මට රාජා මොහමඩ් හමුවන්නේ ගිය සතියේ දිනක සරසවියේදීය. පිලිපීන ජාතිකයෙකු වන රාජා ඉස්ලාම් භක්තිකයෙකු බව ඔහුගේ නමින් මා දැන සිටියෙමි. මගේ මග පෙන්වීම යටතේ ආචාර්ය උපාධිය හැදෑරීමට ඔහු කලින් කතා කරගත් පරිදි ජොහැනස්බර්ග් නගරයට පැමිණියේ මීට සතියකට පමණ පෙරය. මගේ ගෝලයා උනාට ඔහු මට වඩා බාල වන්නේ වසර කිහිපයකට පමණි.
කෝපි කෝප්පයක් තොල ගාමින් අපි සෑහෙන වේලාවක් කතා බහේ යෙදී සිටියෙමු. මා දැන් දකුණු අප්‍රිකාවේ ස්ථානගත වුවත් වසර දහයක් පමණ අප මැලේසියාවේ සිටි බැවින් ඒ අවට රටක සිට පැමිණි රාජා සමග මට කතා කල හැකි බොහෝ පොදු කරුණු විය. ඔහු මට හමුවූ ඉතාම නිදහස් විවෘත මනසක් ඇති පුද්ගලයෙකු බව ටික වේලාවකින්ම ඒත්තු ගියේය. මම ඔහුට ඒ බව කීවෙමි. සිනහවකින් මුව සරසා ගත් රාජා මීට වසරකට පෙර ඔහුව හමු වුනා නම් මගේ මතය අංශක 180 කින් වෙනස් වන බව කීය. මේ රාජාගේ කතාවයි.
"මම කුඩා කල පටන්ම ඉතා දැඩි ඉස්ලාම් භක්තිකයෙක්. පිලිපීනය සම්ප්‍රදායික කතෝලික රටක්. ඒත් මා කුඩා කල සිටම හැදී වැඩුනේ මුස්ලිම් ගමක. මගේ දෙමව්පියොත් දැඩි ඉස්ලාම් භක්තිකයන්. අපි කවදාවත් මුස්ලිම් නොවන ගෙදරකින් වතුර වීදුරුවක්වත් බිව්වේ නැහැ. මුස්ලිම් නොවන අයව වැඩිය ආශ්‍රය කරනවාටත් අපේ දෙමව්පියන් කැමති වුනේ නැහැ. ඔවුන් පැවසුවේ මුස්ලිම් නොවන්නන් "කෆිර්ලා" කියයි. එනම් ඒ පව්කාරයන් ලෙසයි මා තේරුම් ගත්තේ. මම වැඩිහිටියෙක් උනාට පස්සෙත් හැමවිටම එහෙම ඉන්න උත්සහ කළා. නගරයේ ඒ විදියට වෙන්වී ජීවත්වෙන්න අමාරු උනත් අපි එහෙම කළා. කතෝලික පල්ලිවල ඔරසන් ඇහෙනකොට මට තරහ ගියා. මම කනේ පුළුන් ගහගෙන ඉඳල තියෙනවා ඒවා නොඇසෙන්න". රාජා ලොකු පොපොච්චාරණයක් කළේය.
"ගිය වසරේ ජූලි මාසයේ, එක දිනකින් ඒ සියල්ලම වෙනස් වුනා. ෆැබියන් සුළි කුණාටුව අප සිටි නගරය විනාශ කර දැමුවා. යන්තම් දිවි බේරාගත් මගේ පවුලට උස් බිමක වූ කතෝලික පල්ලියක රැකවරණය ලැබුණා. එහි ශාලාවේ සියළු දෙනාම එකට සිටියේ. එහි මුස්ලිම්, කතෝලික, හින්දු, දුප්පත්, පෝසත්, බාල, මහලු, කාන්තා, පුරුෂ සියලු දෙනාම සිටියේ එකම මට්ටමක. මගේ දරුවන් බඩගින්නේ හඬන විට හින්දු මවක් ඇගේ දරුවන්ට කවන පිගානෙන්ම මගේ දරුවන්ටත් කෑම කැව්වා. කිරි වීදුරුවක් පවා දරුවන් සැම දෙනාටම බෙදා දුන්නා. කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියෝ තමන්ට තිබුණු ආහාර උයා හැමටම බෙදා දුන්නා. හැමෝම තමන්ගේ දේවල් බෙදා ගත්තා. තුවාල ලැබූ, අසනීප තත්වයෙන් සිටි සියලු දෙනාවම අපි ඔක්කොමලා බලා ගත්ත. කිසිවෙක් මියගියේ නැහැ". රාජා පමණක් නොව අසාගෙන සිටින මමද දැන් හැඬුම්බරය.
