Saturday 23 April 2016

Do Gods Have Internet Facilities...?



දෙවියෝ ඉන්ටර් නෙට් බලනවාද?

වසර 2011 ජූනි මාසයේ දිනෙක මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ලංකාවේ වකුගඩු රෝගයට හේතුව පොහොරවල ඇති ආසනික් බව තමාට නාථ දෙවියන්ගෙන් දැනගැනීමට ලැබුණු බවයි. මේ ගැන නොයෙකුත් වාද විවාද සිදුවූ අතර සාම්පල පරීක්ෂණ මගින් එය තහවුරු කල බවද, එම පරීක්ෂණ අසත්‍ය බවටද චෝදනා නැගෙන්න විය.

මම දන්නේ දැනට ලෝකයේ බොහෝ සරසවිවල උගන්වන විද්‍යාත්මක ක්‍රම වේදයන් පමණකි. මා මගේ සිසු සිසුවියන්ට උගන්වන්නේද මා දන්නා, මා උගත් දේ පමණකි.

එම පර්යේෂණ ක්‍රමවේදය (research methodology) අනුව විද්‍යාත්මක ගවේෂණයක් කිරීම සඳහා පර්යේෂණ ගැටළුවක් (research problem) ඇති බව අප මුලින්ම හඳුනා ගත යුතුය. මා දන්නේ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාවත්, භෞතික විද්‍යාවත් පමණි. එහෙත් විද්‍යාත්මක ක්‍රමවේදය සියළු විද්‍යාවන්ට එකසේ යෙදිය හැක. කුතුහලය නිසාම මම මේ වකුගඩු ප්‍රශ්නය පිළිබඳව කෙටි හැදෑරීමක් කලෙමි. 

මෙහි පැහැදිලිවම පර්යේෂණ ගැටළුවක් ඇත. ඊළඟ පියවර මේ ගැටළුව පිළිබඳව මෙතෙක් කර ඇති හැදෑරීම් අධ්‍යනය කිරීමයි (literature survey). මෙහිදී මට හමුවු පර්යේෂණ පත්‍රිකා ගණනාවක 2000-2004 කාලයේදී මේ පිළිබඳව බොහෝ හැදෑරීම් කර තිබුණු අතර විශේෂයෙන්ම බංගලාදේශයේ සහ බටහිර බෙංගාලයේ වගාවන් සඳහා යොදන පොහොර සහ කෘමිනාශක වල ආසනික් අඩංගු වීමත් ඒවා නිසා එහි භූගත ජලය ආසනික් අපවිත්‍රතාවයට පත් වීමත්, එමගින් වකුගඩු රෝගය ව්‍යාප්ත වීමත් පිළිබඳව දීර්ඝ විස්තර කිරීම් තිබුණි. 

ඔබට ගූගල් සෙව්මේ arsenic poisoning kidney failure agriculture යන වදන් ඇතුලත් කල විට ලැබෙන පළමු පත්‍රිකාවේ සිටම මේ පිළිබඳව කරුණු දැනගත හැක.

වකුගඩු රෝගය පිලිබඳ  මගේ අධ්‍යනයේ කතන්දරය මම මෙතනින් නවතමි.




ප්‍රථම උපාධියේ සිව්වන වසරේ සිටින මගේ සිසුන් දන්නා සරළම විද්‍යාත්මක ක්‍රම වේදයක් මහාචාර්ය නලින් ද සිල්වා සහ අදාළ අනෙකුත් ආචාර්යවරුන් නොදන්නවා යැයි සිතීම මහත්වූ මුලාවකි. සිදුව ඇත්තේ අන්තර්ජාලය හරහා සොයාගත් කරුණු නාථ දෙවියන්ට බැර කිරීම බව පැහැදිලිය.  

මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පිරිස මේ සංසිද්ධිය පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයේ ඊළඟ පියවර තුන තැබුවා නම් අද වන විට මෙම මාරක වකුගඩු රෝගයට ස්ථිරසාර විසඳුමක් මෙන්ම අදාළ ආනයන සමාගම් වලට එරෙහිව නෛතික ක්‍රියාවලියක්ද ක්‍ෂණිකව ආරම්භ කිරීමට තිබුණි. එහෙත් එය එසේ සිදු නොවිණි. ඒ වෙනුවට සිදුවුයේ බුද්ධිමතුන් අතර පවා කිසිම වැදගැම්මකට නැති දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව කතිකාවතක් ඇතිවීමයි. මෙයින් රටේ වකුගඩු ප්‍රශ්යට කිසිඳු විසඳුමක් ලැබුනේ නැත. වස විස ගෙන්වන්නෝ ආසනික් යන වදනත් හාස්‍යට ලක් කරන්න විය. 

මහාචාර්ය නලින් ද සිල්වා වැනි වියතෙකු මෙවැනි නරක පුර්වාදර්ශයක් රටට ලබා දීම ඉතා ශෝචනීය බව වැටහෙන්නේ ඉන් පසු රටේ ඇතිවූ වාතාවරණයත් සමගය. අද වන විට ආචාර්ය උපාධි ඇතැයි කියාගන්නන් පවා පේන කියන්නන්ගේ තත්වයට වැටී ඇත. මහාචාර්ය රාජ් සෝමදේවයන් වසර ගණන් අව් වැසි නොතකා පර්යේෂණ කරමින්, කුඩා කුඩා පුරාවස්තු සොයාගනිමින්, ප්‍රාග් ඓතිහාසික සාධක ඉතා සුක්ෂමව අමුණමින්, වෙහෙසකර ගමනක් යද්දී තවත් ආචාර්යවරයෙකු නිකන් බලාගෙන සිටින විට ඔහු ඉදිරියේ පහළවන පෞරාණික රජවරු ඉතිහාස පොත් පිටින් ඔහුට ලියා දෙති. මේවා පිළිබඳව මහත් හරසරින් වැඩ සටහන් පවත්වන මාධ්‍ය මහත්වරුද, ඒවාට  සමාජ ජලා හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා දෙන බ්ලොග් කරුවන්ද, මේ කරුණු බුදු වදන් සේ හිස් මුදුනින් පිලිගන්නා රට වැසියන්ද එමටය. 

මෙම ප්‍රවණතාවය රටක් ලෙසින් ඉදිරියට යාමට ඇති මං ක්‍රමයෙන් අහුරා දමයි. රටේ දැවෙන ප්‍රශ්ණ වලට නියමාකාරයෙන් විසඳුම් ලබා දෙනවා වෙනුවට ජනාධිපතිවරයාගේ සිට හන්දියේ කඩේ සෝමලතා දක්වා සෑම පුරවැසියෙක්ම සාස්තර කරුවන්, පේන කියන්නන් කේන්දර බලන්නන්, දේවාල කපුවන් පසුපස දිව යන යුගයකට අද අපි පා තබා සිටිමු.

මෙය වෙනස් කල යුතුව ඇත. නොඑසේ නම් අප උගන්ඩාවේ ඈත එපිට නොදියුණු ගම්මානයක් කරා වේගයෙන් ඇදී යනු ඇත. 



16 comments:

  1. මිථ්‍යාවෙන් මිදෙන්න ඕන කියලා හිත හදාගන්න යන්නෙත් කොහේ හරි කපටියෙකුට බාරයක් වෙලා. රටම මුලාවෙලා. මේවාට මීඩියා එක බාගෙට බාගයක් වග කියන්න ඕන. දෙරණ ටීවි එකේ හැම පෝය දාට ප්‍රෝගරම් එකක් යනවා "නොපෙනෙන මානය" කියලා. පුලුවන්නම් බලන්න. මිත්‍යාව සහ විද්‍යාව සාක්ච්ඡා වෙනවා.

