ලාංකික දරුවන්ගේ පාසැල් සමය පිළිබඳව පැනයක් විමසමින් මා දැමූ පෝස්ට් එක බොහෝ දෙනෙකුගේ සත්‍ය හැඟීම් පිට කිරීමට අවස්ථාවක් වූ බව comments කියවන විට ඔබට වැටහෙනු ඇත. මෙය කිසිසේත්ම ලඟදි viral වූ කුඩා සිසුවකුගෙන් සිදුහත් උපත පිළිබඳව විමසන වීඩියෝවට අදාළ නැත. මෙය ඊට වඩා බෙහෙවින් සංකීර්ණ සමාජ ගැටළුවක් පිලිබඳවය.
ගුරුවරියන් කිහිප දෙනෙකුගේ සිත් මේ කරුණ නිසා බිඳී ඇති බව ඔවුන්ගේ comments සහ පෝසට් වලින් මට හැඟී ගියේය. ඔවුන්ගේ හැඟීම් මම මැනවින් අවබෝධ කරගනිමි. මම ඔවුන් සමග එකඟ වෙමි. පාසැල් සාමය බොහෝ දෙනෙකුට කටුක වී ඇති බව සමස්ථ අදහස් මාලාවෙන් ගම්‍ය වේ. ඒ අතරම සමහර ගුරුවරුන් පවසන "අපි මැරිලා වැඩ කරනවා, ඒත් ඇගයීමක් නැත" හෝ " අපි අනවශ්‍ය කැපකිරීම කරනවා ඒත් ඒවා අනෙක් අයට පෙනෙන්නේ නැහැ" යන ප්‍රකාශද වලංගු බව මගේ දැක්මයි.
එසේ නම් අපිට වැරදුණේ කොතනද?
මා පසුගිය දින කිහිපයේ අප දීර්ඝ කාලීනව ජිවත් වූ රටවල් තුනක (දකුණු අප්‍රිකාවේ, මැලේසියාවේ සහ ස්වීඩනයේ) පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවර ගුරුවරියන් බඳවා ගැනීම පිළිබඳව දන්නා හිතවතුන්ගෙන් විමසීමක් කලෙමි.
මේ රටවල ගුරුවරුන් බඳවා ගැනීමේදී වෘත්තියට අදාළ මූලික කාර්යභාරය ඇතුලත් (සංක්ෂිප්තය) දැන්වීමක් මාධ්‍යවල පළකරයි. තමන්ට සුදුසුකම් ඇත්නම් සහ රැකියාව තමන්ගේ රුචිකත්වයට අදාළ නම් එයට අයදුම්පත් යොමු කිරීම ජනතාවගේ පුරුද්දයි. රැකියාවට තෝරාගත් පසු ඔවුන්ට තමන් රාජකාරියේදී ඉටුකළ යුතු දෛනික අත්‍යවශ්‍ය කටයුතු මෙන්ම ඉඳහිට කල යුතු අමතර කටයුතු පිළිබඳවද දීර්ඝ විස්තරයක් ලබාදෙයි. දකුණු අප්‍රිකාවේ නම් මේ අමතර කටයුතුවලට යොමුකළ යුතු උපරිම පැය ගණන්ද සටහන් වේ. අදාළ ගුරුවරයා හෝ ගුරුවරිය තම පත්වීම ලබා ගන්නේ තමන් මේ වැඩ ලැයිස්තුව ඉටු කිරීමට කැමති නම් පමණකි.
මේ අනුව පත්වීම ලබන ගුරුභවතා ලැබෙන වැටුපට සරිලන්න තමන් කල යුතු රාජකාරියේ වපසරිය කුමක්දැයි හොඳින් දනී. මීට අමතරව ඔහුට වැඩ පැවරීමට කිසිවෙකුට හැකියාවක් නැත. මේ නිසා ඔහු සතුටින් වැඩ කරයි. දරුවන්ද ගුරුවරයා පිළිබඳව සතුටු වෙයි. යම් අවස්ථාවක තමන්ට එම රාජකාරිය කිරීමේ අකමැත්තක් දැනුන හොත් ඔහු හෝ ඇය වෙනත් රැකියාවකට මාරු වෙයි. වරක් ස්වීඩනයේදී ගුරු වෘත්තීය අතහැර රාත්‍රී සමාජ ශාලාවක ගායිකාවක ලෙස වෘත්තීය තෝරාගත් තරුණියක් මට හමුවිය. ඇය පැවසුවේ ගුරු වෘත්තියෙන් මෙන්ම මේ රැකියාවෙන්ද ඇය උපරිම තෘප්තියක් ලබන බවයි.
ලංකාවේ මෙවැනි පිළිවෙතක් ඇත්දැයි මම නොදනිමි. නමුත් මට හමු වූ බොහෝ ගුරුවරුන්ගෙන් ලැබුණේ වෘත්තීය පිළිබඳව දැඩි මැසිවිලිය. ඔවුන් බලාපොරොත්තු වූ රැකියාව සහ ඔවුන්ට කරන්න සිදුවී ඇති වැඩ භාරය අතර බරපතල පරතරයක් ඇති සේය. බොහෝ දෙනෙක් පැවසුවේ පෝර්ම පිරවීම, කොළ පත්තර එකතුකිරිම, සිසු සිසුවියන්ගේ බාහිර ක්‍රියාකාරකම් නියාමනය කිරීම, සිසුන්ගේ හොර ඇල්ලීම, පාසැලේ ආරක්ෂාව පිළිබඳව සොයාබැලීම ආදී මෙකි නොකී දහසකුත් කටයුතු මැද සිලබස් කවර් කරන්න කියා ඉහලින් එන පීඩනය දරන්න නොහැකි බවයි. මේ අනුව දරුවන්ට මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ඉගෙනුම සඳහා පහසුකම් සැපයීම ඔවුන්ගේ අන්තිම පහල priority එක බවට පත්වේ. ඔවුන් කරන්නේ හැකි වැර යොදා (ඔවුන්ගේම වදනින් නම් මැරීගෙන) සිලබස් කවර කිරීමට උත්සහ කිරීමයි.
