Tuesday 8 July 2014

The story of Avocado Tree

අලි ගැට පේර ගහේ කථාව 




මේ කතාව ගොඩක් අය දන්නවා. 

ලියන්නේ නොදන්නා අයට දැනගෙන පොඩ්ඩක් හිනාවෙන්න 

මේක 70 දශකයේ වෙච්ච සත්‍ය කථාවක් 

පේරාදෙණිය මණ්ඩපෙන් කෘෂිකර්මය පිලිබඳ ගෞරව උපාධියක් අරගෙන පිට වෙච්ච ඇත්තෙක්ට ටිකක් ඈත පළාතකට පත්වීමක් ලැබුන, කෘෂිකර්ම උපදේශකයෙක් විදියට. මිනිහ ටිකක් නගරබදව හැදිච්ච හාදයෙක්. අර පිටිසර මනුස්සයෙක්ව දැක්කම "අන්න ගොඩේ බයියෙක් යනවා" කියල කියන කට්ටියක් ඉන්නේ. මිනිහ අන්න ඒ පන්නේ.

පත්වීම ලැබුණු දවසේ ඉදන් මිනිහගේ වැඩේ ජැන්ඩියට ඇඳලා ටයි එකක් එහෙමත් දාගෙන ගම වටේ ගොවිපොළවල්වල කරක් ගහනවා. ගොවියෙක්, හරක් පට්ටි අයිති කාරයෙක් එහෙම දැක්කොත් නොසෑහෙන්න බනිනවා විද්‍යානුකූලව වැඩේ කරන්නේ නැහැ කියල. 

දවසක් මේ මහත්තය ගියා ගෙවතු වගාවේ යෙදිල ඉන්න ගැමියෙක් හමුවෙන්න. 

ඔන්න දැන් මහත්තයයි ගැමියයි දෙන්න වත්තේ ඇවිදිනවා. ඒ අතරේ ගොවි උපදේශක මහත්තය ගැමියව නොසෑහෙන්න පාච්චල් කරනවා නවීන ක්‍රම දන්නේ නැහැ කියල. 

ඔන්න ඉතින් දෙන්න අතු පතර විහිදුන තරමක ගහක් ලඟට ඇවිල්ල නැවතුනා ටිකකට. අපේ උපදේශක මහත්තයා පටන් ගත්තා සුපුරුදු කියවිල්ල 

"ඔන්න බලනවා, තමුසෙලා වවන්නන් වාලේ වවනවා. කිසිම තාක්ෂණික දැනුමක් නැහැ. අයිසේ! මේ ගහට විද්‍යානුකූලව පෝර දාල, නවීණ තාක්ෂණයට අනුව අතු කප්පාදු කරලා හැදුවොත් එක මුරේකට අලි ගැට පේර ලොරි ලෝර්ඩ් එකක් කඩන්න පුළුවන්....!

"බුදු අප්පොච්චියේ මහත්තයෝ..! එහෙමත් පුළුවන් ද  ඈ" ගැමියා ඇස් දෙක උඩ ඉන්දගෙන ඇහුවා.

"ඔන්න බලනවා... තමුසෙලට මේවා අහනකොටත් පුදුමයි නේද?"

"පුදුම නොවී පුලුවන්ද මහත්තයෝ.... ලාවුළු ගහකට පෝර දාල අලි ගැට පේර කඩන්න පුළුවන් කිව්වම" ගැමියා අහිංසක විදියට උත්තර දුන්න... 










1 comment:

  1. කෘශි නිළදාරි තුමා ඒ කාලේ හැම ගෙවත්තකම තිබුන ලාවුලු දන්නේ නෑ කීවම පුදුමයිනේ. මේ වෙද්දි නම් ලාවුලු නැති තරම් කියලා බ්ලොග් අවකාශයේ මේ ඊයෙ පෙරේදා කතා වුනා.
    ඔය ඒ කාලේ බොහෝ උගතුන්ට( සහතික තිබුන අයට) තිබුන පොදු ලෙඩක් නේද?

    ReplyDelete