Tuesday, 13 January 2026

එදා විපක්ෂයෙන් අද විපක්ෂයට පණිවිඩයක් -1

 


ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සිදුවන විට මට යන්තම් අවුරුදු 5 කි. 

එවකට අපේ මාමා එස් ද එස් ජයසිංහ මහතාගේ සමීප ආධාරකරුවෙක් මෙන්ම දෙහිවල ගල්කිස්ස එජාප ප්‍රධාන සංවිධායකයෙක් විය. අපිට බොහෝ සෙයින් කිට්ටුවන්ත යක්කල-ගම්පහ ඥාති පිරිස උග්‍ර ශ්‍රීලනිප පාක්ෂිකයන් විය. මේ නිසා අපේ නිවසත් මගේ මිත්තණියගේ නිවසත් ඉතා උණුසුම් දේශපාලන සාකච්චා මණ්ඩප විය. මීට අමතරව මට අයියා වන ඥාතීන් කිහිප දෙනෙක් ජේවීපී ක්‍රියාකාරීන් විය. අපේ ආච්චි ඔවුන් හැඳින්වුයේ චේගුවේරාකාරයන් කියාය. මේ සියල්ලෝම අපේ නිවෙස්වල නිතර හමුවිය.

ප්‍රේමවතී ඝාතනය ජනතා සිත් බෙහෙවින් සසල කළේය. නමුත් එවකට ප්‍රධාන විපක්ෂය වූ එජාපයෙන් ඒ පිළිබඳව මහා හඬක් නැගුනේ නැත. 1971-1976 අතරතුර කාලය සාපේක්ෂව නිහඬ විපක්ෂයක් පැවති දේශපාලන යුගයක් විය. ගැටුම් ඇතිවුයේ හවුල් ආණ්ඩුවේ පක්‍ෂ අතරමය. දැඩි සංවෘත්ත ආර්ථික ක්‍රමවේදය නිසා ජනතාව පීඩනයට පත් වූ අතර ඔවුන් තුල ආණ්ඩුව කෙරේ අප්‍රසාදයක් ගොඩනැගෙමින් තිබුණි. මතුපිටින් මහා ඝෝෂා, විරෝධතා නොකලාට එජාපය බිම් මට්ටමේදී ඉතා තදින් ක්‍රියාත්මක විය. මගේ මාමලා කුමක් හෝ හේතුවක් සොයාගෙන ප්‍රදේශයේ නිවාසවලට නිතර ගියෝය. එය වෙසක් දන්සැලක්, ශ්‍රමදානයක්, පන්සලේ පිංකමක්, මරණාධාර සමිතියක කටයුත්තක් වැනි ඕනෑම දෙයක් ගැන කතාකිරීම සඳහාය. මේ සුහද ගමන්වලදී ඔවුන් වක්‍රාකාරයෙන් ආණ්ඩුව විවේචනය කිරීමටත් එජාපයේ හොඳ කීමටත් නොපැකිලුනේය. 

වීරසුරිය ඝාතනය සිදුවන විට මට අවුරුදු 10ක් පිරී තිබුණි. එතැන් සිට මහා මැතිවරණයට පැවතියේ අවුරුද්දකටත් අඩු කාලයකි. එතෙක් නිද්‍රශීලීව සිටි එජාපය එක්වරම නැගිට්ටේය. රජයට ලොකු සම්බන්ධයක් නොතිබුණු ප්‍රේමවතී මනම්පේරි ඝාතනයත් එජාපයට කිසිඳු අදාළත්වයක් නොතිබුණු වීරසුරිය ඝාතනයත් එජාප වේදිකාවේ ගිගුම් දෙන්න විය. ඒවා අසා සිටින්නෙකුට මනසින් මැවී පෙනුනේ එදා රටේ අගමැතිනිය තුවක්කුවක් රැගෙන ගොස් මේ ඝාතන සිදුකලා වැනි හැඟීමකි. 

