Wednesday 17 May 2023

යුද ජය කුසලානය









යුද්ධයක ජය කුසලානය යුද්ධයේ නිමාවයි 

යුද්ධයේ නිමාව දැකීමට සමහරුන් ජීවත්වෙයි 

සමහරුන් යුද්ධය ඇරඹෙන විටම මියයයි  

සමහරුන් එහි මැද හෝ අවසාන භාගයේදී මියයයි 

ජිවත්වන්නන් අතර අන්ධයන්, අබ්බගාතයන් බොහෝය 

යුද්ධය කුරිරුය - එය වැන්දඹුවන්, අනාථ දරුවන්, 

දූ පුතුන් අහිමි වූ දෙමාපියන් තනන යන්ත්‍රයකි 

උතුරේද, දකුණේද කියා වෙනසක් නැත 

යුද්ධයේ නොමැකුණු සලකුණු හැම හදවතකම පවතී 


යුද්ධයෙන් හෙම්බත් වූ - තම සඟයන් අහිමි වූ 

තවමත් ජීවන බර කරමතට ගත් සෙබළුන් 

දශක කිහිපයක් පැරණි, විදේශයක තැනූ 

බර අවි කර තියාගෙන, යුද්ධයට මුල් වූ 

දේශපාලුවන්ට සැලියුට් ගැසීම, දැන්වත් නතර කරමු 

යුද්ධය සියවස් ගණනක් සුව නොවන තුවාල සාදයි 

ඒ තුවාලවලට මලකඩ කෑ බයිනේත්තු වලින් තව තවත් අනිමුද?

තුවාල පාරා ඔබ ලබන සතුට සැනසුම කුමක්ද?


හැකි නම් යන්න උතුරට කැවුම් කොකිස් කදමළු බැඳගෙන 

ආදරය සෙනෙහස හිසේ දරාගෙන 

දල්වන්න පහනක් උතුරේද දකුණේද සියළු මව්වරුන් වෙනුවෙන් 

තම දරුවන්ගේ මතකයන් අතර ඉකිගසන 

දෙන්න කෑම පිගානක් අසල්වැසි නාවික හමුදා භටයාගේ 

ගුවන් හමුදා, යුධ හමුදා සොල්දාදුවාගේ නිවසට 

බෙදාගන්න රසකැවිලි අසල්වැසි දෙමළා සමග 

එන අවුරුද්දේ රණවිරු දිනයට 

ගලනු ඇත ආදරය සෙනෙහස උතුරේ සිට දකුණට 

දොරේ ගලන ගංගාවක් මෙන් 

------------------------------------------------

මෙය කවියක්, ගීතයක් හෝ පබැඳුමක් නොවේ 

මෙහි තාලයක් හෝ මිහිරි බවක් නැත 

එසේ විය යුතුද නැත 

මෙය බුද්ධිය හා මානව දයාව තවමත් නොවියැකුනු 

මිනිසුන් වෙනුවෙනි 

30 comments:

  1. ක්‍රිස්තියානිකාරයෝ කොටි ත්‍රස්තවාදය පරාජය කරාට දුක්‌ වෙන්නේ ඇයි

    ReplyDelete
    Replies
    1. හා හා හා ... ඔන්න පිස්සා වෙස් මුහුණ ගලවලා. පිස්සෝ උඹවගේ මන්ද ඩයල් දෙන ආතල් නැත්තන් මේ ලෝකේ මාර බොරින් බං. මේ ආටිකල් එක ලියල තියෙන්නේ උඹ වගේ මන්දයන්ට නෙවෙයි කියල ෆුට් නෝට් එක කියවලාවත් උඹට තේරුම් ගන්න බැරි එක අපේ වාසනාව බන්. මම ප්රෝෆ්ගේ ආටිකල් එකක් නෝටිස් ආව ගමන් බලන් ඉන්නේ උඹේ ආතල් එක කියවන්න. ලියපන්කො බන් වෙනද වගේ හෙණ උගත් මොඩල් එකෙන් පදරංග ජාතකයක් ආතල් එක දෙපිටින් යන්න hahahahahahahaha

      Delete
    2. Jagath Pathirana17 May 2023 at 05:24

      //Anonymous17 May 2023 at 03:03//
      උඹලා වගේ එවුන් නිසයි අවුරුදු 30ක් යුද්ධකරන්න සිද්ධ වුනේ.
      අපි වගේ අය හිටියනම් මාස 2න් යුද්දෙ (පැරදිලා) ඉවර වෙනවා

      Delete
  2. Jagath Pathirana17 May 2023 at 05:07


    යුද්ධය කුරිරුය - එය වැන්දඹුවන්, අනාථ දරුවන්,

    දූ පුතුන් අහිමි වූ දෙමාපියන් තනන යන්ත්‍රයකි

    නාසි වාදියාද, නාසි විරෝධියාද කියා වෙනසක් නැත

    යුද්ධයේ නොමැකුණු සලකුණු හැම හදවතකම පවතී


    යුද්ධයෙන් හෙම්බත් වූ - තම සඟයන් අහිමි වූ

    තවමත් ජීවන බර කරමතට ගත් සෙබළුන්

    දශක කිහිපයක් පැරණි, විදේශයක තැනූ

    බර අවි කර තියාගෙන, යුද්ධයට මුල් වූ

    දේශපාලුවන්ට සැලියුට් ගැසීම, දැන්වත් නතර කරමු

    යුද්ධය සියවස් ගණනක් සුව නොවන තුවාල සාදයි

    ඒ තුවාලවලට මලකඩ කෑ බයිනේත්තු වලින් තව තවත් අනිමුද?

    තුවාල පාරා ඔබ ලබන සතුට සැනසුම කුමක්ද?


    හැකි නම් යන්න ජර්මන් නව නාසිවාදීන් වෙතට රසකැවිලි, ෂැම්පේන් කදමළු බැඳගෙන

    ආදරය සෙනෙහස හිසේ දරාගෙන

    දල්වන්න පහනක් නාසිවාදී, නාසි විරෝධී සියළු මව්වරුන් වෙනුවෙන්

    තම දරුවන්ගේ මතකයන් අතර ඉකිගසන

    දෙන්න කෑම පිගානක් අසල්වැසි නාවික හමුදා භටයාගේ

    ගුවන් හමුදා, යුධ හමුදා සොල්දාදුවාගේ නිවසට

    බෙදාගන්න රසකැවිලි අසල්වැසි නාසියා සමග

    එන අවුරුද්දේ රණවිරු දිනයට

    ගලනු ඇත ආදරය සෙනෙහස නව නාසිවාදීන්ගෙන් නාසි විරෝධීන්ට

    දොරේ ගලන ගංගාවක් මෙන්

    ReplyDelete
    Replies
    1. හා හා හා හා හා හා ... අනේ පිස්සෝ මොකක් හරි නමක් එල්ලගෙන ආවට උඹට පුලුවන්ද උඹේ මන්ද ඩයල් එක වහගන්න. ජගත් පතිරණ.... hahahahahahaha. නිකම් පල යන්න පිස්සෝ. මොන නම් එල්ලගෙන ආවත් උඹට හිතේ කැකෑරෙන වෛරය ක්‍රෝධය නැති කරගන්න කල් ඩයල් එක හංගන්න බැහැ බන්. උඹට පිස්සු. කොළඹ මහා ඉස්පිරිතාලේ 59 වාට්ටුවට ගිහින් චෙක් කරගනින්.

      Delete
    2. @ Jagath Pathirana

      නුඹ යුධ විරෝධී ස්ථාවරයක ඉන්න බව පේනවා නමුත් ලංකාවේ යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු පහළොවකට පමණ ආසන්න කාලයක් ගතවෙලා, දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නය මහජනතාව වෙනුවෙන් විවෘත වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අභියෝගයට ලක්වීමයි.

      රටක මහජන නියෝජිතයන් ලෙස දේශපාලඥයන් මහජනතාව විසින් මහජනතාව වෙනුවෙන් පත් කරගැනීම සහ තනතුරු වලින් ඉවත් කිරීම කළ හැකි හොඳම ක්‍රමය තමයි නීතිය අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින් පත් කර ගැනීම. නමුත් ලංකාවේ පහුගිය කාලේ පුරාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බිඳවැටී නිරායුධ ත්‍රස්තවාදය තුලින් මහජන කැමැත්තක් නැති රනිල් වික්‍රමසිංහ යන දුෂිත ඒකාධිපතියා බලයට ඇවිත් ත්‍රස්ත විරෝධී පනත, අධික බදු බර වැනි ජනපීඩක දේවල් කරළියට පැමිණීම.

      චන්දිම ගෝමස් මීට පෙර පෝස්ට් වල පෙන්වා දී ඇති පරිදිම ලංකාවේ වර්තමාන පාලකයා පත්කළේ පිටින්, විදේශ රාජ්‍ය වල අවශ්‍යතාව අනුව පත් කරපු භයානක රොබෝ කෙනෙක් චන්දිම ගෝමස්ගේ වචන වලින්, පහුගිය කාලේ ආර්ථික ප්‍රශ්න නිසා ලංකාවේ ජනයා රජයට එරෙහිව පාරට ආවත් ඒ සමගම ගෝල්පේස් එකේ ආරම්භ වූ ලංකාවේ සංවිධානාත්මක ගෝටාගෝ අරගලය මෙහෙයවූවෙත් ඔවුන්ම බව දැන් ලංකාවේ බොහෝ දෙනෙක් විස්වාස කරන්නේ, ඒක ඇත්තද බොරුද කියල මම හරියටම දන්නෙ නෑ ඒත් අරගලයේ අග්‍ර ඵලය ලෙස ජනාධිපති ලෙසට රනිල් වික්‍රමසිංහ පත්වීම ගන්න පුළුවන්.

      හැබැයි ඩිමොක්‍රසි එහෙම නැතිනම් ප්‍රජාතන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට වෙනස් මතයක් දරන ප්‍රතිවාදියා සිටිය යුතුයි. ප්‍රතිවාදියා නැත්නම් ප්‍රජාතන්ත්‍රයක්
      අවශ්‍ය නැහැ. හැමෝම ඉන්නේ එකම මතයක නම් ප්‍රජාතන්ත්‍රයක් වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රය නැති කිරීමට හොඳම ක්‍රමය තමයි ප්‍රතිවාදියා නැති කිරීම.

