Saturday, 21 June 2014

What is Happening in Myanmar






About the unfortunate situation in Myanmar..!!!! Very few understand the realty in Myanmar. I have talked to many Burmese and dug deep into this issue.

Without presenting deep factual analysis, let me say in one sentence that...."Muslim-Buddhist clashes in Myanmar is a result of well scripted operation executed by the invisible-hand dominated military junta in Myanmar". 

If you check what the military junta in Myanmar has done to their people, you may call the Buddhist-Muslim clashes as kid's stuff. The country's real picture is well camouflaged from the world by both western media and few western super powers. They let only selected news to go viral in audio-visual, printed and electronic media. 

The cruelty of the military junta on both Buddhist and Muslim communities were well visible for the last 3-4 decades. They started getting immense pressure from international community to stop violence against non-christian communities and also faced unavoidable criminal trials in the event that there is a change of ruling powers. The expert advice from the West (who are seemingly opposing the military junta on the surface) was to turn the international focus to a different direction. .....And the best option was to start a Buddhist-Muslim clash.

........ And the Buddhists, specifically in Myanmar, and Muslims in neighboring Bangladesh fallen into this trap...stupid enough.

Just look at the recent history....... who gives the biggest publicity to Monk Ashin Wirathu..? 


And in Sri Lanka.............................






For Sri Lankan Buddhists.... Read the following when you have time

http://chandimagomes.blogspot.com/2012/07/strictly-for-sri-lankans.html

Friday, 20 June 2014

Execution for betrayal to religion

** This is a collection of comments that I made for the discussion at the following post

https://www.facebook.com/chandima.gomes/posts/798996766777648?comment_id=800683756608949&offset=0&total_comments=42&notif_t=feed_comment



Thought of intervening into this interesting debate. I think the confusion is caused by the fact that you are trying to analyze a concept while standing within two different frames of reference. For an example Buddhism & law are separated from the beginning while Islam and law are integrated. This is where we get into domain incompatibility.

Neranjaka, if you read Buddhism, you will find that Lord Buddha has preached Dasa Raja Dhramaya for kings where he clearly stated that the law should be fair and equal to all. Other than that Buddhism does not define what punishment should be given to what crime. If you look at the Sri Lankan history you will understand that the punishment system and methods our kings practiced were extremely inhuman (check Dethis (32) wada bandhana) in the present day frame of reference (among these punishments cutting the throat with a blade may be the most human method of killing, compared to others).

Even for laughing at the wrong time in the presence of the king was a reason for getting the capital punishment (and the way of execution was beyond the present day imagination). I am sure that you know what Sri Wickrama Rajasinghe did to Ahalepola family. Those are not Sri Wikrama's laws or laws imported from elsewhere. They are the well accepted (and even documented) laws practiced for many dynasties in the country. Note that there was no Sanghayawahanse opposed or preached against these punishments. Simply because Buddhism does not facilitate such intervention into the legal system (unless the king goes beyond the law unfairly).

Now I come back to the issue that you were raising. "The execution of a Muslim for betraying Islam". OK, let me remind you again that Islam and Law are integrated. In the frame of reference of Islam the punishment for such betrayal is capital punishment. Within their frame of reference it is correct as it is their legal system. We think it is wrong ‘cause we think that we don't do that.

Now I come to the last point. Just two hundred years ago in Sri Lanka, a whole family was put into painful death just because the husband betrayed the king's rule (there may be many other cases unreported). And Buddhism didn't try to stop that. Do you know that according to the SL law, still the punishment for betrayal to the government is death sentence? Just a few years ago Gen. SF was put into jail for using few words that the legal system defined as betrayal to the country (some people shouted against the legal procedure followed but not the law itself).

Now think, what has changed Sri Lanka from brutally mascaraing the entire family (just 200 years ago) to few years of imprisonment at present (that is also only to the relevant person) for betrayal to the state. Was it Buddhism that made this change......? Not for sure. Two reasons. First is that Buddhism provide no provisions for changing the legal system. Other is that if Buddhism could do such why didn't it happen for 2000 years?..... What made this change is the change of the frame of reference of our thinking pattern induced by the 20th Century western world. .... May be some Islamic frames of reference (note the plural) will take little more time than some Buddhist frames of reference to be compatible with the modern western frame of reference....Anyway the things are changing for sure.... as you may see going from Saudi, via Pakistan to Malaysia....



Thursday, 19 June 2014

සුදුවන ලෝකය කළුවරට නොඅදින්න...!


