Monday 9 January 2023

සිංහල බෞද්ධයාට වෙච්ච දේ

එකමත් එක රටක, තරමක වත් පොහොසත් කමක් තිබුණු ගොවියෙක් හිටිය මණ්ඩුක කියල. මණ්ඩුකට හිතේ ලොකු බයක් තිබුන තමන්ගේ ගේ කොයි වෙලාවක හරි හොර හතුරෝ බිඳී කියල. 

මිනිහගේ වත්ත මායිමේ රූස්ස නුග ගහක් තිබුනා. මේකට අධිපති රුක් දෙවි කෙනෙක් ඇතියි කියල හිතුව මණ්ඩුක, හැමදාම උදේ හවස නුගේ ළඟ පහනක් තියල රුක් දෙවියන්ට පිං දීල ඉල්ලා හිටිය එයාව හොර හතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න කියලා. 

ඇත්තටම මේ නුගේට අධිපති රුක්ෂ දේවතාවෙක් හිටිය. මේ දෙයියා මණ්ඩුක ගැන බොහොම පැහැදිලා දවසක් මිනිහා ඉදිරියේ පෙනී හිටියා. බය බිරාන්ත වෙලා බලාගෙන ඉන්න මණ්ඩුකව අමතලා රුක් දෙවියෝ මෙහෙම කිව්වා.

"එම්බා නරය. මම තා පිළිබඳව බොහෝ සේ පැහැදී සිටිමි. සොර සතුරන්ගෙන් ආරක්ෂාවීම සඳහා මම නුඹට බලගතු රන් කඩුවක් දෙමි. සොර සතුරන් පැමිණියහොත් මෙයින් පහර දෙනු. එම කඩු පහරවල් වදින ඔවුන්ගේ හිස් සත් කඩකට පැලී යනු ඇත".

මෙහෙම කියල දෙවියෝ අපූරුවට දිලිසෙන රත්‍රන් කඩුවක් මණ්ඩුකට දීල නොපෙනී ගියා. 

එදා ඉඳන් මණ්ඩුකට තිබුන ලොකුම හිසරදය තමයි මේ රත්තරන් කඩුව පරිස්සං කරන එක. මිනිහා ඒක පෙට්ටගමේ යටම හංගලා, ඊට උඩින් වී දාල, ඊටත් උඩින් පරණ ලී කෑලි අතුරලා පෙට්ටගම වහල ලොකු ඉබ්බෙක් දැම්ම. ඊට පස්සේ පෙට්ටගම උඩ පැදුරක් එලාගෙන එකේ තමයි රෑට මිනිහා නිදා ගන්නේ. තමන්ගේ අඹු දරුවෝ ගැනවත් විස්වාසයක් නැති නිසා දවස තිස්සෙම පෙට්ටගම වටේට කැරකි කැරකි ඉන්නවා. 

දැන් රුක් දෙවියාට පහන් තියන්න යන්න වෙලාවකුත් නැහැ. වගා කටයුතු බලා කියාගන්න විදියකුත් නැහැ. ඉතින් ඔහොම අවුරුදු ගානක් ඉඳල රත්තරන් කඩුවක හිමිකාර දුප්පත් ගොවියෙක් විදියට මණ්ඩුක මිය පරලොව ගියා.



11 comments:

  1. කියවපු හොඳම උපහැරණයක්. හැබැයි කී දෙනෙක්ට තේරෙයිද දන්නේ නැහැ. තේරෙනවා නම් රටේ මෙහෙම විපැත්තියක් සිද්ධ වෙයියෑ.

    ReplyDelete
  2. මේ කතාව මම කොහේදී හරි කියවල තියෙනවා. හැබැයි මෙතැනදී අරගෙන තියෙන caption එක නම් great. එකෙයි වටිනාකම තියෙන්නේ.
    - සම්පත්

    ReplyDelete
  3. ඇත්තටම මේ පෝස්ට් එකේ චන්දිම ඔය රන් කඩුව ලෙස ව්‍යංගයෙන් කියන බුදුන් ගේ දර්ශනය නමැති ධර්මය අනුගමනය කළා නම් මේ වෙනකොට ලංකාවේ සිංහල බෞද්ධයන් කියලා කොට්ඨාශයක් නෑ... අන්‍යාගමික රටක් ඉතුරු වෙයි මේ වෙනකොට, අනිවාර්යයෙන්ම ඒහෙම වුණා නම් මීට වඩා ගොඩක් හොඳයි, එහෙම නම් ලංකාවේ මේ වෙද්දී එවැන්ජලික කිතුණු නිකායයන් අදහන්නන්, ඉස්ලාම් දහම අදහන ආදී ආගමික බහුතරයක් සහ නිරාගමිකයින් සැලකිය යුතු මට්ටමක විශාල පිරිසක් සිටින රටක් වශයෙන් පවතින බව පැහැදිලියි, ඒ වගේම මෙන්ම ලංකාවේ දැනට පවතින මෝඩ සිංහල බෞද්ධ ගෝත්‍රික ආගම කොහොමත් ඉතාමත්ම ඉක්මනින් වඳවී යනවා මොකද ලංකාවේ දැනට අවුරුදු හතළිහට වැඩි නාකි හැතිකරය වල පල්ලට යද්දී සෝ කෝල්ඩ් සිංහල බෞද්ධයන් කියන ඔය ගෝත්‍රික ජනයාගේ සහ හින්දු ආගමිකයන්ගේ අලුත් පරම්පරාව බොහෝ දුරට නිරාගමිකයන් වෙන බවත් ඉතාමත්ම පැහැදිලි කරුණක්... ලංකාවේ අනාගතයක් තියෙයි අලුතින් එන බෝන් අගේන් වගේ කිතුණු නිකායයන් සහ ඉස්ලාම් ආගම අදහන අයට, ඒ නිසා ඔය ගැන බොරුවට කලබල වෙලා වැඩක් නැහැ චන්දිම