"අප සිටි පල්ලියට මුලින්ම ආධාර බෝට්ටුවක් ආවේ දින පහකට පසුවයි. එවන විට එතැන සිටියේ 200 ක පමණ තනි පවුලක්. මුලින්ම ලැබුණු ආහාර අපි කුඩා දරුවන්ට සහ වැඩිහිටි මව්වරුන්ට බෙදා දුන්නා. එදා රෑ හමුදා බෝට්ටු වලින් පැමිණ අපව රැගෙන ගියා. බොහෝ දෙනෙක් වෙන් වද්දී එකිනෙකා බදාගෙන ඇඬුවා".
"සුළි කුණාටුව දෙවියන්ගේ පණිවිඩය රැගෙන ඇවිත් තිබුණා කියා මට සිතෙනවා. මා පමණක් නොව පවුලේ සියලු දෙනාම වෙනස් වී තිබුණා. පරම්පරා ගණනාවක් නොවෙනස්ව පැවතුනු බැම්මක් දවස් පහකින් බිඳ වැටී තිබුණා".
රාජාගේ පණිවිඩය ඔබට ලැබුනාද?
ගෝමස් ක්‍රිස්තියානිකාරයෙක්ද?
ReplyDelete-හේෂාන් දමින්ද-
ඔබට ලැබී ඇත්තේ අපූරු පණිවිඩයක් ......
Deleteහේෂාන් සිංහල බෞද්ධ බයියෙක් වත්ද?
DeleteVery Sri Lankan. Ha ha ha.
Deleteචන්දිම මහතා හොඳ පෝස්ට් එකක්,
ReplyDeleteමීට තවත් දේවල් කීපයක් එකතු කරන්න මටත් අවසර දෙන්න;
කිතුණු විශ්වාසය අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෙවත් දෙව් පුත්‍රයාණන් මේ මහ පොළොවට එව්වේ ප්‍රධාන වශයෙන් තෝරාගත් ජනතාව වූ ඊශ්‍රායෙල් ජනයාට දෙවිගේ රාජ්‍යය ගැන උගන්වන්න වුණත් දෙව් පුත්‍රයාණන් ඊශ්‍රායෙල් නොවන අයට ඉගැන්වූ අවස්ථා සෑහෙන ප්‍රමාණයක් ගැනද බයිබලයේ සඳහන් වෙනවා. ඉන් පැහැදිලි වන්නේ යේසුස් වහන්සේ දුප්පත්, පොහොසත්, ස්ත්‍රී, පුරුෂ භේදයක් නැතුව සියලුදෙනාටම එක හා සමානව සලකන බවයි. එවකට සිටි ආගමික නායකයන් යම් යම් තෝරාගත් පුද්ගලයන්ට විශේෂ ආකාරයෙන් සැලකුවත් යේසුස් වහන්සේ කිසිසේත්ම එලෙස කටයුතු කළේ නැහැ.
යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය පදනම් වන්නේ ප්‍රේමය මතයි. පීඩිතව සිටින ජනයාට සහනයක් ලබා දෙන බවට යේසුස් පොරොන්දු වුණා. (මතෙව් 11:28-30) ඔහු ඒ පොරොන්දුවට එකඟව කටයුතු කරමින් අදාළ කරගත හැකි ප්‍රේමණීය උපදෙස් ජනයාට ලබා දුන්නා. උදාහරණයකට කනස්සල්ල සමඟ කටයුතු කිරීම, අන් අය සමඟ ඇති බැඳීම් ශක්තිමත් කරගැනීම, ධන සම්පත් ලබාගැනීමට තිබෙන ආශාව පාලනය කිරීම හා සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම ඉන් සමහරක්. (මතෙව් 5-7වෙනි පරිච්ඡේද) එමෙන්ම යේසුස් එක් එක් පුද්ගලයාට පෞද්ගලික සැලකිල්ලක් දැක්වූ නිසා ඔහුට ළං වීමට කිසිම කෙනෙක් පසුබට වුණේ නැහැ. සෑම තරාතිරමකටම අයත් මිනිසුන් ඔහු වටා එක් රොක් වුණා. යේසුස් තමන්ට ප්‍රේමණීයව සහ කරුණාවන්තව සලකයි කියා ඔවුන්ට විශ්වාසයක් තිබුණා. එවැනි පුද්ගලයෙකුගේ පාලනයෙන් ජනයාට මොන තරම් සහනයක් ලැබෙයිද?
එමෙන්ම ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසුවා. ‘ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ.’ (යොහන් 15:19) යේසුස්ගේ ජීවිතය අනතුරේ තිබූ අවස්ථාවකදී පවා ඔහුට ආරක්ෂාව සැපයීම සඳහාවත් අවිආයුධ භාවිත කිරීමට තම ගෝලයන්ට අවසර දුන්නේ නැහැ.—මතෙව් 26:51, 52.
‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’” කියලා බයිබලයේ තියෙනවා. (මතෙව් 22:37-39) ඒ ආඥාව පිළිපඳින දේවරාජ්‍යයේ යටත්වැසියන් අනික් අයට හානියක් කරන්නේ නැහැ. ඒ අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරනවා.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දයානුකම්පාවෙන් පිරුණු කෙනෙක්. දෙවියන්ගේ උපකාරය ඉල්ලන හැමෝටම ජාති ආගම් භේද කිසිවකින් තොරව උපකාර කරන්න ඔහුගේ පුත්‍රයාණන් වහන්සේ වන යේසුස්ට බලය තියෙනවා.—ගීතාවලිය 72:8, 12-14 කියවන්න.
ඇත්තටම ලොව පුරා සියලු ආගම්වාදී ජාතිවාදී යුද්ධ ඇතිවීමට මුඛ්‍ය හේතුව තමන්ගේ ආගම හරියි කියලා හැම කෙනෙක්ම හිතන එක. දෙවියන් වහන්සේ සහ යේසුස්ගේ ආශීර්වාදය තමන්ගේ ආගමට තියෙනවා කියලා සමහරු හිතන්න පුළුවන්. නැත්නම් එයාලා ඒ ආගමේ ඉන්නෙ නැහැනේ. නමුත් හැම කෙනෙක්ටම වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී කවදාවත් සතුටින් සහ සාමයෙන් ඉන්න බැහැ කියලා දැනෙයි. හැබැයි සන්සුන් මනසක් ඇතුව ඒ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්නත් ජීවිතයේ සැබෑ අරමුණ හොයාගන්නත් ගොඩක් අයට බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙලා තියෙනවා. ඔයාටත් ඔයාගේ ජීවිතය සතුටින් ගත කරන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙයි.
ReplyDeleteස්වාභාවික විපතකට මුහුණ දුන්න කෙනෙක්ට මුලදී හිතෙන්න පුළුවන් ජීවිතේ එතැනින් ඉවරයි කියලා. ඒත් ජීවිතය ගොඩනඟාගන්න ටිකෙන් ටික වෑයම් කරද්දී ආයෙත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා.
‘වැලපෙන හඬක්වත් වේදනාවෙන් කෑ මොර දෙන හඬක්වත් ඇසෙන්නේ නැති’ කාලයක් ගැන බයිබලයේ කියලා තියෙනවා. (යෙසායා 65:19) ඒ දේ ඉටු වෙන්නේ දෙවියන්ගේ රාජ්‍යයෙන් මුළු පොළොවම පාරාදීසයක් කරන කාලයේදීයි. (ගීතාවලිය 37:11, 29) එදාට ස්වාභාවික විපත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ විපත් නිසා හිතට වධ දුන්න අමිහිරි මතකයන් පවා නැති වෙලා යයි. මොකද “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත” කියලා සියලු බලැති දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා.—යෙසායා 65:17.
