Friday 30 April 2021

අට වසර ගණිත ගැටළුවක් විසඳන්න පුලුවන්ද?


අසර්බයිජානේ හාදයෙක් මොංගෝලියාවෙන් ශීතකරණ ගෙන්වල තමන්ගේ රටේ විකුනන්න තීරණය කරනවා. ආනයනය කරන ශිතකරණයකට අසර්බයිජාන් ආණ්ඩුවෙන් 100% බදු ගහනවා. හැබැයි පොත්පත්වලට ඒ රටේ ආනයන බදු අයකරන්නේ නැහැ. අසර්බයිජාන්කාරය මොංගෝලියානු කොම්පැනියෙන් එකක් ඩොලර් 100 වන ශීතකරණ 1000 ක් ගෙන්නලා එකකින් ඩොලර් 40ක් ලාබ තියාගෙන විකුනන්න සුදානම් වෙනවා. ඒ කියන්නේ එක ශීතකරණයක් ඩොලර් 240 කට. ශීතකරණ දාහක් විකුණන කොට ඩොලර් 40,000 ක් ලාබයි. නරක නැහැ නේද?

මේ හාදයාගේ හොඳ යාළුවෙක් ඉන්නවා මොංගෝලියාවත් එක්ක නිතර ගනුදෙනු කරන. යාළුවට වැඩේ ආරංචි වෙලා මිනිහ ඇවිත් අපේ හාදයට යස උපදෙසක් දෙනවා. ඒක මොනතරම් අපූරූ අදහසක්ද කියල මේ හාදයට තේරෙන්නේ වැඩේ කෙරිලා ලාභය අතට එනකොට. මෙන්න මෙහෙමයි වැඩේ කෙරුණේ.

යාළුවගේ උපදෙස් අනුව අසර්බයිජාන් හාදය මොංගෝලියන් කොම්පැනියේ සේල්ස් මැනේජර්ට කතා කරලා මෙහෙම කියනවා.

"මට එකක් ඩොලර් 20 ගණනේ ශිතකරණ 1000 කට ඉන්වොයිස් කරන්න. ඒ එක්කම මොංගෝලියාවේ තියෙන එකක් ඩොලර් 1 ක් වෙන පොත් ලෝඩ් එකකටත් ඉන්වොයිස් කරන්න, එක පොතක් ඩොලර් 9 ගණනේ දාල. පොත් ලෝඩ් එක තීරණය කරන්න ඔයගොල්ලගේ කොම්පැනියට එකක් ඩොලර් 100 ගණනේ ශීතකරණ 1000 ටයි  පොතක් ඩොලර් 1 ගණනේ පොත් ලෝඩ් එකටයි මුදල් ලැබෙන විදියට". 

මොංගෝලියන් සේල්ස් මැනේජර්ට තේරුණා මේකෙන් ඒගොල්ලන්ට කිසිම පාඩුවක් නොවෙන වග. අනෙක මොංගෝලියාවේ රට ඇතුලේ නීතිරීති බොහොම තදට තිබුණට මොංගෝලියානු කොම්පැනි රටෙන් පිටත අයත් එක්ක කරන ගනුදෙනු වලදි ඇති වෙන ඔය සුළු සුළු අංක ගණිත ගැටළුවලට රජය අතගහන්නේ නැහැ.

ඉතින් අන්තිමේදී අසර්බයිජාන් හාදය ඉන්වොයිස්වල තිබුණ විදියටම බදු ගෙවල බඩු ටික ක්ලියර් කරගත්තා. 

දැන් ඔයාලගේ වාරේ.  

පොත් ලෝර්ඩ් එකේ පොත් කීයක් තිබුනද?

මිනිහ පොතක් ඩොලර් එක ගණනෙයි (ගත්තු ගානටම), ශීතකරණයක් කලින්  හිතපු මිලටමයි වික්කොත් මිනිහගේ ලාභය කොච්චරද?

මිනිහ පොත් ටික සීනි ඔතන්න සිල්ලර කඩවලට නොමිලේ ගෙනියන්න කියල ශීතකරණයක් කලින් හිතපු මිලටම වික්කොත් මිනිහගේ ලාභය කොච්චරද?


                                           


10 comments:

  1. පොත් - 8000
    ඩොලර් - 120000
    ඩොලර් - 112000

    ReplyDelete
  2. 20000+9(Books)=100000+Books ; 10,000 Books
    Case 1 Book cost 1$

    Income 250,000.00
    Cost 110,000.00
    Tax 20,000.00
    Profit 120,000.00$

    Case 2 Book is free
    Income 240,000.00
    Cost 110,000.00
    Tax 20,000.00
    Profit 110,000.00 $

    ReplyDelete
  3. පොත් ලෝර්ඩ් එකේ පොත් 10,000 කි.

    මිනිහ පොතක් ඩොලර් එක ගණනෙයි (ගත්තු ගානටම), ශීතකරණයක් කලින් හිතපු මිලටමයි වික්කොත් මිනිහගේ ලාභය 120,000 කි.

    මිනිහ පොත් ටික සීනි ඔතන්න සිල්ලර කඩවලට නොමිලේ ගෙනියන්න කියල ශීතකරණයක් කලින් හිතපු මිලටම වික්කොත් මිනිහගේ ලාභය 110,000 කි.

    ReplyDelete
  4. පොත් ලෝර්ඩ් එකේ පොත් 10,000 කි.

    මිනිහ පොතක් ඩොලර් එක ගණනෙයි (ගත්තු ගානටම), ශීතකරණයක් කලින් හිතපු මිලටමයි වික්කොත් මිනිහගේ ලාභය 120,000 කි.

    මිනිහ පොත් ටික සීනි ඔතන්න සිල්ලර කඩවලට නොමිලේ ගෙනියන්න කියල ශීතකරණයක් කලින් හිතපු මිලටම වික්කොත් මිනිහගේ ලාභය 110,000 කි.

    ReplyDelete
  5. 1. පොත් 10000 යි.

    2. ඩොලර් 140,000/- යි. (ඩීල් එක නිසා අමතර වාසිය ඩොලර් 100,000/-)

    3. ඩොලර් 130,000/- යි. (ඩීල් එක නිසා අමතර වාසිය ඩොලර් 90,000/-)

    අන්න ඩීල් නං ඩීල්... :))

    ReplyDelete
  6. Total Nr. of books = 10,000
    If price of a book is $1.00, the profit - $120,000.00
    If price of a book is free, the profit - $110,000.00

    ReplyDelete
  7. පොත් ලෝඩ් එකේ පොත් කීයක් තිබ්බද කියලා කියන්න එක්කො වියදම් කල මුලු මුදල දෙන්න ඕනෙ, නැතිනම් ශීතකරන ප්‍රමාණය හා පොත් ප්‍රමාණය අතර සම්භන්ධයක් දෙන්න ඕනෙ. දත්ත මදි වගෙයි පේන්නෙ.

    ReplyDelete
  8. 1.පොත් 10000
    2.120
    3.110

    ReplyDelete
  9. 01. Book Nr 10,000
    02. $ 120,000.00
    03. $ 110,000.00

    ReplyDelete