    ඒ අනුව තවමත් ඔය සිංහල බෞද්ධ තලීබාන් ගෝත්‍රික පිරිස් ලංකාවේ ඉන්න නිසා එයින් මූල්‍යමය වාසි සහ ආර්ථික දේශපාලනික වශයෙන් ඵලදායී දෙයක් කරන්න පුළුවන් නම් එයයි වටින්නේ... ඇත්තටම චන්දිම උදාහරණයක් විදියට ලංකාවේ PPL (පන්සල් ප්‍රෙමියර් ලීග්) කියලා මෝටර් රථ තරගාවලියක් තිබ්බොත් කවුරු දිනයිද? උඩමලු යෙලෝ රැග්ස්, කතරගම නිලමයන්ස්, කැලනි ඩීප් රිවර් නාඝාස්, අස්ගිරි රොක් ක්ලයිම්බ්ස්, මල්වතු සුපර් ඩ්‍රිෆ්ටර්ස්? අන්බීටබල් අටමස්ථානියන්ස්, දළදා රෙලික් හන්ටර්ස්... මේ වගේ? අපි නොදන්න පොඩිම පොඩි ෆ්‍රැන්චයිස් එකක් දිනන්නත් පුලුවන්. එහෙම නේද?

    ReplyDelete
  4. මේ කතාව ලිවිම පිළිබඳව මේ මහත්මයාට බොහොම පිං.

    පිංවතුනි, ඔබ බොහෝ දෙනෙකුට මෙම කතාවේ රන් කඩුව බුදු දහම ලෙස වැටහුනාට කඩුවෙන් ගසා විනාශ කරන සතුරන් කවුදැයි අවබෝධ වුනේ නැති බව මගේ වැටහීමයි. ඒ රාග, ද්වේශ, මෝහ යන දුකට හේතුවන්නා වූ චෛතසිකයන්ය. ගැමියා රන් කඩුව පෙට්ටගමෙහි දමා ආරක්ෂා කරන්න යාම නිසා ඔහුගෙන් සීල, සමාධි, ප්‍රඥා ගිලිහී යයි. මෙය ඔහුට පහන් දැල්වීමට හෝ ගොවිතැන කෙරේ සිත යොමු කරගත නොහැකිවීම ආදිය පිළිබිඹු කරයි.

    බුදු රජාණන් වහන්සේ දෙසු ධර්මය ඇත්තේ පෙට්ටගමෙහි දමා ආරක්ෂා කිරීමට නොව පිංවත් ඔබට භාවිතා කිරීමටයි. එය එසේ කිරීමෙන් බුදු දහම නැතිවී අන්‍ය ආගමිකරණක් ඇතිවේ යයි පැවසීම මුසාවකි. රටක ආරක්ෂාව පිළිබඳව කටයුතු කල යුත්තේ සංඝ සමාජය හෝ බෞද්ධ ජනතාව නොව රාජ්‍ය බලය හිමි අධිකාරියයි. සීල, සමාධි, ප්‍රඥා ඇති සංඝ සමාජයක් සහ ජනතාවක් වෙතින් රාජ්‍ය බලය හිමි පිරිසට විශාල නැණ බලයක් පිරි නැමෙයි. රට රැකගැනීමට එයම සෑහෙයි. පිංවත් බෞද්ධ සමාජයක් පැවතුනත් රාජ්‍ය බලය හිමි පිරිස දුර්වල නම් එම රටඅන්‍ය ආගමිකරණය වීමට ඇති ඉඩකඩ බොහෝමය. අනෙක් අතට දුර්වල පාලකයන්ද, මුග්ධ සහ අන්ධ භක්තිකයන්ද සිටින වර්තමාන ලංකාව වැනි රටක් වෙනත් ආගමකට නතුකරගැනීම ඉතා පහසු ක්‍රියාවකි.

    මම බ්ලොග් පවත්වාගෙන නොයන බැවින් මට නාමිකව මේ ප්‍රකාශය කිරීමට නොහැක. මම ගොඩගම, පාලටුව ධම්මරුචි හිමි

    ReplyDelete
    Replies
    1. ඔබ වහන්සේට බොහොමත්ම ස්තුතියි මේ වදන් වලට.

