දෙවියෝ ඉන්ටර් නෙට් බලනවාද?
වසර 2011 ජූනි මාසයේ දිනෙක මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ලංකාවේ වකුගඩු රෝගයට හේතුව පොහොරවල ඇති ආසනික් බව තමාට නාථ දෙවියන්ගෙන් දැනගැනීමට ලැබුණු බවයි. මේ ගැන නොයෙකුත් වාද විවාද සිදුවූ අතර සාම්පල පරීක්ෂණ මගින් එය තහවුරු කල බවද, එම පරීක්ෂණ අසත්‍ය බවටද චෝදනා නැගෙන්න විය.
මම දන්නේ දැනට ලෝකයේ බොහෝ සරසවිවල උගන්වන විද්‍යාත්මක ක්‍රම වේදයන් පමණකි. මා මගේ සිසු සිසුවියන්ට උගන්වන්නේද මා දන්නා, මා උගත් දේ පමණකි.
එම පර්යේෂණ ක්‍රමවේදය (research methodology) අනුව විද්‍යාත්මක ගවේෂණයක් කිරීම සඳහා පර්යේෂණ ගැටළුවක් (research problem) ඇති බව අප මුලින්ම හඳුනා ගත යුතුය. මා දන්නේ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාවත්, භෞතික විද්‍යාවත් පමණි. එහෙත් විද්‍යාත්මක ක්‍රමවේදය සියළු විද්‍යාවන්ට එකසේ යෙදිය හැක. කුතුහලය නිසාම මම මේ වකුගඩු ප්‍රශ්නය පිළිබඳව කෙටි හැදෑරීමක් කලෙමි.

මෙහි
පැහැදිලිවම පර්යේෂණ ගැටළුවක් ඇත. ඊළඟ පියවර මේ ගැටළුව පිළිබඳව මෙතෙක් කර
ඇති හැදෑරීම් අධ්‍යනය කිරීමයි (literature survey). මෙහිදී මට හමුවු
පර්යේෂණ පත්‍රිකා ගණනාවක 2000-2004 කාලයේදී මේ පිළිබඳව බොහෝ හැදෑරීම් කර
තිබුණු අතර විශේෂයෙන්ම බංගලාදේශයේ සහ බටහිර බෙංගාලයේ වගාවන් සඳහා යොදන
පොහොර සහ කෘමිනාශක වල ආසනික් අඩංගු වීමත් ඒවා නිසා එහි භූගත ජලය ආසනික්
අපවිත්‍රතාවයට පත් වීමත්, එමගින් වකුගඩු රෝගය ව්‍යාප්ත වීමත් පිළිබඳව දීර්ඝ
විස්තර කිරීම් තිබුණි.
වකුගඩු රෝගය පිලිබඳ මගේ අධ්‍යනයේ කතන්දරය මම මෙතනින් නවතමි.
ප්‍රථම
උපාධියේ සිව්වන වසරේ සිටින මගේ සිසුන් දන්නා සරළම විද්‍යාත්මක ක්‍රම
වේදයක් මහාචාර්ය නලින් ද සිල්වා සහ අදාළ අනෙකුත් ආචාර්යවරුන් නොදන්නවා යැයි
සිතීම මහත්වූ මුලාවකි. සිදුව ඇත්තේ අන්තර්ජාලය හරහා සොයාගත් කරුණු නාථ
දෙවියන්ට බැර කිරීම බව පැහැදිලිය.
මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු
පිරිස මේ සංසිද්ධිය පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයේ ඊළඟ පියවර තුන තැබුවා
නම් අද වන විට මෙම මාරක වකුගඩු රෝගයට ස්ථිරසාර විසඳුමක් මෙන්ම අදාළ ආනයන
සමාගම් වලට එරෙහිව නෛතික ක්‍රියාවලියක්ද ක්‍ෂණිකව ආරම්භ කිරීමට තිබුණි.
එහෙත් එය එසේ සිදු නොවිණි. ඒ වෙනුවට සිදුවුයේ බුද්ධිමතුන් අතර පවා කිසිම
වැදගැම්මකට නැති දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව කතිකාවතක් ඇතිවීමයි. මෙයින් රටේ
වකුගඩු ප්‍රශ්ණයට කිසිඳු විසඳුමක් ලැබුනේ නැත. වස විස ගෙන්වන්නෝ ආසනික් යන වදනත් හාස්‍යට ලක් කරන්න විය.
මහාචාර්ය
නලින් ද සිල්වා වැනි වියතෙකු මෙවැනි නරක පුර්වාදර්ශයක් රටට ලබා දීම ඉතා
ශෝචනීය බව වැටහෙන්නේ ඉන් පසු රටේ ඇතිවූ වාතාවරණයත් සමගය. අද වන විට ආචාර්ය
උපාධි ඇතැයි කියාගන්නන් පවා පේන කියන්නන්ගේ තත්වයට වැටී ඇත. මහාචාර්ය රාජ්
සෝමදේවයන් වසර ගණන් අව් වැසි නොතකා පර්යේෂණ කරමින්, කුඩා කුඩා පුරාවස්තු
සොයාගනිමින්, ප්‍රාග් ඓතිහාසික සාධක ඉතා සුක්ෂමව අමුණමින්, වෙහෙසකර ගමනක්
යද්දී තවත් ආචාර්යවරයෙකු නිකන් බලාගෙන සිටින විට ඔහු ඉදිරියේ පහළවන පෞරාණික
රජවරු ඉතිහාස පොත් පිටින් ඔහුට
ලියා දෙති. මේවා පිළිබඳව මහත් හරසරින් වැඩ සටහන් පවත්වන මාධ්‍ය මහත්වරුද,
ඒවාට සමාජ ජලා හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා දෙන බ්ලොග් කරුවන්ද, මේ
කරුණු බුදු වදන් සේ හිස් මුදුනින් පිලිගන්නා රට වැසියන්ද එමටය.
මෙම
ප්‍රවණතාවය රටක් ලෙසින් ඉදිරියට යාමට ඇති මං ක්‍රමයෙන් අහුරා දමයි. රටේ
දැවෙන ප්‍රශ්ණ වලට නියමාකාරයෙන් විසඳුම් ලබා දෙනවා වෙනුවට ජනාධිපතිවරයාගේ
සිට හන්දියේ කඩේ සෝමලතා දක්වා සෑම පුරවැසියෙක්ම සාස්තර කරුවන්, පේන
කියන්නන් කේන්දර බලන්නන්, දේවාල කපුවන් පසුපස දිව යන යුගයකට අද අපි පා තබා
සිටිමු.
මෙය වෙනස් කල යුතුව ඇත. නොඑසේ නම් අප උගන්ඩාවේ ඈත එපිට නොදියුණු ගම්මානයක් කරා වේගයෙන් ඇදී යනු ඇත.
මෙය වෙනස් කල යුතුව ඇත. නොඑසේ නම් අප උගන්ඩාවේ ඈත එපිට නොදියුණු ගම්මානයක් කරා වේගයෙන් ඇදී යනු ඇත.