    ReplyDelete
  2. /මෙහිදී මට හමුවු පර්යේෂණ පත්‍රිකා ගණනාවක 2000-2004 කාලයේදී මේ පිළිබඳව බොහෝ හැදෑරීම් කර තිබුණු අතර විශේෂයෙන්ම බංගලාදේශයේ සහ බටහිර බෙංගාලයේ වගාවන් සඳහා යොදන පොහොර සහ කෘමිනාශක වල ආසනික් අඩංගු වීමත් ඒවා නිසා එහි භූගත ජලය ආසනික් අපවිත්‍රතාවයට පත් වීමත්, එමගින් වකුගඩු රෝගය ව්‍යාප්ත වීමත් පිළිබඳව දීර්ඝ විස්තර කිරීම් තිබුණි. /
    මතකයට පොඩි තට්ටුවක් දාල බලන්න, ඔය සිද්ධියට කෘෂි රසායන සම්බන්ධයක් තිබුනේ නෑ නේද? දියළු අවසාධිත වල තැන්පත්ව තිබූ ස්වාභාවික ආසනික් සංයෝග ගැඹුරට තැනූ නළ ලිං වලින් ලබාගත් ජලයට මුසු වීමක්නේද සිදුවුනේ.

    ReplyDelete
    Replies
    1. Robert D. Morrison and Brian L. Murphy (Editors), Environmental Forensics; Contaminant Specific Guide, Section 3.2.2.2 (Pesticides and Fertilizers), Academic Press, 2005 (ISBN: 978-0-12-507751-4) states that Arsenic in Pesticides and fertilizers is well known in USA for the last many decades and the reference they give are quite old (Alden 1983; Welch et al. 2000; Murphy and Aucott, 1998; Castlehouse et al., 2003 and several others). Some studies have even measured soil arsenic due to fertilizers way back in 80 and 90s (Smith et al., 1998).

      The high concentration of Arsenic in agricultural water and their direct relation to chronicle kidney disease in Bangladesh and West Bengal was well established by 2008 (Duxbury et al., 2007; Kabirand Howard, 2007; Davis, 2006; Hoque et al., 2004 and 2006; Meharg and Jardine, 2003 and many more).

      If a scientist can not develop a hypothesis on the link between kidney disease and arsenic introduced by fertilizers with these scientific information, he better get the support from God Natha for making a living as a researcher.

      Delete
    2. thanks Chandima, it seems that they (Bangladesh) cannot blame anymore to international donors for arsenic contamination frm bad tube wells pgrms.

      Delete
    3. Nut Man: The point is not that. An effect may be contributed by one or several causes. First we have to develop a hypothesis. Then do experiments to justify or nullify it.

      The Bangladesh experience clearly shows (scientifically proven) that arsenic contamination in drinking water is the primary cause of chronic kidney failure in the public. The next hypothesis to be built up is regarding the cause of contamination. Previous experiments elsewhere has shown that fertilizers and pesticides may contaminate irrigation and drinking water. The experiments done in Bangladesh show that deep sediment arsenic get into aquifers and come out with water in tube wells. The next line of experiments needed to be conducted on these phenomena to determine the right cause of contamination (none, one or both. In the last case, in what proportions?). In Bangladesh they have done this scientifically and came with reasonable conclusions. Still there is room to do more experiments to verify what has been found. This is how, science goes forward.

      My main point in this paper was that due to the unnecessary and illogical divine intervention the whole process became a mockery in SL, so that finding a solution to the issue became highly complicated. Unfortunately those responsible for making this blunder are also reputed scientists.

      Delete
  3. නලින් ද සිල්වා සහ නාත දෙය්යෝ ගැනනම් මම දන්නේ නෑ.

