Friday 15 April 2022

අරඟලය මෙතැන් සිට


බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම සමහර නිර්දේශපාලනික පාර්ශවද බලාපොරොත්තු නොවූ මුහුණුවරකින් ජනතා නැගිටීම දිනෙන් දින වර්ධනය වෙයි. මීට හේතුව බොහෝ දෙනෙකුට තවමත් අවබෝධ වී නැති බව මට සිතෙයි. මෙතෙක් පැවති බොහෝ ජන නැගිටීම් දේශපාලන නායකත්වයක් විසින් ජන මනස අවදි කිරීම හරහා සිදුවිය. එහෙත් මෙම නැගිටීම සිදුවන්නේ ජනවිඥානයේ සිදුවූ ස්වයං පෙරලියක් හේතුවෙනි. ඒ තත්වය අවබෝධ කරගැනීමට ලංකාවේ මධ්‍යම පාන්තික නිවසක සතියක් දිවි ගෙවීම ප්‍රමාණවත්ය. 

සිදුවන පෙරලිය කල් තබා forecast කරගැනීමට ජවිපෙට නොහැකිවීම අවාසනාවකි. ඔවුන් මේ සටනෙහි පෙරමුණේ සිටිය යුතු විය. තමාගේ සහභාගිත්වයක් හෝ සහයෝගයක් නොතිබූ ජන අරඟලයක් දේශපාලනිකද, නිර්දේශපාලනිකද කියා අර්ථ දැක්වීමට ඉදිරිපත්වීම ජවිපෙ විසින් නොකළ යුතුව තිබූ දෙයක් විය. දැන් කල යුතුව ඇත්තේ ඔවුන් සමාන්තර සටනක් ඇරඹීමයි. එක් අවස්ථාවක මේ සමාන්තර අරඟල සමපාත වනු ඇත. 

ඊළඟට සිදුවන්නේ හෝ සිදුවිය යුත්තේ කුමක්දැයි අප සියළුදෙනාගේම දැනුම සහ බුද්ධිය අනුව විවෘතව සාකච්චා කල යුතුව ඇත.

රාජපක්ෂලාට, ඔවුන්ගේ සහචරයන්ට සහ අන්‍යෝන්‍ය-අවබෝධය මත රාජපක්ෂලා සමග කටයුතු කරන විපක්ෂයේ අපතයන් පිරිසටද රාජපක්ෂලා බලයෙන් පහවීම මාරාන්තිකය. ඔවුන් සොරා කෑ ධනය අති විශාලය. එසේම ඔවුන් බොහෝ දෙනෙක් දරුණු අපරාද ගණනාවකට සම්බන්ධය. මේ නිසා බලයෙන් පහවී ඔවුන්ට යහතින් දිවිගෙවීමට නොහැක. එබැවින් ඔවුන් ලෙහෙසියෙන් බලය අතහරිතැයි උපකල්පනය කිරීම විශාල වරදක් වනු ඇත.

මේ නිසා මා දකින පළමු විසඳුම නම් ව්‍යවස්ථාව විශාල වෙනසකට ලක් කිරීම හෝ නව ව්‍යවස්ථාවක් ගෙන එම සඳහා පාර්ලිමේන්තුවට බල කිරීමයි. අති විශාල ජන බලයක් හමුවේ රාජපක්ෂලා තනි කර පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්ත ලබා ගැනීමට හැකි බවට මම දැඩි සේ විශ්වාස කරමි. විශාල ජන බලයක් හමුවේ රටින් පැනයාමට හැකි යැයි රාජපක්ෂලාට ඇති ආත්ම විශ්වාසය ඔවුන්ගේ සමීපතම සඟයන්ට පවා නැත. ඔවුන් ලෝකල් හොරුන්ය. මේ නිසා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම ඉතා අපහසු කාර්යයක් වෙතැයි මම නොසිතමි. 

මේ හදිස්සියේ ව්‍යවස්ථාවක් ගොඩනැගීම කෙතරම් ප්‍රායෝගිකදැයි මෙහිදී මතුවන ගැටළුවකි.  මට හැඟෙන ආකාරයට නාගනන්ද මහතා ගොඩනැගූ ව්‍යවස්ථාව මේ අවස්ථාවේ ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. එයට බොහෝ දෙනෙකු යම් පමණකට අකමැති වුයේ එහි අඩංගු කරුණු පිළිබඳව නොව, එය යථාර්තයක් බවට පත් කරගැනීමට තිබූ ප්‍රායෝගික ගැටළු නිසාය. දැන් එයට ඉතා සුදුසු භූමියක් නිර්මාණය වී ඇත. මෙම ව්‍යවස්ථාව පාදක කරගෙන නව ව්‍යවස්ථාවක් ගොඩනැගීම ඉතා ඉක්මනින් කල හැක. 

මේ මගේ අදහසයි. ඔබගේ අදහස්ද ඉදිරිපත් කරන්න. අරඟල භූමියට අපගේ දායකත්වය සෑම අයුරකින්ම ලබා දෙමු. 