      ලංකාවේ අරගලය තුල ක්‍රියාත්මක වූ යම් පිරිසක් පෙනී සිටින්නේ තම ප්‍රතිවාදියා "අවසන්" කිරීමටයි. එනම් ප්‍රතිවාදියා නැති කිරීමටයි. එය ප්‍රජාතාන්ත්‍රික නැහැ. මෙය සමාන වන්නේ ජර්මනියේ නාසියන් විසින් දියත් කළ “ඇන්ටිසෙමිටික්” හෙවත් යුදෙව් විරෝධී ෆැසිස්වාට්දයටයි.

      උදාහරණයක් විදිහට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෑත කාලය තුළ කරන්නේ ඩීට්‍රික් එකාර්ට්ට සමාන කාර්යයක්. ඒකාර්ට් තමයි ජර්මනියේ “යුදෙව් විරෝධී මනෝ පදනම” අහේතුකව නිර්මාණය කරන්නේ. නිර්මාල් තමයි ලංකාවේ "රාජපක්ෂවාදය" නමින් අහේතුක පොතක් ලියලා එයත් සමග සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය අතාර්කිකව ප්‍රලාපගත කරන්නේ.

      Delete
    3. ඔය උඩ කියපු එකාර්ට් තමයි ඇඩොල්ෆ් හිත්ලර්ට මාරක ගැම්ම දෙන සෛද්ධාන්තික පදනම නිර්මාණය කරන්නේ. නිර්මාල් තමයි ලංකාවේ සිංහල බෞද්ධ ප්‍රජාව ඒ ආකාරයට “යුදෙව්කරණය” කරන්නේ. ලංකාවේ ඉන්න නොම්මර එකේ “සිංහල බෞද්ධ බෑෂර්” තමයි නිර්මාල්. ඒ ව්‍යාපෘතියේ අල ගිය තැන් මුල ගිය තැන් ගැන පොතක් ලියන්න පුළුවන්. නමුත් එකාර්ට් වගේම නිර්මාල්ට ඒ ව්‍යාපෘතියේ ලැබිය යුතු තැන කවදාවත් ලැබෙන්නේ නැහැ. එය සකර්මකයි.

      දේවසිරිගේ සංකල්පීය හිත්ලර් පැටව් තමයි අරගලයේ උන්නේ. ඊනියා අරගලය හරියට පළමු නාසි හමුදාව විසින් බීර ශාලාවේ සිදු කළ පුච් කුමන්ත්‍රණයෙන් ආණ්ඩු බලය අල්ලන්න හැදුවා වගේ තමයි. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා ඒ නින්දිත කූවට හුස්ම පිම්බේ නිර්මාල් තමයි.

      මේක විහිළුවක් නෙමෙයි. කූරගල සිංහයා හදා ගත්තු දෙන්, යන අය යයි. සල්ලි විසි කරන්න පුළුවන් අය ඒකට ආධාර දේවී. මිරකල් ඩෝම් හදන්න වගේ. හැබැයි මේ මෑතකදී වසා දැමූ පලමු ඇඟළුම් කර්මාන්ත ශාලාව නෙමෙයි. ලෝකයේ රෙදි පිලි කර්මාන්තයේ ලොකු වැටීමක් තියෙනවා. ඒ වගේම ලංකාවේ මේ සදහා ශ්‍රමබලකාය සොයා ගැනීමේ ලොකු අපහසුවක් තියෙනවා. කොයි තරම් පහසුකම් දුන්නත් දැන් සේවකයෝ හොයා ගන්න නෑ. කෑගල්ල, යක්කල සහ පන්නල තිබුන ආයතන ගනනාවක් මෑත කාලයේ වැහුනා. ගොඩාක් අයට රැකියා අහිමිවුනා. කූරගල සිංහයාට හිනාවෙලා ෆන් ගන්න එක වෙනම ආතල් එකක්, හැබැයි ඉදිකිරීම් කේෂ්ත්‍රයේ වගේම ශ්‍රමය හොයා ගන්න එක ලොකු ගැටළුවක්. අවට රටවල අඩු මුදලට ලැබෙන ශ්‍රමය විශාල ගැටළුවක්. විශේෂයෙන්ම බංගලාදේශයේ, ඉතියෝපියා සහ කාම්බෝජයේ යන රටවල. ඒ රටවල වෘත්තීය සමිති නැති නිසාත් ආයෝජකයෝ ඒ රටවලට යනවා. අපිට මේතාක් කල් තිබුන එකම වාශිය අපේ තත්ව පාලනය සහ ශ්‍රමිකයන්ගෙ දැනුම. දැන් අනිත් රටවල් ඒ තත්වයට ඇවිත්... අරගලකරුවන් හෙවත් හිත්ලර් පැටවුන්ගේ සතුරා සිංහල බෞද්ධ ජාතියයි. එහි සංකේතය ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් බවට න්‍යායාත්මකව ලකුණු කළේ නිර්මාල්. “ගෝඨාභය ගියා. එතනින් සිංහල බෞද්ධ බලය ඉවරයි” යනුවෙන් සෝබිත බෙරිහන් දෙන්නේ ඒ පදනමේ සිටයි.


      සිංහල බෞද්ධ ජාතිය මේ වන විට ජර්මනියේ යුදෙව් ජාතිය වැටුණට සමාන අඩියකට වැටිලා. ඔවුන්ට එරෙහිව නව මූලධර්මවාදී ආන්තික ජාතිවාදී කඳවුරක් හැදිලා. එය ඩයබොලිකල් කඳවුරක්. සිංහල බෞද්ධ ජාතිය සමූලඝාතනය කිරීමට තරම් වෛරයකින් පිරි සහ හැකි කඳවුරක්. එහි බිහිසුණු ප්‍රකාශනය තමයි මෙවැනි වෛරී කොමෙන්ටු.


      මේවාට විරුද්ධ වෙන්න ශක්තියක් දැන් සිංහල බෞද්ධ ජාතියට නැහැ. නාමල් රාජපක්ෂටවත් නැහැ. ගෝඨාභයගේ වැරදි ගැන කියව කියව ඉන්නේ ඒකයි. සැබෑ සතුරාට මුහුණ දෙන්න බයයි. රාජපක්ෂවාදය හදපු නිර්මාල් ඒක දැන් කඩලා ඉවරයි. රාජපක්ෂවාදය කියන්නේ පුස්සක්. එහෙම එකක් ඇත්තටම නැහැ. අන්න ඒක තමයි නිර්මාල් මේ කියන්නේ. එයා අහේතුකව නිර්මාණය කළ සතුරා හොඳටම අසරණ වෙලා කියලයි මේ කියන්නේ.මේක තමයි යථාර්ථය.

      දැන් තියෙන්නේ කුමන්ත්‍රණයෙන් අල්ලගන්න බැරි වුණ ආණ්ඩුව ඡන්දයෙන් අල්ලා ගැනීමයි. ලංකාවේ දේශපාලන වම-දකුණ කියන්නේ දැන් සෙලවෙන මනසට. දැන් ඉන්නේ සිංහල බෞද්ධ ජාතිය කම්මුතු කරන්න සැරසී සිටින නාසියන්. ඊට පස්සේ යුදෙව් සංහාරය පටන් ගනීවී. එකාර්ට්ට බැරි වුනාට ඒ සංහාරය සිය කුරිරු දෑසින් බලන්න නිර්මාල්ට ආයුෂ තිබේවි.

      Delete
  3. කොටි ත්‍රස්තවාදය පරාජය කොට සාමය ගෙන ඒම ද්‍රවිඩ ජනතාවගේ පරාජයක් ලෙස ගෝමස්ට පේන්නේ ඇයි? පිට රට ඉදං ලංකාවට උපදෙස් නොදී මෙහෙ පදිංචි වෙනවකො ඔච්චර දුකක් තියෙනවා නං

    ReplyDelete
  4. චන්දිම ගෝමස් වගේ අය තමා අරගලයේ මතවාදය නියෝජනය කළේ. මේ අයට රාජපක්ෂල එක්ක තිබුණ එකම තරහ ඔවුන් යුද්ධය අවසන් කිරීම. ඒ නිසා රාජපක්ෂලට එරෙහිව නැගිටින්න වෙලාවක් බලබල හිටියේ. වසංගතයට පස්සෙ ආපු ආර්ථික අර්බුදය ඒකට නියම අවස්ථාව දුන්න. නැතුව තෙල් ගෑස් ප්‍රශ්නයක් මේ අයට තිබුනෙ නැ. මේ රටට සැබෑ ආදරය කරන අය මේ දේශද්‍රෝත්වය තේරුම් ගතයුතුයි. මේ අය කවදාහරි ප්‍රභාකරන් වීරයෙක් කරල සිංහල අම්බ.රුවන් ලවා ඌට වන්දනවා.

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana17 May 2023 at 07:31

      අපිනම් රටට ආදරේ කරන්නෙ නෑ. අපි ආදරේ කරන්නේ ගැහැණුන්ට සහ ගැහැණුන් වැනි අයට.
      රටට ආදරය කිරීම ඉතාම විකෘති චර්යාවක්.

      Delete
    2. එක එක විදියට මේ බ්ලොග් එකේ කමෙන්ට්ස් දාන, තමන්ගේ කමෙන්ට් එකට තමන්ම උත්තර ලියා ගන්නා එකම පිස්සු මහතාණෙනි. වෛද්‍ය එස් පී කඳපොල ආරච්චිගේ සර් private කන්සල්ට් කර හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාගන්න.

      ඩේවිඩ් මේ වගේ පිස්සු ගෝතයෝ වෝඩ් 59 එවන්න එන්කරේජ් කරන්න එපා. අපිට තවත් වැඩ වැඩිවෙනවා

      Delete
    3. @ Jagath

      #annonymoushelpsrilanka හැෂ්ටැගය යටතේ ට්විටර් සහ ෆේස්බුක් තුළ ඉල්ලීම් මේවන විට ඉතාමත්ම වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. #Annonymous ලගේ ට්විටර් ගිණුම තුළ #gohomegota හැෂ්ටැගය යටතේ මිරිහානේ සිද්ධිය ඇතුලත් කෙටි වීඩියොපටයක්ද මේ වනවිට නිකුත් වී තිබෙනවා. 😯 #Annonymous ලගෙ අවධානය ලංකාව වෙත යොමුවෙමින් පවතින හැඩයි පේන්න තියෙන්නෙ..

