Friday 29 April 2022

අහෝ විපක්ෂය


සුළු උද්ඝෝෂණ කිහිපයක් දැක කපුටෙක් මරා එල්ලනවා කී ඇමති වර්තමානයේ නිකම්ම මන්තිරිය. දැන් සද්ද නැත. ඔහුට සමහර විට ඔහු කී කපුටා ඔහුමදැයි සිතෙනවා විය හැක.

හිරුණිකා ජනපති මැදුර අසල පෑ විරෝධයට එරෙහිව තවත් මන්ත්‍රී කෙනෙක් බේබදු නඩයක් සමග ඇහේ නිවස ඉදිරියට ගියේ අපිට කලොත් අපි ඊට වඩා කරනවා කියමිනි.  දැන් අගමැති නිල නිවසේ තාප්පය උඩට නැග කොල්ලෝ කුරුට්ටෝ හූ කියති. චන්ඩි මන්තිරිට වෙච්ච දෙයක් නැත.

තමන් කියන දේ සර්කියුලර් යැයි පැවසූ ජනාධිපති අන්ද මන්දව එකම කුට්ටම හතර අතේ අනයි. මුළු කබිනට්ටුවම ගෙදර යවයි. ඉන්පසු තවත් විලම්භීතයක් තනයි. දැන් මොකක්දෝ සර්ව ලෝක පුට්ටුවක් සැදීමට තතනයි. 

රොෂේන්ලා, ඇන්තනීලා මරා දැමූ ඝාතකයන් තවමත් නිදල්ලේය. එහෙත් රඹුක්කන ඝාතනයට අණ දුන් කීර්තිරත්න ඇතුළු ඝාතනය සිදුකල කොස්තපල්ලා අද රිමාන්ඩ් බාරයේය. ඔවුන් රෝහල්ගතවීම තේරුම්ගත හැක. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අනෙකුත් සැකකරුවන් මේ පොලිස්කාරයන්ට ඉතා සුහඳශිලිව සංග්‍රහ කිරීමට ඉඩ ඇත. 

මේ සියල්ල සිදුවන්නේ ජන අරඟලයට පිංසිදුවෙන්නය. මෙතෙක් කල් විපක්ෂයේ පාර්ශව මහා පෙළපාලි, රැලි, උද්ඝෝෂණ පැවැත්වීය. ආණ්ඩුව ඒවා සත පහකට ගණන් ගත්තේ නැත. එහෙත් ජනතාවගේ නැගිටීම රජයට දරන්නට නොහැකි විය. අවශ්‍යතාවය ඇත්නම් කල නොහැක්කක් නැති බව අවසානයේදී රටේ තරුණ පෙළ පෙන්වා දුන්නේය.

ජන අරඟලය එලි බසින්න එළිපත්තේ තිබියදී විපක්ෂයේ මූලික පාර්ශව දෙකම අනාගත්තේය. අසංවිධිත රැළි වලට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවද, ඒවාට සහභාගිවෙන්නනන් වෙත භයානක ප්‍රතිඵල ලැබිය හැකි බවද ඔවුන් කීය. එය දුටු සැනින් මා කීවේ මෙය hero to zero වෙන කතාවක් බවයි. ඔවුන් උත්සහ කලේ තමන් නැතුව ජනතාවට දෙපයින් හිට ගත නොහැකි බව ඒත්තු ගැන්වීමටයි. අරඟලය අසාර්ථක වුවා නම් ඔවුන් "ඕකනේ අපි කිව්වේ" කියා කියනු ඇත. අද ඔවුන් තමන්ද අරඟලය තුල සිටින බව පවසයි. නමුත් ජනතාව ඔවුන්ව අරඟල භූමියට වැද්ද ගන්නෙවත් නැත. මෙය ඇත්තෙන්ම ඛේදවාචකයකි. ඔවුන් අරඟලය තුල මුල සිටම සිටියා නම් එය තවත් ශක්තිමත් වනු ඇත.