මට පෙනෙන විදිහ 

වසර දහසකට පෙර ඔවුහු 
ගම් නියම් ගම්, මහා දැනුම් සම්භාර ගිනිබත් කරමින්, දහස් ගණන් කෘර ලෙස ඝාතනය කරමින් දික් විජය තම අරමුණ කරගත්තෝය 

වසර විස්සකට පෙර ඔවුහු 
සිය මුතුන් මිත්තන්ගේ කෘර ක්‍රියා ගැන උදම් අනමින් ආගමේ නාමයෙන් කෙරෙන ම්ලේච්ඡත්වය අගය කළහ.

අද ඔවුහු 
තම රුදුරු අතීතය සඟවන්නත්, ආගමික පොතපතේ සුළුවට ඇති කරුණා දයාව උළුප්පන්නටත්, තවමත් ශිෂ්ඨාචාරයට ප්‍රවිෂ්ට නොවූ සඟයන්ගේ සැහැසි ක්‍රියා පිළිබඳව මුනිවත රකින්නත් උත්සුක වෙයි 

හෙට ඔවුන් 
තම අතීත ක්‍රියා සහ නුතනයේ සුළුතරයක් ආගමේ නාමයෙන් කරන අපරාධ හෙලා දකින්නත්, දැහැමි සමාජයක් ගොඩනගන්නත් උත්සුක වනු ඇත..... 

මා දකින්නේ මෙයම ලොව ලැබූ විශාල විජයග්‍රහණයක් ලෙසටයි. මේ වෙනසට පාදක වන්නේ ඉහත සමාජයට පරිබාහිරව ලෝකයේ ඇතිවූ සංකල්පමය වෙනසයි. ශිෂ්ඨ ලෝකයක අශිෂ්ඨව සිටීමත් අශිෂ්ඨ ලෝකයක ශිෂ්ඨව සිටීමත් උගහටය.

දැහැමි වන සමාජයකට, ඔවුන් යටපත් කරන්න තතනන දැහැමි නොවන අතීතය සහ පොත පතේ ඇති ශිෂ්ඨත්වයට නොගැලපෙන ඉගැන්වීම් නැවත නැවත මතක් කරදීමෙන් සහ ඔවුන්ට තාඩන පීඩන කිරීමෙන් සිදුවන්නේ කුමක්ද?

දැහැමි මාවතකට යොමුවීම පිළිබඳව ඔවුන් කනගාටු වීම නොවේද?

සුදුවන ලෝකය කළුවරට නොඅදින්න...!


***********************

මට ඉහත කෙටි සඳහන ලිවීමට සිත් වුයේ මා කියවූ පහත දැක්වෙන දෙබස දැකීමෙනි (සුළු වෙනස්කම් කිහිපයක් කලද වාග් විලාශය සහ අන්තර්ගතයට කිසිඳු අඩු වැඩියක් නොකලෙමි)

එක්ස්: අපේ ආගම ලෝකේ තියෙන සමකාමිම ආගමක්. අපිට කියල තියෙනවා වෙනත් ආගම් වලටත් ගරු කරන්න කියල.

වයි: පල පරයෝ යන්න බොරු නොකියා. තොපේ ආගමේ පැහැදිලිවම ලියල තියනවා තොපිලගේ දෙවියෝ අදහන්නැති අයව මරලදාන්න කියල. අනෙත් එවුන් තොපේ ආගමට හැරෙනකන් හිත් වලට ත්‍රස්තය ඇතුළු කරන්න කියල. 

එක්ස්: බොරු කියන්න එපා හලෝ. කොහෙද එහෙම කියල තියෙන්නේ?

වයි: බලපන් කාලකන්ණියෝ තොගේ ඇස් ගෙඩි දෙක ඇරලා. තොපේ මහා ලොකු පොතේ ...... කොටසේ ....... පරිච්චේදයේ ....... (ඔහු ඉලක්කම් වගයක් ලියා ඇත)

මේ දෙදෙනාගේ දෙබස මෙතනින් අවසන් වේ. 

මෙහි වයි සඳහන් කරන පාඨයේ ඇත්ත නැත්ත දැනගැනීමට මට කිසිඳු අවශ්‍යතාවයක් නැත. මෙහිදී වැදගත් වන්නේ එක්ස් ගේ උවමනාවයි. 

මෙහිදී වයි බලාපොරොත්තු වන්නේ කුමක්ද...?  පිළිතුර ඔබම විග්‍රහ කර බලන්න.....

මා සිතට වැඩිම වේදනාවක් ගෙන දෙන්නේ මෙහි ඇති වයි ගේ වාග් විලාශයයි. එය කාගේ විලාසිතාව දැයි ඔබ හඳුනයි. මට මතක් වන්නේ වසර තිහකට  පමණ පෙර මයිකල් ජැක්සන් ගේ සඳ ගමන අනුකරණය කරන්න දහිරිය දැමු මෝඩ අතීතයයි. වීරයා අනුකරණය කිරීම කවදත් තරුණ පරපුරට උරුමය.

