Thursday 24 March 2022

පිටතින් වැසූ පමණින් වණයක් සුව වේද?


මා ලංකාව සම්බන්ධයෙන් කරන කටයුතු පිළිබඳව දන්නා බොහෝ දෙනෙකුට මා සෑහෙන කාලයක සිට ලංකාව පිළිබඳව පළකරන අදහස් විමතියකි. ඔවුන් ඒවා දකින්නේ අතිශයින් ඍණාත්මක ලෙසයි. මම ඒ ගැන විමසන ඔවුන් බොහෝ දෙනෙකුට ඍජුව පිළිතුරු නොදුන්නෙමි. ඔවුන් බොහෝ දෙනෙකුට එකල මා කරන පැහැදිලි කිරීමක් නොතේරෙන බව මට සහතික විය. මෙකලද තවමත් කිහිප දෙනෙකු ඒ ගොඩේ ඇත.

අපට ඇත්ත ඇති සැටියෙන් නොපෙනවා සිටීමට සිදුවන අවස්ථා ඇත. අසාධ්‍ය පිළිකා රෝගියෙකුට විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරන අවස්ථාවක අප රෝගියාට නිතරම කියන්නේ ඔහු හෝ ඇය ඉතා ඉක්මණින් සුව වන බවයි. මන්ද රෝගියා වෙනුවෙන් කල හැකි උපරිමය කරන බැවිනි. එම වදන් රෝගියා තව එක් දිනක් හෝ සතුටින් තැබීමට බලාපොරොත්තු ගෙන එයි. ධනාත්මක චින්තනය යනු එයයි. 

අනෙක් අතට වෛද්‍ය විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්නා ගොඩ වෙදෙක් ඇතුලටම ඔඩුදුවා ඇති විශාල වණයක් පිටතින් තෙල් බෙහෙත් ටිකක් ගා වසා දමයි. ඒ දකින විට අපට ඉහත ලෙසම රෝගියා සැනසිය හැකිද? ඔබ කුමක් කරයිදැයි මම නොදනිමි. එහෙත් මා නම් රෝගියාට තත්වය පැහැදිලිවන තෙක් කෑගසා කියමි. එය ඍණාත්මකද නැත්නම් ධනාත්මකදැයි ඔබම තීරණය කරන්න. 

දැන් මුළු කකුලම කපා දමන තැනට පැමිණ ඇත. එබැවින් එදා නොතේරුණු බොහෝ දෙනෙකුට ප්‍රයෝගිකවම මා පැවසූ දේ පැහැදිලි වී ඇත. මම ඒ ගැන කිසිසේත් සතුටු නොවෙමි.  

කැඩුණු වහල අලුත්වැඩියා කල යුත්තේ වර්ෂාවට පෙරය. දැන් සුළි කුණාටුවද පැමිණ ඇත. 

4 comments:

  1. චන්දිම මහතා ඔබේ බ්ලොග් එකට වෙලා තියෙන්නෙත් මේ වගේ දෙයක්‌ නේද? මැතිවරණ පුරෝකථන ඉදලා ඔක්කොම දේ වැරදි. ආර්ථික පුරෝකථනත් වැරදියි නේද? ලංකාවේ එහෙම කියන තරම් කේස් එකක් නෑ කියලයි ලංකාවේ ඉන්න කට්ටිය නම් කියන්නේ මාධ්ය මගින් පුම්බලා තියේලු අයි එම් එෆ් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න යනවලු අප්‍රේල් මැද වගේ ඉඳන් ඒකෙන් පස්සේ මැයි වගේ වෙනකොට ගොඩක් ප්‍රශ්න විසඳෙයි මම හිතන්නේ, දැන් ගෑස් හිඟය ශේප් වෙලා ගෑස් තියෙනවාලු. පෙට්‍රලුත් අවුලක් නෑලු ඩීසල් කේස් එකත් අඩු වෙලා යන බව කියනවා බලමු ඉතින් මම හිතන්නේ ලොකු කේස් එකක් වෙන එකක් නෑ ඔහොම දේවල් කලිනුත් වෙලා තියෙනවා නේද? 71 කැරැල්ල, 80 ගනන් වල කළු ජූලිය, කඇරලි කෝලාහල අවු. 30 ක යුද්ධය 2004 සුනාමි ව්‍යසනය වගේ දේවල් එක්ක බලද්දි මේක පොඩි සීන් එකක් කියලේ හිතෙන්නේ නැද්ද? කොහොමත් 2009 ලෝක ආර්ථික අර්බුදය වගේ මේකත් ශේප් එකේ තව මාස කීපයක් යද්දි විසඳ ගන්න පුළුවන් වෙයි, කොහොම හරි මේ ආණ්ඩුව නම් අසාර්ථකයි ඒ නිසා 2024 අලුත් කට්ටියක් පත් කරගන්නම වෙනවා එච්චරනේ අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ? වෙන මොනාද?