අද පාර්ලිමේන්තුව තුල system change එකක් කිරීමට විපක්ෂය දරන්නේ බෙලහීන උත්සාහයකි. ඔවුන්ගේ අනුගාමිකයන් පවා "අපිට තියෙන්නේ ආසන මෙච්චරයි. අරගොල්ලනට අච්චර තියෙනවා" වැනි ශෝකාලාප දොඩවයි. එහෙත් පාර්ලිමේන්තුවේ එක ආසනයක්වත් නැති තරුණ පෙළ දැනටමත් විශාල වෙනස්කම් රැසක් කර ඇත. චන්ඩි දේශපාළුවන් බොහෝ දෙනෙකු දණ ගස්වා ඇත. යහපත් ව්‍යවස්ථාවක් ගෙන ආවොත් එයට එරෙහි වීමට මේ අවස්ථාවේදී බොහෝ දේශපාළුවෝ බිය වෙති. එවන් ලියවිල්ලක් ගෙන ඒමට විපක්ෂයද බිය වූ සේයකි.

මේ ලිපිය ලිව්වේ විපක්ෂයට පහර දෙන්නට නොව ඔවුන් අවදි කිරීමටයි. මේ තීරණාත්මක අවස්ථාවේ ඔබ ගන්නා පියවර රටේ මෙන්ම ඔබේ පක්ෂයේද ඉරණම විසඳනු ඇත. 

12 comments:

  1. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වාසය කරන අරගලකරුවන් වඩාත් ප්‍රවේශම් විය යුත්තේ විදෙස් රටවල සිට අරගලය මෙහෙය වන අයුරු ගැන උපදෙස් දීමට එන අයවලුන්ගෙන්ය.

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නේ නැති සරල කාරණේ තමයි මේ මුළු අරගලයම නිර්මාණය වුනේ විදේශ රටවල ඉන්න ලාංකිකයන් අතින් කියන එක. ලංකාවේ ඉන්න තරුණ පෙලට හුගක් දේවල් කරන්න ශක්තිය තියෙනවා. ඒත් ඒ දේවල්වලට නිර්මාණාත්මක ආරම්බයක් දෙන්න විදේශගත දැනුම, අත්දැකීම් අවශ්‍යයයි. නැත්නම් මෙච්චර කල් ඇත්තටම ලංකාවේ මිනිස්සු කොයිතරම් පෙළපාලි ගියාද රාජපක්ෂලාට විරුද්ධව. ලිපියේ තියෙනවා වගේම ඒ කිසි දෙයක් ආණ්ඩුව තඹ සතේකට ගණන් ගත්තේ නැහැ නේද?

      අරගලය ඔයාල හුඟ දෙනෙක් හිතනවට වඩා ගැඹුරුයි. ඒකට ලෝකේ ගොඩක් රටවල් වලින් මොළේ පොම්ප වෙනවා.

      Delete
    2. David R Silva ට නොතේරෙන දේ තමයි මම කියලා තියෙන්නේ 'මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වාසය කරන අරගලකරුවන් වඩාත් ප්‍රවේශම් විය යුත්තේ විදෙස් රටවල සිට අරගලය මෙහෙය වන අයුරු ගැන උපදෙස් දීමට එන අයවලුන්ගෙන්ය. ' කියලා මිසක් අරගලයට සහය දක්වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියා නොවන බව.