      Delete
    2. ගෞරවනීය ස්වාමින් වහන්ස, අවසරයි මෙසේ පැවසීමට, ඔබ වහන්සේ පවසන ආකාරයට ලංකාවේ තබා ලෝකයේ වුණත් ධර්මය සාකච්ඡා කිරීමට සහ විවේචනයට, විමර්ශනය කිරීම, සංවාදයට විවෘතව සාකච්ඡා කිරීමට පුළුවන් නම් බොහෝ දෙනෙක් ධර්මය නැණ පමණින් හෝ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් වේවි.

      නමුත් ලංකාවේ පවතින පසුගාමී දේශපාලන පක්ෂ වල සහ දුබල සමාජ ආර්ථික තත්වය තුලින් එබඳු සාකච්ඡාවක් ආරම්භ කරන එක ඉතාමත්ම අමාරු දෙයක් නේද?

      ලංකාවේ දේශපාලනය ගැන කතා කරනවා නම් මෙබඳු ප්‍රගතිශීලී අදහස් දරන චන්දිම ගෝමස් මහතා පවා රැවටී ඇති බව පැහැදිලිව පේන එක දේශපාලන චරිතයක් ගැන ලියන්න හිතුනා, 2012/ 13 බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කෙනෙක් විදියට නාමල් රාජපක්ෂගේ නම විකුණා බලයට ඇවිත් රාජපක්ෂ කල්ලියේ ආශිර්වාදයෙන් කලක් සියලු පහසුකම් ලබාගෙන ඊට පස්සෙ 2015 මෛත්‍රිපාල සිරිසේන රැල්ල සමග එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කරමින් 2015 කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරමින් වසර පහක් තිස්සේ පියාගේ මළගම විකුණාගෙන කමින් ජනතාව උදෙසා වෙන කිසිම ප්‍රායෝගික හෝ ප්‍රයෝජනවත් කිසිම දෙයක් නොකර දූෂිත දේශපාලනයක නිරත වූ මැර බලය යොදා ඩිෆෙන්ඩර්වලින් තරුණයන් පැහැරගෙන ගොස් මරණ තර්ජන එල්ල කරමින් පහර දුන් අසික්කිත ත්‍රාඩ මැර සක්කිලි දේසපාලු චරිතයක් වූ සහ ඒ නිසාම 2020 පසුගිය මහමැතිවරණයේදී කොළොන්නාව ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව විසින් පරාජයට පත් කරවූ අමනෝඥ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර නමැති කාලකන්නි චරිතය දැන් බලන්නේ කෙසේ හෝ කාට හෝ ප්‍රබලයෙකුට මඩක්ගසා ඒ තුලින් තම ජනප්‍රියතාව ඉහල නන්ග්වා එළඹෙන මැතිවරණයකින් කෙසේ හෝ ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට යාමටයි. ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනයම කරන තවත් එක් පෘතක්ජන කාන්තාවක් ලෙස එහි ඇති ලොකු වරදක් ද නැත. නමුත් ඇයගේ පියා යනු මේවනවිට ලංකාවේ තරුණ පරපුර තුල මැදමුලනේ නාකි මයිනා ලෙස ගර්හාවට ලක් වී ඇති දූෂිත මහින්ද රාජපක්ෂගේ හිටපු හොඳම ගෝලයෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රකට ‘කුඩු’ වෙළෙන්දෙකි. ඔහුගේ දුව වන හිරුනිකා එජාපයට එකවී රනිල්ගේ පිහිටෙන් 2015 පාර්ලිමේන්තුවට එයි. පසුව සජිත් සමඟ එජාපයට විරුද්ධව යයි. ඉස්සර රාජපක්ෂ නිවසේ සුරතලිය ලෙස නාමල් සමඟ ඉතාමත්ම සමීපව එකට කුණුහරුප කතා කරමින් නාමල් සනසමින් සිටි හිරුනිකා පසුව සජිත්ගේ තුරුලට යාම අනියම් බිරිය කසාද බැඳීමක් ලෙස අර්ථ දෑක්විය නොහැක. මක්නිසාදයත්, ලෝක දේශපාලනයේ මෙන්ම ලංකාවේත් දේශපාලනික වශයෙන් සදාතනික සතුරන් හෝ මිතුරන් නොමැති බැවිනි. එක් එක් අවස්ථාවල පුද්ගලයන් හෝ කණ්ඩායම් එකතුවේ තවත් කණ්ඩායම් ඉවත්වේ. එය දේශපාලන ලෝකයේ සදාතනික සත්‍යයි. ජවිපෙ සිටි විමල් රාජපක්ෂ ලඟට යයි පසුව කපුටා යයි ඔවුන්ට නිග්‍රහ කර ඉවත්ව යයි.. ඔහු නැවත රාජපක්ෂ ට හෝ රනිල්ට හෝ සජිත්ට එකතුවිය හැක. වැලේ වැල් නැතුව සිටි රනිල් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා පන්නා දමා උන්ගේ ගොලයිනේගේම කරමතින් ජනාධිපති වී, හරි හමන් එකෙක්වත් නොමැතිව සිටි එජාපයට පොහොට්ටුව ඇඳා ගැනීම ඔහුගේ විශ්මකර්ම දක්ෂතාවකි. පවත්නා තත්වය මත දක්ෂයින් අඩු රටක් ලෙස සියලු දේශපාලන පක්ෂවල සිටින දක්ෂයින් තම පටු දේශපාලන මතිමතාන්තර කකුලෙන් ඇදීම් පසෙකලා එක සන්ධානයකට එකතුවී රටගොඩ නැගීමට ඉදිරිපත්විය යුතු කාලයයි. එජාප, පොහොට්ටු, ශ්‍රීලනිප, සජබ, ජවිපෙ ජාජබ, මුස්ලිම් කොංග්‍රසය හෝ ද්‍රවිඩ එක්සත් පෙරමුණ කියා දෙයක් නොමැත අපි සැවොම ශ්‍රී ලාංකිකයන් වෙමු. එසේ සිතා එක්ව කටයුතු කළ යුතුයි. එයයි මේ මොහොතේ කළයුතු හොඳම විසඳුම. මොකද චන්දිම මහතා වැනි උගත් බුද්ධිමත් අය පවා හිරුනිකා වගේ සටකපට තක්කඩි චරිතයකට රැවටී ඇති පසුබිමක මහින්ද රාජපක්ෂ සජිත් ප්‍රේමදාස අනුර කුමාර වැනි අයට ආචාර්ය මහාචාර්ය වරු පවා ගොඩක් වෙලාවට රැවටෙන්න පුළුවන් ඒ නිසා මේ සියලු දෙනා සතු සටකපටකම් රටේ යහපත උදෙසා යොදා ගැනීමට උත්සාහ කළ යුතුයි ඔවුන්ගේ පෞද්ගලික ආර්ථික අරමුණු දූෂණ වංචා වලට යොදාගැනීම වෙනුවට එහෙම නේද ගෞරවනීය ස්වාමින් වහන්ස?