ඊළඟට එජාපය ඇදගත්තේ එවන විට රටේ තිබූ දැවෙන ප්‍රශ්ණයක් වූ ආහාර හිඟයයි. එජාප වේදිකාවල බොම්බයි ළූණු, ඇපල්, මිදි, උම්බලකඩ පෙන්නමින් වේදිකාව පහල කලින් පුහුණු කර සිටි පොඩි දරුවෙකුගෙන් ඒ මොනවාදැයි අසනු නිතර දැකිය හැකි විය. පොඩි එකා ළූණු ගෙඩියට රබර් බෝලයක්, කුරුම්බැට්ටියක් ආදී වශයෙන් කියයි. වරක් ඕඩර් එක පටලවාගත් පොඩි එකෙක් ඇපල් ගෙඩියට කරෝල කූරියෙක් යයි කිව්වේ සියල්ලෝම සිනා ගස්සමිනි (එය උම්බලකඩය සඳහා වන පිළිතුරයි).

ඊලග මාස කිහිපයෙහි වැඩ වර්ජනයක්, මහා පරිමාණයේ විරෝධතාවයක්, උද්ඝෝෂණයක්, පෙළපාලියක්, පා ගමනක් නොතිබුණ දවසක් නැති තරම්ය. එජාපය තම උපරිම ශක්තිය යොදාගෙන අවසන් මාස කිහිපය ඇද්දේය.

එහි ප්‍රතිඵල දැන් ඉතිහාසයට එක්වී බොහෝ කාලය. එතෙක් මෙතෙක් ආණ්ඩුවක් චන්දයක් දිනූ වැඩිම ආසන ගණන වූ හයෙන් පහක බලය ලබා ගෙන ජේ ආර් අගමැති විය. 

ඊළඟට අපි මෙවැනි විපක්ෂයක් දුටුවේ චන්ද්‍රිකා මැතිණිය ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ නායකත්වය ගැනීමත් සමගයි. ආර් ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පසු වසර දෙකක් පමණ ඇය සාපේක්ෂ නිහඬතාවයකින් බිම් මට්ටමේ සංවිධානයන් සිදුකර 1993 බස්නාහිර පළාත්සභා චන්දයේ සිට 1994 ජනාධිපතිවරණය දක්වා කාලය තුල තම උපරිම ශක්තිය යෙදෙව්වාය. විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතාද 2002-2004 කාලය තුල ජාතික මට්ටමේ විරෝධතා පසෙක තබා තම පක්ෂය තුලද බිම් මට්ටමේද ප්‍රතිසංවිධාන කටයුතු වලට මුල් තැන දුන්නේ මැතිවරණය සඳහා විශාල ශක්තියක් ඉතුරුකරගනිමිනි. 

ඊළඟට මා දුටු හොඳම විපක්ෂ සටන කලේ NPP යයි. "තමන්ට කිසිවිටෙක තනියම බලයට ඒමට නොහැකිය" යන සිතුවිල්ලෙන් පසු වූ ජවිපෙ දශක ගණනාවක් කිසිඳු කාල-ආකෘතියකින් තොරව ad-hoc basis events සංවිධානය කළේය. මේ නිසා මැතිවරණයක් ලං වන විට ඔවුන්ට කාගේ හෝ ඇඟේ එල්ලෙනවා හැර විකල්පයක් නොවීය. ඊළඟට ඔවුන් වරදවා ගත්තේ 2022 ජන නැගිටීමයි. එවන විට අරගලය ලෙස බෞතිස්ම ලබා නොතිබුණු මේ ජන රැල්ලට තමාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවත්,  සහභාගී වන්නන්ගේ ආරක්ෂාව පිලිබඳ තම පක්ෂය වග නොකියන බවත් ඔවුහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලෝය. එහෙත් අරගලය ගම්‍යතාවය ලබමින් ඉදිරියට යනවිට ඔවුන් තම ස්ථාවරය වෙනස් කරගනිමින් ඊට නොයෙක් ආකාරයෙන් දායක විය. 