    හැබැයි ඔබ කියන නවීන විද්‍යාව ගැනනම් හොදට දන්නවා.
    මෙන්න උබට උදාඝරන 2 ක්
    මේ ඉන්නේ දොස්තර කෙනෙක් දුම්බීම හොද බව කියන දැන්වීමක https://www.youtube.com/watch?v=gCMzjJjuxQI

    මේ තියෙන්නේ http://www.cdc.gov/tobacco/data_statistics/sgr/history/
    ලොව පිළිගත් ඇමරිකාවේ Centers for Disease Control and Prevention
    ආයතනයේ 1964 Luther L. Terry, M.D., Surgeon General of the U.S. Public Health Service කරන ලද විස්තරයක්.

    සියලු විදාය්ත්මක තොරතුරු ලෝකයේ තිබියදී දුම්බීම අහිතකර බව කියන්න දශක ගණනාවක් තව විද්යත්නයන් පිරිසක් තර්ක කළා දුන්බිම හානියක් නොවනබව ලෝකයට කියන්න, මිට හේතුව වෙන මොකක්වත් නෙමෙයි
    Money money money; https://www.youtube.com/watch?v=ETxmCCsMoD0

    ReplyDelete
    Replies
    1. ඔබගේ පිළිතුර පැහැදිලිවම පෙන්වනවා, මේ ලිපිය පිළිබඳව ඔබට මෙලෝ වැටහීමක් නැති බව. ලේඛකයා පවසන්නේ (මට වැටහෙන විදියට) අන්තර්ජාලයේ කරුණු අධ්‍යනය කරමින් පහසුවෙන් ලබාගත හැකි දැනුම (2011 වන විට) ගැන කිහිප දෙනෙකු විසින් දෙවියන් වහන්සේට credit එක දීමයි. තර්කය නම් එසේ නොකර විද්‍යාත්මකව ඉතිරි කටයුතු කළා නම් මේ වකුගඩු ප්‍රශ්නයට සාර්ථකව විසදුමක් ලබා දිය හැකිව තිබුණු බවයි. අද ඔබ කොටන පරිගණකයේ සිට ඔය කියන මහාචාර්ය වරයා ඇතුළු සියළුම ආචාර්යවරු භාවිතා කරන සුඛ විහරණ ලබා දී ඇත්තේ නාථ දෙවියන්වහන්සේ නොව ඔවුන් ගරහන බටහිර විද්‍යාවම බව ඔවුන්ට අමතකය.

      හැමදේකම මෙන් බටහිර විද්යාවේද වැරදි ඇත. එමෙන්ම එය අවභාවිතා කරන්නන්ද බොහෝ ඇත. අද පවතින බටහිර විද්‍යාව හෙට සම්පුර්ණයෙන්ම බිද වටෙන්නද පුළුවන. එහෙත් මේ එකක්වත් ඉහත ලිපියට අදාළ නොවන බව ඔබට මෙන්ම තව බොහෝ දෙනෙකුටද නොවැටහෙන බව ඉදිරියේදී අපට මෙහි පලවන කොමෙන්ට් මගින් දැනගත හැකි වනු ඇත.

      Delete
    2. බටහිර විද්‍යාව පමණක් නොව ආගම, ජාතිය, කුලය, වංශය, ආයුර්වේදය, යෝගී ව්‍යායාම, භාවනාව ආදී මෙකී නොකී සෑම දෙයක්ම මුදල් ඉපයීම සහ බලය ලබා ගැනීම සඳහා යොදා ගැනීම අද පමණක් නොව මීට වසර දහස් ගණනකට පෙර සිටම සිදුවිය. ඒ ආගමේ ජාතියේ...... වැරැද්ද නොවන බව සමහරු තේරුම් ගන්නේ නැත. එක්කෝ තේරුම් නැත.