      Annonymous වැඩ පටන් ගනීවි.. ? අනිවාර්යයෙන්ම ලේසි වෙන්නැති වෙයි...😳

      දේශපාලනයට විතරක් නෙමෙයි කලුකඩ ව්‍යාපාරිකයන්ටත්.. 😶 ඔක්කොම එක මිටට තියලා ඇරලා ඇනෝලා ලංකාව බේරා ගන්න බව අනිවාර්යයෙන්ම සිදුවන බව දකින්නට පුළුවනි.

      Delete
  5. අරගල මල්ලී, කරුමෙට පිස්සාගේ ආතල් රස විඳින්නේ අපි දෙන්න විතරයි වගේ. හැමෝම බලන්නේ ප්රෝෆ්ගේ FB එකේ පෝස්ට් කරන version එක විතරයි මට හිතෙන්නේ. දැන් මූට හොඳටම පිස්සුව තද වෙලා. අද මට නිවාඩු. මූ දිගටම ලියන්න ගත්තොත් මරු. බලපන් මුගේ ඊළඟ comment එක පට්ට ශාස්ත්‍රියයි (එහෙම කිව්වම මූ හෙන ගොන් ආතල් එකක් දෙනවා).

    පව් බන් එක අතකට, පිස්සා

    ReplyDelete
  6. ගෝමස් මල්ලි මෙහෙ එන්න
    ජංගිය පොඩ්ඩක් ගලවන්න
    යුද්ධේ කාලේදී දැක්කට පස්සේ
    දැක්කෙම නැ ගුදය

    චී චී කොටියා හරි නරකයි
    කියන්නේ කිව්වොත් කුණුහරපයි
    ඩොලර් කුට්ටි දුන්නොතින් මම
    දෙන්නකෝ ගුදය

    ReplyDelete
  7. අජිත් ඩී කීර්ති - ලන්ඩනය17 May 2023 at 08:36

    ජනාධිපති ආරක්ෂක අංශය සහ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මෙම චන්දිම ගෝමස් නැමැති ත්‍රස්තවාදියා පිළිබඳව විශේෂ වාර්තාවක් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත ලබාදීමට නියමිතය

    ReplyDelete
  8. Jagath Pathirana17 May 2023 at 10:01

    (අදහස: අල්මේදලා බෝල ගසති කෙටිකතාවෙන්)
    ගෝමස්ලා පිස්සු කෙලිති.
    ගෝමස්ලාට අනුව යුද්ධයෙන් දිනූවෙක් නැත.
    බැරිවෙලාවත් කොටි දිනුවේ නම් ගෝමස්ලා ඔය කතාව කියන්නේ නැත.
    යුද්දෙ තියෙන කාලේ පුරාම ගෝමස්ලා කීවේ කොටි පරද්දන්න බැරි බවකි.
    ගෝමස්ලාට සිංහලයෙක්ගේ හොඳක්වත් දෙමලෙක්ගේ නරකක් වත් කිසිදා නොපෙනේ. තම්බියෙක්ගේ වැරැද්දක්නම් ඉඳහිට පෙනේ.
    ඇතැම් ගෝමස්ලා බෞද්ධ දර්ශණයද පිලිපදිති. ඒත් උන්ගේ බුදුන් නපුංසක බුදුකෙනෙකි.
    සහරාන්ට පින්සිද්ධවෙන්න කටුවාපිටිය පල්ලියේ සිටි ගෝමස්ලා රොත්තක්ම ස්වර්ගස්ථ විය. මම එම සිද්ධිය නිසා ප්‍රභාකරන් මලාටත්වඩා සතුටක් ලඇබුවෙමි.

    ReplyDelete
    Replies
    1. @ ජගත්

      මෙහෙම දෙයක් තියෙනවා ඔබ බෞද්ධ දර්ශනයේ හරය අවබෝධ කරගත යුතුයි, බෞද්ධ සංකල්ප වලට අනුව;

      ආර්ථිකය ගැන කියනවා නම්

      ඒකේන භෝගේ බුජ්ජෙයිය
      ද්වීහි කම්මං පයෝජයේ
      චතුත්තංච නිදාපෙයිය
      ආපදාසු භවිස්සති

      උපයන ආදායම කොටස් හතරකට බෙදා එයින් කොටසක් පාරිභෝජනයටද තවත් කොටසක් හදිසි කරදයකදී ප්‍රයෝජනයට ගැනීමටද, කොටස් දෙකක් ආයෝජනයටද යොදා ගත යුතු බව ඉහත සදහන් පරිදි දේශනා කර ඇත්තේ ඇඩම් ස්මිත් නොවේ. ඒ ගෞතම බුදුන්ගේ දේශනාවකි.

      ඇතැමුන්ට අනුව, බුදු දහම යනු, වණ වැදී භාවනා කිරීමට දිරි දෙන ආගමකි. එය බුදු දහමේ වැරදි තැනින් අල්ලා ගැනීමකි.

      බුදුන් පාරිභෝජනය, ආයෝජනය, රක්ෂණය පිළිබදව අදද ආර්ථික විද්‍යාවේ එන න්‍යායන් එසේ දේශනා කළේ ඇඩම් ස්මිත් උපදින්නටත් වසර 2250 කට පෙරය.

      සැමියාගෙන් බිරිදට ඉටු විය යුතු යුතුකම්, බිරිදගෙන් සැමියාට ඉටු විය යුතු යුතුකම්, උන් වහන්සේ දේශනා කර ඇත්තේ, හොදින් පවුල් කෑම ඉගැන්වීමටය. උන් වහන්සේ පවුල් ජීවිත ගත කරන ආකාරය කියා දුන්නේය. පවුල් ජීවිතය එපා වූ අයට නිවන් දකින්න බණ කිවේය.

      සේව්‍යයාගෙන් සේවකයාටත් සේවකයාගෙන් සේව්‍යයාටත් ඉටු විය යුතු යුතුකම් බුදුන් දේශනා කරන ලද්දේ මිනිසුන් ව්‍යාපාර කිරිම උන් වහන්සේ අනුමත කළ නිසාය.

      මී කුණක් විකුණා කෝටිපතියෙකු වූ අයෙකු පිළිබදවද බුදු දහමේ අසන්නට ලැබේ. ඔහුගේ උත්සාහය බුදුන් අගය කිරිම මිස, හෙළා දැක නැත.

      බුදු දහමේ වැඩිපුරම අසන්නට ලැබෙනුයේ රජවරුන්ය. සිටුවරුන්ය. නමුත් උන් වහන්සේ අන්ත අසරණ සුනීත සෝපාකලාටද පිහිට වූහ. රජවරුන්, සිටුවරුන්ට බුදුන් වහන්සේ ගිහි ගෙයි එපා කරවූයේ නැත. ව්‍යාපාර එපා කරවූයේ නැත. ඒවා තව තවත් සාර්ථක කර ගැනීමට අනුශාසනා කළහ.

      උන් වහන්සේ "ලද දෙයින් සතුටු වන්න" යනුවෙන් දේශනා කළ කරුණ අප අල්ලාගෙන ඇත්තේද වැරදි තැනින් ය. අනේපිඩු සිටු තුමාට වඩාත් සාර්ථකව ව්‍යාපාර කිරීමට උපදෙස් දුන් උන් වහන්සේ "ඔච්චර හම්බ කරන්නේ මැරුණාම අරන් යන්නද"? යනුවෙන් ඇසුවේ නැත.

      ලද දෙයින් සතුටු වන බණ නැවැත්වීමට ඇත්තේ එක් ආකාරයක් පමණි. හාමුදුරුවනේ මම චෛත්‍යය බදින්න පංසලට දෙන්න ඕන දායක මුදල රු. පන්දාහයි. මගේ ළග තියෙන්නේ රු. පන්සීයක් විතරයි. මේක තියාගෙන "ලද දෙයින් සතුටු වන්න" කියා කීම පමණි.

      ඕනෑම දාර්ශනිකයෙකුගේ දර්ශනයට පදනම් වන්නේ ඔහු ජීවත් වන පරිසරය වේ. ඔහුට එම දර්ශනය ගොඩනගා දෙන්නේ ඔහු ජීවත් වන පරිසරය විසින් ය. එකම එක මොහොතකට හිතන්න, බුදුන් කාන්තාරබද රටක උපත ලබා, නබි තුමා ඉංදියාවේ උපත ලද බව !!

      එසේ නම් බුදුන් වහන්සේ ⁣ගේ දේශනා වල පානාතිපාතා ඇතුළත් වේද ? එය එසේ වූයේ නම්, නබි තුමා ගේ දේශනා වල පානාතිපාතා තිබෙන්නටද ඉඩ තිබුනි. මන්ද ඉන්දියාවේ ඕනතරම් වගා කරගෙන කෑමට හැකියාව ඇතත් කාන්තාරබද රටවල එසේ නොහැකි වීමය !!! දර්ශනය සෑම විටම ඒ අවට පරිසරයේ නිර්මිතයකි.

      ලංකාව මෙන්ම ථෙරවාදී බෞද්ධ දර්ශනයෙන් පොහොසත් තායිලන්තයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ ය. අපරටේ බෞද්ධ ජනගහනය 70% ක් වන විට, තායිලන්තයේ එය 95% කි. තායිලන්තය ලොව 24 වන විශාලතම ආර්ථිකය වේ. ඒ, ආර්ථික කටයුතු වලදී ඔවුන්ගේ අත පය බැද දමන ආකාරයේ දේශනාවන් දක්නට නොමැති නිසා ය.

      ලංකාවේ ආර්ථිකය දියුණු කර ගන්නා ආකාරයේ බණ දේශනා කරන පින්වත් භික්ෂූන් අති විශාල සංඛ්‍යාවක් සිටිති. නමුත් එම සංඛ්‍යාව ප්‍රමාණවත් නැත.

      මා, උපතින්ම බෞද්ධයෙකි. මා, වෙනත් ආගමක දෙමාපියන්ට දාව ඉපදුනේ නම්, මට දැනුම් තේරුම් තිබෙන මොහොත වන විට මා, බුදු දහම වැළද ගනු ඇත. නමුත් කිසි දිනෙක මා, වැරදි තැනින් බුදු දහම අල්ලා නොගනු ඇත.

      බෞද්ධ, අබෞද්ධ සහෝරදවරු රාශියක් බ්ලොග් ඇතුලු සමාජ ජාල වෙබ් පිටු වල ඇතිවාට කිසිදු සැකයක් නැත. නමුත් සියල්ලන්ට ඇත්තේ එකම අවශ්‍යතාය. අප බෞද්ධකම රකින්න හදන්නේ කුමන දේ සිදු කරමින්දැයි මොහොතක් සිතන්න.