    ReplyDelete
  2. ලංකාවේ තාමත් ජීවත්වෙනවා ලෝකය පිළිබඳව හෝ ඉතිහාසය පුරා නොයෙක් රටවල සිදුවෙච්ච දේවල් ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා තමන් ගොඩ නගා ගත්ත පුංචි සිප්පි කට්ටක හිරවෙච්ච මිනිස්සු. තමන් ඉන්නේ යටින් ගිනි ඇවිලෙන තෙල් තාච්චියක කියලවත් නොදන්නා කීප දෙනෙකුත් ඔතන ඉන්නවා. ලංකාව හදනවා නම් මේ සුළුතරය අපි අමතක කරන්න ඕනේ. ඔවුන් ජිවත් වුනත් නැතත් මියගියා වගේමයි. කිසිම වැඩක් නැති මළකඳන්.

    ජිවත්වන පිරිසට ඔබතුමා පෙන්වන මග ඉතාම ඉහලින් අගය කරනවා. ඔබතුමාගේ බ්ලොග් එක මුලින්ම බලන්න පටන් ගන්න කොට මම තරුණයෙක්. අද මැදිවියේ කියන්නත් පුළුවන්. මේ කාලය ඇතුලත ඔබතුමා ලියූ දේ කෙතරම් යථාර්තයක් වෙලාද කියල දැනුයි තේරෙන්නේ. ඔබතුමා ලංකාවේ හිටිය නම් මීට වඩා බොහෝ දේවල් ප්‍රයෝගිකව කරන්න හැකියාව තිබුන කියල හිතෙනවා.

    මට හිතෙනවා දැන් බහුතරයකට පැහැදිලියි ලංකාව අඝාධයේ පතුලට ඇදෙනවා කියන එක. නැවත නැවතත් ඒ ගැන ලිවීමෙන් වැඩක් නැහැ කියලයි මම හිතන්නේ (ඒ ගැන නොතේරෙන මළකඳන් අමතක කරන්න). දැන් යම් මග පෙන්වීමක් අවශ්‍යයි.

    Good bless you ***

    ReplyDelete
  3. මේ පෝස්ට් එකට තව දෙයක් එකතු කරන්න මම යෝජනා කරනවා, ඒ ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2021 වසර සඳහා ආටිකල් iv උපදේශන (Consultation) වාර්තාව ප්‍රකාශයට පත් කරල තියෙන්නෙ මේකෙන් බලන්න පුළුවන්; (ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට අයි එම් එෆ් එක මේ යෝජනා ඉදිරිපත් කරල තියෙනවා මේකේ, මෙය ලංකාවේ සමාජ ජාල වල සහ මටත් වට්ස් ඇප් එකෙන් ආවා);

    https://drive.google.com/file/d/1e1AXm6S6IFiccN9KqytTRHZEUCQ_o_gu/view

    අයි එම් එෆ් එක කියන විදියට කෝවිඩ් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර සංචාරකයන් ලංකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම වගේ අඩු වීමෙන් විදේශ විනිමය අහිමි වීම සහ එවකට අත්‍යවශ්‍ය වූ මාස ගණනාවක දැඩි අගුළු දැමීම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් සංකීරණ තත්ත්වයට පත්ව ඇති බව මූලික හේතුව ලෙස එම වාර්තාවේ සඳහන්.

    ඒ වගේම කෝවිඩ් වසංගත තත්ත්වය සමගින් ඇතිවු තත්ත්වය (consequences) නිසා අද වන විට ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය සියයට 10.5 ක විශාල මූල්‍ය හිගයකට ඇද වැටී ඇති අතර එය 2020 වසරේදී සියයට 4.6 ක් බවද ඒ වාර්තාවේ සඳහන්.