      Delete
    3. බුද්ධ පුත්‍රයකු ලෙස මගේ අවධානය ඇත්තේ බුදු දහම සහ එහි සමාජ ආභාෂය පිළිබඳව පමණයි. ගැඹුරු දහම් කරුණු නොගැඹුරු දේශපාලනය සමග පටලවා ගැනීම දුක්ඛ දෝමනස්සයන්ට හේතු වෙයි.

      මේ පිංවත් මහත්මයාට තෙරුවන් සරණයි

      Delete
    4. ගෞරවනීය ධම්මරුචි ස්ථවිරයන් වහන්සේගෙන් සහ චන්දිම ගෝමස් මහතාගෙන් යමක් විමසීමට කැමතියි. ඇත්තටම මා දන්නා තරමින් බෞද්ධ පාඨ ග්‍රන්ථ සහ විවිධ බෞද්ධ පොත් පත් දේශනා වල සඳහන් පරිදි ‘ධර්මය’ යන්න තුළින් අපගේ වර්තමාන ව්‍යාකූල හා අසතුටුදායක තත්ත්වයෙන් මිදී අවබෝධාත්මක ප්‍රීතිමත් තත්ත්වයකට නැඟී සිටීමට උපකාරීවන බුදුන්ගේ දේශනා අදහස් කරනු ලබයි.

      මට තේරෙන හැටියට නම් ‘ආගම’ යන්න අදහස් කෙරෙන ඉංග්‍රීසි religion නමැති වචනය ‘එක් කිරීම’ යන අදහස දෙන ලතින් වචනයකින් ප්‍රභවය ලබන්නාක් මෙන්, ‘ධර්මය’ යන්න දැඩිසේ අල්ලා ගැනීම හෝ ආධාරක වීම යන අදහස දෙන සංස්කෘත ‘ධර්’ යන යෙදුමෙන් ප්‍රභවය ලබයි. අත්‍යවශ්‍යයෙන්ම, දිගු කාලයක් පුරා පාලනය කළ නොහැකි දුක් වේදනාවන් විඳීමට අප යොමු කරවන්නාවූ පහළ, අවාසනාවන්ත භවයනට ඇද වැටීමෙන් අප වළකාලමින් ධර්මය විසින් අපට දැඩි සහායක් ලබාදෙනු ලබයි.

      ඒ අනුව මීට සහස්‍ර දෙක හමාරක් විතර කලින්
      බුද්ධගයාවේදී ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වූ විටදී, ධර්මය යනු අවබෝධ කිරීමට නොහැකි තරමට ගැඹුරු හා දුෂ්කර එකක් විය හැකි අතර, නොඑසේ නම් ලෞකික සැපයනට ලොල්ව වාසය කරන ජනතාව එම ධර්මය ශ්‍රවණය කිරීමට ඇල්මක් ඇතිකර නොගනු ඇත්තේය යන බිය හේතුකොට උන් වහන්සේ පළමුව එම ධර්මය දේශනා කිරීමට මැළි වූ බවයි පේන්නේ එහෙම නේද?

