Monday, 3 February 2025

Eccentric චරිත



"මිනිහ හරිම eccentric පොරක්. වැඩිය කතා බහට යන්න එපා". මේ කියමන ඔබ බොහෝ දෙනෙකු අසා ඇතැයි සිතමි. 

බටහිර සම්මතයන්ට අනුව Eccentric character (විකේන්ද්‍රික චරිතයක්) යනු සාම්ප්‍රදායික නොවන, අනපේක්ෂිත හෝ අතිශයින්ම පුද්ගලවාදී ආකාරයෙන් හැසිරෙන, බොහෝ විට තමන් කැපී පෙනෙන ආකාරයෙන් සමාජ සම්මතයන්ගෙන් බැහැර වන අයෙකි. ඔවුන් කිසිවිටෙකත් තමා සිටින මතයෙන් ඔබ්බට සිතීමටවත් අකමැති, කවුරු මොනවා කිව්වත් එය තමාට අවශ්‍ය විදියට අර්ථ දක්වා ගන්නා පුද්ගලයෙකි. 

ලංකාවේ අය බොහෝ විට eccentric character යන වදන භාවිතා කරන්නේ ඉහත කරුණු වලට අමතරව ඉතා දැඩිව තනි මතයක සිටින, ඒ වෙනුවෙන් පිස්සු විකාර පවා දොඩවන, තමා පමණක්ම හරි යයි සිතාගෙන අන්‍යන් සමග අනවශ්‍ය වාද වල පැටලෙන පුද්ගලයන්ටය. මෙම වදන නොදන්නා අය මේ පුද්ගලයන් "මැන්ටල්" ලෙසද හඳුන්වති. නමුත් "මැන්ටලේ" යන නූතන භාෂා යෙදුම eccentric චරිතයකට වඩා පුළුල් පරාසයක භාවිතාවේ. වෙනත් ආකාරයකින් කිව හොත් eccentric චරිතයද මැන්ටලයකි. 

මට මේ ගැන කියන්න සිතුණේ විදේශගතව සිටින උගත් යැයි සම්මත පුද්ගලයෙකුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කරන විටයි. මේ පුද්ගලයා පිළිබඳව දන්නා කියන ශ්‍රී ලංකාවේ සරසවි කිහිපයකම සේවය කරන අය මම පෞද්ගලිකව හඳුනමි. මා ලංකාවට ආගිය අවස්ථාවල මිතුරන් සමග කෙරුණු සුහඳ කතා බහේදී මේ පුද්ගලයා පිළිබඳවද මාතෘකාව පැමිණි අවස්ථා තිබුණි. 

"අපෝ ඔය හාදය හරිම eccentric character එකක්. තමන්ගේ ආගමයි, දේශපාලන නායකයයි ඇරෙන්න වෙන ලෝකයක් නැහැ. වාදෙට නම් සෙට් වෙන්න එපා. මහා අසූචි ගොඩක්" මේ ඒ බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාරය විය.

මා මේ ලිපිය ලියන්නේ ඔබට යම් පණිවිඩයක් දීමටයි. මේ eccentric චරිත පිළිබඳව අද උදෑසන මා අපේ සරසවියේ මනෝවිද්‍යාව පිළිබඳව ආචාර්යවරයෙකු සමග සාකච්චා කලෙමි. ඔහු ප්‍රකාශ කලේ වියවුල් මනෝභාවයන් අතර "Eccentricity" යන්න  සුව කිරීමට අපහසුම තත්වයක් බවයි. එය දීර්ඝ කාලින ප්‍රතිකාරයකින් පසු යථා තත්වයට ගත හැකි (එයද තාවකාලික වියහැකි) මානසික ගැටළුවකි. මේ නිසා එක අතකින් ඔබ මෙවන් පුද්ගලයන් සමග හැකිතාක් ගැටීමට යාමෙන් වළකින්න. අනෙක් අතට ඔබ ඔබ ගැනද නිතරම කල්පනාවෙන් සිටින්න. මන්ද තමාටත් නොදැනී තමා ක්‍රමයෙන් eccentric චරිතයක් වෙත යා හැකි නිසාය.