ජාතිය පසුපසට ගමන් කරවන දෙපැය
අපි රෑ 7.30 ට වාඩි වුණාම ආයි 9.30 ට තමයි නැඟිටින්නේ. ඊට
පස්සේ ඈණුම් ඇරලා නිදියගෙන උදේට නැඟිටලා ආයිත් යනවා. 7.30 ඉදලා 9.30 වෙනකල් තමයි
ලංකාවේ රාහුකාලය තියෙන්නේ.
- විමල් වීරවංශ
05/09/2013
මෙතනදී ඔහු 100% නිවැරදිය.
රැ 9.30 ට පුටුවෙන් නැගිටින්නේ ඍණ ආකල්ප වලින් ඔලුව පුරවාගත් ශෝක භරිත, ක්‍රෝධ භරිත ලාංකිකයෙකි. තම එදිනෙදා ජීවිතයේ ඇති දහසක් අභියෝග මදිවාට, රූප තිරයේ රඟන මනඃකල්පිත චරිත වල දුක් පීඩා කරදර කම්කටොලුද කරේ තියාගත් ජනතාවක් සමග රටක් පෙරට ගෙන යාම අසීරුය.
රටට නැතිවෙන්නේ රුප තිරය ඉදිරියේ ගෙවෙන ලක්ෂ සංඛ්‍යාත මිනිස්-පැය ගණන පමණක් නොවේ. ඇත්ත තත්වය නම් බොහෝ දෙනෙක් (ගැහැණු-පිරිමි බේධයකින් තොරව) තවත් පැය ගණනාවක් මේ මනඃකල්පිත චරිත වල ප්‍රශ්න විසදන අයුරු කල්පනා කරමින් කාලය මැරීමයි. නිවසේ, පාරේ තොටේ, රැකියා ස්ථානයේ පැය ගණන් මේ ගැන සාකච්චා පවත්වයි .
මේ විකාර රූපී බහුබූත වල ජීවිතයට ගන්න කියා කිසිඳු හර පද්ධතියක් නැත. 80 ගණන්වල දුටු අඬන දොඩන වැලපෙන නැතිවෙන දිග හැරෙන නැවෙන කැරකෙන රූප දසුන් එලෙසම තවමත් දිග හැරේ. මුහුණු, ඇඳුම් පැළදුම් පමණක් තරමක් වෙනස් වී ඇත.
මේ විප්‍රකාර සමග ගෙවෙන්නේ රටක අනාගතය බව සිතන්න. දැන්වත් මේ බැරෑරුම් තත්වයෙන් මිදෙන්නට කල්පනා කරමු.