7 comments:

  1. ටිල්වින් සිල්වගෙ එඩිට් කරපු වීඩියෝ බලල ලියන්න එපා.හරි වීඩියෝව බැලුව නම් කිව්වෙ මොකක්ද කියල තේරෙයි.

    ReplyDelete
    Replies
    1. වරද පිලිගනිමි. වැරදුනු කොටස ඉවත් කලෙමි. ඔබට තුති.

      Delete
  2. ජේවීපී එක කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙන්ම බැලුවත් තියෙන නොම්බර එක කුහක, ක්‍රෝධයෙන් පෙලෙන, අන් මත නොඉවසන පක්ෂය වෙන්න ඕනි.

    ඒ අයට ලැබෙන්න ඕනි තැන මේ මොහොතේ ලැබිගෙන යනවා. ජේවීපෙ කියන්නේ අවලංගු කාසියක් දැන්. ගෝල්ෆේස් අරගලකරුවන් අතර පවා ශක්තිමත් පෙරටුගාමීන්.

    ජෙවිපේ කුහක ගතිය නිසා ඔවුන්ට ඊලග වතාවේ ආසන 3 ත් නැති වනු ඇති.

    ReplyDelete
  3. I agree. I hope (not not sure if it will happen) JVP will receive a significant number of seats in the next parliament.

    Can you please post the main points of the new constitution that was proposed by Nagananda?

    ReplyDelete
  4. ජේවීපී කියන්නෙත් පසුගාමී පක්‍ෂයක්, නමුත් මිනිස්සුන්ට ඒක නෝට් උනේ නෑ මොකද මිනිස්සු හැමදාම ෆෝකස් කලේ ප්‍රධාන පක්‍ෂ දෙකේ වැරදි. මෑතකදි නාගානන්ද තමයි ජේවීපී රෙදි ගැලෙව්වේ.ජේවීපී සියළු මන්ත්‍රීල විගනණයට ලක් වෙලා නෑ සහ කාර් පර්මිට් වගේ වාසි සද්ද නැතුව ලබා ගත්ත දෙපිටකාට්ටුවෝ, ඇයි අඩු තරමේ මන්ත්‍රී වරප්‍රසාද අඩු කරන්නවත් යෝජනාවක් නොගෙනාවේ? ජේවීපී එකේ ජරාම ගතියක් තමයි ජේවීපී නොවන දක්‍ෂ මිනිස්සුන්ව සන්විධානාතමකව විනාශ කිරීමට හදන එක, කවමදාකවත් ඒ මිනිස්සු මොන දේ කළත් සුළු රෙකග්නිශන් එකක්වත් නොදීම. මම හිතන්නෙ මෙතනදි ගෝටා සහ මහින්ද පලවා හැරිය පසු ජාතික ලයිස්තුවේ අය (හරිනි හැර, මතක තබා ගන්න, ඒ කාලෙ හරිනි ජේවීපී ට චෝදනා කලා ඇයට බලපෑම් කරන බවට) පන්නා විද්වතුන් ටිකක් සහ අරගලයට මුල් වූ තරැණ නායකයන් ට්කක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. මම යෝජනා කරනවා නාගානන්ද- නීතිය, ගාමිනී විජේසින්හ- විගණනය, තරැණයන්ට උදාහරණ ලෙස රසික ජයකොඩි, පැතුම් කර්නර්, භාරත තෙන්නකෝන්, නිෂාන් ඩි මෙල්, මන්ජු නිශ්ශන්ක ආදීන් (මෙයාල උදාහරණ පමණයි, මෙයාලගෙ බෑක්ග්‍රවුන්ඩ්ස් චෙක් කල යුතුයි මෙයාල ට අකමැති අය රෙද්ද උස්සගෙන එන්නැතුව පිළිගතහැකි හේතු සාක්‍ෂි සමඟ , අර චාන්‍යගෙ ෆේක් පෝස්ට් වගේ නැතුව- කියන්න ). පාර්ලිමේන්තුව ඇතුලෙත් හරිනි, හර් ෂ වගේ හොඳ සෙට් එක ඉදිරියට ගත යුතුයි. විස්ස හැරවීම වගේ දේවල් කරල ඉතිරි වසර දෙක පවත්වාගෙන යා යුතුයි. (to the man who is hating me and try to bully me whenever see my posts, because I wounded his ego- please understand I am not the enemy you should focus now, so please use your energy, time, and money to attak your real enemy if you have a slightest brain - because I don't need unnecessary distractions to the main conversation. Thank you in advance)

    ReplyDelete
  5. ජවිපෙ නොඒමම ලොකු දෙයක්...
    අනික ඇතිඋන ජන අරගලයට සහය නොදී ආයේ මොන සමාන්තර සටන්ද

    ReplyDelete
  6. https://nidigepanchathanthare.blogspot.com/2022/04/blog-post_16.html

    ReplyDelete