මෙම පැනයට පිළිතුරු සොයා මම වසර තුනක් තිස්සේ දෙස් විදෙස් බෞද්ධ කථිකයන්ට සවන් දුනිමි. නමුත් ඒ කිසිවෙකුගෙන්වත් තාර්කිකව අවබෝධ කරගත හැකි ආකෘතියක් ලැබුණේ නැත.
සෑම ආගමික දර්ශනයකම අප කරන්නේ ආකෘති තැනීමයි. එය සාක්ෂාත් කරගැනීමට හැකි එකම ක්‍රමවේදය ස්වයං-අත්දැකීමයි. ස්වයං-අත්දැකීම කිසිවෙකුටත් ලබාදීම අපහසුය. මේ නිසා කිසිම ආකෘතියක් වැරදි යයි කීමට මට නොහැකිය. ආගමික ආකෘතිය අනුව අපගේ ජීවිතය සැපවත් කරගැනීම පිළිබඳව මට තර්කයක් නැත. ආගමික ආකෘති ගොඩ නැගී ඇත්තෙම යම් කාල-දේශ රාමුවකට සාපේක්ෂව තම වර්ගයාගේ ගත-හිත සුව පිණිසය. එය වෙනත් කාල-දේශ රාමුවකට ගැලපේද යන්න වෙනමම තර්ක කල යුතු කරුණකි.
මේ ගිය ගමනේදී මට හමුවූ අපුරුම ආකෘතිය අද්වෛත වේදාන්ත සංකල්පයයි. එය හින්දු දහමේ මුලික අඩිතාලමයි.
අද්වෛත වේදාන්ත සංකල්පය අනුව විශ්වයේ හෝ සියලු විශ්වයන්හි ඇති සියලුම දේ බ්‍රහ්මත්වයේ විවිධ ස්වරූප ලෙස හැඳින්වෙනවා. බ්‍රහ්මත්වය ශුන්‍යත්වයෙන් බිහිවෙයි. එය නිර්ගුණ (ගැහැණු-පිරිමි, හොඳ-නරක, දෘඩ -මෘදු ආදී ගුණ රහිත), නිර්මාන (හැඩතල රහිත / non-dimensional), නිර්අර්ථික (අර්ථ දැක්විය නොහැකි / undefinable) රාශියක් ලෙස පිළිගැනෙනවා. බ්‍රහ්මත්වයේ ඉතා සුළු ප්‍රතිශතයක් සුගුණ (ගුණ සහිත) සහ මාන සහිත බවත් සත්වයාට ගෝචර වන්නේ මේ ප්‍රමාණය පමණක් බවත් පිළිගැනෙනවා. මේ බ්‍රහ්මත්වය, මහා පිපුරුම (big-bang theory) සහ අඳුරු ද්‍රව්‍ය (dark matter) සංකල්ප සමග මැනවින් සමපාත වන බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි.
අද්වෛත වේදාන්ත ආකෘතියට අනුව සියළුම සත්වයන් "මම" යයි හඳුන්වන්නේ මේ අප තුල පවතින අප නොහඳුන බ්‍රහ්මත්වයයි. අපගේ අවදි, සිහින සහිත නින්ද සහ සිහින රහිත ගැඹුරු නින්ද යන ත්‍රිත්ව අවස්ථාවේදීම පොදුවේ සිටින්නේ මෙම බ්‍රහ්මත්වයයි. ඒ අනුව සියළුම සත්වයන් තුල ඇත්තේ එකම "මම"ය. ජිවය පමණක් නොව අජීවී වස්තු තුලද ඇත්තේ මේ බ්‍රහ්මත්වයයි.
අප විසින් ඔබ සහ මම ලෙස වෙන් කරගන්නේ මායාවක් වන පංච කෝෂයයි. මෙය ආහාර කෝෂය (අන්නමය කෝෂ), ප්‍රාණ කෝෂය, මනෝමය කෝෂය, විඥානමය කෝෂය සහ ආනන්දමය කෝෂය ලෙස නාමකරණය වනවා. මරණයේදී මුල් කෝෂ දෙක පංච මහා භූතයන්ට සහ ශක්තියට විභේදනය වන අතර ඉතිරි කෝෂ තුන ශරීරයෙන් ඉවත්වෙනවා. ආත්මය යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. එය කර්මය නමැති සිවියෙන් වැසී තිබෙන බව පැවසෙනවා. ආත්මය ආහාර සහ ප්‍රාණ කෝෂ සමග සංගත වූ විට එතන ඔබ "මම"ය කියා නැවතත් මායාවක් ගොඩනගා ගන්නවා. මේ අනුව ඔබගේ මරණය හා ජීවිතය අතර හුවමාරු වන භූතාර්ථය (transmigratory entity) මමත් නොවේ, මම නොවේත් නොවේ.