ඉහත පරිසරය තුල ගුරුවරුන්ට නිතරම හැඟෙන්නේ තමන් මැරීගෙන දරුවන් වෙනුවෙන් වැඩ කරන බව සහ අනවශ්‍ය කැප කිරීම් පවා කරන බවයි. මේ නිසාම ඔවුන් වෙනත් රැකියාවකට වඩා වෙනස් ආකාරයේ ගරු සැලකීම් දරුවන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වෙයි.
බහුතරයක් ගුරුභවතුන් ගුරු වෘත්තීය තොර ගන්නේ වෙනත් රැකියාවක් නොලැබීම නිසා මිස ගුරු වෘත්තියට ඇති ලැදියාව නිසා නොවන බව නොරහසකි. එම වෘත්තියට කැමැත්තෙන් පැමිණෙන අත්ලොස්සද මුහුණ දෙන්නේ හරියට වැඩකිරීමට නොව මැරීගෙන වැඩ කිරීමට බල කරන කළමනාකරණ යාන්ත්‍රණයකට ගොදුරු වීමටයි. අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අතෘප්තිකර ගුරු සේවයක් සහ ඉගෙනීම කරුමයක් වූ සිසු පරපුරකි.
මේ පිළිබඳ යම් ආලෝකයක් ලබාගන්නට මගේ අත්දැකීමක් ප්‍රයෝජනවත් වෙතැයි සිතන බැවින් එය මෙහි සටහන් කිරීමට ඉඩ දෙන්න. මා වරක් ගුරු විද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා. ප්‍රායෝගික ගුරු පුහුණුව එහි එක් අංගයක්. වරක් මා ගුරුසිසුවියකගේ පාඩමක් නිරීක්ෂණය කිරීමේදී වැටහුනේ ඇය පාඩම් සැලසුමෙන් පිටපැන එක් පාඩමක් වෙනුවට පාඩම් දෙකක් කරන බවයි. ඒ පිළිබඳව විමසීමේදී ලැබුන පිළිතුර මෙසේය. මේ පන්තියේ ඉංග්‍රීසි උගන්නන ටීචර් කිව්වා "ලෙසන් ප්ලෑන් හැදුවට කමක් නෑ. එක පීරියඩ් එකක පාඩම් දෙකක් කරන්න. නැතිනම් සිලබස් කවර් කරගන්න බැරිව යනවා. ISA (ගුරු උපදේශක) ආවහම දොස් කියලා ලොග් සටහනකුත් දාලා යනවා." කියලා.
ReplyDeleteඔබගේ අත්දැකීම් සමග බෙදා ගැනීම ගැන ඔබට ස්තුතියි. එය පද්ධති වෙනසක් සඳහා වගකිවයුත්තන් උනන්දු කිරීමට උපකාරී වේවි.
Deleteකියෙව්වා👌
ReplyDeleteඔබ ලංකාවේ ගුරු වෘත්තීය පිලිබද ප්‍රමාණාත්මක හැදෑරීමකින් පසුව මෙම ලිපිය ලියුවායයි සලකමි. ගුරුවරු රටක සමස්ත අධ්‍යාපන ක්‍රමය හා දැඩි ලෙස බදී පවතින බව පිලිගතයුතුය. පවතින අධ්‍යාපන රටාව තුල ඌවද වර්තමාන ගුරු භූමිකාව ඇත්තේ පහත මට්ටමකය. ඔව්හූ ලෝකයේ අනිත් ගුරුවරු මෙන් උදැසන සිට සවස හතර පහ වෙන තුරු සේවයක් නොකරයි. ඔවුනට ලැබෙන off period විෂය සැලසුම් සදහා ප්‍රමාණවත් නමුත් ගුරු විවේකා ගර වල තේ කයිවාරුව හරහට සිටියි. පාසල් නිවාඩුව දරුවන්ට නිවාඩුවක් ලැබෙන අතරම ගුරුවරයාට ගෙදර නවතින අරුම පුදුම නිවාඩුවක් ලැබෙයි. ලංකාවේ ගුරු වෘත්තියට 360 ͒ ඇගයීම් ක්‍රමයකින් දක්ෂයින් කුසලතා පදනම මත වැඩි වටුප්තල වල පිහිටවීම මත ගුරු වෘතිමය ගුණාත්මක දියුණුවකට පත් කල යුතුය. ස්ටාලින් මහින්ද වාදී දේශපාලනික වෘතිතීය සමිති තහනම් කල යුතුය.පවතින අධ්‍යාපන රටාවේ වෙනසක් අවශ්‍ය මුත් එය කෙරෙන තුරු අපි අපේ උපරිමයෙන් සේවය ලබාදීමට කැප විය යුතුය.වර්තමානයේ දැනුම සුලබ මුත් වඩාත් වැදගත් වන්නේ නිවැරිදි දැනුම බෙදාදීමයි.
ReplyDelete