      Delete
    3. Dave Richard Silva24 April 2016 at 02:24,

      මේ හි පටලාගෙන ඇත්තේ මම නෙමෙයි ඔබයි.
      මෙය ලියපු පුද්ගලයා කියන්නේ

      //මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පිරිස මේ සංසිද්ධිය පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයේ ඊළඟ පියවර තුන තැබුවා නම් අද වන විට මෙම මාරක වකුගඩු රෝගයට ස්ථිරසාර විසඳුමක් මෙන්ම අදාළ ආනයන සමාගම් වලට එරෙහිව නෛතික ක්‍රියාවලියක්ද ක්‍ෂණිකව ආරම්භ කිරීමට තිබුණි. එහෙත් එය එසේ සිදු නොවිණි. //

      එනම් මුලින්ම මෙම පසට ආසනික් විශාල ලෙස එකතුවී ඇත්තේ බුගත ක්‍රියාවලියක් නිසා නොව ගෙනෙන පොහොර සහ කෘමිනාශක වලින් බව රජයට පැහැදිලිව ඔප්පු කිරීමයි එසේ කොට එය ඇත්තනම් මේ රසායන ද්‍රව්‍ය තනහම් කිරීමයි කලයුත්තේ.

      මෙය තව විදියකින් බලන්න පුළුවන් එකම ප්‍රදේශයක රසායනික බෙහෙත් යොදා නිපදවන ලද සහලුත් රසායනික බෙහෙත් වලින් තොරව නිපදවන ලද සහල් වලත් අඩංගු ආසනික් ප්‍රමාණය විද්‍යාත්මකව ගණනය කලානම් රසායනික නොයොදන සහල්වල ආසනික් නැත්නම් සහ රසායනික ගැසූ සහල්වල ආසනික් ඇත්තනම් පහසුවෙන් නිගමනය කළහැකි වෙයි රසායනික පොහොර සහ කෘමි නාශක වලින් මේ ප්‍රශ්නය හටගන්නා බව, මෙවැනි ක්‍රමවේදයකින් ඉදිරිපත් නොකර මෙසේ දේවියෙක් යොදාගනිමින් මේ පර්යේෂණය අවුල්කල බවයි මේ ලිපිය ලියන මහතා සදහන් කරන්නේ.

      මම ඒ අදහස සමග ප්‍රශ්නයක් නෑ මම කියන්නේ මේ විදියට සාදක ඇතුව ඔප්පු කලත් මිට විරුද්ද වීමට මුදලට ගන්නා මහාචර්ය වරු සිටින බවයි.

      ඔබ නොදන්නවා උනාට මේවා මේවනවිටත් විද්යත්නයන් ඔප්පුකර පෙන්වා අවසන්
      https://www.youtube.com/watch?v=Fl3pyft4fws

      නමුත් තහනම් වීමක් නොවෙන්නේ මුදල් නිසා එසේ නැතිව නවීන තක්ෂණය ගැන මට ප්‍රශ්නයක් නෑ

      Delete
    4. Lankika Sithuwili: ඔබ කියන කතාවේ පැහැදිලි සත්‍යයක් තිබෙනවා. ලෝකයේ අනෙක් රටවල මෙන්ම ලංකාවෙත් මුදලට මෙන්ම ජිවිතය පිළිබඳව ඇති ආශාව නිසාත් නොයෙකුත් සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන විද්‍යාඥයන් පිරිසක් සිටිනවා. කෘමිනාශක සහ ආසනික් ගැටළුව පිළිබඳව කොපමණ කරුණු සාධක සහිතව විද්‍යාත්මකව ඔප්පු කලත් එයට එරෙහිව පිරිසක් රුපවාහිණිය දෙවනත් කරනු ඇත. මෙය ඉහත Dave Silva සඳහන් කරන ආකාරයටම බටහිර විද්‍යාවේ වරදක් නොව ලෝක ස්වභාවයයි.

