Saturday 27 January 2024

සනත් නිශාන්තගේ මරණය


තවත් එක් මැර තක්කඩියෙක් ලෙස ප්‍රකටව සිටි සනත් නිශාන්ත නම් දේශපාලකයා මිය ගියේය. එය බිහිසුණු මරණයකි. එනමුත් එහි විශේෂ යමක් මම නොදකිමි. එහෙත් ඔහුගේ පසු-මරණ සමාජ ප්‍රතිචාරය සමස්ථ ලාංකීය දේශපාලනයම තැති ගැන්වූ බව තතු දන්නෝ හොඳින් දනිති. පොහොට්ටුවන්ට හෝ ඔවුන් වටේ සිටින හෙන්චයියන්ට මෙය තැති ගැනීමක් පමණකැයි මට සිතෙයි. එයින් ඔබ්බට යමක් අවබෝධ කරගත හැකි පිරිස දැන් එහි ඇත්තෙම නැති තරම්ය. එහෙත් රනිල් වික්‍රමසිංහ, සජබයේ සිටින උගත් කිහිප දෙනා මෙන්ම ජූලි චංග්ද මෙය ගැඹුරින් කියවන බව මට සහතිකය. ජවිපෙ ඇතුළු NPP ය මෙය කෙසේ කියවනවාදැයි මම නොදනිමි. තාවකාලික උත්තේජනයකින් බොහෝ ඈතට ගිය යථාර්තයක් එහි ඇති බව පමණක් මම ඔවුන්ට මතක් කර දෙමි.

සනත් නිශාන්තගේ මරණය ගැන පළවූ බොහෝ අදහස් හුදු වෛරයකින් ඔබ්බට ගිය සංකීර්ණ මානසික පිපිරීමක් විය. කෙනෙකුගේ මරණයේදී සතුටු නොවිය යුතු යයි පළකල අදහස් තුලද ගැබ් වුයේ උපහාසයකි. එසේම සනත් නිශාන්තගේ කිට්ටුතම හිතවතුන් ඔහු වෙනුවෙන් පළකල සැබෑ ශෝක ප්‍රකාශ වලද "ඔහුගේ දේශපාලනය කුමක් වුවත්", "ඔහුගේ සමාජ හැසිරීම කුමක් වුවත්", වැනි වගන්ති ඇතුලත් කර තිබුණි. 

පසු-මරණ කාලය තුල පොහොට්ටු දේශපාලකයන් අතර වූ අන්ද මන්ද ස්වභාවය ඉතා පැහැදිලිව පෙනෙන්නට විය. ඔවුන් සියල්ලෝම අතිශයින් තැති ගෙන සිටි ආකාරයක් පෙන්නුම් කරයි. එය සනත් නිශාන්තගේ මරණය නිසා සිදුවූවක් යයි මම නොසිතමි. ඔවුන්ට සනත් නිශාන්ත තවත් එක් මැර සඟයෙක් පමණි. නමුත් ඔවුන්ගේ තිගස්සිමට හේතුවන්නේ පසු-මරණ සමාජ ප්‍රතිචාරයයි. මෙහිදී එක් ඇමති වරයෙක් ඉතා අමනෝඥ කතාවක් කීය. එනම් මේ සමාජ ප්‍රතිචාරය දක්වන්නේ එක් පක්ෂයකට අයත් පුද්ගලයන් බවයි. මෙය සත්‍ය නම් ලංකාවේ අති බහුතරයක් එම පක්ෂයට අයත් රටවැසියන් විය යුතුය.   

මනෝවිද්‍යාවේ "සාමුහික සමාජ ප්‍රතිචාර" පිළිබඳව හදාරා ඇති අයෙකුට සනත් නිශාන්තගේ මරණයත් සමග ඇති වූ තත්වය පැහැදිලිව අවබෝධ කරගත හැක. කෙනෙකුට මෙය සමාජ මාධ්‍ය සහ ජාතික පුවත්පත්වල මෙම ප්‍රවෘතියට සමගමිවූ  "comments" පමණකැයි ලඝු කොට තැකිය නොහැකිය. අරගලයක් තුලින් ජනාධිපතිවරයෙක් නෙරපා දැමුවේද මෙලෙසම සමාජ මාධ්‍ය බලවේගයක් තුලිනි. මෙය පහල මට්ටමේ බොහෝ පාක්ෂිකයන්ට නොතේරුණාට ඉහල මට්ටම හොඳින් අවබෝධ කරගනියි.