පසු-අරගල කාලය තුල ඔවුන් නැවත සාපේක්ෂ නිහැඬියාවකට පත්විය. මේ නිහැඬිතාවයට යටින් NPPය ඉතා තීව්‍ර ක්‍රියාන්විතයක් බිම් මට්ටමේද ජාත්‍යන්තරයේද  දියත්කර තිබුණි. මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව දෙගිඩියාවක් තිබු කාලයේද ඔවුන් ඒ පිළිබඳව ඇඟට දැනෙන විරෝධයක් දියත් කලේ නැත. ඔවුහු ඒ වෙනුවට කාලය මිළදී ගත්හ. මැතිවරණය ප්‍රකාශ වූ වහාම ඔවුන් අධි ජවයකින් තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේය. ඒ සඳහා පුර්ණ ශක්තිය ඔවුන් ඉතිරි කරගෙන තිබුණි.

ඒ වන විට අරගලයට වසර දෙකක් ඉකුත් වී තිබූ අතර බොහෝ දෙනෙක්ට අරගලයේ මුල, මැද, අග පැටලී තිබුණි. මෙයින් උපරිම ප්‍රයෝජන ගත් NPPය අරගලයේ පියවරුන් බවට පත්විය. 


එදා විපක්ෂයෙන් අද විපක්ෂයට පණිවිඩයක් -2


අප මේ වන විට සිටින්නේ ඉතිහාසයේ දුර්වලම විපක්ෂය සමගය. මා කියන්නේ විපක්ෂයේ අඩු පාර්ලිමේන්තු ආසන ගණන ගැනවත්, ඔවුන්ගේ සංවිධාන ශක්තියේ පිරිහීම ගැනවත්, මිනිස්-ධන බලය අඩුවීම ගැනවත් නොවේ. ඔවුන්ට ඉදිරි වැඩපිළිවෙලක් හෝ දැක්මක් නැතිකම ගැනය. මීට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ ඔවුන් 2022 අරගලය සම්පුර්නයෙන්ම වැරදියට කියවා ගැනීමයි. විප්ලවයක් බලහත්කාරයෙන් ඇති කල නොහැක. එය ජනතාව තුලින්ම ඇතිවිය යුතුය. ඔබ දක්ෂ දේශපාලකයෙකු නම් ඔබට කල හැක්කේ ඇතිවන විප්ලවයට නායකත්වය දීම පමණි. මෙය ජන අරගල වලටද වලංගුය. 

ඉතා සාධාරණ උපකල්පනයක් වන්නේ මෙවන් ජන අරගලයක් තවත් සියවස් ගණනාවකටවත් ලංකාවේ සිදු නොවන බවයි. නමුත් විපක්ෂය ක්‍රියා කරන්නේ අරගලය සිල්ලරට ගත හැකි භාණ්ඩයක් ලෙස සිතාගෙනය. 

ප්‍රධාන විපක්ෂ සංඝටක දෙකට සටන ඇත්තේ ආණ්ඩුව සමග නොව තම පක්ෂ දෙක අතරය. ඔවුන් ආණ්ඩුවට තරඟෙට පහර දෙන්නේ ආණ්ඩුවට රිද්දීමට වඩා මහජනතාව අතර තමන්ට අනෙක් විපක්ෂ කණ්ඩායමට වඩා වැඩි බලයක් තිබෙන බව පෙන්වීමටය. ඔවුන් හීන දකින ඊළඟ අරගලය අද හෙට පැමිණෙද්දී තමන් මුදුනා වීම දෙපාර්ශවයේම අභිප්‍රායයි. මේ නිසා ඔවුහු ප්‍රධාන මැතිවරණයක සේයාවක්වත් නැති කාලයක කිසිඳු ප්‍රයෝගිකත්වයක් හෝ වැදගන්මක් නැති විකටරූපී ප්‍රකාශන නිකුත් කරති, තම උපරිම ශක්තිය යොදා ජන රැලි, විරෝධතා කරලියට ගෙන එන්න උත්සහ කරති. මේ මගින් ඔවුහු තම ආධාරකරුවන් වෙහෙසට පත් කරති. නියම අවශ්‍යතාවය පැමිණෙන විට ඔවුන්ට ඉතිරිවන්නේ හෙම්බත්වූ පාක්ෂිකයන් රොත්තකි. 