      එමෙන්ම දීඝ නිකායේ මහා බ්‍රහ්මජාල සුත්‍රය ඇතුළු මුල් කාලීන ග්‍රන්ථයනට අනුව එම කාලයේ භාරතීය සමාජය තුළ දාර්ශනික අදහස් වලින් පිරුණු පිබිදීමක් ඇති වූ බැවින් අර්හත් ඵලය සාක්ෂාත් කරගැනීමේ හැකියාව සහිත පුද්ගලයන්ද සිටින බැවින් සත්ත්වයන්ගේ ප්‍රයෝජනය පිණිස ධර්මය දේශනා කරන එක සුදුසු බව කල්පනා කර බුදුන් වහන්සේ විසින් සිය පළමු ධර්ම දේශනාව සමස්ත බෞද්ධ මාර්ගයෙහි රාමුව සකසන්නාවූද, වර්තමානයේ පවා බෞද්ධ සම්ප්‍රදායන්හි පදනම වන චතුරාර්ය සත්‍ය දේශනාව මිගදායේදී සිදු කරන ලදී.

      බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද පළමු සත්‍යය වූයේ ජීවිතය නිරතුරු අසතුටුදායක වූවක්ය යන්නයි. ඕනෑම අවස්ථාවක අපට කවර මට්ටමේ සතුටක් ඇති වුවද, සතුටේ මෙම තත්ත්වය අස්ථාවර හා තාවකාලික වූවක් වේ. මෙය විශ්ව සත්‍යයකි - අපි සියලු දෙනා ජීවිතයේ මෙය අත් විඳිමු. අප සතු කවර සතුටක් වුව සදාකල් නොපවත්නා අතර ඕනෑම අවස්ථාවක අසතුටකට පෙරැළිය හැක.

      එමෙන්ම මෙම දහම අනුව අවබෝධ කළ යුතු දෙවන සත්‍යය වනුයේ අපගේ අසතුට සැබැවින්ම අපට අවශ්‍ය දේ ලබාගැනීමේ ඇල්ම හෙවත් බැඳීම හා ඒ සියල්ලට ඉහළින් සියලු දේ සැබැවින්ම පවත්නා ආකාරයද අපගේ නොදැනුවත්භාවයද හේතුකොට විනා අපට පිටතින් ඇතුළු වන්නක්ද නොවන්නේය යන්නයි. සියලු දුක් හා ගැටලුවලින් නිදහස් වීමේ හැකියාවක් පවත්නා බව තුන්වන සත්‍යය මගින් ප්‍රකාශවන අතර සිව්වන ආර්ය සත්‍යය මගින්, අනුගමනය කරන්නේ නම් අපගේ සියලු ගැටලුවලින් සදාකාලික විමුක්තියක් ලබාගැනීමට උපකාරී විය හැකි මාර්ගයක් දක්වනු ලබයි.

      Delete
    5. කෙසේ වෙතත් මේ ගැන මගේ හැඟීම නම් චතුරාර්‍ය සත්‍යය පලමුව දේශනා කොට ඇත්තේ දාර්ශනිකත්වයෙන් බැහැරව. එය දේශනා කොට ඇත්තේ එවකට පැතිර ගිය ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න හඳුනා දෙමින්. ඒ තෙරුම් ගැනීමේ පහසුව ​තකා විය යුතුයි, ථේරවාදයේ​ තේරුම්​ ගෙන​ ඇති​​​ පරිදි​ මෙම​ දේශනාව ඉතා ගැඹුරු වූ තේරැම් ගැනීමට උත්සුක පුද්ගලයන්ටය. එහෙත් මහායානයේ මෙම​ දේශනාව ඉතා සරල වෙනත් ගැඹුරු වූ දේශනාවනට ප්‍රථම දැනගත යුතු මූලික කරුනු ලෙසට ඉගැන්වේ. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණයඅවබෝධ කර ගැනීම යනු චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමම වන බැවිනි.

      'භික්ෂූනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය... - ගෞතම බුදුන්

      බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යයයන් මෙලොවදීම ප්‍රත්‍ය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂ කළ හැකි බවයි මගේ හැඟීම. සරලවම දුක්ඛ සත්‍යය යනු පංචඋපාදානස්ඛන්ධයයි සමුදය සත්‍ය යනු තෘෂ්ණාවයි නිරෝධ සත්‍ය යනු බොජ්ජංගයන්ගේ ලැබීමයි මර්ග සත්‍ය යනු ආරිය අෂ්ටාංගික මාර්ගයයි, මෙය වැරදි නම් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිනවා ඔබ වහන්සේගෙන්