      බාර් අරින්න නොදීමෙන් ඇතැමුන් බෞද්ධ රට ආරක්ෂා කර ගැනීමට වළි කති. ඇතැම් දියුණු රටවල, ෆාමසි ද ඇතුළු ඕනෑම වෙළෙදසැලකින් අරක්කු හෝ බියර් ටින් එකක් මිලදී ගත හැක. තායිලන්තයේද එසේය. එහෙත්......හවස 6 න් පසුව බීලා පාරේ වැටිච්ච එකෙක් හොයා ගන්නට නැත. හිටියොත් බොහෝ විට ඒ ලාංකිකයෙකු විය හැක !!!

      ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. අරක්කු හෝ බියර් මිලදී ගත හැක්කේ නගරයේ තැනක හෝ දෙතැනක ඇති බාර් එකකින් පමණි. එය පෝයට වසා ඇත. නිදහස් දිනයට වසා ඇත. අමධ්‍යප දිනයට වසා ඇත. රෑ 9.00 න් පසුව වසා ඇත. නමුත් ....
      හවස 6 න් පසුව බීලා වැටිච්ච අය හැම තැනම ය !!! එසේ නම් ගැටළුව ඇත්තේ බාර් ගණනෙහි නොව, මිනිස් හැසිරීම් තුළ බව පැහැදිලි ය.

      නියම බෞද්ධයා මුදල් හම්බ කිරිමේ රුසියෙකි. බුදු දහමේ සිටි අනේපිඩු සිටු තුමා මෙනි. එබැවින් ඔබ බෞද්ධයෙකු බවට පත්වන අතතුර සිටුවරයෙකුද වීමට සිතට ගත යුතුය....

      Delete
  9. හා හා හා හා පිස්සා දෙන ආතල් මරු අප්පා. කොහෙන්ද බන් ඔය නම් කබල හොයාගත්තේ. මහින්ද පතිරණ වගේ වෙන්න හිතුනද?

    Sorry ප්රෝෆ් මූව අපි ෆෝම් කරනවට. මූ දෙන ආතල් වලට නවත්තන්න හිතෙන්නේ නැහැ.

    පිස්සෝ උඹේ ගෑණි ඒ කාලේ ප්රෝෆ්ට බොක්කෙන් ලව් කළා කියල ඔච්චරටම ඔරොප්පු වෙන්න එපා.

    උඹල වගේ බොළඳ මන්ද ඩයල් මේ විසි එක් වෙනි සියවසේත් ඉන්න එක අපේ වාසනාව බන්. නිවාඩු දවසට මැච් එකක් බැලුව වගේ. හැබැයි අර අරගල මල්ලි කිව්ව දොස්තර ලගට පලයන් ඉක්මනට. නැත්තන් උඹට පිස්සුව කොන්ස්ටිපේට් වෙලා ඉරිසියාව බොක්කේ හිරවෙලා සෙත්ත පෝච්චි තමයි.

    Hahahahahahahaha ... පිස්සා

    ReplyDelete
  10. මේ අනොලගේ කමෙන්ට් දැක්කම ලංකාවේ ගෝත්‍රික බයියෝ ගැන ඇතිවෙන්නේ කණගාටුවක්.. තව ටික දවසකින් මුන් අයෙත් රජපස්සලගේ එකෙක් රජ කරවන්නත් පුළුවන්.... අබ සරණයි ලංකාවේ උන්ට.....

    ReplyDelete
  11. ඒයි පිස්සා. මොකෝ සද්දයක් නැත්තේ? අද උදේ වැඩට යන්න කලින් මේ තකහනියක් බැලුවේ ආතල් එකක් දීලද කියල.

    උඹටයි උඹේ ගෑනිටයි වෙලා තියෙන්නේ රාජපක්ෂ ගැතිකමයි, බෞද්ධමේනියාවයි, ඉරිසියාවයි, වෛරයයි, ක්‍රෝධයයි උස්මුරුත්තාවට ගිය එක. ඔය ටික කලවන් වුනහම නවතින්නේ 59 වාට්ටුවේ. උඹල දෙන්නටම පිස්සු හැදිලා තියෙන්නේ ඒකයි. දැන්වත් හරියට බේත් ටික ගනින්.

    මොකක්ද බං මේ Jagath Pathirana, අජිත් ඩී කීර් ති - ලන්ඩනය කිය කියා විකාර නම් දාගෙන මොන්ටිසෝරි කමෙන්ට් දාන්නේ. ලැජ්ජාවක් නැද්ද (පිස්සට මොන ලජ්ජවක්ද නේ)?

    කූඹියට හුජ්ජ බිංදුවත් මහා ගංගාවක් වගේ තමයි උඹල දෙන්නට උඹල ගැන හිතෙන්නේ. ඒත් දියළුම ඇල්ල ඉස්සරහ උඹල දෙන්න හුජ්ජ බිංදුවක් විතරයි බං.

    ආතල් දෙන එක නම් නවත්තන්න එපා පිස්සු උට්ට්ටෝ. තව මොනවා හරි නම් ටිකක් අටෝගෙන මොන්ටිසෝරි ආතල් කන්ටිනියු කරපං. .... පිස්සා

    ReplyDelete
  12. @ Chandima Gomez

    මේ දිනවල ලංකාවේ කටුනායක එයාපෝට් එකට උබර් පික් මී ටැක්සි වලට එන්න ඉඩ දෙන්න එපා කියලා එයාපෝට් ටැක්සි සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ආශ්‍රිත ත්‍රී රෝද රථ ටැක්සි සේවා සපයන කණ්‌ඩායම් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා, ජාතික ජන බලවේගය ද මේ උද්ඝෝෂණය වෙනුවෙන් සම්පූර්ණ සහාය ලබාදෙන අතර අනුර කුමාර දිසානායක සහෝදරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේද දැඩිව විවේචනය කළා.

    සමහරු කියනවා මේ ඌබර්, පික් මී හොදයි කියලා... ටිකක් අඩු මිලක් ඇති,,, නමුත් ලංකාවෙ සංචාරක කර්මාන්තය මතම යැපෙන බොහෝ පිරිසක් ඉන්නවා, SLTDA එකෙන් "සංචාරක රියදුරෙක්" කියල පුහුනුවක් දීලා ලයිසන් එකක් තියන පිරිසක්. ඒ අතරිනුත් බොහෝමයක් අය Area Guide හෝ National Guide කියන license එකත් අරගෙන ඉතාමත් ගෞරවනීය විදියට වුර්තීය කරන පිරිසක් ඉන්නවා.

    මෙතනට මේ ඌබර් හෝ පික් මී කියන දේ ඇතුලු වුනාම තරගකාරීතවය වගේම සංචාරක රියදුරන්ට ලැබෙන හයර් ප්‍රමානය අඩු වෙනවා. මේ බොහෝමයක් රියදුරන් සංචාරකයන් පමනක් ප්‍රවාහනය කරන නිසා ඔවුනේ මෝටර් රත ඇතුලත සහ පිටත ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යන්න සහ, සංචාරකයෙකු අපහසුතාවයට් පත් නොවන ආකාරයෙන් වුර්තීය කරගෙන යන්න අමතර වියදමක් දරනවා.( දැං කියාවි අපිත් වාහන පිරිසිදුව තියන් ඉන්නව, ඕක මහ දෙයක්ද කියල).

    ඊට අමතරව, මේ සංචාරක කර්මාන්තය කියන එකෙන් රටට ලැබෙන ඩොලර් හෝ විදේශ විනිමය බොහෝ ප්‍රමානයක් ආපහු රටෙන් එලියට ඇදිලා යනවා, ඒ සංචාරක කර්මාන්තය ඉහල ගුනාත්මක භාවයකින් පවත්වාගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය ආනයනය කරන්න. එතකොට මේ උබර් වගෙ ඇප් එකක් භාවිතා කරනකොට හයර් එකේ ගාස්තුවෙන් 25%ක පමන් කොමිස් මුදලක් ඌබර් එකට අය වෙනවා. සුලු වශයෙන් උනත් ඒකත් ඩොලර් විදියට පිට රටට යනවා.

    ඊලගට කියනන් තියෙන්නෙ, සිල්ලර කඩයක් කරන එකත් සුද්දෙක් ආවම රුපියල් 100 තැබිලි ගෙඩිය 200ට විකුනන ගමන් මෙතන අනිත් රියදුරන්ටත් ඌබර් දුවන්න කියල වැඩක් නැහැ. සංචාරකයෙක් ලංකාවට ආවම, රටට වාසියක් වෙන්නෙ, සංචාරකයා වියදම් කරන තරමට. ඒක ඉතිං හොර ක්‍රම වලට නැතුව බැංකු හරහා නියම විදියට විදේශ මුදල් මාරු කරන්න ක්‍රමය හදන්න මහ එවුන් දැනගන්න ඕනෙ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සංචාරක කර්මාන්තයේ ගුනාත්මකබව පවත්වාගෙන යන්න, ඌබර් හෝ පික් මී වැනි ඒවාට මීට වඩා නියාමනයක් අවශ්‍යයි.
    මෙව්වා සාදරනීකරනය කරනවා නම්, සංචාරකයෙක් අරං යන්න ලයිසන් එකක් තියෙන්නෙ ඕන කියල ලයිසන් චෙක් කරපු පොලිස් මහත්තුරුන්ගෙන් අහන්න ඇයි සංචාරක රියදුරු ලයිසන් එක චෙක් කරේ කියල.
    අනිත් එක මේ දවස් වල වියදම් වල හැටියට ඔය ගනන්වලට හයර් ගිහින්, වාහනෙ නඩත්තු රෙපෙයාර් කරගන්න පුළුවන් ද කියලත් හිතන්න. දුවන හයර් ගාන වැඩි නිසා අතට ගානක් එනව කියල හිතුවට මේ දවස් වල වාහන අමතර කොටස් සර්විස් වලට යන වියදම් එක්ක ගලපල බලන්නකො,,, ඒ නිසාම ජාතික ජන බලවේගය සමග එක්ව මීට ඔබේ උපරිම සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  13. ලංකාවට තිබුන විදේශ අපනයන මාර්කට් එක ඉවරවේගෙන යනවා ඇපරල් මාකට් එක බංග්ලාදේශය සහ වියට්නාමය අල්ලගෙන ඉවරයි... ඉතියෝපියාව උගන්ඩාව කෙන්යාව වගේ රටවල් වලත් ඒ ක්ෂේත්‍රය වර්ධනය වෙනවා

    ලගදිම තේ වලට වෙන්නෙත් ඕකම තමයි... කවලන් කරලා කෙන්යා තේ මික්ස් කරලා බාල බඩු යවන කම්පැනිකාරයෝ තමයි ඒකට වගකියන්න ඕනා..

