Wednesday 6 November 2013

මරා හැංගීම: මොන්ගෝලියාවේ කථාවක්




මිනී මැරීම භයානක අපරාධයක්. මිනී මැරීම හෙළිවුන දාට දඩුවම බොහොම දරුණුයි. මේ නිසා මිනී මරණ අය හැමතිස්සෙම බලන්නේ ඒක රහසක් විදියට තියාගන්න. 

මිනී මරනවට වඩා අමාරු දේ තමයි මරපු මිනිහගේ දේහය, ඒ කියන්නේ මිනිය හංගන එක. මොන්ගෝලියාවේ මිනිස්සු මේ කාරියේදී එක එක කාලෙට එක එක දේවල් කළා. 

ඉස්සරම මිනිය කොහේ හරි  වැලලුව. හැබයි ඉතින් කවද හරි එහෙම වළලපු මිනියක් ගොඩ ගන්න තියන ඉඩකඩ වැඩියි. අවුරුදු ගණනකට පස්සෙත් වළලපු මිනී ගොඩ අරගෙන නඩු අහපු අවස්ථාවල් තිබුන. 

වැසිකිලි වලවල් වල, මඩ ගොහොරු වල මිනිය දමපු කාලවලුත් තිබුණා. එහෙම දමපු මිනී අහුවෙච්ච වෙලාවලුත් තිබුණා. 

60-70 දශකවල මරපු මිනිස්සුන්ගේ දේහය පාන් හෝ ගඩොල් පෝරණු වල දාල පිච්චුව කියල කථා තියෙනවා. හැබැයි ඉතින් ඇට කැල්ලක් දෙකක් ඉතුරුවෙලා නීතියේ රැහැනට අහුවෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. ඔයකාලේම තමයි මිනිය ඇසිඩ් භාජන වල දාල දිය කළා කියලත් කථා පැතිරුනේ.

80 ගණන්වල මොන්ගෝලියාවේ අය කිව්වේ සමහර මිනිස්සුන්ව මරල කනත්තේ ගෑස් පෝරණුවේ දාල පිච්චුව කියල. කොහොමත් ඒක තියෙන්නේ මිනී පුච්චන්න හින්ද කවුරුවත් සැක කරන්නෙත් නැහැ. හැබැයි මෙතැනදී පොඩි පරහකට හිටින්නේ කරපු වැඩේ සොහොන් පල්ලා දැනුවත්ව කරන්න ඕනේ එකයි.  නිසා සමහර වෙලාවට සොහොන් පල්ලටත් ගෑස් පොරනුවේම අවසන් ගමන් යන්න වෙලා තියෙනවා. 

80 අග භාගේදී නම් මරා හංගන්න වුවමන වෙලා නැහැ. ඒ කාලේ වෙලා තියෙන්නේ මරා ප්‍රදර්ශණය කිරීමලු.

ගොඩක් දිගට කියන්න ගියොත් කථාව එපා වෙනවා. ඒක නිසා මම අද කාලේ මොන්ගෝලියාවේ මරා හංගන විදිය  කියන්නම්.

මරන්න ඕනේ කෙනාව ක්ලොරෆොර්ම් අල්ලලා සිහිය නැති කරලා වාහනේකට දාගන්නවා. ක කෙලිම්ම එන්නේ මුහුද අයිනේ තියන මිනිමරුවන්ගේ තිප්පලකට. එතැනදී සිහිසුන් මනුස්සයව බෝට්ටුවකට දාගන්නවා. දාගෙන කිලෝමීටර දහයක් විතර ඈතට මුහුද මැද්දට ගෙනියනවා. හරි තැනට ආවම (හරි තැන මිනිමරුවෝ දන්නවා) අර මනුස්සයාගේ බඩ හරහට කපල මුහුදට දානවා. තවමත් මැරිලා නැති නිසා මුහුදට දමපු සිරුරෙන් හතර අතට ලේ ගලනවා. මේ ලේ සුවඳට හැතැප්ම ගණනක් ඈත හිටියත් විනාඩියෙන් මෝරු රංචුවට එතනට එනවා, උන්ට හොඳ කෑමක් ලැබෙන නිසා. 

මැරිච්ච මනුස්සය ගැන ආයෙමත් කවදාවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. 

ඔය නීති විශාරදයෝ කියන්නේ මළමිනී කතා කරයි කියල. ඒක  හරිම විහිළුවක්. කථා කරන්න මළමිනියක් තියෙන්න එපායැ .

ඕක තමයි කථාව.

***********************************

හැබැයි මේ කතාවේ අර අන්තිමටම කියපු කාරණේ පොඩි හුටස්පරයක් තියෙනවා කියල ඕගොල්ලන්ට තේරුණේ  නැද්ද?

මොන්ගොලියාවට කොහෙද මුහුදක්? ලඟම තියෙන මුහුදට කිලෝ මීටර දෙතුන් දාහක් යන්න ඕනේ. එකත් අනුන්ගේ රටවල් හරහා. 

හැබැයි ලංකාවේ ඉන්න ඔයගොල්ලන්ට නම් ඕක අරුමයක් නෙවෙයි.... 

මොකද අර බම්බබලපිටියේ බැබළෙන මැජෙස්ටික් සිටියේ ආහාර අංගනයේ (ෆූඩ් court එකේ) තියෙන්නේ මොන්ගෝලියන් Seafood රෙස්ටුරන්ට් එකක්. ඔය ගොල්ලෝ රහ කර කර කන්නේ මොන්ගොලියාවෙන් අල්ලන මුහුදු මාළු...........!!!







2 comments:

  1. අම්මෝ අපි දන්නැ ඔව්වා

    වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරන්න

    ReplyDelete
  2. I really appreciate your professional approach.These are pieces of very useful information that will be of great use for me in future.
    uplay365

    ReplyDelete