ජන සමුහයක් එම ඒකාධිපති ක්‍රමයේ වද වින්දන වලට හුරුවෙමින් එයද සැපතක් බව විඥානගත කරගන්නා බවයි. ලංකාවේ උගත්-නූගත් වෙනසකින් තොරව මේ මනෝභාවය ජනගත වී ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කල හැක. 

ඇමරිකාවේ වහළුන් නිදහස් කරගැනීම සඳහා සටන් කල සමහර නායකයන්ට වහලුන් අතින්ම මිය යාමට සිදු වුනේ මේ නිසාය. මහාචාර්ය නලීන් ද සිල්වා, විමල් වීරවංශ වැනි අය ආමන්ත්‍රණය කලේ ලාංකිකයාගේ මේ සැඟවුණු මනෝභාවයටයි. ලංකාවට අත පොවන විදේශ බලවතුන් පවා මේ වන විට මේ ලාංකික සමුහ මානසිකත්වය හොඳින් හදාරා ඇති බව මම පෞද්ගලිකවම දනිමි. ඔවුන් තමන්ට වාසියක් ඇත්නම් නිරතුරුවම ඔබටත් නොදැනී මේ නිලය විටින් විට අල්ලනු ඇත.

ලංකාවේ මේ රාජාණ්ඩු ක්‍රමය වෙනස් කලේ සුද්දාගේ උවමනාවටය. එබැවින් තවමත් ලාංකිකයාගේ පෞද්ගලික විඥානය මෙන්ම සාමුහික ජන විඥානය තුලද රජෙක් නොමැතිවීමේ සාංකාව හොල්මන් කරයි. මේ නිසා ඔවුන් නැවතත් රාජපක්ෂ පන්නයේ පාලකයෙකු සෙවීම අතහරී යයි මම සිතන්නේ නැත. මෙය වැලක්වීමට නම් අති විශාල ප්‍රයත්නයක් දැරිය යුතුය. 

එහෙත් එය වැළක්විය යුතුද? මේ පැනයට ඔබම පිළිතුරු සොයා ගන්න. 


                 

6 comments:

  1. Jagath Pathirana16 July 2022 at 02:36

    අනුරාධපුර පොලොන්නරු යුග තුල ලංකාවේ හලාවත සිට ත්‍රිකුනාමලය දක්වා යට කොටස පාලනය වුනේ ප්‍රාෙද්ශ්‍රීය නායකයන් අතින්.
    මහනුවර යුගයේ අග භාගයේ තමයි රාජාන්ඩු ක්‍රමය සමාජයට කාවැදුනේ.

    ReplyDelete
  2. Mayya මයියා16 July 2022 at 02:57

    //ලංකාවට අත පොවන විදේශ බලවතුන් පවා මේ වන විට මේ ලාංකික සමුහ මානසිකත්වය හොඳින් හදාරා ඇති බව මම පෞද්ගලිකවම දනිමි. // ඔව් උදාහරණයක් ලෙස ලංකාවේ සංඝ samaajaya

    ReplyDelete
  3. Democracy needs time to take root as a culture.

    ReplyDelete
  4. @ Chandhima,

    ලංකාවේ රාජාණ්ඩු මානසිකත්වයක් තියෙනවා යැයි කීම නම් මෝඩ කතාවක්, එහෙනම් 2014 මැදමුලන මයිනා කුජීත ලෙස පැරදීම, 2019 - 20 රනිල් හාමු ඇපත් නැති වීම වගේම 2022 මයින ගහල පන්නපු එක 2019 විශාල ප්‍රතිශතයකින් දිනා බලයට ගෙනා යුද විරුවෙක් වෙන නන්දෙව ඒ මිනිසුම අවු දෙකකදී ගහල පන්නපු එක වගේ දේවල් වෙන්නේ ලංකාව සෑහෙන ඩිමොක්‍රටික් රටක් වීමත් රනිල්ගේ ක්‍රමය වන හදිසි නීතිය වගේ දේවල් පාවිච්චි කරන්නට බැරි වුන නිසාත්, ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නට සිදුවුන නිසාත්, සාමාන්‍යයෙන් සිදුවෙනවා වගේ අධි මාත්‍රාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෙවන්නට සිදුවන මිල ගෙවන්නට වීමත් නිසයි, හැබැයි රනිල් මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු බරක් තියල නැහැ.

    2022 නව ජනාධිපති ඡන්දෙන් රනිල් දිනු එක සෑහෙන හොඳයි

    හැබැයි වැරදිලා හරි රටේ අවාසනාවට ඩ්ලස් දිනුවනම්….

    ඊට පස්සෙ මොනවද කරන්නෙ කියල ඒගොල්ලො සති ගනන් කල්පනා කරයි. අගමැතිකමට සජිතුයි, ජීඑල් පීරිසුයි බල්ලො වගේ පොරකයි. අට්‍ර දෙකයි පනගේ සිඟිති මානසිකත්වයෙන් මන්දිර අල්ලගෙන ගොන් ආතල් දෙන අරගලකරුවන්ගෙන් උපදෙස් විමසයි. කුමාර්රයියයි, ඉස්ටාලිම් අයියයි, වසන්ත මල්ලියි කියන විදියට මොකුත් කරගන්න බැරුව ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ටික දවසක් ඉඳියි. අවිනිශ්චිතභාවය නිසා අයිඑම්එෆ් සාකච්ඡා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇණහිටියි. බංකොළොත් විශේෂඥ නන්දලාල් මටබැහ් කියලා මාරුවෙයි. මල්වත්තේ අස්ගිරියේ ආශිර්වාද ඇතුව රාජපක්ෂ පොහොට්ටුවේ නායකත්වයෙන් දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි වි⁣රෝධී සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රැල්ලක් නැගිටියි. අරගලය ඒකට යටවෙයි. සමහරවිට ගෝටා තමන් අස්වුණේ බියවැද්දීම් නිසාය කියලා තනතුරට නැවත ක්ලේම් කරයි. මේ අස්සෙ මොනව හරි කරන්න හිතෙනකොට මොකුත්ම කරගන්න බැරි තත්වයක් තියෙයි.

    මෙලෝ වැඩක් බැරි කටින් බතල හිටෝන අනුර දිනුවොත් කියන එක කල්පනා කරන්න පැට්‍රෝල් පුච්චන එකේ තේරුමක් නැහැ.

    රනිල් ලංකාව ගෝලීය ධනවාදය එක්ක ප්ලග් වෙලා අර්බුදය සමනය කරගෙන ධනවාදී විදියට වෙනස් වෙයි.

    ඩලස් දිනුවොත් ඇත්තෙන්ම ඒකත් විප්ලවයක්. ඩලස් කියන්නෙ මොකක්ද කියල හොයාගන්න හදනකොටම ලංකාවට කටවුට්ටෙකෙන් ගහල ගිහින් ඉස්තිරවම ලයිට් යයි.

    නමුත් ලංකාවේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී විසඳාගත යුතු ගැටලූ රැසක් පවතී. ඉන් එකක් වන්නේ නව රජයේ ස්වභාවයයි. දැනට පවතින මධ්‍යගත පාලනය වෙනුවට සන්ධීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු යැයි සාමාන්‍ය එකඟතාවක් පවතින නමුත් සන්ධීය ඒකක වෙන් කිරීමේ නිර්ණායක ගැන බොහෝ මතභේද ඇති නිසා ඒ ගැන පුළුල් සංවාදයක් අත්‍යවශ්‍යයි.

    ReplyDelete