      Delete
  2. මෙම මාතෘකාවට අදාල නැති නමුත් ලංකාවේ වැදගත් දෙයක් තියෙනවා ඔබට කීමට, මාසයකට පමණ පෙර උදර ප්‍රදේශයේ සහ කොන්දේ ඇති වූ වේදනාව නිසා මා පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න යනවා(මොහු ජාතික කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නෙක්) .. මා විසින් ඔහුට මාගේ අපහසුතාවය පැහැදිලි කරන අතර ඔහු හූ මිටි දෙමින් මොනවදෝ ලියන බවක් පෙනිණි. මම සහ ඔහු අතර පරතරය අඩි 6 පමණ වූ අතර, ම පරික්ෂා නොකරම ඔහුගේ නිගමනය වූයේ මාහට මුත්‍රාගල් පවතින බවය. ම්ම පෙරලා පැවසුවේ ඔහුට මුත්‍රාගල් ඇති අවස්ථාවකදි වේදනාව මා හදුනන බවත් මෙය ඊට වඩා වෙනස් බවත්ය. මීට පෙර හැදි තිබේද ඔහු ඇසූ අතර මා පැවසුවේ 12mm පමණ ගල් දෙක තිබු බවය. එවිට ඔහු බෙහෙත් කලේ කොහෙන්ද ඇසු විට දේශිය වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත් බවත් එය සම්පුර්ණයෙන්ම සූව වූ බවත් මා පැවසීය. ඔහු කියා සිටියේ එයාලට පුලුවන්ද අනේ ඕවට බෙහෙත්කරන්න කියාය( 2010 දි පමණ 1mm හා 2mm දෙකක පමණ ගල් දෙකක් තිබූ අතර ඒ සදහා ප්‍රතිකාර ගත් අතර එය 12mm පමණ දක්වා වසරක් තුලදි වර්ධනය විය. රෝගී තත්වය ඉතා දරුණු ඌ අතර මා හට 200mg පටන් ගෙන 400mg දක්වා වේදනානාශක පෙති නියම කරන් ලදි.. මාස 3ක් පමණ වේදනානාශකවලින් ජීවත්වීමෙන් පසු මා ලංකාවට පැමිණියේ වැඩිදුර ප්‍රතිකාර සදහාය. මාස එකහමාරක් පමණ ලංකාවේදීද ප්‍රතිකාර කල අතර වේදනාවේ හෝ ගලෙහි කිසිදු වෙනසක් නොබු බැවින් නැවත හිත හදාගෙන රැකියාවට පිටත් වූ අතර අහම්බෙන් මා හට පාරම්පරික වෛද්‍යවරයෙක් ගැන අසන්නට ලැබිණ. ඔහු ජිවත් වූයේ අපේ නිවසේ සිට 400mm පමණ දුරින්. මා ඔහු හමු වීමට ගිය අතර පසුවදා උදේ සිට ප්‍රතිකාර පටන් ගත් අතර ඔහු විසින් බෙහෙත් ආලේප කර කරන ලද තැවිලි වලින් සහ බීමට ලබා දුන් ඖෂධ මගින් පලමු දිනය නිමාවන විට මාගේ වේදනාව යම්තාක් දුරට පහ වූ අතර දින 4ක් එක දිගට ප්‍රතිකාර කරන ලදි. ප්‍රතිකාර නිමාවන විට මාගේ වේදනාව සම්පුර්ණ පහ වූ අතර බය නැතිව රැකියාවට යන ලෙස ඔහු පැවසිය. ඊට දින දෙකකට පසු මා නැවත් රැකියාවට පිටත් වූ අතර හරියටම සතියක් යාමට පෙර එම ගල් කිසිදු වේදනාවකින් තොරව පහ විය). වේදනාව පවතින ප්‍රාදේශය හෝ පරීක්ෂා නොකර ඔහු පැවසුවේ මා හට අනිවාර්යයෙන්ම ගල ඇති බවය. ඒ අතර KUB, Serum creatinine , x-ray ආදි වශයෙන් ටෙස්ට් කිහිපයක් කරගෙන පැමිණෙන ලෙස ලියා තිබුණේය. ඒ සදහා වැය වූ මුදල 18,000ක් පමණ විය. ඒ සමග මා ඔහුට පැවසුවේ නින්දෙන් නැගිටින විට කොන්ද කෙලින් කිරීමට අපහසු බවත් පැත්ත හැරි අත් දෙකෙන් වාරු ගෙන පමණක් නැගිටිය හැකි බවත් පිටකොන්ද හිර වී ඇති බවක් දැනෙන බවත්ය. එවිටද ඔහු පැවසූයේ එය මා නිදියන ඉරි අව්වේ වැරැද්දක් විය හැකි බවත්ය. මා ඔහුගෙන් එය ගෑස්ට්‍රිස් තත්වයක් වෙන්න බැරි බවද කියා ඇසු විට ඔහු පැවසුවේ එය එසේ නොවන බවය. කෙසේ හෝ පර්යේෂණ සියල්ල සිදු කොට සතියකට පමණ පසු නැවත ඔහු ව හමූ වීමට ගිය අතර, එහි සිටි හෙදිය විසින් x-ray එක හැර අනෙක් වාර්ථා ටික දෙන ලෙස ඉල්ලා සිටියා. ටික වෙලාවකින් මා හට කතා කල අතර වෛද්‍යවරයා කියා සිටියේ " මම මේ බැලුවේ පුංචි ගලක් හෝ තියෙනවාද කියලා" යනුවෙන් පවසන ලදි. එවිටද මා පැවසුවේ මාහට මුත්‍රාගල් නැති බව මා දැන් සිටි බවත් එය ගැස්ට්‍රයිටිස් තත්වය්ක් විය හැකි බවත්ය. Xray එක ඕනෙ නෑද්ද කියා මා ඇසු විට ඒක බලා ගැටලුවක් නැතිබව පැවසීය . මා ඒ වන විටත් පාරම්පරික වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ගත් අතර ඔහු පැවසුවේ ආමවාතය නිසා ඇති වූ වේදනාවක් බවය. එම ඖෂධ ගැනීමෙන් පසු පැවති අපහසුතාවය පහව ගොස් තිබිණ.
    මොහු සමග ඇති වු කතා බහේදි මට හැගුනේ මොවුන් කුමන විශේෂඥයන් උවත් තමන්ගේ රාමුවෙන් පිට සිතිය නොහැකි බවත්, රෝගින් සුරාකෑම ඒකායන අරමුණ බවත්, ඔවුන් දන්නා දේට වඩා යමක් මේ ලොව තුල පැවතිය නොහැකි යන මතයේ සිටින පිරිසක් බවත් පමණි.