      නමුත් ආසනික් ප්‍රශ්ණයට දෙවියෙක් ඈඳා ගැනීමත් සමගම කෘමිනාශක සහ පොහොරවල ආසනික් ඇති බව සනාථ කිරීමට ඉදිරිපත් විය හැකිව තිබු බොහෝ දෙනෙක් නිහඬ වුනා. බාධක හමුවේ වුවත් සටන් කරමින් සාර්ථක ජයග්‍රහණයකට යන්න උර දිය හැකිව තිබු සෙන්පතියන් බොහෝ දෙනෙක් හැලුණා. මා ලිපියෙන් කීමට අදහස් කලේ එයයි. ලංකාවේ සිටි සරසවි කථිකාචාර්යවරයෙක් ලෙසත් තවමත් ලංකාවේ පර්යේෂණ අංශය හා සම්බන්ධ කෙනෙක් විදියටත් මා මේ පිළිබඳව හොඳාකාරයෙන්ම දන්නවා.

      මේ අයුරින් මේ කතිකාවතට සම්බන්ධ වීම පිළිබඳව ඔබ දෙදෙනාටම මා කෘතඥ වනවා.

      Delete
    5. Chandima,

      //නමුත් ආසනික් ප්‍රශ්ණයට දෙවියෙක් ඈඳා ගැනීමත් සමගම කෘමිනාශක සහ පොහොරවල ආසනික් ඇති බව සනාථ කිරීමට ඉදිරිපත් විය හැකිව තිබු බොහෝ දෙනෙක් නිහඬ වුනා.//

      හරියට හරි ඔබ හා එකගයි මේ සිධ්දියේදී. මට හරි පුදුමයි මහාචර්ය නලින් ද සිල්ව වැනි කෙනෙක් කරපු වැඩේ ගැන ඔහු සිදුකලේ අදාළ පර්යේෂණය විනාශ කිරීම බව ඔහුට නොවටහිමයි කණගාටුව.

      Delete
    6. ඇත්තෙන්ම වකුගඩු රෝගය ගැන මේ කාරණාවේදී මගේ පෙර ගුරුවරු ද ඇතුලත්ව ලංකාවේ විද්‍යාත්මක ප්‍රජාව ක්‍රියාත්මක වූ සමහර ආකාරයන් ගැන මට ඒ කාලයේ වටහාගැනීමට අපහසු තැන් තිබුනා. ඒ බොහෝ දෙනෙක් මේ ගැන මත ප්‍රකශ නොකර මුනිවත රැකීම ගැනයි. නමුත් මට දැන් වැටහෙනවා ඔවුන් එසේ මුනිවත රැකීමට තීරණය කලේ ඇයිද කියා.

      මගේ පෙර ගුරුවරයෙකුද වන මහාචාර්ය ගෝමස් කියන කතාව මගේ දැනුම අනුව නම් සත්‍යයක්. එසේම, මේ කතාවට දෙවියන් ඈඳා ගැනීමට අමතරව ඔවුන් තවත් විශාල වරදක් සිදුකලා. ඒ ඔවුන්ගේ මතයට එරෙහි වූ පර්යේෂකයන්ට ඍජුව මෙන්ම වක්‍රව වෙන අය ලවා අවලාද නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමයි. ඇත්තෙන්ම වකුගඩු රෝගය ආසනික් හෝ කැඩ්මියම් හෝ බැර ලෝහ වලටම පමණක් බැර කිරීම මම නම් පිළිගන්නේ නැහැ. ඉතා විෂ සහිත සංස්ලේෂිත කාබනික සංයෝග (toxic synthetic organic compounds) පලිබෝධ නාශක ලෙස අධිකව භාවිත කෙරෙනවා මේ ප්‍රදේශ වල. ඒවායේ අවශේෂ (residuals) ඉතා විෂ සහිතයි. සමහර විට මුල් පලිබෝධනශකයටත් වඩා විෂ සහිත වෙන්නත් පුළුවන්. නමුත්, මේවා කියනවාට ඔවුන් කැමති නැහැ. වකුගඩු රෝගයට එකම හේතුව ආසනික් බව පිළිනොගන්නා හැම දෙනාම එහෙම කරන්න කාගෙවත් මුදල් නිසා නොවෙයි. නමුත්, එක ඔවුන්ගේ විද්‍යාත්මක මතය (scientific opinion). පෙර කී එක මහාචාර්ය නලින්ගේ විද්‍යාත්මක මතය. ඒ දෙකම මත මිසක් ප්‍රත්‍යක්ෂ කරුණු (facts) නොවෙයි.