      ඒ වගේම තමයි දුක්ඛ යන්න සාමාන්‍යයෙන් "දුක" ලෙස පර්වර්තනය කළද එහි ඊට වඩා පුළුල් වූ අර්ථයක් ගැබ්ව එහි අසම්පූර්ණත්වය (Imperfection) නොසන්සුන්කම, සන්තාපය සහ අතෘප්තිකර බව යනාදී භාව ද ඇතුළත් බවත් "නිෂේධාත්මක හැඟීම්වල ලක්ෂණය" යන්න සමග සැසඳීමේදී දුක (Suffering) යන වචනයේ තේරුම ඉතා සංක්ෂිප්ත එකකි (ජෙෆ්රි පෝ). එයින් අදහන් වන්නේ සෑම දෙයකම අශුභ පාර්ශවය හෝ අනිත්‍යය යයි කෙනෙකු‍ට සිතෙන්නට පිළිවන. එහෙත් බුද්ධාගමෙහි එවැනි සංකල්පයක් නැත. බුද්ධාගම සර්ව ශුභවාදී හෝ සර්ව අශුභවාදී දර්ශනයක් නොවේ. එය යථාර්ථවාදීය. මෙපරිදි ඉංග්‍රීසි බෞද්ධ ලේඛනවල දුක්ඛ යන වචනය බොහෝ විට හරි හැටි පරිවර්තනය නොවුණු තත්වයක පවතී.දුක්ඛ යන පාළි වචනයට ඉංග්‍රීසියෙන් දිය හැකි වඩාත් සුදුසුම ආසන්න වචනය වන්නේ "insecurity of life" ය.

      දුක්ඛ යන්න කු (ku) (අමිහිරි, දුෂ්කර, දුක වේදනාව) ලෙස චීන බුද්ධාගමෙහි පරිවර්තනය වී ඇත. මෙම වචනය ජපාන බුද්ධාගමේ (Ku) කු ලෙසද, කොරියාවෙහි (Ko) ලෙසද, ටිබෙටයෙහි (sdug bsngal) ස්දග් බ්ස්න්ගල් ලෙසින්ද පරිවර්තනය වී ඇත.

      බුදුන් දුක්ඛ යන්නෙහි ආකාර තුනක් විස්තර කර ඇත. දුක්ඛ විපරිණාම ආදී වශයෙන් සංසාරයේ දුකට හේතුව සමුදය සත්‍යය නම්වේ. මෙම හේතුව තණ්හාව බවත් දුක නැතිකිරීමේ මාර්ගය මාර්ග සත්‍යය නම්වේ. මෙම මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත් බුදුන් පෙන්වා දී ඇත.

      ලංකාවේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි දුක්ඛ යන පාලි යෙදුමේ සංක්‍ෂිප්ත සිංහල අර්ථය "ජීවිතයේ අනිත්‍යතාවයි".

      පැරණි සංස්කෘතයෙහි දුඃඛ යන යෙදුම විස්තර කිරීමට කුඹල්කරුවාගේ සකපෝරුව යොදා ගෙන ඇත. කුඹල්කරුවා ඔහුගේ සකපෝරුව කරකවන විට මහත් ශබ්දයක් නිකුත් කරන්නේද එය හරි හැටි ක්‍රියාත්මක නොවන්නේද එය දුක්ඛ නොහොත් ජීවිතයේ දුක් විඳීම හා සමානය. එහි විරුද්ධ පැත්ත "සුඛ" නම් වේ. එය උපමා කරන්නේ හොඳින් ක්‍රියාත්මක කෙරෙන හඬ නොනගන සකපෝරුවකටයි.

      බෞද්ධ ආභාසය ලත් වෙනත් සංස්කෘතිවල ද මෙවැනි උපමා යොදා ගෙන ඇත. උදාහරණයක් ලෙස චීනයේ මහායාන ධර්ම පාඨ රැගත් ග්‍රන්ථ වල දුක්ඛ යන යෙදුම විස්තර කිරීමට උපමා කර ගන්නේ එක් රෝදයක් මදක් කැඩුණු ගැලකි. රෝදයේ කැඩුණු තැන බිම වදින හැම විටකම කරත්තය පදවන්නා ගැස්සීමකට ලක් වන බව පෙන්වා දී ඇත.

      කෙසේ නමුත් කෙටියෙන් කිව්වොත්ගෞතම බුදුන්ගේ දර්ශනය අනුව සියලු සංස්කාර අනිච්ච බව, එනම් කිසිදු දෙයක් තම තමාට කැමති සේ දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි බවයි. එය පැහැදිළි කරන්නේ මනසේ නිරතුරු වපතින පෙලීම් සහගත හෝ අතෘප්තිකර ස්වභාවයයි. එබැවින් එය අසාර හෙවත් තම වසඟයේ නොපැවැතිවය යුතු බව නම් අවබෝදයයි.

      ඒ අනුව සෝතාපනන ඵලලාභියාගේ සිට මාර්ග ඵල ලාභීන් විදර්ශනාවන් මගින් මේ ධර්මතාවය භාවිතා කර කෙලෙස් වලින් සිත මුදවා නිර්වානය කරා මාර්ගය පූර්ණය කල අර්හත්වූ තැනැත්තාට වේදනාව වේදනාව ලෙසද සතුට සතුට ලෙසද විඳින්නට පුළුවන් බවයි. එමෙන්ම මට තේරෙන්නේ අංගුත්තර නිකායේ මජෙක සූත්‍රය. සංයුක්ත නිකායේ කච්චායනගොත්ත සුත්‍රය වැනි සූත්‍ර දේශනා වලට අනුව මධ්‍යම ප්‍රතිපදාව සංසාර දුකෙන් සත්වයාට විඳීමට ඇති ඒකායන මාර්ගය බවත් මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයම අනුගමනය කරමින් මැදහත් සිතින් බලා අන්තගාමී නොවී කටයුතු කිරීම බවයි පේන්නේ එහෙම නේද ස්වාමීන් වහන්ස? ඔබ වහන්සේට බොහෝම ස්තූතියි.