    රජයත් වග කියන්න ඕන අනිත් රටවල් බදු අඩු කරල සහන දෙනකොට අපේ හැත්ත ගහන්න පුලුවන් හැම බද්දම ගහනවා ඊට පස්සෙ මෙහේ එවුන් බංගලාදේශ ඉන්දියාව වගේ එක්ක රටවල් එක්ක තරග කරන්න කොහොමද?

    වැලිසර බ්‍රැණ්ඩික්ස් එක වහලා සේවකයන් 2000 කට අධික පිරිසකට රැකියා අහිමිවීමේ උණුසුම පහව යන්නත් කලින් 1080 සේවක සේවිකාවො වැඩ කරපු පාදුක්ක මීපේ හයිඩ්‍රාමිනී ගාමන්ට් ෆැක්ට්‍රි එක හෙට දින වසා දමනවාලු.. මේ දිනපතා රටපුරා එකින් එක වසා දැමෙන නිශ්පාදන මධ්‍යස්ථාන වලින් එකක් පමණයි.. හයිඩ්‍රාමිනී ගෲප් එක ලංකාවේ තිබුණු ප්‍රධාන සමාගම් ජාලයක් මම දන්න තරමින්..

    විරැකියාව වැඩි වෙනවා.. අපනයන ආදායම් නැති වෙනවා.. එක ගලයි ලොකු කුරුල්ලෝ දෙන්නයි..

    ඊට අමතරව ලංකාවේ තියෙන අනිත් ප්‍රධාන ඇඟලුම් සමාගම් ඒවාට ලැබෙන ඇනවුම් පවා ඔවුන්ගේ බංග්ලාදේශ හෝ වෙනත් රටවල ඇති කම්හල් වෙත යොමු කරමින් ඉන්නවා කියලා කියනවා..

    ලෝකය පුරා ආර්ථික අර්බුද එක්ක ඇගලුම් වගේ නිෂ්පාදනවල ඉල්ලුම අඩු වෙන අතරේ ඒ තත්වයන් නොසලකා තඩි අපනයන බද්දක් ගහන රටක ඉරණම මීට වඩා වෙනස් වෙන්න හේතුවක් නෑ..

    අධික බදු නිසා අරක්කු බිස්නස් එක අඩු වෙන එක දියවන්නාවෙ බාර් හිමිකරුවන්ගෙ සංසදයට දැනුනට අනිත් කර්මාන්ත බිඳ වැටීම් එයාලට එහෙම පහසුවෙන් දැනෙන්නේ නෑ..

    ඒ වගේ තත්වයක ලංකාවේ ෆ්ලෑග් නැව්වලට පඩියට බදු ගැසීම නිසා ලංකාවේ ෆ්ලෑග් එකම විනාශ වෙලා ඒ එන විදේශ ආදායම් පවා නැති වෙනවා කියලා කොහේ දැනෙනවද ඉතිං.. දැන් කට්ටිය පුරාජේරු ගහන්නෙ අපිට ඩොලර් වැඩිත් එක්ක ගානට..

    ඔහොම යමං කියලා තමයි කියන්න තියෙන්නේ..

    ReplyDelete
  14. Prof. චන්දිම

    යුද්ධය ලංකාවට විතරක් පොදු එකක්ම නෙවෙයි ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇතිවූ සටන් වලට වර්ධනය වුණා

    ඒ,ශගේම 'යුද්ධය' යන වචනය වර්තමානයේ ඕනෑම අරගලයකට භාවිතා වේ. උදාහරණ වශයෙන් ඖෂධ වල යුද්ධය (war on drugs) හා භීෂණයේ යුද්ධය (war on terror) දක්විය හැකියි. අතීතයේ යුධ සටන් කරන එකම සත්වයා මිනිසා යැයි සිතුවද, සත්ව ජීවීන් සියුම් ලෙස නිරීක්ෂණයෙන් කුහුඹුන්ගේ ජනාවාස අතර යුද්ධයන්ද, චිම්පන්සි ගෝත්‍ර අතරද, යුද්ධය දැකගත හැකියි

    ලංකාවේ තරුණ පරපුර දේශපාලනයට සම්බන්ධ කරගැනීමට විදේශීය රටවල යෝජනා අනුව රජය මගින් තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කටයුතු වලට මැදිහත්වීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම කියන කාරණයේදී අප ඇතුළු ලංකාවේ විශ්ව විද්‍යාල වස සමස්ත ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන ආයතනය "අන්තරය" විදියටයි දැන් ඔවුන් රටේ හදාගෙන තියෙන්නේ (හරියට ඉස්සර කාලේ එල්ටීටීඊ සංවිධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිත ආයතනය විදියට උතුරේ ජනතාව තුල බලහත්කාරයෙන් අවි බලයෙන් බලයක් ගොඩ නගාගෙන හිටියා වගේ)

    නමට ගත්තොත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, දැන් ලංකාවේ ආණ්ඩුව නැතහොත් රනිල්ලා රාජපක්සලා හසුරුවන ජුන්ටා රෙජීමය ඇමරිකන් ළණු ගිලලා මහජන මුදල් කබාසිනීයා කරමින් ඔය කියන තරුණ හඬකට ඉඩ දෙනවා කියලා කරන්න හදන්නේ මොළේ තියෙන තරුණ තරුණියන්ට අවස්ථාව නොදී විලාප ගහන්න විතරක්ම පුළුවන් නමුත් කිසිම විචක්ෂණශීලිත්වයක් නැති ඇනලිටිකල් හැකියාවක් නැති කපා කපා කෑලි කපා කිය කිය විලාප ගගහා දශක ගණනාවකට පෙර යල් පැන ගිය හණමිටී අදහස් ගිරව් වගේ පුනරුච්චාරණය කරන්න විතරක් දන්න මෙලෝ වැඩකට නැති ගොන් හාල්පාරුවෝ සෙට් එකක් ෆෝම් කරන්න ඔය හදන්න යන ලබ්බේ කයිවාරු කතා සාප්පුවට පත් කරන අය ගැන කතා කරමුකෝ

    මම අවුරුදු විසි තුනක අවසන් වසර සරසවි සිසුවෙක් විදියට දැන් ඔය අපිව නියෝජනය කරන බව කියන අන්තරයේ අලුත්ම කැඳවුම්කරුවාට වයස අවුරුදු 29යි මේ අවුරුද්ද තුල.

    සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුගේ වයස රේන්ජ් එක බැලුවොත් අවු. 19 - 25 නේ.

    එතකොට අන්තරයේ අලුත් කැඳවුම්කරුවා සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයොන්ගේ වයසට සාපේක්ෂව යල් පැනගිය නාකි මයිනෙක්.

    එතකොට ස්වීඩනයේ, ෆින්ලන්තයේ, කැනඩාවේ මැලේසියාවේ සිංගප්පූරුවේ ඕස්ට්‍රේලියාවේ එක්සත් ජනපදයේ දකුණු අප්‍රිකාවේ පවා විශ්ව විද්‍යාල වලත් එහෙමද ? ශිෂ්‍යයන්ගේ ඡන්දයෙන් නායකයෙක් පත් කළොත් ඒකා මේ මලහෝන්තුව වගේ වයස අවුරුදු 28 -29ක 30ක දෙකයි පනහේ නාකි මයිනෙක් වේවිද ?

    ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පාලකයො ලංකාවේ මන්ත්‍රීවරු, පාලකයො එක්ක වයස සංසන්දනය කරලා තරුණ තරුණියන්ට තැන දෙන එක ගැන හඬක් නගන අපේම සහෘද විශ්ව විද්‍යාල ශිෂ්‍යයො වෙනුවෙනුයි මම මේ හඬ නගන්නේ, ඒ වගේම ඔබ වැනි වැඩිහිටි පරපුර නියෝජනය කරන දැනුම් තේරුම් ඇති අය මීට වඩා ඇක්ටිව් ලෙස ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවයි මගේ අදහස. මේ ගැන ඔබ මොකද හිතන්නේ?

    ReplyDelete
  15. පාසැල් කාලයේසිට මිතුරකුව සිටි අයකු...ඔහු කල රටේ විනාශයට හේතුවුන බරපතළ වැරැද්දක් ගැන පෙන්වා දුන්නම... මිතුරුකමෙන් අයින් වෙනවානම්...ඔහුගේ මිතුරු කමින් මටඇති වැඩක් නැත !. මේක ලියන්නේ මම මහින්ද දේශප්‍රියගේ යහළුවෙක්වී සිටියා මිස ඔහුගේ බැතිමතකුවී සිටියේ නැති නිසාය.

    ද්විත්ව පුරවැසි ගෝඨා මැතිවරණයට ඉදිරිපත්වීම වළක්වන්න උඹට බලය සහ ඕනෑ තරම් ඉඩකඩ තිබුණා කියල ප්‍රසිද්ධියේ කිව්නිසා Mahinda Deshapriya මස්සිනා මාව Unfriend කරලා. මහින්ද දේශප්‍රිය මස්සිනා...

    ඔහුගේ ජනප්‍රිය වෘත්තීය ජීවිතය...සහ දේශපාළුවන්‍ ගැන. රටකපටි දේශපාළුවන්‍ වන් උඹේ අනුමැතියෙන් මැතිවරණ කොමිසමේ ත්‍රීවීල් පක්ෂ අටවගෙන ඒවා මැතිවරණවලදී කෝටි ගණන් වලට විකුණමින් උඹ දැනුවත්ව ගහපු ගේම්...කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබේ...උඹ කිසිම දේශපාළුවෙක් එක්ක බීලම නැද්ද ? මහාධිකරණ විනිසුරුවරයෙකු බඳුවූ නුඹ...බරපතළම රාජකාරියක් කරන සමයේ එහෙම බිව්වා නම් ඒක හරිද ?

    දේශපාලුවන්ට නම් හාට් එකක් නෑ උන්ට තියෙන්නෙ කැල්කියුලේටරයක්...ගෝඨා එනවට විරුද්ධ වුණ රත්නජීවන් හූල්ට මොකද උනේ ?

    රටෙන් 90% කියනවා ගෝඨා කල්ලතෝනියෙක් කියලා...