මෙයට හොඳම උදාහරණය හරිණි අමරසුරියට එරෙහිව සංවිධානය කරන විරෝධතායි. තම ධනය, ශ්‍රමය වැය කරගෙන කරන මේ විරෝධතාවයන්ගේ අරමුණ කුමක්දැයි ඔවුන්ටම වැටහීමක් නැත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට තමා විරුද්ධ නම් එයට එරෙහි වීමේ කිසිඳු අවුලක් නැත. එහෙත් හරිණි ඉවත්කලා කියා හෝ ඇයට අපහාස කළා කියා විපක්ෂයට වන කිසිම ලාභයක් නැත. සමහර විට moderated දේශපාලකයෙකු වූ හරිණි වෙනුවට hard core ජේවීපී කාරයෙක් ඒ තනතුරට පත්වෙනු ඇත. විමල් වීරවංශ වැනි ආතක් පාතක් නැති විකටයෙකු විගඩම් කලාට කම් නැත. නමුත් වග කිව යුතු විපක්ෂයකට මෙය තරම් නොවෙයි. 

පසුගිය වසර දෙක තුන තුල රටේ ජනවිඥානයේ ඇතිවූ වෙනස තේරුම් නොගැනීමද විපක්ෂයට සහයෝගය දෙන බොහෝ දෙනාගේ අවාසියට හේතුවෙයි. මා සමග දුරස්ථ සන්නිවේදනය හරහා කතා කල බොහෝ ලාංකිකයන් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට දැඩි ලෙස විරුද්ධය. එහෙත් ඒ මුවාවෙන් සමලිංගිකත්වයම අනා ඉතා පහත් අන්දමින් තවත් කාන්තාවකට අවමන් කිරීම ඔවුන් ඊටත් වඩා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකියි. අවසානයේ මෙහි ප්‍රතිඵලය වන්නේ අදාළ පක්ෂය පරිහානියට පත්වීමයි.

අනෙක් අතට විපක්ෂයට සහයෝගය දෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් බොහෝ දෙනෙකුට රටේ සැබෑ තත්වය ගැන හෝ විපක්ෂයක් ගොඩගැනීමේ ක්‍රමවේද පිළිබඳව කිසිඳු අවබෝධයක් නැත. ඔවුන් ලවක් දෙවක් නැතිව බොහෝ විට ඉතා පහත් භාෂාවෙන් පෝස්ට් ෂෙයාර් කරයි. මීට හොඳම උදාහරණය වරායෙන් කන්ටේනර් 300+ කිසිඳු පරික්ෂා කිරීමකින් තොරව පිට කිරීමයි. මෙය ඇත්තෙන්ම දේශපාලන වාසි ගැන නොතකා ඇදිය යුතු ඉහල ජාතික වැදගත්කමකින් යුත්  කාරණයකි. එහෙත් අර්චුනා වැනි පාර්ලිමේන්තුවට ආගන්තුක කිහිපදෙනෙක් තම කටහඬ අවදිකලා ඇරෙන්න කලින් මැති-ඇමති ධූර හෙබවූ කිසිවෙක් මේ ගැන කෑගසන්නට පාරට බැස්සේ නැත.  හේතුව ලෙස විචාරකයන් පෙන්වා දෙන්නේ මීට පෙර මෙවැනි කන්ටේනර් දහස් ගණනින් පිටවූ බවත් ඒ ගැන සොයන්න ගියහොත් බොහෝ දෙනා අමාරුවේ වැටෙන බවත්ය. මගේ හිතවත් රාජතාන්ත්‍රිකයෙක් පැවසුවේ බැරිවෙලාවත් ප්‍රියත් බන්දු වික්‍රම වැනි අයෙක්ව ගිරවා කල හොත් විපක්ෂයේ උඩ ඇවරියේ කිහිප දෙනෙක්ම දශක ගණනාවකට සිරගත විය හැකි බවයි.