බොහෝ ස්වාමිවරු කර්මය සහ ආත්මය සබන් බුබුලකටත් අවට වාතය බ්‍රහ්මත්වයටත් සමාන කරනවා. සබන් පටලය කර්මයද, ඇතුලත ඇති වාතය ආත්මය ලෙසද සැලකිය හැක. මෝක්‍ෂය යනු කර්මය නමැති මෙම සබන් පටලය පුපුරුවා හැරීම බව කියවෙනවා. එවිට ඇතුලත තිබූ වාතය සහ පිටත වාතය අතර වෙනසක් නැහැ. අන් විදියකින් පැවසුවහොත් ඔබ බ්‍රහ්මත්වය සමග නැවත අනුගත වනවා.
අද්වෛත වේදාන්ත හින්දු ධර්මයේ ඇත්තටම දේව සංකල්පයක් නැහැ. බ්‍රහ්මත්වය වන්දනා මාන කලයුතු යමක් කියා පිළිගැනීමක් පැවතිය නොහැකියි. මන්ද අප සියළුදෙනාම බ්‍රහ්මත්වයේ කොටස් බැවිනි. එහි අමරණීය වන්නේ (සදා පවතින්නේ) බ්‍රහ්මත්වයයි. ආත්මය සියුම් සිවියකින් (කර්මය) වටවූ වායු බුබුලක් පමණයි. මෝක්‍ෂය (බෞද්ධ නිර්වාණය හා සමගාමී) ලැබීමේදී මෙම පටලය පිපිරී යනවා.
සිවුරක් දාගෙන මේ ටික කියුවනම් කෝටි ගානක් වටිනවා. :))
ReplyDeleteThanks for the comment
Deleteමම මුලදී කිසියම් ආගමක් ඇදහිමක නොයෙදුන කෙනෙක්. සෑහෙන්න සමාජවාදී පැත්තට බර අදහස් තමා තිබුනේ. නමුත් පහු කාලයක මළවුන් සමග කතා කරන (මුදල් නොගෙන) කෙනෙක් සමග කිසියම් සම්බන්ධතාවයක් තිබ්බ. මගේ බ්ලොගයේ ලිපි පෙලකුත් ලිව්වා මේ ගැන. ඒ තැනැත්තිය තවම මා සමග මිතුරුයි. අපි කට්ටියක් එකතුවෙලා පර්යේෂණ බොහොමයක් කලා. ඒවා අත හැරලා තාරකා විද්‍යාව එම් එස් සී එකක් කලා . ඒ පැත්තෙන් තව දුර ඉගෙන ගන්න. ක්වන්ටම් භෞතිකය , එන්ටන්ගල්මන්ට් , ඒවා ඉගෙන ගෙන ඉන්නකොට අදහස් වෙනස් වෙන්න ගත්ත ආයි . ඩිසටෙෂන් එකට කලේ බිග්බැන් අලුත් මොඩලයට සාක්ෂි හොයන එක. ඊට පස්සේ අපහු අර හින්දු ආගමේ තියන දේවල් අභිධර්මයේ තියෙන දේවල් මතක් වෙන්න ගත්ත. මහායාන බුද්ධාගම ඉගෙන ගන්නවා මේ දවස් වල. නාගර්ජුන ල හෙම ඩෝල්ටන් ලට කලින් පරමාණුව ගැන දැනන් හිටිය කියල දැන් හිතෙනවා.
ReplyDeleteඔන්න ඔහොමයි. මේ ලිපිය දැක්කහම මතක් වුනේ. ස්තූතියි
Thank you for the kind comment. Are you a friend of Upul Fernando from Moratuwa? A former Royalist and UoC product
DeleteHe is a very good friend of mine. Also we are classmates.
Deleteඅජිත්, ජෝතිෂ්‍ය හදාරන්න... ඔබට ලේසියෙන්ම අල්ල ගන්න පුලුවන්.... තනිකර ගණිතය... හා මතකය...
Deleteඉන්දියන් පොත් ඔහේ ඇති නේ....
එකපාරකුත් කිව්වා නේද ඕක , පොතක් අරගෙන බලන්නම් කෝ
DeleteBet on slots with games that are very suitable to play as they are very popular.928bet ทางเข้า It is likely to be no different from baccarat as well.
ReplyDelete