    මැතිවරණ කොමසාරිස් කියනවා පොලීසියට කියලා...ඌ කල්ලතෝනියෙක්ද කියලා හොයන එක මට අයිති නැති අනුර කුමාරට අයිති රාජකාරියක් කියලා...අනුර කුමාරත් ජරාව කාලා සද්ද නැතුව ඉන්නවා...මරේ මරු ජන්ද කොමසාරිස් !

    උඹ විතරක් දන්නා top secret කරුණු අළලා ලක්ෂ ගණනක පිටපත් විකිනෙන...දැනට ජීවත් ජීවත් වෙන මහින්ද රාජපක්ෂ වැනි පට්ට හොර තක්කඩි දේශපාළුවන්‍වන්ගේ රෙදි ගැලවෙන වටිනා ඉතිහාස පොතක් ලියන්නේ නැත්තේ ඇයි ? මහින්ද රාජපක්ෂ ජන්දෙන් පැරදුන දවසේ උදේ ඌ උඹට ටෙලිෆොන් කරලා කිව්වේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ එදා උදේ ටෙලිෆෝන් කරලා උඹට කිව්වේ මොකක්ද ?

    මට දැනගන්න ආසයි !

    සම්පූර්ණ ඇත්තම ඇත්ත ලිව්වොත්...

    මහින්ද රාජපක්ෂ තක්කඩියාගේ වගේම මහින්ද දේශප්‍රිය මස්සිනාගේත් රෙදි රාජපක්ෂලා ගලවෙන්න ඉඩ ඇති නිසා මේ වටිනාපොත කවදාවත් ලියැවෙන්නේ නැත. තමන්ගේ සහ හෙන්චයියන් ගේ නඩු විසි කරමින් මිනීමැරුම් සහ හොරකං වල file අස්ථානගත කරමින්...සාක්ෂි විනාශ කරමින්...තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂ මිනීමරු කපටි පවුලයි.

    මේ අවාසනාවන්ත රටට...තව අවුරුදු දෙක තුනක් වත් යනකං මේ මිනීමරු හොර පවුලෙන් ගැලවීමක් නෑ. මිනීමරු කපටි මයිනයි, කපුටයි...උගේ පවුලේ අයයි හෙන්චයියනුයි මොහොතින්... දේශපාලනයෙන් සදහටම අතුගාලා දාන්න අපේ දේශප්‍රිය මස්සිනාට පුළුවන් !මචං රට ගැන හිතපන් උඹ කළ විනාශයට ඉපදුන රටට වන්දි ගෙවපන් මගේ පොත මම ලිව්වා... මස්සිනා පොත ලියන එක මට බාරදීපන් !. උඹයි මායි දෙන්නම දැන් මරණයට ගොඩක් කිට්ටුයි. කෞරව රාජ පරම්පරාවේ ජානවලින් ආපු බෝනොවෙන රෝග හැදිලා ඉන්නේ...bypass කරලා අවුරුදු තිස්දෙකක් ජීවත් වෙලා bonus ජීවිතයක් ගත කරලා...

    වල ගැට්ටේ ඉන්න මං ඔය එකෙකුටවත් බයනෑ...මේ කුණු දේශපාලන ඌරන් තමන් ඉපදුණු රටට ගහපු කපටි ගේම් ගැන මුළු රටම දැන ගත යුතු වටිනා කරුණු රාශියක් උඹේ මරණයත් සමග අම්බලන්ගොඩ කැරකෝප්පුවේදී අළු බවට පත්වෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මූන බලපං... හෘද ශාක්ෂිය ගැන උඹ නිසා මේ රටට වුණු විනාශය ගැන, නිරපරාදේ රාජපක්ෂලාගෙන් මැරුම් කාපු මිනිසුන් ගැන...පසුතැවීමක් වත් නැද්ද ? මං දැනං හිටියා රටට වෙන්න යන විනාශය ගැන...ජීවිතය ගැන නොතකා මම තනියම ප්‍රසිද්ධියේ හුඟක් සටන් කලා ගෝඨා ජනාධිපති වෙන එක වළක්වන්න ...අරගලයෙන් කීදෙනෙක් මැරුණද ? මට #කෙන් හිනා ගියා උඹ අරගලයේ ඉන්නවා දැකලා...මේ මරණ වලට උඹත් වගකියන්න කියන්න ඕනෙ නැද්ද ? උඹ මට කිව්වෙ ඕක මට අදාළ නෑ කියලා...

    ස්වර්ගයේ වැඩවසන දේශප්‍රියාණනි...

    රාජපක්ෂලාගෙන් රට ගළවාගත මැනව...

    #ආමේන් !

    මට හරි දුකයි මචං !

    I dont want to naked u...
    I just want to show you the mirror !

    ReplyDelete
    Replies
    1. මහින්දයත් එක්ක ඩීල් එක රිනිව් කරලා...
      Pension එකට අමතරව...
      වාහනයක් සහ තවත් අමතර පඩියක් ඉතාම සුවපහසු තනතුරක් අරගෙන...නැවතත් මැතිවරණ කොමසාරිස් වෙන්න ඉල්ලමින්...ලෝකෙටම පොළු තියලා... කානුවට පෙරලිලා හිඟමනටම වැටුනමේ රටට...
      උඹ රනිල් මහින්ද බලු පූට්ටුවෙන්... නැවතත් මැතිවරණ කොමසාරිස් තනතුර ඉල්ලමින්... තව තවත් රටට කෙලවන හැටි බලං ඉන්න බැරිම තැන...
      මං මේ වගේ පෝස්ට් එකක් දැම්මා...
      // මහින්ද රනිල් බලු පූට්ටුව... දැන් උපදෙස් ගන්නේ...
      ගල් පලලා මද කාපු...
      ව්‍යවස්ථාව, FR එක...බයිබලය මෙන් කට පාඩමින් දත්...හිටපු පරිපාලන නිලධාරියෙකුගෙනි //
      උපුටා ගැනීම අවසන්...
      හුකා...
      මෙන්න මස්සිනා #තොප්පියඅතින්අරන්දාගෙන...
      පහුවදාම මාව බ්ලොක් කරලා.
      මේකා ආයෙත් මැතිවරණ කොමසාරිස් වුනොත්...
      නාමල් රාජපක්ෂ ජනාධිපති වෙලා නවතින්නේ. උඹ ගහපු ටිපෙක්ස් ගේම්එකක් නිසා මුස්ලිම් ත්‍රීවීල් කාරයෙක් කොළඹ නගරාධිපති වුණා, ඊළඟට පොල්ලෙල්ලක් ආවා මහරගමට. ඕනම මැතිවරන අපේක්ෂකයෙක් කපන්න ඕන හරිම විදිය උඹ දන්නවා. නාගට දුන්නේ පුකෙන් යන්න. මැතිවරණයට බාධා කරලා කල් දානවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
      අනිවාර්යෙන්ම හිරේ යන්න වෙන මගුලක්.
      රනිල්ට ඇඟ බේරගෙන...
      මැතිවරණ කොමිසම නැමති බල්ලත් 🐕 නොමරා පොල්ලත් නොකඩා...උසාවියෙනුත් බේරිලා මේක කරන හැටි ගැන උපදෙස් දෙන්න සුදුසුම පුද්ගලයා කවුද...
      වෙනින් කවුරුවත් නොවේ... ලෙනින්මොරායස්ම තමයි.
      චන්ද්‍රිකා...මහින්ද වගේ ජරා සත්තු එක්ක...කිසිම හිරිකිතයක් නැතුව කන බොන ඩීල් දාන...
      උඹ ගැන මම දිගටම හිටියේ සැකයෙන්...
      උඹට මතකද...
      නෙළුම්යාය උත්සවයේදී උඹේ ෆෝන් එක මගේ අතට දුන්නා...ස්මාර්ට් ෆෝන්වලින් ෆොටෝ ගහන හැටි අහගන්න...
      සිංහලෙන් ටයිප් කරන හැටි අහගන්න. වැරදි මිනිහගේ අතට මචෝ උඹ ෆෝන් එක දුන්නේ..
      පිලාඔරුවකට නැගලා ගෙඳවානට ගිහින් ඕක මූදට වීසි කරපන්...තවදුරටත් රනිල් මහින්ද බලු පූට්ටුවට #ක දීලා නැවතත් මැතිවරණ කොමසාරිස් උනාට වැඩක් නෑ...
      උඹට මාදම්පා ගඟේ පටබැඳි මුල්ල මූදේ...
      නාන්න බැරි වෙනවා...
      මර යුද්ධකාලේ මං මැරෙනවට බය නැතුව නේවි එකට ගියේ.. ප්‍රභාකරන් #රි බල්ලා මරන්න උදව් කරන්නයි. මං මගේ රටට හුඟක් ආදරෙයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න ඕන තරම් චාන්ස්එක තියෙද්දිත් මේරටේම නැවතුනේ ඒකයි. උඹට ආණ්ඩුවෙන් දීපු...තුවක්කුව වගේම මගේ තුවක්කුවත් පත්තුවෙනවා...උඹට හරියටම ටාගට් එකට වෙඩි තියන්න බෑ... නමුත් නේවි එකේ හිටපු හැම ජාතියම තුවක්කු වලින් වෙඩි තියපු...Son Of a Gun ලුතිනන් කමාන්ඩර් විමලසූරියට පුළුවන් !
      උඹ වගේම මමත් දනින් පහල තියන්නෙ නෑ..ඔළුවටම තමයි තියන්නේ. හරි ප්‍රසිද්ධ හැමෝම සෙල්ෆි ගහන මැකෝ මගේ සමකාලීනයෙක්...
      අපේ අම්බලන්ගොඩ අපේ ගමේ සුපිරි පොරක්...කියල මම හැම තැනකදිම කිව්වේ හරිම ආඩම්බරෙන්...
      උඹ වගේ දවල් මිගෙල්..
      රෑ දනියල් කෙනක් දාගෙන ඉන්න...අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේගේ... සළුපාලිය වෙස්මූණ ගලවලා...
      නියම මූණ රටට පෙන්නලා...
      මේ රටට තවතවත් කෙලවන එක...වළක්වන එක...
      හිටපු හමුදා නිලධාරියෙක් විදිහට මගේ යුතුකමක්.
      හිරේවත්තෙ බාසාවෙන් කිව්වොත්...
      උඹ හරිෂෝක් GuඌKaරියෙක් !
      #නේවිකොල්ලා

      Delete
  16. චන්දිම, ඔය යුද්ධය අවසන් වීම කියන කාරණය වවාගෙන කන රාජපක්ෂ හැතිකරය ගැනත් මේ කවි සංවාදය තුල ඇතුලත් වුණානම් හොඳයි නේද? මොකද නාමොංගල් ජරාපස්ස කොහොම හරි මොන ජාතියෙන් හරි මැරෙන්න කලින් පුටුවට ගේන්න බලාගෙන අර carry නාකි මයින කියන ගස් http හැරමිටියෙනුත් ඇවිත් රඟනවානේ, ඇත්තටම පේන විදියට නම් ඔය මැදමුලනේ සාපය ඉවර වෙන්නේ නෑ තව දශක ගණනාවක් යනතුරු ඔය සාපය පඩීසන් දෙනවා ලංකාවට, ඒ විතරක් නම් මදෑ ඇයි අර පොළවෙන් මතුවුණ වෙන්න රාජපස්ස සහ 2005 දී කාලකන්නි බේසික මයිනාව අභිෂේක කරන්න පුපදීගෙන බොක්කෙන්ම වැඩ කරලා දැන් බොරුවට ඒකට සාමාන්‍ය මිනිස්සුන්ටම බනින තඹුත්තේගම ලප රාජපස්සලා ගැන ලියන්නේ නැද්ද?