ලෝක දේශපාලනයේ අතීතය කියවා ඇති කෙනෙකුට සැප්තැම්බර් ඔක්තෝම්බර් වන විට "force majeure" තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ අධික බව වැටහෙනු ඇත. කල්පනාවෙන් සිටිමු.  



      



4 comments:

  1. force majeure කියන්නේ අපේ සිවිල් ඉංජීනේරූ කන්ට්‍රැක්ට් ඩොකියුමන්ට් වල භාවිතා වන වචනයක්..

    එයින් අදහස් කරන්නේ ඇග්‍රීමන්ට් එකට සම්බන්ද වී තිබෙන දේපාර්ශවයටම පාලනය කල නොහැකි ස්භාවික විපත්, යුද්ධ වැනි දේ සමබන්ධයෙනුයි.

    එහෙත් ඔබ එය වෙනත් අර්ථයකින් යොදා ඇති බවක් හැගෙනනවා..

    ReplyDelete
    Replies
    1. @ මයියා

      ඔවු ඔබ හරි, එනම් හරියට ඇක්ට් ඔෆ් ගෝඩ් වගේ එය කරපු කෙනෙක් නැති සිදුවීමක්, මෑතකදී ලංකාවේ වූණ 2019 පාස්කු ප්‍රහාරය, 2022 අරගලය වගේ දේවල් පැහැදිලි නායකත්වයක් නැති නමුත් අදෘෂ්‍යමාන හස්තයකින් මනාව සංවිධානය කර මෙහෙයවා ඇති සූක්ෂම දේවල් බොහෝම දුරට විදේශ රටවලට සම්බන්ධ මහමොළකරුවන් ලංකාවේ සහ රාන් නන්දසේන රාජපක්ෂ පවුල රනිල් සහ 2022 අරගල නායකයින් වගේ තම ඉත්තන් යොදාගෙන සූක්ෂම ලෙස කරවා තිබෙන බව කිව හැකියි.

      ඒ නිසා එවැනි තවත් Force Majeure සිදුවීමක් ලෙස මේ පෝස්ට් එකේ උඩ කියන කතාවත් හිතන්න පුලුවන්, උදාහරණ විදිහට මේ නිව්ස් එක ගැන මොකද හිතන්නේ මයියා?

      //
      පසුගිය දුරුතු පුර පසළොස්වක පොහොය දින උදයේ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්‍ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ වූ අනතුර සම්බන්ධයෙන් එම රථයේ රියදුරුගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පොලීසියේ විශේෂ පරීක්‍ෂකයන්ට දැඩිලෙස ගැටලු මතුවී තිබේ.

      ඇමතිවරයාගේ රියදුරා පවසා ඇත්තේ තමා පැදවූ රථය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යාමේදී වෙනත් වාහනයක් ද ඉස්සර කිරීමට ගිය බැවින් අනතුරක් වළක්වා ගැනීමට වාහනය වමට ගන්නා අවස්ථාවේ කන්ටරණයේ වැදුණු බවයි.

      නමුත් මෙතෙක් කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇති ආකාරය අනුව ඇමැතිවරයා ගමන්කල වාහනය පැයට කිලෝමීටර් 140කට වැඩි වේගයෙන් ගමන් කරමින් තිබී ඇත.

      එතරම් වේගයකින් ඉදිරියට ගමන් කල වාහනයක් පසුපස ඊට වඩා වේගයෙන් පැමිණ වාහනයක් ඉස්සර කරනු ඇත්දැයි නිලධාරීන් අතර කථා බහක් ඇතිවී තිබේ.

      එතරම් වේගයකින් අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනයක් හැමවිටම ධාවනය වන්නේ දකුණුපස මං තීරුවේ බවත් එසේ තිබියදී වෙනත් වාහනයක් වම් මං තීරුවේ ගමන් කරමින් කන්ටේනර් රථයක් ඉස්සර කිරීමට යාම ගැන ද ඇත්තේ ගැටළුවක් බවද පෙන්වා දෙති.

      නිලධාරින් තවදුරටත් පෙන්වා දෙන්නේ රියදුරු පවසන ආකාරයට අනතුර සිදුවී ඇති බවට එකවරමට පිළිගැනීමට අපහසු බවයි.

