පරම්පරාවේ මුට්ටිය
එකමත් එක රටක ජීවත් වූ වංශවත් පවුලක් සතුව රනින් කැටයම් දැමු අගනා පෞරාණික මැටි මුට්ටියක් තිබිණ. මෙය පරම්පරා ගණනාවක් පුරා රැකගෙන ආ මහානර්ඝ වස්තුවකි.
පියාගෙන් වැඩිමල් පුතාට ආකාරයෙන් හිමි කම පැවරුණ මුට්ටිය අවසානයේ සිහිමද ගතියෙන් යුත් මෝඩ පහේ පුතෙකුට හිමිවිය. තාත්තා සිය පුතාට මුට්ටිය පිලිබඳ අයිතිය පවරද්දී ඔහුට තරයේ අවවාද කළේය.
"දිවි හිමියෙන් මුට්ටිය රැක ගත යුතු බවත් කිසිවෙකුටත් එය සොරා ගැනීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු පුතාට තරයේ පැවසුවේය".
පියාගේ ඔවදන් හොඳින් හිතට ගත් මෝඩ පුතාද කොහේ ගියත් මුට්ටිය තම මල්ලේ දාගෙන යමින් එය රැක ගන්න විය.
දිනක් ඔහුගේ මල්ල ගැන ඉව වැටුණු මං පහරන සොරෙක් ඔහු තනිවම සිටින වෙලාවක් බලා ඔහු ඉදිරියට කඩා පැන මුට්ටිය පැහැර ගැනීමට තැත් කළේය.
මෝඩ පුතා යන යන තැන මුට්ටිය රැගෙන ගියත් සොරෙකු එය ගන්න තැත් කලොත් මුට්ටිය බේරා ගන්නා ක්‍රමයක් ගැන සිතා සිටියේ නැත.
මෙහිදී ඔහුට පියාගේ අවසන් අවවාදය මතකයට ආවේය. කෙසේ හෝ මුට්ටිය සොරාගැනීමට ඉඩ නොදිය යුතුය.
මං පහරන්නා තමා දෙසට කඩා පැනීමට උත්සහ කරයි. ළඟ ඇත්තේ මුට්ටිය පමණි. ඔහු දෑත බදා මුට්ටිය ඔසවා සොරාගේ හිසට පහරක් එල්ල කළේය. මුට්ටිය කුඩු වී ගියේය. වික්ෂිප්ත වූ සොරා ලේ ගලන හිස අල්ලා ගෙන පැන දිව්වේය.
"කොහොම හරි මම තාත්තා කියපු විදියටම මුට්ටිය හොරාට ගන්න ඉඩ තිබ්බේ නැහැ" ඔහු පස් වනක් ප්‍රීතියෙන් උඩ පනිමින් ගෙදර දිව්වේය.
"දිවි හිමියෙන් මුට්ටිය රැක ගත යුතුය" යන අවවාදයේ පළමු මෙන්ම වැදගත්ම කොටස ඔහුට මතක තිබුනේ නැත..............
ඥානසාර පසුපස දුවන "සිංහල බෞද්ධයාද" මෝඩ පුතාට දෙවෙනි නැත.......................
******************************
///////ඥානසාර පසුපස දුවන "සිංහල බෞද්ධයාද" මෝඩ පුතාට දෙවෙනි නැත.......................///////////
ReplyDeleteඇස් පනාපිට පේනවනේ සිද්ධ වෙන දේවල්. ඇස් දෙකට වඩා මේ වනවිට ඕන තුන්වෙනි ඇසක්... ඒවා ඊට වඩා අන්ධයි. දුකයි.