    ලංකාවේ පෞද්ගලික රෝහවල්වල චැනලින් යන බොහොමයක් විශේෂඥ වෛද්‍යවරුන් රෝගියාට ගුණාත්මක සේවයක් සපයනවාට වඩා ඔලුගෙඩි ගණනට පමණක් ප්‍රමුඛත්වය දෙන ගිජු ලිහිණියන් පිරිසක් බව මගේ හැගීම. මේය මා කිහිප වතාවකදීම අත්විද ඇත.
    හොරකම් කරන්නේ දේශපාලුවන් පමණක් නොව ජනතාව හූරගෙන කන මෙවැනි පුද්ගලයන් පුටු දැකිය යුතුයි..

    මේ වන විට රජයේ රෝහල්වල බොහෝ පර්යේෂණ ඇන සිටඇති බැවින්, පෞද්ගලික රෝහල් සහ එහි සේවය කරන වෛද්‍යවරුන් ඔබව නිසැකවම සුරා කනු ඇත. හැකි විටම රෝගවලින් වැලකී සිටීමට උත්සහ කරන්න, බැරිම උවහොත් පමණක් රජයේ රෝහලකට යන්න.හැකි පමණින් එහි සිටින වෛද්‍යවරුන් , හෙදියන් ඇතූලු අනෙකුත් සේවකයින් ඔබට සේවය සපයනු ඇත. මා වරක් එය අත්විද ඇති අතර ඒ පිළිබඳව අතිශයින්ම තෘප්තිමත් විය.

    ReplyDelete
  3. පාරම්පරික ලෙස දිගටම සටන් කළ
    හින්දා අනේ, පෙර අරගල වුණා අල
    දැනුමෙන්, තාක්ෂණයෙන් සන්නද්ධ කළ
    මොළයෙන් ගහති, දැන් කොල්ලන් බලා නිල

    උන්ගේ ජවය නොසිඳෙන මහ උල්පතකී
    අවංක බව රටටම සෙත සදන්නකී
    එකමුතු මුතු දමෙන් සැරසුණු පෙරමුණකී
    මේ අරගලය ජය ගන්නම කෙරෙන්නකී

    ReplyDelete
  4. විපක්ෂයේ මූලික පාර්ශව අල වුණා, මුන් ඔක්කොටම ඕනෙ මුදුනා වෙන්න ,, අන්තිමට රාජපක්සල වගේම තමයි , බලයට කවුද අකමැති ???

    ReplyDelete
  5. චන්දිම බොස්, ඇත්ත්ටම රටට හරි හමන් විපක්ෂයක් නැති එකේ ශාපය තමයි මේක. රාජපක්ෂලා සේරම දේශපාලනයෑන් පන්නන්න මීටත් වඩා අවස්තාවක් තවත් නෑ. එත් ඊනිය විපක්ෂ කියාගන්න ගොන් රැල තාම කෙකරගගා ඉන්නේ. කිසිම ඉලක්කයක් නෑ.