    මොරහගහකන්ද වගේ අති අසාර්ථක project වල අතුරු ප්‍රථිපල වලින් අන්තිමට වුනේ අවුරුද්දේ වැඩි කාලයක් වතුරෙන් යට වෙන නිසා මින්නේරිය වැව් තාවුල්ලේ අලින්ට කන්න තණකොළ ඉතිරි නොවුන නිසා උන් ගම් වලට වැදිලා වෙඩි කාලා මැරිලා යන එකයි.Asia's largest elephants gathering එක බලන්න ආපු සුද්දෝ හැරිලා ගියපු එකයි විතරයි.ඩොලරුත් නෑ අලි ටිකත් ඉවරයි, පොලොන්නරුවේ පොලොවෙන් උපන් වෙන්න රාජපස්ස බූරු නයිදෙගේ මොලේ තමයි මොලේ

    වෙන්න රාජපක්ෂ අංක දෙක ලප රාජපක්ෂ දීපූ ගේම ඊට හපන්, ඇත්තටම පහුගිය කාලය තුල දියවන්නා හොරරැලම එලවන්න ජනතාව ඉල්ලුවේ මහමැතිවරණයක්.

    රටකපටි රනිල් හොරා සිය සමීපතම කීකරු හිතවතා වන අනුර කුමාර දිසානායක ලව්වා පලාත් පාලන ලබ්බ මාර්කට් කරලා බැසිලාගේ බස් වල බයි සෙනග රටපුරා මාලිමා රැස්වීම්වලට ඇදලා චාමර ස්ටිකර්ස් ප්‍රමුඛ මරාගේ ස්ටිකර් බලකාය ලවා රටපුරා තඩි කටවුට් ගහලා ජනතාවට මහමැතිවරණය අමතක කරවලා රෙද්දේ පලාත් පාලන ලබ්බ පිටුපස යන්න ගොනාට ඇන්දුවා. ඒ අනුව මාර්තු 09 මැතිවරණය අනිවාර්යයෙන්ම තියෙනවා කියලා කැට තියලා දිවුරලා කියපු අනුර කුමාර ඊට පස්සේ රනිල්ගේ ප්ලෑන් එකේ හැටියට තනුව මාරු කරලා කෙක්කත් හරි කොක්කෙන් හරි ඡන්දය ගන්නවා කියලා රනිල් රාජපක්ෂ හොරරැලේ අවශ්‍යතාවය වෙනුවෙන් රටේ මිනිසුන්ගේ ජීවිත ඇපයට තබා තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් පවතින තත්ත්වය ගැන ගැඹුරු අවබෝධයකින් තොරව හාම්පුතුන්ට ඕන විදියට කටයුතු කරන මෙවැනි අදූරදර්ශී තකතිරුවන්ට ලක්‍ෂ ගණන් මිනිසුන් රැවටීම ශ්‍රී ලංකාවේ අභාග්‍යයක්.

    හරි නම් මොහු වැනි අමනෝඥ අමනයන් ජවිපෙ නායකත්වයෙන් ඉල්ලා අස්වී npp නම් වූ NGO බලුපූට්ටුව විසුරුවා දමා නැවත රෝහණ විජේවීර සහෝදරයාගේ සැබෑ ජවිපෙ නව නායකත්වයකීන් යුතුව ඇරඹිය යුතු බවයි මගේ හැඟීම. කෙසේ නමුත් අනුර කුමාර වැනි අමනයෙකුත් මේ දැනට පවතින විකෘති සිස්ටම් එකේ පැවැත්මට අත්යවශ්‍ය නිසා ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සිදුනොවිය යුතුය. පවතින පාදඩ ජුන්ටා යම් තරමකින් හෝ මෙච්චල් කිරීමට ඔහුගේ රාජපක්ෂ විරෝධී කයිවාරු වලත් සමාජ ජාල වල මඩ ප්‍රහාර වලත් වටිනාකම අප අවතක්සේරු නොකළ යුතුයි.

    ReplyDelete
  17. පෙරදිග මුතු ඇටය හෙවත් අමුතු ඇටයේ තිස් වසරක ශාපලත් සිවිල් යුද්ධයකින් රට බේරාගෙන වසර දාහතරක් ගතවී ඇති මේ මොහොතේ ලංකාවේ සියලුම පාලන බලතල ඇති සේනාවිධායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පිළිබඳ මුලින්ම කතා කළොත් මේවන විට කොල්ලුපිටිය කේම්බ්‍රිජ් ටෙරස්හි සිට අතිගරු ආචාර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාණන් ලංකාවේ ආර්ථිකය දේශපාලනය ඇතුළු සියලුම ක්‍රියාදාමයන් ඉතා නිවැරදි ලෙස මැනවින් හසුරවන බවත් ඉතාමත්ම පැහැදිලි කරුණකි.

    එතුමා ජාත්‍යන්තර සබඳතා හරහා ගෝලීය දේශපාලනය තුල විශිෂ්ට චරිතයක් වී ලෝකයේ සම්භාව්‍ය චින්තකයකු සේ මහත් ඇගයීමට ලක් වෙද්දී ලෝකයේ වටිනාම ස්වභාවික සම්පත් පවතින ලංකාවට බටහිර බලවේග කට්ටල මගින් සිදුකරන කුමන්ත්‍රණ වලින් සිංහල අපේ එකම මව්බිම බේරාගන්න පුලුවන් එකම පුද්ගලයා සහ එකම කණ්ඩායමක් ලෙස බොහෝ දෙනෙක් පවසන්නේ මොළ හතක බුද්ධියෙන් අගතැන්පත් අතිගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පොහොට්ටුවට පමණක් බවයි.

    එතුමා විසින් එසේ බේරා ගත්තාට පසුව වහාම රට පුරා දැවැන්ත රැල්ලක් ඇතිකර එම ඩොලර් බිලියන ගණන් වටිනා ජාතික සම්පත් වලින් ජාතික ආර්ථිකයක් ගොඩනගා සංවර්ධනය කිරීමට හැකි එකම කණ්ඩායම මාලිමාව යටතේ තරග කරන තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු වන ජවිපෙ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු පිරිස පමණයි. අනුර කුමාර දිසානායක රට සංවර්ධනය කළ පසු අතිගරු නාමල් රාජපක්ෂ මැතිතුමාණන් සහ අතිගරු සජිත් ප්‍රේමදාස පුතාණෝ මැතිතුමාණන් යන විශිෂ්ටයන් දෙදෙනා රටේ නායකත්වය මාලිමාවෙන් සුහදව භාරගෙන රට නෙක්ස්ට් ලෙවෙල් එකක් වෙත ගෙන යනු නොඅනුමානය. දෙවියන් වහන්සේ විසින් අපව ස්වර්ග රාජ්‍යයට ගෙන යාම පිණිස අපට සියලුම බලය ලබා දී මාගේ දේශය අවදි කරනු මැනව... ආමේන් රාමේන් ...

    ReplyDelete
  18. චන්දිම ජවිපෙ ජාතික ජන බලවේගය ගැන පෝස්ටුවක් දාන්න අදහසක් නැද්ද? පේන විදිහට මේ දිනවල අනුර ටිකක් පසු බැහැලා. NPP හරිනි අමරසූරිය තමයි වැඩ්පුර මාද්‍ය සාකච්ඡා පවත්වන්නේ. සාමාන්‍යයෙන් නායකයා කුමන තත්වයක් මත හෝ ඉදිරියෙන් ඉන්න ඕන. කෙසේ නමුත් දැනට මාස 6 කට ව්තර කලින් තිබුන ජනතා ප්‍රවාහය මේ වනව්ට විශාල ලෙස පහල ගොස් ඇති බවක් පෙනෙනවා. එය ජවිපෙ නායකයන්ට පවා දැනෙනවා ඇති.

    මම හිතන විදිහට ජවිපෙ/NPP වරදවා තේරුම් ගත් හා විශ්වාස කරන ගණිතමය සූත්‍රයක් තියෙනවා. 'ප්‍රධාන දේශපාලන පුවාහ දෙක එපා වූ ජනතාව = ජවිපෙ/NPP ට චන්දය දෙන ජනතාව' .

    ඒත් ඇත්තම තත්වය, 'ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙක එපා වූ ජනතාව > ජවිපෙ/NPP ට චන්දය දෙන ජනතාව'.