      මම දන්නා කරුණක් නම් එවකට මේ අය ආසනික් ප්‍රමාණික විශ්ලේෂණය කලේ පරමාණුක අවශෝෂණ වර්ණාවලිමානයක (Atomic Absorption Spectroscopy) Hydride Generation නමැති ක්‍රමය මගින්. මම ඉතා හොදින් පුද්ගලිකව දන්නා ලංකාවේ විශ්විද්‍යාලයක ජේෂ්ඨ කතිකාචාර්ය වරු දෙදෙනෙක් මේ සාම්පල් ජපානයට ගෙනවිත් ඉතා නවීන, සාපේක්ෂව අතිශය සංවේදී Inductively coupled plasma mass spectrometry (ICP-MS) ක්‍රමය මගින් පරීක්ෂා කළා. එහිදී ආසනික් අනාවරණය වුනේ නැහැ. නමුත් ඔවුන් ඒ ප්‍රතිපල වලට ලොකු ප්‍රසිද්දියක් දී ප්‍රකාශ නොකර ඉන්නේ මේ මුදල් ගත්තා යන අවලාද චෝදනා ඇසීමට අවශ්‍ය නැති බව කියමින්.

      හැමදේටම ඩොලර් සහ බටහිර කුමන්ත්‍රණ සම්බන්ධ කරගැනීම ඉතා කණගාටුදායක කරුණක්. වකුගඩු රෝගයට හේතුව ආසනික්මය යන මතයට එකග නොවෙන හැමදෙනාම එහෙම කියන්නේ මුදල් අරගෙන නොවෙයි.

      වකුගඩු රෝගයෙන් මගේ රටේ මිනිසුන් මියයාම මටත් කම්පනයක්. නමුත් පරල වූ යකදුරෙක් මෙන් ලවක් දෙවක් නැතුව විරුද්ධ මත දරන්නන්ට බැණ වදීමෙන් හෝ අවලාද නැගීමෙන් පමණක් මේ ගැටලුව නොවිසදෙන බවත් එයින් වන්නේ මේ ගැටලුවට යමක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නා පර්යේෂනකයන් තව තවත් එලවා දැමීමක් බවත් අමතක කරන්න හොද නැහැ.

      Delete
    7. කෙන්කියුෂා: අවිද්‍යාවෙන් (බටහිර) විද්‍යාවට: You have touched several dimensions of this issue that I didn't see. Thank you very much for that. Honestly, even I will be little scared to talk openly regarding this issue if I lived in Sri Lanka. The counter attacks were so intense and unethical to digest as a scientist.

      Delete
    8. Actually, I was also an analytical chemist. In my opinion,

      many toxic metal ion analysis projects just collect samples, (some times do pre-treatment,) aspirate them on AAS (Atomic Absorption Spectrophotometer) machine and take results. However, these results are too general for a solid conclusion. Because, AAS just give the bulk concentration of an element. On the other hand, metal ion speciation is also quite important factor of their toxicity. For example, Cr3+ and Cr6+ states may show different toxicities. In order to evaluate concentrations without disturbing their speciation, voltametric methods must be used. Moreover, organometallic compounds and simply hydrated metal ions may also have quite different toxicities. ESI-MS or slimier technique should be used to analyse organometlic compounds. But, these analysis are not very easy like AAS aspiration. Still, most of them are just talking about a toxic metal element despite there can be lot of other reasons including toxic synthetic organic compounds and residuals.

      Delete
    9. what is the real reason for this?

      Delete
  4. Many people will find this very hard to digest. Irrespective of the religion people are fascinated say that something has happened due to super natural powers rather than pure hard human efforts.

    ReplyDelete