      Delete
  5. ලංකාවේ දැනට පවතින බුදු දහමේ සඳහන් වෙන ආකාරයට බුදුන් දැක නිවන් දකින්න පුළුවන්. බණ භාවනා කරලා නිවන් දකින්නත් පුළුවන්. හැබැයි මම දුකින් මිදුනට වැඩක් නැහැ අනෙක් ලෝක සත්වයින් දුක්විඳිනවා නම්. එහෙම නේද?

    බුද්ධ ශ්‍රාවකයෙක් කියන්නේ දුක අවසන් කරන්න හදන කෙනෙක් (end of suffering). ජීවිතේ දුකයි කියල තේරුම් අරගෙන ඒ දුක අවසන් කරන්න මාවතක් සොයන කෙනෙක්. ඒ පුළුවන් තරම් ඉක්මනට.

    හැබැයි මගේ දුක අවසන් කරලා මම දුකින් මිදුනොත් අනෙක් අය දුකෙන් ගලවගන්න කෙනෙක් නැති වෙනවා. ඒ නිසා කමක් නැහැ මම දුක තෝරා ගන්නවා. හැබැයි ඒ උඹල වෙනුවෙන්. මේක තමයි බෝධිසත්ව ආකෘතිය වෙන්නේ.

    මේ ලෝකේ මේ මොහොතේ නිවන් දකින්න හදන කෙනෙක් (ශ්‍රාවකයෙක්) සහ මේ මොහොතේ නිවන කැපකරලා අනික් අය වෙනුවෙන් දුක් විඳින්න තෝරාගන්න කෙනෙක් (බෝධිසත්වයෙක්) අතර වෙනස්කමක් හට ගන්නවා.

    ඒ තමයි අනික් අය වෙනුවෙන් නිවන කැපකරපු කෙනා (බෝධිසත්ව) මේ ලෝකේ යථාර්ථයට සම්බන්ද වෙන විදිය.

    නිවන කැපකරලා මේ දුක්ඛිත යථාර්තයේ ඉන්නේ කෙනෙක් එහෙම යථාර්තයේ ඉන්නේ පොඩි දුරස් බවක් එක්ක. ඔව්..මම මේ ජරා යථාර්ථයේ ඉන්නවා තමයි. හැබැයි මම හිටියට ඉන්නේ උඹල නිසා. මට ඕනි නිසා ම නෙවෙයි.

    මේ කැපකිරීම නිසා එයා ශ්‍රාවකයින්ගෙන් ඉල්ලනවා පොඩි අවධානයක්. උසස්බවක්. අනික් අයට වඩා ප්‍රභූත්වයක් (eliticism).

    බලපල්ලා මගේ දුක දිහා. මම දුක් විඳින්නේ උඹල නිසා. ඒ නිසා මේ පැත්ත පොඩ්ඩක් බලපල්ලා. මම කියන දේ අහපල්ලා.

    ඉතිං ''අනෙකාගේ විමුක්තිය වෙනුවෙන් දුක් විඳින මම'' දිහා නරපණුවෝ බලන්නේ නැති වුණාම මට කේන්ති යනවා...

    කේන්ති ගියාම මම නපුරු වෙන්න පුළුවන්. නපුරු උනාම මම වෙඩි තියන්නත් පුළුවන්. හැබැයි ඒ බෝධිසත්ව හැඟීමෙන්.

    බෝධිසත්වවරුන් මේ ලෝකෙට හානිදායක වෙන්න පුළුවන් සාමාන්‍ය දුක්විඳින මිනිස්සුන්ට වඩා. උපාධිය කැපකරලා විප්ලව කරන කෙනෙක් උනත් එහෙම වෙන්න පුළුවන්.

    ඉතිං පැවැත්මේ කේන්ද්‍රය වසාගෙන තියන දුක්ඛ සත්‍යය නම් අඳුරු වලාකුළ යම් තරමකින් පළවාහරින්න අපි එක එක දේවල් කරනවා. ඒවා තේරුමක් නැති දේවල් හැටියටත් ඕනිනම් නම්කරන්න පුළුවන්. රොක්, ෆැෂන්, සිගරට්ටුවක්, ගංජා උගුරක්, විස්කි අඩියක්, ලිවයිස් ඩෙනිමක්, ට්‍රිප් එකක්, සෙක්සි කෙල්ලක්, ටැටූ එකක් යන මේ එකී නොකී ඕනෑම දෙයක් ඇතුලේ තියෙන්නේ අර මහත් වූ දුක අමතක කරන්න හදපු අයිසිං. ඔය අයිසිං ටිකත් නැතුව දුකම විතරක් ඉතුරු උනොත් මිනිස්සුන්ට පිස්සු හැදෙයි. උමතු වෙයි.

    මනෝවිශ්ලේෂණය තියෙන්නේ මිනිසුන් උමතු බවෙන් මුදාගන්න.