විපක්ෂයට කීමට වැඩි යමක් නැති වකවානුවල ඔවුන් කල යුත්තේ නිහඬව පක්ෂයේ බිම් මට්ටම සවිමත් කිරීමයි. ඒ වෙනුවට තමන්ගේ presence එක පෙන්වීමට විකාර දෙඩවීම තුලින් නායකත්වය මුළු විපක්ෂයම හෑල්ලුවට ලක් කරයි. තම පියාණෝ වර්ණනා කරන සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ ඇතුළු ඔවුන්ගේ දෙවන පෙළ නායකයන් "පොලීසියට ඇඟිලි නොගසනු", "මාධ්‍යට අත නොතබනු" ආදී ප්‍රකාශ නිකුත් කරන විට මහජනතාවට ඔවුන් විහිළුකරුවන් සේ පෙනීම ස්වභාවිකය. අඩු ගණනේ තව වසර තුන හතරක් ඉවසගෙන සිටියහොත් ජනතාවට සමහර දේවල් අමතක වනු ඇත.  මෙවැනි දේ කිරීමට ගම්මන්පිල වීරවංශ වැනි අයට අවුලක් නැත. ඒ ඔවුන් දේශපාලනිකව නනත්තර වූ සරණාගාතයන් නිසාය. නමුත් සජිත්, පාඨලී, නාමල් වැනි අනාගත ජාතික තලයේ නායකයන් තමන්ගේ ප්‍රකාශ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. 


                




Tuesday, 6 January 2026

Missing a Gem of a Diplomat


As Mr. Suminda Mendis concludes his tenure as the Minister-Counsellor at the Sri Lanka High Commission in Pretoria and returns to Colombo, the Sri Lankan community in South Africa bids farewell to an exceptional diplomat whose contribution goes far beyond the formal boundaries of office. In an environment marked by uncertainty, particularly during the prolonged period when no High Commissioner was appointed to the South African mission, Mr. Mendis stepped forward with remarkable composure and professionalism, effectively serving as the Acting High Commissioner. His leadership during this challenging phase ensured continuity, stability, and credibility for Sri Lanka’s diplomatic presence in South Africa.

Mr. Mendis demonstrated a rare blend of strategic vision and human sensitivity. Under his guidance, several initiatives were launched to promote Sri Lanka as a tourism destination, at a time when the global travel industry was struggling to recover. Equally noteworthy were his efforts to explore and expand trade opportunities for Sri Lankan goods and services in South Africa, strengthening economic linkages and opening new avenues for bilateral cooperation. These initiatives reflected not only diplomatic competence but also a deep commitment to advancing national interests in a pragmatic and forward-looking manner.

Beyond formal diplomacy, Mr. Mendis earned immense respect and affection within the diplomatic corps in South Africa, where he was regarded as a collegial, approachable, and principled representative of Sri Lanka. Among the Sri Lankan expatriate community, his role was even more profound. He actively fostered social harmony, bridged divisions, and cultivated a strong sense of unity and belonging. In doing so, he won the hearts of Sri Lankans across generations and backgrounds.

Mrs. Chandrika Edirisinghe, his wife, complemented these efforts with equal grace. Her humility, warmth, and genuine engagement with the community left a lasting impression and strengthened the social fabric surrounding the mission.

As Sri Lanka recalls Mr. Suminda Mendis, South Africa truly feels the absence of a gem of a diplomat whose service combined professionalism, integrity, and humanity in exemplary measure.

---------------

Mr. Suminda Mendis engaged in an in-depth discussion with me regarding the pursuit of a PhD in Indian Ocean Maritime Diplomacy and the Development of Soft Power in Sri Lanka, preferably in an academically advanced environment such as Australia, where this field is particularly strong. We also initiated collaborative work on a joint research paper aligned with this theme. Given Sri Lanka’s evident shortage of high-level expertise in this specialised domain, supporting his doctoral studies would constitute a strategic and worthwhile investment for the country.

Friday, 2 January 2026

බොහෝ පෙම්වතුන් පටලවා ගන්නා ආදරය සහ සහකම්පනය



ආදරය යනු ආත්මාර්ථය හා බැඳුනු මනෝභාවයකි. එය සැමවිටම අහිමි වීමේ බිය මත යැපෙන හැඟීම් සමුදායකි. ආදරයෙන් වෙලෙන පෙම්වතුන් අනෙකා වෙනුවෙන් බොහෝ සෙයින් කැපකිරීම් කරන්නේ මේ අහිමි වීමේ බිය නැත්නම් හිමිකරගැනීමේ ආශාව නිසාය. 