    තව දුරටත් 2021 දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය 2019 වසරේ සියයට 93.6 ක් ද 2020 වසරේ සියයට 110 ක් බවද වාර්තාව කියනවා.

    ඒ වගේම ලංකාවේ ආර්ථිකය රේටින් ආයතන වලින් පහතට හෙළූ නිසා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල වෙත ලංකාවට ඇති ප්‍රවේශය 2020 දී අහිමි වූ අතර, විදෙස් සංචිත තීරණාත්මක ලෙස බරපතල ආකාරයෙන් පහත වැටීමත් ලංකා මහ බැංකුව විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමත් ණය ප්‍රමාණය ඉහළ යාමට හේතුවී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා.

    වසර තුනක් පෙර ඉතිහාසය පසු විපරමක් කරන වාර්තාව කියන්නේ 2018 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 6,919 තිබූ ලංකාවේ විදෙස් සංචිත 2022 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2,204 දක්වා පහත වැටී ඇති බව දත්ත විශ්ලේෂණය කර අනාවැකි පළකර තියෙනවා. විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුම් හිඟය පුළුල් වීම විදේශ විනිමය හිඟයට හේතු වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.

    රුපියල අවප්‍රමාණ කිරීම සමග ඇතිවූ ආනයනික උද්ධමනය, සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේදී 10.5 ළඟා වෙමින් ඉහළ යමින් පවතින බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

    මීට පිළියම් ලෙස ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා විශ්වසනීය පැහැදිලි ක්‍රමෝපායන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත්,වෙළඳපල නැවත තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රමානුකූලව තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් අවශ්‍ය බවත් සමාජ ආරක්ෂණය සහතික කළයුතු බවත් වැට් බදු සේම අනිකුත් අදායම් බදු වැඩි කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් වාර්තාවේ නිර්දේශ වල ඇතුලත්.

    කෙසේ වෙතත් IMF ණය ලැබෙන තුරු මේ තත්ත්වය ඉක්මණින් වෙනස් වීමේ ඉඩක් මට පෙන්නේ නැහැ. ඉන්දියාවෙන්, චීනයෙන් එන සල්ලි බොහෝ දුරට එම රටවලටම ආපසු යනවා. ඇත්තටම කියනවානම් එන්නෙම නැහැ වගේ. හැබැයි ඉතින් ආණ්ඩුවේ පැත්තෙන් රජයේ බදු ආදායම පහත දමා ගැනීම (දේශීය ආයෝජන වැඩි කර ගැනීම සඳහා සහ ඉහළ බදු ගෙවන්නන් සතුටු කිරීම සඳහා) විනිමය අනුපාත ස්ථාවරව තබා ගැනීම, ට්‍රිලියන 3 ක පමණ මුදල් අච්චු ගැසීම (පසුගිය අවුරුදු 2 ඇතුළත) නිසිකලට IMF වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර එමගින් අවශ්‍ය වෙනස්කම් කර තත්ත්වය පාලනය කරගන්න කටයුතු නොකිරීම, ලෝක වෙළඳ පොළේ අධික ලෙස පොහොර මිල ගණන් වැඩි වෙලා නිසා එයට විසඳුමක් විදියට හිතුවක්කාර ලෙස රසායනික පොහොර වෙනුවට කාබනික වගාවට එකවර යොමුවීම, අධික මුදල් සැපයුමක් තිබියදී පවා ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීමට කටයුතු නොකිරීම, උද්ධමනයට සාපේක්ෂව පොලී අනුපාතික ඉතාමත් පහළ මට්ටමින් පවත්වාගෙන යාම, ගෝලීය ආර්ථික දේශපාලනික හේතු නිසා ලෝක වෙළඳපළේ අනපේක්ෂිත ලෙස ඉන්ධන මිල (USD වලින්) අධික ලෙස ඉහළයාම ලංකාව මුහුණ දෙන වර්තමාන ආර්ථික අර්බුදයට හේතුයි.