    ඉතිං ලැකානියන් බුද්ධාගම (Lacanian Buddhism) කියන්නේ මේ දුක සහ දුක අමතක කරන අයිසිං කියන දෙකම යථාර්තය හැටියට තේරුම් ගන්න අධ්‍යාත්මික ප්‍රවේශයකට.

    දෙක අතර ආතතියක් තියනවා. පරස්පර බවක් තියනවා. විරුද්ධාභාෂයක් තියනවා.

    වෙන කෙනෙක් වෙනුවෙන් කවුරුත් දුක් විඳින්න ඕනි නැහැ. මදුරුවෝ තල තලා කැලේ රිංගන්න ඕනි නැහැ. මිනිස් විමුක්තිය වෙනත් ලෝකයකට තල්ලු කරන්න ඕනිත් නැහැ. විමුක්තිය කල් දමන්න ඕනිත් නැහැ. විමුක්තිය තියෙන්නෙත් මේ පිස්සු ලෝකේ, මේ පිස්සු මිනිස්සු අතරම තමයි. වෙනත් තැනක නෙවෙයි.

    ReplyDelete
  6. ආගම හා දේශපාලනය කියලා කියන්නේ විෂයයන් දෙකක් වුණත් ලංකාවේ සංදර්භය (context) තුළ මේ දෙකම ඉතාමත් බරපතල විදිහට එකිනෙක හා සම්බන්ධ වී තියෙනවා ඉන්දියාවේ උනත් එහෙමයි.

    නමුත් ලංකාවේ දේශපාලනික කරළිය තුළ 2023 වසර ගැන සාකච්ඡා කරද්දී මූලික වශයෙන් පේන්නේ මේ 2023 අවුරුද්ද දේශපාලන වශයෙන් කැරකිලා දෙකට නැවෙන අවුරුද්දක් බව, ලංකාවේ පාලන බලය හිමි ආණ්ඩුවේ කණ්ඩායම් හැර අන් හැමෝම මැතිවරණ ඉල්ලති. මැතිවරණය පැවැත්වූවොත් තත්වය මෙසේ වනු ඇති බවයි පේන්නේ;

    ආණ්ඩු බලය හිමි රජය මෙහෙයවන පොදුජන පෙරමුණ සහ එජාප සංදානය දිනුවොත් වැඩි සංදර්ශන නැතිව රට මේ ලෙසම කෙටි කාලීන වශයෙන් ඇමරිකානු ඉන්දීය ආධිපත්‍යය තහවුරු වෙමින් ලංකාව තුල පතෝල වැටකොළු ආකාරයට පවතිනු ඇත. නමුත් අධික බදු බර නිසා සහ උද්ධමනය වෙනත් ප්‍රශ්න දුබල කළමනාකරණය ආදී කාරණා නිසා ජනතාව කුපිත වී ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉක්මනට ඉවර වනු ඇත.

    ආණ්ඩුව පැරදුනොත් රාජපක්ෂ කල්ලියේ පිරිස් එජාපය හැර දමා වෙන්වී ගොස් ටික කලක් නිහඬව සිට නැවතත් කෙමෙන් කෙමෙන් විපක්ෂයේ සිට හිස ඔසවා ලංකාවේ නැවතත් අරගලයක් ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත.

    සජබෙ දිනුවොත් මහජනතාව සජිත් ප්‍රේමදාස රට ගොඩ ගනී යන විශ්වාසයෙන් මාස කීපයක් බලා සිට එය එසේ නොවී මහා වියවුලක් වූ සඳ සජිත් ට අමු තිත්ත කුණුහරුප කියමින් පලු යන්න බැන වදිමින්, සජිත්ව දේශපාලණ අනාතයෙකු ලෙස නන්දසේනට අන්ත අසරණ විදියකට පන්නා දැමීමට බොහෝ දුරට ඉඩ ඇත.

    ඔහු පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර එම පක්ෂයේ උන්නතිකාමී වෙනත් කණ්ඩායම් ඔහුව පක්ෂයේ නායකත්වයෙන් පන්නා දමනු ඇත!

    ජාජබ දිනුවොත් මහජනතාව අනුර කුමාර දිසානායක රට ගොඩදාන අන්දම කෙටි කලක් බලා සිට එය එසේ නොවූ කල ඔහුවද එලෙසම දේශපාලන අනාත මඩමට යවනු ඇත.

    පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර බොහෝ දුරට අනුර වත් නායකත්වයෙන් පන්නා දමනු ඇත!

    මේ නිසා ලංකාවේ දේශපාලනය දෙස පිටින් දකින පරිදි මට නම් පැහැදිලි වශයෙන් කිව හැක්කේ මේ වසරේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ශ නායකයන් සියලු දෙනා "මග හිටියොත් තෝ නසී, ගෙදර ගියත් තෝ නසී" ක්‍රමයට කෙලවාගන්නා බව ය!

    අලුත් අංකුර දේශපාලන පක්ෂ වලට යම් තරමකින් හෝ අවශ්‍ය සරුපස ඉන් පසුව නිර්මාණය වනු ඇත.

    ReplyDelete