ඉත්න් හිතල බලන්න ලොව හැම දෙයක්ම නිර්මාණය කරපු දෙවියන් වහන්සේ ඔයාට “සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක්” දෙන්න සැලසුම් කරලයි තියෙන්නේ. (යෙරෙමියා 29:11) එහෙම බලද්දී ඔයාගේ ජීවිතේට වටිනාකමක් තියෙනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? දෙවියන්ගේ රාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැන කල්පනා කරන එක උදව් වෙනවා වෙච්ච දේවල් ගැන ළත වෙවී ඉන්නේ නැතුව ජීවිතේට හොඳින් මුහුණ දෙන්න.
ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය වගේම ජාතිවාදී අර්බුද අවස්ථා වලදීත් මෙන්න මේ කතාව සහ ඒ අදාළ බයිබලයේ උපදේශාත්මක කරුණු ගැන හිත යොමු කිරීම ඉතාමත්ම වැදගත්, මෝසෙස්ගේ මරණයෙන් පස්සේ ඊශ්‍රායෙල් ජනයාට මඟ පෙන්වන්නේ යොෂුවා කියලා දෙවියන් වහන්සේ කිව්වා. (යොෂුවා 1:1, 2) ඒ කාලය වෙද්දී ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඒ කියන්නේ කානාන් දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලයි තිබුණේ. ඒත් ඒ අයට බලවත් සතුරන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. උදාහරණෙකට යොෂුවාට සිද්ධ වුණා හුඟක් කුරිරු ජාතියක් වුණු කානානිවරුන් එක්ක දරුණු යුද්ධයක් කරන්න. * (ද්විතීය කතාව 9:5; 20:17, 18) ඊශ්‍රායෙල්වරුන්ට වඩා කානානිවරුගේ ගණන හුඟක් වැඩියි. ඒ වගේම ඊශ්‍රායෙල්වරුන්ට වඩා හුඟක් බලවත් හමුදාවක් ඒ අයට හිටියා. (යොෂුවා 9:1, 2; 17:18) ඒත් යොෂුවා දිගටම ධෛර්යවත්ව දෙවියන් වහන්සේ දීපු මඟ පෙන්වීම්වලට අනුව වැඩ කළා. අවුරුදු හයක් වගේ පොඩි කාලයක් ඇතුළත ඊශ්‍රායෙල්වරුන්ට එයාලගේ සතුරන්ගෙන් වැඩිදෙනෙක්ව පරාජය කරන්න පුළුවන් වුණු එකෙන් ඔප්පු වුණා දෙවියන් වහන්සේ යොෂුවා එක්ක දිගටම හිටියා කියලා.—යොෂුවා 21:43, 44.
අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයෙක් විදිහට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න යොෂුවාට පුළුවන් වුණා.—යොෂුවා 23:14; 24:15.
දෙවියන් වහන්සේ එදා යොෂුවාට කියපු වචනවලින් අද අපිටත් ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. ඒකෙන් පේනවා දෙවියන් වහන්සේ ඔහුගේ සේවකයන් ගැන විශේෂයෙන්ම අමාරු තත්වයන්වලට මුහුණ දෙන අය ගැන කොච්චර සැලකිලිමත් වෙනවාද කියලා. දෙවියන්ට ඕනෙ ඒ අයත් යොෂුවා වගේ සාර්ථක වෙනවා දකින්න. හැමදාම බයිබලය කියවලා ඒ ගැන හොඳට හිතන එකෙන් සහ ඉගෙනගත්ත දේවල්වලට අනුව ජීවත් වෙන එකෙන් යොෂුවා වගේ “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න” එයාලටත් පුළුවන්.
කාලයක් අපේ අය කළු අප්‍රිකානුවන් කාපිරි කියල හැඳින්වූවේ අරාබීන් ඔවුන් කෆීර් (Non-believers) කියා හැඳින්වූ නිසාලු.
ReplyDelete