      මේ වන විටත් අදාළ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

      දින කිහිපයකට පෙර අදාළ රියදුරා තම සමාජ ජාල ගිණුමට මුදාහැර තිබූ පණිවිඩයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත.

      ඒ හේතුවෙන් මෙවන විට රියදුරාගේ ජංගම දුරකථනය රහස් පොලිසිය භාරයට ගෙන ඇත.

      අධිවේගී මාර්ගයේ ආරක්ෂක කැමරා පද්ධතිය මෝටර්රථ අනතුරු පිළිබඳව විශේෂඥ විමර්ශන කමිටුවක් හරහා දැඩිලෙස පරීක්ෂා කිරීමකටද ලක් කිරීමට නියමිතව තිබේ.//

      මම හිතන්නේ මේ පරීක්ෂණය ඉතා ඉක්මනින්ම යට ගසා රටටම මේ සැකසහිත දේවල් අමතක කරවයි, ඒ වගේම මියගිය සනත් නිශාන්ත ගේ පවුලේ අයට විශාල මුදලක් ලබාදී හෝ එහෙම කරන්න ඔවුන් කටයුතු කරනු ඇති බවයි, උදාහරණ ලෙස වසර 1997 දී ඩයනා කුමරියගේ මරණය වූ පන්නයේ මරණයක් විය නොහැකිද මේක?

      මේවන විට ලොවපුරාම එය බ්‍රිතාන්‍ය ඩීප් ස්ටේට් එකේ මෙහෙයවීමෙන් රහස්‍ය බුද්ධි අංශවල පිරිසක් විසින් ඉතාම සූක්ෂම ලෙස සැලසුම් කරන ලද්දක් බවට ලොවපුරාම පිලිගැනීමක් තියෙනවා. එය ඔප්පු කිරීමට සාධක නොතබා සූක්ෂම ලෙස කරවා ඇතත් එය දැනට ප්‍රසිද්ධ රහසක්.

      ලංකාව තුලද මේ විදේශ එක්සත් ජනපද බටහිර යුරෝපය සහ භාරතීය බුද්ධි අංශ වල විවිධාකාර පිරිස් ක්‍රියාකාරීව කටයුතු කරන අතර කාලෙන් කාලෙට දේශපාලන රැලි අරගල නිර්මාණය පසුපස ඔවුන් සිටින බව ලංකාවේ ලෝක භූදේශපාලන බලපෑම් සහ ලොවපුරා සිදුවන සංසිද්ධි පිළිබඳව දැනුම තේරුම ඇති හැමෝම දන්න කියන කාරණාවක්.

      මේ වෙලාවේ බටහිර තානාපති කාර්යාල සහ බටහිර බුද්ධි අංශවල ප්‍රධාන වෑයම ලංකාව තුල ගොඩ නැගෙමින් ඇති රුසියානු චීන කඳවුරේ බලපෑම් කඩාකප්පල් කිරීමට වත්මන් ජනපති රනිල් නමැති ප්ලෑන් ඒ එක හෝ ප්ලෑන් බී එක වන මාලිමාව බලයට ගෙනවිත් BRICS සංවිධානයේ ප්‍රසාරණයට හැකි තරම් බාධා එල්ල කිරීම බව හැමෝම දන්න කාරණයක්, ඒ නිසා ඇතැම්විට මෙය එම වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක වන සිදුවීමක් විය හැකියි නේද? අනික් පැත්තෙන් චීනය එජාපයේ සජබයේ සහ මාලිමාවේ ඇතැමුන් මිලදීගනිමින් තම නියෝජිතයින් පක්ෂ වලට රිංගා පොහොට්ටුව දුබලවුවහොත් ඒ වෙනුවට ප්ලෑන් බී එකක් විදියට යොදාගන්න සැලසුම් කරන බව පේනවා, අනික අනුර කුමාර ඇතුලු මාලිමා නායකයින් ඉතාමත්ම රහස්‍ය ලෙස මාධ්‍ය වලට හොරෙන්
      රහසිගත ලෙස චීන නියෝජිතයන් සමග දෙසැම්බර් වල සාකච්ඡා පැවැත්වුව බව ඔබ දන්නවා ඇති, මේවායේ ප්‍රතිඵල අපට ඉදිරියේදී අපට දැකගත හැකිවේවී

      Delete
  2. මහාචාර්ය චන්දිම ඔබ මෙහි කතා නොකරපු ලංකාව පිළිබඳව ඇති ඍණාත්මක පැත්තකුත් තියෙනවා නේද? ලංකාවේ වෙලාව අනුව ජනවාරි මස 28 වන දින පැවති පහුගිය දුරුතු පෝදා උදේ කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ආරච්චිකට්ටුව රජකදලුව රෝමානු කතෝලික සුසාන භූමියේදීය.