    පක්ෂ භේදයෙන් තොර පොදු ජනතාව වන අපහැමෝගේම් මේ අරගලය ඉතා වැදගත්. නමුත් මේ අරගලය තුලින් නායකයන් හොයන්න යන එක ගොන් වැඩක්. මේ අරගලයේ අරමුණ විය යුත්තේ, පළමුව රාජපක්ෂ සංහතියම දේශපාලනයෙන් ඉවත් කොට, වියවස්තාවට එකග යම් පාලනයක් කෙටි කාලයක ගෙන ඒමයි, රට මේ තත්වයෙන් යම් දුරකට ගොඩට ගැනීමට. 225ම ඉවත්කළ යුතුයි, 225 කියන්නේ සජිත්ගේ පණස් ගානයි අනුරගේ තුන්දෙනයිත් ඇතුළුව, නමුත් නව ආණ්ඩුවක් අවශ්‍යයි, දක්ෂ කිහිප දෙනෙකුගේ නායකත්වයෙන්. ඒ ඒ අංශ සදහා ප්‍රවීනයන් සොයා භාරදිය යුතුය්. ඒ සැමට සමගාමීව නීති සහ ප්‍රතිපත්ති සකස්කොට, ආණ්ඩුවල වෙනස්වීමට අනුලෝමව වෙනස්නොවන. දූෂණය පිටුදකින ට්‍රාන්ස්පේරන්ට් පාලන ක්‍රමයක් යටතේ නැවත නැතිවූ මහජන ධනය ගෙන්වන ක්‍රමයක් සොයා, දුෂිතයන් සිරගත කල යුතුයි.

    නමුත් අරගලයට බලෙන් රිංගාගේන දැන් එහි විකාර නටමින් සිටින ගොබ්බ යුටියුබර් ලා ටිකකුයි, නිරාගම් කාරයො ටිකකුයි, පට්ට ලිබරල් රැඩිකල් කාරයො ටිකකුයි මේ ඇත්ත අරගලේ විනාශ කරනවා..මුන් බලන්නේ මෙතනින් පොරක් වෙලා පාර්ලිමේන්තු රිංගන්න... වැඩකට නැති නූගත් ,රස්සාවක් නොකරන, එහෙත් හොදට කට හැකර විදිහට කියවන්න පුළුවන් එවුන් හිතන් ඉන්නේ උන් මේ යූටියුබ් කරනවා වගේ රටවල් කරන්න පුළුවන් කියලා . දැන් ගොඩක් බොක්කෙන් ආපු මිනිස්සු මේකෙන් ගැලවිලා..මේක දැන් රස්තියාදු තිප්පොලක්

    ReplyDelete
  6. කපටි රාජපක්ස කල්ලිය තවත් ජල්තරයක් දමමින් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් මෙවර පත්වී සිටින මන්ත්‍රීවරුන් පිරිසක් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ප්‍රකාශ කර ඇති මන්ත්‍රීන් සහ තවත් පිරිසක් එක් කරගෙන මෙම දේශපාලන පක්ෂය පිහිටුවන්නේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළා, නව පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස වත්මන් රජයේ ඉහල ධුරයක් දරන ජේෂ්ඨ නායකයෙකුට ආරාධනා කිරීමටද තීරණය කර ඇත.

    පහුගිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වූ පක්ෂ රැසක් සමඟ නව දේශපාලන පක්ෂය ගිවිසුම් ගත වී සාමාජිකත්වය ලබා ගැනීමට ද තීරණය කර ඇත.