    ජා.මූ.අ. මේ ආර්ථික අර්බුදය කෝවිඩ් නිසාම ඇති වූ බව කියන්නේ, ඒකේ ඇත්තක් තියෙනවා තමයි ඒත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ සමහර සාධක පාලනය කළහැකිව තිබූ ඒවා කියලයි. එසේ පාලනය කළහැකිව තිබූ සාධක නිසිකලට පාලනය කළේ නම් මෙතරම් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් හෝ උද්ධමනකාරී තත්වයක් ඇති නොවන බව මගේ හැඟීමයි.

    ReplyDelete
  4. A news about Lanka, is this true?

    //යුරෝපයේ ජනප්‍රිය ට්‍රැවල් සඟරාවක් සදහා ලංකාවේ සංචාරක අවස්ථා සහ සුන්දර ස්ථාන පිළිබඳව ලිපියක් ලිවිමට ලංකාවට පැමිණි යූටියුබ් ඇතුළු සමාජ ජාලවල ලෝකයේ විවිධ රටවල් පිළිබඳ ජනප්‍රිය වැඩසටහන් කරමින් ස්වේච්ඡාවෙන් ලොව පුරා විවිධ රටවල් ගැන සංචාරක ප්‍රවර්ධන සේවාකරමින් ක්‍රියා කරන යුරෝපයේ කාන්තාවක් රවටා ඇයගේ ලිංගික ස්ථාන අතපතගාමින් ඇයව අපහරණය කිරිමට උත්සහකල සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ හොටෙල් හිමිකාරයෙක් සිගිරිය පොලිසිය විසින් අත්වඩංගුවට ගෙන ඇත. බෙල්ජියම් ජාතික 33 හැවිරිදි සංචාරක කාන්තාවක් 2022-03-28 දින සිගිරිය පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුව මෙම අත්වඩංගුවට ගැනිම 2022 මාර්තු 28 හවස සිදුකර ඇත.

    විමර්ෂනයේදී මෙම කාන්තාව විවිධ රටවල සංචාරය කරමිනි අදාල රටවල් පිලිබදව සඟරාවන් සදහා ලිපි ලියන බවද යූටියුබ් ඇතුළු සමාජ ජාලවල ලෝකයේ විවිධ රටවල් පිළිබඳ ජනප්‍රිය වැඩසටහන් කරන බවද මෙවර ලංකාව පිලිබදව යුරෝපයේ ජනප්‍රිය සඟරාවක් සදහා ලිපියක් ලිවිමට මෙරටට පැමිණ ඇති බවත් පැවසෙන අතර එසේ පැමිණි ඇය අන්තර් ජාලය ඔස්සේ වෙන්කරගත් සිගිරිය ප්‍රදේශයේ සංචාරක නවාතැන් පොලක නවාතැන් ගෙන ඇත.

    මෙසේ නැවතුන මෙම කාන්තාව සමග කතාබහ කල එම හොටෙල් හිමිකරු තමා චින කටු චිකිස්සක වරයෙකු බවත් විවිධාකාර ලෙඩ රෝගසදහා ප්‍රථිකාර කල හැකිබවද පවසා ඇති අතර ඇගේ කොන්දේ වේදනාවක් පිලිබදව පැවසිමෙන් පසු එයට ක්ෂණිකව ප්‍රථිකාර කල හැකිබව පවසා ඇගේ ශරීරයේ විවිධ ස්ථාන අතපත ගාමින් තෙරපිමි කල බවත් පසුව තම පියවුරු හා ලිංගික ස්ථානද තෙරපීමට උත්සහ කලබවත් මින් පසුව මෙම සිදුවිමට අදාල හෝටලයෙන් ඉවත්ව ගොස් ඇති එම යුවතිය සීගිරිය ප්‍රදේශයේ වෙනත් සංචාරක නවාතැන් පොලක් වෙත වෙතගොස් සිගිරිය පොලිසියට පැමිණ පවසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. පැමිණිලි අනුව ක්‍රියාත්මකවු සිගිරිය පොලිසිය මගින් අදාල සිද්ධියට සැකකරුවන සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු (49) අත්වඩංගුවට ගෙන ඇත. මේ සිද්ධිය නිසා දැඩි කළකිරීමට පත් ඇය ලිපිය ලිවීමත් නවතා රටින් පිටව යාමට ක්‍රියා කර ඇති බව සඳහන් වේ.//

    ReplyDelete