    එම මළගෙදර පිළිබඳව සිරස සියත වැනි සජබ හිතවාදී මාධ්‍ය වල වූ මාධ්‍ය පුවත් බැලීමේදී පවා අවාසනාවකට මෙන් එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල පිරිසක් ගතවූ දින දෙකක කාලයේදී දිවා රාත්‍රිය මහ වැසි ආදියද අධික ඩීසල් පෙට්රල් මිල පවා නොතකා වාහන කුලියට ගෙන පවා පැමිණ සිටි බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර ඒ අනුව ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල ප්‍රගතිශීලී සීමිත කුඩා පිරිසක් කුමන දේවල් පැවසුවත් මහ පොළොවේ යථාර්ථය අප සිතනවාට වඩා බොහෝ වෙනස් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් ලංකාවේ ජනයා සැබෑවටම පද්ධති වෙනසකට භාජනය කිරීම ඉතාම අපහසුතාවක් ඇති දෙයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කීරීමක් කරන්නට මහාචාර්ය චන්දිම මහතාට ආරාධනා කර සිටිමි.

    ReplyDelete
  3. මහාචාර්ය චන්දිම මෙම පෝස්ට් එකේ කතා නොකරපු ලංකාව පිළිබඳව ඇති ඍණාත්මක පැත්තකුත් තියෙනවා නේද? පහුගිය දුරුතු පෝදා උදේ කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ලංකාවේ වෙලාව අනුව ජනවාරි මස 28 වන දින පුත්තලම ආරච්චිකට්ටුව රජකදලුව රෝමානු කතෝලික සුසාන භූමියේදී.

    එම මළගෙදර පිළිබඳව පැවති සිරස සියත වැනි සජබ හිතවාදී මාධ්‍ය වල වීඩියෝ බලද්දී පවා ඉතාම පැහැදිලිව පේන්න තියෙන දේ තමයි අවාසනාවකට මෙන් එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල පිරිසක් ගතවූ දින දෙකක කාලයේදී දිවා රාත්‍රිය මහ වැසි නොතකා අධික පෙට්රල් සහ ඩීසල් මිල අධික වාහන කුලී පවා නොසලකා වාහන හයර්කරගෙන පවුල් පිටින් පැමිණෙමින් සහ ඇතැමුන් හඬා වැටෙමින් එම අවමගුලට පැමිණ සිටි බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර ඒ අනුව ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල ප්‍රගතිශීලී සීමිත කුඩා පිරිසක් රටේ ක්‍රමය වෙනස් කිරීමට මහත් උද්යෝගයක් දැඩි පරිශ්‍රමයත් දරමින් කුමන දේවල් පැවසුවත් මහ පොළොවේ යථාර්ථය අප සිතනවාට වඩා බොහෝ වෙනස් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් ලංකාවේ ජනයා සැබෑවටම පද්ධති වෙනසකට භාජනය කිරීම ඉතාම අපහසුතාවක් ඇති දෙයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කීරීමක් කරන්නට මහාචාර්ය චන්දිම ගෝමස් මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.

    ඒ වගේම සරසවියේ අපේ මැටීරියල්ස් පිළිබඳව දේශකවරයා මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි, අපෙන් විමසූ කළ පිළිතුර වූයේ, චාකෝල් හෙවත් " අඟුරු " යන්නයි.

    ඉනික්බිති ඔහු, මිහිතලය මත ඇති වටිනාම ගල් වර්ගය කුමක්දැයි, විමසූ විට අප " දියමන්ති" යැයි පිළිතුරු දුන්විට...

    " ඒ දෙවර්ගය ම සෑදී ඇත්තේ කුමකින්ද?" කියා ඔහු විමසීය.

    " කාබන්වලින්..." ලෙස මම පැවසුවෙමි.

    " ඒක නිවැරැදියි. " පැවසූ ඔහු," ඒ දෙවර්ගයෙහි ඇත්තට ම අැති වෙනස කුමක්ද? " යි විමසී ය.

    " පීඩනය... ", නැවත මම කීවෙමි.

    පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරයි. එය සොබාදහමේ දායදයකි ; ඔබව විවිධ අසීරු තත්ත්ව යටතේ පරීක්ෂා කරනු ලබයි. ස්වභාව ධර්මයට ඔබව වඩා සුන්දරත්වයෙන් යුතු අයකු බවට පත් කිරීමට අවශ්‍ය නිසයි ඒ අසීරුතා හමුවන්නේ...
    නමුත් ඔබ ඒ පීඩනය දරා ගෙන ඉලක්කයට යායුතුය. පීඩනය දරාගන්න බැරි පුද්ගලයින් ජිවිතයෙන් පලායන්නේ අපේක්ෂා භංගත්වයට පත්වෙන්නේ ඒ නිසයි.. ඔබට පුළුවන් .. ඔව් ඔබට පුළුවන් .... කියා ඔහු අපට ඒ සමගම ජීවන පාඩමක්ද උනන්දුව ගැන මොරාල් එකක්ද සහිතව අලුත්ම පාඩමක් ඉගැන්වූවා

    ඒ වගේම මා කියන දේ පිළිබඳව මහාචාර්ය චන්දිමට සැකයි වගේ නම් Generative model 1 කට අන්සොල්ව්ඩ් ප්‍රශ්න Unsolved problems මොනවා හරි දීලා බලන්න සොල්ව් solve කරන්න පුලුවන්ද කියලා

    අන්සොල්ව්ඩ් ප්‍රශ්න ලිස්ට් එකක් මේකෙන් බලන්න

    https://en.m.wikipedia.org/wiki/Lists_of_unsolved_problems

    ලොව පුරා මහාපරිමාණ ව්‍යාපාර වලට ම Artificial general intelligence (AGI) හදලා නෑ. ඒ නිසා මිනිස්සු කරන හැම දෙයක්ම ඒ අයි වලින් replace කරන්න තවම බෑ. එහෙම පුලුවන් නම් solve කරගන්න දේවල් කොච්චර තියනවද physics, maths, engineering & medicine වල

    අපිට මේ models වලින් help එකක් ගන්න පුලුවන් repetitive and already solved tasks වලට. දැන් REST api එකක් develop කරන එක හිතන්න ඕන දෙයක් නෙමේනෙ. REST APIs මිලියන ගානක code github එකේ තියනවා. එතකොට ඒවයින් train කරපු model එකකට තව API එකක් generate කරන එක ලොකු දෙයක් නෙමෙයි.

    හැබැයි මේ වෙනකන් කරලා නැති අලුත්ම දෙයක් කරන්න generative model 1කට බෑ. එහෙම නම් අපිට AI self evolve කරන්න පුලුවන්නෙ. GPT4 අරන් එයාට කියනවා AGI එකක් හදලා දෙන්නට කියලා. Problem solved ද?Architecture, Interior design feild පැත්තෙන් ගත්තොත් Building code, building law saha standards තියෙන රටවල නම් ඒ ජොබ් එක රිප්ලේස් වෙන එක අඩුයි නමුත් standard නැති රටවල නම් රිප්ලේස් වේවි. ටවුන් හවුස් සහ අපාර්ට්මන්ට් වැඩි රටවල ජොබ් අඩුවෙයි. ඉන්ටීරියර් ඩිසයින් නම් නැතිවෙලාම යාවි. BIM සොෆ්ට්වෙයාස් නිසා Animation පැති අඩුවෙලා යාවි බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එකේ. ලන්කාවෙ කඩවල පවා කරන draughting courses එක්කො තහනම් කරන්න ඕනෙ දැන්වත්. ඒ වෙනුවට AI එක්ක එන BIM කෝසස් ලන්කාවට අදුන්වල දෙන්න අවශ්‍යයි.එකක් කරගන්න බැරි උනොත් තව එකක් කරනව. ඒකත් replace උනොත් තව එකක් කරනව. බැරි උනොත් කුඹුරු කොටල හරි සල්ලි හොයනව. ඒකත් AI robots replace කලොත් ඒකාලෙට තියන මොකක් හරි කරනව. එහෙමත් එකක් තිබ්බෙම නැත්තම් කැලේට ගිහිල්ලා සත්තු මරං කාල හරි ජීවත් වෙනවා, ඒ මොරාල් එක ඕන අනාගත ලෝකයේ සවයිව් වෙන්න එහෙම නේද?

    ReplyDelete