    මේ නිසා තමයි මීටින් වල ජනතාව සිටියට චන්දයකට ගියාම ඒ අපේක්ෂිත ප්‍රතිඵලය ජවිපෙ/NPPට නැත්තේ. ජවිපේ /NPP බලයට එන්නනම් තත්වය පලමු වැනි සූත්‍රයට හරවා ගත යුතුමයි. එයට නම් ජවිපෙ/NPP තව fine tuning එකක් කර ගත යුතුමයි. ජවිපෙ/NPP නොසලකා හරින 'අපි විතරක් හරි, අනිත් සියල්ල වැරදි' වගේ දැඩි නිර්දය විවේචන හා තව තව බොහෝ බරපතල දැඩිමතධාරී කරුණු ගණනාවක නිසා , ජවිපෙ/NPP ට ඇදගත හැකිව තිබෙන චන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් අතහැර ගන්නවා. ප්‍රධාන ප්‍රවාහ දෙක දැඩි උපරිමයට ජනතාවට එපා වූ මේ වේලාවේ ජවිපෙ/NPP අපේක්ෂා කරන ප්‍රතිඵලය කිසිසේත්ම නොලැබුනොත්, එය ජනතාවගේම දොසක් නොවන බවත් තමාගේ පැත්තෙන්ම අඩුපාඩු තිබෙන බව ජවිපෙ/NPP වටහා ගත යුතුයි. බොහෝ ජවිපෙ සාමාජික සාමාජිකාවන් එවිට ජනතාවට කාලකණ්ණි වහල්ලු මීහරක් නූගත්කම වගේ කරුණු මත දැඩි ලෙස විවේචනය කර දෝෂාරෝපණය කර ශාප කිරීම දකින්න ලැබෙනව බොහෝ සමාජ මාධ්‍ය වල, එයත් වැරදි වටහා ගැනීමක්

    ඔය විදිහට විශාල පරිවර්තනයකට භාජනය කර පක්ෂය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගත්තේ නැත්නම් වෙන්නේ ප්‍රධාන ප්‍රවාහ දෙක වැරදි කරමින් වෙනවෙනමත්, එකතුවත් බලය ලබා ගැනීම හා නැවත නැවතත් බලයට පත් වීම.

    ReplyDelete
    Replies
    1. @ Ano 23:27

      ඕකට උත්තර මේකේ තියෙනවා


      ///

      ජවිපෙට බලයක් ලැබෙනු ඇතැයි සිතා මිනිසුන් ඔවුන් සමග එකතු වන්න යැයි මැසිවිලි නගති. ඔවුන්ගේම සාමාජිකයන් බොහෝ අවිචාරවත් comment දමමින් මෙහි ගැවසෙති. මේ පිටුවේ ගැවසෙන වැඩිපුරම අසික්කිත භාෂණයක් හිමි මිනිසුන් ඔවුන් ය. ඔවුන්ගේ මැසිවිලි, බොරු කට කතා හා වේදනාවන්ට ඒ භාෂාවෙන්ම පිලිතුරු දීමට අපට නොහැකි ය. ඒ නිසා නිහඬව සිටිමි.

      එකම ගෙම්බා ආයේ ආයෙත් ඉඹිමින් කුමාරයෙකු වේ යැයි ඔවුන් බලාපොරොත්තු වෙති. ඔවුන්ට එසේ කිරීමට ඇති නිදහසට අපි බාදා නොකරමු. වසර 50 කටත් වඩා පැරණි පක්ෂයක ගතානුගතික දේශපාලන මතවාද වලින් ගැලවීමට නොහැකි සුළු පිරිසක් හිරවී සිටීම තේරුම් ගැනීම අපහසු නැත.

      ඔවුන් දිනාවි යැයි සිහින මැව්ව ද අරගලය තුලින්ම ඔවුන්ට ඒ ප්‍රතිචාරය හිමි වී තිබේ. නිර්පාක්ෂික වූ අරගලයට රබර් මුද්‍රා නොතබමියි කියූ ඈයෝ හීන් නූලෙන් එහි රිංගා ගත්තේ සිය සංවිධානාත්මක කණ්ඩායම් උපයෝගී කර ගනිමිනි. ඔවුන්ගේ නායකයා එහි මැයි 9 වෙනිදා පැමිණීමත් සමගම අරගලය ඉදිරියට ගියා නොව එහි සිටි මහජනතාව ඉන් ඉවත් වූයේ ය. මහජනතාව පිරී සිටි ගෝල්ෆේස් භූමිය මිනිසුන් සිය දෙසීයකින් සමන්විත පාළු පිට්ටනියක් බවට පත් වූයේ අනතුරුවය.

      ජනතාව ඔවුන් වටේට රැස් නොවන බවට මීටත් වඩා සාක්ෂි තවත් නම් කුමට ද? අරගලය තුලින් මහජනතාව ඉවත් වූයේ ජවිපේ, පෙරටුගාමී කණ්ඩායම් එහි ස්ථාන ගත වී තිබීම ජනතාවට ඒත්තු යෑමත් සමග ය. ඒ පක්ෂ සමග මහ ජනතාව සිට නොගන්නා බවට මීටත් වඩා අවබෝධ කර ගත යුතු සත්‍යයක් නොවේ.

      විශ්වවිද්‍යාල සිසුන් හැරුණු කොට පෙරටු ගාමීන් සතු ජන බලයක් නොමැත. ඒ සිසුන් ද විශ්වවිද්‍යාලය තුල සිටින තාක් කල් අන්තරේ අග එක් වී උද්ඝෝෂණ කෙරුව ද විශ්වවිද්‍යාලයෙන් නික්මුණ පසු වෙනස් වෙති. යථාර්ථය දකිති.

      ජවිපේ දිනාවී යැයි ඔබට බලාපොරොත්තු තියා ගෙන සිටීමට තවත් අවශ්‍ය නම්, ඔබ ඒ පාරේම යෑමට ඇති නිදහසට අපි බාදා නොකරමු. එහෙත් එසේ බලා සිටීමෙන් මීළඟ ඡන්දයකදී ද රටේ මිනිස්සුන්ට ප්‍රධාන කඳවුරු දෙකෙන් පිටත ආකර්ශනීය අලුත් කඳවුරක් තනන වගකීමෙන් අප ඈත් නොවෙමු. වසර 50 ක් දේශපාලනය කල ද ප්‍රධාන දහරාවේ පක්ෂ දෙකට අභියෝගයක් එල්ල කිරීමට තරම් පිළිගත හැකි ජනවරමක් දිනා නොගත් ඔවුන් ආයේ එසේ කරයි යැයි ඔබට විශ්වාස කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ අසික්කිත බුකි comment දමන්නන් සමග අලුත් ලොවක් තනන්නට සිහින මවන්න.

      එහෙත් කරුණාකර ඔබේ ඒ සිහිනයේ කොටස් කරුවන් ලෙස අපිව නොදකින්න.

      එසේම, ගෝල්ෆේස් අරගලය නිර්පාක්ෂික හැබෑ අරගලයක් බව ජනතාවට ඒත්තු ගැන්වීමට එහි වත්මන් ක්‍රියාකාරීන් අපොහොසත් වුවහොත්, ඔබලා සාර්ථක නොවන බව මතක තබා ගන්න.

      ජවිපේ කණ්ඩායම් මෙන්ම අන්තරේ සිසුන් කෙතෙක් කරක් ගැසුව ද හැබෑ මහජනතාව සම්බන්ධ නොවී රෙජීමය බිඳ අරගලය සම්පූර්ණ කල නොහැකි බව නුඹලා තේරුම් ගත යුතුය.

      බන්ධන බැමි බිඳ ගෙන නිදහස් වෙයල්ලා.
      මිනිසුන්ට නිදහස ගෙන ඒමට පෙර නුඹලා නිදහස් වෙයල්ලා.

      බංකොලොත් පක්ෂ නිසා දුර්වල වෙන මහජන අරගලය එසේ නොවී නිර්පාක්ෂික මහජන අරගලය දිනේවා.

      Peoples Revolution
      #GoHomeGota2022

      පැතුම් කර්නර්

      ////

      Delete
  19. සංවේදී සටහනක්....


    // අපි මේ 2023 මැයි මස 18 වෙනිදා ලංකාවේ ආණ්ඩුව විසින් මිනීමරු කුලී හමුදා යොදවා අමානුෂික ලෙස වධ බන්ධන පමුණුවා අංග විච්ඡේදනය කර ඝාතනය කර පුළුස්සා දැමූ අතුරුදන් කළ වසර තිහකට අධික කාලයක් තුල මියගිය දමිළ ජනතාව සිහිකරා.

    ශ්‍රී ලංකාවේ රජයේ හමුදා උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි පාලනය මිලිටරි බලය යොදවා මෙහෙයවීමත් සමගම දස දහස් ගාණක් මිනිස්සුන්ව මරා දැමුණා සහ අතුරුදහන් කරනු ලැබුවා. තවත් මිලියන ගණනක් ජනතාව තවමත් පිළිතුරු සොයමින් ඉන්නවා. රාජ්‍ය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා ඔවුන් විසින් දමිළ ජනයාට එරෙහිව කෙරූ අපරාධයන් පිළිගන්න එක පවා....

    මැයි දහ අට ලංකාව පුරාම, මුල්ලිවයික්කාල්, මුතූර්, මඩකලපුව, සහ යාපනේදී මරා දැමූ සහ අතුරුදහන් කෙරූ අසරණ මිනිසුන්ව සිහිපත්කරන සහෝදර සහෝදරියන් සමඟ එක් වී අපිත් කොළඹදී ඒ සිහිපත් කිරීමට එකතු වුණා.

    අපි දන්නා සහ බලාපොරොත්තු වූ විදිහටම රජය ප්‍රතිචාර දැක්වූවා. ඔවුන් රජයේ අනුග්‍රහය ලබන මැරවර නායකයකු වූ ඩෑන් පියසාද් සහ ඔහුගේ මැරයන්ව එවුවා ස්මරණයට බාධා කරන්න. පොලිසිය සහ හමුදාව පූර්ණ බලය සහිතව ආවත් ඩෑන් සහ ඔහුගේ මැර කණ්ඩායම විසුරුවා හරින්න කිසිවක් කරේ නැහැ ඔවුන්.

    අපේ සහෝදර සහෝදරියන් එකිනෙකා වටා හිටගෙන එකිනෙකාගේ අත් අල්ලන් අපිව ආරක්ෂා කරා. අපිට ඉඩ හදලා දුන්නා අනුස්මරණයේ පහන පත්තු කරන්න සහ මුල්ලිවයික්කාල් කංජි එකිනෙකාට පිළිගන්වන්න.

    රාජ්‍ය සදහටම ජාතිවාදී විදිහටම ක්‍රියාත්මක වේවි සහ අපිව බෙදා වෙන් කරාවි. නමුත් අද අපි දැක්කා මුස්ලිම් සහ ඇතැම් ජාතිවාදී නැති සිංහල මිනිස්සු පවා ඇවිත් අපි එක්ක හිටගන්නවා. මම අද දවස මතක තියාගන්න යන්නෙ ඒ කාරණාව එක්කයි. ඒ හිටගැනීම එක්කයි.

    - නීතිඥ ස්වස්ථිකා අරුලිංගම්

    ReplyDelete