සහකම්පනය යනු ඊට බොහෝ සෙයින් වෙනස් වූ බැඳීමකි. තම සහකරුවා හෝ සහකාරිය සිත් තැවුලෙන් සිටින විට එය තමාගේ සිතට තදින් දැනීම සහකම්පනයයි. එහි හිමි-අහිමි වීම් පිළිබඳව හැඟීමක් නැත. ආත්මාර්ථය හෝ මමත්වයද නැත. සහකම්පනයේ ඉහලම benchmark එක මවක් සහ දරුවෙක් අතර ඇතිවන බැඳීමයි (මනෝ විද්‍යාඥයන් කියන්නේ මවක් සහ පුතෙක් අතර කියාය). 

විවාහයත් සමගම ඇතිවන නීතිමය සහ සමාජමය බැඳීම නිසා බොහෝ අඹුසැමියන්ට අහිමි වීමේ බිය සෑහෙන දුරට පහවී යයි. සහකම්පනයෙන් තොර ආදර බැම්මෙන් වෙළුණු බොහෝ දෙනෙකුගේ අහිමිවීමේ ආරම්භය ඇත්තේද මෙතැනයි. විවාහයට පෙර දුටු පුද්ගලයන් මේ නොවන බව ඔවුන්ට දැනෙන්න ගනියි. නමුත් වරද තමන් අතේද වන බව දෙදෙනාටම නොහැඟේ. මෙය කෙලවර වන්නේ මාස කිහිහිපයක් තුල උසාවි භූමියේදී ගැටළුව විසඳා ගැනීමෙනි. 

තම සහකරුවා හෝ සහකාරිය දුකින් සිටින විට ඔහු හෝ ඇයව සිප වැළඳගෙන හෝ අඩුම ගණනේ උරහිසට අත තබා "ඇයි ඔයා මෙහෙම ඉන්නේ" කියා අසන්නේ අනෙකාට ඇතිවන සහකම්පනය නිසාය. තරමක රෞද්‍ර මුහුණින් තරමක් ඈතින් ඉඳ "ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ" යනුවෙන් අසන්නේ ආදරය නිසාය. එහි ඇත්තේ අහිමි වීමේ බියයි. තම partner තවත් කෙනෙකු වෙත ඇල්මක් ඇතිකරගෙන ඇත්ද යන හැඟීම එහි ගැබ්ව ඇත. සමහරු තම partner මිය යාමෙන් අහිමි වීමේ බිය නිසා ඔහු හෝ ඇය ජීවත් කරවීමට බොහෝ කැපකිරීම් කරති. නමුත් භෞතිකව එවැනි අන්තරායක් නැති මානසික අවශ්‍යතා ඉදිරියේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය පිළිබඳව කිසිම තැකීමක් නොකරයි. මෙයත් සහකම්පනය නැති ආදරයේ ගති ලක්ෂණයකි. 

අඹුසැමි බැඳීමකදී දෙදෙනාටම ඇත්තේ සහකම්පනයක් නැති ආදරයක් නම් බොහෝ විට ඔවුන් ඉක්මනින්ම වෙන්වී යයි. ඉඳහිට "ඔයා ඔයාගේ ලෝකේ මම මගේ ලෝකේ" පන්නයේ ජීවිත ගත කරන අයද හමුවේ. දෙදෙනා තුලම සහකම්පනයක් ඇත්නම් ඔවුන්ගේ ජිවිත ඉතාමත් වාසනාවන්ත සහ ප්‍රීතිමත්ය.  ආදරයෙන් තොර සහකම්පනය යනු කලාතුරකින් දකින්නට ලැබෙන විශේෂ අවස්ථාවකි. ඒ ගැන අප වෙනමම කතා කල යුතුය. 

නමුත් වේදනාකාරී තත්වයක් උද්ගත වන්නේ යුගදිවියක එක් අයෙකුට පමණක් සහකම්පනය ඇතිවිටය. ඔහු හෝ ඇය සැබෑම අවාසනාවන්තයෙකි. එවැනි බොහෝ විවාහ එක් අයෙකුගේ මරණය තෙක් පවතී. මීට හේතුව සහකම්පනය ඇති පුද්ගලයා සියල්ල දරා සිටින බැවිනි.