ඉතා මෑත අතීතයේදී "ටටා චෙරියෝ බායි" වෙනුවට "බුදු සරණයි" කියන්න සෝම හිමිපාණන් හුරු කල ඒ තරුණ පෙළමද මේ කියා මට පිළිතුරු නැති පැනයක් මතුවේ......



* * *



Monday, 16 June 2014

විමලේගේ විහිළු -1













විමලේගේ විහිළු -1


ජනපාල:   කොහෙ ඉඳන්ද විමලේ මේ හතිදාගෙන දුවගෙන එන්නේ

 විමලේ:    අර මුදලාලිගේ වස්ස කුඹුරට පැනල ගොයම් පැල ටික ඔක්කොම කනවා. මට  ඒක දැක්කම යකා ගියා

ජනපාල:   ඉතිං

විමලේ:     මම කිව්වා කියන ටික කනේ ඇඟිලි ගහගන්න

ජනපාල:   මුදලාලිටද?

විමලේ:     අපෝ නැහැ, වස්සට

ජනපාල:   ඉතින් බං, මුදලාලි දැනගන්න ඕනෙනේ මුදලාලිගේ
වස්සව බැඳලා තියන්න. උඹ මුදලාලිට එපැයි බනින්න

විමලේ:     අපොයි එහෙම කොහොමද? අපේ ගෑනිට හදිස්සියකට උපකාරයක් වත් කරන්න ඉන්නේ මුදලාලිනේ.


උන්දැට බැනල මට ගෙදර ගිහින් විසුමක් වෙන්නේ නැහැ



******************************

පරම්පරාවේ මුට්ටිය



පරම්පරාවේ මුට්ටිය 

එකමත් එක රටක ජීවත් වූ වංශවත් පවුලක් සතුව රනින් කැටයම් දැමු අගනා පෞරාණික මැටි මුට්ටියක් තිබිණ. මෙය පරම්පරා ගණනාවක් පුරා රැකගෙන ආ මහානර්ඝ වස්තුවකි. 

පියාගෙන් වැඩිමල් පුතාට ආකාරයෙන් හිමි කම පැවරුණ මුට්ටිය අවසානයේ සිහිමද ගතියෙන් යුත් මෝඩ පහේ පුතෙකුට හිමිවිය. තාත්තා සිය පුතාට මුට්ටිය පිලිබඳ අයිතිය පවරද්දී ඔහුට තරයේ අවවාද කළේය. 


"දිවි හිමියෙන් මුට්ටිය රැක ගත යුතු බවත් කිසිවෙකුටත් එය සොරා ගැනීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු පුතාට තරයේ පැවසුවේය". 


පියාගේ ඔවදන් හොඳින් හිතට ගත් මෝඩ පුතාද  කොහේ  ගියත් මුට්ටිය තම මල්ලේ දාගෙන යමින් එය රැක ගන්න විය. 


දිනක් ඔහුගේ මල්ල ගැන ඉව වැටුණු මං පහරන සොරෙක් ඔහු තනිවම සිටින වෙලාවක් බලා ඔහු ඉදිරියට කඩා පැන මුට්ටිය පැහැර ගැනීමට තැත් කළේය. 


මෝඩ පුතා යන යන තැන මුට්ටිය රැගෙන ගියත් සොරෙකු එය ගන්න තැත් කලොත් මුට්ටිය බේරා ගන්නා ක්‍රමයක් ගැන සිතා සිටියේ නැත.


මෙහිදී ඔහුට පියාගේ අවසන් අවවාදය මතකයට ආවේය. 
කෙසේ හෝ මුට්ටිය සොරාගැනීමට ඉඩ නොදිය යුතුය. 

මං පහරන්නා තමා දෙසට කඩා පැනීමට උත්සහ කරයි. ළඟ ඇත්තේ මුට්ටිය පමණි. ඔහු දෑත බදා මුට්ටිය ඔසවා සොරාගේ හිසට පහරක් එල්ල කළේය. මුට්ටිය කුඩු වී ගියේය. වික්ෂිප්ත වූ සොරා ලේ ගලන හිස අල්ලා ගෙන පැන දිව්වේය. 


"කොහොම හරි මම තාත්තා කියපු විදියටම මුට්ටිය හොරාට ගන්න ඉඩ තිබ්බේ නැහැ" ඔහු පස් වනක් ප්‍රීතියෙන් උඩ  පනිමින් ගෙදර දිව්වේය. 


"දිවි හිමියෙන් මුට්ටිය රැක ගත යුතුය" යන අවවාදයේ පළමු මෙන්ම වැදගත්ම කොටස ඔහුට මතක තිබුනේ නැත.............. 


ඥානසාර පසුපස දුවන "සිංහල බෞද්ධයාද" මෝඩ පුතාට දෙවෙනි නැත.......................





******************************