    අනිත් පැත්තෙන් අනුර කුමාර තමයි රාජපක්‍ෂලාගේ ලියන මහත්තයා හෙවත් ලියන්නා. කොටින්ම තමන් සොරාගත් ධනය දේපල කොතරම්ද සහ ඒවා දැනට තියෙන තැන් කොහෙද කියලා රාජපක්ෂලා කියන කම්බා හොර හැත්තටවත් මතක නෑ. ඒත් අනුර ලියන්නා තමයි උන්ගේ ෆයිල් සෙට් එක පිලිවෙලට තියාගෙන රාජපක්ෂලාට ඒවා වරින් වර මතක් කර දෙන්නේ. තව ටික දවසක් ඔය ලියන්නා ඔය ලියනරාල ජෝබ් එක කර කර ඉඳලා හැටේදී පෙන්ෂන් යයි එතකොට අපට හුළන්, ඒ නිසා රාජපක්ෂලාට එරෙහිව අලුත් බලවේගයක් අරඹා නව වැඩ පිළිවෙලක් ඇරඹිය යුතුයි, රාජපක්ශ හොර පවුලේ රූකඩ පක්ෂ වන කල්ලි සියල්ල වගේම ජවිපෙ හෝ සජබෙ නැතුව වෙන ඕන පක්ෂෙකට අපි ඡන්දෙ දෙනවා. අපට දැන් උනුත් එකයි මුනුත් එකයි සහ ෆයිල් නාඩගම් බලල ඇතිවෙලා තියෙන්නේ.

    ReplyDelete
  7. ලංකාවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නමැත්තා විසින් අනුර කුමාරගේ පයිල් සංදර්ශනය බලා ඒ පිළිබඳව නිකුත් කරන ලද නිවේදනයක් පහත දැක්වෙයි.

    "නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට ජවිප නායක දිසානායක විසින් කරන ලද අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන්, 2022 මැයි 3 වන දින අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරනු ලබන ප්‍රකාශය."

    //රජයේ බැංකුකරු ලෙස 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත සිදු කර ඇති අතර, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැත. එවන් ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරන ලද සමාගම් විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද අඩංගුය.

    ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබා දී ඇති ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත, එම ගෙවීම් සිදු කර ඇති අතර, මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කොට ඇත. එබැවින්, රජය වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.5ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදුකිරීමේදී, කිසිදු පරිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝනයක් මහ බැංකුව විසින් සිදුවී නොමැති බව තහවුරු කළ හැක.

    එසේ වුවද, මා විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනික ලෙස සිදු කර ඇති බවටද එමගින් රටට පාඩුවක් සිදු කර ඇති බවටද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් සිටින බව දැනට නිරීක්ෂණය වී ඇත.

    මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5ක් පුරාවටම පාහේ මෙම ගණුදෙණු සියල්ල ගැඹුරින් විමර්ශනය කලද, එසේ කිරීමෙන් පසුව මවිසින් කිසිදු අතපසුවීමක් හෝ නීති උල්ලංඝනයක් කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වුනි. ඒබැවින්, එම වසර 5 ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් මට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපොහොසත් වූ බවද ඉතා පැහැදිලිය.

    එසේ වුවද, මෙම දේශපාලනික කණ්ඩායම් යළිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට සහ මා මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මා තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර, ඔවුන්ගේ ඒම නින්දිත ක්‍රියාවන්ට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත්, මෙම නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒ්වාට වගවීමකට ලක් කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි.//

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  8. @ Chandima,

    ජන මතයට හිස නමලා ජනපති සහ පාර්ලි‌‌මේන්තුව ඉල්ලා අස්ව ගියත් විසඳුමක් නැහැ මොකද පවතින දේශපාලන ක්‍රමය තුළ ඒ වෙනුවට පත්වීමට නියමිත විපක්ෂ කණ්ඩායම් වල අයත් ඊටත් වඩා පොදු මහජනතාව විසින් ප්‍රතික්ෂේපකර තිබෙන දේශපාලන බංකොළොත් චරිත ටිකක්, මේ නිසා රටට අලුත් නායකත්වයක් පත් කරගැනීමට සුදුසු අය බිහිවනතෙක් දැනට සිටින නරක අය සමග මේ ගමන යන්න වෙනවා, ඇතැම් විට 2024 වෙනකම් පවා යන්න වෙයි, කොහොම වුණත් මේ ප්‍රශන විසඳා ගැනීමට අරාජික නොවී රට පවත්වාගත යුතුයි නේද? මේ කාලසීමාව තුළ අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරබා රටට සුදුසු නායකයන් පත්කර ගැනීමට හැකි වෙයි කියා මම හිතනවා තව වසර දෙකක් වත් ඇතුලත මෙය අනිවාර්යයෙන් සිදුවිය යුතුයි.

    ReplyDelete